Monday, December 24, 2012

බෞද්ධ දාර්ශනික මාවතේදී හමුවූ විශ්වයීය මානවයා යළි සොයා යැම!

බෞද්ධ දාර්ශනික මාවතේදී හමුවූ විශ්වයීය මානවයා යළි සොයා යැම! දේශප්‍රිය නානායක්‌කාර nanayakkara.nanayakkara@gmail.com පෘථිවි චිපිට ගෝලීය පරිණාම ඉතිහාසය සිසාරාම පෘථිවි මානුෂීය වාර්ගිකයන් පෘථිවියත්, එහි ක්‍රියාකාරිත්වයත් හොඳින්ම අවබෝධ කරගෙන ජීවත් වී ඇති බව ඉතා පැහැදිලි කරුණකි. එමෙන්ම අනන්ත වූ විශ්ව චක්‍රාවාටවල ජීවත් වන නොයෙක්‌ සභ්‍යත්වයන් සමගත් නා නා විධ සබඳතා ගොඩනඟාගෙන තිබී ඇත. එම සබඳතා හේතුවෙන් පෘථිවිය සිසාරාම ජීවත් වූ පෘථිවි මානුෂීය වාර්ගිකයන් පෘථිවි පරිණාමය හා බැඳුණු ස්‌වාභාවික ක්‍රියාදාමය හා ටි්‍රලියන ගණනක්‌ වූ චක්‍රාවාටයන්හි ජීවත්වන ක්‌වොඩි්‍රලියන (Quadrillion= 1015)- ගණනක්‌ - වූ විශ්ව සභ්‍යත්වයන් (Extra - Terrestrical Blogogical entite, Light - Beings, - Luminious - Beings)-)- පිළිබඳවත් පුළුල් අවබෝධයකින් හා විශ්වාසයකින් ජීවත් වී ඇත. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සියලු මානව ක්‍රියාකාරකම් ස්‌වභාවධර්මයේ ක්‍රියාවලිය හා ඒකාත්මිකව ක්‍රියාත්මක කර ඇති අතර පෘථිවිවාසීන්ගේ ආකල්ප හා සිතුවිලිs ද ඉතා දියුණු තත්ත්වයේ නඩත්තු කර අභ්‍යාස කරලීම හේතුවෙන් ඔවුන්ගේ දීර්ඝායුෂ්ක ස්‌වභාවය ද අද්‍යතනයට වඩා දෙතුන් ගුණයක්‌ වැ තිබී ඇත. සර්වරෝග නිවාරණ උපක්‍රම හා සාම්ප්‍රදායික භෛෂඡ්ජයන්ද (බෙහෙත්) ඉතාම උසස්‌ තත්ත්වයේ නිවාරණ ශක්‌තියකින් යුතුව තිබී ඇත. ආර්ය වර්ගයේ පෘථිවි මානුෂික වාර්ගිකයන්ගේ පැරැණිතම කෘතියක්‌ වන සෘග් වේදයේ සඳහන් වනුයේ පෘථිවි ආර්ය මානුෂීය වාර්ගිකයන්ගේ පැරැණිතම කෘතියක්‌ වන සෘග් වේදයේ සඳහන් වනුයේ පෘථිවි ආර්ය මානුෂීය වාර්ගිකයන්ගේ භෛෂඡ්ජයන් විශ්ව සභ්‍යත්ව වාර්ගික නිවුන් සොයුරන් වූ අශ්වින් නමැති අජටාකාශ වෛද්‍යවරුන්ගෙන් ලැබුණු බවය. අශ්වින් අජටාකාශ වෛද්‍යවරු දෙදෙනා පෘථිවියට පැමිණි අජටාකාශ යානයට ගොඩබිමේ මෙන්ම සාගරයේද ක්‍රියා කිරීමට හැකි බවද එහි තවදුරටත් සඳහන් ය. නමුත් යටත්විජිතකරණය හේතුවෙන් පෘථිවිය සිසාරාම ජීවත් වූ ස්‌වදේශික පෘථිවි මානුෂීය වාර්ගික ජනතාව මත එල්ල කරන ලද අති මහත් පීඩාකාරී ජන සංහාර, දේපළ විනාශ ආදි තර්ජිත ක්‍රියාදාමයන් හේතුවෙන් පෘථිවි මානුෂීය වාර්ගිකයන් හා විශ්ව සභ්‍යත්වයන්, එසේ නැතහොත් ක්‌වොඩි්‍රලියන ගණනක්‌ වූ දෙව් බඹුන්ගේ හා පෘථිවි මානුෂීය වාර්ගිකයන් අතර තිබූ සමීප සබඳතා ඇන හිට ඇත. එම නිසාම පෘථිවි මානුෂීය වාර්ගිකයන් භුක්‌ති විඳින ලද දීර්ඝායුෂ්ක ස්‌වභාවය පළමුවෙන්ම පෘථිවිවාසීන්ට අහිමි විය. ඒ සමගම වසර 500 ක්‌ පමණ කාලයක්‌ ඇතුළතදී පෘථිවිවාසීන් සතුව තිබූ දිව ඔසු යනුවෙන් ජනවහරේ කියෑවූ භෛෂඡ්ජයන් පිළිබඳ තිබූ ආකල්ප හා විශ්වාසයන් ද ක්‍රමිකව විනාශය කරා පියමන් කර ඇත. එමෙන්ම විශ්වය තාරකා මණ්‌ඩල හා එහි ජීවත් වු දෙව්බඹුන්, ඉර සේවය, චන්ද්‍ර සේවය, වැස්‌ස, සුළඟ, ජලය ආදී ස්‌වාභාවික ක්‍රියාදාමයන් පිළිබඳ පෘථිවිවාසීන්ට තිබූ සාම්ප්‍රදායික දැනීම හා විශ්වාසයන් ද ක්‍රමයෙන් හීන වී ඇති බව ඉතා පැහැදිලිය. දිනපතා තෙරුවන් නැමදීම, පංචශීලය ආරක්‍ෂා කිරීම, දෙවියන්, බ්‍රහ්මයන්ට මෙන්ම මියගිය ඥති මිත්‍රාදීන්ට හා ප්‍රේතයන්ට, කුම්භාණ්‌ඩයන්ට පින් පැමිණවීම ආදි අතිශය පලදායී ගුණධර්ම ද ගිලිහී ගොස්‌ ඇත. ආයුෂ කාලය පිරිහීම නිසා සමාජයේ බොහෝ වැඩිහිටියන්ගේ අත්දැකීම් හා දැනුම ද, ආකල්ප ද. අනාගත පරපුරට පූර්වාදර්ශී නොවීය. අවුරුදු ගණන් කිරීමෙන් වයසට ගිය වැඩිහිටියන් පමණක්‌ බටහිර චින්තනයෙන් පෘථිවි වාසීන්ට දායාද කර ඇත. එම නිසාම පෘථිවි මානව සමාජයේ පිටිසර දියුණු රටවල පූර්වාදර්ශී චරිතයන් අවමය. යටත් විජිතකරණය මගින් පෘථිවිය සිසාරාම ජීවත් වූ ස්‌වදේශික ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම්වල තිබූ ස්‌වාභාවික සම්පත් කොල්ලකාගත් අධිරාජ්‍යයන්, ඒ ධනය මත නව්‍ය වෛද්‍ය විද්‍යාව, නව්‍ය කළමනාකරණ විද්‍යාව ආදී බටහිර දැනුම පෘථිවි මානව සමාජය සිසාරාම පතුරුවා හරින ලද්දේ පෘථිවි මානුෂීය වාර්ගිකයන් ඒ වන විට ගොඩනගා ගෙන තිබූ නොයෙක්‌ විධ සාම්ප්‍රදායික විශ්වාසයන් විනාශ කරලමිනි. ඒ විනාශයත් සමගම පෘථිවි මානුෂීය වාර්ගිකයන් හා විශ්ව සභ්‍යත්වයන් අතර තිබූ සමීපතම සබඳතා ද විනාශ වී ඇත. සැබැවින්ම ඊට පසු සිදු වුයේ යටත් විජිත කළමනාකරණයට අවශ්‍ය දැනීම, ආකල්පතා සිතුවිලි තිබෙන පෘථිවි වාසීන් පමණක්‌ම ආරක්‍ෂා වී තවදුරටත් විකාශය වීමය. දිගු ආසියානු මානව ඉතිහාසය සිසාරාම පෘථිවි මානුෂීය වාර්ගිකයන් අතිශය විශ්වාසවන්තව හා මහත් ගෞරවාදරයෙන් දිවිහිමියෙන් ඇසුරු කරන ලද හින්දු ආගමික විශ්වාසයන් මෙන්ම බෞද්ධ දාර්ශනික චින්තන ප්‍රවාහය ද, සම්ප්‍රදායයන් ද, හුරුපුරුදු ද යටත් විජිත දැනීමට අනුව තේරුම් ගැනීම අද්‍යතන සමාජ, මානසික, පිරිහීමට බලපෑ ප්‍රධානතම කාරණාවයි. බටහිර යොවුන් විද්‍යා තාක්‍ෂණික දැනීම විසින් පෘථිවි මානුෂික වාර්ගිකයන් වසර දහස්‌ ගණනක්‌ ඇසුරු කළ හා ඵලදායී අයුරින් ප්‍රයෝජනයට ගත් බොහෝ විශ්ව සම්ප්‍රදායන් හා දැනීම් සමුදාය පහත් කොට සලකා බැහැර කරන ලදී. නමුත් 21 වැනි විද්‍යා තාක්‍ෂණික සියවස ආරම්භය වන විට බටහිර තරුණ දැනුම මගින් සොයා ගෙන ඇත්තේ බෞද්ධ දාර්ශනික චින්තන ප්‍රවාහය සතු මානසික තරංග පිළිබඳ ඉලෙක්‌ට්‍රොaන දැනීම හා විශ්ව චක්‍රාවාටවල කල සිටින දෙව් බඹුන් පිළිබඳව මෙන්ම උක්‌ත දෙව් බඹුන් පිළිබඳ බුද්ධ දේශනාවේ සඳහන් වන පැහැදිලි කිරීම හා සතර සතිපට්‌ඨානය දියුණු කර ගැනීමෙන් මිනිස්‌ සිතට කළ හැකි විස්‌මයජනක ක්‍රියාවන් අතිශය විද්‍යාත්මක බවය. බෞද්ධ දාර්ශනික ඉගැන්වීමට හා ග්‍රන්ථයන්ට අනුව විශ්ව චක්‍රාවාට සහ සමූහාණ්‌ඩුවල සභ්‍යත්ව වර්ගීකරණය පහත පරිදිය. අරූපී බඹලොව (Arupa Loka' Formless Reaims' Only mind Exists, One is Reborn Here After Attaining Arupajhana) උක්‌ත බඹලෝකයෙහි ලෝක 04 කි. 1. ආකාසානඤ්චායතනය බ්‍රහ්ම ලෝකය- (Akasanancayatana, Sphere of Bound Less Space 20000 MK) අනන්ත ආකාශය අරමුණු කර ගනිමින් ආකාශයෙහි අගක්‌ මුලක්‌ නොමැති බව මෙනෙහි කරමින් ධ්‍යාන ප්‍රගුණ කළ යෝගීහු ආකාසානඤ්චායතනය බඹලොවෙහි පහළ වෙති. මනා කල්ප විසිදහසක්‌ ආයු ප්‍රමාණයක්‌ උක්‌ත බඹලොවෙහි පහළ වූ බ්‍රහ්මයෝ භුක්‌ති විඳිති. 2.විඤ්ඤාණාඤ්චායතනය බ්‍රහ්ම ලෝකය, (Vinnanancayatana, Sphere of Boundless Consciousness 40000 MK) අනන්ත ආකාශය ගැන මෙනෙහි කිරීම අතහැර සිතෙහි අනන්ත ස්‌වභාවය අරමුණු කරමින් ධ්‍යාන ප්‍රගුණ කරන්නා වූ යෝගීsහු විඤ්ඤාණඤ්චායතන බඹලොවෙහි පහළ වෙති. මෙහි පහළ වූ බ්‍රහ්මයෝa මහා කල්ප හතළිස්‌ දහසක්‌ ආයු භු=ක්‌ති විඳිති. 3.ආකිඤ්චාඤ්ඤායතනය බ්‍රහ්ම ලෝකය, (Akincannaytana, Sphere of Nothingness 60000 MK) පළමු අරූපි ධ්‍යාන චින්තනයෙහි ගත යුතු කිසිවක්‌ නොමැති බව මෙනෙහි කරමින් ධ්‍යාන ප්‍රගුණ කළ යෝගීහු ආකිඤ්චාඤ්ඤයතන නම් වූ බඹලොව පහළ වෙති. උක්‌ත බඹලොව පහළ වූ බ්‍රහ්මයෝ මහා කල්ප හැට දහසක්‌ ආයු වළඳති. 4.නේවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකය, (Nevasanna Nasanna Yatana, Sphere of Neither Perception, Nor - Non perception 84000 MK) ආකිඤ්චාඤ්ඤායතන සිත අරමුණු කරගෙන භාවනා කරන යෝගී උත්තමයන්ට ඉතා සියුම් සිතක්‌ පහළ වෙන බව සඳහන් අතර එය සඤ්ඤාවක්‌ ඇත්තේද නැත්තේද දැයි පැහැදිලි නොවන තරම් වූ සියුම් බවක්‌ උසුලන බව තවදුරටත් සඳහන් ය. එපරිද්දෙන් භාවනා කිරීම තුළින් ලබන ධ්‍යානයන්ගෙන් යෝගීsහු උක්‌ත බඹලොවහි පහළ වන බව ඉගැන්වේ. උක්‌ත බඹලොවෙහි පහළ වන ධ්‍යානලාභීහු මහා කල්ප 84000 ක්‌ ආයු භුක්‌තිවිඳින බව නොයෙක්‌ බෞද්ධ සූත්‍රගත දේශනාවල සඳහන් වී ඇත. රූපාලෝක බඹලොව (Rupa- Loka) 1. බ්‍රහ්ම පාරිසඡ්ජය බඹලොව (Parisajja Brahma, Realm of Brahma's Retinue 1/3 AK). පඨම ධ්‍යානය (Pathama - Jhana, SKT; Prathamadhyana, Literally First Jhana) යම් ප්‍රමාණයකින් ලැබූ පමණින් හෝ ධ්‍යාන ලබාගත්තද පඤ්ච විධ වශිතාවයන් මැනවින් ප්‍රගුණ නොකළ දෙව් - මිනිස්‌ යෝගීහු මරණින් මතු බ්‍රහ්ම පරිසඡ්ජය බඹලොව පහළ වෙති. බ්‍රහ්ම පාරිස්‌සඡ්ජය (Parisajjabrahma) යනු පරිවාර බ්‍රහ්මයන් වසන බඹලොවයි. මොවුහු බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්මයාගේ පිරිවර බඹුණෝ වන අතර උසස්‌ ධ්‍යාන සහිත බ්‍රහ්මයන්ට වඩා ආයුෂයෙන් වර්ණයෙන්, බලයෙන්, ප්‍රඥවෙන් හීන වූ බ්‍රහ්මයන්ය. (විශ්ව සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ අධ්‍යයනයෙහි යෙදෙන පර්යේෂකයන් හා විද්‍යාඥයන් Grey Aleins යනුවෙන් මේ බ්‍රහ්මයන් හඳුන්වනු ලබයි.) 2. බ්‍රහ්ම පුරෝහිත බඹලොව (Purohita Brahmars Realim of Brahma's Ministe˙ 1/3 AK) 3. මහා බ්‍රහ්මය බඹලොව (Maha brahma, Realim of Great Brahma , AK1) පඨම ධ්‍යානය (Pathama - Jhana) පඤ්ඤවිධ වශීතාවයන් මැනවින් ප්‍රගුණ කළ දෙව් මිනිස්‌ යෝගීහු මරණින් මතු මහා බ්‍රහ්මය බඹලොව පහළ වන බව නොයෙක්‌ සූත්‍ර දේශනාවල සඳහන් ය. බෞද්ධ දාර්ශනික විශ්ව න්‍යාය විද්‍යාව අනුව ඉහත විස්‌තර කරන ලද බ්‍රහ්ම පාරිසඡ්ජය බඹ ලොව බ්‍රහ්ම පුරෝහිත බඹලොව යන බ්‍රහ්ම ලෝක ත්‍රිත්වයේ චක්‍රාවාටයන් 1000ක්‌ ඇති බව සඳහන් වන අතර කාම රාගය හේතුවෙන් මෙකී බ්‍රහ්ම ලෝක ත්‍රිත්වයම ගින්නෙන් විනාශ වන බවද සඳහන්ය. අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ මහා වග්ගයෙහි සත්ත සුරියුග්ගමන සූත්‍රයේහි මේ පිළිබඳ මැනවින් විස්‌තරාත්මක දේශනාවක්‌ ඇත. ක්‍රිස්‌තුස්‌ වහන්සේද මේ පිළිබඳ අදහස්‌ ප්‍රකාශ කර ඇති අතර නවීන විද්‍යාඥයන්ද පුරෝකථන කර ඇත. මෙහි ගින්නෙන් යනු අප දන්නා ගින්දර නොව සූර්යයන් 07 දෙනකුගේ හා සමාන අයුරින් සූර්ය රශ්මිය බලවත් වීම මෙහි අදහසයි. 4. පරිත්තාභා බඹ ලොව (PARITTABHA REALM OF MINOR LUSTRE 2 MK) දුතිය ධ්‍යානය (DUTIYA - JHANA (SKI- DVITIYADHYANA, LITERALLY SECOND JHANA) දුතිය ධ්‍යානය හීනව ප්‍රගුණ කළ දෙව් මිනිස්‌ යෝගීහු පරිත්තාභා බඹලොව පහළ වෙන බව සඳහන්ය. ආයුෂය මහා කල්ප ද්වයකි. සුළු ආලෝකයක්‌ විහිදවන බවද තවදුරටත් සඳහන්ය. 5. අප්පමාණා සුභ බඹ ලොව (APPAMAN BHA, REALM OF INFINITE LUSTRE 4 MK) තෘතිය ධ්‍යානය (TATIYA - JHANA SKT - TRTIYADHYANA - LITERALLY THIRD JHANA) තෘතිය ධ්‍යානය මධ්‍යමව ප්‍රගුණ කළ දෙව් මිනිස්‌ යෝගිහු මරණින් මතු අප්පමාණා සුභ බඹ ලොව පහළ වෙති. ආයු කාලය මහා කල්ප 32 ක්‌ බව සඳහන් වන අතර අප්‍රමාණ එළියකින් බැබලෙන නිසා අප්පමාණා සුභ නමින් හඳුන්වා ඇති බව සඳහන්ය. 6. ආභාස්‌වර බඹ ලොව (ABHASSAARA, REALM OF RADIANT LUSTRE 16 MK) උක්‌ත සුපිරි චක්‍රවාට මණ්‌ඩලයේ චක්‍රාවාට 1000x1000 ප්‍රමාණයක්‌ අඩංගු බව සඳහන්ය. එමෙන්ම බෞද්ධ විශ්ව න්‍යාය විද්‍යාවට අනුව (BUDDHIST COSMOLOGY, 31 PLANES OF EXISTENCE CONSTITUTUE) ඉහත විස්‌තර කරන ලද පරික්‌තාභා බඹ ලොව, අප්පමාණා සුභ බඹ ලොව හා ආභාස්‌වර යන බ්‍රහ්ම ලෝක ත්‍රිත්වය වෛරය ද්වේෂය හේතුවෙන් ජලයෙන් විනාශ වන බව සඳහන්ය. 7. පරිත්ත ශුභ බඹ ලොව (PARITTA - SUBA REALM OF MINOR AURA 32 MK) 8. අප්‍රමාණ ශුභ බඹ ලොව (APPAMANA SUBA, REALM OF INFINITE AURA 16 MK) 9. සුභ කෘෂ්ණ බඹලොව (SUBHA KINHA REALM OF STEADY AURA 64 MK) ඉහත විස්‌තර කරන ලද බඹ ලෝක ත්‍රිත්වය මෝහය හේතුවෙන් සුළඟින් යටපත් වී විනාශ වන බව සඳහන්ය. (BEINGS PREDOMINATED BY DELUSION) 11. වේහප්පලා බඹලොව (VEHAPPHALA REALM OF GREAT REWARD 5OO MK) බොහෝ ඵල යන අර්ථයෙන් වේහප්පලා යනුය. චතුර්ථ ධ්‍යාන භූමියකි. (CATUTTHA - JHANA) ආයු ප්‍රමාණය මහා කල්ප 500 කි. 12. අසඤ්ඤ සත්තය බඹලොව. (ASANNA SATTA REALM OF MINDLESS BEINGS (ONLY BODY - NOMIND) උක්‌ත බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන්ගේ රූපකාය සැතපුම් 100 ක්‌ පමණ දිගට දර්ශනය වන බව සඳහන්ය. අද්‍යතන ලෝකයේ නොයෙක්‌ ගුවන් යානා නියමුවන් මෙවැනි දර්ශන දර්ශනය වූ බව සඳහන් ලිපි ලේඛන හා වාර්තා රාශියක්‌ පිටසක්‌වල ජීවීන් එසේ නැතහොත් විශ්ව සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් එසේත් නැතහොත් දෙවියන් බ්‍රහ්මයන් පිළිබඳ පර්යේෂණ පවත්වන ආයතන සතුව ඇත. තවදුරටත් සඳහන් වනුයේ අසඤ්ඤ සත්තය බඹලොවෙහි පහළ වනුයේ අනෙකුත් ආගම් සරණ ගිය පිරිස්‌ බවය. ආයු කාලය මහා කල්ප 500 කි. 13. අවිහ බඹලොව (AVIHA THE DURABLE REALM 1000 MK) සියලු සම්පත් නොපිරිහි තිබෙන හෙයින් අවිහ යනුවෙන් සඳහන්ය. සුද්ධාවාසික (SUDDHA VASA PURE ABODES, ONLY ANAGIMIS ARE BORN) බඹ ලොවකි. ආයු ප්‍රමාණය කල්ප 1000 කි. 14. අතප්පා බඹලොව (ATAPPA THE SERENE REALM 2000MK) සුද්ධාවාසික බඹ ලොවකි. වීර්යය අධිකව ඇති බ්‍රහ්මයෝ මෙහි ජීවත් වන අතර ආයු කාලය මහා කල්ප 2000 කි. (SUDDHA VASA - PURE ABODES, ONLYANAGIMIS ARE BORN) ආනාගාමී වූ පුද්ගලයන් පමණක්‌ මෙහි පහළ වෙති. 15. සුදස්‌සා බඹ ලොව (SUDASSAI THE BEAUTIFUL - REALM 4000 MK) අනාගාමින් පමණක්‌ පහළ වන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයකි. මෙහි ආයු කාලය මහා කල්ප 4000 කි. අභිරූප වූ දර්ශනයන්ගෙන් එසේ නැතහොත් අති විශිෂ්ට රූප ශෝභාවයෙන් යුත් බ්‍රහ්මයන් මෙහි පහළ වී ඇත. ශ්‍රී විෂ්ණු දෙවියන්ට හා ශිව දෙවියන්ටද කන්දප්පා දෙවියන්ටද අභිරූපී යෑයි ව්‍යවහාර කරනු ලබයි. 16. සුදස්‌සි බඹ ලොව (සුදර්ශන) (THE CLEAR SIGHTED REALM 8000 MK) ඉතාමත් සුන්දරව දර්ශනය වන බැවින් සුදස්‌සි නම් වේ. ආයු ප්‍රමාණය මහා කල්ප 8000 කි. 17. අකනිෂ්ඨක (AKANITTA, THE HIGHEST REALM, 16000 MK) අතිශය ගුණවත් හා වියපත්ව බ්‍රහ්මයන් පහළව ඇති උක්‌ත බ්‍රහ්ම ලෝකයේ ප්‍රඥ අධික බ්‍රහ්මයන්ගෙන් පිරී ඇත. මෙහි ආයු ප්‍රමාණය මහා කල්ප 16,000 ක්‌ වන සඳහන්ය. විශ්වයේ සභ්‍යත්වයන් පිළිබඳ (EXTRA TERRES TRIAL LIFE) පර්යේෂණයන්හි නියුතු විද්‍යාඥයන් අද්‍යතන ක්‌ෂිර පථයෙහි වෙසෙන උත්තරීතර සුපිරි සභ්‍යත්ව වර්ග 07 ක්‌ හඳුනා ගෙන ඇත. 1. ප්ලායාර්ස්‌, 2. ලිරියන්, 3. වේගන්, 4. ඔරයොන්, 5. සිරියස්‌, ආක්‌ටෞරස්‌, 7. සෙන්ටිනියන් වශයෙනි. මෙහිදී අකනිෂ්ඨක බ්‍රහ්ම ලෝකය පිළිබඳ බෞද්ධ දාර්ශනික ප්‍රවාහයේ සඳහන් වන විස්‌තර වලට සමාන තොරතුරු අද්‍යතන පිටසක්‌වල ජීවීන් පිළිබඳ පර්යේෂණයෙහි යෙදී සිටින පර්යේෂකයන් හා විද්‍යාඥයන්ගේ නිරීක්‍ෂණයන්ට බොහෝ සේ සමාන හෙයින් ඒ පිළිබඳ තරමක විස්‌තරයක්‌ පහත පරිදිය. බූට්‌ස්‌ (BOOTES, N.G.C. 5466) තාරකා මණ්‌ඩලයට අයත් පෘථිවියට ආලෝක වර්ෂ 37 ක්‌ දුරින් උතුරු අහසේ දිස්‌වන එසේම සූර්යයාගේ සිට දීප්තියෙන් 3 වැනි ස්‌ථානය හොබවන රතු වර්ණය විහිදුවන තාරකාවට සම්බන්ධ බ්‍රහ්මයන් හා දෙවියන් මීට අයත්ය. ආක්‌ටෞරස්‌ සභ්‍යත්වය අධ්‍යාත්මික වශයෙන් ඉතා උතුම් ප්‍රඥවන්ත හා කරුණාවන්ත මහඟු ගුණසම්පන්න වයෝවෘද්ධ (ආයුෂය මහා කල්ප 16000) වාර්ගිකයන් (බ්‍රහ්මයන් හා දෙවියන්) විසින් පාලනය කරනු ලබන බව සඳහන්ය. භෞතික වශයෙන් මීටර් එකක්‌ පමණ උස උක්‌ත වාර්ගිකයන් සියලුම දෙනා එකම මානසික මට්‌ටමකින් යුක්‌තව ඇති බව සඳහන්ය. බුබුළු විහිදවන අතිශය පෝෂ්‍ය ජනක ද්‍රව්‍යයක්‌ ආහාර වශයෙන් ගන්නා බව සඳහන් වී ඇත. කඳ දුඹුරු පැහැයේ සිට කාල වර්ණය දක්‌වා ඇස්‌ වල පැහැය විවිධය. සැබැවින්ම ඔවුන්ගේ දර්ශනය සිදුවනුයේ අක්‍ෂි පද්ධතියෙන් නොව දිව්‍ය චක්‍ෂු රභිඥණය (සෘද්ධි බලයෙන් ලබා ගන්නා අධි මානසික නුවන) මගිනි. පරචිත්ත විජානන ඥනය (අනුන්ගේ සිතේ ඇති දේ දැනගැනීම) හා සංයුක්‌ත නිකායේ (SAMYUTTA NIKAYA) අනුරුද්ධ සංයුතියේ (ANURUDDHA SAMYUTTAYA) සහස්‌ස වග්ගයෙහි සඳහන් ෂඩ්භිඥනයන් මගින් දුරස්‌ථ සම්බන්ධතාවත් පවත්වනු ලැබේ. උක්‌ත බ්‍රහ්ම ලෝකයේ මහලු වීම වළක්‌වාලීමට අවශ්‍ය තාක්‍ෂණය පරිපූර්ණ වී ඇත. රෝගී භාවය මේ බ්‍රහ්ම ලෝකයෙන් තුරන් කර ඇති අතර බ්‍රහ්ම ලෝකයට පහළ වූ බ්‍රහ්මයන් හා දෙවියන්ගේ නියමිත ක්‍රියා පටිපාටිය අවසන් වීමෙන් පසු ඔවුන් අන්තර්ධාන වෙන බව පර්යේෂකයන්ගේ හා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මනොතරංග හා ඉලෙක්‌ට්‍රොන සම්මිශ්‍රණයෙන් ඇති වන කම්පන සංඛ්‍යාත අනුව ඔවුන්ගේ ක්‍රියාවලිය තෝරාගනු ලබයි. මෙම බ්‍රහ්ම ලෝකය ක්‍රියාත්මක චක්‍රවාට මණ්‌ඩල පාලනය වනුයේ මෙම බ්‍රහ්මයන් විසින් ක්‍රියාත්මක කර ඇති මධ්‍ය - පථක්‍රම ලේඛ මධ්‍යස්‌ථානය (MID -WAY PROGRAMIN CENTER) මගින් බව විද්‍යාඥයන් ප්‍රකාශ කරනු ලබන අතරම මේ පිළිබඳව මුලින්ම අදහස්‌ පළකළ පුද්ගලයකු වනුයේ ඇමරිකානු භෞතික විද්‍යාඥයකු එඩ්ගා කේසිය (EDGAR CAYCE 1877- 1945). සුප්‍රසිද්ධ අධි මානසික පර්යේෂකයකු වශයෙන් ද ලෝ පතල නාමයක්‌ උපයාගත් එඩ්ගා කේසි තවදුරටත් පවසනුයේ අපගේ ක්‍ෂිර පථ චක්‍රාවාටයෙහි අතිශයින් දියුණු සභ්‍යත්වය (බ්‍රහ්මයන්) වනුයේද ආක්‌ටෞරස්‌ (ARCTURIANS) සභ්‍යත්වය බවය. එමෙන්ම ආක්‌ටෞරස්‌ සභ්‍යත්වය පිළිබඳ පර්යේෂණයෙහි නියුතු ආචාර්ය නොර්මා ඡේ මිලෝනොච්චි (DR, NORMA J, MILANOVICH) පවසනුයේ උක්‌ත සහ්‍යත්ව වාර්ගිකයන් පෘථිවියෙහි අධ්‍යාත්මික වර්ධනය පිළිබඳ විමසිල්ලෙන් සිටිනා බවය. "WE, THE ARCTURIANS" නමැති ඇගේ කෘතියේ තවදුරටත් විස්‌තර ඇතුළත්ය. ආක්‌ටෞරස්‌ සභ්‍යත්වයේ අභ්‍යවකාශ යානා අතිශය උසස්‌ තාක්‍ෂණයෙන් යුත් බවද සඳහන්ය. (පෘථිවි අහස්‌ යානා නොවේ.) ප්ලයාරස්‌ සභ්‍යත්වය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 420 පමණ දුරින් පිහිටි තාරකාවන් 3000 පමණ ඇති වෘෂභ තාරකා මණ්‌ඩලය පිහිටි ප්ලයාඩියන් තාරකා සමූහයට ආලෝක වර්ෂ අසූවක්‌ ඈතින් වන ටයිගෙටා නම් තාරකාවට අයත් ග්‍රහලෝකයන්හි ප්ලායර්ස්‌ සභ්‍යත්වය පිහිටා ඇතැයි විශ්වාස කෙරේ. ජන වහරේ හත්දින්නක්‌ තරු යයි ප්‍රකාශ කරනුයේ උක්‌ත තාරකා මණ්‌ඩලයටය. ස්‌විට්‌සර්ලන්තයේ එඩුවාඩ් බිල්මයර් ('BILLX'- EDUARD ALBERT MEIER) උක්‌ත සභ්‍යත්වය පිළිබඳව වසර 50 ක පමණ කාලයක සිට පර්යේෂණ කටයුතුවල නියෑළී සිටි, උක්‌ත සභ්‍යත්වයේ අභ්‍යවකාශ යානාවන්හි ලෝහ කණුවක දැවටී සිටිනා සර්පයකුගේ ලාංඡනය දක්‌නට ලැබේ. 2010 ඔක්‌තෝබර් මස 10 වැනි දින බදාදා අතිරේකයේ පළ වූ "සඳ ගමනේ සැඟවූ රහස්‌" යන ලිපියේ ද මේ පිළිබඳව විස්‌තර කරන ලදී. උත්තරගිරි සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ ඉතා සවිස්‌තරයක්‌ ඇත්තේ ප්ලයාර්ස්‌ සභ්‍යත්වයටය. ප්ලයාර්ස්‌වරුන්ගෙන් එක්‌ කොටසකට මානුෂීය වාර්ගිකයන්ගේ DNA මිශ්‍ර කර ඇති බවට ද සාගර විද්වතුන් මත පළකර ඇත. ප්ලයාර්ස්‌වරු පෘථිවියේ සැරිසරන්නේ නම් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට ඔවුන් වෙන්කොට හඳුනාගැනීමට නොහැකි වන බව ද සඳහන්ය. නමුත් පෘථිවියේ වායු ස්‌ථරයට හැඩ ගැසීම ප්ලයාරස්‌වරුන්ට අතිශයින් දුෂ්කර බව සඳහන් වනුයේ ඔවුන් අතිශය නිරෝගි හා අතිශය සියුම් සමකින් සමන්විත වීම නිසාය. සියලුම ප්ලායර්ස්‌වරුන්ගේ ගෘහයන් වටා කුඩා උයනක්‌ පිහිටා තිබෙන බවත් එහි කටයුතු සඳහා තාක්‍ෂණික හෝ යාන්ත්‍රික උපකරණ භාවිත නොකරන බවත් සඳහන්ය. ප්ලායර්ස්‌වරු තම කය මෙහෙයවා තම එදිනෙදා කටයුතු කරගන්නා බව සොයාගෙන ඇත. ප්ලායර්ස්‌වරුන් සියලු දෙනා සියලු ආකාර කලා දර්ශන හා විද්‍යා ශාස්‌ත්‍ර පිළිබඳ මනා අවබෝධයකින් සිටිනා බව සඳහන්ය. ප්ලායර්ස්‌වරුන්ට වෘත්තීන් 20 ක්‌ පමණ පිළිබඳව නිපුණත්වයක්‌ ඇති බව ද තවදුරටත් සඳහන්ය. "MESSAGE FROM THE PLEIADES, THE CONTACT NOTES OF EDUARD ALBERT MEIER˜" යන කෘතියේ තවදුරටත් විස්‌තර ඇතුළත්ය. ලිරියන් සභ්‍යත්වය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 26ක්‌ පමණ දුරින් දර්ශනය වන තාරකා මණ්‌ඩලයක උක්‌ත සභ්‍යත්වය පිහිටා ඇති බව සඳහන්ය. එම තාරකා සමූහයට අයත් වේගා නම් වූ තාරකාවේ ග්‍රහලෝක ලිරියන් සභ්‍යත්ව වාර්ගිකයන්ගේ නිජබිම බව සඳහන්ය. ප්ලයාරස්‌වරුන් පිළිබඳ තොරතුරුවල විස්‌තර වනුයේ පෘථිවි මානුෂීය වාර්ගිකයන් පැවත එනුයේ ලිරියන්වරුන්ගෙන් බවය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අධ්‍යාත්මික කටයුතු දියුණු කිරීමේ නිරතව සිටින ප්ලයාරස්‌ සභ්‍යත්වය හා ලිරියන් සභ්‍යත්වය විවිධාකාර වක්‌තෘවරුන් (දේශකයන්) හා ශාස්‌තෘවරුන් කලින් කල පෘථිවියෙහි පහළ කරවන්නේ මේ සභ්‍යත්ව වාර්ගිකයන්ගේ අනුබලය සහ නියමයන් අනුව බව ද වාර්තාවල සඳහන්ය. වේගන් සභ්‍යත්වය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 26 දුරින් පිහිටා ඇති වේගා නමැති තාරකාවට අයත් ග්‍රහ මණ්‌ඩලයේ සභ්‍යත්වයන් වේගන් සභ්‍යත්වයට අයත්ය. වේගන් සභ්‍යත්ව වාර්ගිකයන් ප්ලායරස්‌ සභ්‍යත්ව වාර්ගිකයන්ට වඩා ශත වර්ෂ ගණනාවකින් ඉදිරියට දියුණු වූ සභ්‍යත්වයක්‌ වන අතර පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට වඩා සහශ්‍රක 04 කින් (වසර 400 කින්) පමණ ඉදිරියෙන් සිටිනා බව එඩුවාර්ඩ් මයර් ඇතුළු පර්යේෂකයන්ගේ තොරතුරුවල සඳහන්ය. වේගන් සභ්‍යත්වයයේ වාර්ගිකයන් ප්‍රධාන වශයෙන් මානුෂ වාර්ගික හා මානුෂ වාර්ගික නොවන (HUMANOID) (NON-HUMANOID) යනුවෙන් කොටස්‌ ද්වයකට බෙදා දැක්‌වේ. එසේ බෙදා දක්‌වනු ලබන්නේ ස්‌වභාවික පෙනීමෙන් පමණක්‌ වන අතර මේ වාර්ගිකයන් දෙවර්ගයේම ජෛවමය ආකෘතියේ වෙනසක්‌ දක්‌නට නැත. මානුෂීය වාර්ගික නොවන යෑයි සිතිය හැකි සභ්‍යත්ව වාර්ගිකයන් ස්‌වභාවයෙන් උරගමය ආකාර, ත්‍රිකෝණමය මුහුණකින් යුක්‌ත බව සඳහන්ය. අපේ රටේ සමහර පන්සල්වල සහ කෝවිල්වල මේ ආකාරයේ රූප සහ පිළිම මෙන්ම කැටයම් ද ඇත. වේගන් සභ්‍යත්ව වැසියන් ද පෘථිවියට පැමිණෙන බව සඳහන් අතර ඒ සඳහා ඔවුන් භාවිත කරනුයේ "බිම් ෂිප්" වර්ගයේ යානා බව ද තවදුරටත් සොයාගෙන ඇත. ඔරයොන් සභ්‍යත්වය ඔරයොන් තාරකා මණ්‌ඩලයට අයත් ග්‍රහලෝකයන්හි ඉහත සභ්‍යත්වය පිහිටා ඇති බව සඳහන් වේ. ඔරයොන් සභ්‍යත්ව වාර්ගිකයන් අතර චක්‍රාවාටයෙහි බොහෝ විනාශකාරී සංග්‍රාමයන්හි නිරත වීමෙන් නොයෙක්‌ අර්බුදවලට මුහුණදී සිටින බව ලිසා රෝයල් නමැති පර්යේෂිකාව විසින් රචිත චක්‍රාවාටයන් හි මානුෂීය ප්‍රවේණිය යන අදහස ගෙන දෙන THE PRISM OF LYRA නමැති ග්‍රන්ථයේ විස්‌තර කර ඇත. ඔරයොන් සභ්‍යත්ව වාර්ගිකයන්ගේ විශේෂත්වය වනුයේ ඔවුන්ගේ ඇස්‌ විවිධාකාර නිල වර්ණයන්ට හැරවීමට ඇති හැකියාවයි. පෘථිවි මානුෂ වාර්ගිකයන් හා සම්බන්ධ පර්යේෂණ නිෂ්පාදන ව්‍යාපෘතීන් හි නිරත වී සිටින්නේ සේටා රෙටිකුලි නම් ඔරයොන් තාරකා මණ්‌ඩලය ආසන්නයේ නිජභූමිය පිහිටා තිබෙන කපොත වාර්ගිකයන් බව සමහර විද්‍යාඥයන් හා පර්යේෂකයන් අදහස්‌ කරනු ලබයි. එසේම තවත් විශේෂඥ විද්‍යාඥයන් කොටසක්‌ අදහස්‌ කරනුයේ සේටා රෙටිකුලි සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවි සමාජ කටයුතුවල නිරත වන බවය. දැනට වසර 40-50 ක පමණ කාලයක සිට සේයා රෙටිකුලි සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවියට ආගමනය කර සමහර පෘථිවි රාජ්‍යයන් සමඟ රහස්‍ය ගිවිසුම් ද ඇතිකරගෙන තිබෙන බවය. සියලුම කපොත වාර්ගිකයන් බිහි කරනු ලබන්නේ DNA ආධාරයෙන් ක්‌ලොන කිරීමේ මාර්ගයෙනි. ක්‌ලෝන කිරීම මගින් කපොත වාර්ගිකයන් බිහිකිරීම දිගු කාලයක්‌ එසේ නැතහොත් කාලාන්තරයක්‌ තිස්‌සේ සිදුවන බැවින් කපොත වාර්ගිකයන් දුර්වල වීමට ඉඩ ඇති බව ඔවුන් තීරණය කර ඇති බව සඳහන්ය. එම නිසා පෘථිවි වාර්ගිකයන්ගේ ආධාරයෙන් චක්‍රාවාට සමසමූහාණ්‌ඩුවට අයත් හා අනෙකුත් සභ්‍යත්වයන්ගේ අනුමැතිය ඇතිව සමහර පෘථිවි රාජ්‍යයන් සමඟ ඇති කරගත් රහස්‌ ගිවිසුම්වලට අනුව ඔවුන් තම වර්ගයා නිර්මාණය කිරීමෙහි යෙදී සිටින බව බහුතර පර්යේෂකයන්ගේ අදහසයි. පෘථිවියේ සමහර රාජ්‍යයන් ඉතා බහුල වශයෙන් උක්‌ත වාර්ගිකයන් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති සඳහා අනුබද්ධ වී සිටිනා බවට රැස්‌කර ඇති සාක්‍ෂි විශාල ප්‍රමාණයකි. උක්‌ත සාක්‍ෂි TOP SECRET/MAJIC EYES ONLY යන තේමාව යටතේ වාර්තා වී ඇත. සිරියස්‌ සභ්‍යත්වය පෘථිවි සූර්යාට දෙවැනි වූ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 8.6 දුරින් සිරියස්‌ A නමින් හඳුන්වන තාරකාවට සම්බන්ධ ග්‍රහලෝකයන්හි උචිත සභ්‍යත්වය පිහිටා තිබෙන බව සඳහන්ය. සෙන්ටිනියන් සභ්‍යත්වය ඇල්µd සෙන්ටෞරි තාරකා ත්‍රිත්වයේ ග්‍රහලෝකයන්හි උක්‌ත සභ්‍යත්වය ක්‍රියාත්මක වන බව හඳුනාගෙන ඇත. සෙන්ටිනියන් සභ්‍යත්ව වාර්ගිකයන් සිරියස්‌ හා ප්ලයාරස්‌ සභ්‍යත්වයන් සමඟ සබඳතා පවත්වන බව ද සඳහන්ය. උක්‌ත වාර්ගිකයන්ගේ මුල් නිජභූමිය මෙථරියා ග්‍රහලෝකයයි. මෙථරියා ග්‍රහලෝකය විශාලත්වයෙන් ද ඝනත්වයෙන් හා වායු පීඩනයෙන් ද පෘථිවියට සමානය. සෙන්ටෞරි ත්‍රිත්ව තාරකා නිසා රාත්‍රිය ඉතා සුළු අඳුරකින් සමන්විත බව සඳහන්ය. එමෙන්ම පෘථිවියේ මෙන් මෙථරියා ග්‍රහලෝකයෙහි විශාල ප්‍රදේශයක්‌ ජලයෙන් යටවී තිබෙන බව ද වාර්තාවල සඳහන්ය. එහෙත් පෘථිවියට හාත්පසින්ම වෙනස්‌ වෘක්‍ෂලතා සමන්විත උක්‌ත ග්‍රහලෝකයේ දේශගුණය සමතුලිතය. සෙන්ටිනියන් සභ්‍යත්ව වාර්ගිකයන් සතුව යෝධ අභ්‍යවකාශ යානා තිබෙන අතර ඒවා සමහර විට කිලෝමීටර් ගණනාවක්‌ දිගු සහ විෂ්කම්භය සහිත බව සඳහන්ය. 1986 නොවැම්බර් 10 වැනි දින පැරිසියේ සිට අයිස්‌ලන්තයේ අගනුවර වන රෙයික්‌යාවික්‌ (REYKJAVIK) නගරය හරහා ටෝකියෝ බලා පියාසර කළ ජම්බෝ ජෙට්‌ යානයේ ප්‍රධාන නියමු ජපන් ජාතික ජෙන්ජු නෙර උචිගේ වාර්තාව මීට හොඳම සාක්‍ෂියකි. මෙවැනි වාර්තා රාශියකි. සුපිරි සභ්‍යත්වයන් පෘථිවියට වඩා දස දහස්‌ ගණනක සිට මිලියනයක්‌ හෝ සමහර විද්‍යාඥයන්ගේ මතය අනුව මෙන්ම බෞද්ධ සම්ප්‍රදායන්හි පවා සඳහන් වන පරිදි බිලියනයක්‌ හෝ ඊටත් වඩා වශයෙන් දියුණු වූ සභ්‍යත්වයන් ඇත. එම නිසා සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ට රේඩාර් පද්ධති හෝ නිරීක්‍ෂණයන්ට හසු නොවී ක්‍රියාත්මක වීමට හැකියාව ඇත. සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට වඩා දස දහස්‌ වාරයකින් ගුණාත්මකව හා විද්‍යා තාක්‍ෂණයට හා ගමනා ගමනයෙන් අතිශය දියුණු බව පෘථිවි විද්‍යා තාක්‍ෂණික දැනුමෙන් අද්‍යතනව පිළිගෙන ඇත. නමුත් යටත් විජිත කරණයට පෙර සිටි අපේ මුතුන්මිත්තෝ මේ පිළිබඳව හොඳින් දැන සිටි බව මීට ඉහතදීත් දක්‌වා ඇත. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සියලුම ආගමික ග්‍රන්ථයන්හීද, පැරණි මෙසෝ ඇමරිකානු ඉන්කා, මායා, ඇස්‌ටෙස්‌ ආදි ශිෂ්ටාචාරයන් හිදී, ගොපි ඉන්දියානු වන්ගේද, ෆැසිෆික්‌ සාගරයේ සැමෝවා, හවායි නවසීලන්ත, ඔස්‌ටේ්‍රලියානු, ස්‌වදේශික ජනවහරේද කතාන්තරවලද, අප්‍රිකාවේ ජන කතාවලද, චීනයේ, තිබ්බතයේ, මැදපෙරදිග හා සුළු ආසියාවේ සුමේරියන් බැබිලෝනියන් හිටයිට්‌ මෙන්ම පර්සියානු ලේඛනවලද, මිසරයේ පාරාවෝ යුගයන්හි පැපිරස්‌ ග්‍රන්ථයන්හීද, සුපිරි සභ්‍යත්වයන් හා ඔවුන්ගේ හා ඔවුන්ගේ පෘථිවි ව්‍යාපෘති පිළිබඳවද, අජටාකාශ යානාවන් පිළිබඳවද සඳහන් විස්‌තර රාශියකි. ලොව සිසාරා ඇති නොයෙක්‌ පැරණි පොත් පත් අධ්‍යයනය කළ හැකිනම් මේ පිළිබඳ තොරතුරු මිලියන ගණනක්‌ සොයා ගැනීමට හැකිවනු ඇත. අද්‍යතනව මේ පිළිබඳව උනන්දු වන පුද්ගලයන්ට පොත් පත් ලේඛන මෙන් නාට්‍ය විද්‍යාත්මක තොරතු=රු ඇතුළත් දෑ දසදහස්‌ ගණනක්‌ ඇත. බෞද්ධ දාර්ශනික ප්‍රවාහයේ මේ පිළිබඳව දීර්ඝව විස්‌තර වී ඇත. බෞද්ධ සූත්‍රයන්හි දෙව්වරු පිළිබඳ සඳහන් සූත්‍ර කිහිපයක්‌ මෙසේය. සංයුක්‌ත නිකායේ වළාහක සංයුත්තයෙහි වළාහක වග්ගයෙහි සීත වළාහක සූත්‍රය (ශීත වළාහක දෙව්වරු පිළිබඳව) උණ්‌නවළාහක සූත්‍රයේ එම දෙවිවරු, අබ්භවළාහක සූත්‍රයේ එම දෙවිවරු, වැස්‌ස වළාහක සූත්‍රයේ එම දෙව්වරු, පිළිබඳ විස්‌තර සඳහන්ය. මේ ආකාරය බොහෝ සූත්‍ර දේශනාවන්හි දෙවිවරු පිළිබඳ දේශනා කර ඇත. එමෙන්ම, දීඝ නිකායේ මහා වග්ගයෙහි මහා සමය සූත්‍රයේ 1. නාගවිල වැසි නාග දෙවිවරු 2. විශාල මහනුවර වැසි නාග දෙවිවරු, 3. තචජක නාග දෙවිවරු 4. කම්බල නාග දෙවිවරු 5. පායානා තිර්ථ වැසි දෙව්වරු 6. යමුනා නාග දෙවිවරු 7. ඒ රාවණ මහා නාග දෙවිවරු 8. චිත්‍රා, සුපණ්‌ණා ගරුඩාපක්‍ෂි (සත්ත්ව වෙස්‌ගත්) දෙවිවරු 9. අපෝ, පඨවි, තේජෝ, වායෝ දෙවිවරු 10. වරුණ, සෝමා, කරුණා, කායිකා දෙවිවරු, 11. සහලි, අසමා, යමක, චන්ද, යාමා යන දෙවිවරු, 12. හිරු සඳු පෙරටු කරගත් නැකත් දෙවිවරු, 13. ගිනි සළු සේ දිලිසෙන සහගු දෙවිවරු,14. සහධම්මා, අච්චතා, අනේකජ, සූලෙයH රුචිර, වාසවනෙසි, දෙවිවරු,15. සමතා, මහා සමතා, මනුසා, මානු සුත්තමා, සුක්‌කා, කුරුම්භා, ආරුණ, වෙඝනස, ඕද්‍රdග ගහිය, විචිකිච්ඡා ආදි වශයෙන් වූ දෙවිවරු තිස්‌ තුන් කෝටියක්‌ සිටිනා බව ජනවහරේද ප්‍රචලිතය. එසේම කුචන් බෞද්ධ ස්‌වාමීන්වහන්සේ නමක්‌ වන කුමාරජීව හිමියන් සංස්‌කෘත භාෂාවෙන් චීන භාෂාවට පරිවර්තනය කළ අද්‍යතනව ඉංගී්‍රසියටද පරිවර්තනය කර ඇති, සුරඩ්ගම සමාධි සූත්‍රය. (SHURAN GAMA SAMADHI SUTRA) යයි අන්තර් ජාලයේ සටහන් කිරීමෙන් මෙම සූත්‍ර ඔබට අධ්‍යයනය කළ හැක්‌කේ භාෂා කිහිපයකිණි. භාරත වර්ෂයේ යශෝමිත්‍රයන් විසින් රචනා කරන ලද අභිධර්ම කෝෂ ව්‍යාඛ්‍යානය ඉන්දියානු බෞද්ධ භික්‍ෂුන්වහන්සේ නමක්‌ වන වසුබන්දු හිමියන් විසින් පරිවර්තනය කර ඇත. එම ග්‍රන්ථයේද බ්‍රහ්ම ලෝක පාලකයන්ට අති විශාල අතිශය සුඛෝපභෝගී සුවිශාල අජටාකාශ යානා තිබෙන බව සඳහන් වී ඇත. චීන ජාතික HSUAN HUA හිමියන් විසින් පරිවර්තනය කරනු ලබන අවතංසක සූත්‍රයේදී ටි්‍රලියන ගණනාවක්‌ වූ චක්‍රාවාටයන් පිළිබඳ සඳහන්ය. ඊසාන ආසියානු සංස්‌කෘතිය හා ආගමික දර්ශන පිළිබඳ කෘති ගණනාවක්‌ රචනා කර ඇති THOMAS CLEARY ගේ "CITY OF THOUNDS BUDDHAS" කෘතියද වැදගත් තොරතුරු හෙළිකරනු ලබයි. එමෙන්ම දකුණු ඉන්දියාවේ උපත ලබා පසු කාලීනව ඉන්දියාවේ ආන්ද්‍රd ප්‍රදේශයේ නලකොන්ඩා දිස්‌ත්‍රික්‌කයේ නාගර්ජුන කන්දේ වැඩ සිටි නාගර්ජුන හිමියන්ගේ ලේඛන හා කෘතිද වැදගත්ය. එමෙන්ම දිඝ නිකායේ අග්ගඤaඤ සූත්‍රයේ සඳහන් වන චූලනිකා ලෝක ධාතු, මජCධමිකා ලෝක ධාතු හා මහා ලෝක ධාතු නමින් හැඳින්වෙන්නේ මහා හා සුපිරි චක්‍රාවාට පිළිබඳව බව කේ. එන්. ජයතිලක මහාචාර්යතුමන්ගේ "THE BUDDHIST CONCEPTION OF THE UNIVERSE" කෘතියේ විස්‌තර කර ඇත. සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ විද්‍යා තාක්‍ෂණික සොයා ගැනීම් හා බෞද්ධ දාර්ශනික ප්‍රවාහයේ මෙන්ම හින්දු දාර්ශනික ප්‍රවාහයේ සඳහන් සුළු විස්‌තරයක්‌ පමණක්‌ මෙහි ඇතුළත් කරන ලදී. යටත් විජිත හරණයෙන් පසුවද බෞද්ධ දාර්ශනික ප්‍රවාහයේ සඳහන් දෙව් බඹුන්ගේ ආශිර්වාදය පලදායි ආකාරයට ලබාගැනීමට අප අපොහොසත් වීම නිසා අද සිංහල බෞද්ධයන්ට වෙනත් රටවල වෙනත් ජාතීන්ගේ සාම්ප්‍රදායික ක්‍රියාවන් මුදලට ලබාගැනීමට සිදුව තිබීම කනගාටුවට කරුණකි. සැබැවින්ම පැරණි පෘථිවි වාර්ගික අපේ මුතුන් මිත්තන් අපේ රටට, ජාතියට අත්කරදී ඇති වටිනා දායාදයන් පවා වත්මන් පරපුරට පලදායි ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට පවා අසමත්ව ඇති බව දක්‌නට ඇත. මීට ප්‍රධාන හේතුව යටත් විජිත දැනුමෙන් අපේ ජාතිය සතුව තිබූ මහා බලවත් චින්තන ප්‍රවාහය විනාශ වීමය. පංචශීලය ආරක්‍ෂා කරගනිමින් තෙරුවන් සරණ පතමින් යහපත් ජීවිතයක්‌ ඇති කරගැනීමට වත්මන් පරපුර ක්‍රියා කරන්නේ නම් බොහෝ දුරට රට, ජාතිය දියුණු වනු නොඅනුමානය. එඩුවාර්ඩ් ඩී මයර් වරක ප්‍රකාශ කර ඇත්තේ සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ගේ චක්‍රාවාට සම සමුහාණ්‌ඩුවල පෘථිවි වාසීන් විසින් සිදුකරන ලබන පව් පින් සටහන් කර ගැනීමට අද අප භාවිත කරන පරිගණකයට වඩා අතිශය දියුණු පරිගණකයක්‌ දෙව්ලොව තිබෙන බවය. අපේ මුතුන් මිත්තන් පින් පව් පොත වශයෙන් මෙය හඳුන්වන ලද බව ඔබට මතකද? නාසා ආයතනය විශ්ව සුපිරි සභ්‍යත්වවාසීන් පිළිබඳව පර්යේෂණ කරනුයේ අතිශය දියුණු උපකරණ භාවිත කරමිනි. නාසා ඉතිහාසයේ පෘථිවිවාසීන්ට ප්‍රසිද්ධ කර සුපිරි සභ්‍යත්වයන් සමඟ කළ එකම කටයුත්ත 1974 නොවැම්බර් 16 වැනි දින ARECIBO පණිවුඩය විශ්වය වෙත මුදාහැරීමය. (මේ පිළිබඳ දිගු විස්‌තරයක්‌ 2010 සැප්තැම්බර් 22 වන බදාදා අතිරේකයේ පළවිය) දශක කිහිපයකට පසුව විශ්ව සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවි වාසීන්ට ඊට ප්‍ර්‍රති පණිවුඩයක්‌ එවා තිබිණි. එය ද්විකේතක පණිවිඩයක්‌ වශයෙන් සලකන ලදී. එදා පණිවුඩය පැහැදිලි කළ නාසා විද්‍යාඥ කාල්සේගන් කළ විස්‌තර බෞද්ධ ධර්මයට අනුව නම් - මිනිසුන් බොරු පොරොන්දු දීමෙන් වැළකිය යුතුය. ආදි වශයෙන් ඔහුගේ ආගමික විශ්වාසයන්ට අනුව පැහැදිලි කළ කරනු සලකා බැලීමේදී එහි අන්තර්ගතය වනුයේ පංච ශීලය ආරක්‍ෂා කරගැනීම යනුවෙන් අප තේරුම් ගත යුතුය. එසේ නොකරන්නේ නම් පෘථිවිය සතු ජීව ගුණය වසා දැමීමට ක්‍රියාකරන බවට අවවාදයක්‌ද එහි සඳහන්ව ඇත. අද්‍යතන පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ පෘථිවි සමාජය යහපාලනයට යටත් කරගැනීම සඳහා 1948 දෙසැම්බර් මස 10 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද එක්‌සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පනත ක්‍රියාත්මක විය යුතුය. නමුත් සමහර රටවල පාලකයන් එම ප්‍රකාශනයේ සඳහන් අයිතිවාසිකම් ජනතාවට ලබාදීමට අපොහොසත් වී ඇත. එම නිසා ජනයා අසරණ වී ඇති අවස්‌ථා හා රාජ්‍යයන් රාශියකි. මෙවන් අවස්‌ථාවලදී විෂ්ණු මහා දෙවියන් එම රාජ්‍ය පාලකයන්ට විරුද්ධව කටයුතු කිරීමට පෘථිවියට පහල වන බව භගවත් ගීතාවේ මෙසේ සඳහන්ව ඇත. යදා යදාහි ධර්මස්‍ය ගලා නිර්භවති රැ අභිHqත්ථානම ධර්මස්‍ය තදාත්මානං සෘජා මධ්‍යහම් රැරැ පරිත්‍රාණාය සාධුනාං විනාශා යාච දුශ්කෘතාම් රැ ධර්ම සංස්‌ථාපනාථාය සම්භවාමී යුගේ යුගේ රැරැ යම් කලෙක ධර්මය ගිලන්වේද, අධර්මය නැගී සිටීද මම එකලම විසින් ම පහළ වෙමි. යහපත් පුද්ගලයන් ආරක්‍ෂා කිරීමටද ධර්මය ප්‍රතිෂ්ඨාපනය කිරීමටද මම යුගයෙන් යුගය පහළ වෙමි. FOR THE PROTECTION OF THE GOD, FOR THE DESTRUCTION OF THE EVIL, AND FOR THE ESTABLISHMENT OF DHARMA I, AM BORN FROM AGE TO AGE.

No comments:

Post a Comment