Thursday, December 6, 2012

සුපිරි සභ්‍යත්ව ජීවින්ගේ පෘථිවි ව්‍යාපෘති උත්තරීතර සභ්‍යත්වයන්ගේ එසේ නැතහොත් පිටසක්‌වල ජීවීන්ගේ. (EXTRA - TERRESTRIALLIFE OF THE UNIVERSE) විවිධාකාර විශ්මය ජනක අධිතාක්‍ෂණික අභ්‍යවකාශ යානාවන් පිළිබඳ තොරතුරු විමර්ශනයේදී හා ඔවුන් පෘථිවි මානුෂවාර්ගිකයන්ට විවිධාකාරයන්ගේ බහුවිධ ක්‍රියා ක්‍ෂේත්‍රයන්හි කිසියම් ආකාරයකින් සම්බන්ධව ස්‌වෙච්ඡාවෙන් හෝ අකමැත්තෙන් වුව හෝ කටයුතු කිරීමට සිදුවීම පිළිබඳ තරමක හෝ විස්‌තර ඕනෑම සිවිල් සමාජයක්‌ දැනගෙන සිටීම සාධනීය කාරණයකි. බොහෝ අවස්‌ථාවන්හි සමහර උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගෙන් කොටසක්‌ පෘථිවිය මතට ඔවුන්ගේ යානාවන්ගෙන් ගොඩබැස කිසියම් ආකාරයක ව්‍යාපෘතිවල යෙදෙන බව මේ පිළිබඳව දීර්ඝ කාලයක්‌ පරීක්‍ෂණයෙහි නියුතු ලොව පුරා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. සමහර විද්‍යාඥයන්ගේ මතය වනුයේ ඔවුන්ගේ මධ්‍යස්‌ථානය පවා පාථිවියේ පිහිටා ඇති බවය. ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති සාධක හා දැනට ක්‍රියාත්මක වී තිබෙන අධ්‍යනයන්ගෙන් සනාථ වී ඇත්තේ කිසියම් සභ්‍යත්ව වාර්ගිකයන් පිරිසක්‌ පාථිවියේ කුමන හෝ දූත මෙහෙවරක යෙදී සිටින බවය. මේ දූත මෙහෙවර ක්‍රියාත්මක වීම සුවිශේෂමය බහුවිධ ආකාර විය හැකි අතර උක්‌ත උත්තරීතර සභ්‍යත්වයන් කුමන ආකාරයක අරමුණු වලින් කුමන පරමාර්ථ හෝ කුමන හේතූන් නිසා එවැනි දූත මෙහෙවරක පෘථිවියේ නිමග්න වී අති දීර්ඝ කාලයක්‌ මෙසේ පවතිනුයේද යන්න නිසැකයෙන්ම ප්‍රත්‍යක්‍ෂ කරගැනීම අතිශයින්ම දුෂ්කරය. ලොව පුරා විවිධ රාජ්‍යයන්හි රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික සංවිධාන මගින් විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වන පරීක්‍ෂණයන්ගේ අනුසාරයෙන් මේ දක්‌වා සොයා ගනු ලැබූ තොරතුරු සාක්‍ෂි හා සාධක සංසන්දනය කිරීමෙන් මේ පිළිබඳව තාර්කික වශයෙන් කිසියම් නිගමයන්ට එළඹීමට සාමාන්‍ය වශයෙන් හැකිවී ඇත. උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ පෘථිවිකරණය හා ව්‍යාපෘති පිළිබඳව දශක තුනකට අධික කාලයක සිට පරීක්‍ෂණ කටයුතු වල යෙදී සිටින ගුවන් නියමුවකු, විද්‍යාඥයකු, මෙන්ම දේශපාලනඥයකුද වන තිමොතිගුඩ් (TIMOTHY GOOD U.F.O. AUTHORITY IN ENGLAND) තම අදහස්‌ මෙන්ම පරීක්‍ෂණ වාර්තාවන්ගෙන්ද නිරීක්‍ෂණයන්ගෙත් තොරතුරු ඇතුළත්ව 1987 එළි දැක්‌වූ AABOVE TOP SECRET THE WORLD WIDE U.F.O. COVER කෘතියේද 1996 ප්‍රකාශයට පත් කරන ලද ඊBEYOND TOP SECRET: THE WORLD WIDE U.F.O. SECURITY THREAT යන ග්‍රන්ථයේද සුපිරි සභ්‍යත්වවාර්ගිකයන්ගේ නොහොත් පිටසක්‌වල ජීවීන්ගේ පෘථිවි ව්‍යාපෘති හා සංචාරයන්ද ඉන් ඇතිවිය හැකි නොයෙකුත් තර්ජනද විස්‌තර කර ඇත. සාමාන්‍යයෙන් ඕනෑම උත්තරීතර සභ්‍යත්වවාර්ගිතකයන් පෘථිවි මානුෂ වාර්ගිකයන්ට වඩා ජීවන කාල ප්‍රමාණ වශයෙන්ද දීර්ඝ විය යුතු හෙයින් ජීවනයේ (ආයු කාලයේ) කාලාන්තරයක්‌ නිමග්න වීමේ ක්‍රියාශීලිභාවය සඳහා අන්තර් චක්‍රාවාට භ්‍රමනයේ යෙදී සිටිනු ඇතැයිද සමහර විට අප සෞරග්‍රහ මණ්‌ඩලය ආසන්නයේ වෙනත් සෞරග්‍රහ මණ්‌ඩලයක්‌ වෙත තරණයෙහි යෙදී, පාථිවිය සමීපයෙන් ගමන් කරද්දී දෘෂ්‍යමාන වන යෝධ යානා එවැනි වාහන විය හැකි බවද විද්‍යාඥයන්ගේ නිගමනය වී තිබේ. ඒ අතරම උක්‌ත උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවියේද සංචාරයේ යෙදෙන බව විද්‍යාඥයන්ට නිරීක්‍ෂණය වී ඇත. අප ගුවනින් ගමන් කරන විට සමහර ගමනාන්තයන් අතර වාරයේ වැදගත් නගරයක්‌ යෑයි ගුවන් නියමුවා ප්‍රකාශ කර සාමාන්‍ය අදහසක්‌ ලබා ගැනීමට ගුවන් යානය මදක්‌ ඇල කර එම නගරය දැක ගැනීමට සලස්‌වන්නාක්‌ මෙන් සංචාරකයන් රැගෙන ලෝකය වටා ගමන් කරන සමහර නෞකා විශේෂ දූපත් ආසන්නයේ නැංගුරම්ලා කුඩා බෝට්‌ටු වලින් ඒ දූපත් බැලීම සඳහා සංචාරකයන් එම දූපතට යොමු කරන්නා සේ සුපිරි සභ්‍යත්ව වාර්ගකියන්ද කුඩා යානාවන් උපයෝගි කරගෙන පාථිවියේ සැරිසරණ බව බොහෝ විද්‍යාඥයන්ගේ නිගමනයයි. ලොව පුරා විද්‍යා ප්‍රබන්ධයන්ගේද රූපවාහිනී නාටක මාලාවන්ගේද දැවැන්ත සිනමා නිර්මාණයන්ගේද මෙන් ඔවුනට විකාර මුහුණු අවයව හා රූප ස්‌වභාව නොමැති හෙයින් ජනාකීර්ණ නගරයක කිසිවකුගේ අවධානයට ලක්‌නොවී ගමන් කිරීමට ඔවුන් හොඳින් හැඩ ගැසී ඇති බව නොඅනුමානය. භෞතික ස්‌වරූපයෙන් පමණක්‌ නොව ඇඳුම් පැළදුම් වලින් පවා කුමන ආකාරයකින් හෝ මානුෂ වාර්ගිකයන් හා වෙනසක්‌ බොහෝ විට දැක ගැනීමට නොහැකි හෙයින් පෘථිවියෙහි ඕනෑම ස්‌ථානයක ගැවසීමට ඔවුනට හැකියාව ඇති බව විද්‍යාඥයන්ගේ නිගමනයයි. සැබවින්ම උත්තරීතර සභ්‍යත්වවාර්ගිකයන් සුවිශේෂි ඇඳුමකින් සැරසී පෘථිවියේ සංචාරය නොකරනු ඇත. අප, රටවල් හරහා ගුවනින් සංචාරක ඉලක්‌කය වූ ඈත දේශයන්ට ගමන් කරන්නාක්‌ මෙන් වෙනත් සෞරග්‍රහ මණ්‌ඩලයන් වෙත යෝධ අභ්‍යවකාශ යානා මගින් සුපිරි වාර්ගිකයන් ප්‍රවාහනයේ , සංචාරයේ යෙදී සිටින බවට සැක කළ හැකි සාධක වශයෙන් ප්ලූටෝ, සෙනසුරු, බ්‍රහස්‌පති හා අඟහරු ග්‍රහයා හා පෘථිවිය අසලින් ඉතා අධික වේගයෙන් සුවිශාල අකෘතීන් නිරන්තර භ්‍රමණයේ යෙදී සිටින බවද සමහර විට මෙකී ආකෘතීන් කිලෝමීටරයක ප්‍රමාණයේ සිට කිලෝමීටර් 250 කට අධික විෂ්කම්භයක්‌ දක්‌වා විශාලත්වයෙන් විවිධ වන බවද සමහර අන්තර් චක්‍රාවාට භ්‍රමන යානා පෘථිවිය හා සමාන සුවිශාල යානාවන් බවද සොයාගෙන ඇත. සමහර විට අප සෞරග්‍රහ මණ්‌ඩලය අන්තර් චක්‍රාවාට ගගනගාමීන්ගේ නාවාතැනක්‌ විය හැකි අතර හෝ සෞරග්‍රහ මණ්‌ඩල ආසන්නයේ චක්‍රාවාටය හරහා ගමන් කළ හැකි අන්තර් චක්‍රාවාට මහා පථයක්‌ එනම් සර්පිලි කුහරයක්‌ (WORM-HOLE) පිහිටා තිබිය හැකි බවය. සාමාන්‍යයෙන් එක්‌ වර්ෂයකට පමණක්‌ පෘථිවියේ දක්‌නට ලැබන උත්තරීතර සභ්‍යත් වාර්ගිකයන්ගේ යානාවන් පිළිබඳ නිරීක්‍ෂණ වාර්තාවන්හි සඳහන් වනුයේ ඒවා 70,000 කට වඩා වැඩි බවත් වාර්තා නොවන ප්‍රමාණය 90% පමණ වන බවත්ය. සාමාන්‍ය පියවි ඇසට නොපෙනන එහෙත් සුවිශාල දුරදක්‌නයක්‌ මගින් පමණක්‌ ග්‍රහනය කළහැකි ඉතා ඈතින් ගමන් කරන යෝධ යානාවන් ප්‍රමාණද ගණනින් ඉතා ඉහළය. පෘථිවි මානුෂ වාර්ගිකයන්ද කුමන හෝ හේතූන් නිසා පෘථිවි ගෝලයේ පිහිටි රාජ්‍යයන්වල සංචාරය කරන්නාක්‌ මෙන් සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්ද සෞරග්‍රහ මණ්‌ඩල හෝ චක්‍රාවාට තම අභිමතය පරිදි තෝරාගෙන සංචාරයේ යෙදෙනවා විය හැකිය. පුරා විද්‍යාත්මක සාක්‍ෂි අනුව පෘථිවියේ සමහර දේශයන්හි හදිස්‌සියේ මෙන් ආරම්භව සුළු කාලයක්‌ ඉතා සමෘද්ධිමත් ලෙස වැජඹුණු බවට සාක්‍ෂි දරන සභ්‍යත්වයන් රාශියක්‌ පැවැති බව මිනිස්‌ සංහතියම දන්නා කරුණකි. ක්‍රි. පූ. 3000 - 2000 ට ඉහත වූ භාරත දේශයේ ඉන්දු නිම්න මොහෙන්ජෝ දාරෝ හා හරප්පා සභ්‍යත්වය, ක්‍රි. පූ. 8000 - 6000 දී තුර්කියේ පතාල් හුයුක්‌ සභ්‍යත්වය, ක්‍රි. පූ. 4000 දී පමණ උච්ඡතම අවස්‌ථාව වූ බටහිර ආසියාවේ මෙසෙපොතෙමියානු උර්, උරුක්‌, සුසා ශිෂ්ඨාචාරයන් ක්‍රි.පූ. 7000 පමණ ඈතට විහිදී යන පලස්‌තීනයේ ජෙරිඛෝ සභ්‍යත්වය, ඇමෙරිකාවේ ඉන්කා, මායා ඇස්‌ටෙක්‌ ආදී ප්‍රධාන සභ්‍යත්වයන් දැනට වසර 6000 - 8000 කට පෙර කාලයක පෘථිවි මානුෂ වාර්ගිකයන්ගේ ආර්ථික, දේශපාලන හා සමාජමය වශයෙන් හා ආගමික චින්තනයෙන් සාමාන්‍ය කාලයක්‌ පැවැත හදිස්‌සියේම අතුරුදන් වී ගිය සභ්‍යත්වයන්ය. උතුරු මුහුද, රුසියාවේ වොල්ගා ගඟ අසල ප්‍රදේශය කළු මුහුද හා කැප්සියන් මුහුද අතර ප්‍රදේශයන් ආරම්භව ක්‍රි.පූ. 3000 පමණ කාලයේදී මැද පෙරදිග කව්කාස්‌ කඳු (CAUCASUS) හා මධ්‍යම ආසියානු පාමීර් (PARMIR) කඳු වැටි හරහා ඉන්දු නිම්න ප්‍රදේශ දක්‌වා ව්‍යාප්තව පැවැති ආර්ය වර්ගයාගේ පැරණි ශිෂ්ඨාචාරය විනාශ නොවී එහෙත් විහිදී ගිය එක්‌ සභ්‍යත්වයක්‌ වේ. නිරන්තරයෙන් සිදුවූ භූ චලනයන් (^PLATE TECTONICS&) හේතුවෙන් යුරෝපා ආසියානු භූමි ප්‍රදේශයේ උත්තර හා දක්‍ෂිණ දිග්භාගයන්ට විහිදී විසිරී වෙන් වී වර්ධනය වූ මේ සභ්‍යත්වයන්ගේ බහුවිධ සංස්‌කෘතීන් නූතනයේද මැනවින් විද්‍යමාන වේ. ඉහත පෞරාණික ආර්ය සභ්‍යත්වයේ ආඨ්‍ය ස්‌වභාවය නූතන ආගමික, දාර්ශනික හා විද්‍යාත්මක චින්තනයේ පුරෝගාමී ස්‌වරූපයන් වන සුළු ආසියාවේ හිටයිට්‌ (CUNEIFORM) ශරාකාර සහ චිත්‍රාකාර (HIEROGLYPH) ග්‍රන්ථයන්හිද භාරතයේ සෘග්වේද ආදී වෛදික ග්‍රන්ථයන්හිද අපූර්ව ලෙස විස්‌තර වී ඇත. ඉන්දු ගංගා නිම්න සභ්‍යත්ව යුගයේ මොහෙන්ජෝ - දාරෝ විශාලතම නගර සංකීර්ණය විය. ක්‍රි. පූ. 2000 - 3000 අතර එනම් නූතන වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 4000 - 5000 ක අතර කාලයකට ඉහත වැජඹුණ මෙම නගරයෙහි, පාලකයන් සඳහා නිර්මාණය කරන ලද සුවිශාල මන්දිර, මහා ජල ස්‌නාන තටාක, බලකොටු ආදියෙන් සමන්විත වූ මාර්ග හා අපවිත්‍ර ජලය පිටවීමට කාණු පද්ධතීන්ගෙන් යුක්‌ත වූ ආහාර කල් තබා ගැනීමට අවශ්‍ය ගොඩනැඟිලි හා ධාන්‍යාගාරයන්ගෙන් අනූන වූ නගරයේ එක කොටසකට අමතරව නගරයේ පහළ ප්‍රදේශයේ, උතුරු දකුණු හා නැගෙනහිර, බටහිර වශයෙන් සිරස්‌ ආකාරයෙන් පිහිටි මීටර් 1000 පල වූ වීථි කෙලවර අක්‌කර 22 භූමි භාගයක ඉදිකරන ලද ගොඩනැඟිලි 12 ක්‌ අන්තර්ගතය. මෙම ඉදිකරන ලද ගොඩනැඟිලි අතර ඉතා පටු මාර්ගයන්ද ඉතා හොඳින් අප ජලය පිටවී යැමට අවශ්‍ය කාණු හා ඒවා අක්‍රීය වුවහොත් නඩත්තු කිරීම හා ශූද්ධ කිරීම සඳහා අවශ්‍ය වන පරිදි තැනින් තැන බිලයන්ගෙන්ද යුත් පද්ධතියකින්ද සමන්විත වී ඇත. මෙහි ළිං සහ පොකුණු විශාල ප්‍රමාණයක්‌ ඇතුළත් වන අතර එය ශරීර සෞඛ්‍යයට බලපෑ ප්‍රධාන කරුණක්‌ වූ බව පැහැදිලිව දැක ගත හැකිය. එහෙත් වඩාත්ම කුතුහලය දනවන කරුණක්‌ වනුයේ තට්‌ටු දෙකක පමණ උසට ඉදිවී ඇති මෙම නගරයේ ගොඩනැඟිලිවල කාමරයන්හි කවුළු කිසිවක්‌ නොමැති වීමය. මොහෙන්ජෝ - දාරෝ නගරයේ මී වදයක්‌ මෙන් ඉතා කිට්‌ටුවෙන් ඉදිකර ඇති කාමර සහිත නිවාස හා නගරයෙහි ඉහළ ප්‍රදේශයෙහි උසට ගොඩනංවන ලද බලකොටු වැනි විශාල ගොඩනැඟිල්ලේ පෘථිවි මනුෂ්‍ය වාර්ගිකයන්ගේ උත්පාදන සම්මිශ්‍රණයට සම්බන්ධ වූ ස්‌ත්‍රීන් විමර්ශනයයෙහි හා ආරක්‍ෂාවෙහි යෙදී සිට ඇත. උත්තරීතර සභ්‍යත්වයන්ගේ නියෝජිතයන් ජීවත් වූ බවද තමන්ට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය හෙවත් බිහිකර ගනු ලැබූ පසුව එම නගරයෙන් පිටව ගිය බවද ගොඩනැඟිලි ස්‌වභාවිකව පැවැතීමට අත්හරින ලද බවද එහි පරිපාලන හා පැවැත්මේ ආකෘතීන් හදිස්‌සියේ බිඳ වැටී විනාශ වී ගිය බවද විද්‍යාඥයන්ගේ නිගමනයයි. එහෙත් සමහර විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ පලස්‌තීනයේ ජෙරිඛෝ, තුර්කියේ ෆතාල් හුයුක්‌ නගර මෙන් මෙම නගරයද සුපිරි සභ්‍යත්වයන් විසින් කිසියම් න්‍යෂ්ටික අවියක්‌ මගින් හදිස්‌සියේම විනාශ කරන ලද බවට සාක්‍ෂි ඇති බවය. පෞරාණික බොහෝ සභ්‍යත්වයන් මෙසේ නගර ආශ්‍රිතව හදිස්‌සියේ ආරම්භ වී සුළු කාලයක්‌ පැවැත එසේ හදිස්‌සියේ මෙන් අතුරුදන් වීමට හේතුවන භෞතික වශයෙන් වෙනත් සාධාරණ හේතූන් ඉදිරිපත් නොවන හෙයින්ද, ගංවතුර ගැලීම ආදී ස්‌වාභාවික ආපදාවලට සූදානම්ව සිටින්නට ඇතැයි යන සාධක තිබෙන හෙයින්ද, ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රියාවලිය අනුවද මෙම සභ්‍යත්වයන් නැතිවී යැමට හෝ වෙනත් හේතු ඉදිරිපත් නොවන හෙයින්ද මෙකී අදහස එසේ නැතහොත් නිගමනය විද්‍යාඥයන් හා පර්යේෂකයන් පොදුවේ පිළිගෙන ඇත. පෘථිවි මානුෂ වාර්ගිකයන්ගේ මූලාරම්භය පිළිබඳව අපූර්ව සොයාගැනීමක්‌ 1988 දී හවායි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මානව විද්‍යාඥ රෙබෙකා කෑන් (REBECCA L.CANN, UNIVERSITY OF HAWAI AT MANOADEPARTMENT OF ANTHROPOLOGY) කැලිෆොaනියා විශ්වවිද්‍යාලයේ බර්ක්‌ලේහි ජීව විද්‍යාඥයන් වන ඇලන් විල්සන් හා මාක්‌ ස්‌ට්‍රොaන්කින් (PROFESSOR ALAN WILKINSON, UNIVERSITY OF CALIFORNIA AT BERKELEY, MARK STONEKING, BIOLO GICAL ANTHROPOLOGY) විසින් සිදුකර ඇත. රෙබෙකා කෑන් ඇමෙරිකාවේ සිටින අප්‍රිකා, මැද පෙරදිග, ආසියා රටවලින් සංක්‍රමණය වූවන්ගෙන්ද ඔස්‌ටේ්‍රලියාව හා නිව්ගිනියාව යන රටවල ස්‌ත්‍රීන් 150 ක්‌ පමණ දෙනකුගේම ගර්භාෂයන්හි මාතෘ පාර්ශ්වයේම අඩංගු D.N.A විශේෂයක්‌ වන මිටෝඛොන්ඩි්‍රයන් D.N.A අනුකයන් පරිගණක ඇසුරෙන් පරීක්‍ෂා කරන ලදුව සොයා ගනු ලැබ ඇත්තේ සියලුම රටවල වාර්ගිකයන්ගේ පූර්ව මූලය ස්‌ත්‍රියක්‌ වන බවය. උක්‌ත පරීක්‍ෂණයන්ට පරිභාහිරව ඩග්ලස්‌ වොල්ස්‌ නම් ජීව විද්‍යාඥයා (DOUGLASWALLACE, MOLECULAR MEDICINE AND UROLOGY, AT EMORY UNIVERSITY IN ATLANTH අනුක වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව ඇතුළු විෂයන් රාශියක මහාචාර්යවරයෙකි. එමොරි විශ්වවිද්‍යාලයේ පරීක්‍ෂණ කණ්‌ඩායමක්‌ සමඟ ලෝකයේ මහාද්වීප හතරක පුද්ගලයන් 700 දෙනෙකුගේ රුධිරයෙහි මිටෝඛොන්ඩි්‍රයන් D.N.A පරීක්‍ෂා කිරීමෙන්ද එම නිගමනයට එළැඹ ඇත. එනම් නූතන විවිධාකාර හොමෝ සේපියන් (HOMO SAPIENS) නම් වූ මානවයා එම එකම පෞරාණික දුහිතෘන්ගෙන් පැවත එන බවය. මෙම ස්‌ත්‍රිය වසර දෙලක්‍ෂයකට පමණ පෙර ආසියානු අප්‍රිකානු මහාද්වීපයේ ජීවත්වන්නට ඇති බවද දැනට වර්ෂ අනූදහසකට (90000) හා එක්‌ලක්‍ෂ අසූදහසකට (180000) පෙර නූතන මානව වාර්ගිකයන්ගේ ආදිකාලීන ස්‌වරූප වාර්ගිකයන් ලෙස ලෝකය සිසාරා පැතිරී යන්නට ඇති බවද නිගමනය කර ඇත. 1996 දී ඔක්‌ස්‌ෆොaඩ් විශ්වවිද්‍යාලයයේ අනුක ජීවවිද්‍යා පරීක්‍ෂණාගාරයේ ආචාර්ය රොසලින්ස්‌ හාඩින් (PROF - ROSALIND HARDDIND - PALAEOGENTICITST BIOLOGYIST IN OXFORD UNIVERSITY) සහ පරීක්‍ෂණ කණ්‌ඩායම ලෝකයේ සියලුම මහද්වීපයන්ගේ විවිධ මානුෂ වාර්ගිකයන්ගේ රුධිරයේ D.N.A. අනුකයන් සසදා බැලීමේදී ප්‍රාදේශීය වශයෙන් පවතින විෂමතාවන් හි ඉතා පැරණි D.N.A. අඩංගු වී පවතින්නේ ආසියානු ජාතිකයන්ගේ බවද ඔවුන් වසර 200000 කට පමණ පෙර සිට ආසියාවේ ව්‍යාප්තව සිටි බවද විද්‍යාත්මකව සොයා ගෙන ඇත. එමෙන්ම 1999 දී ඔස්‌ටේ්‍රලියානු ජාතික කෞතුකාගාරයේ පුරා විද්‍යාඥ ආචාර්ය ආර්නොල්ඩ් මර්වුඩ් (NATIONAL MUSEUME AUSTRALIA - DR. ARNOLD WOOD - AN ARCHAEOLOGYISAT) ඉන්දුනීසියානු ෆ්ලෝරස්‌ දූපතේ (^FLORES ISLAND) සහ උතුරු ඔස්‌ටේ්‍රලියාවේ කරන ලද කැනීම් අනුව සොයා ගනු ලැබූ වසර මිලියන දෙකක පමණ පැරණි පූර්ව ශිලා යුගයට අයත් (UPPER PALAEOLITHIC) අයත් විවිධ වාර්ගිකයන්ගේ ආයුධ මෙන්ම උතුරු නැගෙනහිර දකුණු දිග අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශයන්හිදී සොයා ගත් විවිධාකාර හොමෝසේපියන්ස්‌ (HOMO SAPIENS) වාර්ගිකයන්ගේ ශරීරාවයව එකම ස්‌ථරයක, එකම ස්‌ථානයක තිබීමෙන් ඉතාම වැදගත් රහසක්‌ එළිදරව් වී ඇත. එනම් මෙම සොයා ගැනීම් අනුව අතිශයෙන්ම පැහැදිලි වී ඇත්තේ එක්‌ එක්‌ යුගයන්හි එකම කාලයෙහි පෘථිවියේ සෑම ප්‍රදේශයකම වාර්ගිකයන් ව්‍යDප්තව සිටි බවය. කිලෝමීටර් දහස්‌ ගණනක්‌ දුර උතුරු අප්‍රිකාවේ සහ උතුරු ඔස්‌ටේ්‍රලියාව අතර ප්‍රදේශයේ එකම කාලයකදී වාර්ගිකයන් ව්‍යාප්තව පැවැතීම උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ පෘථිවි ව්‍යාපෘතීන් හේතුවෙන් බව විද්‍යාඥයන්ගේ නිගමනයයි. එක්‌ වර්ගයක්‌ එකම කාලයෙහි පාථිවියෙහි ව්‍යාප්තව සිටම ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ රාජකාරියක්‌ බව තවදුරටත් බොහෝ පරීක්‍ෂකයන්ගේ නිගමනයකි. ඉතාමත් බරපතල ප්‍රශ්නය නම් අද්‍යතනව පෘථිවි මානුෂ වාර්ගික අපගේ පොදු මුතුන් මිත්තන් හෝ මුතුන් මිත්තන් කවුරුන්ද යන වගයි. උත්තරීතර සභ්‍යත්වවාර්ගිකයන් පිළිබඳ පර්යේෂණයන්හි නියුතු සියලුම විද්‍යාඥයන්ගේ පොදු මතය නම් මෙය D.N.A ආධාරයෙන් කෘත්‍රීම සංසේචනයෙන් සිදුවූවක්‌ බවය. මේ ආකාරයෙන්ම අද්‍යතනව පෘථිවි මානුෂවර්ගය බිහිවීම කෙරෙහිද බොහෝ විට හදිස්‌සියේ ප්‍රාදුර්භූත වී එසේම හදිස්‌සියේ විනාශ වී ගිය පැරණි සභ්‍යත්වයන්ද සෘජු හෝ වක්‍ර මාර්ගයෙන් සම්බන්ධ වන්නට ඇතැයි යනු පොදු නිගමනයයි. මේ අනුව පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ උත්පාදනය සම්මිශ්‍රණ ක්‍රියාවලියෙහි උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් සියුම් ආකාරයෙන් නිරත වී සිටින බවට උක්‌ත සාධක මගින් පැහැදිලි වී ඇත. එසේම පෘථිවියෙන් විවිධාකාර ද්‍රව්‍ය එනම් කිසියම් ආකාර ආහාර වර්ග රසායනික හා ඛනිජ ද්‍රව්‍යයන් මෙන්ම ජලය ද උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ සුවිශාල අභ්‍යවකාශ යානා මගින් ප්‍රවාහනය කරන බවට තොරතුරු අද්‍යතනව විද්‍යාත්මකව හෙළිදරව් වී ඇත. 21 වැනි සියවසේදීද සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් නොයෙකුත් පෘථිවි ව්‍යාපෘතිවල යෙදී සිටින ආකාරය විද්‍යාත්මක තොරතුරු ඇසුරෙන් ඉදිරි ලිපි වලදී විස්‌තර වනු ඇත. මෙම විෂයට අදාළ සෑම පරීක්‍ෂණ හා නිගමන ද දස දහස්‌ ගණනක්‌ වූ ලොව පුරා නොයෙක්‌ භාෂා වලින් රචිත පොත් පත්ද වන අතර අන්තර්ජාලයේ වෙබ් අඩවිද රාශියකි. දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment