Sunday, December 23, 2012

වම - දකුණ මොළය සංවර්ධනයෙන් නිර්මාණශීලී ජාතියක්‌ බිහි කිරීම!

වම - දකුණ මොළය සංවර්ධනයෙන් නිර්මාණශීලී ජාතියක්‌ බිහි කිරීම! ANTHRO-POLOGY යන ඉංගී්‍රසි වචනය ගොඩනැඟී ඇත්තේ ANTHROPO (මිනිසා) ඛධඨධී (අධ්‍යනය) යන වචන දෙක එකතු වීමෙනි. මිනිසා පිළිබඳ විද්‍යාව නොහොත් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමේ ශාස්‌ත්‍රය මානව විද්‍යාවයි. මානව විද්‍යාව කොටස්‌ 2 කින් යුක්‌ත වන අතර භෞතික මානව විද්‍යාව (PHYSICAL ANTHROPOLOGY) හා සංස්‌කෘතික නොහොත් සමාජ මානව විද්‍යාව (CULTURL ANTHROPOLOGY)) යනු එම ද්වැයෑයි. භෞතික මානව විද්‍යාව යනු එම විෂය ක්‍ෂේත්‍රය මතම ගොඩනැඟුණු අධ්‍යයනයක්‌ වන අතර සංස්‌කෘතික මානව විද්‍යාව, පුරා විද්‍යාව, නව පුරා විද්‍යාව, වාග් විද්‍යාව හා මානව විද්‍යාව යන කොටස්‌වලින් සමන්විතය. මිනිසා අද ජීවත් වන මුහුණුවරට පැමිණීමට ගතවී ඇති කාලය වසර මිලියන 2.5 ක්‌ පමණය. ලෝකයේ මිනිසා පහළ වීම පිළිබඳ සිද්ධාන්ත දෙකක්‌ ඇති අතර ඉන් පළමුවැන්න මිනිසා එකම තැනකින් උපත ලැබූ බවය. (SINGLE ORIGIN THEORY) මුල් අවධියේ එක්‌ තැනකින් උප්පත්තිය ලබා ඊට පෙර සිටි නිඇන්ඩර්තාල් (HOMOSAPIENS NEANDERTHALENSIS) වරුන්ගේ හා වෙනත් හොමෝ සෙපියන්ස්‌වරු පසුකර මිනිසා බිහිවූ බව මෙම මතයේ අන්තර්ගතයයි. දෙවන සිද්ධාන්තය නම් බහු උපන් සිද්ධාන්තයයි. (MULTI REGIONAL THEORY) උක්‌ත මතයෙන් අදහස්‌ දක්‌වන්නේ මුල් අවධියේ විවිධ තැන්වල උප්පත්තිය ලබා නොයෙකුත් වර්ගවලට බෙදී නූතන මිනිසාගේ උප්පත්තිය සිදුවූ බවය. එම මිනිසුන්ගේ ශරීරය ඉතා කුඩා වූ අතර මොළය ක්‍රියාත්මක වීම වඩාත් දියුණුය. එම නිසා තම ජීවිතයේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා වඩා සංකීර්ණ තාක්‍ෂණික උපක්‍රම පිළිබඳ සිතුවිලි ඔවුන් තුළ ජනිත වී ඇත. මොළය ක්‍රියාත්මක වූ මිනිසා භාෂාවක්‌ අනුව අදහස්‌ ප්‍රකාශ කරලීමටත් ඊට අමතරව තම ජීවිකාව සඳහා අවශ්‍ය ආහාර පාන සොයා ගැනීම සඳහාත් වඩා දියුණු ආකාරයෙන් තම අවධානය යොමු කර ඇත. ඒ අතරම සංස්‌කෘතික වශයෙන්ද ඉදිරියට පැමිණි මිනිසා දැනීම, විශ්වාසය, ඇදහිලි සදාචාරය, නීතිය, චාරිත්‍ර වාරිත්‍ර සහ සියලු යහපත් සිද්ධාන්ත කෙරෙහි ක්‍රම ක්‍රමයෙන් අනුවර්ථනය වී ඇත්තේ මොළයේ වේගවත් දියුණුවත් සමගමය. 1980 දශකයේදී ඇතිවූ නොයෙකුත් ක්‍ෂේත්‍රයන්හි ශිඝ්‍ර දියුණුවත් සමගම වෛද්‍ය විද්‍යාව ළමා මනෝ විද්‍යාව, අධ්‍යාපනය, ළමා අයිතිවාසිකම්, පිළිබඳ හැඩරුව වඩාත් දියුණු තලයකට පැමිණ ඇත. කෙටියෙන් විස්‌තර කළහොත් පිළිසිඳ ගැනීමේ සිට උප්පත්තිය ලබා අවු. 18 වන තුරු ළමයෙකුට වධහිංසා කිරීමට මව්පියන්ට හෝ නිත්‍යානුකූල භාරකරුවන්ට හෝ ගුරුවරුන්ට අයිතියක්‌ නොමැති තරමට ළමා අයිතිවාසිකම් සංවර්ධනය වී ඇත. දියුණුවන සමාජයන්හි ඉතා යහපත් සාධනීය ලක්‍ෂණයක්‌ ලෙස උක්‌ත අයිතිවාසිකම් සංවර්ධනය හැඳින්විය හැකිය. මේ අතර 21 වන සියවස උදාවීමත් සමග මුල් ළමා විය සංවර්ධනය (EARLY CHILD HOOD DEVELOPMENT) පිළිබඳ සංකල්පය ගෝලයේ බොහෝ රාජ්‍යයන් හොඳින් කියවා ගෙන ඉදිරි කටයුතු සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ හඳුන්වාදී ඇත. ජගත් පිළිගැනීම ළමා විය යනු අවුරුදු 8 පමණ වන තුරු වූ කාලයයි. ශ්‍රී ලංකාවේ උක්‌ත කාලය මව් කුස දරුවා පිළිසිඳගත් දින සිට ඉදිරියට වසර 5 දක්‌වාය. ඉහත සඳහන් කළ මුල් ළමා විය සංවර්ධනය සම්බන්ධ නූතන ක්‍රියාවලිය අලුත් මානවයාගේ පරිණාමයේ අත්තිවාරමය. මක්‌නිසාද යත් මිනිසාගේ ජීවිතයේ වැඩිහිටි ජීවිතයට අඩිතාලම වැටෙන ඉහත අවධිය යනු ඉදිරියේදී කුමන ආකාරයේ හැඩරුවකට අනුව කටයුතු කරන්නේදැයි, යන සංඥව ලැබෙන්නේ මුල් ළමා වියේදී බැවිනි. මනෝ විද්‍යා ක්‍ෂේත්‍රයේ විවිධ පර්යේෂණ හා සොයා ගැනීම් අනුව වැඩිහිටි ජීවිතයේදී පුද්ගලයකු තුළ දැකිය හැකි පෞරුෂ ලක්‍ෂණ වලින් 80% ක්‌ පමණම මුල් ළමා වියේදී වැඩී අවසන් වන අතර විශේෂයෙන්ම පුද්ගලයාගේ මොළය පිළිබඳව කෙරී ඇති පර්යේෂණ අනුව ළමා වියේ අවුරුදු 5 අවසන් වන විට මිනිසාගේ මුළු ජීවිත කාලයටම බලපාන තරමට මොළයේ සෛලමය සංයුතිය වර්ධනය වනු ඇත. එමෙන්ම බුද්ධියේ ගුණාත්මක වර්ධනය දෙස බලන විට වැඩුණු පුද්ගලයකු සතු බුද්ධි මට්‌ටමෙන් 60% ක්‌ පමණ මුල් ළමා විය සංවර්ධනයේදී ඇති වන බව පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත. මුල් ළමා විය පසුකර හමාර වන විට දරුවාට භාෂාව කතා කරලීමටත් එය හසුරුවාලීමටත්, ඇවිදීමටත්, දිවීමටත්, පැනීමටත්, ක්‍රීඩාවටත්, ආහාර ගැනීමටත් මෙන්ම තමන්ගේ සමහර කටයුතු කර ගැනීමටත් හැකිවීම අනුව ළමයාට තනිව ජීවත් වීමට අවශ්‍ය මූලික කුසලතා ලැබී ඇති බව පෙනී යනු ඇත. මේ අනුව ඉහත දැක්‌වූ 60% ක වර්ධනය දරුවා පසු කරනු ඇත. මොළය පිළිබඳ ලියවී ඇති ලිපි ලේඛන පරිශීලනය කරලීමේදී තවදුරටත් සඳහන් වනුයේ අවුරුදු 07 වන විට මොළයේ සෛලමය ව්‍යqවහයක්‌ හා වැඩිහිටි බරෙන් 75% ක්‌ දක්‌වා වර්ධනය වන බවය. ඉතිරි ජීවිත කාලයේදී මොළයේ වර්ධනය සඳහා ඉතිරිව ඇත්තේ 25% ක්‌ පමණක්‌ බව බොහෝ ගෝලීය විද්වතුන්ගේ නිගමනයෑයි. නමුත් ළමා සංවර්ධනය පිළිබඳ මනෝ විද්‍යාඥ ජින් පියාඡේගේ (JEAN PIAGET) ළමා කාලය අවධි 04 කට බෙදා වෙන්කර දක්‌වයි. ඒ අනුව 1. ළදරු අවධිය, 2. පෙර පාසල් අවධිය, 3. ළමා විය, 4. යොවුන් වියයි. යොවුන් විය අවසන් වී වසර 0-25 කාලය වන විට මොළයේ ඉතිරි 25% ක සංවර්ධනය වී අවසන් වන බව ඔහු පවසයි. ඉහත කෙටි විස්‌තරයට අනුව වුවද අපට තේරුම් ගත හැක්‌කේ දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධන ක්‍රියාවලිය කෙතරම් වැදගත්ද යන්නය. මුල් ළමා විය සංවර්ධනය කටයුතුවලදී මූලික වනුයේ සෞඛ්‍ය, පෝෂණය, සහ ප්‍රජානනය යන තෙවදෑරුම් අංශයන්ය. මෙම ක්‍රියාවලියේදී දරුවන්ගේ සමස්‌ත ක්‍රියා කාරකම් වන ඇල්ලීම, අතගෑම, කැඩීම, ඉරීම, ඇදීම හේතුවෙන් දරුවා තුළ නව හෝර්මෝන උත්පාදනය ඇති වන අතර එම හෝර්මෝන ක්‍රියාවලිය දරුවාගේ ඉදිරි වර්ධනයේ ඉතා වැදගත්ම අවධියකි. මුල් ළමා විය සංවර්ධනය හරහා ලැබෙන ප්‍රතිලාභ විස්‌තර කිරීම හෝ ගණනය කිරීම ඉතා අපහසුය. මක්‌ නිසාද යත් මුල් ළමා විය සංවර්ධනය වනාහි දරුවාගේ ජීවිතයේ ස්‌වර්ණමය අවස්‌ථාව වන හෙයිනි. අපේ පැරැණි මහා සංස්‌කෘතියේ අධ්‍යාපන ක්‍රියාවලියේ මූලික පරමාර්ථය වූයේ ප්‍රඥවෙන් (මොළය) හා කරුණාවෙන් (හදවත) සපිරි දැහැමි බැවින් පිරිපුන් අධ්‍යාත්මික හා බාහිර සංවර්ධනයන් සහිත පූර්ණ මිනිසුන් බිහිකරලීමය. "විද්‍යා උදාති විනයං" යන්න පැරැණි පොත්වල සඳහන් වීම ඊට හොඳම උදාහරණයකි. එකල අධ්‍යාපනයෙන් බිහිකරලීමට උත්සාහ දැරුවේ ගුණ නැණ බලයෙන් පිරි මිනිසුන්ය. සියලු දෙමාපියන් හා පුරවැසියන් දැයේ දූ දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ වඩා තීව්‍රර ලෙස අවධානය යොමු කළ යුත්තේ ජාතියේ අත්තිවාරම නොහොත් ජාතික බීජය ළමා පරපුර හෙයිනි. දෙමව්පියන්ගේත්, සමස්‌ත රටවැසියන්ගේත් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේත් වගකීම වනුයේ ළදරු අවධිය, පෙර පාසල් අවධිය, ළමා විය, නව යොවුන් විය වන පොදු සංවර්ධිත අවධි 04 පිළිබඳව තම අවධානය දිගින් දිගටම අවබෝධයෙන් හා නූතන විද්‍යාත්මක දැනුමෙන් යුතුව තීව්‍රර කරලීමය. උතුරු ගෝලීය රාජ්‍යයන් මේ පිළිබඳ දැඩි අවධානය යොමු කර ඇති බව ඉතා පැහැදිලි වනුයේ මොළයේ සෞඛ්‍ය පිළිබඳව "බ්රෙන් ජිම්" (BRAIN GYM)) ක්‍රියාත්මක කර ඒ සඳහා වූ වැඩසටහන් ඇතුළත් ඩීවීඩී (DVD) පට නිර්මාණය කර වෙළෙඳ පොළ වෙත නිකුත් කර ඇති හෙයිනි. එසේම වැඩිහිටියන්ගේ නොයෙක්‌ උත්සව අවස්‌ථාවලදී ද වම, දකුණ මොළයේ ක්‍රියාකාරීත්වය ඇසුරෙන් නොයෙකුත් ක්‍රියාද ක්‍රියාත්මකය EZINEARTICLES, COM/RIGHT BRAIN EXERCIS/EG වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි රාශියක සැරිසැරීමෙන් මේ පිළිබඳ වැඩි විස්‌තර ලබා ගත හැක. මොළයේ වම දකුණ දෙකම සංවර්ධනය පිළිබඳ අවධානය යොමු කරලීමේදී 19-20 වන සියවස්‌ මැදදි රොජර් ස්‌පෙරි (ROGERW, SPEARY) නම් විද්‍යාඥයා මොළය පිළිබඳ නිවැරදි මතයක්‌ මිනිස්‌ සංහතියට හඳුන්වා දුන්නේය. මෙම වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීම හේතුවෙන් ඔහුව 1981 දී වෛද්‍ය විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගයෙන් ගෝලීයව ඇගයීමට ලක්‌ කර ඇත. WWW. FUNDERSTANDING COM/CONTENT/RIGHT-BRAIN-VS LEFT BRAIN yd WWW. ANGELFIRE.COM/WI/2BRAINS වෙබ් අඩවි ඇතුළු වෙබ් අඩවි කිහිපයකම සැරිසැරීමෙන් මේ පිළිබඳව වැඩි විස්‌තර ලබා ගත හැකිය. මොළය වම සහ දකුණ වශයෙන් අර්ධ ගෝල දෙකකින් සමන්විත බවත් මොළය මගින් කරනු ලබන සිතුවිලි රටා හා විවිධ හැකියාවන් ඒ අනුව වෙනස්‌ වන බවත් රොජර් ස්‌පෙරිගේ THE GROWTH OF NERVE CIRCITS කෘතියේ විස්‌තර කර ඇත. ඒ සඳහා ඔහු විසින් නොයෙකුත් පරීක්‍ෂණවල නිරීක්‍ෂණයන් ඉදිරිපත් කර ඇති අතර මේ වන විට මොළයේ වම සහ දකුණ වෙන වෙනම සමෝධානික ලෙස ක්‍රියාකරන බවත් මොළයේ එක්‌ අර්ධ ගෝලයක ක්‍රියාකාරීත්වය අනික්‌ අර්ධ ගෝලයටද ඒ අයුරින්ම බලපාන බවත් සොයා ගෙන ඇත. මොළයේ තුලනාත්මික භාවය නිවැරැදිව පවත්වා ගැනීම සඳහා ඉතා තීරණාත්මක වනුයේ ඊට විශේෂිත වූ මොළයේ භාෂා ව්‍යවහාරයයි. මොළයේ භාෂාව යනු ස්‌නායු ක්‍රියාත්මක වීම හරහා මොළයට ලැබෙන පණිවුඩය ඒ සැනින් ශරීරයේ පංෙච්න්ද්‍රිය පද්ධතියට ඇතුළු වී ක්‍රියාත්මක වන සංනිවේදන ගනුදෙනුවය. මෙම භාෂාමය ගනුදෙනුව හරහා මිනිස්‌ මොළයට වම දකුණ වශයෙන් පැහැදිලි ලෙස බෙදා වෙන් කරලීමට හැකියාව ලැබී ඇත. එමෙන්ම එහි ක්‍රියාකාරීත්වයද වම දකුණ වශයෙන් හඳුනා ගැනීමට පුළුවන් වී ඇත. මානවයාගේ සාමාන්‍ය ස්‌වභාවය නම් මෙම අංශ දෙකෙන් එක අංශයක ක්‍රියාකාරකම් පිළිබඳ වැඩි අවධානය යොමු කරලීමය. නමුත් අප අතර මොළයේ වම දකුණ යන අංශ දෙකෙහි ආශ්‍රයෙන් තම කටයුතු කරන පුද්ගලයන්ද ඇති අතර ඒ ආකාරයට තම කටයුතු ඉතා සාර්ථකව කරගැනීමට මොළයේ අංශ දෙකම පරිශීලනය කරන මිනිසුන් විරලය. රොජර් ස්‌පෙරිට අනුව මොළය, වචනයට අනුව කටයුතු කරන තාර්කික, සංඛ්‍යා, විශ්ලේෂණාත්මක, සිතුවිලි සමුදායකට හුරු වී ඇත. අන් අරමුණකට සිත යෙදවීම, කතාව, කියවීම, ලිවීම, ගණිතය, රටාවකට කටයුතු කිරීමට වම් මොළය දක්‍ෂතා දක්‌වයි. එම නිසා පාසල් පද්ධතියේ 3R (READING, WRITHING & ARITHMETIC) ප්‍රධාන කොටගත් සාම්ප්‍රදායික අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ප්‍රක්‍ෂේපණය වී ඇත්තේ වම් මොළයටය. දකුණු මොළය ආවාචිය නොහොත් දකුණට හැරෙන ආකාරයෙන් ක්‍රියා කරන අතර දෘෂ්ඨිමය, අවකාශමය, සංජානමය, රිද්ම, පරිකල්පන, නිර්මාණාත්මක, ඇතුළාන්ත දැනුමෙන් කටයුතු කරනු ඇත. දකුණු මොළය තර්කගෝචර හෝ ක්‍රමානුකූල පිළිවෙළකට අනුව කටයුතු නොකරන නිසා තම කාර්යයේදී වඩා කඩිසරය. එසේම දකුණු මොළය බහු අර්ථ හා උභතෝකෝටික ගැටලු නොහොත් ඉතා සංකීර්ණ ගැටලු සම්බන්ධයෙන් වඩා කාර්යක්‍ෂම ලෙස කටයුතු කරන බව අනාවරණය වී ඇත. වම් මොළය තර්කානුකූලව එකින් එක සැලැස්‌මකට අනුව ක්‍රියා කරලීමට හැඩ ගැසී ඇති හෙයින් සමහර ගැටලුවලට වම් මොළයේ විසඳුම් නැති අවස්‌ථාද ඇත. එසේ වනුයේ ඇතැම් අර්බුද, ප්‍රශ්න වලට සංඛ්‍යා ලේඛන හෝ තර්කනය ඇසුරෙන් විසඳුම් සෙවීමට නොහැකි නිසාවෙනි. නමුත් දකුණු මොළය වඩාත් නිර්මාණාත්මක පරිකල්පනයට හා ඇතුළාන්ත ඥනයට නැඹුරු වී ඇති නිසා වම් මොළයට විසඳිය නොහැකි ගැටලු වලට කඩිසරව විසඳුම් ලබාදිය හැකි බව 1975 දී රොජර් වොල්කොට්‌ ස්‌පෙරි (ROGER WOLCOTT SPERY 1913-1994)) විසින් රචිත LEFT BRAIN, RIGHT BRAIN කෘතිය ඇතුළු ග්‍රන්ථ 50 කට අධික ප්‍රමාණයක මේ පිළිබඳ නව සොයාගැනීම් හා වැඩි විස්‌තර සඳහන් කර ඇත. තර්කානුකූල බව, ක්‍රමානුකූල බව විශ්ලේෂණමය හේතුවාදී ලෙස සිතන හෝ වෙන් වෙන්ව විෂය මූලික කරුණු කෙරෙහි අවධානය යොමු කරලිය හැකි පෞරුෂයක්‌ සහිත පුද්ගලයන් බිහිකරලීම සඳහා වම් මොළය ඉතාමත් ප්‍රයෝජනවත්ය. නමුත් මිනිසාගේ දකුණු මොළයේ දකුණු පැත්ත සිතුවිලි හා බැඳුණු ක්‍රියාකාරකම් වශයෙන් සැලකෙන අහඹුව, ඇතුළාන්ත දැනීම, පුද්ගලවාදී බව පොදු සමාජ වගකීම වැනි අදහස්‌ රටාවන් නොහොත් ධරණීය ස්‌වචින්තනය පුබුදුවාලමින් අද්‍යතන මිනිසාගේ ක්‍රියාකාරකම් එළියට ගැනීමට අප උත්සාහ දරා නැති තරම්ය. බුදුන්වහන්සේගේ බොහෝ සූත්‍ර දේශනාවන්හි මේ පිළිබඳ දේශනා කර ඇති අතර, මඡ්Cධිම නිකායේ (MAJJHIMA NIKAYA) තෘතීය (ඔපම්ම) වග්ගයෙහි (TATIYA VAGGA) රථ විනිත (RATHA VINITHA SUTTA) හා දේවදහ වග්ගයෙහි (DEVADAHA VAGGA) ගණක මොග්ගල්ලාන සූත්‍රයන්හිද (GANAKA MOGGALLANA - SUTTA) ඛුද්දක නිකායේ (KHUDDAKA NIKAYA) සුත්ත නිපාතයේ (SUTTA NIPATA)) සභිය සූත්‍රයේ මිනිස්‌ සිත තර්කනයට කැමැත්තක්‌ දක්‌වන අතර අනු පිළිවෙළින් ක්‍රමානුකූලව ඉදිරිපත් කරන කරුණුවලට දක්‌වන ප්‍රතික්‍රියාව කඩිසර බවත් එම නිසාම ක්‍රමානුකූලව, සංවිධානාත්මකව ගොඩනැඟුණු විස්‌තරයන් හෝ සටහන් මිනිසා කඩිනමින් තේරුම් ගන්නා බව දේශනා කර ඇත. අසංවේදී බව, තණ්‌හාව, ක්‍රෝධය, පලිගැනීම, විනය, නීතියට ගරු නොකිරීම, පොදු සමාජ වගකීම පැහැර හැරීම ආදී කාරණා වලට මූලික වී ඇත්තේ දකුණු මොළයේ ක්‍රියාත්මිකභාවය අල්ප බැවින් බව විද්වතුන්ගේ නිගමනයයි. සෙබාදහම, තම අවට පරිසරය, සත්ත්ව පූජාව, සෞන්දර්ය අගයන නිර්මාණාත්මක චින්තනයෙන් හෙබි සහජ හැකියාව නොහොත් මානව දයාව, ආදරය, කරුණාව, මෛත්‍රිය, වාසනාව අගයන, යමක්‌ සමස්‌තයක්‌ වශයෙන් දකින, යහපත් මානවවාදී පෞරුෂයකින් හෙබි මිනිසුන් බිහිකරන දකුණු මොළය පිළිබඳ අප අධ්‍යාපන ක්‍රමයද, මාතෘත්වයද, පීතෘත්වයද, වැඩිහිටියන්ගේ ආකල්පද, ඇතුළු සියලු සමාජ ක්‍රියාකාරකම් අවධි වී ඇත්තේ ඉතා අවම වශයෙන් බව අපට හොඳින්ම තේරුම් ගත හැක්‌කේ අද අප සමාජයේ ඉහත විස්‌තර කරන ලද පෞරුෂයන් සහිත මිනිසුන් විරල නිසාවෙනි. එම නිසා වම් මොළයත් දකුණු මොළයත් දෙසට සමාන්තරව ප්‍රක්‍ෂේපණය වන ගෘහ ක්‍රියාකාරකම්ද, පාසල් විෂය මාලාවන්ද, සමස්‌ත සමාජ ක්‍රමයේ ආකල්පද අලුත උපන් දරුවාගේ සිට සමස්‌ත සමාජයේ ආකල්ප අප විසින් ප්‍රතිසංස්‌කරණය කර ගත යුතු ව ඇත්තේ මොළයේ වම සහ දකුණු අර්ධගෝල දෙකම අවදි කරගත් දරුවන් ඉතා දක්‍ෂයන් මෙන්ම සමාජයට වඩාත් යහපත් මිනිසුන් වන හෙයිනි. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment