Sunday, December 23, 2012

ඉඩම්, පොලිස්‌ බලතල පිටුපස ඓතිහාසික කතාව

ඉඩම්, පොලිස්‌ බලතල පිටුපස ඓතිහාසික කතාව පෘථිවි චිපිට ගෝලයේ පිටිසර ගම්මාන කරා මිනිස්‌ සංහතිය විකාශය වූ ආකාරය පිළිබඳ විස්‌තර අධ්‍යයනය කිරීමේදී සිංහල ජාතියේ මුතුන් මිත්තඉඩම්, පොලිස්‌ බලතල පිටුපස ඓතිහාසික කතාවන් පිළිබඳ පුරා වෘත්ත මෙන්ම බටහිර හා ආසියානු ඉතිහාස/ සාහිත්‍යය ආදි විෂයන්ට අනුව පැහැදිලි වනුයේ වැඩිමනක්‌ වශයෙන් ශ්‍රී ලංකාව හා ඉංදියාව අතර තිබූ සබඳතා පිළිබඳ පමණක්‌ම අවධානය යොමු වී ඇති බවය. නමුත් සිංහල ජාතියේ කතාන්තරය විජයාගමනයට පෙර බොහෝ ඉහතදී මෙසපොටොමියා (MESOPOTAMIA) හා බැබිලියානු ප්‍රදේශවලින් විකාශය වූ වඩාත් ඉපැරණි ශිෂ්ඨාචාරයන්ගෙන් උපත ලබා පසුකාලීනව මිනොආන් සහ මයිතිසියානු ශිෂ්ඨාචාරයේ විකාශයක්‌ සමගම සමුද්‍රචාරී පෘථිවී මානුෂික වාර්ගිකයන් හරහා විකාශය වී ඇති බව පුරා විද්‍යාත්මකව ඉතා පැහැදිලිව විස්‌තර වී ඇත. නමුත් අද්‍යතනව හෝ ඉංදියානු සබඳතා පිළිබඳ කතාවස්‌තුවට පුර්වයේ ඇති අපේ ජාතියේ ඉතිහාසය පිළිබඳ අප රටක්‌ ජාතියක්‌ වශයෙන් අවධානය යොමු කර නොතිබීම ජාතියේ අනාගතයට මරු පහරකි. යටත් විජිතකරණයෙන් පසුව ලොව සිසාරා වඩාත් ජනප්‍රිය භාෂාව වූ ඉංග්‍රීසි භාෂාවෙන් ග්‍රන්ථ රචනා කළ ඉංග්‍රීසි, පෘතුගීසි හා ලන්දේසි කතුවරුද සිංහලයාගේ ඉතිහාසය ඉංදියානු සබඳතා ඇසුරේ පමණක්‌ විස්‌තර කර ඇත. එසේ වී ඇත්තේ අදටත් සිංහල ජාතියේ ඉපැරණි ඉතිහාසය පිළිබඳ රචිත පුස්‌කොළ පොත් දස දහස්‌ ගණනක්‌ ලන්ඩන් එඩින්බරෝ, හෙග්, පැරිස්‌, ලිස්‌බන්, කෝපන්හේගන්, මියුනික්‌, රෝම ආදි යුරෝපයේ පිහිටි රාජ්‍යය ලේඛනාගාරවල සුරක්‍ෂිතව තිබියදීය. තෙන්නකෝන් විමලානන්ද මහතා පවසා ඇත්තේ යටත් පිරිසෙයින් අවුරුදු 10 ක්‌ වත් මෙම පුස්‌කොළ පොත් සියල්ල කියවීමට ගත වන බවය. අද්‍යතන ගෝලීය අධිරාජ්‍යයවාදීන් දෙමළ ත්‍රස්‌තයන්ගේ බොරු ඉතිහාසකරුවන්ට සවන් දී සිංහල ජාතියට එරෙහි වී ඇත්තේ ඔවුන්ගේ පුස්‌තකාලවල අපේ පැරණි ඉතිහාසය කතාන්තරය රචිත පුස්‌කොළ පොත් දස දහස්‌ ගණනක්‌ ගබඩා කර තිබියදීය. යටත් විජිතකරණයෙන් පසුව පෘථිවි චිපිට ගෝලයේ පිටිසර ගම්මානවල ජීවත් වූ ස්‌වදේශීය ජනතාව අද්‍යතනව තම ජාතියේ අනාගතය පිළිබඳ ත්‍රීව්‍රර අභියෝගවලට මුහුණ දී තිබෙන ආකාරය ගෝලයේ දසතම දක්‌නට ලැබෙන පොදු ලක්‍ෂණයකි. යටත් විජිත කරණයට පෙර සිටම ඉංදියානු ආක්‍රමණිකයන්ගේ නිරන්තර පහර කෑමට ලක්‌ වු හෙළදීපය, ඔඡදීපය, වර දීපය, ආදී නම් වලින් හැඳින් වූ අද්‍යතන ශ්‍රී ලංකාවේ අනාගතය අද පවතින තත්ත්වයට ආරක්‍ෂා කර ගැනීමට තම ජීවිත පරදුවට තැබූ සිංහල ලේකැටි බිළින්දන්ද, දරු දැරියන්ද, මෑණිවරුන්ද, පියවරුන්ද, සහෝදර සහෝදරයින්ද දස දහස්‌ ගණනකි. සැබැවින්ම ශත වර්ෂ ගණනාවකම සිට අපේ මාතෘභූමියේ අපේ ජාතියේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් දිවි පිදු අපේ මුතුන් මිත්තන් පිළිබඳ වත්මන් පරපුර දක්‌වන අවධානය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව නම් සඳහන් කළ යුතුමය. එම නිසාම නොයෙක්‌ ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී අප රටක්‌ ජාතියක්‌ වශයෙන් අමිහිරි කටුක රාජ්‍ය තාන්ත්‍රික අත් දැකීම්වලට ගොදුරු වී ඇති බව දක්‌නට ඇත. ඊට කදිම එක්‌ උදාහරණයක්‌ වනුයේ උතුරු නැගෙනහිර පදිංචි අපේ ළඟම නෑයා වන දෙමළ සහෝදර ජනයාගේ දේශපාලන නායකයන්ගේ ක්‍රියා කලාපය දැක්‌ විය හැකිය. පොලිස්‌ බලතල හා ඉඩම් බලතල සහිත වෙනම පාලන ක්‍රමයක්‌ ඉල්ලා කටයුතු කරණ උක්‌ත දේශපාලනඥයන් දෙපා තබා ගෙන සිටිනුයේ යටත් විජිත පාලකයන් විසින් අපේ රටට හඳුන්වා දුන් නීති පද්ධතිය මතය. 1706 ලන්දේසීන් විසින් ඉඩම් පරිහරණය පිළිබඳ අලුත් නීති සංග්‍රහයක්‌ (CODIFICATION) උතුරු පළාතේ පදිංචියට පැමිණි මලබාර්වරුන් වෙත හඳුන්වා දෙන ලදී. උක්‌ත මලබාර් ජාතිකයක්‌ (MALABAR INHABITANTS) යාපන අර්ධද්වීපයේ පදිංචියට පැමිණියේ යටත් විජිත පාලනය විසින් යාපන භූමියේ ඇති කරණ ලද නොයෙක්‌ වැවිලි භෝග කර්මාන්තය සඳහා ශ්‍රමය ලබා දීමටය. ලංදේසි ජාතිකයන්ගෙන් පසුව පැමිණි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මෙම නීති සංග්‍රහයට නීතිමය බලය ලබා දෙන ලද්දේ ඔවුන්ගේ බදු අයකර ගැනීමට හා ඉඩම් අයිතිය යටත් විජිතයේ කර්මාන්තවලට අවශ්‍යය ආකාරයට නියාමනය කර ගැනීම සඳහාය. එම නියෝගය 1806 අංක 18 දරණ නියෝගය වශයෙන් ක්‍රියාත්මක විය. (THE TESAWALA REGULATION NO 18 1806) ඉන් අවුරුදු 63කට පසුව උක්‌ත නීති සංග්‍රහය නැවත සංශෝධනය කර උතුරු පළාතේ පදිංචියට පැමිණ සිsටි දෙමළ ප්‍රජාවටද බලපාන අයුරින් සංශෝධනය කර ඇත. ඒ 1869 අංක 05 දරණ නියෝගය අනුවය. (ORDINANCE NO O5 OF 1869&) එයින් තවත් වසර 78 කට පසුව නැවතද උක්‌ත නීතිය 1947 දී සංශෝධනය කර ඇත. ඒ 1947 අංක 58 දරණ ආඥා පණත වශයෙනි. එම පණතට අනුව ඉඩම් පරිහරණය හා සන්තකය බැහැර කිරීම පිළිබඳ නියාමනය කර ඇත්තේ ආකාර 03 කටය. i. MUTISAM - විවාහක පුරුෂයාගේ ඉඩම් පිළිබඳ ක්‍රම පිළිවෙළ ii . CHITANAM - යටතේ විවාහක බිරිඳගේ ඉඩම් පිළිබඳ ක්‍රම පිළිවෙළක්‌ iii TETIYATETAM - පවුල තම ජීවිත කාලයේදී පරිහරණය කරන දේපළ පිළිබඳ නියාමනය සඳහන් වී ඇත. තව දුරටත් උක්‌ත නීතිය යටතේ දේපළ ඉඩම් පරිහරණය පිළිබඳ නියාමකයන් ඇතුළත්ය. කෙසේ වෙතත් යටත් විජිත පාලකයන් රෝම ලන්දේසි නීතිය, ඉංග්‍රීසි සාමාන්‍ය නීතිය ඇසුරෙන් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති අණ පනත් අපේ රටේ සමාජ සංස්‌කෘතික පරිපාලනික දියුණුවට බාධාවක්‌ වූ හෙයින් පාර්ලිමේන්තුව විසින් නොයෙක්‌ වර අවශ්‍යම ආකාරයට සංශෝධනය කර ඇති අවස්‌ථා බොහෝය. වසර 30 ක පමණ කාලයක්‌ ත්‍රස්‌තයන් මෙන්ම සමහර අන්තවාදී දේශපාලනඥයන්ද සිංහලයාගේ හා ලාංකිකයන්ගේ ලෙයින් මසින් පෝෂණය වූ අපේ රට බෙදා වෙන්කර ගැනීමට ප්‍රයත්න දරණ ලද්දේ යටත් විජිතකරණයේ නූතන ආර්ථික ආධිරාජ්‍යවාදී දේශපාලන පරිපාලන යාන්ත්‍රනය සමග හොර රහසේ ගිවිසුම් ගත වීමෙනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 06 වන විධායක ජනාධිපතිවරයා බලයට පත් වී ඇත්තේ දැවැන්ත බහුතර ඡන්ද ප්‍රමාණයකිනි. එය ඉතිහාසයේ වැඩිම මහජන බලයයි. 64 වැනි නිදහස්‌ දින සැමරුම් කතාවේදී එම අති දැවැන්ත මහජන බලයක්‌ සහිත රාජ්‍යය නායකයා ප්‍රකාශ කරණ ලද්දේ අද්‍යතන ශ්‍රී ලංකාව සිංහල, දෙමළ, මුස්‌ලිම් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රට බවය. එසේ නම් සියලුම රට වැසියන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් පිළිපැදිය යුත්තේ පොදුවේ වර්ග කිලෝ මීටර් 65610 ට බලපාන එක නීතියකට පමණි. දෙමළ ජනතාවට වෙනම නීති සංග්‍රහයකුත් මුස්‌ලිම් ජනතාවට වෙනම නීති සංග්‍රහයකුත් සිංහල ජනතාවට වෙනම නීති සංග්‍රයකුත් තිබිය නොහැක. නමුත් වසර දස දහස්‌ ගණනක ඓතිහාසික උරුමයක්‌ ඇති සිංහලයන්ට නොව අනෙක්‌ සියලුම ජාතීන්ට ස්‌වීය වූ නීති රීති අදටද අපේ රටේ ක්‍රියාත්මකය. ඓතිහාසිකව සිංහලයන් වූ රටේ බහුතරය අද තම සහෝදර ජාතීන් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් බවට පත් වී ඇත. එම නිසා යටත් විජිත පාලකයන් ජාතීන් අතර අසමගිය හා ඔවුන්ගේ පාලනය පහසු කර ගැනීමට මෙන්ම බදු අය කර ගැනීම ලිහිල්ව ක්‍රියාත්මක කරලීමට අවශ්‍යය අයුරින් අපේ රටට හඳුන්වාදී ඇති සියලුම නීතින් අදට අවශ්‍යය ආකාරයට කඩිනමින් සංශෝධනය කළ යුතුය. 1903 අංක 19 දරණ (සාමාන්‍ය) විවාහ ආඥාපණත සංශෝධනය කළ යුතු බවට ඊට හේතු සවිස්‌තරාත්මකව 2011 ඔක්‌තෝම්බර් 27 වැනි බ්‍රහස්‌පතින්දා දිවයින පුවත්පතේ "ජාතියේ ඉරණම තීන්දු කරන ජනගහන බෝම්බය" නැමැති ලිපියෙන් රටට යෝජනා කර ඇත. එමෙන්ම 2010 සැප්තැම්බර් 25 වැනි සෙනසුරාදා දිවයින පුවත් පතේ පළ වු "දේශීය කෘෂි සංස්‌කෘතියේ අලුත් මුහුණුවර" යන මාතෘකාව යටතේ ඉඩම් සම්බන්ධ අණ පනත් 11 ක්‌ නැවැත රටට ගැලපෙන අයුරින් සංශෝධනය කළ යුතු බව මා විස්‌තරාත්මකව හේතු දක්‌වමින් යෝජනා කර ඇත. 2010 දෙසැම්බර් 28 වැනි අඟහරුවාදා දිවයින පුවත් පතෙහි පළ වූ "භූමිය යනු ජාතියේ අත්තිවාරමයි." යන ලිsපියෙන් සවිස්‌තරව යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා රජය සතු මුළු භූමි ප්‍රමාණය වන හෙක්‌ටයාර් මිලියන 5.50 ක්‌ නියාමනය කිරීම සඳහා ඉඩම් බැංකුවක්‌ ස්‌ථාපිත කළ යුතු බවය. 2011 අගෝස්‌තු මස 05 සිකුරාදා "ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ජයගත යුතු අභියෝග" යන ලිපියෙන් රටට රජයට යෝජනා කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ට ගෝලියව දියුණු වූ සංචාරක කර්මාන්තයක්‌ බිහිකර ගැනීමට අවශ්‍යම නම් ඊට අදාල වන ජාතික පාරිසරික පනත, වන සංරක්‍ෂණ පනත, පස සංරක්‍ෂණ කිරීමේ පනත, ශ්‍රී ලංකා සංචාරක පනත, රජයේ ඉඩම් පනත අද රටට අවශ්‍යය ආකාරයට සංශෝධනය කළ යුතු බවය. මෙම ලිපියෙන් යෝජනා කරනුයේ මලබාර්වරුන්ට පළමුවත් පසුව දෙමළ ප්‍රජාවටත් බලපානසේ ක්‍රියාත්මක කර ඇති රෙගුලාසි හා නියෝග වහාම රටේ පොදු නීතීයට ගැලපෙන අයුරින් සංශෝධනය කළ යුතු බවය. මක්‌ නිසාද යත් සැබැවින්ම ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය ඇති හා බහුතර ජාතිය වන සිංහලයාට වසර දස දහස්‌ ගණනක්‌ අයිතිව ඇති ඉඩම් රටේ ඕනෑම ගමකදී නගරයකදී දෙමළ ප්‍රජාවට හෝ මුස්‌ලිම් ප්‍රජාවට හෝ අනෙකුත් ලාංකිකයන්ට මිලදී ගැනීමට හැකි නිසාය. එම නිසා දෙමළ දේශපාලනඥයින් විසින් අභියෝගයට ලක්‌ කර ඇති පොලිස්‌ බලතල හා ඉඩම් බලතල සහිත වෙනම පාලන ඒකකයක්‌ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර වහාම ක්‍රියාත්මක වන පරිදි සමස්‌ථ ශ්‍රී ලාංකිකයන්ටම පොදු අයුරින් ක්‍රියාත්මක ඉඩම් නීති රීති උතුරු නැගෙනහිර ප්‍රදේශ සඳහා කඩිනමින් හඳුන්වා දිය යුතුය. ඒ සඳහා අවශ්‍යය නීති කෙටුම්පත් බහුතර මහජන බලය සහිත වත්මන් පාර්ලිමේන්තුවට හදිසි පණතක්‌ සේ ඉදිරිපත් කර ඉහත විස්‌තර කරන වසර 300 ක පමණ පැරණි යටත් විජිත නීතිරීතී වහාම සංශෝධනය කළ යුතුය. එසේ කිරීම මගින් 1981 දී පවත්වන්නට යෙදුණු ජන සංගණනයට අනුව උතුරු නැගෙනහිර පළාතේ පදිංචිව සිටි සිංහල පුද්ගලයන් 35128 ට අයත්ව තිබූ ඉඩම් ද ලබා දීමට හැකි වන අතර ඔවුනට උක්‌ත පළාතේ නැවැත පදිංචි වීමට හැකියාවද ලැබෙනු ඇත. අද්‍යතනව සමස්‌ත ශ්‍ර්‍රS ලංකාවේ බොහෝ ගම් නගරවල දෙමළ ජනයා ඉඩම් මිලදී ගෙන යහපත් ජීවිතයක්‌ සිංහලයන් ඇසුරේ ගත කරතත් 1981 වන වීටදීත් උතුරු නැගෙනහිර පදිංචි වී සිටි සිංහල ජනයා තවමත් මහ මගය. නමුත් දෙමළ ජනයා කොළඹ දිස්‌ත්‍රික්‌කයේ තට්‌ටුගෙවල් සංකීර්ණවල දස දහස්‌ ගණනක්‌ පදිංචි වී සාමකාමී ජීවිත ගත කරනුයේ සියලු වරප්‍රසාද භුක්‌ති විඳිමිනි. සිංහලයන් හෝ සිංහල දේශපාලඥයන් මේකී ඉඩම් රජකාලේ රඡ්ජුරුවන් යටතේ සිංහලයාට අයිති ඉඩම් යෑයි සත්‍යග්‍රහ කර නැත. එම නිසා වහාම 1706 කෙටුම්පත් කරණ ලද 1806 දී නීතිමය තත්ත්වය ලබා දුන් 1869 හා 1947 අංක 58 දරණ ආඥා පණත් සමස්‌ථ ශ්‍රී ලාංකිකයන්ට බලපාන අයුරින් සංශෝධනය කළ යුතුය. එසේ කිරීමෙන්ම සමස්‌ථ සියලු ශ්‍රී ලාංකික ජාතීන්ටම උතුරු නැගෙනහිර පළාත් ඉඩම් මිලදී ගෙන හෝ රජයෙන් බදු ක්‍රමයට ලබා ගෙන සාමකාමී ජීවිත ආරම්භ කිරීමට හැකි වනු ඇත. සියලු ජාතීන් එකමුතුව එකට ජීවත් වීමෙන්ම ඉඩම් බලතල හා පොලිස්‌ බලතල හෝ වෙනම ඒකකයක්‌ ඉල්ලා සිටින දේශපාලන නායකයන් පරාජය කිරීමට හැකි වනු ඇත. සැබැවින්ම අද ජාතික ප්‍රශ්නය යෑයි හඳුන්වාගන්නා ක්‍රියාවලියට හේතුව උක්‌ත නීති සංග්‍රහයය. සැබැවින්ම උතුරු නැගෙනහිර ජීවත් වන සිංහලයාගේ පැරණිතම සහෝදර ජාතිය වන දෙමළ ප්‍රජාවගේ නායකයින් ආත්මාර්ථකාමී නොවන පරාර්ථකාමී යහපත් නායකයන් නම් උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව සමග අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ට ජීවත් වීමට ඇති අයිතියට ගරු කළ යුතුය. මිල මුදල්, උගත්කම විදේශ සබඳතා ඇති දෙමළ ප්‍රජාව අද ලංකාවේ නොයෙක්‌ පළාත්වලත් විශේෂයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌කයේත් ඉඩම් නිවාස මිලදී ගෙන ගෝලීය මට්‌ටමේ පහසුකම් භුක්‌ති විඳිමින් තම දරුපරපුර ගෝලීය ජන සමාජයට ගෙන යැමට අවශ්‍යය සැලැස්‌ම ක්‍රියාත්මක කරණුයේ සිංහල සමාජය සමග අත්වැල් බැඳගෙන ප්‍රීතිමත් ජීවිත ගත කරමිනි. ඒ අතරමැද උතුරු නැගෙනහිර ජීවත්වන අසරණ වු දෙමළ ජනයා තව දුරටත් අසරණ කමේ ගිල්වා වෙනම පාලන ක්‍රමයක්‌ අවශ්‍යය යෑයි ප්‍රකාශ කරන දේශපාලන නායකයින් ද රට සිසාරා මෙන්ම කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන්ද ඉඩම් දේපළ මිලදී ගෙන ඇත. නමුත් උතුරු නැගෙනහිර දෙපළාතට සිංහල, මුස්‌ලිම්, ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණය වීම ඔවුන් අනුමත කරන්නේ නැත. උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව මෙම නීති රීති මගින් හුදකලා කොට වෙනත් ජාතීන් සමග සමාජගත වීමට ඉඩ නොදී වෙනම පාලන ඒකකයක්‌ සඳහා ක්‍රියාකිරීම සැබැවින්ම දෙමළ ජනතාවටත් පොදුවේ ශ්‍රී ලාංකිකයන්ටද කරන දෝහි ක්‍රියාවකි. එම නිසා කඩිනමින් ඉහත විස්‌තර කරණ ලද යටත් විජිත පාලකයන් හඳුන්වා දුන් නීති සංග්‍රහය අහෝසි කළ යුතුය. එසේ කර උතුරු නැගෙනහිර සහෝදර දෙමළ ප්‍රජාවට ශ්‍රී ලාංකිකයන් සමග අත් වැල් බැඳගෙන දියුණු ජීවිත ගෙනයැමට අවශ්‍යය කටයුතු කඩිනම් කළ යුතුය. එසේ නැතහොත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් ආකාරයට 50% කට වඩා වැඩි දෙමළ ජනකොටස්‌ ජීවත් වන ප්‍රදේශවල රාජ්‍ය භාෂාව දෙමළ විය යුතු යෑයි ප්‍රකාශ කරමින් දෙමළ වර්ගවාදී, අන්තවාදී දේශපාලන සමහර නායකයින් ලෝකය වටා යනු ඇත්තේ කොළඹ දිස්‌ත්‍රික්‌කයේ සමහර මැතිවරණ කොට්‌ඨාශද ඊට එකතු කරගනිමිනි. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment