Thursday, December 6, 2012

සුපිරි සභ්‍යත්ව ජීවීන් ගැන ඓතිහාසික සාක්‍ෂි අලුත් සහශ්‍රකයට පිවිසි පෘථිවි මානුෂ වාර්ගිකයන්ට විශ්වයෙහි ශූණමය වශයෙන් උත්තරීතර වන තාක්‍ෂණික ක්‍රියාවලියෙන් නිරන්තරයෙන්ම නිමග්න වී සිටින හා ඒ හා සම්බන්ධ විවිධ ව්‍යාපෘතීන්හි යෙදී සිටින සුපිරි සභ්‍යත්වයන් විශාල සංඛ්‍යාවක්‌ ක්‍ෂීර පථයෙහි (MILK WAY) පමණක්‌ ඇතැයි විශ්වාස කරලීමට ආධාර අනුබල දෙන විද්‍යාත්මක තොරතුරු හා එම සභ්‍යත්වයන් ප්‍රාමාණික වශයෙන් සාමාන්‍යයෙන් මිලියනයකටත් වඩා අධික වේ යෑයි පිළිගත හැකි ඉතා ප්‍රබල විද්‍යාත්මක සාධක හා සාක්‍ෂි අද්‍යතන පරීක්‍ෂණ මගින් හා පර්යේෂණයන්ගෙන් සනාථ වී ඇත. උක්‌ත සුපිරි සභ්‍යත්වයන්ගේ නිජභූමි ග්‍රහලෝකයන්හි භෞතික ස්‌වරූපය එනම් භූගෝලික හා පාරිසරික මෙන්ම ගුරුත්වාකර්ෂණය, විකිරණශීලිත්වය ආදී සූක්‍ෂ්ම ස්‌වභාවයන් ද එම ග්‍රහලෝකයන් අන්තර්ගත වන සූර්යයා හෙවත් තාරකාව තනි තාරකාවක්‌ ද නැතහොත් යුගල තාරකාද ආදි ග්‍රහලෝක පිහිsටීමේ බාහිර හා අභ්‍යන්තර විෂමතාවන් අනුව උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් සමහර විට පෘථිවි වාර්ගිකයන් හා භෞතික රූප ස්‌වභාවයෙන් සමාන විය හැකි අතර විවිධාකාර සෞරග්‍රහ මණ්‌ඩලයන්හි විෂමතාවයන්ට අනුව හා ග්‍රහලෝකයන්හි පරිසරයන්ට අනුව නිර්මාණය වූ ශාරීරික ලක්‍ෂණ වශයෙන් වෙනස්‌ වන වාර්ගිකයන් ද දක්‌නට ලැබිය හැකිය. පොදු වශයෙන් පිළිගනු ලබන ස්‌වභාවයක්‌ නම් සුපිරි සභ්‍යත්වයන් බොහෝ විට මානසික හා චෛතසික වශයෙන් පෘථිවි මානුෂ වාර්ගිකයන්ට වඩා අතිශයින්ම බලවත්ව හා වෙනස්‌ව දියුණු වූ වාර්ගිකයන් බවය. නොයෙකුත් උත්තරීතර සභ්‍යත්වයන් පෘථිවියේ මිනිස්‌ සංහතියට වඩා යුග වශයෙන් ඉතා ඈත අතීතයේ සිට අජටාකාශ තරණයෙහි නිරත වීමට අවශ්‍ය ශක්‌තිය ඇති තාක්‍ෂණයන් දියුqණු කිරීමෙන් විශ්වයෙහි එවැනි වෙනත් සභ්‍යත්වයන් හා සමීප සම්බන්ධතාවන් අෙන්‍යාන්‍ය ගෞරවනීයත්වයෙන් යුතුව චක්‍රාවාට නීති රීති අභිලේඛනයට අනුව අනාදිමත් කාලයක සිට පවත්වාගෙන යමින් ඇත. උක්‌ත සභ්‍යත්වයන් සමූහ වශයෙන් හෝ තනිව හෝ ඔවුනට නියම වී ඇති ව්‍යාපෘතීන් හි නියෑලී චක්‍රාවාටයන්හි ජනපද හෝ විජිතයන් සංවිධානය කරලීම ආදී ක්‍රියාවලියන්හි කොටස්‌කරුවන් විය හැකි බව විද්වතුන්ගේ යෝජනාවයි. මේ අනුව සත්‍ය වශයෙන්ම උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් විවිධ ක්‍රියාවන් සඳහා පෘථිවිකරණයේ නිමග්න වී සිටිනු ඇත. උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ අභ්‍යවකාශ යානා පෘථිවි නිරීක්‍ෂණ කටයුතුවල නියෑළෙනු දක්‌නට ලැබුණා යෑයි පළමුවෙන් විස්‌තර වී ඇත්තේ ක්‍රි.පූ. 1483-1450 අතර ඊජිප්තුවේ (PHARAOH) පාරාවෝ රජු වන 03 වන තුත්මෝසිස්‌ගේ (TUTHM OSIS) රාජ්‍යය සමයේදීය. ක්‍රි. පූ. 1462 ශීත සෘතුවේ 03 වැනි මාසයේ රාජ්‍ය ලේඛකයා විසින් පැපිරස්‌ ලේඛනයන්හි මේ පිළිබඳව සටහන් වී ඇත. දකුණුදිග ප්‍රංශයේ හා උතුරු ස්‌පාඤ්ඤයේ පිරනෙයන් කඳු අසල ගුහාවන්හි ක්‍රි.පූ. 10,000 - 30,000 අතර කාලයක එසේ නැතහොත් පූර්ව ශිලා යුගයේ හොමෝසේපියන් (HOMOSAPIENS) පෘථිවි වාර්ගිකයන් විසින් අඳින ලද ගුහා චිත්‍ර පිළිබඳව පුරා තත්ත්ව විද්‍යාඥයකු වූ මහාචාර්ය ආන්ෙද්‍ර ලරොවගුර්හන් විසින් සටහන් කරන ලද විශාල ප්‍රමාණයේ චිත්‍ර අතර පුදුමසහගත සටහන් පිළිබඳව ප්‍රංශ ජාතික පර්යේෂකයකු වන එමේ මිෂෙල් විසින් 1969 දී සොයාගන්නා ලදුව ඒවායේ විවිධ ස්‌වරූපයන්ගෙන් සමන්විත අභ්‍යවකාශ යානා වර්ග 40 ක පමණ සටහන් සොයා ගෙන ඇත. දඩයමෙන් ජීවත් වූ ගුහාවල වාසය කළ ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයන්ගේ දෛනික ජීවිතයේ අත්දැකීම් වූ මැමුත් හස්‌තින්, කුළු මී ගවයන්, අශ්වයන්, ගෝනුන් ආදි සතුන්ගේ චිත්‍ර සටහන් අතර වෘත්තාකාර යානාවන්ගේ සටහන් ද දක්‌නට ලැබීම ඉතා වැදගත්ය. එමේ මිෂෙල් අදහස්‌ කරනුයේ උක්‌ත යානා එකල විසූ මානවයන්ගේ දිනපතා දක්‌නට ලැබෙන වස්‌තූන් බවය. සැබැවින්ම ස්‌වාභාවික පරිසරයක ජීවත් වූ උක්‌ත මානව වාර්ගිකයන් එදිනෙදා තමන් විසින් දඩයම් කරන ලද සතුන්ගේ චිත්‍ර අතර ඔවුනට පුදුමය දනවන වෘත්තාකාර හා ඒ සමාන ආකෘතීන් ද චිත්‍රයට නඟා තිබීම අවබෝධ කර ගැනීම දුෂ්කර වුවත් ඔවුන්ගේ ජීවිතයේ සාමාන්‍යයෙන් දක්‌නට ලැබුණ ඉහත යානාවන් ද චිත්‍ර ගතකර ඇති බව එමේ මිෂෙල්ගේ නිගමනයයි. ප්‍රංශයේ හා ස්‌පාඤ්ඤයේ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පෙ€ මර්ල්, ලෙක්‌රොව ෆ්රේර්, ලස්‌කොස්‌ හා අල්ටමීරා නම් වූ ගුහා 17 ක විසිරී ඇති උක්‌ත චිත්‍ර පුරාවිද්‍යාඥයන් අතර ඉතා ප්‍රසිද්ධය. ප්‍රංශ පිරනෙන් කඳුවැටියේ උක්‌ත ගුහාවලට අමතරව උතුරු අප්‍රිකානු තසිල කඳු පිහිටා ඇති ජබරාන් මිටියාවතේ පර්වතයන්හි දක්‌නට ඇති චිත්‍ර අතරින් එක්‌ චිත්‍රයක ගව රංචුවකට ඉහළින් අහසේ ගෝලාකාර යානාවකට අක්‌ විදහා දක්‌වන චිත්‍රයක්‌ ඇත. එම යානයෙන් කුමන හෝ ආලෝක ධාරාවක්‌ පහතට විහිදවන ආකාරයක්‌ ද ඇත. රුසියානු පුරා විද්‍යාඥයකු වන ආචාර්ය විජෙස්‌ලාවි සයිසෙව් විසින් ද උස්‌බෙකිස්‌තානයේ ෆෙර්ගානා ප්‍රදේශයේ කඳු පර්වතයක මෙවැනිම සටහන් සොයාගෙන ඇත. අවුරුදු 7000 - 1000 අතර කාලයක්‌ ඉපැරණි යෑයි විද්‍යාඥයන් විශ්වාස කරන මෙම චිත්‍රයෙහි මානුෂ වාර්ගිකයෙක්‌ හා සමාන පුද්ගලයකු ආරක්‍ෂක හිස්‌වැස්‌මක්‌ පැළඳ වාතය ආශ්වාස කරලීම සඳහා නූතන මන්දගාමීන් උරහිසේ පිටුපස රැගෙන යන ආකාරයේ උපකරණයක්‌ ද එයින් හිස්‌ වැස්‌මට සම්බන්ධ කරන වායුව ගලායැමට ආධාර වන ආකාර නළයක්‌ ද අත්වැසුම් පැළඳි එක්‌ අතකින් පැතලි තැටියක්‌ ද පසුබිමේ වෘත්තාකාර යානයක සටහනක්‌ ද ඊට පහතින් තවත් පුද්ගලයකු අහසට විහිද ගිය ඇන්ටෙනා ද්වයකින් යුත් ආරක්‍ෂක හිස්‌වැස්‌මක්‌ දරා සිටින ආකාරයක්‌ දක්‌නට ඇත. මේ පිළිබඳව විස්‌තර දැනගැනීමට අන්තර්ජාලයේ වෙබ් අඩවි රාශියක්‌ ඇති අතර සජීවී වීඩියෝ දර්ශන ද දැක බලාගත හැකිය. දැවැන්ත ගල් බිත්තියක දියුණු තාක්‍ෂණික උපකරණවලින් කරන ලද ආකාරයේ බිතුසිතුවම් චීනයේදී ද සොයාගෙන ඇත. 1959 චීනයේ බීජින් විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා මහාචාර්යවරයකු වූ ෂිපෙන් ලාඕ සහ ඔහුගේ සහාය ආචාර්ය තෝ වයි, හුයි ටිෂූ - ට්‌න්ග් විසින් මධ්‍යම චීනයේ තුන්යා-ෆින්ග්හු විලෙහි පතුලෙන් මෙම ගල්පුවරුව සොයාගෙන ඇත. උක්‌ත චිත්‍ර සටහන් වසර 40,000 වඩා පැරණි බව නූතන විද්‍යාත්මක ක්‍රම මගින් සනාථ වී ඇත. ජපානයේ කියුෂු ප්‍රදේශයේ කුමමොකෝහි යමගා නගරය (KY USHU-KUMAMOTOYAMAGA CITY) අවුරුදු 4000 කට වඩා පැරණි සොහොන් ගෙයක බිත්තිවල ද මේ ආකාරයේ චිත්‍ර සටහන් දක්‌නට ඇති අතර එම සටහන්වල ත්‍රිකෝණාකාර ඔටුන්නක්‌ පැළඳ රජකු අහසේ ධවල වර්ණ වෘත්තාකාර යානාවන් 07 වෙතට අත් ඔසවා ආචාර කරනා දර්ශනය ඇතුළත්ය. ජපන් ආදිවාසී ජනතාවගේ භාෂාව වන "අයිනු" භාෂාවෙන් උක්‌ත සොහොන් ගෙය හඳුන්වා ඇත්තේ චිජ-සන් නමිනි. චිජ-සන් යනු හිරු උදාවන ප්‍රදේශයයි. ජපන් පුරාවිද්‍යාඥයකු වන සොලියුකුකන් ප්‍රකාශ කරනුයේ මේ චිත්‍රවල දැක්‌වෙනුයේ නිසැකයෙන්ම පිටසක්‌වල යානාවන් බවය. මේ සමානම වූ චිත්‍ර බ්‍රසීලයේ මිනාස්‌ ගෙරායිස්‌ (MINAS- GERAIS) ප්‍රදේශයේ පිහිටා ඇති වර්සෙලන්ඩියා (VERZEIANDIA) නම් ගුහාවක තිබී මහාචාර්ය හෙරනන් එබේකන් විසින් සොයාගෙන ඇත. 1963 දී සොයාගනු ලැබූ උක්‌ත චිත්‍රයක වෘත්තාකාර යානාවන් දක්‌නට ලැබෙන අතර වෙනත් චිත්‍රයක සූර්යයා හා චන්ද්‍රයා අතර සිලින්ඩරාකාර යානාවක්‌ ද දක්‌නට ඇත. මේ පිළිබඳව වැඩි විස්‌තර දැනගැනීමට මහාචාර්ය හෙරනන් එබෙකන් එම චිත්‍රයන්හි වර්ණයන්වල කොටස්‌ පරීක්‍ෂා කරලීම සඳහා රියෝද ජැනයිරෝ (RIO DE JANEIRO) විශ්වවිද්‍යාලය වෙත යවන ලදුව ඒවා වසර 11000 වඩා පැරණි බව ස්‌ථිර වී ඇත. මෙක්‌සිකෝ රාජ්‍යයේ ක්‌වේරාතාරෝ ප්‍රදේශයේ ගුහාවක තිබී 1966 දී සොයා ගත් වසර 7000 කට වඩා පැරැණි චිත්‍ර සටහන්වල ගෝලාකාර වූ එසේම වෘත්තාකාර වූ කවුළු සහිත අහසේ පාවෙන යානාවකට අත් විහිදුවමින් ආචාර කරමින් සිටින පුද්ගලයන් දක්‌නට ලැබෙන අතර පුරුදු පරිදිම යානාවන්ගෙන් පහකට ආලෝක ධාරා විහිදුවන ආකාරය සටහන් වී ඇත. ස්‌පාඤ්ඤවරුන් මෙක්‌සිකෝව යටත් කර ගත් කාලයේම රචනා කරන ලදැයි සැලකෙන පැරැණි මායා සංස්‌කෘතියේ විශ්වාස හා අනාගත වංශ කතා අන්තර්ගත "චිලාම් බලම්" නම් කෘතියේ එක්‌ කතාවක තාරකාවන් දක්‌වා ගමන් කළ හැකි පියාඹන යානාවන්ගෙන් ධවල වර්ණ දෙවිවරු පෘථිවියට පැමිණ ආදි මායාවරුන් වෙතට ඔවුන්ගේ සංස්‌කෘතිය ගෙන යන ලද බව ඉතා විස්‌තරාත්මකව ග්‍රන්ථාරූඪ වී ඇත. ක්‍රි. පූ. 3800 - 2000 පමණ වර්ෂාන්තරයෙහි බැබිලෝනියාවෝ යුප්‍රටිස්‌ ටයිග්‍රීස්‌ (BABYLONIA - EUPHRATES- TIGIRIS) ගංගාවෝ අතර දකුණ දිග ඉරාකයේ පිහිටා තිබුණු පැරැණි සංස්‌කෘතියක්‌ වූ සුමේරියන්වරුන්ගේ (SUMERIAN) ලේඛනගත ලියවිලි හා වංශ කතාවන්හි අනුන්තකි (ANU-SKYGOD) නම් වූ දෙවි කෙනෙකුන් විසින් විවිධ ශාස්‌ත්‍රයන් පෘථිවි මානුෂ්‍ය වාර්ගිකයන්ට ඉගැන්වූ බව සඳහන්ය. සුමේරියන්වරුන්ට ද්විත්ව පාර්ලිමේන්තුවක්‌ තිබූ අතර රෝහල් ආගමික මන්දිර, විශ්වවිද්‍යාල පවත්වා ගෙන ගොස්‌ තිබූ අතර ඔවුන්ගේ විද්‍යාත්මක හා සංස්‌කෘතික අංගයන් අතර ගණිතය, තාරකා ශාස්‌ත්‍රය වෛද්‍ය ශාස්‌ත්‍රය, නීතිය හා සාහිත්‍යය ද ඇතුළත් වී තිබී ඇත. පැතලි මැටි තහඩු එකට එකතු කර ග්‍රන්ථ ආකාරයෙන් භාවිත කරදීම සුමේනියන්වරුන්ගේ (SUMERIAN) විශේෂත්වයකි. මෙවැනි මැටි පුවරු සහිත පැරැණි පුස්‌තකාල කිහිපයක්‌ම පර්යේෂකයන් විසින් මතු කරගෙන ඇත. එවැනි එක්‌ මැටි තහඩු කෘතියක සුමේරියන්වරුන් තේරුම්ගත් ආකාරයෙන්ම අභ්‍යවකාශ යානාවක සටහනක්‌ දක්‌වා ඇත. පැරැණි අනුහසිස්‌ (ATRA- HASIS) නම් වූ තහඩු ග්‍රන්ථයේ මානුෂය වර්ගයා වසර 28,000 පෙර ප්‍රාථමික කම්කරුවන් ආකාරයෙන් අනුන්තකි (ANU - SKYGOD) දෙවියන් විසින් නිර්මාණය කරන ලද බවද මෙකී මනුෂ්‍යන් අධ_ නිර්මාණය කරන ලද බවද මෙකී මනුෂ්‍යයන් අධ_ සත්ව හා අධ_ දේව ස්‌වරූපයෙන් වූ බවද වැඩිදුරටත් සඳහන්ය . එසේචියල් වක්‌තෘවරයාගේ දේශනාවන්හි සඳහන් අභ්‍යවකාශ යානයේ විස්‌තරය ඇපලෝ ව්‍යාපෘතියේ චන්ද්‍ර යානය නිර්මාණයේදී උපකාරී වූ බව එම ලේඛයන්හි (ඇපලෝ පිළිබඳ) සඳහන්ය. කි. පූ. 687 දි ඇසිරියන්වරු හා හිබෲවරුන් අතර ඇති වූ යුද්ධයේදී (ASSYRIAN - HEBREW) අභ්‍යවාකාශයේ ඇතිවූ විශාල පිපිරවීමකින් ඇසිරියන්වරු 185000 පමණ භෂ්ම වී ගිය බවද, එහෙත් ඔවුන්ගේ ඇඳුම්වලට කිසිම හානියක්‌ නොවී යුද්ධ භූමියේ දක්‌නට ලැබුණු බව ඉතා පැරැණි ලේඛනවල සඳහන්ය. මෙම ක්‍රියාවලිය නූතන නියුට්‍රොaන බෝම්බයටත් වඩා බලවත් සූක්‍ෂම ආයුධයකි. නියුට්‍රොaන බොම්බයෙන් අග්නිය හෝ අධි ද්වනි තරංග නිර්මාණය නොවේ. එය පුපුරා යැමෙන් නිර්මාණය වන අධි ශක්‌ති විකිණයෙන් සියලුම ජීවය පමණක්‌ විනාශ වේ. ගොඩනැගිලි කිසිවක්‌ විනාශ නොවන අතර (උක්‌ත නියුට්‍රොaන බෝම්බය පුපුරුවා පැය 06 කට පසුව විකිරණය නොමැති අතර එම ප්‍රදේශයේ සාමාන්‍ය කට යුතු සිදු කළ හැකිය.) නියුට්‍රොaන බෝම්බය පුපුරවනු ලබන්නේ පෘථිවිය මතුපිටින් කිලෝමීටර් කිහිපයක්‌ ඉහළ අවකාශයේය. එකල පුපුරුවන ලද බෝම්බය මගින් ජීවයේ සාමාන්‍ය විනාශය පමණක්‌ නොව එය භෂ්ම වී ධූලි බවටද පත්වී ඇත. මහා ඇලෙක්‌සැන්ඩර් නම් පැරැණි අධිරාජ්‍යයා ^ALEXANDER THE GREAT) පිළිබඳ ලියවුණු වංශ කතාවන්හි ක්‍රි. පූර්ව 322 දී ඔහුගේ හමුදා පිනිසියන්වරුන්ගේ ටයිරෝස්‌ නම් වරාය පිහිටා තිබූ බලකොටුව සත් මාසයක්‌ වටලා පිට පසුව අත්හැර දැමීමට ආසන්නයේ දිනක්‌ හදිස්‌සියේ අභ්‍යවකාශයෙන් පැමිණි පියාඹන කවචයන් 05 න් එකක්‌ විශාල වූ අතර අනෙක්‌ 04 ත්‍රිකෝණාකාර පෙළට පැමිණි ඇත. පළමු විශාල යානාවෙන් විදුලි ධාරා බලකොටුවේ ප්‍රාකාරය වෙත එල්ල කරන ලදින් ප්‍රාකාරය කුළුණු සමඟම බිම වැටීමෙන් පසු යාන එය වටා වරක්‌ කැරකී ආපසු යන ආකාරය දෙපසේම හමුදාවෝ සියෑසින් දුටු බව එම වංශකතාවල සඳහන් ය ක්‍රි. පූ. 329 දී මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජ්‍යයා උතුරු ඉන්දියාවේ ජෙරම් නදිය (JERAM RIVER) තරණය කරලීමට උත්සාහ දරත්දිත් මෙවැනිම ක්‍රියාවලියක්‌ වාර්තා වී ඇත. රෝම ඉතිහාසඥයකු වූ ප්ලිනිසස්‌ ක්‍රි. පූ. 100 දී තම ලේඛනයන්හි "ගිනිගත් කවටයන්" හිරු බැස යන සමයේදී බටහිර අහසින් නැඟි නැගෙනහිර දිශාවට පියාසර කළ බව සඳහන් කර ඇත. ක්‍රි. ව. 800 දී ජර්මනියේ ෆ්රූන්ක්‌න් ප්‍රදේශයේ කාර්ල් නම් රජු සැක්‌සන් ප්‍රදේශයේ රජු සමග සටන් වැදී එම රාජ්‍යය යටත් කර ගැනීමෙන් පසුව නැවත සැක්‌සන්වරු සමඟ ඇතිවීමට ගිය යුද්ධයේදී රක්‌ත වර්ණ කවචයන් ද්වයක්‌ අග්නි ජාලාවන් මුද්‍රd හැරිය බව ඇනාලෝස්‌ රෙග්නි ෆ්‍රeන්කෝරුම් (ANNALAS REGNI FRANCORUM) පැරැණි ග්‍රන්ථයේ සඳහන් ය. එසේම මහා කාර්ල් රජු ක්‍රි. ව. 810 දී ජර්මනියේ ආඛන් නගරය වෙත ගමන් කරමින් සිටියදි විදුලි වේගයෙන් පැමිණි ගෝලාකාර වස්‌තූන් හේතුවෙන් අසු පිsටින් වැටි බරපතල තුවාල ලැබූ බව රජුගේ ලේඛකයා වූ අයින් හාර්ඩ් විසින් රචිත විටා කැරොලි මැග්නි නමැති (VITA CAROLI MAGNI BY EINHARD) ග්‍රන්ථයේ සඳහන්ය. මහාකාර්ල් රජුගේ රාජ්‍යය සමයේදී මොන්ටිෆොaකොන්ද විලාර්ස්‌ නම් පූජකවරයා විසින් රචිත "ල කොන්ත්ද ගබලි" (LECOMPTEDE GABALIS) නම් කෘතියේ සඳහන් වනුයේ ගුවන් නැව්වලින් පැමිණි අභ්‍යවකාශ මිනිසුන් පෘථිවි ජනයාගේ භීතිය නැති කරලීම සඳහා ජනතාව එම යානාවලට රැගෙන ගොස්‌ ආපසු එවීමෙන් ඔවුන් අමනුෂ්‍යයන් නොවන බව ඔප්පු කරලීමට උත්සාහ දරා ඇති අතර ජනයාගේ භීතිය ද තුරන් වී ඇති අතර තමන් මැගෝනියා නම් ඈත ලෝකයක වාසය කරන පිරිස්‌ බව හඳුන්වා දී ඇති බවයි. ක්‍රි. වර්ෂ 1566 අගෝස්‌තු 7 වැනි දින ස්‌විස්‌ටර්ලන්තයේ බාසල් නගරයට (SWITZLAND - BASEL CITY) ඉහළින් යෝධ කාල වර්ණගෝලාකාර වස්‌තූන් රාශියක්‌ පියාසර කළ බව සඳහන්ය. වැඩි විස්‌තර දැන ගැනීමට හා විස්‌තර දැක ගැනීමට පහත වෙබ් අඩවිය වෙත යොමු වන්න. (http://en.wikipedia.ore/wiki/unidentifiedflying.object) මේ ආකාරයට ලොව පුරා දැක අතීතයේ සිට ඇතිවූ මෙවැනි සිද්ධීන් රාශියකි. උක්‌ත අභ්‍යවකාශ යානාවන් පිළිබඳ පැරැණි විස්‌තර පිළිබඳ සංක්‍ෂිප්ත විස්‌තරයක්‌ ඉදිරිපත් කරන ලද්දේ පෘථිවිය ගවේෂණය කරලමින් උක්‌තව සුපිරි සභ්‍යත්වයන් අනාදිමත් කාලයක සිට කටයුතු කර ඇති බව විස්‌තර කරලීමටය. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment