Tuesday, December 25, 2012

වායු ගෝලයේ "මායා දොරටු" විවර වෙයි

වායු ගෝලයේ "මායා දොරටු" විවර වෙයි 1977 ගලපගොස්‌ දිවයින් සමූහයේ එක්‌ දූපතක ක්‍රියාත්මකව සිටි ජීව විද්‍යාඥයන් කොටසකගේ අවධානයට ලක්‌ වූ විශේෂ කාරණයක්‌ වූයේ එම දූපත්වල විසූ කුඩා µsන්ච් වර්ගයේ පක්‍ෂීන්ගෙන් විශාල ප්‍රමාණයක්‌ මිය ගොස්‌ සිටීමය. මෙම පක්‍ෂින් මිය යැමට හේතුවී තිබුණේ දැඩි නියඟය සහිත කාලගුණයයි. නමුත් එම පක්‍ෂීන්ගෙන් ශක්‌තිමත් දිගට උල්වූ හොටක්‌ සහිත කුරුල්ලන් මරණයෙන් ගැලවී තිබිණි. ඊට හේතුව වී ඇත්තේ ශක්‌තිමත් දිගු හොට නිසා දැඩි ලෙල්ලක්‌ සහිත ඇට වර්ග වුවද ලෙල්ල පලා ආහාරයට ගැනීමට ඔවුන්ට හැකියාව තිබීමය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ජෛව භූ රසායනික කටයුතු විවිධ හා සංකීර්ණ වීම හේතුවෙන් කාර්මික විප්ලවය ආරම්භවූ වකවානුවේ (ක්‍රි.ව. 1750 - 1800, EN.WIKIPEDIA.ORG/WIKI/INDUSTRIAL REVOLUTION) සිට කෘෂිකාර්මික, කාර්මික නිවාස, ගමනාගමනය, වැනි කටයුතු මූලිකව වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය හා වායු වර්ග ඉහළ ගොස්‌ ඇති බව ඉතා පැහැදිලිය. එම නිසා පූර්ව කාර්මික යුගයේදී වායුගෝලයේ පැවැති හරිතාගාර වායු සංයුතියට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිය හරිතාගාර වායු ප්‍රමාණයක්‌ අද්‍යතනව පවතී. වායුගෝලයේ හරිතාගාර වායු සංකේන්ද්‍රණය වැඩි වන විට එහි තාපය රඳවා ගැනීමේ හැකියාව වැඩිවන හෙයින් පෘථිවිය උණුසුම් වීම ඉහළ යනු ඇත. පෘථිවිය මතුපිට මානව ක්‍රියාකාරකම් නිරන්තරයෙන් ඉහළ යැම හේතුවෙන් වායු ගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ද ඉහළ ගොස්‌ ඇත. එහි ප්‍රථිඵලයක්‌ ලෙස පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යැම හා හරිතාගාර ආවරණ ක්‍රියාවලිය තීව්‍ර වීම ඉදිරියේදී වර්තමානයට වඩා ඉහළ යනු ඇතැයි විද්‍යාඥයන් නිගමනය කර ඇත. කාබන්ඩයොක්‌සයිඩ් හැරුණු විට වායුගෝලයේ මීතෙන්, නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් හා ක්‌ලෝරෝෆ්ලොරෝ කාබන් වැනි වායු වර්ගද ඉහළ යැමක්‌ දක්‌නට ඇත. පූර්ව කාර්මික යුගයේදී ස්‌වභාවික හරිතාගාර ක්‍රියාවලිය යටතේ එකී වායු නිකුතුවේ ප්‍රමාණය හා ඒවා පරිසරයෙන් ඉවත් කිරීම කාබන් චක්‍ර ක්‍රියාවලිය මගින් ස්‌වභාවිකවම තුලනය විය. උදාහරණ වශයෙන් පෘථිවියෙන් නිකුත් කරන හරිතාගාර වායු ස්‌වභාවික ක්‍රමය යටතේ වනාන්තර වැස්‌ම හා සාගරය විසින් නැවැත උරාගනු ලැබීය. අද්‍යතනව උක්‌ත ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන අතර එක්‌ අතකින් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර, අනෙක්‌ අතින් ඒවා උරාගන්නා ගබඩාවක්‌ ලෙස සැලකෙන වනාන්තර වැස්‌ම අඩුවෙමින් පවතී. මේ හේතුවෙන් නිකුතුව හා ඉවත්කිරීම අතර තුලනයක්‌ නොමැති වීමෙන්, වායු ගෝලයේ හරිතාගාර වායු සංකේන්ද්‍රණය අධික වී පෘථිවිය උණුසුම් වීමකට ගොදුරු වෙමින් පවතී. පෘථිවිය උණුසුම් වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ සැලකිල්ල ප්‍රදර්ශනය කරමින් 1988 දී ගෝලයේ රටවල් විශාල සංඛ්‍යාවකින් තෝරාගත් විද්‍යාඥයන් සිය ගණනකින් සමන්aවිත වූ දේශගුණ වෙනස්‌ වීම් පිළිබඳ, අන්තර් රාජ්‍ය සභාව (INTER GOVE RNMENTAL PANEL OF CLIMATE CHANGE.IPCC) ක්‌ පිහිටුවනු ලැබූ අතර නිර්දේශ ඉදිරිපත් කරනු සඳහා විද්‍යාත්මක විශ්ලේෂණ, බලපෑම අධ්‍යයන, ප්‍රතිචාර, උපාය යනුවෙන් කාර්ය සාධක කණ්‌ඩායම් දුන් නිර්දේශ ඉදිරිපත් කරන ලදී. අන්තර් රාජ්‍ය සභාව (IPCC) 1990 දී පහත දැක්‌වෙන නිගමනවලට එළැඹි තිබිණි. 1. 1990 දී පැවැති තත්ත්වය දිගටම පැවැතුනහොත් ක්‍රි.ව. 2025-2050 අතර කාලය තුළදී වායුගෝලයේ ඤ2 ප්‍රමාණය දෙගුණ වේ. 2. එහි ප්‍රථිඵලය ලෙස පෘථිවියේ මධ්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ 1.5 සිට 4.5 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. 3. උෂ්ණත්වය ඉහළ යාම පෘථිවිය සිසාරා ඒකාකාරී ලෙස සිදු නොවේ. ධ්‍රැවික ප්‍රදේශයන්හි ඉහළ යැම නිවර්ථනයන්හි මෙන් දෙගුණයක්‌ පමණ විය හැකිය. 4. පෘථිවිය උණුසුම් වීම මුහුදු මට්‌ටමේ සිට ඉහළ යැමකට හේතුවන අතර, මධ්‍ය මුහුදු මට්‌ටම ක්‍රි.ව. 2050 දී මීටර් 0.3 සිට 0.5 අතර ප්‍රමාණයකින්ද ක්‍රි. ව. 2100 දී මීටර් 1 ක්‌ පමණ ද විය හැකිය. 5. සාමාන්‍යයෙන් වර්ෂාපතනය නිවර්ථන ප්‍රදේශවල හා ධ්‍රැවාසන්න ප්‍රදේශයන්හි වර්ෂය සිසාරා අධික වේ. මධ්‍ය අක්‍ෂාංශයන්හිදී වැඩි වීම සිදුවේ. ප්‍රාදේශීය මට්‌ටමෙන් වර්ෂා පතනයේ වෙනස්‌කම් පුරෝකථනය කිරීම ඉතා අසීරු බවද එහෙත් බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය සැලකිය යුතු තරමින් අඩුවීමට හේතු විය හැකි බවද පෙන්වා දී ඇත. 6. බොහෝ ප්‍රදේශයන්හි සිදුවන වර්ෂාපතනය වැඩිවීමද උෂ්ණත්වයේ වැඩි වීම නිසා ඉහළ යන වාෂ්පීකරණය උත්ස්‌වේදනයට වන්දි ගෙවීමට ප්‍රමාණවත් නොවන හෙයින් පස වියළීම හා ජල හිඟයකට මුහුණදීමට සිදුවේ. 7. දෛනික හා සෘතුයික කාලගුණ රටාවන්හි සැලකිය යුතු වෙනස්‌කම් ඇති වේ. ඉහළ යන සාගර මතුපිට උෂ්ණත්වය නිවර්තන කුණාටු සංඛ්‍යාතය හා ත්‍රීව්‍රතාව වැඩි කිරීමට හා භූගෝලීය බලපෑම ප්‍රසාරණය කිරීමට හේතු වනු ඇත. දැනට දේශගුණික නිරීක්‍ෂණ හා වාර්තා පෙන්නුම් කරනුයේ ගෝලීය උෂ්ණත්වය වර්ධනය වෙමින් පවතින බවය. භුතල කාලගුණ මධ්‍යස්‌ථානයන් හා මුහුදු මතුපිට උෂ්ණත්ව වාර්තා පැහැදිලි කරනුයේ මේ සියවස තුළදී 1980 න් පසු උණුසුම් වර්ෂ 7 ක්‌ ඇති වී තිබෙන බවය. මේ සියවසේ වාර්තා හා ක්‍රියාකාරකම් හේතුවෙන් (IPCC) ආයතනය 2007 දී නොබෙල් ත්‍යාගයෙන් ඇගයීමට ලක්‌කර ඇත. ෂඡCC ආයතනයේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් වීමට විද්යුත් තැපෑල භාවිත කළ හැකිය. විද්යුත් තැපැල් ලිපිනය වනුයේ IPCC-SEC@WMO.INT. දුරකථන අංකය 41.22.730.8208/84/54 ය. උෂ්ණත්වයේ දෛනික හා වාර්ෂික චක්‍ර පෘථිවියේ භ්‍රමණය හා පරිභ්‍රමණය හේතුවෙන් ඇතිවන සූර්යපතන චක්‍ර මගින් පාලනය වේ. මතුපිට ශුද්ධ විකිරණ චක්‍රය උක්‌ත චක්‍රවල ප්‍රතිඵල පෙන්වනු ලබයි. දෛනික චක්‍රයේ ශුද්ධ විකිරණය ධන ස්‌වභාවයක්‌ පෙන්වන විට වාතයේ උෂ්ණත්වය ඉහළ නඟී. ශුද්ධ විකිරණය සෘණ වන විට වාතයේ උෂ්ණත්වය පහළ බසින අතර උක්‌ත මූලධර්මය දෛනික හා වාර්ෂික උෂ්ණත්ව චක්‍ර කෙරෙහි ව්‍යවහාර කළ හැකිය. ශුද්ධ විකිරණය ධන ස්‌වභාවයෙන් සෘණ ස්‌වභාවයට පත්වීම, දහවල් උණුසුම් වීම හා රාත්‍රිය සිසිල් වීමට සම්බන්ධය. ශ්‍රීෂ්මය උණුසුම් වීම හා සිසිරය ශීත වීම සිදුවනුයේ සාමාන්‍ය ශුද්ධ විකිරණය ග්‍රීෂ්මයේදී ඉහළ යැමත්a සිසිරයේදී පහළ වැටීමත් හේතුවෙනි. භූමිය මතුපිට ස්‌වභාවය හෙවත් රළු බවද උෂ්ණත්වය කෙරෙහි බලපානු ලබයි. ග්‍රාමීය ප්‍රදේශ සාමාන්‍යයෙන් තෙත් හා සෙමින් උණුසුම් වන අතර නාගරික කලාප වියළි හා වේගයෙන් උණුසුම් වීමට භාජන වේ. ඊට හේතුව නාගරික කලාප මතුපිට තාපය ශීඝ්‍රයෙන් අවශෝෂණය කරන හෙයිනි. මේ හේතුවෙන් තාප දූපත් (HEAT-ISLANDS, EN. WIKIPEDIA.ORG/WIKI/HEAT, ISLANDS) බලපෑමට ගොදුරු වේ. ජෙට්‌ ස්‌ට්‍රීම් ගෙන යන වායු ධාරාව උතුරු ඇමරිකාවේ වර්ෂාව හා හිමපතනය තීරණය කිරීමට බෙහෙවින් බලපානු ඇත. තාප දූපත් බලපෑම පිළිබඳ අවබෝධයෙන් නගර හා ගොඩනැඟිලි නිර්මාණය සැලසුම් කිරීම මගින් ලොව පුරා අතීතයේදී පවා තාප බලපෑම කළමනාකරණය කර ගෙන ඇත. අද්‍යතනව ලෝකය සිසාරා වානිජ නගර බොහොමයක්‌ සැලසුම් කර ඇත්තේ නව නාගරික සැලසුම්කරණය (NEW URBANISM) අනුව කටයුතු කිරීමෙනි. ප්‍රධාන නාගරික ප්‍රදේශ (METRO POLITAN, AREA) සැලසුම්කරණයේදී නව්‍ය සිද්ධාන්ත භාවිත කරලීමෙන් නාගරික උෂ්ණත්වය කළමනාකරණය කර ගත හැක. මහා ජනතාවක්‌ ඒකරාශී වන (MEGALOPOLIS) නගර නිර්මාණයේදී මේ පිළිබඳ අවධානය යොමු විය යුතුය. මේ ආකාරයට ඉදිවූ නගර වනුයේ ඔස්‌ටේ්‍රලියාවේ පර්ත් (PERTH), ඉන්දියාවේ වානිජ අගනගරය වන මුම්බායි (MUMBIAI FINANCIAL CAPITAL OF INDIA) උදාහරණය. කැලිෆොaනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්‌ටෝපර් ඇලෙක්‌ සැන්ඩර් (CHRISTOPHER ALEXANDER. PROFESSOR. UNIVERSITY OF CALIFORNIA, BIRKELEY) උක්‌ත තාප බලපෑම අවම කිරීමේ ඉදිකිරීම් ක්‍රියාවලියේ පුරෝගාමී ගෘහ නිර්මාණ ශිල්පියෙකි. නාගරික ප්‍රදේශ වල නගර, තාප දූපත් බලපෑමට ගොදුරු වන අතරම පර්වතී ගෝලයේදී (TROPOSPHERE) ද උස සමග උෂ්ණත්ව අඩුවේ. වායුගෝලයේ උස සමග උෂ්ණත්වය අඩුවන හෙයින් කඳුකරයන්හි උෂ්ණත්වය එහි පාමුලට වඩා අඩුය. එමෙන්ම දිවා රාත්‍රි උෂ්ණත්වය වෙනස්‌කම් උච්චත්වය, සමග වැඩිවේ. දෛනික හා වාර්ෂික උෂ්ණත්ව චක්‍රයෙන් සාමුද්‍රික හා මහාද්වීපික පිහිටීමේ බලපෑමටද ගොදුරු වේ. මේ ආකාරයට එකිනෙකට වෙනස්‌ වූ දේශගුණික මාරුවීම් පිළිබඳ ක්‍රියාවලිය දේශගුණ විද්‍යාඥ ජූලියා කෝල් (JULIA COLE) හඳුන්වා ඇත්තේ මායාදොරටු (MAGIC GATES) යන අර්ථයෙනි. ගෝලීය උෂ්ණත්වය 1970 ගණන්වල සිට සැලකිය යුතු වේගයකින් ඉහළ යැම නිරීක්‍ෂණය වූ පසු ඇයගේ තර්කයට අනුව පිළිවෙළින් 1976 දී සහ 1998 දී එවැනි මායා දොරටු දෙකක්‌ බිහිවී ඇත. 1976 ඇති වූ මායා දොරටුව තුළින් පෘථිවිය ගමන් ගත් ආකාරය තහවුරු කිරීමට අවශ්‍ය සාක්‍ෂි සොයා ගැනුනේ පැසිපික්‌ සාගරයේ පිහිටි කිරිබටි (KIRIBATI REPUBLIC - OF KIRIBATI GILBERT ISLANDS) නමැති රටට අයත් මයියනා (MAIANA) නමැති කොරල් කොදෙව්වෙනි. ((EN. WIKIPEDIA.ORG/WIKI/KIRIBATI HISTORY) 1976 සාගර මතුපිට උණුසුම සෙන්ටිග්‍රේඩ් 0.60 කින් යුහුසුළුව ඉහළ යැම සහ ඒ සමග මුහුදු ජලයේ ලවණ සාන්ද්‍රතාව 0.8% කින් පහළ යැම මේ පර්යේෂණ මගින් අනාවරණය වීම මගින් 1976 ඇතිවූ මායා දොරටුව පිළිබිඹු විය. දර්ශකයන්ට අනුව 1945 සිට 1955 අතරතුර ෆැසිපික්‌ සයුරේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේට්‌ 19.2 කට වඩා අඩුවෙන් පැවැතිණි. එහෙත් දේශගුණ මායා දොරටුව විවෘත වූ 1976 න් පසු එහි උණුසුම සෙන්ටිග්‍රේඩ් 250 ට වඩා අඩු වූයේ කලාතුරකිනි. මුළු පෘථිවි ගෝලය සිසාරා ඇති සාගර අතරින් උණුසුමකින් ඉහළම සාගරය ෆැසිපික්‌ සයුරේ බටහිර දිග ඝර්ම කලාපීය ප්‍රදේශයයි. එබැවින් දේශගුණය හැසිරවීමේදී එය තීරණාත්මක කටයුත්තක්‌ ඉටු කරන බව දේශගුණ විද්‍යා පර්යේෂකයකු වන මාටින් හුර්ලින්ග් (MARTIN HOERLING, RESEARCH METEOROLOGIST)පෙන්වා දී ඇත. ඝර්ම කලාපයට පතිත වන වර්ෂාපතනයෙන් වැඩි කොටසක්‌ මෙන්ම 1874-1950 කාලයේ ජීවත් වූ ජපාන දේශගුණ විද්‍යාඥ වසබුරො ඔයිෂි විසින් හඳුනාගත් ජෙට්‌ ස්‌ටි්‍රම් (WASABURO OISHI. JAPANESE METEOROLOGIST' KNOWN AS FOR HIS DISCOVERY OF HIGH-ALTITUDE AIR CURRENTS KNOWN NOW AS JET STREAM) නමැති ප්‍රබල වායු ප්‍රවාහයේ ස්‌ථානගතවීමත් නිර්ණායන වන්නේ උක්‌ත සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය මගිනි. ජෙට්‌ ස්‌ට්‍රීම් ගෙන යන වායු ධාරාව උතුරු ඇමරිකාවේ වර්ෂාව හා හිමපතනය තීරණය කිරීමට බෙහෙවින් බලපානු ඇත. (EN.WIEIPEDIA.ORG/WIKI/JET STREAM) ජෙට්‌ ස්‌ට්‍රීම් ප්‍රවාහයේ වෙනස්‌ වීම පිළිබඳ මෑත කාලීනව වඩාත් සිත් ගන්නා සුළු කරුණු අනාවරණය වූයේ දකුණු ඇමරිකාවේ ගලපගොස්‌ දිවයින (GALAPAGOS ISLANDS) වලදී සිදුවූ වෙනස්‌කම් වලදීය. ගලපගොස්‌ දිවයින් සමූහය පෘථිවි ගෝලයේ විශේෂ අවධානයට යොමු වූයේ 1835 දී සති 5 ක කාලයක්‌ චාල්ස්‌ ඩාවින්ගේ සංචාරයෙන් පසුවය. (EZINEARTICLES COM/VISITING-CHARLESDARWINS- GALAPAGOS-ISLANDS) ස්‌වභාවික වරණය (NATURAL SELECTION) හේතුවෙන් පරිණාමවාදය සිදුවන බවට තර්ක කළ චාර්ල්ස්‌ ඩාවින් සිය ප්‍රබල මතවාදය තහවුරු කිරීමට ගලපගොස්‌ දිවයින්වල වෙසෙන ෆින්චස්‌ (FINCHES) නම් කුඩා පක්‍ෂි වර්ගයා යොදා ගත්තේය. (EN.WIKIPEDIA.ORG/WIKI/NATURALSELECTION) උක්‌ත දූපත් වල හුදකලා බව හේතුවෙන් එහි වැඩුණු ගහකොල, පක්‍ෂි සිව්පාදි සත්ත්වයන් වර්ධනය වූයේ එයටම ආවේනික පරිසරයක බැවින් ගලපගොස්‌ දිවයින චාල්ස්‌ ඩාවින්ගේ විද්‍යාත්මක චින්තනයේ වර්ධනයට වඩාත් ඉවහල් වී ඇත. චාල්ස්‌ ඩාවින්ගේ 1835 සංචාරයෙන් පසුව ගලපගොස්‌ දිවයින් සමූහය ගෝලීය ජීව විද්‍යාඥයන්ගේ විවිධාකාරවූ පරීක්‍ෂණවලට භාජන වී ඇත. දූපත් සමූහයේ ජීවත් වන නොයෙක්‌ සත්ත්ව විශේෂවල ගති පැවැතුම් නිරීක්‍ෂණය කරන පර්යේෂණ මධ්‍යස්‌ථාන කිහිපයක්‌ම ගලපගොස්‌ දිවයිනේ පිහිටා ඇත. 1977 ගලපගොස්‌ දිවයින් සමූහයේ එක්‌ දූපතක ක්‍රියාත්මකව සිටි ජීව විද්‍යාඥයන් කොටසකගේ අවධානයට ලක්‌ වූ විශේෂ කාරණයක්‌ වූයේ එම දූපත්වල විසූ කුඩා ෆින්ච් වර්ගයේ පක්‍ෂීන්ගෙන් විශාල ප්‍රමාණයක්‌ මිය ගොස්‌ සිටීමය. මෙම පක්‍ෂින් මිය යැමට හේතුවී තිබුණේ දැඩි නියඟය සහිත කාලගුණයයි. නමුත් එම පක්‍ෂීන්ගෙන් ශක්‌තිමත් දිගට උල්වූ හොටක්‌ සහිත කුරුල්ලන් මරණයෙන් ගැලවී තිබිණි. ඊට හේතුව වී ඇත්තේ ශක්‌තිමත් දිගු හොට නිසා දැඩි ලෙල්ලක්‌ සහිත ඇට වර්ග වුවද ලෙල්ල පලා ආහාරයට ගැනීමට ඔවුන්ට හැකියාව තිබීමය. ඉතිරි වූ දිගු හොට සහිත පක්‍ෂීන්ගෙන්ද වැඩි කොටසක්‌ පිරිමි සතුන් වූ අතර වර්ෂා කාලය නැවත පැමිණි විට ගැහැනු සතුන් සඳහා වූ තරගයේදී දිගු හොට සහිත පක්‍ෂින් අනෙක්‌ පක්‍ෂින් මර්දනය කර ගැහැනු සතුන් හිමිකර ගෙන ඇත. උක්‌ත ද්විත්ව වරණය දූපතේ පක්‍ෂීන්ගේ ශක්‌තිමත් දිගු හොටවල අභිවර්ධනයට හේතු විය. මේ පක්‍ෂින්ගේ හොටවල මිනිම් වාර්තා වසර ගණනාවක සිට රැස්‌කර තිබූ බැවින් දිගු හොටක්‌ සහිත නව පක්‍ෂි වර්ගයක්‌ හඳුනා ගැනීමට ජීව විද්‍යාඥයන්ට හැකි වී ඇත. මේ සිදුවීම දේශගුණයේ මායා දොරටු සත්ත්ව පරිණාමයට බලපාන ආකාරය පිළිබඳ ඉතාමත්ම හොඳ උදාහරණයෙකි. ඉන්පසු 1998 ඇති වූ මායා දොරටුව හේතු කාරක වූයේ එල් නිනෝ-ලා නිනා චක්‍රයයි. (EL NINO-LA NINA CYCLE) වසර දෙකත් අටත් අතර කාල පරාසයකදී උද්ගතවන මේ චක්‍රයන් දේශගුණ තත්ත්වය කෙරෙහි ඉතා තදින් බලපානු ලබයි. ස්‌පාඤ්ඥ බසින් එන එල්-නිනෝ (ELNINO)) යන නම ක්‍රිස්‌තු දරුවා යන තේරුම ගෙන දෙයි. බොහෝ විට නත්තල් සමයේදී නව මුහුදු කලාපයේ හටගන්නා උණුසුම් ජල ප්‍රවාහය හැඳින්වීමට එල්-නිනෝ යන නම දකුණු ඇමරිකාවේ පෙරුවියානු ධීවරයන් විසින් භාවිත කරනු ලබයි. ලා-නිනා (LA NINA)) යන්න දකුණු ඇමරිකාවට ඔබ්බෙන් සාගරයේ ජලය සිසිල් වන කාල පරිච්ඡේදය හැඳින්වීමට භාවිත කරනු ලබයි. ෆැසිපික්‌ සාගරය හරහා හමන සුළඟ ලා-නිනා කාල පරිච්ඡේදයේදී බටහිර අතට දිවෙන අතර සාගරය මතුපිට ඇති උණුසුම් ජලය එම හේතුවෙන් ඔස්‌ෙටි්‍රලියානු වෙරළට සහ ඉන් උතුරේ පිහිටි සාගර කලාපයට නෙරපා හරිනු ලබයි. මෙසේ උණුසුම් ජලය බටහිර දිගට තල්ලුවීම නිසා ඇතිවන හිඩැස පිරවීමට පැමිණෙන අධික ශීතල ජල ප්‍රවාහය හැඳින්වෙන්නේ හම් බෝල්ට්‌ ප්‍රවාහය (HUMBOLDT CURRENT) යන නමිනි. ඒ ජර්මන් ස්‌වභාවවාදියකු සහ ගවේෂකයකු වූ ඇලෙක්‌සැන්ඩර් වොන් හම්බෝල්ට්‌ නමින් එම ප්‍රවාහය නම් කර ඇති හෙයිනි.(ALEXANDER VON HUM BOLDT 1769 - 1859 GERMEN NATURALIST AND EXPLORER)පෝෂණ ද්‍රව්‍යයෙන් බෙහෙවින් සරු හම්බෝල්ට්‌ ප්‍රවාහය දකුණු ඇමරිකානු වෙරළට ආසන්න ෆැසිපික්‌ සාගරයේ දී මතුවෙන අතර හම්බෝල්ට්‌ ප්‍රවාහය සමඟ ගලා එන අධිපෝෂ්‍යදායි ද්‍රව්‍යය පෙරුවින් ඇන්චොවෙට්‌ටා (PERUVIAN ANCHOVETTA) යන නමින් හැඳින්වෙන මත්ස්‍ය වර්ගයෙන් වෙරළාසන්න මුහුද පිරී යැමට සලස්‌වයි. බෝවීමේ වේගය අතින් උක්‌ත මත්ස්‍ය විශේෂය මසුන් අතර ප්‍රමුඛතමයන්ය. ^EN.WIKIPEDIA.ORG/WIKI/PERUVIAN ANCHOVETTA) උක්‌ත චක්‍රයේ එල්-නිනෝ කොටස ඇරඹෙන්නේ ඝර්ම කලාපීය සුළඟේ සැර බාල වීමත් සමගය. එවිට කලින් බටහිර දිගට තෙරපී ගිය උණුසුම් ජලය නැවත නැගෙනහිර දෙසට ගමන් කරමින් හම්බෝල්ට්‌ ප්‍රවාහයෙන් ගෙන ආ ජලය යටකර දමනු ලබයි. මෙසේ ආපසු එන උණුසුම් ජලය විසින් වාතයේ ආර්ද්‍රතාව වැඩිකිරීමත් සමගම පෙරුවියානු ශුෂ්ක ප්‍රදේශවලට තද වැසි ඇතිවේ. මේ ක්‍රියාවලියේදී යට වෙන හම්බෝල්ට්‌ ප්‍රවාහයේ සිසිල් ජලය දැන් බටහිර පැසිපික්‌ සයුරේ ඔස්‌ටේ්‍රලියානු වෙරළ දෙසට විහිදී යනු ඇත. මේ සිසිල් ජලය උණුසුම් ජලය පහසුවෙන් වාෂ්ප නොවන හෙයින් අඩු වර්ෂාව හේතුවෙන් ඔස්‌ටේ්‍රලියාවට සහ අග්නිදිග ආසියාවට නියඟය ඇතිවේ. මේ අයුරින් ඇතිවන එල්-නිනෝ තත්ත්වය උත්සන්න වූ විට එම හේතුවෙන් උද්ගත වන නියඟ, ගංවතුර සහ අනෙකුත් දේශගුණික වෙනස්‌කම් පෘථිවි තලයෙන් තුනෙන් දෙකොටසකට බලපානු ලබයි. 1997-98 එල්-නිනෝ සමය වඩා ප්‍රසිද්ධ වූයේ "ලෝකය ගිනිගත් වසර" යන නමින් ලෝක වන සත්ත්ව අරමුදල විසින් එම ක්‍රියාවලිය හැඳින්වූ නිසාය. මෙකල ඇතිවූ දැඩි නියඟය පෘථිවියෙන් වැඩි කොටසකට දරුණු ලෙස බලපෑවේය. පෘථිවි ගෝලයේ බොහෝ ප්‍රදේශයන්හි ලැව් ගිනි ඇති වූ අතර ඝර්ම කලාපීය තෙත් වනාන්තර පවා ගින්නට අසුව විනාශ විය. හෙක්‌ටයාර් මිලියන දහයක්‌ පමණ ඊට ගොදුරු වූ අතර ඉන් අඩක්‌ම ඉතා පැරැණි ඝණ වනාන්තරය. මෙසේ විනාශ වී ගිය බොහෝ වනාන්තර යළි මිනිසාට ප්‍රයෝජනයට ගැනීමට ගතහැකි කාල වකවානුවකදී පුනුරුත්ථාපනය වේයෑයි සිතීමට නොහැකි බව විද්‍යාත්මක පිළිගැනීමය. වායුගෝලයේ වැඩිවන හරිතාගාර වායු සංයුතිය හේතුවෙන් නිරන්තරයෙන් එල්-නිනෝ වැනි තත්ත්ව වල ප්‍රථිපල මිනිස්‌ සංහතියට අවාසිදායකව ක්‍රියාත්මක වනු ඇත. එල්-නිනෝ තත්ත්වය අතිශයින්ම තීව්‍ර වූ විට දේශගුණය තිරසාර ලෙසම වෙනස්‌ වීමට පුළුවන. 1998 එල්-නිනෝ ක්‍රියාදාමය ලෝක උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙන්ටිග්‍රේට්‌ 0.30 කින් වැඩිකිරීමට ප්‍රමාණවත් තාප ශක්‌තියක්‌ මුදා හැරියේය. එදා සිට ෆැසිපික්‌ සාගරයේ බටහිර මැද කොටසේ නිරන්තර ජල උණුසුම සෙන්ටිග්‍රේට්‌ 300 ක්‌ වූ අතර ජෙට්‌ ස්‌ට්‌්‍රම් වායු ප්‍රවාහය උත්තර ධ්‍රැවය දෙසට බරවී ගමන් කරන්නට විය. මේ හේතුවෙන් ආරම්භ වූ නව දේශගුණික රටාව පෙරට වඩා උග්‍ර එල්-නිනෝ තත්ත්ව ඇති කිරීමේ ප්‍රවණතාවක්‌ දක්‌වනු ලබයි. උග්‍ර එල්-නිනෝ තත්ත්වයන් හේතුවෙන් පෘථිවි ගෝලයේ නොයෙකුත් ප්‍රාදේශීය භූ සීමාවන් ඇතුළත කාන්තාරකරණය ආරම්භ වී ඇත. කාන්තාරකරණය සිදුවනුයේ දේශගුණික වෙනස්‌ කම් හා විවිධ මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන ශුෂ්ක, අර්ධ ශුෂ්ක, වියළි හා උප ආර්ද්‍ර ප්‍රදේශවල භූමිය අවක්‍රමණය වීමෙනි. එසේ සිදුවීමට බහුලව බලපානුයේ අඩු වර්ෂාපතනයක්‌ ඇති දිගු වියළි සෘතුවක්‌ ඇති නිතරම නියඟ ඇතිවන අඩු වෘක්‍ෂලතා ආවරණයක්‌ හා ඝනත්වයක්‌ සහිත තුනී නිසරු පස්‌ තට්‌ටුවකින් යුතු බිම් ප්‍රදේශයන්හිදීය. කාන්තාරකරණය එක්‌ අතකින් නියඟය හා භූමිය අවිධිමත් ලෙස පරිශීලනය හා පාලනය කිරීමේ ඒකාබද්ධ ප්‍රථිඵලයකි. දේශගුණය හා සම්බන්ධ සාධක නියඟය ඇතිවීමට හේතුවීමෙන් කාන්තාරකරණයට අවශ්‍ය පසුබිම සකස්‌ වනු ඇත.කාන්තාරකරණය පිළිබඳ දැනට ඇති පිළිගැනීම වනුයේ කාන්තාර කරණ ක්‍රියාවලිය බහුල වශයෙන් සිදුවනුයේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් බවය. කෙසේ වෙතත් කාන්තාර ප්‍රදේශ සංවර්ධන කරලීම පිළිබඳ පූර්වාදර්ශය ලබාදෙනුයේ ඊශ්‍රායල් ජාතිකයන්ය. එල්-නිනෝ ක්‍රියාදාමය පිළිබඳ ලිත වාර්තා වසර 400 කට වඩා ඉපැරැණි වූවද ඒ පිළිබඳ වැඩි අවධානය යොමු වූයේ 1970 දශකයේ මුලදී පීරු රටේ මත්ස්‍ය කර්මාන්තය බිඳවැටීමෙනි. 1998 එල්-නිනෝ තත්ත්ව හේතුවෙන් ඇතිවූ දේශගුණික ප්‍රවණතාවන් ඉතා තීව්‍ර ලෙස ගෝලයේ දේශගුණික ක්‍රියාවලියට බලපානු ඇත. උක්‌ත ප්‍රවණතාවන් මගින් ගම්‍ය වන්නේ හරිතාගාර වායු නිකුත් වීම අධික වීමෙන් ඇතිවන උෂ්ණත්වය ඉහළ යැමේ ප්‍රතිඵල හා විපාකයන්ය. මේ ප්‍රවණතා කෙතරම් විද්‍යාමානදැයි කිවහොත් මුගුරක්‌ අමෝරාගත් කාබන් ඩයොක්‌සයිඩ් විසින් ස්‌වභාවධර්මයා එලවා එලවා ධ්‍රැව ප්‍රදේශවලට පලවා හරිනු ලබන ක්‍රියාදාමය පරීක්‍ෂකයන්ගේ අතටම අසුවූවාක්‌ වැනිය. දේශප්‍රිය නානායක්‌කාර nanayakkara.nanayakkara@gmail.com

No comments:

Post a Comment