Thursday, December 6, 2012

රන් තැටියක කෙටූ සිංහල භාෂාව විශ්වයේ සැරිසරයි අභ්‍යවකාශ අන්තරීක්ෂ විකිරණ විහිදීම හේත=වෙන් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ෘභෟ පද්ධතිය වෙනස් වීමට අදාළ පණිවිඩයක්. පෘථිවි තලයේ ජීවත් වන මානුෂීය වාර්ගිකයන්ගෙන් කිතුනුවන් බිලියන 02 ක්‌ පමණ ද ඉස්‌ලාම් බිලියන 1.3 ක්‌ පමණ ද හින්දු මිලියන 900 ක්‌ පමණ ද ආගම් නොඅදහන මිලියන 850 ක්‌ පමණ ද වෙනත් ආගම් මිලියන 525 ක්‌ පමණ ද බෞද්ධාගමිකයන් මිලියන 360 ක්‌ පමණ ද වන බව ගෝලීය සංඛ්‍යා දත්තයන්හි අන්තර්ගතය. සියලු ආගම් උත්තරීතර වටිනාකම් පිළිබඳ සැලකිලිමත් වන අතර එම වටිනාකම් වඩාත් තියුණු අයුරින් වර්ධනය කොට ගෙන තම ජීවිතය තුළ අභ්‍යාස කිරීම සඳහා අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලබාදීම හේතුවෙන් බොහෝ මිනිසුන් එම වටිනාකම් වර්ධනය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කරගෙන යනු ලබයි. එම හේතුවෙන් සමස්‌ත ලෝකවාසීන්ගෙන් බහුතරයක්‌ ආගම් පිළිබඳ දැඩි විශ්වාසයක්‌ ගොඩනඟාගෙන ඇත. ලෝක ආගම් අතුරින් දේව ආගම් (Cheism) ඒක දේව ආගම් (Monotheism) බහුදේව ආගම්, (Polytheism) අදේව ආගම් (Atheism) වශයෙන් අනන්ත වූ ආගම් ඇති අතර ක්‍රිස්‌තු පූර්ව 06 වන ශත වර්ෂයේ පහළ වූ ගෞතම බුදුන් වහන්සේ විශ්වය සදාකාලික බවද, අනවරාග්‍ර බවද මානුෂීය චින්තනයට ග්‍රහණය නොවන බවද දේශනා කර ඇති අතර ක්‍රිස්‌තු පූර්ව 4 වැනි ශත වර්ෂයේ ගී්‍රසියේ ඇතැන්ස්‌හි ජීවත් වූ දාර්ශනිකයකු හා මැසිඩොනියාවේ මහා ඇලෙක්‌සැන්ඩර්ගේ ගුරුවරයාද වූ ඇරිස්‌ටෝටල් පඬිවරයා අපගේ විශ්වය අපරිමිත වශයෙන් පෞරාණික වන බව හෙවත් සදාකාලිකව පැවැති බවද උගන්වා ඇත. පෙර අපර දෙදිගම පැරණි දාර්ශනික ප්‍රවාහයන්හි පවා විශ්වයෙහි ආරම්භය පිළිබඳ සමාන මත දරා ඇත. නූතන දාර්ශනික ක්‍රියාදාමයේ විශ්වයේ ආරම්භය පිළිබඳ මතයක්‌ වී ඇත්තේ ස්‌පන්දමාන විශ්ව න්‍යායයි. (Oscillating Universe Theory) විශ්වය හා එහි බහු විධ ආකාර සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ කරුණු හැදෑරීමේදී එය පෘථිවියෙන් ආරම්භ කිරීම පහසු වන අතර හොමෝසේපියන්ස්‌ සේපියන්ස්‌ (Homosapiens-Sapiens) නමින් හඳුන්වන අද්‍යතන පෘථිවි මානුෂවාර්ගිකයන් මෙයට වසර දස දහසකට පෙර පෘථිවියේ කිසියම් ආකාරයක සංස්‌කෘතිමය හෝ මූල ස්‌වභාවමය සභ්‍යත්වයන්ගේ නිර්මාණයෙහි නියුතුව සිටි බවට සාක්‍ෂි නොමැත. සියලුම පෘථිවි සභ්‍යත්වයන් හදිස්‌සියේම ඉතා කෙටි කලකදී විනාශයට පත්වී පෘථිවියෙන් අන්තර්ධාන වී ඇත. පෘථිවි මානුෂිය වාර්ගිකයන් ජීවත් වන පෘථිවි තලය පිහිටි විශ්වයට අමතරව අනන්ත අප්‍රමාණ විශ්වයන් ඇත. මිනිසා ජීවත් වන විශ්වයෙහි සුවිශාල ආකෘතිය අනුව පෘථිවිය ස්‌වභාවයෙන් හා ස්‌වරූපයෙන් ඉතා නොවැදගත් වස්‌තුවකි. එවැනි පෘථිවියේ වාසය කරන ලොව සිසාරා විද්‍යාඥයන්ද, දාර්ශනිකයන්ද විශ්වය පිළිබඳ තව දුරටත් අධ්‍යයනයේ යෙදී සිටීම මානව ප්‍රගමනයට ඉතා වැදගත්ය. අද්‍යතනව සොයාගෙන තිබෙන පරිදි විශ්වයෙහි චක්‍රාවාට බිලියන 300 කට අධික ප්‍රමාණයක්‌ද අපගේ චක්‍රාවාටයෙහි තාරකා බිලියන 400 පමණ ද වන අතර එයින් අවම වශයෙන් 80% ක ග්‍රහලෝක පිහිටා ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ නිගමනයයි. මෙය සංඛ්‍යාමය වශයෙන් පවා ඉතා විශාල ප්‍රමාණයෙකි. මෙසේ බිලියන ගණනාවක්‌ වන අපගේ ක්‍ෂිර පථයේ (Milky way) පමණක්‌ අන්තර්ගත ග්‍රහලෝකයන්හි යටත් පිරිසෙන් අසම සම වූ උත්තරීතර වූ අතිශයින්ම දියුණු සුපිරි සභ්‍යත්වයන් මිලියනයක්‌ හෝ ඊට වැඩි ප්‍රමාණයක්‌ පැවැතිය හැකි යෑයි අද්‍යතනව බොහෝ විද්‍යාඥයන්ගේ ආකල්පයයි. මහාචාර්ය ෆ්රෑන්ක්‌ ඩොනල්ඩ් ඩ්රේක්‌ (American Astronome and Astrophysicist Frank Donald Drake) මේ පිළිබඳ බොහෝ පර්යේෂණයන්හි නිරතව නිගමනය කර ඇත්තේ අපගේ චක්‍රාවාටයෙහි පමණක්‌ සුපිරි සභ්‍යත්වයන් දහසේ සිට මිලියන සියයක්‌ පමණ පවතින බවය. ඊට අදාළ ඩ්රේක්‌ සමීකරණය පහත පරිදිය. N = R FP NE FL Fi Fc L N = ක්‌ෂිර පථයෙහි සොයා අනාවරණය කරගත හැකි සභ්‍යත්වයන් (The Number of Civilizations in our Galaxy With Which Communication Might be Possible) R = තාරකා නිර්මාණයෙහි ප්‍රමාණය (The Average Rate of Star Formation Per Year in Our Galaxy) Fp = එම තාරකාවන්හි ග්‍රහලෝක පිහිටා ඇති ප්‍රමාණය (The Fraction of Thouse Stars That have Planets) nE = එම ග්‍රහලෝකයන්හි ජීවයට සුදුසු පරිසරයක්‌ සහිත ග්‍රහලෝක ප්‍රමාණය (The Average Number of Planets That can Protentially Support Life per Star That has Plants) FL = ජීවය නියත වශයෙන්ම උදාවූ ග්‍රහලෝක ප්‍රමාණය (The Fraction on the above that Actually go on to Develop Life at Some Point) FI = එම ජීවයන් සහිත ග්‍රහලෝකයන් අතරින් බුද්ධිමත් ජීව වාර්ගිකයන් ජීවත් වන ග්‍රහලෝක ප්‍රමාණය (The Fraction of the Above that Actually go on to Develop Intelligents Life) FC = එම බුද්ධිමත් ජීව වාර්ගිකයන්ගෙන් අන්තර් චක්‍රාවාටකරණයෙහි හෝ අන්තර් චක්‍රාවාට සම්බන්ධතාවන් පවත්වාගෙන යනු ලබන ග්‍රහලෝකයන්ගේ ප්‍රමාණය (The Fraction of civilizations that Develop & Technology that Releases Detectable signs of theier exis tence in to Space) L = එවැනි අන්තර් චක්‍රාවාට තරණයෙහි හෝ සම්බන්ධතාවයන්හි නිරත සභ්‍යත්ව පවතින කාල ප්‍රමාණය (The Lengh of time such civilizations Release Detectable signals in to space) මහාචාර්ය ඩ්රේක්‌ ඉදිරිපත් කරන ලද මෙම සමීකරණය අනුව අපගේ ක්‍ෂිරපථ චක්‍රාවාටයෙහි 1000 සිට 100,000000 දක්‌වා ප්‍රමාණයක්‌ එවැනි උත්තරීතර සභ්‍යත්වයන් අද්‍යතනව පවතිනු ඇතැයි නිගමනය කර ඇත. අපගේ අද්‍යතන ඥනයට ප්‍රත්‍යක්‍ෂ කරගත හැකි සභ්‍යත්වයන් සහිත N) තාරකාවන්ගේ ප්‍රමාණය (R) හා සමාන වේ නම් ග්‍රහලෝකයන් පිහිටා ඇති තාරකාවන්ගේ ප්‍රමාණය (Fp) ද ජීවය ඇතිවීමට භව්‍යතාවක්‌ ඇති ග්‍රහලෝකයන් ප්‍රමාණය එනම් පෘථිවිය හා සමාන ග්‍රහලෝකයන් (NE) ද එම ග්‍රහලෝකයන්හි ස්‌ථිර වශයෙන්ම ජීවය නිර්මාණය වීමට ඇති කාල ප්‍රමාණය (F2) ද උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පහළවීමට ගත වන කාල ප්‍රමාණය (F1) එම ජීවීන් අන්තර් චක්‍රාවාට ග්‍රහලෝකයන් අතර සම්බන්ධතාවන් අෙන්‍යාaන්‍ය වශයෙන් ඇතිකර ගැනීම (Fc) හා අතර කාලය (L) එම ශිෂ්ටාචාරයන් සොයාගැනීමට ඇති කාලසීමාව වේ. මේ අනුව අපගේ ක්‍ෂිරපථ චක්‍රාවාටයෙහි යටත් පිරිසයෙන් මිලියන සියයක්‌ උත්තරීතර සභ්‍යත්ව පවතින බව නිගමනය කර ඇත. රුසියාවේ මොස්‌කව් ඇස්‌ටෝ අභ්‍යවකාශ ආයතනයේ අධ්‍යක්‍ෂක මහාචාර්ය නිකොලායි කර්දාෂෙව්ගේ මතය අනුව කාර්මික හා විද්‍යාත්මක ඥනයෙන් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට වඩා වර්ෂ බිලියන ගණනාවක්‌ දියුණු අති උත්තරීතර සුපිරි සභ්‍යත්වයන් ක්‍ෂිරපථයේ පවතී. මෙවැනි සභ්‍යත්වයන්ට තමන්ගේ ග්‍රහලෝකයට අයත් තාරකාවේ පූර්ණ තාප බලශක්‌තිය තම ප්‍රයෝජනයට හරවා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණික ඥනයෙන් යුතු වන අතර පෘථිවි තාක්‍ෂණයට මෙතෙක්‌ හැකිවී ඇත්තේ සූර්යාගෙන් පෘථිවියට පමණක්‌ ලැබී ඇති හා ලැබෙන සුළු ප්‍රමාණයක්‌ වූ තාපයෙන්ද ඉතා සුළු ප්‍රමාණයක්‌ ශක්‌තිය බවට පරිවර්තනය කරගැනීම පමණි. රන් තැටිය (Golden Record) අභ්‍යවකාශයට ගෙන ගිය වොයෙජර් I (voyager I) යානය මහාචාර්ය කාල් එඩ්වර්ඩ් සේගන් භාෂා 55 කින් යුත් අන්තර් විශ්ව චක්‍රාවාට පණිවුඩය රැගත් රන් තැටිය (Golden Record) A Binary Code Message A ද්විමය ඛේතක පණිවිඩය සාගරයේ ජීවත් වන ජෙලි ෆිෂ් ජීවීන්ගේ හැඩරුවින් සකස්‌ කර ඇති පණිවිඩවලින් විස්‌තර කරනුයේ විශ්ව චක්‍රාවාට චුම්භකත්වයි. මොස්‌කව්හි ඇස්‌ටෝ අභ්‍යවකාශ ආයතනයේ මහාචාර්ය නිකොලායි කර්දාෂෙව් ^Astrow Space Center, pro - Nikolai Seme Novich Kardashev) අදහස්‌ කරන පරිදි අතිශයින්ම දියුණු උත්තරීතර සුපිරි සභ්‍යත්වයන් ඔවුන්ගේ තාරකාවන්ගේ තාප ශක්‌ති බලයෙන් පමණක්‌ සෑහීමට පත් නොවී තමන් ප්‍රවර්ථනය වන මුළු මහත් චක්‍රාවාටයෙහිම පූර්ණ ශක්‌තිය එනම් සමහර විට චක්‍රාවාට මධ්‍ය කුහර අභ්‍යන්තරය වටා ඝන ද්‍රව්‍යමය නොවන විශාල ආකෘතීන් නිර්මාණය කර එමගින් එම චක්‍රාවාටයෙහි මුළු මහත් තාප ශක්‌තිය ප්‍රයෝජනයට ගන්නා බවය. මේ අනුව විශ්වයෙහි පවතින සභ්‍යත්ව වර්ග ප්‍රධාන වශයෙන් කොටස්‌ 03 කට වෙන්කර ඇත. ප්‍රථම වර්ගයේ සභ්‍යත්වයන් තාක්‍ෂණයේ හා ආධ්‍යාත්මක ප්‍රගතිය අතිශයින්ම උසස්‌ සභ්‍යත්ව වර්ගයන් ලෙස සලකනු ලබන්නේ මුළු මහත් චක්‍රාවාටයක තාප ශක්‌තිය පූර්ණ බලවේගයක්‌ ලෙස පරිවර්තනයකින් උපයෝගී කර යොදා ගැනීමේ හැකියාව ඇති අධිතාක්‍ෂණ ඥනමය උත්තරීතර සභ්‍යත්වයන්ය. මෙම සභ්‍යත්ව අන්තර් චක්‍රාවාට තරණයෙහි යෙදී සිටින අතරම සෞරග්‍රහමණ්‌ඩල නිර්මාණයේද නිරතව සිටිති. ද්විතීය වර්ගයේ සභ්‍යත්වයන් තමන් ජීවත් වන ග්‍රහලෝකය අයත් වන තාරකාවේ පූර්ණ තාප ශක්‌තිය බලවේගයක්‌ ලෙස යොදා ගැනීමේ තාක්‍ෂණයෙන් සමන්විත උත්තරීතර සභ්‍යත්වයන් වේ. මෙවැනි සභ්‍යත්වයන් සෞරග්‍රහ මණ්‌ඩල නිර්මාණයෙන් අනතුරුව එම සෞරග්‍රහ මණ්‌ඩලයන්ට අයත් වන ග්‍රහලෝකයන්හි ජීවයට සුදුසු පරිසරය නිර්මාණය කර ජනපද පිහිටුවනු ලැබීම ආදියෙහි නිරත වෙමින් චක්‍රාවාටයන්හි භ්‍රමණය වෙති. තෘතීය වර්ගයේ සභ්‍යත්වයන් පෘථිවිය වැනි සාමාන්‍ය කාර්මික ඥනයෙන් යුත් තම තාරකාවෙන් ග්‍රහ ලෝකයට පතිත වන ශක්‌තිය පමණක්‌ උපයෝගී කර ගැනීමේ ශක්‌තිය සහිත සභ්‍යත්වයන් (භූගත තෙල් පෘථිවියෙන් පිටත චක්‍රාවාටයකින් රැගෙන විත් පෘථිවියේ තැන්පත් කරන්නට ඇති බවට බොහෝ ප්‍රමාණයක්‌ සාක්‍ෂි විද්‍යාඥයන් විසින් නොබෝදා සොයා ගනු ලැබ ඇත. එසේම පෘථිවියේ ජලය පෘථිවි තලය මත නිර්මාණය වූ බවට කිසිම සාධකයක්‌ නොමැති අතර චක්‍රාවාටය හරහා රැගෙන විත් පෘථිවි තලයේ තැන්පත් කරන්නට ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරනු ලැබ ඇත.) උක්‌ත වර්ග ත්‍රිත්වයෙන් ප්‍රථම වර්ගයට අයත් උත්තරීතර සභ්‍යත්වයන් අති දීර්ඝ කාලාන්තරයක්‌ ආයුෂ දරන අතර අපගේ ඥනයෙන් වර්ගීකරණයෙහි නිර්වචනයක්‌ ඉදිරිපත් කරන්නේ නම් අජරාමර වූ හා සමාන සභ්‍යත්ව වාර්ගිකයන් ලෙස දැක්‌විය හැකිය. පෘථිවි මානුෂ වාර්ගිකයන්ට තමන් අයත් වන තාරකාවේ තාපයෙන් සාමාන්‍ය ප්‍රමාණයක්‌ හෝ ශක්‌තිය ලෙසට පරිවර්තනය කරගැනීමට හැකි නම් එම බලය පමණක්‌ම ග්‍රහලෝක තරණය සඳහා ප්‍රමාණවත්ය. එහෙත් අපහට එවැනි තාක්‍ෂණික හැකියාවක්‌ අද්‍යතනවත් නොමැති අතර නුදුරු අනාගතයෙහිද ඇති වන බවක්‌ නොපෙනේ. මහාචාර්ය නිකොලායි කර්දාෂෙව්ගේ මතය අනුව ප්‍රථම හා දෙවැනි වර්ගයෙ උත්තරීතර සභ්‍යත්වයන් තෝරා ගැනීමට ඉතා පහසුය. එනම් මෙම සභ්‍යත්වයන් ප්‍රයෝජනයට ගනු ලබන පද්ධති හා ආකෘතීන් සාමාන්‍යය උපකරණ ආධාරයෙන් පරීක්‍ෂණයට භාජන කිරීමෙනි. එනම් තාපය, විකිරණය වන ශක්‌තියේ බලය උපාය මාර්ගයන්. උදා - තාරකාවන්හි හෝ චක්‍රාවාටයක හෝ විද්Hqත් චුම්භක වර්ණාවලියේ අධෝරක්‌ත කොටස පරීක්‍ෂණයට භාජනය කිරීමෙනි. පෘථිවියෙන් පිටත ජීවය (Extra Terrestrial Life of the Universe) පිළිබඳ සුප්‍රසිද්ධ කාල් එඩ්වර්ඩ් සේගන්. (Carl Edward Sagan 1934-1996) ගේ මතය වනුයේ සෑම වර්ෂ දස දහසකට වරක්‌ හෝ කිසියම් උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවියට පැමිණ ඇතැයි යන්නය. අපගේ චක්‍රාවාටයෙහි දියුණු සභ්‍යත්වයන් පවතින්නේ නම් පෘථිවියට ඉතා ආසන්නයෙන් පිහිටි තාරකා ගැන ප්‍රථමයෙන්ම සොයා බැලීම කළ යුතු බව පොදු මතයක්‌ වන අතර එයට හේතුව එසේ පරීක්‍ෂා කිරීම ඉතා පහසු ක්‍රියාවලියක්‌ වන හෙයිනි. නමුත් එසේ නොවෙන්නේ නම් ඉතා උසස්‌ සුපිරි සභ්‍යත්වයන් පවතිනු ඇත්තේ ඉතා ඈත එනම් ආලෝක වර්ෂ දහස්‌ ගණනක්‌ දුරින් හෝ විය හැකිය. එක්‌සත් ජනපදයේ ටියුලෙන් විශ්ව විද්‍යාලයේ ගණිතමය භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ෆ්රුන්ක්‌ ටිප්ලර්. (Frank Jennings Tiple, Mathmatical Physicist and Cosmologist) නව්‍ය ආකල්පයක්‌ ඉදිරිපත් කරමින් අතිශයින්ම උත්කෘෂ්ට සභ්‍යත්වයන් අපගේ චක්‍රාවාටයෙහි ජීවය නොමැති සෞරග්‍රහ මණ්‌ඩලයන්හි සුදුසු පරිසරය ස්‌ථාපිත කිරීම හා වාර්ගික දියුණු ජීවය සඳහා ජනපද පිහිටුවන්නේ නම් එය ජීවීන්ගේ මාර්ගයෙන් නොව ප්‍රථමයෙන්ම ස්‌වයංක්‍රීය රොබෝ යන්ත්‍ර මගින් බව සඳහන් කර ඇත. මෙවැනි රොබෝ යන්ත්‍ර ප්‍රතිරූපක නිර්මාණය වන ලෝකයන් හෝ එවැනි සමහර විට ජීවමය රොබෝ යන්ත්‍රයන්ගෙන් සමන්විත ලෝක පැවැතිය හැකි අතර බෞද්ධ ඉගැන්වීම්හි සඳහන් කරන "සිත නැතිවම කය ඇති බඹතල" පිළිබඳ සංකල්පය මෙහිලා සඳහන් කිරීම වැදගත්ය. විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ ග්‍රන්ථ රචක තාරකා විද්‍යාඥ තිමොති ෆෙරිස්‌ නම් සුප්‍රසිද්ධ ලේඛකයාගේ අදහස්‌ අනුව සමහර විට ස්‌වයං - ප්‍රතිරූප බිහිකරමින් සෑම ප්‍රදේශයකටම විහිදී පැතිරි යන යාන්ත්‍රික පරිගණක තොරතුරු මධ්‍යස්‌ථාන විශ්වයෙහි සියලු සභ්‍යත්වයන්හි සාමාජික තොරතුරු විස්‌තර පමණක්‌ නොව විද්‍යාත්මක, කාර්මික, මෙන්ම වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, අනුක විද්‍යාව, කාලගුණික හා දේශගුණික විද්‍යාව, කලාව, දර්ශනය, ආගම් හා පැරණි ශිෂ්ටාචාරයන්හි මූලධර්මයන් ආදිය පිළිබඳ ඉතා සූක්‍ෂම සටහන් පවා අන්තර්ගත වන බව නිගමනය වී ඇත. විශ්වයෙහි අද්‍යතනව ජීවත් වන සියලුම සභ්‍යත්ව වාර්ගිකයන්ගේ සුභ සාධනය පිණිස මෙම තොරතුරු හැදෑරීමෙන් ඔවුන්ගේ ඉදිරි පැවැත්ම හා අභිවර්ධනය බලාපොරොත්තු වීම එවැනි මධ්‍යස්‌ථාන පැතිරවීමෙහි අභිලාෂය වේ. එක්‌සත් ජනපදයේ ඔරේගොන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෙම්ස්‌ ඩියර් ඩොර්ෆ්ගේ (Oregon State University, Professor James Deardorff) මතය අනුව දියුණු සභ්‍යත්වයන් පෘථිවියට වඩා වර්ෂ දස දහසේ සිට බිලියන ගණනක්‌ විද්‍යා තාක්‍ෂණයෙන් උත්තරීතර වේ. උක්‌ත ආකල්පය නිකොලායි කර්දාෂෙව්ගේ මතයට සමාන අතර ෆ්රෑන්ක්‌ ඩ්රේක්‌ගේ සමීකරණය හා සමාන නොවනුයේ උත්තරීතර සභ්‍යත්වයන් ප්‍රමාණ වශයෙනි. ඇමරිකා මහද්වීපයේත් ඕසේටේ්‍රලියා මහද්වීපයේත්, ආසියා මහද්වීපයේත් විවිධ රටවල ධාන්‍ය වර්ග වගාකරන ගොවිබිම් වල අස්‌වැන්න ආශ්‍රිතව නිර්මාණය කරන බොහෝ ආකාර වෘත්තයන් වශයෙන් හඳුන්වන ඡායා ලේඛයන් (Pictogrm) පිළිබඳ ඇමෙරිකාවේ අස්‌වනු වෘක්‌ත අධ්‍යයන මධ්‍යස්‌ථාන විසින් (The Centre for Crop Circle studies) කරන ලද පර්යේෂණයන්ට අනුව යටත් පිරිසයෙන් අන්තර් චක්‍රාවාට කරණයෙහි නිමග්න වී සිටින උත්තරීතර සභ්‍යත්වයන් 12 ක්‌ උක්‌ත ක්‍රියාවලියෙහි නියුතුව සිටින බව විද්‍යාත්මකව පිළිගෙන ඇත. අස්‌වනු වෘත්ත අධ්‍යන මධ්‍යස්‌ථාන බොහෝ උතුරු ගෝලීය රාජ්‍යයන් වල ස්‌ථාපිත කොට පවත්වාගෙන කටයුතු කරනුයේ විශාල පිරිවැයක්‌ දරමිනි. අස්‌වනු වෘත්ත අධ්‍යනය පිළිබඳ ආචාර්ය ස්‌ටීව් කැනඩා (Dr. Steve Canda) විසින් රචිත කෘතීන් රාශියක්‌ ගෝලය සිසාරා ජනප්‍රියව ඇත. ඒ අතරින් ගෝලයේ ඕනෑම රටක ජනතාව පරිශීලනය කළ යුතු ග්‍රන්ථ ත්‍රිත්වයක්‌ වනුයේ. 1. Crop Circle Meanings, Understanding the Symbole, 2. Crop Circle How Read the Mandala Formations, 3. Crop Circle and Genetics යනුවෙනි. උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් නිරන්තරයෙන් නොයෙකුත් දියුණු විද්‍යාත්මක සංකල්ප පිළිබඳ සංඥ ලබා දෙනුයේ අස්‌වනු වෘත්ත ක්‍රියාවලිය හරහා බව පැහැදිලිය. ආචාර්ය ස්‌ටිව් කැනඩාගේ Crop Circle and Geneties‚ Sciences කෘතියේ විස්‌තර කරනුයේ ප්‍රවේණි විද්‍යාව නැතහොත් ජාන විද්‍යාව පිළිබඳ උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් විසින් ලබාදී ඇති විද්‍යාත්මක සංඥ ක්‍රියාදාමය පිළිබඳවය. මිනිසාගේ D.N.A. (Deoxynbonucleic - Acid) ආකෘතිය (DNA Diagrm) හා සම්බන්ධ ක්‍රියාවලියේ රූප සටහන් ඒ අයුරින්ම උක්‌ත මෝස්‌තරවල සටහන් වී තිබීම සැබවින්ම ආශ්වාද ජනකය. මේ පිළිබඳ විස්‌තර දැනගැනීමට www.youtube.com/watch?v=NL2Y - 5EWXRAවෙබ් අඩවියද 2012 New Crop Circle Shows a DNA Change in the Crop Circles යන වීඩියෝ දර්ශනයන්ද නැරඹීය හැකිය. Cosmic Rays Can Change DNA!! Human DNA Change in 2012 Explained ඇසුරේ පියාසර කරලීමෙන් මේ පිළිබඳ ශදම ඔමඉe වැඩ සටහන් දහස්‌ ගණනක්‌ දර්ශනය කරගනිමින් අධ්‍යනයේ යෙදිය හැකිය. පෘථිවි ගෝලයේ උතුරු රාජ්‍යයන් ඉතාම වැදගත් අධ්‍යයන ක්‍ෂේත්‍රයක්‌ වශයෙන් සුපිරි සභ්‍යත්වයන් පිළිබඳ හැදෑරීමත් ඔවුන්ගේ සංඥ සටහන් සහිත Crop Circle පිළිබඳ අධ්‍යයනය කිරීමත් කෙරෙහි තීව්‍රර අවධානය යොමුකර ඇත්තේ ඩොලර් මිලියන, බිලියන (109) ටි්‍රලියන (trillion) (1012) ක්‌වොඩි්‍රලියන (Quardrillion) (1015) ආදී වශයෙන් මුදල් ආයෝජනය කිරීමෙනි. ඇමරිකා එක්‌සත් ජනපදයත් එහි ප්‍රාන්ත රාජ්‍යයන් ද, අයිස්‌ලන්තය, නෙදර්ලන්තය, ස්‌වීඩනය, නෝර්වේ, ජර්මනිය, ජපානය ආදී තවත් බොහෝ ගෝලීය උතුරු ප්‍රාදේශීය රාජ්‍යයන් මේ පිළිබඳව සෙවීමට නොයෙකුත් ආයතන සථාපිත කොට ඇත. එම අධ්‍යයන ක්‍රියා මාර්ග හේතුවෙන් අද්‍යතනව උක්‌ත රාජ්‍යයන්වල භෞතික, මානසික, සමාජීය හා විද්‍යාත්ම ක්‍ෂේත්‍රයන්හි ද පොදුවේ සමස්‌ත සමාජ චරිතයේ ද යහපත් විනයානුකූල සමාජයන් ස්‌ථාපිත වී ඇති බව එම රාජ්‍යයන්වල ජනගහනය හා භූගෝලීය තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉතා පැහැදිලිය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ආදී මුතුන් මිත්තන් විශ්වයේ නොයෙකුත් අදෘශ්‍යමාන බලවේග පිළිබඳව ඉතා සමබරව සියුම්ව දැඩි භක්‌තියෙන් යුතුව කටයුතු කරලීම හේතුවෙන් අද්‍යතනව විද්‍යාත්මක සොයාගැනීම්වලින් ලබාගන්නා වූ ප්‍රතිඵල එදා අදෘශ්‍යමාන විශ්ව බලවේග ඇසුරින් ලබාගෙන ඇති බව ඔබේ පැරැන්නන් පිළිබඳ මතකය අවදි කර බැලීමෙන් ඔබට සිහිපත් වනු ඇත. මේ පිළිබඳ අධ්‍යයනයක යෙදීමට අන්තර් ජාලයේ Ancient Connection part I/I iy I/2, 2/I, 2/2 surmerian, Egyptian, Mayan, Crop circle Link to Flying serpemt god නැමැති you toub දර්ශනය ප්‍රමුඛ දර්ශන රාශියකට ඔබේ අවධානය යොමුකර හැකි අතරම ඒ හා සම්බන්ධ වෙබ් අඩවිවල සැරිසැරීමේත් ඊට අදාළ විද්වතුන්ගේ නොයෙකුත් භාෂාවලින් කෙරෙන විද්‍යාත්මක දේශනවලට ද අවධානය යොමු කළ හැකි අතරම ඈත අතීතයේදී භාෂා දහස්‌ ගණනකින් රචිත කෘතීන් ද අද්‍යතනව රචිත කෘතීන් ද දස දහස්‌ ගණනක තොරතුරු පරිශීලනය කර අවබෝධ ලැබීමට හැකිවනු ඇත. උක්‌ත ග්‍රන්ථ කර්තෘවරුන් විශාල ප්‍රමාණයක්‌ ගෝලයේ ඉතාමත් දියුණු විශ්වවිද්‍යාලවල ආචාර්ය, මහාචාර්යවරුන් බව ද මෙහි සටහන් තබමි. එසේම අවකාශයේ ඇති රේඛාවල ද වක්‍රවල ද පෘෂ්ඨිවල ද ලක්‍ෂණ අධ්‍යයනය කිරීමෙන් ලබාගත හැකි ඉතා වැදගත් සංඛ්‍යා පිළිබඳව දැනගැනීමට (DNA sound Crop Cricle you toub 2012 Secred geometry in crop Cricle) දර්ශනය හා විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීම් විද්‍යානුකූලව ඉදිරිපත් කරන විද්වතුන් වැඩසටහන් රාශියක තොරතුරු අන්තර්ජාලයේ සෙමින් සෙමින් අවදි සිතින් සැරිසැරීමෙන් ඔබට උකහා ගතහැක. අන්තරීක්‍ෂ ධූලි (Cosmic Dust) අන්තරීක්‍ෂ කිරණ (Cosmic Rays) නීහාරිකාවේ සහ සෞරග්‍රහ මණ්‌ඩලයේ උපත පිළිබඳ අධ්‍යයනය, විශ්ව සම්භවය, විශ්ව සම්භව ශාස්‌ත්‍රය එසේ නැතහොත් වාදය පිළිබඳ දැනගැනීම සඳහා ද වෙබ් අඩවි රාශියකි. උත්තරීතර සුපිරි සභ්‍යත්ව වර්ග 9 ක්‌ එකමුතුව නිර්මාණය කරන ලද උතුරු ගෝලීය රාජ්‍යයන් කිහිපයකම නිර්මාණිතCrop Circle හි උක්‌ත විෂයන්ට අදාළ අද්‍යතන හා අනාගත තොරතුරු ඇතුළත්ය. ඒ පිළිබඳව ද නොයෙකුත් ආචාර්ය, විද්‍යාඥ මහාචාර්යවරුන්ගේ දේශන ද, පොත පත ද අන්තර් ජාලයේදී ඔබට පරිශීලනය කළ හැක. විශ්ව චක්‍රාවාට අතුරින් නිර්මිත විද්යුත් චුම්භකත්වය පිළිබඳව ද, ප්ලාස්‌මා විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව ද නොයෙකුත් සංඥ Crop Circle හරහා ලබා දී ඇති අතරම එය තවදුරටත් ක්‍රියාත්මකය. මේ පිළිබඳව ද වෙබ් අඩවි රාශියකි. සාමාන්‍යයෙන් පෘථිවි පෘෂ්ඨයේ අඩි කිහිපයක්‌ යට ජලය ර¹ පවතින ස්‌ථානයන්හි හා ශ්‍රේෂ්ඨ පූජනීය ප්‍රදේශවලද, මහා පර්වත මතද, හිම කඳු, සානුවලද, අහසේ වලාකුළු අන්තරයේ ද උක්‌ත Crop Circle නිර්මාණය වනු ඇත. උක්‌ත අදෘශ්‍යමාන බලවේග පිළිබඳ අපේ ආදි මුතුන් මිත්තන් ඉතා ගැඹුරු අවබෝධයකින් කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිය. අද්‍යතන පාඨක ජනතාවට බෞද්ධ දර්ශනය ඇසුරේ මේ පිළිබඳව අවබෝධය ලබාගැනීමෙන් තම ආයුෂ කාලය වැඩි කර ගැනීමටත් මානසික හැකියාවන් වර්ධනය වීමත් ආදී කරුණු හරහා මානව ප්‍රගමනයේ දියුණුවට අවශ්‍ය නොයෙකුත් පැරණි විශ්ව බලවේගයන් නැවත ක්‍රියාත්මක කරගැනීමට හැකිවනු ඇත. මේ පිළිබඳව වැඩිදුරටත් විද්‍යාත්මක අධ්‍යයනයේ යෙදීමට අභිලාෂයක්‌ ඇති මානුෂ වාර්ගිකයන් Ufo Conferanse 2005 Part I - 10 දර්ශනය කිරීමේන් හා අධ්‍යයනය කිරීමේන් අපේ මහා සංස්‌කෘතියේ ගිලිහී ගිය මහා බලවේගයන් පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට හැකිවනු ඇත. එම වෙබ් අඩවිවල මහාචාර්ය කාල් එඩ්වඩ් සේගන්ගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම් ද ඇතුළු අද්‍යතන විද්‍යාත්මක තොරතුරු රාශියක්‌ ඔබට අධ්‍යයනය කරලීමට හැකිවන අතර ඒ නව්‍ය සොයාගැනීම් හා ප්‍රතිෂ්ඨාපනය කරලීම පිළිබඳ කරුණුවලට අදාළ බෞද්ධ හා හින්දු දාර්ශනික සංකල්ප ද තවදුරටත් අන්තර් ජාලයේ සැරිසැරීමේන් ඔබට අධ්‍යයනය කරලීමට හැකිවීම වාසනාවක්‌ වශයෙන් සලකමි. 1974 නොවැම්බර් 16 වැනි දින Arecibo Message නොහොත් අන්තර් විශ්ව චක්‍රාවාට පණිවුඩය පිළිබඳ අධ්‍යනය කිරීමට en/.wikipedia.org/wiks/arecibo message වෙබ් අඩවියට පිවිසිය හැක. මහාචාර්ය කාල් එඩ්වර්ඩ් සේගන්ගේ මූලිකත්වයෙන් නාසා ආයතනය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන ගණනක්‌ දුරින් පිහිටි ප්ලුටෝ ග්‍රහයා භ්‍රමණය වන චක්‍රාවාටය වෙත භාෂා 55 කින් සමන්විත පෘථිවි වාර්ගිකයන්ගේ සංගීත, ශබ්ද ආදී සවිස්‌තරාත්මක පණිවුඩයක්‌ රන් තැටියක (Golden Record) කොටා තැන්පත් කරන ලදී. එහි භාෂා 55 ක්‌ ඇතුළත් වූ අතර අවුරුදු 6000 කට වඩා පැරණි භාෂාවක්‌ වශයෙන් නාසා ආයතනය පිළිගත් අකේඩියානු (Akkadian) භාෂාවද ප්‍රමුඛව සිංහල භාෂාවද ඇතුළත්ව තිබීම ජාතියක්‌ වශයෙන් සිංහල භාෂාවෙහි විකාශය පිළිබඳ ඉතා වැදගත් විද්‍යාත්මක සාක්‍ෂියක්‌ අපට ලබා දෙයි. මක්‌නිසාද යත් ගෝලය සිසාරා භාෂාවන් 6900 ක්‌ පමණ භාෂනය වනු අතර එහි ඉතා පැරණිතම හා තවදුරටත් ජීවමාන පොහොසත් භාෂාවක්‌ වන සිංහල භාෂාව ඇතුළත් කිරීමට කාල් එඩ්වර්ඩ් හේගන් මහාචාර්යවරයා ඇතුළු NASA විද්‍යාඥ කණ්‌ඩායමට සුවිශේෂි හේතු තිබෙන්නට ඇත. පෘථිවි ගෝලය සිසාරා ප්‍රචලිත ඉංග්‍රීසි භාෂාව ඉන්දු - යුරෝපීය භාෂා විකාශයේ ජර්මානු ශාඛාවේ එක්‌ කොටසකි. ඉංග්‍රීසි භාෂාව, ඩෙනීෂ් භාෂාව (Danish)) ස්‌වීඩිෂ් භාෂාව (Swedish) නොර්වීජියානු භාෂාව (Norwegian) හා අයිස්‌ලන්ඩික්‌ භාෂාව (Icelandic) යන ස්‌කැන්ඩිවියානු භාෂාවන් ගෝලීය පැරණි භාෂාවක්‌ වන හොර්ස්‌ (Old Norse) භාෂාවෙන් ව්‍යqත්පන්න වූ භාෂාවන්ය. ඉංග්‍රීසීන් සමීපතම ඥාති භාෂාවන් වනුයේa නෙදර්ලන්තයේ, ජර්මනියේ හා ඩෙන්මාර්කයේ මුහුදු තීරයෙන් ඔබ්බෙහි පිහිටි ෆාසීයානු දූපත්වල භාෂිත ෆDසීයානුය. ඉංග්‍රීසි භාෂාව ජර්මානික භාෂාවක්‌ බව භාෂා ඉතිහාසය හැදෑරීමේදී පැහැදිලි වනු ඇත. වැඩිදුර අධ්‍යයනය සඳහා en/wikipedia.org/wiki/ History of The English Language History ඇතුළු වෙබ් අඩවි රාශියකි. කෙසේ වෙතත් පොදුවේ විද්‍යාත්මකව භාෂා ඉතිහාස විෂයේදී පිළිගන්නා පැරණිතම භාෂා අතරින් අදටත් ජීවමාන භාෂාවක්‌ වන සිංහල භාෂාවක්‌ එහි භාෂනය කරන සිංහල පෘථිවි මානුෂ වාර්ගිකයන්ද ඉතා ඉපැරණි බව මෙයින්ද පැහැදිළිවනු ඇත. වැඩි දුර අධ්‍යයනයට Voyage. JPL. NASA Gov/ Space Craft/ Languages/ Languages. වෙබ් අඩවි ඇතුළු NASA වෙබ් අඩවි රාශියක ඔබට සැරිසැරිය හැකිය. Aliens Make Crop Circles Best Evidence Ever, Cosmic Wakening වීඩියෝ පටයේ මහාචාර්ය කාල් එඩ්වර්ඩ් සේගන් 1974 දී අන්තර් චක්‍රාවාට විශ්ව පණිවුඩය පිළිබඳ හා ඊට පිළිතුරු 2003 දී පෘථිවිය වෙත ලද ද්විමය ෙ€තක (A Binary Code Message) පණිවුඩය පිළිබඳ දර්ශයන් සහිතව අධ්‍යයනය කළ හැක. උත්තරීතර සභ්‍යත්ව ජීවීන් අහස්‌ තලයේද සුපිරි සභ්‍යත්ව ජීවීන් පාෂාණ මතද, හිම මතද මෙම සංඥ සටහන් කර ඇත. 'Alien Wiriting in a Stone yd U.F.O. more Weird Sky Phenomon Enon in the U.S.A. yd 2009 U.K. Crop Circles. Crop Circles. U.S.A. Crop Circles. Crop Circles Canada. Crop Circles India ආදී වශයෙන් වෙබ් අඩවි හා වීඩියෝ දර්ශන දස දහසක ඉහත තොරතුරු ඇතුළත්ය. බෞද්ධ දර්ශනයේද, කිතුණු දහමේද, ඉස්‌ලාම් දහමේද, පැරණි දාර්ශනික හා ආගමික විස්‌තර වලද සඳහන් උක්‌ත ක්‍රියාවලිය පිළිබඳ ඉදිරියේදී වැඩි දුරටත් විස්‌තර කරනු ඇත. සත්‍ය වශයෙන්ම බෞද්ධ දර්ශනයේ උක්‌ත කාරණා පිළිබඳ ඉතා සුසරව දේශනා කර ඇත. උතුරු ගෝලීය රාජ්‍යයන් බෞද්ධ දර්ශනයේ විද්‍යාත්මක සංකල්ප තෝරා බේරාගෙන ටි්‍රලියන, බිලියන, මිලියන ඩොලර් වලින් වියදම්කර තාක්‍ෂණික හා යාන්ත්‍රික ක්‍රියාදාමයන් මගින් දශක ගණනාවක්‌ නොයෙකුත් ආකාරයේ පර්යේෂණ කර සොයාගත් කරුණු බුදුන් වහන්සේ ස්‌වජන්දතාවයෙන් අවබෝධ කරගෙන සමස්‌ත මානුෂිය වාර්ගිකයන්ට සරලව දේශනා කර ඇත. පෘථිවි ගෝලයේ ඉතා පැරණිතම සභ්‍යත්වයක්‌ නියෝජනය කරන ඔබද ඔබේ දූ දරුවන් බෞද්ධ ඥන මාර්ග වන අභිඥනයන්හි සංවර්ධනයට අවශ්‍යය භාවනාමය වැඩසටහන් සඳහා සිත යොමු කරවන්න. මක්‌ නිසාදයත් ලෝකයේ දියුණු සෑම රාජ්‍යයකම පාසල් අධ්‍යාපන ක්‍රමයට කුමන හෝ ආකාරයකින් සිත දියුණු කර ගැනීමේ නොයෙකුත් ක්‍රියා වක්‍රව හා සෘජුව ඇතුළත් වී ඇති බැවිනි. ඇමරිකා එක්‌සත් ජනපදයේ ජනගහනයෙන් 5% ක්‌ද බටහිර යුරෝපයේ ෂඩ්භිඥනයන්ගේ එක්‌ අභිඥවක්‌ හෝ කිහිපයක්‌ම ප්‍රගුණ කළ අය 50% ක්‌ පමණ සිටින බව ලිපි ලේඛන වල සඳහන්ය. පෘථිවි ගෝලයේ ඉතාමත්ම පැරණිතම මානුෂ සභ්‍යත්වයක්‌ වන අපද බෞද්ධ දර්ශනයේ දාර්ශනික සංකල්ප පරිශීලනය කරමින් අපේ දූ දරුවන්ට සුවදායී ජීවිතයක්‌ ඇති කරගැනීමට ක්‍රියාත්මක වීම මේ සහශ්‍රකයේ දැවැන්තම ක්‍රියාවයි. ඒ සඳහා විශ්වය පිළිබඳ නව්‍ය තොරතුරුත්, බෞද්ධ දාර්ශනික විස්‌තරත් පරිශීලනය කරනු ඇතැයි යන්න උත්තම සුපිරි සභ්‍යත්ව ජීවින්ගේ තෙවෙනි සහශ්‍රකයේ අපේක්‍ෂාවයි. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment