Thursday, December 6, 2012

චන්ද්‍රයාගේ උපත පිළිබඳ ආන්දෝලනාත්මක මතය "එය මිනිසකුගේ කුඩා පියවරකි. එහෙත්a මිනිස්‌ වර්ගයාගේ යෝධ පිම්මකි." පෘථිවි ගෝලයෙන් පිටත ග්‍රහලෝකයකට ගොඩ බැසූ ප්‍රථම පෘථිවි මානුෂීය වාර්ගිකයා වූ නීල් ආම්ස්‌ට්‍රොං එසේ ප්‍රකාශ කරන ලද්දේ පොළොවේ සිට කිලෝ මීටර් මිලියන 1/3 පමණ ඈත අභ්‍යාවකාශයේ සිටය. චන්ද්‍රයා මතට 06 වරක්‌ම ගොඩ බැස කිලෝ ග්‍රෑම් 400 - 500 පමණ පස්‌ හා නොයෙකුත් පාෂාණ වර්ගද ඡායාරූප හා වීඩියෝ පට විශාල ප්‍රමාණයක්‌ද පෘථිවි ගෝලයට ප්‍රවාහනය කර චන්ද්‍ර තලය පර්යේෂණ කිරීම සඳහා න්‍යෂ්ඨික බල විද්‍යාත්මක පර්යේෂණාගාර 05 ක්‌ම සවිකරනු ලැබූවද චන්ද්‍රයා සම්බන්ධ මූලික ප්‍රශ්නයක්‌ වන එහි නිර්මාණය හා භෞතික පිහිටීම කෙසේ සිදුවීද යන්න ගැන විද්‍යාඥයන්ගේ ඒකමතික තීරණයක්‌ අද වන තුරු ප්‍රකාශයට පත් කර නැත. පෘථවි චන්ද්‍රයා අනියමය ස්‌වභාවයෙන් යුක්‌ත බවද එම නිසාම එහි නිර්මාණය හා පිහිටීම අතිශයින්ම ගුප්ත ස්‌වරූපයක්‌ ප්‍රකාශ වන බවද චන්ද්‍රයා පිළිබඳව විවිධාකාර පර්යේෂණයන්හි යෙදී සිටින විද්‍යාඥයන්ගේ මතයයි. බොහෝ විද්‍යාඥයන් පෙරදී විශ්වාස කරන ලද්දේ චන්ද්‍රයා, සූර්යයාට හා පෘථිවියට වඩා කාල ප්‍රමාණයෙන් අඩු කාල සීමාවක නිර්මාණය විය යුතු නමුත් නවතම සොයාගැනීම් අනුව පැහැදිලි වී ඇත්තේ එය පෘථිවියට පමණක්‌ නොව අපගේ සූර්යාටත් වඩා පැරණි බවය. විද්‍යාඥයන් විසින් අන්තරීක්‍ෂ කිරණ චන්ද්‍ර පාෂාණ මත පතිත වීමෙන් හටගන්නා ලද පථයන් පරීක්‍ෂා කරන ලදුව ඒවා බිලියන 4.5 වඩා පැරණි මෙන්ම, ඒ අනුව පෘථිවියටද වඩා පෞරාණික බව සොයා ගන්නා ලද අතර නාසා ආයතනයේ චන්ද්‍ර විමර්ශන කමිටුවේ ආචාර්ය රොබර්ට්‌ ජස්‌ට්‍රොa ප්‍රකාශ කරන පරිදි චන්ද්‍රයා සෞරග්‍රහ මණ්‌ඩලයටත් වඩා පැරණිය. පෘථිවියේ දැනට සොයාගෙන තිබෙන පාෂාණ වර්ග බිලියන 3.5 ක්‌ පමණ පැරණි වන අතර මේ අනුව පොදු වශයෙන් පෘථිවිය බිලියන 4.6 ක්‌ පැරණි යෑයි පොදු පිළිගැනීමය. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ සඟරාවේ (SKY & TELESCOPE HARVARD ASTRONOMY JOURNAL)එක්‌ චන්ද්‍ර පාෂාණයක්‌ වර්ෂ බිලියන 5.3 පැරණි බව වාර්තා කර ඇත. වඩාත් පුදුම සහගත සොයාගැනීමක්‌ වනුයේ චන්ද්‍ර පාෂාණ මත වූ ධූලි එම පාෂාණයන්ට වඩා වර්ෂ බිලියනයක්‌ පැරණි වන බවය. රසායනක විශ්ලේෂණයන්ට අනුව චන්ද්‍ර පාෂාණ ඒ අවට තිබූ පස්‌වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්‌ ආකාරයක සම්මිශ්‍රණයකින් නිර්මාණය වී ඇති බව සොයාගෙන ඇත. සත්‍ය වශයෙන්ම ධූලී නිර්මාණය වනුයේ පාෂාණ හා පස්‌ විවිධ කාලගුණික හසුවීමෙන් වන අතර මේ චන්ද්‍ර පාෂාණ වෙනත් ස්‌ථානයකින් පැමිණියේ යෑයි සැක පහළ වී ඇත. සාමාන්‍ය වශයෙන් පාෂාණ පසෙහි ගිලා බැස හෝ යටට කා වැදී පවතින බව අප ප්‍රත්‍යක්‍ෂ කර ඇති මුත් චන්ද්‍රයාගේ අධි බර පාෂාණ චන්ද්‍ර පෘෂ්ඨයෙහි මතු පිට රැඳී තිබේ. මේ පිළිබඳව පරීක්‍ෂණයන්හි නියුතු ආචාර්ය දොන් විල්සන් සඳහන් කරන පරිදි ටයිටේනියම් ලෝහය වැනි තාපසහ (අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන) මූල ද්‍රව්‍යයන් චන්ද්‍රයා මතුපිට බහුල වශයෙන් දක්‌නට ලැබෙන අතර භූ විද්‍යාඥයන්ගේ මතය වනුයේ උක්‌ත තාප හා මූල ද්‍රව්‍යයන් කිසියම් නොදන්නා ආකාරයකින් චන්ද්‍ර තලය වෙත ගෙන එන ලද බව ප්‍රශ්න කළ නොහැකි බවය. චන්ද්‍ර පෘෂ්ඨයේ ප්‍රථම ස්‌තරය කිලෝ මීටර් තිස්‌ දෙකක ඝනත්වයකන් යුතු වන අතර එය පෘථිවියේ ගිනි කඳුවලින් ගලායන ලාවා වැනි හා සමාන ද්‍රව්‍යයකින් සමන්විතය. ද්විතිය ස්‌තරය අවම වශයෙන් කිලෝ මීටර් 80 ක්‌ හෝa ඊට වැඩි ඝනත්වයකින් යුතු වන අතර එය ඝනිභූත වූ පාෂාණ වැනි ද්‍රව්‍යයකින්ද තෘතිය ස්‌තරය කිලෝ මීටර් 128 ක ඝනත්වයක්‌ දරන අතර පෘථිවි පෘෂ්ඨය හා සමාන අධි බර ඇති ද්‍රව්‍යයකින් නිර්මාණය වී තිබේ. පෘථිවිය හා චන්ද්‍රයා එකම අවස්‌ථාවක නිර්මාණය වූයේ නම් පෘථිවියේ පමණක්‌ යකඩ ලෝහය විශාල වශයෙන් දර්ශනය වන අතර චන්ද්‍රයා තුළ අතිශයින්ම සුළු ප්‍රමාණයක්‌ අන්තර්ගත වී ඇත්තේ කෙසේ දැයි විද්‍යාඥයෝ ප්‍රශ්න කරති. එසේම චන්ද්‍රයාගේ හා පෘථිවියේ රසායනික මිශ්‍රණය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වන අතර තාරකා භෞතික විද්‍යාඥයන්ට චන්ද්‍රයා පෘථිවියේ චන්ද්‍රයෙකු බවට පත්a වූයේ කෙසේ දැයි විස්‌තර කිරීමට මේ දක්‌වාම නොහැකි වී ඇත. චන්ද්‍රයා අතිශයින්ම වියළි වන අතර එහි මතුපිට කිසියම් ප්‍රමාණයක්‌ ජලය පැවැතියේ යෑයි චන්ද්‍ර පාෂාණයන්ගෙන් කිසිසේත්ම හෙළිවී නොමැත. එසේ වුවද චන්ද්‍ර පාෂාණ චුම්භකත්වයෙන් යුතු වන නමුත් චන්ද්‍රයා පූර්ණ වශයෙන්ම චුම්භක ස්‌වභාවයෙන් විරහිතය. බොහෝ විද්‍යාඥයන්ගේ මතය වනුයේ අතීත යුගයෙහි චන්ද්‍රයා පෘථිවියට සමීපව ප්‍රවර්තනය වූ නිසා පාෂාණ චුම්භකත්වයෙන් යුතු වන්නට ඇති නමුත් එවැනි ප්‍රමාණයක චුම්භකත්ව දරා ගැනීමට චන්ද්‍රයා පෘථිවියට ආසන්න වූයේ නම් පෘථිවියෙහි ආකර්ෂණය හේතුවෙන් චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම සුණුq විසුණු වී යනු ඇතැයි යන්නය. ඉතා ඈත අතීතයේ සිදු වූවාක්‌ මෙන් චන්ද්‍රයාගේ ගිනි කඳු හේතුවෙන් ගලා ගිය ලෝහ ගංගාවන් හේතු කොටගෙන සිනිඳු පැහැදිලි පාෂාණ චන්ද්‍රයා මත දක්‌නට ඇත. එසේම චන්ද්‍ර ආවාටයන් උල්කාපාත හේතුවෙන් නිර්මාණය වී ඇති නමුදු සමහර ආවාටයන් චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන්ම ප්‍රසාරණය වී නිර්මාණය වී තිබේ. නමුත් චන්ද්‍රයාගේ ගිනි කඳු ඇති වීමට අවශ්‍ය උෂ්ණත්වය හා සංසන්දනය කරන විට චන්ද්‍ර අභ්‍යන්තරයෙහි ඉතාමත් සුළු විකිරණශීලි බවක්‌ පවතින අතර සමහර විද්‍යාඥයන් අදහස්‌ කරනුයේ වර්ෂ බිලියන ගණනාවකට පෙර චන්ද්‍රයා උෂ්ණත්වයෙන් ඉහළ මට්‌ටමක පැවැති අතර එකල ගිනිකඳු පුපුරා යන්නට ඇති අතර චන්ද්‍රයා ග්‍රහ වස්‌තුවක්‌ ලෙස ගත් විට ඉතාම කුඩා නිර්මාණයක්‌ වන හෙයින් පසුව ඉතා වේගයෙන් උෂ්ණත්වය අතිශයින් පහත බැස ඇති බවය. නමුත් ගිනි කඳු නිසා ඇති වූ ලාවා පරීක්‍ෂා කළ විද්‍යාඥයන් ඒවා පෙර දිනයේ ඇති වූ ඒවා මෙන් ඉතා නව්‍ය ස්‌වභාවයෙන් යුතු බව පෙනී යන්නේ යෑයි ප්‍රකාශ කර ඇත. උක්‌ත සොයා ගැනීම් හේතුවෙන් චන්ද්‍රයාගේ සම්පූර්ණ ඉතිහාසය මුළුල්ලෙහි ගිනි කඳු පුපුරා යමින් පැවැතියේ යෑයි අවධාරණය කරමින් සිටි විද්‍යාඥයනගේ මතය මේ හේතුවෙන් බිඳ වැටුණි. චන්ද්‍රයා පිළිබඳ තවත් ගැටලුවක්‌ නම් චන්ද්‍රයාගේ ලාවා ගලා යාමෙන් නිර්මාණය වූ මරේ හෙවත් මුහුද නමින් හඳුන්වන සියලුම ප්‍රදේශයන්ගෙන් පහෙන් හතරක්‌ම පෘථිවියට මුහුණලා ඇති කොටසේ පිහිටා තිබෙන අතර ඉතාමත්ම සුළු ප්‍රමාණයක්‌ පෘථිවියට නොපෙනෙන පාර්ශ්වයෙහි පිහිටා තිබීමයි. චන්ද්‍රයාගේ උක්‌ත අඳුරු කොටස නමින් වැරදි ආකාරයෙන් හඳුන්වනු ලබන ප්‍රදේශය ආවාට හා කඳු රාශියකින් සමන්විතය. මරේ හෙවත් මුහුද නමින් හඳුන්වන ප්‍රදේශය බොහෝ විට තැනිතලා ප්‍රදේශ බවට පත්වී තිබෙනුයේ ගිනි කඳු පිපිරීමෙන් ගලාගිය ලාවා හේතුවෙන් ආවාට පිරීගොස්‌ ඇති හෙයින් බව විද්‍යාඥයන්ගේ නිගමනයයි. සෑම මුහුදකම මධ්‍යයේ එනම් කිලෝ මීටර් 64 හා 32 ත් අතර ප්‍රදේශයක සුවිශාල ලෝහමය ගෝලාකාර ආකෘතීන් දක්‌නට ලැබේ. පෙරදි මේ වස්‌තූන් චන්ද්‍රයා මත පතිත වූ කිසියම් උල්කාපාත හෝ කුඩා ග්‍රාහක ලෙස සලකන ලද නමුත් එම ආකෘතින්හි ගෝලාකාර ස්‌වරූපය නිසා කිසියම් කෘත්‍රිම නිර්මාණයක්‌ බව පිළිගෙන ඇත. ආචාර්ය විල්සන්ගේ මතය අනුව සෑම විශාල මුහුදකම මධ්‍යයේ මෙවැනි ගෝලාකාර වෘත්තාකාර ආකෘතීන් දක්‌නට ලැබීම අහම්බයක්‌ නොවන බවය. මේ ආකාරයට ඉහළින් හෝ සමීපව ගමන් කළ සියලුම පෘථිවි අභ්‍යාවකාශ යානාවන් එසේ ගමන් කළ හැකි සෑම අවස්‌aථාවකම යානයේ කක්‌ෂ මාර්ගයෙන් ඈත් වී ගමන් කර තිබෙන හෙයින් මේ අපූර්ව ආකෘති පිළිබඳව වඩාත්ම විමර්ශනයට භාජනය කර ඇත. චන්ද්‍රයා මතට ගොඩ බසින ලද ලූනර් මොඩුල් නමින් හඳුන්වනු ලැබූ යානාවන් 1968 සිට 1970 දශකයේ මුල් කාර්තුව දක්‌වා ක්‍රියාත්මක විය. ඇමරිකානු අභ්‍යවකාශ යානා ඉංජිනේරුවරයකු වන තෝමස්‌ ඡේ. කෙලි මෙහි නිර්මාතෘවරයාය. (LUNAR MODULE, THE AMERICAN AEROSPACB ENGINEER, THOMAS J. KELLY) උක්‌ත යානා සියල්ලම චන්ද්‍ර ගාමීන් විසින් චන්ද්‍රයා මතට පතිත කරනු ලැබූ විට ලෝකයා ඒ පිළිබඳව කල්පනා කළේ එම යානා ආපසු රැගෙන ඒම අනවශ්‍ය බැවින් එම යානා සඳ මත හෙළන ලද බවයි. නමුත් එවැනි පතිත කිරීම් චන්ද්‍රයා පිළිබඳ පවත්වනු ලැබූ පර්යේෂණයන්හි එක්‌ අවස්‌ථාවක්‌ වූ අතර එයින් ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වූයේ එම යානා චන්ද්‍රයා මතට පතිත වීමෙන් කෘත්‍රිම භූ චලන ඇති කර චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙහි ප්‍රතික්‍රියාවන් සොයා මැන බැලීම මගින් චන්ද්‍රයාගේ ඝනත්වය, භෞතික පිහිටීම හා ස්‌වභාවය නිර්ණය කිරීමය. චන්ද්‍රයාගේ ඝනත්වය වර්ග සෙන්ටි මීටරයකට ග්‍රෑම් 3.34 වන අතර පෘථිවියේ ඝනත්වය ග්‍රෑම් 5.5 ක්‌ය. චන්ද්‍ර පාෂාණයන්ගෙන් හෙළිවූ වැදගත් කරුණක්‌ නම් පෘථිවි පෘෂ්ඨය හා සසඳන විට චන්ද්‍රයාගේ අභ්‍යන්තරය ඉතාම කුඩා හරයක්‌ හෝ බොහෝ විට කුහරයක්‌ බවය. චන්ද්‍රයාගේ අඳුරු කලාපයේ පිහිටි මෙම වස්‌තුව සුපිරි සභ්‍යත්ව ජීවීන්ගේ යානාවක්‌ බවට විද්‍යාඥයෝ සැක පහළ කරති. Is there an ancient alien space ship on our Moon. මේ පිළිබද වැඩි විස්‌තර දැන ගැනීමට පහත වෙබ් අඩවි නිරික්‍ෂනය කළ හැක www.space.com,www.davidicke.com www.skymania.com www.apocalypse7thunders.blogspot.com http://www,ufocasebook.com/moon http://cultofthedeadfish.blogspot.com/ නාසා විද්‍යාඥ ආචාර්ය ගෝර්ඩන් මැක්‌ ඩොනල්ඩ් (NASA SCIENTIST GORDON MACDONALD) චන්ද්‍රයාගේ අභ්‍යන්තර පිහිටීම පිළිබඳ බොහෝ පරීක්‍ෂණ පැවැත්වූ අතර ඔහුගේ නිගමනය වනුයේ චන්ද්‍ර අභ්‍යන්තරය චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨයට වඩා ඝනත්වයෙන් ඉතාමත් අඩු බවය. ඇත්ත වශයෙන්ම චන්ද්‍රයා කුහර සහිත වන අතර එහි පෘෂ්ඨයේද එක හා සමාන ඝනත්වයක්‌ දක්‌නට නොලැබේ යෑයි ඔහු තීරණය කර ඇත. නොබෙල් ත්‍යාගලාභී විද්‍යාඥයකු වන මහාචාර්ය හැරල්ඩ් යුරේ (NABEL PRIZE WINNER PROF:- HAROLD UREY) අදහස්‌ කරනුයේ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙහි බොහෝ ප්‍රදේශයන් කුහර සහිත බවය. මැසිචුසෙට්‌හි එම්.අයි.ටී. තාක්‍ෂණික ආයතනයේ ආචාර්ය එස්‌. ඩී. සොලමන් (Massachusetts Institute of Technology S. D. Solomon) චන්ද්‍රයාගේ ආකර්ෂණ ක්‍ෂේත්‍රය පරික්‍ෂා කරමින් කරුණු විමර්ශනයට ලක්‌කර නිගමනය කරනු ලැබුවේ චන්ද්‍රයා අප භීතියට පත් කරන අභිලාෂයෙන් එය සත්‍ය වශයෙන්ම යෝධ කුහරයකින් යුක්‌ත බවය. 1969 නොවැම්බර් 20 වැනි දින ඇපලෝ 12 චන්ද්‍රගාමීන්ගේ චන්ද්‍ර මොඩුලය (Apollo 12, Kennady Space Center Florida, U.S.A. Commander, Charles Conrad J r. Third Space Flight, Command Module Pilot Richard F. Gordon Jr. Second Space Flight Lunar Module Pilot Alan L. Bean First Space Flight) ඹවුන් චන්ද්‍රයා මත ගොඩ බසින ලද ස්‌ථානයට කිලෝ මීටර් 64 දුරින් චන්ද්‍රයා මතට පතිතවීමෙන් පිහිටුවන ලද උපකරණයන් මගින් අපේක්‍ෂා නොකළ පුදුම සහගත ප්‍රතිඵල වාර්තා විය. එනම් පැයකටත් වඩා අධික වේලාවක්‌ ඝාණ්‌ධාරයක්‌ මෙන් නාද වෙමින් දෝංකාර ඇති කිරීමයි. ස්‌පන්ද තරංග උච්චතම අවස්‌ථාවට පත් වීමට මිනිත්තු 08 ක්‌ ගත වූ අතර පසුව සෙමෙන් එම දෝංකාරය හීන වී ගොස්‌ ඇත. උක්‌ත පර්යේෂණය කළ කණ්‌ඩායමේ සම අධ්‍යක්‍ෂවරයකු වන ආචාර්ය මොරිස්‌ එවින් (Dr. Morris Ervin) පුවත්පත් වාර්තාකරුවන් අමතමින් චන්ද්‍රයා මෙසේ දෝංකාරය නැංවීමට හේතුව අනාවරණය කිරීමට තමා අකමැති බවද එය කිසිවකු පූජනීය ස්‌ථානයක ඝන්ටාරයක්‌ නාද කළවිට ඇතිවන ප්‍රතික්‍රියාව හා සමාන බවද පැවැසීය. චන්ද්‍රයාගේ උමං මාර්ගයක දොරටුවක්‌. (Road to tunnel and entrance.) චන්ද්‍රයාගේ මුහුද (Sea of crises) නමින් හඳුන්වන මරේ ක්‍රීසියම් (mare Crisium)) ප්‍රදේශය. ලූනර් මොඩුල් නිර්මාතෘ තෝමස්‌ ඡේ. කෙලි (LUNAR MODULE, THE AMERICAN AEROSPACB ENGINEER, THOMAS J. KELLY) චන්ද්‍රයාගේ මධ්‍ය ස්‌කන්ධයේ නෙරා ගිය කොටස. චන්ද්‍රයාගේ අඳුරු කලාපයේ පිහිටි සුපිරි සභ්‍යත්ව ජීවීන්ගේ මධ්‍යස්‌ථානයක්‌ (Alien base on the dark side of the Moon.) චන්ද්‍රයා ආසන්නයේදී අවහිරයට පත්ව චන්ද්‍රයා මත ගොඩ නොබැස ආපසු පැමිණි ඇපලෝ 13 යානයද, (Apollo 13, 1970-04-11 Commande James A. Lovell Jr. Command Module Pilot Ken Mattingly. Lunar Module Pilot Fred W. Haise Jr. The Apollo 13 Misson was to Explore the Fira Formation) එවැනි ඝර්ෂණය කරන ලද අතර චන්ද්‍ර මොඩුලයේ පතිත වීමේ ඝර්ෂණය ටී.එන්.ටී. ටොන් 11 ක පිපිරීමේ ශක්‌තියක්‌ නිර්මාණය කළේය. එය විශාල බෝම්බයක්‌ පිපිරීමේ ශක්‌තිය හා සමාන විය. නාසා ආයතනයට අනුව චන්ද්‍රයා මත මීට පෙරදී පිහිටුවන ලද භූ චලන මාපකය ඇපලෝ 13 චන්ද්‍ර මොඩුලය පතිත වූ ස්‌ථානයෙන් කිලෝ මීටර් 174 ක්‌ දුරින් පිහිටි අතර එහි සටහන් අනුව එම ඝර්ෂණයෙන් චන්ද්‍රයා ජපන් ඝණ්‌ඨාරයක්‌ මෙන් බොල් හඬක්‌ නැංවූ බවද දෝංකාරය පැය තුනක්‌ සහ මිනිත්තු 20 ක්‌ මුළුල්ලෙහි පැවැති බවද කම්පන තරංග කිලෝ මීටර් 36 සිට 40 දක්‌වා ආසන්නයට ගමන් කරන ලද බවද වාර්තා විය. චන්ද්‍රයා මතට මෙසේ යානා කිහිපයක්‌ම පතිත කරන ලදුව ඒ සියල්ලක්‌ම එවැනි ප්‍රතික්‍රියාවක්‌ නිර්මාණය කරන ලද අතර එක්‌ අවස්‌ථාවකදී දෝංකාරය පැය 04 ක්‌ම පැවැති බවට සටහන් වී තිබේ. 1972 මැයි 13 වැනි දින චන්ද්‍රයා මත පතිත වූ ග්‍රාහකයන් ටී.එන්.ටී. ටොන් 200 ක ඝර්ෂණයක්‌ ඇති කරන ලදුව චන්ද්‍රයා මත ඒ වනවිට පිහිටුවනු ලද උපකරණ මගින් වාර්තා වූ තොරතුරු වලින් හෙළිවී ඇත්තේ එම ග්‍රාහකය නිසා ඇති වූ තරංග අභ්‍යන්තරයට ගමන් කරන ලද නමුත් ආපසු චන්ද්‍රයා මතුපිටට ගමන් නොකරන ලද බවය. නාසා ආයතනය විසින් චන්ද්‍රයා කුහර සහිත වූ අභ්‍යන්තරය හිස්‌ වූ ලෝකයක්‌ද යන්න නිර්ණය කිරීම සඳහා පර්යේෂණයන් පවත්වන ලද නමුත් ඒවායේ ප්‍රතිඵල ප්‍රසිද්ධ නොකරන ලදී. නාසා ආයතනයේ ආචාර්ය ෆාරුක්‌ එල්. බේස්‌ ප්‍රකාශ කරනුයේ චන්ද්‍රයාගේ පෘෂ්ඨය තුළ සොයා නොගන්නා ලද සුවිශාල කුහර විශාල ප්‍රමාණයක්‌ පවතින බවද ඒ බව නිගමනය කිරීමට චන්ද්‍රයා මත පර්යේෂණ කිහිපයක්‌ම පවත්වන ලද බව පමණක්‌ ඔහු අනාවරණය කළේය. මේ දක්‌වා පවත්වනු ලැබූ පරීක්‍ෂණයන්ගෙන් හෙළි වී ඇත්තේ චන්ද්‍රයාගේ පිටත පෘෂ්ඨය නිර්මාණය වී ඇත්තේ අඳුරු පැහැති ඉතාමත්ම තද ටයිටේනියම් වැනි ලෝහ වර්ගයන්ගෙන් වන අතර පෘථිවියේ මේ ලෝහ ගුවන් යානා හා අභ්‍යවකාශ යානා නිෂ්පාදනය කරලීම සඳහා පරිශීලනය කරනු ලබයි. චන්ද්‍රගාමීන් සඳහා චන්ද්‍ර පෘෂ්ඨය හාරා පස්‌ ලබා ගැනීම සඳහා විශේෂයෙන්ම නිමවන ලද විශේෂ උපකරණ චන්ද්‍රයා මතට රැගෙන ගිය නමුත් ඒවා ක්‍රියාත්මක කරමින් සිදුකිරීමට හැකිවූයේ සෙන්ටිමීටර් කිහිපයක්‌ පමණක්‌ යටට විද පස්‌ ලබා ගැනීම පමණි. ඔවුන් ගොඩබසින ලද "මරේ හෙවත් මුහුද" නමින් හඳුන්වනු ලබන ප්‍රදේශයන්හි ධූලී ස්‌ථරයද ඉතාමත් තුනී විය. පෙරදි විශ්වාස කරනු ලැබුයේ චන්ද්‍රයා මත මීටර් කීපයක ඝන ධූලී තට්‌ටුවක්‌ පිහිටා තිබිය හැකි බවය. චන්ද්‍රයා පිළිබඳ මහා අබිරහසක්‌ චන්ද්‍ර පෘෂ්ඨය විදීමේදී සොයාගැනීමට හැකිවිය. එනම් චන්ද්‍රයාගේ මතුපිට පස්‌ තට්‌ටුව සෙන්ටි මීටර් කිහිපයක්‌ ගැඹුරින් ඉතා දැඩි තද ලෝහ වර්ගයන්ගෙන් නිර්මාණය කරන ලද පෘෂ්ඨයක්‌ පවතින බවය. විද්‍යාඥයන් විසින් චන්ද්‍ර පෘෂ්ඨයේ ධූලී, පස්‌ හා චන්ද්‍ර පාෂාණ පරීක්‍ෂණයට භාජනය කරන ලදුව චන්ද්‍ර පාෂාණයන්හි විශාල ප්‍රමාණයක්‌ පිත්තල, මයිකා හෙවත් තලාතු මිනිරන් ඇම්ච්බොල් හා අතිශයින්ම ශුද්ධ වූ ටයිටේනියම් ආදී පිරිසිදු කර සකස්‌ කරන ලද ලෝහ වර්ගයන් සොයා ගැනීම ඔවුන් විමතියට පත්කර ඇත. චන්ද්‍ර මුහුදු අඳුරු පැහැ ගැන්වී ඇත්තේ ඉල්මනයිට්‌ නම් කාල වර්ණ ඛනිජ වර්ග ඉතා විශාල ප්‍රමාණයක්‌ ටයිටේනියම් ලෝහය හා මිශ්‍ර වීම නිසා බවද ස්‌වාභාවික වශයෙන් නොපවතින යුරේනියම් 236 හා නෙප්චූනියම් 237 යන විකිරණශීලි ද්‍රව්‍යයන්ද එක්‌සත් ජනපද එර්ගොන් ජාතික පරීක්‍ෂණාගාරය මගින් චන්ද්‍ර පාෂාණයන්හි අන්තර්ගත වී තිබෙන බව සොයා ගත්තේය. එසේම මරේ ක්‍රීසියම් ප්‍රදේශයෙන් රැගෙන එන ලද පස්‌වල මළනොබැඳෙන යකඩද පවතින බව හෙළි විය. 1970 දී සෝවියට්‌ දේශය මිනිසුන් රහිත ස්‌වයංක්‍රීය යානයක්‌ චන්ද්‍රයා මතට ගොඩ බස්‌සවා ඒ මගින් චන්ද්‍රයාගේ පස්‌ පෘථිවියට ගෙන එන ලැබූ පසු පවත්වන ලද පරීක්‍ෂණ මගින් 1976 දී හෙළිවී තිබෙනුයේ එම පස්‌වලද මළ නොබැඳෙන යකඩ අඩංගු වී ඇති අතර එවැනි තාක්‍ෂණයක්‌ අද්‍යතන පෘථිවි කාර්මික ක්‍ෂේත්‍රයේ දක්‌නට නොලැබෙන බවද එය කිසියම් උත්තරීතර සුපිරි තාක්‍ෂණයට අයත් වන බවද සෝවියට්‌ විද්‍යාඥයෝ නිගමනය කළහ. ඇපලෝ චන්ද්‍රයා වෙත ගමන් ආරම්භ කිරීමට පෙර විද්‍යාඥයන්ගේ මතය වූයේ චන්ද්‍රයා කාලාන්තරයකට පෙර පෘථිවියෙන් වෙන් වී ගිය කොටසක්‌ බවය. එසේ වුවද නූතන ගුරුත්වාකාර්ෂණ නියමය අනුව විශාල වස්‌තුවක්‌ නිර්මාණය වීමේදී ඉතිරිවන හෝ ඉවතට විසිවන කැබලි එම වස්‌තුවේම ගුරුත්වාකර්ෂණය හේතුවෙන් එය වෙතටම පතිත වේ. මේ අනුව පෘථිවිය නිර්මාණය වීමේදී ඉවතට විසිවූ කැබලි එකතු වී චන්ද්‍රයා ද නිර්මාණය වී යෑයි යන මතයද පිළිගෙන නොමැත. මේ පිළිබඳව අද්‍යතනම මතය වන්නේ චන්ද්‍රයා වෙනත් ස්‌ථානයක නිර්මාණය වී ඉතා ඈත යුගයෙහි එක්‌ කාලසීමාවකදී පෘථිවියේ ගුරුත්වාකර්ෂණ ක්‍ෂේත්‍රයට ඇතුළු වූ බවය. උක්‌ත සංකල්පය පිළිබඳ විවිධ මත හා සිද්ධාන්තයන් ඉදිරිපත් වී ඇත. සමහර විද්‍යාඥයන්ගේ මතය වනුයේ චන්ද්‍රයා ග්‍රහලෝකයක්‌ වූ අතර එය පෘථිවිය හා ගැටීමෙන් විසුරුණු කොටස්‌ වලින් අද පවතින චන්ද්‍රයා නිර්මාණය වූ බවය. එහෙත් ඇතැම් විද්‍යාඥයන්ගේ මතය අනුව චන්ද්‍රයා සෞරග්‍රහ මණ්‌ඩලයෙහි භ්‍රමණය වෙමින් පවතිද්දී එක්‌ යුගයක පෘථිවියේ ගුරුත්වාකර්ෂණය මගින් එය වෙතට ඇදී කක්‍ෂයක පිහිටවූ බවය. නමුත් මේ සිද්ධාන්තයන් පිළිගැනීමට අවශ්‍ය හේතුන් වන පෘථිවිය හා චන්ද්‍රයා එසේ භෞතික වශයෙන් ඝර්ෂණයට ලක්‌ වූ බවට සාක්‍ෂි ඉතාමත් විරල වන උක්‌ත අදහස්‌ පිළිගැනීමට ඇති ප්‍රවණතාව ඉතාමත් අල්පය. පෘථිවිය හා චන්ද්‍රයා ගැටීමෙන් ඇති වූ කැබලි ආසන්න අවකාශයෙහි දක්‌නට නොමැති අතර පෘථිවිය හා චන්ද්‍රයා එකම කාලසීමාවක්‌ තුළදී ප්‍රාදූර්භූත වූ බවට අදාළ සාධකද දක්‌නට නොලැබේ. පෘථිවිය හා චන්ද්‍රයා ගැටීමෙන් ඇති වූ කැබලි ආසන්න වූ අවකාශයේ දක්‌නට නොමැති අතර පෘථිවිය හා චන්ද්‍රයා එකම කාලසීමාවන් වලදී ප්‍රාදූර්භූත වූ බවට සාධක ද දක්‌නට නොලැබේ. සමහර විද්‍යාඥයන්ට අනුව පෘථිවි භූගර්භ ස්‌වභාව විමර්ෂණයේදී සොයාගෙන තිබෙනුයේ චන්ද්‍ර ලාවා පෘථිවි ක්‍රියාකාරිත්වයට වඩා ඉතා ඈත යුගයකදී සිදුවූ බවය. චන්ද්‍රයාගේ කක්‍ෂය සෞරග්‍රහ මණ්‌ඩලයෙහි අන්‍ය ග්‍රහලෝකයන්ට අයත් බොහෝ චන්ද්‍රයන් මෙන් ඉලිප්සාකාර නොවන අතර එය වෘත්තාකාර වීම හා එතරම් සුවිශාල ග්‍රහ වස්‌තුවක්‌ තම කක්‍ෂය වටා භ්‍රමණය නොවී සදාකාලිකව පෘථිවියට එක්‌ පාර්ශවයක්‌ මුහුණලා පැවැතීමේ ස්‌වභාවය සහිත වන අතර දැනට විමර්ශනයට භාජනය වී ඇති චන්ද්‍රයන්ගෙන් එවැනි එකම වස්‌තුව පෘථිවි චන්ද්‍රයා වේ. චන්ද්‍රයාගේ වෘත්තාකාර කක්‍ෂ මාර්ගයක්‌ පැවැතීම වඩා අරුම පුදුම විකාරයක්‌ වනුයේ චන්ද්‍රයාගේ මධ්‍ය ස්‌කන්ධය එහි ජ්‍යාමිතික මධ්‍යට වඩා පෘථිවියට කිලෝ මීටර් 1.6 ක්‌ සමීපව පිටතට නෙරා නිර්මාණය වී තිබීමය. උක්‌ත පිහිටීමම පමණක්‌ ඉතා අස්‌ථිර වූ දඟර වූ කක්‍ෂයක ගමන් මාර්ගයක්‌ නිර්මාණය කිරීමට තරම් ප්‍රමාණවත් වන අතර ගෝලාකාර වස්‌තුවක මධ්‍ය ස්‌කන්ධය එක්‌ පාර්ශ්වයකට බරව පිහිටා තිබීම එම වස්‌තුව සෘජු මාර්ගයක ගමන් නොකිරීමට හේතු භූත වේ, එහෙත් චන්ද්‍රයා දඟර නොවූ සෘජු මාර්ගයක වෘත්තාකාරව ගමන් කරයි. සෞර මණ්‌ඩලයේ සියලුම ග්‍රහයන්ට අයත් සියලුම චන්ද්‍රයන්ගේ ගමන් මාර්ග පිහිටා තිබෙනුයේ එම ග්‍රහයන්ගේ නිරක්‍ෂයට සාපේක්‍ෂ වන අතර පුදුමය නම් අපගේ චන්ද්‍රයාගේ කක්‍ෂය පෘථිවිය සූර්යයා වටා යන කක්‍ෂ මාර්ගයට අතිශයින්ම සමාන්තර කක්‍ෂ තලයක අංශක 5 කටත් වඩා ඇළ වී ගමන් කිරීමය. එසේම චන්ද්‍රයාගේ පෘෂ්ඨයෙන් පිටතට නෙරා පවතින කොටස පිහිටා ඇත්තේ පෘථිවියට මුහුණලා තිබෙන පාර්ශ්වයේ නොව අපට නොපෙනෙන පශ්චාද් භාගයේ වීම එවැන්නක්‌ පෘථිවියේ ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵලයක්‌ හේතුවෙන් නිර්මාණය වූවක්‌ ලෙස දැක්‌වීමටද නොහැකි වේ. එසේම දැනට පරීක්‍ෂණ මගින් සොයාගෙන තිබෙන කරුණු අනුව මෙවැනි විෂමතාවන්ගෙන් ගහන වූ විකාරමය ලෝකයක්‌ ස්‌භාවිකව වෘත්තාකාර නියත වූ කක්‍ෂ මාර්ගයක ගමන් කිරීමටද නොහැකි බවය. 1970 දී ඇලෙක්‌සැන්ඩර් ෂෙර්බාකොව් හා මිෂායෙල් වේසින් නම් රුසියානු විද්‍යාඥයන් දෙදෙනා විසින් අසන ලද ප්‍රශ්නය වූයේ චන්ද්‍රයා උත්තරීතර සුපිරි සභ්‍යත්වයන්ගේ නිර්මාණයක්‌ද? යනුයි. ඔවුන්ගේ මතය වූයේ ඉතා ඈත යුගයකදී පෘථිවි වාසීන්ට වඩා අතිශයින්ම දියුණුව උත්තරීතර සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් විසින් විශාල ග්‍රහකයක්‌ වූ චන්ද්‍රයා ඔවුන්ගේ අධි සුපිරි තාක්‍ෂණයේ බලමහිමයෙන් හාරන ලදුව ඔවුන්ගේ අභ්‍යවකාශ තරණයේ විශාලත්වයට අනුකූලව මෙන්ම පරීක්‍ෂණ හා පර්යේෂණයන්ට උපයෝගි වන ආකාරයෙන් චන්ද්‍රයා නිර්මාණය කරන ලද බවය. අති විශාල යන්ත්‍රොaපකරණ උපයෝගි කරගෙන චන්ද්‍ර පෘෂ්ටයේ පාෂාණ උණු කර ඒවා පිටතට පොම්ප කරන ලදුව සුවිශාල කුහර හා උමං මාර්ගයන් ගොඩනංවන ලද අතර සිවියක්‌ බඳු අභ්‍යන්තර පෘෂ්ටයට අමතරව ලෝහ හා පාෂාණමය බාහිර පෘෂ්ඨයකින් සමන්විත වන පරිදි නිර්මාණය කරන ලද උක්‌ත යෝධ අභ්‍යවකාශ යානාව චක්‍රාවාටය හරහා රැගෙනවිත් පෘථිවිය ආසන්නයෙහි කක්‍ෂයක රඳවා තබන ලද බව එම විද්‍යාඥයන්ගේ මතය විය. ෂර්බාකොව් හා වේසින් අදහස්‌ කරන පරිදි මේ ආකල්පය සමහරු වගකීම් රහිත මන(කල්පිත සංකල්පයක්‌ මෙන්ම පාරම්පරික චින්තන මාර්ගයේ සාමාන්‍ය විශ්වාසයන්ට විරුද්ධව ඉදිරිපත් කරන ලද මතයක්‌ ලෙස හුවා දැක්‌වීමට හැකි අතර 2002 වසර වන විට හා එම මතය ඉදිරිපත් කර වසර 32 ගත වීද පෘථිවි මානුෂ වාර්ගිකයන් විසින් චන්ද්‍රයා පිළිබඳ ඒකරාශි කරගත හැකිවූ සියලුම තොරතුරු හා දත්තයන් විශ්ලේෂණය කිරීමේදී එයට විරුද්ධව එක්‌ කරුණක්‌ හෝ ඉදිරිපත් කිරීමට නොහැකි බව අවධාරණය කර ඇත. එම විද්‍යාඥයන් සඳහන් කරන පරිදි චන්ද්‍රයාගේ ගුප්ත ස්‌වරූපය ඔවුන් ඉදිරිපත් කරන ලද මතය අනුව වඩ වඩාත් පැහැදිලි කිරීමට හැකිවන බවය. 1975 දොන් විල්සන් නම් විද්‍යා ප්‍රබන්ධකයා චන්ද්‍රයා පිළිබඳ පර්යේෂණ කරුණු විමර්ශනයට භාජන කරමින් ලියූ "අපගේ චන්ද්‍ර අභ්‍යවකාශ යානයේ අභිරහස්‌" නම් ග්‍රන්ථයේ ෂර්බාකොව් හා මේසින්ගේ මතය විද්‍යාඥයන් විසින් වැදගත් ලෙස සැලකිය යුතු බව ප්‍රකාශ කර ඇත. දොන් විල්සන් තමා ප්‍රථමයෙන්ම මෙම මතය ප්‍රතික්‍ෂේප කරන ලද බවද එහෙත් ඇපලෝ ගමන් රැස්‌කරන ලද අති විශාල තොරතුරු සම්භාරය නිරීක්‍ෂණයට ලක්‌කිරීමෙන් තම ආකල්පය වෙනස්‌ කරන ලද බවද සඳහන් කර ඇත. විද්‍යාඥයන් විසින් මේ දක්‌වා රැස්‌ කරන ලද විද්‍යාත්මක සාධක කරුණු හා සාක්‍ෂි අනුව චන්ද්‍රයා පූර්ණ වශයෙන්ම ස්‌වභාවික නිර්මාණයක්‌ නොවන බව තීරණය කර ඇත. එම අදහස්‌ සංක්‍ෂිප්ත වශයෙන් මෙසේ දැක්‌විය හැකිය. මෙතෙක්‌ අනාවරණය වූ තොරතුරු අනුව විද්‍යාත්මක වශයෙන් පෘථිවියට හා අප සෞරග්‍රහ මණ්‌ඩලයටත් වඩා පෞරාණික නිර්මාණයක ස්‌වරූපයක්‌ චන්ද්‍රයාගේ දිස්‌වේ. චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙහි අතිශයින්ම අෙන්‍යාaන්‍ය වශයෙන් විවිධාකාර වූ ද්‍රව්‍යයන්ගෙන් සැදුම් ලත් පෘෂ්ටයන් ත්‍රිත්වයක්‌ දක්‌නට ලැබෙන අතර චන්ද්‍රතලය මතුපිටට ආසන්නවම පිහිටා ඇති පෘෂ්ටය ඉතාමත්ම දැඩි තද ලෝහ හා ඛනිජ සම්මිශ්‍රණයෙන් යුක්‌ත වේ. මෙය සුවිශාල යෝධ අජටාකාශ යානාවන්හි අත්‍යන්තයෙන්ම බලාපොරොත්තු විය යුතු වූ නිර්මාණයක ස්‌වරූපයයි. චන්ද්‍රයා අභ්‍යන්තරයෙහි ජලය විශාල වශයෙන් රඳවා ඇත. පිටත දක්‌නට ලැබෙනුයේ ස්‌වල්ප වශයෙන් අයිස්‌ වැනි ස්‌වරූපයක්‌ වන අතර චන්ද්‍රයාගේ අපට නොපෙනෙන පාර්ශ්වයෙහි කුඩා නොගැඹුරු විල් හෝ ජලාශ පිහිටා ඇති බව ඡායාරූපයන්ගෙන් පවා හෙළිවී ඇතැයි විද්‍යාඥයන්ගේ නිගමනයයි. චන්ද්‍රයාගේ ඉතා සුළු චුම්භක ශක්‌තිය චන්ද්‍රයා අභ්‍යවකාශ යානයක්‌ වශයෙන් චක්‍රාවාටය හරහා ගමන් කිරීමේදී තාරකාවන්ගෙන් හා ග්‍රහයින්ගෙන් ලැබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. චන්ද්‍රයා මතුපිට දක්‌නට ඇති අපූර්ව ජනක "මරේ" හෙවත් "මුහුද" නමින් හඳුන්වන අඳුරු ප්‍රදේශයන් චන්ද්‍රයාගේ අභ්‍යන්තරයෙහි පුපුරුවන ලද පාෂාණ හා උණු කරන ලද පාෂාණ ලාවා ඉවතට දැමීමෙන් නිර්මාණය වන්නට ඇති අතර සියලුම මුහුදු මධ්‍යයෙහි දක්‌නට ඇති ගෝලාකාර, වෘත්තාකාර ආකෘතින් චන්ද්‍ර අභ්‍යන්තරයෙහි උමං හා කුහර නිර්මාණය කිරීමෙන් පසු ඉවත දමන ලද යන්ත්‍රොපකරණ හෝ කිසියම් ආකාරයක ගොඩනැඟිලි විය හැකිය. චන්ද්‍රයා ආරම්භයේදී ශීතල ලෝකයක්‌ වූ අතර පසුව එය ඌෂ්ණ ස්‌වභාවයකට පත් වන්නට ඇතත් මුලදී එම ග්‍රාහකය කෘත්‍රීම වශයෙන් උෂ්ණ බවට පත් කර එහි අභ්‍යන්තරය විශාල වශයෙන් ලාවා ආදී ද්‍රව ආකාරයෙන් පිටතට ගලා යැමට සකස්‌ කරමින් යෝධ අජටාකාශ යානාවක්‌ හෙවත් සුවිශාල විමානයක්‌ ආකාශ නගරයක්‌ ලෙසට විපරිණාමය කිරීමේදී මෙසේ වන්නට බොහෝ ඉඩඇත. අද්‍යතන සොයාගැනීම් අනුව කුහර සහිත චන්ද්‍රයා පිළිබඳව විද්‍යාඥයන් එකිනෙකට වෙනස්‌ වශයෙන් ගෙන හැර දක්‌වන චන්ද්‍රයාගේ මුල ස්‌වරූපය පිළිබඳ ආකල්ප අනුව එය කෘත්‍රිම වශයෙන් සකස්‌ කරගන්නා ලද බවට ඇති බොහෝ සාධක අනුව චන්ද්‍රයාගේ ආරම්භය හා නිර්මාණය පිළිබඳ මිනිසා තුළ පවත්නා සාංකාවන් ක්‍ෂය කිරීමට හේතු වී ඇත. කෘත්‍රිම වශයෙන් හාරන ලද්දේ යෑයි චන්ද්‍රයා පිළිබඳ පරීක්‍ෂණ සාධකයන්හි සොයාගන්නා ලද පරිදි චන්ද්‍රයා ඝණඨාරයක මෙන් පැය ගණනක්‌ නින්නාද වීම එය නිර්මාණය කරන ලද වස්‌තුවක්‌ ලෙස සර්ව සාධාරණ වශයෙන් අනාවරණය කරගැනීමට අවශ්‍යය ප්‍රබල සාධකයක්‌ වන අතර සකස්‌ කරන ලද තාපසහ (තාපයට ඔරොත්තු දෙන) ලෝහයන් වන ටයිටේනියම් (TITINIUM) (සංකේතය -TI) පරමාණුක ක්‍රමාංකය (ATOMIC NUMBER- 22) සාපේක්‍ෂ පරමාණුක ස්‌කන්ධය (RELATIVE ATOMIC MASS- 47.90&) (සංයුජතාව - 2+ 4+,) (සංයුජතාව යනු හයිඩ්රජන් පරමාණුවකට හෝ ඊට සම අනෙකකට හෝ අනුව පරමාණුවක හෝ කාණ්‌ඩයක හෝ සංයෝජනය වීමේ බලය.) කොමීයම් (CHROMIUM) සංකේතය (SYMBOLCR) පරමානුක ක්‍රමාංකය (ATOMIC MUMBER - 24) සාපේක්‍ෂ පරමානුක ස්‌කන්ධය (RELATIVE ATOMIC MASS- 47.90) සංයුජතාව (VALENCY) සිකෝනියම්, මළනොබැදෙන යකඩ (වානේ නොවේ) යුරේනියම් 236 සහ නෙප්චූනියම් 237 වැනි ලෝහ චන්ද්‍රයා මතුපිට බහුල වශයෙන් ව්‍යාප්ත වී තිබීම චන්ද්‍ර නිර්මාණයෙහි කෘත්‍රිම ස්‌වභාවය අනාවරණය විදහා දැක්‌වීම සහතික කිරීමට වෙනත් නවතම සාක්‍ෂි අවශ්‍ය නොවේ. චන්ද්‍රයාගේ අරුම පුදුම කක්‍ෂ මාර්ගය හා ඉතා ඈත අතීතයෙහි එය පෘථිවියට ආසන්නව ප්‍රවර්තනය වූ බවට සාක්‍ෂි මෙන්ම පෘථිවියෙහි යුගයෙන් යුගයෙහි වෙනස්‌ වාර්ගිකයන් ලෙස ස්‌වභාවයන් හා ස්‌වරූපයෙන් දියුණු පෘථිවි මානුෂ වාර්ගිකයන් එනම් හෝමෝ සේපියන්ස්‌ සේපියන්ස්‌ (HOMO SAPIENS - SAPIENS) ජනාවාස පිහිටුවීමේ යුග ප්‍රවර්තන කාලසීමාවන් දක්‌වා චන්ද්‍රයා පෘථිවියෙන් ක්‍රම ක්‍රමයෙන් දුරස්‌ථ වූ බව පෙනී යයි. වර්ෂ මිලියන ගණනාවකට පෙර චන්ද්‍රයා පෘථිවියට ඉතා සමීපව පිහිටා තිබූ බව බ්‍රිතාන්‍යය තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය ජෝන් ඩී. බැරොන් පවසන අතර එවිට පෘථිවියෙහි එක්‌ දවසක කාලය පැය 21.9 පමණ වූ බවද සඳහන්ය. දකුණු ඇමරිකාවේ ඇන්ඩීස්‌ කඳු වැටියෙහි මීටර් 4000 උස්‌ ප්‍රදේශයන්හි වර්ෂ දහස්‌ ගණනක්‌ පැරණි සමුදු අවසාදිතයන් සොයා ගනු ලැබූ අතර එසේ පිහිටීමට හේතුව උදම් තරංග නිසා බවද චන්ද්‍රයා පෘථිවියට සමීපස්‌ථ කක්‍ෂයක පිහිටීමෙන් එසේ සිදුවන්නට ඇතැයි ඔහු නිගමනය කර ඇත. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment