Thursday, December 6, 2012

විශ්වයේ උපත කෙසේ සිදු වීද...... මිනිසා ජීවත්වන පෘථිවි ග්‍රහලෝකයට අමතරව විශ්වයේ පාරභෞම්‍ය වූ ජීවීන් (EXTRATERRESTRIAL LIFE OF THE UNIVERSE) නොහොත් උත්තම සුපිරි සභ්‍යත්ව ජීවීන් පිළිබඳව සොයා බැලීම සඳහා ඇමරිකා එක්‌සත් ජනපදය ප්‍රමුඛ රාජ්‍යයන් කිහිපයක්‌ ම ඉතා තීව්‍ර ලෙස කටයුතු කරමින් සිටී. ඒ සඳහා නොයෙකුත් පර්යේෂණාගාර හා නව තාක්‍ෂණික උපකරණ ප්‍රයෝජනයට ගන්නා බව ඒ පිළිබඳ ලියවිලි පරිශීලනයේදී ඉතා පැහැදිලිය. උදාහරණ වශයෙන් කිහිපයක්‌ වනුයේ 100 මිලියන ඩොලර් කෙක්‌ දුරදක්‌නය. (100 MILLION DOLLAR KACK TELESCOPE MAUNA KEY HAWAI) සෙරෝ ටෝලෝ අන්තර් ඇමරිකානු පරීක්‍ෂණාගාර (CERRO TOLOLO INTER AMERICAN OBSERVATOLY - CHILLE) 1990 ආරම්භ කරන ලද භග භග ඔග නව තාක්‍ෂණික දූරදර්ශකය යුරෝපීය දක්‍ෂිණ පර්යේෂණාගාරය ඇන්ඩීස්‌ ප්‍රදේශය. N. N. T. THE TECHNOLOGY TELESCOPE) 1990 හබල් අභ්‍යවකාශ දූර්දර්ශකය (NASA HUBBLE SPACE TELESCOPE) කම් ඕන් දක්‍ෂිණ යුරෝපීය පර්යේෂණාගාරය චිලී රටේ ඇටකමා ප්‍රදේශය (ලොව විශාලතම දූරදර්ශකය) COME - ON EUROPEN (SOUTHERN OBSERVATORY CERRO PERANAL IN CHILLE - ATACAMA DESERT, WORLD LARGEST OPTICAL TELESCOPE). COBE ආන්තරික පසුතල ගවේෂකයා (COBE - COSMIC BACKGROUND EXPLORER). ජාතික විද්‍යා ආයතනය දුරේක්‍ෂය ආර්කිබෝ පොටොරිකෝ, දකුණු ඇමරිකාව (NATIONAL SCIENCE FOUNDATION RADIO TELESCOPE AT ARECIBO PUERTORICO). රොන්ජින් චන්ද්‍රිකාව නව අන්තර් ජාතික භ්‍රමණය වන පරීක්‍ෂණාගාරය අධෝරක්‌ත දුරේක්‍ෂ පහසුකම් මවුන්ලි හවායි. (ROST OR ROVENTGEN SATELLITE A NEW INTERNATIONAL ORBITING XRAY NERVATORY, NASA INFRARED. TELESCOPE FACILLITY ON MOUNALEE HAWAIE.) කැල්ටෙක්‌ස්‌ ඕවන් වැලීගේ ගුවන්විදුලි පරීක්‍ෂණාගාරය. (CALTECH'S OWEN VALLEY RADIO) TOPS - TOWARDS OTHER PANEIARY SYSTEM (NASA) පොළවෙන් ඈත පිහිටි ග්‍රහ වස්‌තුවල උත්තම සභ්‍යත්ව සුපිරී ජීවීන් සොයා ගැනීම පිළිබඳ ක්‍රියාවලිය. H. R. M. S. උත්තම විභේෂණ ශුක්‍ෂම තරංග පරීක්‍ෂණය. SETI NASA'S SEARCH FOR XTRA TERRESTRIAL INTELLIGANCE) H. R. M. S. - HIGH RESOLUTION MICROWAVE SURVEY. මේ ආදී වශයෙන් සිය ගණනක්‌ වූ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන උක්‌ත කරුණු පිළිබඳ පර්යේෂණ කරමින් සිටී. විශ්වයේ ආරම්භය පිළිබඳ කරුණු හදාරණ විශ්ව සම්භව විද්‍යාවේ උක්‌ත විෂයන් හැදැරීමේ දුෂ්කරතාවන් විග්‍රහයට පාත්‍ර වන උභතෝකෝටික කාරණ 03 ක්‌ විදහා දැක්‌වේ. 1. ප්‍රථම උභතෝකෝටිකය - හේතුවක්‌ රහිතව ක්‍රියාවක්‌ නොවේ. කාලයේ ප්‍රතිපාදනය සමීපයෙහි හමු වූ ඕනෑම සිදුවීමක්‌ එයට පෙර වූ කිසියම් සිදුවීමක ප්‍රතිඵලයක්‌ වේ. මේ හේතුවෙන් විශ්වයෙහි මුල් සම්භවය අපහට කවරදා ප්‍රත්‍යක්‍ෂ කළ හැකි නොවේ. 2. ද්විතීය උභතෝකෝටිකය - යමකින් හෝ යමක්‌ සඳහා නොමැති දේකින් කිසිවක්‌ නිර්මාණය නොවේ. විශ්වයෙහි මූලාරම්භය යනුවෙන් යම් සංකල්පයක්‌ අර්ථවත් විය යුතු නම් එය කිසිවක්‌ නොමැති එනම් ශුන්‍යත්වයකින් නිර්මාණය විය යුතුය. එම නිසා තාර්කික වශයෙන් මූලාරම්භයේ විග්‍රහයක්‌ ඉදිරිපත් කළ නොහැකිය. විශ්වයේ ශක්‌තිය ශුන්‍ය නම් එය එසේම පැවතිය යුතුය. 3. තෘතීය උභතෝකෝටිකය - විශ්වයෙහි ශක්‌තිය පිළිබඳ නොසලකන ලද්දේ ම එය වෙනත් ආකෘතියකින් බිහිවිය යුතු අතර එම ආකෘතිය ද වෙනත් කිසියම් අන්‍ය ආකෘතියකින් නිර්මාණය විය යුතුය. මේ අනුව අප අපරිමිත ප්‍රතිගමනක යෙදී සිටී. විශ්වයෙහි ස්‌වභාවය අවබෝධ කර ගැනීම පිළිබඳ උක්‌ත දුෂ්කරතාවන් එකින් එක පැහැදිලි කරමින් විශ්වය පිළිබඳ වර්තමාන සොයා ගැනීම් මෙහි විස්‌තර කෙරෙනු ඇත. සූර්යයා නමින් හඳුන්වන තාරකාව, ඊට අයත් ග්‍රහලෝක චන්ද්‍රයින් ග්‍රහක ආදී විවිධ වස්‌තූන් බොහොමයකින් සමන්විත ක්‍ෂිරපථය (MILKYWAY) නම් වූ දණ්‌ඩ සර්පිලාකාර චක්‍රාවාටයෙහි මධ්‍යයේ සිට ආලෝක වර්ෂ 30,000 ක්‌ දුරින් "ඔරයොන්" නමින් හැඳින්වෙන වෘත්තාකාර ශාඛාවේ මධ්‍යම ආසන්න එක්‌ ව්‍යාප්ත වූ කෙළවරක පිහිටා ඇත. සූර්යයාගේ අසල්වැසියන් වශයෙන් ආලෝක වර්ෂ දහහතක්‌ අතරතුර පිහිටි තාරකාවන් හැටක්‌ පිළිබඳව තාරකා විද්‍යාඥයන් වන "පීටර්වෑන්ද කෑම්ප්" හා "සාරා ලී ලිපින්කෝට්‌" විසින් සවිස්‌තරව කරුණු හදාරා ඇත. අපේ තාරකා මණ්‌ඩලය මන්දාකිණි සංරචක (GALACIC COMPONENTS) කිහිපයකින් සමන්විත වේ. (GALACIC COMPONENTS) මූලික වශයෙන් සෙන්ටෝරස්‌ (CENTAURUS) සැජිටෝරස්‌ 2.3 සීරියස්‌ (SIRIUS) සහ ඇල්ෆා සෙන්ටෝරි (ALPHA CENTACIRI, (RIGILKENTAURUS TOLIMAN)) හා ප්‍රොසියොන් (PROCYN) ඇල්ටෙයා (ARTAIR) ආදි තාරකාවන් මිනිසාගේ පියවි ඇසින් දැකිය නොහැකිය. උක්‌ත තාරකා අතර බර්නාඩ් තාරකාව BARNARD'S STAR, BDTO40 3561a) වොල්ෆ් 359 (WOLAF STAR) බී. සී. 36 2147, ලුයිටන් 726-8 (LUYTENALSO KNOWNAS GLIESE65) සීරියස්‌ රෝස්‌ 154 රාත්‍රි කාලයේදී අහසේ වඩාත් දිදුළන තාරකාව (SIRIUS STAR, BRIGHTEST STAR IN THE NIGHT SKY) එප්සිලෝන් එරිදානි (EPSION ERIDANI) යන තාරකා මිනිස්‌ ඇසට දර්ශනය වනුයේ ඉතා දුබලවය. මෙයින් පැහැදිලි වනුයේ සූර්යයාගේ අසල්වාසීන් ලෙස අපගේ ඇසට ඉතා දුබලව පෙනෙන තාරකා සංඛ්‍යාව ඉතා විශාල ප්‍රමාණයක්‌ වන අතර තදින් පැහැදිලි රාත්‍රියකදී අපගේ චක්‍රාවාටයෙහි පමණක්‌ තාරකාවන් 6000 ක්‌ පමණ මිනිසාගේ නිරුවත් දෙනෙතට දර්ශනය කරගත හැකි බවයි. නමුත් පියවි ඇසින් අපගේ ක්‍ෂිර පථයෙහි (MILKY WAY) තාරකා බිලියන 400ක්‌ පමණ දැකගත නොහැකිය. චක්‍රාවාටයන් ඉතා වුවමනාවෙන් නිරීක්‍ෂණය කිරීමේදී ඇන්ඩොමීඩා චක්‍රාවාටය (ADROMEDA - MILKYWAY, DISTANCE 2.5 MLY.780 kpc) මහා මැගලන් හා කුඩා මැගලන් (LARGE MAGELLANIC CLOUD, SMALL MAGELLANIC CLOUD) වළාකුළු නමින් හඳුන්වන චක්‍රාවාට තුන පමණක්‌ දර්ශනය කළ හැකිය. ඉතිරි චක්‍රාවාට බිලියන 300 පමණ මිනිසාගේ ඇසට කිසිසේත්ම දර්ශනය කරගත නොහැකිය. බිලියන දහස්‌ ගණනක්‌ තරු අපේ අහස්‌ ගඟේ කේන්ද්‍රය වටා භ්‍රමණය වන අතර ඇගේ ග්‍රහලෝක සූර්යයා හා උක්‌ත තරු සමග පැයකට සැතපුම් 500000 පමණ වේගයෙන් ක්‍ෂීරපථය වටා අවුරුදු මිලියන 250 කට එක්‌ වරක්‌ භ්‍රමණය වේ. ක්‍ෂීරපථය නම් වූ අපගේ චක්‍රාවාටය දණ්‌ඩ සර්පිලාකාර වර්ගයට අයත් වන අතර එහි විෂ්කම්භය ආලෝක වර්ෂ ලක්‍ෂයක්‌ (100000) පමණද පළල ආලෝක වර්ෂ විසි දහසක්‌ පමණ ද වේ. දැනට සොයාගෙන ඇති පරිදි අපගේ චක්‍රාවාටයේ ශාඛාවන් 05 කි. එනම් සූර්යයා පිහිටා ඇති ඔරියොන් (OIRAN ARM) ශාඛාවට අමතරව සෙන්ටෝරස්‌ (CENTAURUS) සාගිස්‌ටාරියස්‌ (SAGITTARIUS) පර්සියස්‌ (PERSEUS) හා සිග්නස්‌ය (CYGNUS). මෙම ප්‍රාන්ත චක්‍රාවාට මණ්‌ඩලයේ චක්‍රාවාටයන් පිළිවෙළකට පිහිටා නැති අතර මේ මණ්‌ඩලය ප්‍රධාන වශයෙන් කොටස්‌ 02 කින් සමන්විතය. අපගේ චක්‍රාවාටය ද මහා මැගලන් හා කුඩා මැගලන් (LARGE MAGELALANIC CLOUD SMALL MAGELLANIC CLOUD) චක්‍රාවාට ඒක කොටසකටද ඇන්ඩොමීඩා චක්‍රාවාටයට එන්.ජී. සී. 205 M32)-(ANDROM EDA GALAXY, NUMBER OR STARS TRILLION (1012)(7) මෙම චක්‍රාවාටයේ තාරකාවන් ටි්‍රලියන (1012)(7) කින් සමන්විතය. මෙහි එන්. ජී. සී. යනුවෙන් හඳුන්වනුයේ NEW GENERAL CATALOGUE OF NEBULAR AND CLUSTERS OF STARS) ය. අපගේ චක්‍රාවාට අභ්‍යන්තරයෙහි හා ඉතා ආසන්නයේ එයට සම්බන්ධ තාරකා මණ්‌ඩල 200 ක්‌ පමණ අඩංගුය. ඇන්ෙඩ්‍රාමීඩා චක්‍රාවාටය (ANDROMEDA GALAXY) ක්‍ෂිර පථයේ සිට ආලෝක වර්ෂ මිලියන 2.06 දුරින් පිහිටා ඇති අතර එය ක්‍ෂිර පථය මෙන් දෙගුණයක්‌ විශාලය. මෙවැනි ප්‍රාන්ත චක්‍රාවාට විශාල ප්‍රමාණයක්‌ එක්‌ වී සුපිරි චක්‍රාවාට මණ්‌ඩල නොහොත් සමූහ මණ්‌ඩල (GALACTIC CONFEDERATION) නිර්මාණය වේ. අපගේ චක්‍රාවාට මණ්‌aඩලය විරිගෝ (VIRGO CLUSTER) නමින් හැඳින්වේ. බොහෝ විට මෙවැනි චක්‍රාවාට මණ්‌aඩලයක විෂ්කම්භය ආලෝක වර්ෂ මිලියන 300 - 400 දක්‌වා වේ. අපගේ චක්‍රාවාට මණ්‌ඩලයට සමීප අසල්වැසි ප්‍රාන්ත චක්‍රාවාට මණ්‌ඩලය වනුයේ එම් 81 වටා (MESSIER 81.N.G.C. 30-31 OR BORDS GALAXY) ඇති චක්‍රාවාට මණ්‌ඩලය එම් 101 එන්. ජී. සී. 5128 ස්‌කල්පීටර් SCULPTOR GROUP (SOUTH POLAR GROUP) සහ කෑන්ස්‌ වින්ටසි -1 වලාකුළු (CANES VENATICI-N.G.C. 4736) ආදි නමින් හඳුන්වන චක්‍රාවාට මණ්‌ඩලයන්ය. අපගේ විර්ගෝ සුපිරි මණ්‌ඩලයෙහි (VIRGO CLUSTER) චක්‍රාවාටයන්ට වඩා ඉතා සමීපව පිහිටා ඇත. චක්‍රාවාට ආකෘතිය විශ්වයෙහි දෘශ්‍යමාන වන ද්‍රව්‍යයෙන් විශාල ප්‍රමාණයක්‌ සංකීර්ණ ක්‍රියාදාමයක සංඝටනයෙන් කාලාන්තරයක්‌ මුළුල්ලෙහි විවිධ විපර්යාසයන්ට භාජනය වී තාරකාද සෞරමණ්‌ඩල ද එනම් ග්‍රහලෝක, චන්ද්‍රයන් ග්‍රාහක වස්‌තූන් ද ඇතුළු වායු හා ධූලී අංශු අඩංගු ආලෝක වර්ෂ දස දහස්‌ ගණනාවක්‌ දුර විහිදි එක්‌තරා ස්‌වරූපයකට අනුව චක්‍රාවාටයන් නිර්මාණය වී ප්‍රවර්තනය වේ. චක්‍රාවාටයන් වෙන් වෙන්ව භ්‍රමණය වන නමුත් ඒ එක්‌ එක්‌ චක්‍රාවාටයන්හි අන්තර්ගත වස්‌තූන්හි ගුරුත්වාකර්ශණය ආකර්ෂණය, විද්යුත් ධාරා හේතුවෙන් චක්‍රාවාට පූර්ණ වශයෙන් ස්‌වාධීනව නොපවතින අතර දුර ප්‍රමාණය අනුව අසල්වාසි චක්‍රාවාටයන්ගේ බලපෑම ආසන්න හා දුරස්‌ථ වශයෙන් විවිධ ස්‌වභාව දරයි. එසේම සියලු චක්‍රාවාට ඒවාට ආවේනික වූ ගමන් මාර්ගයන්හි භ්‍රමණය වේ. 1925 දී එඩ්වින් පවෙල් හබල් (EDWIN POWELL HUBBLE, 1889 -1953) නම් තාරකා විද්‍යාඥයා චක්‍රාවාටයන් වර්ගීකරණය කර ඇති අතර අද්‍යතනව වර්ගීකරණය අංශ 10 කට පමණ විහිදී ඇති නමුත් එඩ්වින් හබල්ගේ වර්ගීකරණය වූ ඉලිප්සීය හා සර්පිලාකාර ද්වයෙන්ම තවදුරටත් කටයුතු කරමින් තිබේ. එහෙත් නූතන වර්ගීකරණයට අනුව පිළිවෙළක්‌ නොමැති යන අර්ථ යෙන්ම තෙවැනි කොටසක්‌ ද හඳුන්වා ඇත. අපගේ විශ්වයේ චක්‍රාවාටයන් අතර රේඩියෝ (RADIYO) තරංග විහිදුවන රේඩියෝ චක්‍රාවාටයන්ද පල්සාර් හෙවත් ස්‌පන්දමාන වර්ගයට අයත් රේඩියෝ තරංග, එක්‌ස්‌ කිරණ හෝ ගැමා කිරණ විහිදවන චක්‍රාවාටයන්ද ක්‌වේසර නමින් හඳුන්වන 100 කට අධික යෝධ චක්‍රාවාටයන් 100 ප්‍රමාණයක ශක්‌තිය විහිදවන එහෙත් කුඩා ස්‌වරූපය දරණ වාමන චක්‍රාවාටයන් ද දක්‌නට ඇත. හවායි විශ්වවිද්‍යාලයේ බෙන්ට්‌ ටුලි (R. BRENT TULLY) 1986 දී පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියනයක්‌ දුරින් පිහිටා ඇති සියලුම චක්‍රාවාටයන් ආලෝක වර්ෂ බිලියනයක්‌ දීර්ඝ ආලෝක වර්ෂ බිලියන 300 ක්‌ පළල ආලෝක වර්ෂ මිලියන 100 ඝනත්වය ඇති පටක හෝ ප්‍රකාර ආකාර ආකෘතියට අයත් වන බව සොයා ගෙන ඇත. මහා බ්‍රිතාන්‍යයේ ලීඩ් ග්‍රහලෝකාගාරයේ ඩේවිඩ් කෝයේ හා ඩර්හෑම් විශ්වවිද්‍යාලයේ ටී. ඡේ. බොඩ්හර්ට්‌ස්‌ ඇතුළු විද්‍යාඥයන් කණ්‌ඩායම විසින් පවත්වනු ලැබූ පරීක්‍ෂණයන්ට අනුව දැනට අධ්‍යයනය කර ඇති විශ්වයේ හතර පංගුවෙන් එකක පමණක්‌ විසිරී විහිදී පවතින චක්‍රාවාටයන් පිළිබඳ හැදෑරීමෙන් හෙළි වී ඇත්තේ එම වස්‌තූන් ඒවා එකිනෙකිsන් ඈත් වන ප්‍රමාණය තත්පරයකට කිලෝමීටර් 500 පමණ වන බවය. මෙවැනි අති විශාල ආකෘතීන් බිහි වීමට යටත් පිරිසයෙන් වර්ෂ බිලියන 150 ක්‌ හෝ 250ක්‌ පමණ ගත වෙන බව නූතන පරීක්‍ෂණ විද්‍යාඥයන්ගේ අදහසයි. බොහෝ කලකට පෙර විශ්වයේ ඇති සියලු දේ ඉතාමත් කුඩා, ඝණත්වයෙන් අධිකව ඒකීයව (SINGULARITY) පැවැති බව සමහර විද්‍යාඥයන්ගේ මතයයි. විශ්වයේ උපත ඉතා ප්‍රබල බිග් බෑන්ග් (BIG BANG EXPLOSION) නම් පිපිරීම නිසා සිදුවූ බවට පිළිගැනීමක්‌ ඇත. මහා පිපිරීමෙන් පිපිරුම් හැර මෙවැනි යෝධ ආකෘතීන් විශ්වයේ මධ්‍ය ලෙස සමහර විද්‍යාඥයන් පිළිගනු ලබන බිලියන 8 ක හෝ 12 ක කාලයකදී නිර්මාණය විය නොහැකි බව නූතන විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. සූක්‍ෂම තරංග පසුබිම් විකිරණය විශ්වයෙහි එය සමාන නොවන බව සොයා ගැනීම නූතන සොයා ගැනීම් අනුව මහා පිපිරුම විශ්වයේ තැනින් තැන පැවැති බව හා එසේ පවතින බවද ප්‍රතික්‍ෂේප වීමෙන් යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය අනුව විශ්වය වර්ෂ 6000 කට පෙර නිර්මාණය නොවූ බව මැනවින් පැහැදිලි වී ඇත. අපගේ විශ්වයෙහි අති විශාල ශුන්‍ය වූ ප්‍රදේශ බොහෝ ප්‍රමාණයක්‌ නිර්මාණය වී ඇත. චක්‍රාවාටයන් තාරකා මණ්‌ඩල හෝ වෙනත් වස්‌තූන් නොමැති මෙවැනි ශුන්‍ය වූ මහා ගෝලාකාර වූ ප්‍රපංචයන් විශ්වයේ තැනින් තැන පිහිටා ඇති අතර, එවැනි ප්‍රදේශ නිර්මාණය වීමට නම් මහා පිපිරුම අනුව අවම වශයෙන් විශ්වයේ ව්‍යාප්තව පවතින ද්‍රව්‍ය තත්පරයකට කිලෝ මීටර් 5000 ක වේගයෙන් විසිරි ව්‍යාප්ත විය යුතු බව ද එසේම ජලාකර හා මහා ප්‍රකාර වැනි යෝධ ආකෘතීන් නිර්මාණය වීමට චක්‍රාවාටයන් තත්පරයකට කිලෝ මීටර් 2000 වේගයෙන් ද චක්‍රාවාට මණ්‌ඩල වැනි නිර්මාණ සඳහා චක්‍රාවාටයන් තත්පරයකට කිලෝ මීටර් 3000 වේගයෙන් ගමන් කළේ යුතු බව සොයා ගෙන ඇත. නමුත් චක්‍රාවාට ගමන් කරනුයේ උපරිම වශයෙන් තත්පරයකට කිලෝ මීටර් 500 පමණ වේගයෙන් වන අතර මහා පිපිරුම් වාදයෙන් ඉගැන්වෙන වේග සංඛ්‍යාවන් මෙහිදී කිසිසේත්ම ඊට අදාළව විග්‍රහ කල නොහැකි බව තාරකා විද්‍යාඥයන්ගේ මතය වී ඇත. මෙයින් පැහැදිලි වනුයේ නූතන සමීක්‍ෂණ කටයුතු හා විශ්ව පරීක්‍ෂණ කටයුතු සඳහා මහා පිපිරුමෙන් (BIG BANG EXPLOSION) විශ්වය ඇති වූයේ යෑයි යන සංකල්පය විද්‍යාත්මක ක්‍රියාවලියේදී වැදගත් නොවන බවය. ප්ලාස්‌මා විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ විද්‍යාඥයකු නොබෙල් ත්‍යාගලාභී ස්‌වීඩන් ජාතික HANNES OLOF GOSTA ALARYEN 1908 -1995 විශ්වයේ ප්‍රභවය පිළිබඳ අදහස්‌ දක්‌වමින් නූතන තාරකා විද්‍යාව මහා පිපිරුම් විද්‍යාවෙන් ආරම්භව නූතන යුගය දක්‌වා විශ්වයේ නිර්මාණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු විමසා බැලීම කරන ලද බව CධීඵෂC ඡඛASඵA-1981 යන තම කෘතියෙන් විස්‌තර කර ඇත. නමුත් අප සත්‍ය වශයෙන් ම පරීක්‍ෂණ මගින් නිරීක්‍ෂණය කළ යුත්තේ විශ්වය මේ මොහොතේ පවතින ස්‌වභාවය හා එහි ස්‌වරූපය සොයා බලා එසේ නිර්මාණය වීමට හේතු භූත වූ කරුණු සම්බන්ධව අවරෝහන ප්‍රතිගමන අනුව විමර්ශනයට ලක්‌ කරලීම බව තවදුරටත් අවධාරණය කර ඇත. අප විශ්වය ගැන කල්පනා කරන විට මිත්‍යා විශ්වාසයන් හා විද්‍යාත්මක අධ්‍යනයන් අතර ගැටුම් දක්‌නට ලැබෙන අතර මිත්‍යා විශ්වාසයන්හි දෙවියන් විශ්වය අපූරු ලෙස නිර්මාණය කරන ලද ආකාරය පිළිබඳ ඒ සඳහා කුමන ලෙසකින් ක්‍රමානුකූල න්‍යායන් හා සිද්ධාන්ත උපයෝගී කරගන්නට ඇතැයි යන ආකල්පයනට අනුකූලව නූතන සාමාන්‍යය තාරකා විද්‍යාව බිහි වී ඇතැයි හන්නෙස්‌ අල්ෆ්වෙන් (ALFVEN HANNES) යෝජනා කර ඇත. ගණිතමය සිද්ධාන්තයන් අනුසාරයෙන් විශ්වයේ ආකෘතිය පිළිබඳ පැරැණි හා නූතන සංකල්ප අනුමාන වශයෙන් ගෙන පරීක්‍ෂණාගාරයකදී නොයෙකුත් ආකාරයේ අත්හදා බැලීම් කළ හැකි බව ඔහු තවදුරටත් විස්‌තර කර ඇත. විශ්වය පිළිබඳ තොරතුරු අධ්‍යයනයේ යෙදෙන දැවැන්ත පරීක්‍ෂණ උපකරණ හා පරීක්‍ෂණාගාරවල ක්‍රියාත්මක බොහෝ විද්‍යාඥයන්ගේ මතය වනුයේ ශූන්‍ය ආකාරයෙන් විශ්වය ප්‍රාදූර්භූත වූයේ ය යන මතය කිසියම් ආකාරයකින් පිළිගත නොහැකි බවයි. කාලය ආරම්භ වීම හා මහා පිපිරුම් ඉතා ඈත අතීතයේ සිදුවූයේ යෑයි පිළිගැනීම හෝ ඒ හා සම්බන්ධ චින්තනයෙහි නිමග්න වීමට පවා නොහැකි බව අල්ෆ්වෙන්ගේ අදහසයි. අද්‍යතන (වර්තමාන) විශ්වයේ ස්‌වභාවය හා ස්‌වරූපය ගැන විමර්ශනයට ලක්‌ කරන විට ප්ලස්‌මා විශ්ව සිද්ධාන්තය අනුව පවා අතිශයින් ම පැහැදිලි වනුයේ අප දකිනා විශ්වය විපරිණාමය වෙමින් බොහෝ ආකාරයන්ට අනුව විවිධත්වයට පත් වෙමින් සදාකාලිකව පැවැති බව හා එය නිරන්තරයෙන්ම පරිණාමයට පත් වූ බව ද එසේ වෙනස්‌ වෙමින් අත්‍යන්ත වූ අපරිමිත කාලාන්තරයක්‌ සදාකාලිකව ප්‍රවර්ථනය වූ බව ය. මෙම අදහස්‌ පැරැණි භාරතයේ දී ප්‍රචලිතව තිබූ බොහෝ ආගම් හා දර්ශනයන්හි අඩංගුවැ තිබිණි. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයේ හා උපනිෂ්ද් දර්ශනයේ විශ්වය පිළිබඳ ඉගැන්වීම හා නූතන ගණිතමය වශයෙන් විද්‍යාත්මක සංකල්පයන්හි කුමන හෝ පරස්‌පරතාවන් නොමැත. උක්‌ත දර්ශනයන්හි මෙන්ම අද්‍යතන විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් අනුව ද විශ්වය ආකෘතියක්‌ ලෙස වෙනස්‌ වීම්වලට ලක්‌වෙමින් සංවටටමානව විටටමානව (විනාශ වී නැවත ඇතිවීම) සදාකාලිකව ප්‍රවර්ථනය වන බවය. ප්ලස්‌මා විශ්ව සිද්ධාන්තය අනුව විශ්වයෙහි තාරකා මණ්‌ඩලයන් ද චක්‍රාවාටයන් ද, චක්‍රාවාට මණ්‌ඩලයන් ද පටක වූ සූතිකාමය ජලාකර සුවිශාල ආකෘතීන්ද නිර්මාණය වූයේ හා පාලනය වන්නේ විද්යුතය හා චුම්බකය අනුවය. මහා පිපිරුම්වාදයට අනුව එවැනි ආකාරයක ප්‍රවර්ථනයක්‌ කෙරෙහි සත්‍ය වශයෙන් ම ගුරුත්වාකර්ෂණය ප්‍රමාණවත් නොවන අතරම විද්යුත් හා චුම්භක ක්‍ෂේත්‍රයන් අනිවාර්යයෙන් ම සම්බන්ධ වී ප්‍රවර්ථනය විය යුතු බව හන්නෙස්‌ අල්ෆ්වෙන් (ALFVEN HANNES) ELECTRICITY IN SPACE ඇතුළු කෘති රාශියකින් විස්‌තර කර ඇත. සාමාන්‍යය සාපේක්‍ෂතාවාදය අනුව මහා පිපිරුම් හා සම්බන්ධ "අයින්ස්‌ටයින්ගේ විශ්වය" ප්‍රවර්ථනය වනුයේ සුවිශේෂයෙන්ම ගුරුත්වාකර්ෂණ බල පැවැත්වීමෙන් ය. 1970 දශකයෙහි සෞරග්‍රහ මණ්‌ඩලය පිළිබඳ පරීක්‍ෂණයන්හි නිරතව සිටි විද්‍යාඥයන්ට අවබෝධ වූයේ සත්‍ය වශයෙන්ම විද්යුත් ධාරාවන් හා චුම්බක ක්‍ෂේත්‍රයන් සමන්විත වූ අතිශයින් ම අසමාන වූ සජාතිය නොවූ සූත්‍රිකා ව්‍යqහයන් අභ්‍යවකාශයෙහි නිර්මාණය වන බවය. ප්ලාස්‌මාවන් කුමන ආකාරයකින් කුඩා හෝ විශාල වුවද, ඒවා එක සමානව දර්ශනය විය යුතු බව ද ප්ලාස්‌මාවන් පරීක්‍ෂණාගාරයකදී නිර්මාණය කළ හැකි අතර ඒ හා සමාන විශාල නිර්මාණයන් පරීක්‍ෂණාගාරයක මෙන් ටි්‍රලියන සිය ගණනක්‌ විශාල වූ අපගේ සෞරග්‍රහ මණ්‌ඩලයෙහි ව්‍යාප්ත වී තිබේ නම් එවැනි ප්ලාස්‌මාවන් අපට නිරීක්‍ෂණය කළ හැකිය. මේවා මුළුමහත් විශ්වය සිසාරා ව්‍යාප්තව තිබිය නොහැකි දැයි හන්නෙස්‌ අල්ෆ්වෙන් (ALFVEN HANNES) තම කෘතීන් හරහා ප්‍රශ්නයට නඟා ඇත. හන්නෙස්‌ අල්ෆ්වෙන් ඇතුළු බොහෝ විද්‍යාඥයන්ගේ මතය වූයේ චක්‍රාවාටයන් අන්තර් චක්‍රාවාට චුම්භක ක්‍ෂේත්‍රයන් අතර පරිභ්‍රමණය වෙමින් (ග්‍රහ වස්‌තූන් ගමන් කිරීම) විද්යුතය නිර්මාණය වන බවය. විදුලි උත්පාදක යන්ත්‍රයක ක්‍රියාදාමයට සමාන වන අතර ඕනෑම සන්නායකයක්‌ චුම්භක ක්‍ෂේත්‍රයක්‌ තුළ භ්‍රමණය වීමේදී විදුලිය නිර්මාණය වන්නාක්‌ මෙන් මෙසේ චක්‍රාවාට මතින් නිර්මාණය කරන සුවිශාල විද්යුත් ධාරා සූත්‍රිකා සර්පිලයන් එම චක්‍රාවාටයේ මධ්‍ය වෙත ගලා ගොස්‌ නැවතී ආපසු හැරී චක්‍රවාටයේ භ්‍රමණ අක්‍ෂය වටා ගමන් කරන බව ය. මෙම චක්‍රාවාටමය ධාරාවන් ලුහු පරිපථය වීමෙන් (ක්‍ෂණික විද්යුත් ධාරාවන්) අති විශාල ප්‍රමාණයක ශක්‌තිය චක්‍රාවාටයේ මධ්‍ය වෙත ගොනු වේ. මේ අවස්‌ථාවේදී චක්‍රාවාටය විලිනය හමා යවන අතර (උණුසුම් වායුව) එවිට ඉතා බලවත් විද්යුත් ක්‍ෂේත්‍රයන් චක්‍රාවාටයේ න්‍යෂ්ටියේ නිර්මාණය වී එහි අක්‍ෂය වෙතට අධික ඉලෙක්‌ට්‍රොaන ක්‍ෂේත්‍රයන් හා අයනයන් ත්වරණය වන බව හන්නෙස්‌ අල්ෆ්වෙන් (HANNES AlFVEN) ;u ELECTRICITY IN SPACE කෘතියේ විස්‌තර කර ඇත. 1979 දී ඇන්තනි පිරට්‌ (ANTHONY PIRATE) නම් වූ ප්ලස්‌මා භෞතික විද්‍යාඥයා විසින් එක්‌සත් ජනපදයේ සෙන් දියාගෝ හි මැක්‌ස්‌වෙල් පරීක්‍ෂණාගාරයේදී අතිශය විශාල යන්ත්‍රයන්හි ආධාරයෙන් කරන ලද පරීක්‍ෂණයන්ගෙන් නිගමනය වී ඇත්තේ උක්‌ත ක්‍රියාවලිය සුළු පරිමාණයෙන් පරීක්‍ෂණාගාරයකදී අත්හදා බැලිය හැකි බවය. 1984 දී කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ෆර්හාඩ් සුසෙන් සාදේ ඇතුළු කණ්‌ඩායම විසින් නිව් මැක්‌සිකෝවේ සොක්‌කොරෝ රෙඩියෝ දුරේක්‍ෂය ආධාරයෙන් අපගේ ක්‍ෂීර පථයයේ මධ්‍යය පිළිබඳ කරන ලද පරීක්‍ෂණයන්ගෙන් ආලෝක වර්ෂ සිය ගණනක්‌ දිග මහා පරිමාණ සලාමය චුම්භක සූත්‍රිකාවන් (සමූහ වශයෙන් ක්‍රියාත්මක එකින් එක පසු පසින් ක්‍රියාත්මක කාන්දම් බලය) සොයා ගනු ලැබීය. මේ ආකාරයෙන් කාලයාගේ ඇවෑමෙන් සුපිරි චක්‍රාවාට මණ්‌ඩල පවා නිර්මාණය වන බව විද්‍යාඥයන්ගේ මතයයි. 1984 දශකයේදී බෙනට්‌ ට්‍රලී හා ෙ-. ආර්. ෆිෂර් (R. BRENT TULLY - J RICHARD FISHER) යන තාරකා විද්‍යාඥයන් චක්‍රාවාටයන්හි පිහිටීම පිළිබඳ සිතියම් සකස්‌ කරන අවස්‌ථාවේදී නිරීක්‍ෂණය කර ඇත්තේ ප්ලාස්‌මා භෞතික විද්‍යාවට අනුව චක්‍රාවාටයන් පළමුව සූත්‍රිකාවන්හි එකිනෙකට ගැටගැසූ කණ්‌ඩායම් වශයෙන් නිර්මාණය වී පසුව ඒවා වඩාත් විශාල වූ එකට බැඳී ගිය ගැටගැසුණු ජාලයන් මෙන් අවකාශයෙහි එල්ලෙමින් මෙන් පවතින ආකාරයෙන් ප්‍රවර්ථනය වන බව ය. මාගරෙට්‌ හයිනෙස්‌ (MARGARET HYNES) නම් තාරකා විද්‍යාඥවරිය ඇතුළු කණ්‌ඩායම චක්‍රාවාට සූත්‍රිකාවන්හි දඟර වී ගිය ස්‌වරූපය සොයා ගත් අතර විශ්වය ස්‌පගෙට්‌ටි පිඟානක්‌ හා සමාන යෑයි අදහස්‌ දක්‌වා ඇත. 1989 දී ඉතාලිය හා කැනේඩියානු රේඩියෝ තාරකා විද්‍යාඥයන් කණ්‌ඩායමක්‌ විසින් සුපිරි චක්‍රාවාට මණ්‌ඩලයක සූත්‍රිකාමය රේඩියෝ තරංග විහිදෙන අතර ඒවා චක්‍රාවාට මණ්‌ඩල ද්වයක්‌ අතර ප්‍රදේශයකින් පැමිණෙන බව සොයා ගන්නා ලදී. ඉලෙක්‌ට්‍රොaනයන් චුම්භක ක්‍ෂේත්‍රයට හසුවීමෙන් රේඩියෝ තරංග විහිදුවන අතර මෙම සොයා ගැනීම් අනුව අභ්‍යවකාශයේ විද්යුත් ධාරා ගලා යමින් පවතින බව වක්‍රව සොයා ගන්නා ලදී. කෙසේ වෙතත් මහා පිපිරුමට අභියෝග කරන්නේ නම් ප්‍රධාන වශයෙන් එම ඉගැන්වීමට අනුව දැනට විශ්වයෙහි නිරීක්‍ෂණය කරන ප්‍රධාන සාධක ත්‍රිත්වයක්‌ පිළිබඳ කරුණු හෝ සාධක ඉදිරිපත් කළ යුතුය. හීලියම් බහුලව පැවතීම විශ්වයෙහි පසුබිම් සූක්‍ෂම තරංග විමෝචනය සහ හබල් ප්‍රසාරණයයි ඒ. මෙහි මුල් ප්‍රපඥ ද්වය එකම හේතුවක්‌ නිසා ප්‍රාදුර්භූත වූ බව පැහැදිලිය. 1978 කේම්බ්‍රි- විශ්වවිද්‍යාලයේ භෞතික තාරකා විද්‍යාඥ මාටින් ෙ-. රීස්‌ (PROFESSOR OF COSMOLOGY AND ASTROPHYSICS - UNIVERSITY OF CAMBRIDGE) තාරකාවන් වර්ෂ මිලියන සිය ගණනකදී දැනට අප නිරීක්‍ෂණය කරන හීලියම් ප්‍රමාණයෙන් සියයට විසිපහක්‌ නිපදවන බව ද මෙසේ හයිඩ්‍රජන් ඉන්ධන කොටස්‌ හීලියම් බවට පරිවර්තනය වන බවද එම තාරකාවන් සුපර්නෝවා ලෙස පුපුරා යැමෙන් ඒවායේ හයිඩ්‍රජන් ඉන්ධනයන්හි කොටසක්‌ හීලියම් ලෙස අවකාශයෙහි විහිදී විසිරී යන බවද පසුව මෙම හීලියම් වායුවෙන් කුඩා තාරකා නිර්මාණය වන බව ද ප්‍රකාශ කර ඇත. සුවිශාල තාරකාවන් නිපදවන ශක්‌තිය අන්තස්‌තාරීය ධූලි පදාර්ථ මගින් උරා ගනු ලැබූ ඒ මගින් සර්ව දිශාමය සූක්‍ෂම තරංග විමෝචනය කරන බව ඔහු පෙන්වා දී ඇත. ප්ලාස්‌මා තාරකා විද්‍යාඥයන් ඉදිරිපත් කරන ලද උක්‌ත අදහසට සාමාන්‍ය තාරකා විද්‍යාඥයන් එකඟ නොවූහ. චක්‍රාවාටයන් නිර්මාණය වෙමින් පවතින අවස්‌ථාවේදී පසුබිම් විකිරණශීලීත්වය නිපදවන ලද්දේ නම් නව චක්‍රාවාටයන් හි නිර්මාණය වූ ස්‌ථානයන්හි උෂ්ණ වූ ප්‍රදේශයන් නිරීක්‍ෂණය කරලීමට හැකියාව තිබිය යුතුය. 1990 දී එරික්‌ ෙ-. ලර්නර් (ERIC J. LERNER) විසින් පවත්වනු ලැබු පරීක්‍ෂණයන්ට අනුව එක සමාන බලවත්ව බැබලෙන අධෝරක්‌ත විමෝචන චක්‍රාවාටයන් එක සමාන උෂ්ණ තාපයකින් යුක්‌ත වන අතර ඒවා පෘථිවියෙන් දුර්ස්‌ථ වන විට මන්ද දීප්තියෙන් යුක්‌ත වන බව සාධක සහිතව නිරීක්‍ෂණය කර පෙන්වා විස්‌තර ඉදිරිපත් කර ඇත. 1998 ඔක්‌තෝබර් මස හබල් අභ්‍යවකාශ දුරේක්‍ෂය (NASA HUBBLE SPACE TELESCOPE IN SPACE) මගින් මහා පිපිරීම හා සමාන අති විශාල පිපිරීමක්‌ හා ශක්‌තිය විහිදීමක්‌ අවකාශයේ නිරීක්‍ෂණය කරන ලද අතර එය මහා පිපිරීමට පමණක්‌ දෙවැනි වන බව ද මෙය සමහර විට පදාර්ථ හා ප්‍රතිපදාර්ථ ඝර්ෂණයෙන් නිර්මාණයක්‌ වූවක්‌ විය හැකි බව ද සමහර විද්‍යාඥයන්ගේ මතය වී ඇත. මහා පිපිරුම පිළිබඳ විස්‌තර දැන ගැනීමට (ERIC J. LERNER'S THE BIG BANG NEVER HAPPENED) කෘතිය ද සිංහල පාඨකයන් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී. ඩබ්ලිව් විතානගේ මහතාගේ "විශ්වයේ හා පොලොවේ පරිණාමය කෘතිය ඉතා වැදගත් ය. කෙසේ වෙතත් බෞද්ධ දර්ශනයට අනුව විශ්වයෙහි මුලක්‌ මැදක්‌ හෝ අගක්‌ නොමැත. එහෙයින්මැ උක්‌ත ක්‍රියාවලිය අනවරාග්‍ර වේ. එහෙත් විශ්වය කලින් කල ඇති වී යන කාලය කල්පයක්‌ වශයෙන් සඳහන් ය. මේ පිළිබඳ බෞද්ධ දර්ශනයේ භාවිත වනුයේ විවට. සංවට්‌ට වචනයය. මූලික බෞද්ධ මතයටත් නවීන මතයටත් අනුව විශ්වයේ කුඩාම කොටස වන්නේ ඉරවල් දහස්‌ ගණනක්‌ ඇති සහස්‌සි චූලනිකා ලෝක ධාතුවය. බෞද්ධ මතය අනුව මෙම සහස්‌සි චූලනිකා ලෝක ධාතු පිහිටා තිබෙනුයේ පුCඳ්ජ වශයෙන් (එකිනෙකට ආසන්නව මිටියක්‌ සේ) මෙවැනි ලෝක ධාතු දහසක්‌ ඇති ලෝක ධාතු පුCඳ්ජය දහස්‌සි ලෝක ධාතු යනුවෙන් හඳුන්වා විස්‌තර කර ඇත. එවැනි ලෝක ධාතු 4 ක්‌ ඇති ලෝක ධාතු ප්‍රCඳ්ඡචතු සහස්‌සි ලෝක ධාතු නම් වේ. මෙවැනි ලෝක ධාතු පිළිබඳ ම-Cධිම නිකායයේ උපරි පන්ණාසයෙහි අනුපද වග්ගයේ සංඡාරුප්පත්ති සූත්‍රයෙහි විස්‌තර වී ඇත. (MAJJHIMA - NIKAYA-ANUPADA VAGGA SANKHARUPPATTI SUTTA) මෙසේ ද්විගුණව දහස්‌ ගණන් එකට එකතු වී තිබෙන ලෝක ධාතු පුCඳ්ජය ද්විසහස්‌සි ම-Cධිමිකා ලෝක ධාතු නම් වේ. අප සිටින ලෝක පුCඳ්ජයේ ඉතා කිට්‌ටුවෙන් ප්‍රධාන ලෝක ධාතු 10 ක්‌ ඇති බව විස්‌තර කෙරේ. ඊට ඈත පිහිටි තරමක්‌ කුඩා ලෝක ධාතූන් 20 ක්‌ ගැන ද විස්‌තර වී ඇත. මේ ආකාරයෙන් නොයෙකුත් සූත්‍ර දේශනාවන්හි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක ධාතුව පිළිබඳ (නූතන තාරකා විද්‍යාවට අනුව ක්‍ෂීරපථය) සවිස්‌තරාත්මකව දේශනා කර ඇත. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවත් රාජ්‍යයන් ඉන්දියාවේ විශ්ව විද්‍යාලවලින් සංස්‌කෘතික භාෂාව උගත් විද්වතුන්ගේ සේවය ලබා ගෙන බුදුන් වහන්සේගේ දර්ශනය ඉංග්‍රීසියට පරිවර්තනය කර ගෙන මිනිසා අභ්‍යවකාශ තරණය කරා යොමු කර ඇත. සැබැවින් ම විශ්වයම ඉතා පහසුවෙන් ක්‍රමානුකූලව විස්‌තර වී ඇති මහා දර්ශනයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව කුමන හෝ ප්‍රයෝජනයක්‌ ගෙන තිබේද? අභ්‍යවකාශ තරණයෙන් පමණක්‌ ලොව බලවතුන් නැවතී නොමැති අතර මහා දර්ශනයේ සරල, සුගම ඉගැන්වීම් හරහා ඔවුන් දූ දරුවන්ගේ දැනුමද, මානසික ශක්‌තිය ද භාවනානුයෝගීත්වයෙන් ලබා ගෙන මානසික හැකියාවන් ද ප්‍රගුණ කර ගනිමින් ලොව පෙරට පැමිණ ඇත. අපද බුදු දහමේ දාර්ශනික ක්‍රියා පිළිවෙත් පිළිබඳ බුද්ධිමත්ව අවධානය යොමු කරලීම රට ආර්ථික, සමාජීමය, ආදී නොයෙකුත් කාරණාවලින් අග තැන්පත් වීමට හේතු වනවා නොඅනුමානය. ඉදිරි කලාපයන්හිදී අප මේ පිළිබඳ සාකච්ඡා කරමු දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment