Thursday, December 6, 2012

සිත නැති කය ඇති බඹ ලොව බර්නි හා බෙටි හිල් (BARNEY & BETTY HILL) යුවළ කපෝත වර්ණ වාර්ගිකයන් (GREY ALIEN)ගේ අභ්‍යවකාශ යානාවක්‌ මඟින් රැගෙන යැම චිත්‍ර ශිල්පියෙකු දුටුවේ මෙසේය පෘථිවි ගෝලයේ නොයෙක්‌ ස්‌ථානයන්හි සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් (පිටසක්‌වල ජීවීන්) 14000 ත් 15000 ත් අතර ප්‍රමාණයක්‌ විවිධ ව්‍යාපෘතීන්වල නියුතුව සිටින බවද, චන්ද්‍රයාගේ සහ අඟහරු ලෝකය තුළ නොයෙක්‌ ව්‍යාපෘතීන් සඳහා වාර්ගිකයන් 400 - 500 අතර ප්‍රමාණයක්‌ නොයෙකුත් ව්‍යාපෘතීන්වල සේවයේ යෙදී සිටින බවද මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලොව පුරා බහුතරයක්‌ විද්‍යාඥයන්ගේ මතයයි. උක්‌ත ක්‍රියාවලියට හා සම්බන්ධව ලියවී ඇති ග්‍රන්ථ හා ලිපි ලේඛන දස දහස්‌ ගණනක්‌ වන අතර ඒවා විවිධ භාෂාවන්ගෙන් රචිතය. මෙම ග්‍රන්ථ හා ලිපි ලේඛනවල සඳහන් තොරතුරුවලට අනුව පොදු පිළිගැනීම වී ඇත්තේ කපෝත වර්ණයෙන් (GREYS) යුත් අධි මානසික සම්පන්න වූ එක්‌ සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් සමූහයක්‌ පෘථිවි මානුෂ වාර්ගිකයන් පිළිබඳව තීව්‍රර පරීක්‍ෂණයක නිරත වන බවය. බොහෝ පරීක්‍ෂකයන්ගේ සොයා ගැනීම අනුව උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ අභ්‍යවකාශ යානා පෘථිවියේ සැරිසැරීම පිළිබඳව සඳහන් වන දස දහස්‌ සංඛ්‍යාත වාර්තාවන්හි තොරතුරු හා විස්‌තර වර්ෂයක්‌ පාසා වැඩි වෙමින් පවතී. සමහර පරීක්‍ෂකයන්ගේ මතය අනුව මෙම කපෝත වර්ණයෙන් (GREYS ALIENS) යුත් සභ්‍යත්ව වාර්ගිකයන් උත්තරීතර සභ්‍යත්වයකට අයත් ජෛවමය සුපිරි රොබෝ යන්ත්‍ර විය හැකි අතර උක්‌ත කපෝත වර්ණ වාර්ගිකයන් සියල්ලන්ම යන්ත්‍රානුසාරයෙන් මෙන් කිසිම ආකාරයක හැඟීම් හා වින්දනයන්ගෙන් තොරව සියලු කටයුතුවල නිරත වන හෙයින් උක්‌ත මතය පිළිගත හැකි සාක්‍ෂි විශාල ප්‍රමාණයකි. ඉහත සභ්‍යත්ව වාර්ගිකයන්ගේ යානාවන් හා සම්බන්ධ පෘථිවි මානුෂ වාර්ගිකයන් බොහෝ දෙනාගෙන් ලබාගත් විස්‌තර වලට අනුව කළ කරුණු විග්‍රහයෙන්a පසුව උක්‌ත සුපිරි සභ්‍යත්වයේ මුල් නිජ බිම පිළිsබඳ මතයන් ද්වයක්‌ ඉදිරිපත් වී ඇත. එනම් උක්‌ත සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවියේ සිට ආලෝක වර්ෂ 39 දුරින් (39 LIGHT YEAR) පිහිටා ඇති සේටා රෙටිකුලී (ZETA RETICULI) නමැති තාරකාවට අයත් ග්‍රහ ලෝකයක ජීවත් වන බවය. උක්‌ත තාරකාවන් තාරකා විද්‍යාඥයන් අතර ප්‍රථම වරට ප්‍රසිද්ධ වූයේ 1961 සැප්තැම්බර් 19 සහ 20 අතර මධ්‍යම රාත්‍රියෙහි නිවාඩුවක්‌ ගත කර ආපසු එමින් සිටි බර්නි හා බෙටි හිල් (BARNEY & BETTY HILL) යුවළ අතර මඟදී කපෝත වර්ණ වාර්ගිකයන් (GREY ALIEN) ගේ අභ්‍යවකාශ යානාවක්‌ මඟින් රැගෙන යැමෙන් පසුවය. ලොව පුරා මහත් ප්‍රසිද්ධියට පත් වූ උක්‌ත සිදුවීම පිළිබඳව පවත්වනු ලැබූ පරීක්‍ෂණයන්ට අනුව තාරකා විද්‍යාඥවරියක වන ආචාර්ය මැජොරි ෆිෂ් (DR. MAJORIE FISH AN ASTRONOMER) හා ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ මහාචාර්ය වෝල්ටර් මිෂෙල් (PROFOSSER WALTER MITCHELL, OHIO UNIVERSITY) හා පිට්‌ස්‌බර්ග් විශ්වවිද්‍යාලයේ මාක්‌ ස්‌ථෙගාර්ට්‌ (MARC STREGARD)" හිල් යුවළ විසින් ලබාදුන් තොරතුරුවලට අනුව එම යානයේ සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් විසින් දැනුම් දෙනු ලැබූ තොරතුරු පරිගණක ආධාරයෙන් තාරකා සටහන් විශ්ලේෂණය කිරීමේදී සභ්‍යත්ව වාර්ගිකයන්ගේ නිජභූමි ග්‍රහ ලෝකය හා සම්බන්ධ තාරකාව සේටා රෙටි කුලී (ZETA RETICULI) යෑයි නිගමනය කර ඇත. පෘථිවියේ සිට නිරීක්‍ෂණය කරන විට දක්‍ෂිණ දිග අහසේ මහා මැගලන් වළාකුල නම් වූ චක්‍රාවාටය පිහිටා ඇති ප්‍රදේශයට ආසන්නව දර්ශනය වන මෙම තාරකාව එක්‌ තාරකාවක්‌ නොව තාරකා යුගළයක්‌ බව සොයාගෙන ඇත. එම නිසා උක්‌ත තරකාද්වය සේටා රෙටිකුලි 01 (ZETA RETICULI OI) හා සේටා රෙටිකුලිs 02 යනුවෙන් නම් කර ඇත. අද්‍යයතන සොයා ගැනීම් අනුව යුගළ තාරකාවන්හි පවා ග්‍රහලෝක පිහිටා තිබිය හැක. සමහර විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ උක්‌ත කපෝත වර්ණ වාර්ගිකයන්ගේ (GRAYS) අපූර්ව ශාරීරික ලක්‍ෂණයක්‌ වන අඳුරු වර්ණයෙන් යුත් සුවිශාල දෙනුවන්හි (අක්‍ෂයන්හි) පිහිටීම තාරකා ද්වයකින් පිටවෙන බලවත් ආලෝක ධාරාවන් හා අධෝරක්‌ත කිරණයන් පාලනය කරලීමේ පෙරනයක්‌ සේ ක්‍රියාත්මක වීමට පිහිටා තිබෙන බවය. මේ අනුව පැහැදිලි වනුයේ පෘථිවි මානුෂ වාර්ගිකයන්ගේද එක්‌ එක්‌ භූගෝලීය ප්‍රදේශයන්ට සාපේක්‍ෂව පිහිටන සුවිශේෂී ශාරීරික ලක්‍ෂණ යම් සේද ඒ අයුරින්ම එක්‌ එක්‌ චක්‍රාවාටවල සංයුතියට අනුව සභ්‍යත්ව වාර්ගිකයන්ගේද භෞතික ස්‌වරූපය වෙනස්‌ වෙනස්‌ හැඩයන් ගන්නා බවය. මේ අතර තවත් සමහර පර්යේෂක විද්‍යාඥයන් කොටසකගේ අදහස වී ඇත්තේ උක්‌ත උත්තරීතර සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 2.6 දුරින් පිහිටා ඇති අපගේ ප්‍රාන්ත චක්‍රාවාට මණ්‌ඩලයේ විශාලතම චක්‍රාවාටය වන "ඇන්ෙඩ්‍රාමිඩා" චක්‍රාවාටයේ වාර්ගිකයන් බවය. අපගේ ක්‍ෂිර පථ චක්‍රාවාටයටද වඩා විශාල මේ චක්‍රාවාටයෙහි තාරකාවන් බිලියන 500 කට අධික ප්‍රමාණයක්‌ ඇති බව නිගමනය කර ඇති අතර "ඇන්ෙඩ්‍රාමිඩා" සක්‌වල අපගේ සක්‌වල ආසන්නයේ පිහිටි සර්පිලාකාර හැඩයකින් යුක්‌තව නිර්මාණය වූවක්‌ වන අතර මෙය පියවි ඇසට පෙනෙන චක්‍රාවාට ත්‍රිත්වයෙන් එකකි. මෙම කපෝත වර්ණ උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ පරීක්‍ෂණයන්හි යෙදී සිටින මහාචාර්ය බොබි විලියම්ස්‌ (PROFOSSER BOBBY WILLIAM) උක්‌ත වාර්ගිකයන් හඳුනා ගැනීමේදී උපකාරී විය හැකි කරුණු කිහිපයක්‌ විස්‌තර කර ඇත. ඒ අනුව සභ්‍යත්ව වාර්ගිකයන්ට පෘථිවි මනුෂ්‍ය වාර්ගිකයන්ගේ මෙන් කර්ණ වශයෙන් ශරීර අවයව පිහිටා නොමැත. එසේම සුවිශේෂ නාසිකාවක්‌ද නොමැති අතර සාමාන්‍ය සටහනක්‌ පමණක්‌ දක්‌නට ඇත. මුඛයද සාමාන්‍ය සටහනක්‌ පමණි. ආහාර දිරවීමේ පද්ධතියක්‌ නොමැත. සුවිශාල කෝණාකාර දිගු අඳුරු අක්‍ෂි පිහිටා ඇති අතර ඇස්‌ බැම නොමැත. ශාරීරික අංගෝපාංග හා සසඳන විට විශාල ශීර්ෂයක්‌a වේ. වැඩුණු වාර්ගිකයන් මීටරයක්‌ හෝ මීටර් එක හමාරක්‌ පමණ උසයි. කපෝත වර්ණ හෙවත් අළු පැහැති හෝ ධවල දුඹුරු මිශ්‍ර සමක්‌ (චර්මයක්‌) හෝ පිටත කවරයක්‌ පිහිටා ඇත. අධෝ මාර්ගයක්‌ හෝ මුත්‍රා පිටකිරීමේ ඉන්ද්‍රියන් නොමැත. ලිංගික උපාංගයන් නොමැති හෙයින් ජෛව නිෂ්පාදන ක්‍රියාවලිය අධි තාක්‍ෂණික කෘතිම ස්‌වභාවයකින් ක්‍රියාත්මක වේ. පාදයන්ගේ දිගු ප්‍රමාණයට වඩා අත් දිගුය. ශීර්ෂයේ හෝ ශරීරයේ රෝම පිහිටා නැත. පෘථිවි මානුෂ වාර්ගිකයන්ට අත්‍යන්ත වශයෙන්ම ප්‍රත්‍යක්‍ෂ නොවන්නා වූ ඉතා බලවත් අධි මානසික හා අධි භෞතික ශක්‌තීන්ගෙන් යුක්‌තය. උක්‌ත වාර්ගිකයෝ මනස හෝ සිතුවිලි මගින් පාලනය කරන අභ්‍යවකාශ යානා භාවිත කරති. පෘථිවි මානසික වාර්ගිකයන්ගේ මෙන් මානසික හෝ චෛතසික හැඟීම් උත්තේජනයන් හෝ ප්‍රතික්‍රියා මේ වාර්ගිකයන් තුළ දක්‌නට නොමැත. වාග්මය ප්‍රකාශන අවයව නොමැති හෙයින් උක්‌ත වාර්ගිකයන් අදහස්‌ හා ක්‍රියා පිළිබඳ සංඥා ඔවුනොවුන් අතර මෙන්ම මානුෂ වාර්ගිකයන් කෙරෙහිද හුවමාරු කරගනු ලබන්නේ පූර්ණ වශයෙන්ම පරචිත්ත විජානන ඥනමය වශයෙන් පමණි. උක්‌ත වාර්ගිකයන්ට භෞතික ද්‍රව්‍ය එනම් ප්‍රාකාර, බිත්ති ආදී ආකෘතීන් හරහා ඕනෑම අවස්‌ථාවක ගමන් කරලීම සඳහා ශක්‌තිය හා හැකියාව ඇත. දැනට විද්‍යාඥයන් සොයා ගෙන ඇති කරුණු අනුව ඉහත විස්‌තර වන ජීවී වර්ගයා අති සූක්‍ෂම අධි තාක්‍ෂණික සුපිරි සභ්‍යත්වයකට අයත් වන රොබෝමය යන්ත්‍ර යෑයි පරීක්‍ෂකයන් බහුතරයකගේ නිගමනයයි. මූලික බුදු සමයෙහි මහායාන බොහෝ සූත්‍රාන්තයන්හි මෙන්ම ථෙරවාද සූත්‍රාන්තයන්හිද මෙම ඉහත විස්‌තර කරන ලද ජීවීන් පිළිබඳ ගැඹුරින් විස්‌තර වී ඇත. ශ්‍රී ලංකාවේ බෞද්ධ සාහිත්‍ය හා සම්බන්ධ චිර ප්‍රසිද්ධ වීදාගම මෛත්‍රිය හිමියන් රචිත ලෝවැඩ සඟරාවෙහි "සිත නොමැතිව කය ඇති බඹ තළයකි" යනුවෙන් විස්‌තර කරනුයේ චෛතසික හැඟීම් සිතුවිලි නොමැති එහෙත් ජීවමය ශරීරයක්‌ ඇති උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳවය. රුසියාවේ ගගනගාමීන් පුහුණුවේ නිරත කර්නල් ආචාර්ය මරීනා පොපවිච්ගේ නිගමනයට අනුව මෙම කපෝත වර්ණ වාර්ගිකයන් අපගේ විශ්වයෙහි අප්‍රමාණ සභ්‍යත්වයන්ගෙන් එක්‌ සුපිරි සභ්‍යත්වයක අන්තර් චක්‍රාවාට තරණයෙහි කිසියම් සාධනයක නිරත වූ වාර්ගික කොටසක්‌ බවය. කපෝත වර්ණ (GREYS) වාර්ගිකයන් ස්‌ථීර වශයෙන්ම පෘථිවියෙහි මධ්‍යස්‌ථාන වර්ෂ දස දහස්‌ ගණනකට පෙර නොව මිලියන ගණනක සිට ක්‍රියාත්මක වී ඇති බව සමහර පර්යේෂකයන්ගේ නිගමනයයි. උක්‌ත මධ්‍යස්‌ථාන වටා විවිධ රශ්මි හා කිරණ මගින් නිර්මාණය කරන ලද ප්‍රාකාරයන්ගෙන්ද සූක්‍ෂම තාක්‍ෂණික ක්‍රම මගින් ආරක්‍ෂා කර පොළොව මතුපිට පමණක්‌a නොව අභ්‍යන්තරයේද පිහිටා ඇතැයි අදහස්‌ දක්‌වා ඇත. පූර්ණ ආරක්‍ෂාව මත පවතින හෙයින්ද "හෙලො ග්‍රෑම්" නිර්මාණ තාක්‍ෂණය ආධාරයෙන්ද පිටත සිට කුමන ආකාරයකින් දර්ශනය නොවේ. එහෙත් නූතන නව උපකරණ මගින් එවැනි ස්‌ථාන නිර්ණය කරගත හැකි විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ අද්‍යතනව බටහිර රාජ්‍යයන් නිපදවා ඇත. පහසුවෙන් ළඟා විය නොහැකි ප්‍රදේශයන්හි පිහිටුවා තිබෙන මේ ස්‌ථානයන් වෙතට කිසියම් නොවැටහීමකින් හෝ පැමිණියහොත් මානසික හෝ භෞතික වශයෙන් ශාරීරිකව හෝ තාවකාලිකව නොයෙකුත් විපර්යාසයන් සිදුවන මුත් තවදුරටත් එවැනි සිදුවීම් නිලීනව පවතී. මෙවැනි ස්‌ථාන පිහිටුවා තිබේ යෑයි නිරීක්‍ෂණය කරන ලද පෘථිවි මධ්‍යස්‌ථාන ප්‍රදේශ වශයෙන් 07 කට බෙදා දැක්‌විය හැකිය. 1. උදා( - ආක්‌ටික්‌ ප්‍රදේශයට - එනම් උත්තර ධ්‍රැව ප්‍රදේශය - රුසියාවද ඇතුළත්ය. ARCTIC ZONE 1. GREENLAND PLACE: AREA CAPE FERVEL. 2. NORTH POLE. 3. SOVIET UNION. PLACE: TUNDRA - PENNISULA OF KOLA - ISLAND OF NOVOJA ZEMLA SIBERIA - AREA:- 4. ALASKA PLACE: BROOKS RANGE, CENTRAL PART, LATITUDE APPROXIMATELY 148 DEGREES, AREA PHILIP SUMITH MOUNTAINS AND HORACE MOUNTAINS, ARA SCHWATKA MOUNTAINS - CONNECTION WITH THE TOWN AMBLER. 5. CANADA. PLACE: BRITISH MOUNTAINS ON THE BORDER OF ALASKA:- 6. ISLAND PLACE: JOKULAARGLIFUR NATIONAL PARK. 7. NORWAY. 8. SWEDEN. 9. FINLAND. 10. AUSTRALIA:- 2. ඇමරිකා එක්‌සත් ජනපද ප්‍රදේශයට උතුරු ඇමරිකාව ඇතුළත්ය. (UNITED STATES OF AMERICA) 1. NEVADA. PLACE: DIVISION PEAK NEAR BLACK ROCK DESERT. 2. FLORIDA. PLACES: BASE UNDER WATER BETWEEN JACKSONVILLA AND PALATKA, IN THE OCEAN. 3. COLORDO. PLACES: GORE RANGE NEAR LAKE, WEST FROM DENVER. 4. OKLAHOMA. PLACES: LAKE CHEROKEES. 5. OREGON. PLACES: THE DALLES, MOUNT HOOD. 6. WASHINGTON. PLACES: BARRON. BETWEEN MOUNT LAGANLAND JACK MOUNTIAN. 7. INDIANA. PLACES: FORT WAYNE, AREA CHURUBUSCO, TERRE HOUTEAREA ROCKVILLE - GREENCASTLE. 8. NEW MEXICO. PLACES: LAS VEGAS AREA. BALDYPK COWLES, GRANTS AREA PAGUATE - MOUNT TAYLOR. (3) wekagdlaáldj (ANTARCTIC) PLACE: ADMIRALTY MOUNTAINS - MOUNT LEVICK, SOR ROUDANE MOUNTAINS ආදී වශයෙනි. මීට අමතරව කිසිසේත්ම ළඟාවිය නොහැකි දස දහස්‌ ගණනක්‌ වූ හිම කඳුවලින් සමන්විත හිමාලය ප්‍රදේශයේද මෙවැනි මධ්‍යස්‌ථාන ඇති බව පර්යේෂකයන්ගේ නිගමනයයි. කපොAත වර්ණ වාර්ගිකයන්ගේ පෘථිවි ව්‍යාපෘති පිළිබඳ නිරීක්‍ෂණයන්හි විද්‍යාඥයන්ගේ තොරතුරු දත්ත අනුව පැහැදිලි වී ඇත්තේ සාමාන්‍ය පෘථිවි මානුෂ වාර්ගිකයන්ටද උක්‌ත ප්‍රදේශවලදී යටත් පිරිසයෙන් දුර හෝ සිට එම සභ්‍යත්ව ජීවීන්ගේ ක්‍රියාකාරකම් විශේෂ සිදුවීම් හා දර්ශනද, එනම් සාමාන්‍ය ප්‍රමාණ විශාල අභ්‍යාවකාශ යානාවන්ගේ ක්‍රියාකාරිත්වය දර්ශනය කර ගැනීමට හැකි බවය. බර්නි හා බෙටි හිල් (BARNEY & BETTY HILL) යුවළ සිද්ධිය විස්‌තර කරමින් සේටා රෙටිකුලී (ZETA RETICULI) තාරකාවේ පිහිටීම උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් මානුෂ වාර්ගිකයන් සමග සෘජු සම්බන්ධතාවක්‌ නොපැවැත්වීම පිළිබඳ විවිධ මත ඇත. බොහෝ පරීක්‍ෂකයන්ගේ මතය වී ඇත්තේ පෘථිවි මානුෂ වාර්ගිකයන් අභිමානවත් නොවන සත්ත්ව විශේෂයක්‌ ලෙස ඔවුන් සලකනු ලබන බවය. පෘථිවිය අතිශයින්ම අස්‌ථිර ග්‍රහලෝකයක්‌ වන අතර අනුමාන වශයෙන් එහි අවසානය කාලාන්තරයක්‌ මුළුල්ලෙහි ළඟා වෙමින් පවතින බවද එසේ හෙයින් පෘථිවි මානුෂ වාර්ගිකයන්ගේ හදිසි විනාශයට පෙර විශ්වයේ කිසියම් චක්‍රාවාටයකට අයත් සෞරග්‍රහ මණ්‌ඩලයකට සම්බන්ධ ග්‍රහලෝකයන්හි ජීවනයට ගැලපෙන පරිදි ඔවුන්ට අවශ්‍ය D.N.A. වෙනස්‌ කිරීමේ හා සකස්‌ කිරීමේ ප්‍රයත්නයක ක්‍රියාශීලීව කපෝත වර්ණ වාර්ගිකයන් නියෑළී සිටින බව සමහර විද්‍යාඥයන්ගේ නිගමනයයි. එහෙත් පෘථිවිය එවැනි අනතුරකට ඉදිරි වර්ෂ මිලියනයකදී මුහුණ පානු ඇතැයි අනුමාන කරන්නේ නම් කපෝත වර්ණ වාර්ගිකයන් හෝ අනෙකුත් සභ්‍යත්ව වාර්ගිකයන්ට උක්‌ත ව්‍යාපෘතීන්හි නියෑළීමට වර්ෂ දස දහස්‌ ගණනක්‌ ගත කිරීමට අවශ්‍ය නැත. මක්‌ නිසාද යත් ඔවුන් සතු තාක්‍ෂණයෙන් වර්ෂ 100 කටත් අඩු කාලසීමාවකදී එය ඔවුන්ට නිමා කිරීමට හැකියාව ඇති හෙයිනි. සමහර පරීක්‍ෂකයන්ගේ සොයා ගැනීම් අනුව පෘථිවි මානුෂ වාර්ගිකයන් අනුසාරයෙන් නිෂ්පාදනය කරන ලද වාර්ගිකයන් ක්‍ෂීර පථ චක්‍රාවාටයෙහිම සෞර මණ්‌ඩල 1200 කට අයත් ග්‍රහ ලෝකයන්හි ජනපද පිහිටුවීමේ නියුක්‌ත කර ඇති බවය. එනම් ඕනෑම සුපිරි සභ්‍යත්වයක වාර්ගිකයන් අන්තර් චක්‍රාවාට තරණයෙහි එක්‌තරා සුවිශේෂී කාර්යයක්‌ ලෙස ජීවය සඳහා ග්‍රහලෝක සකස්‌ කිරීම හා ජනපද පිහිටුවීමද අනිවාර්යෙන්ම වන හෙයින් බොහෝ විට අපගේ චක්‍රාවාටයෙහි ජනපද පිහිටුවා අවසන් වී නොමැති හෙයින් විය හැකිය. උත්තරීතර සුපිරි සභ්‍යත්වයන්හි කොටස්‌කරුවන් වන කපෝත වර්ණ වාර්ගිකයන් වර්ග වශයෙන් විශාල ප්‍රමාණයක්‌ අපගේ චක්‍රාවාටයෙහි සිටින බවද එම කිසිම වර්ගයක්‌ පෘථිවි මානුෂ වාර්ගිකයන් මුළාවෙන්, යටත් කිරීමෙන්, වංචාවෙන්, බලහත්කාරයෙන් හෝ රහසිගතව හෝ ජෛව සම්මිශ්‍රණ ව්‍යාපෘතීන්හි නිරත නොකරවන බවද මනුෂ්‍යයන් හුදු කැමැත්තෙන්ම මේ ක්‍රියාවලියට හා සම්බන්ධ වී සිටින බවද සියලුම ග්‍රහලෝකයන්හි කටයුතු අන්තර් චක්‍රාවාට සමූහාණ්‌ඩුවේ (GALACTIC CONFED ERATION) ආධාර විධි නියමයන්ට හා චක්‍රාවාට නීති රීති අභිලේඛනය (CODEX GALACTICA) අනුව ක්‍රියාත්මක වන හෙයින් මෙම පෘථිවි ව්‍යාපෘති එම කටයුතු පවරන ලද එක්‌තරා උත්තරීතර සභ්‍යත්ව වාර්ගික පිරිසකගේ රාජකාරි කටයුතු බවද මේ මතය දරන පරීක්‍ෂකයන්ගේ නිගමනය යයි. මේ පිළිබඳ විස්‌තර දැනගැනීමට අන්තර් ජාලයේ වෙබ් අඩවි රාශියක්‌ ඇත. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment