Thursday, December 6, 2012

බෞද්ධ දර්ශනයෙන් සනාථ කෙරෙන
පිටසක්‌වල ජීවීන් පිළිබඳ සත්‍යය

පෘථිවි ලෝකයේ ජීවත් වන මානූෂීය වාර්ගිකයන්ගේ ඉතිහාසය හැදෑරීමේදී ඉතා
වැදගත් සංස්‌කෘතික මූලයන් අඩංගු පැරැණි මිනිසාගේ ජන ජීවිතය, දෛනික
සිදුවීම් පිළිබඳ තොරතුරු, සිතුම් පැතුම්, ආගමික විශ්වාස, ඇදහිලි, සමාජ
ක්‍රියාවලි මෙන්ම ඔවුන්ගේ දාර්ශනික චින්තනයේ පදනමද ලෝකයාට ඉදිරිපත් කර
ඇති පෞරාණික ග්‍රන්ථ බොහොමයක්‌ තිබේ. ඒ අතුරින් සුළු ආසියාවේ හිටයිට්‌
ශරාක්‌ෂර (CUNETFORM-Echo.mpiwgberlin.mpg.de/rawlinson-inscriptions/1861
සහ චිත්‍රක්‍ෂර (HIEROG-LYPH WWW.artyFactorx.com/egxptian ඇතුළු වෙබ්
අඩවි රාශියක උක්‌ත විස්‌තර හා අක්‌ෂර හෝඩියද ඇතුළත්ය.) ලේඛන මෙන්ම භාරතයේ
සෘග්වේදය ද විශ්වය මෙන්ම එහි ජීවත් වන උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේද
ඔවුන්ගේ අප්‍රමාණ වූ පෘථිවි ව්‍යාපෘති පිළිබඳව අපූර්වජනක වෘත්තාන්ත හා ඒ
සම්බන්ධ නොයෙකුත් කරුණු ඇතුළත් වී ඇත.

තත්කාලීන චින්තන ප්‍රවාහයට අයත් වන උපනිෂද් (UPANISHADS MAX MULLER,
TRANSLATOR, THE UPANISHADS PART 01. PART.2) හා පුරාණ භාරතීය දාර්ශනික
සාහිත්‍යයේද නිතර සාකච්ඡාවට ගැනෙන විශ්වයේ ප්‍රගමනය හා ස්‌වභාවයද කාල
වශයෙන් දීර්ඝ වූ අවකාශ වශයෙන් අත්‍යන්ත (අසීමිත) අනවරාග්‍ර වූ (කෙළවරක්‌
දැකිය නොහැකි) සදාකාලික වූ ස්‌වරූපයද එහි පැතිරී පවත්නා උත්තරීතර
සභ්‍යත්ව වාර්ගිකයන් (EXTRA TERRESTRIAL LIFE OF
THE UNIVERSE) පිළිබඳව කරුණු ඉදිරිපත් කරලීම මෙම ලිපි පෙළෙහි අරමුණයි.

මෙම කාර්ය සඳහා ගණිත හා භෞතික විද්‍යාත්මක විශ්ලේෂණයන් අනුසාරයෙනA අසීමිත
විෂයක්‌ වූ අභ්‍යවකාශ විද්‍යාව, විශ්ව සම්භව විද්‍යාව, විශ්ව න්‍යාය
විද්‍යාව හා තාරකා විද්‍යාවේ විග්‍රහ ක්‍රමයන් අර්ථවත්ව ක්‍රමානුකූලව
ඉදිරිපත් කළ යුතුය.

විෂයට අදාළ විද්වතුන්ට පමණක්‌ම තේරුම්ගත හැකි ආකාරයෙන් විස්‌තර වී ඇති
තොරතුරු බොහෝ දෙනාගේ දැන ගැනීම පිණිස විශ්වය පිළිබඳ විද්‍යාත්මක හා
උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් විශ්වයේ ක්‍රියාත්මක වන ආකාරයද බෞද්ධ
දර්ශනයේ ත්‍රිපිටකානුගත සූත්‍රාන්තයන්හි මෙන්ම සංස්‌කෘතික මහායාන බෞද්ධ
සූත්‍රාන්තයන්හීද සඳහන් තොරතුරු ද මෙහි දී සරලව ඉදිරිපත් කෙරේ.

මිනිසා ජීවත් වන ග්‍රහලෝකයත් සමග (පෘථිවිය) එකමුතුව කටයුතු කරන සමස්‌ත
විශ්වයේ හා එහි දියුණු ජීව වාර්ගිකයන් පිළිබඳ නූතන විද්‍යාත්මක අදහස්‌
මෙන්ම ආකල්පයන් බෞද්ධ දාර්ශනික ඉගැන්වීම් ආශ්‍රයෙන් විග්‍රහ කරලීමද තවත්
අරමුණකි.

ඇතැම් බටහිර විද්වතුන්, චින්තකයන් හා දාර්ශනිකයන් මිනිස්‌ මනස හා පෘථිවිය
සීමාසහිත වූ හාත්පසින්ම වැසීගිය විවෘත කළ නොහැකි ප්‍රපංචයක්‌ ලෙසද,
තාපගතික විද්‍යා න්‍යායන්ට අනුව විනාශවූ කිසිවක්‌ කාලය අනුව
ස්‌වඡන්දතාවෙන් (තමන්ම සිතීමෙන්) ආපසු පූර්ව ස්‌වභාවයට පත්කළ නොහැකි බවද
උගන්වන නමුත් බෞද්ධ අභිඥමය මනසට නිදහස්‌ ස්‌වඡන්දතාව ප්‍රාර්ථනා කිරීමට
අවශ්‍ය නැත.

මක්‌නිසාද යත් බෞද්ධ මනස සැබැවින්ම තම චින්තනයෙන් නිරතුරුවම පෝෂණය වන
හෙයිනි. නිදහස්‌ නිවහල් ස්‌වචින්තනයට අනුබලය ලැබෙන ආකාරයෙන් එය ජීවිතයේම
පිහිටා ඇතැයි අවධාරනය කරන ආගම් දර්ශනයන් ගෙන් බුදු දහමට හිමි වනුයේ
අද්විතීය හා ප්‍රමුඛතම ස්‌ථානයකි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඥනවාදී බව "සමණෝපි ගෞතමෝඥන වාදෝ" යනුවෙන් දීඝ
නිකායෙහි ඉතා පැහැදිලිව විස්‌තර කර ඇත.

නූතන විද්‍යා ශාස්‌ත්‍රය බටහිර ක්‍රිස්‌තියානි චින්තනයෙහි ඒකාධිකාරියක්‌
ලෙස පැවති යුගය අවසන් වී ඇත. ක්‍රි.පූ. 06 වැනි සියවසේදී ගෞතම බුදුන්
වහන්සේ විශ්වය පිළිබඳ මනා අයුරින් විස්‌තර කර කෝටි සංඛ්‍යාත තාරකා,
ග්‍රහලෝක හා චන්ද්‍රයන් පිළිබඳවද පෘථිවිය විශ්වයේ මධ්‍ය නොවන බවද සඳහන්
කර ඇත.

දීඝ නිකායෙහි අග්ගඤ්ඤ සූත්‍රයෙහි වෘක්‌ෂලතා පවා පිටසක්‌වලින් පෘථිවියට
ගෙන එන ලද බවට සාක්‌ෂි ආභස්‌සර බ්‍රහ්මයන් විසින් නෙළුම් ඇට පොළෝ තලයේ
රෝපණය කරලීමේ පරීක්‌ෂණයෙන් තවදුරටත් පැහැදිලි වී ඇත.

ඉන්පසුව උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් වූ ප්‍රභාශ්වර ආලෝක ජීවීන් පෘථිවිය
වාසයට සුදුසු ස්‌ථානයක්‌ බව තේරුම් ගෙන එහි ජනාවාස හා ජනපද පිහිටුවන ලද
බව එම සූත්‍රයන් හි වැඩිදුරටත් සඳහන් වේ.

ඝෘග් වේදයේ තෙවැනි සුක්‌තය වන "අශ්වින් සුක්‌තයේ" එනමින් හඳුන්වන
වෛද්‍යවරුන් දෙදෙනකු අභ්‍යවකාශයේ සිට පැමිණි බවද, ඝෘග් වේද සායන
ව්‍යාඛ්‍යානයෙහි ඔවුන් පැමිණි යානයන් ත්‍රිකෝණාකාර මෙන්ම තිදෙනෙකුට ගමන්
කළ හැකි බව සඳහන්ය. "යාස්‌ක ව්‍යාකරණයෙහි" උක්‌ත දෙදෙනා අශ්‍යවකාශයේ සිට
පෘථිවියට පැමිණි ප්‍රථම උත්තරීතර වාර්ගිකයන් බව සඳහන් කර ඇත.

1947 ජුනි 24 වැනි දින ඇමරිකානු එක්‌සත් ජනපදයෙහි වොෂින්ටන් ප්‍රාන්තයෙහි
"බේකර් කන්ද" අසල දී කෙනෙත් ආර්නොර්ල්ඩ් (Kenneth Arnold) නමැති ගුවන්
නියමුවා ත්‍රිකෝණාකාර අභ්‍යවකාශ යානා නමයක්‌ද ජුලි මස 29 වැනි දින
ඔරේගෝන් ප්‍රාන්තයේ ලග්රූන්ඩ් අසලදී එවැනිම යානා 24 ක්‌ ඔහු විසින් දකින
ලද බව ඊට අදාළ වාර්තාවන් හි සඳහන් ව ඇත. (වැඩි විස්‌තර දැන ගැනීම සඳහා
www.u.f.o Evidence.org cases/case511.htm වෙබ් අඩවි රාශියක්‌ පරිශීලනය
කළ හැක.

මෙම සිදුවීම උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්ගේ අභ්‍යවකාශ යානාවක්‌ පිළිබඳ
නූතන ලෝකයේ පළමු ප්‍රසිද්ධ වාර්තාවයි.

පෘථිවි ගවේෂණයෙහි නිමග්න වූ ප්‍රථම උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් ආභශ්වර
බ්‍රහ්ම ලෝකවාසීන් බව දීඝ නිකායේ (Digha Nikaya, Patika Vagga) පාඨය (හෝ
පාඨෙයH) වග්ගයෙහි අග්ගඤ්ඤ සූත්‍රයෙ හි ප්‍රභාශ්වර ආලෝක ජීවීන් පෘථිවිය
වාසයට සුදුසු නිජභූමියක්‌ ලෙස ජනපද පිහිටුවීමේ කාර්යයෙහි නියුතු වූ බව
සඳහන් තොරතුරු අනුව ස්‌ථාපිත වේ. (Digha
Nikaya, Aggana Sutta / a discussion on caste, and an
exposition on the origin of things down to the origin
of the four castes).

බෞද්ධ ග්‍රන්ථයන් මෙන්ම වෛදික, උපනිශ්ද් හා පුරාණ තොරතුරු වල විස්‌තර වන
විවිධාකාර වෘත්තාන්තයන්ගෙන් ප්‍රකාශවන දිව්‍ය, බ්‍රහ්ම, අසුර ආදී වශයෙන්
පෘථිවි මානුෂීය වාර්ගයන්ට වඩා අතිශයින්ම දියුණු සුපිරි සභ්‍යත්වයන් ගෙන්
මුළු විශ්වයම පිරී පවතින බව අධ්‍යතන (වර්තමානයට අයත්) බොහෝ විද්‍යාඥයන්ගේ
පිළිගැනීමයි.

සුප්‍රකට ඇමෙරිකානු තාරකා විද්‍යාඥයකු වන මහාචාර්ය ෆ්රූන්ක්‌ ඩිරෙක්‌
(Frank Donald Drake) තාරකා විද්‍යාඥයන්ගෙන් 90.9% ක්‌ම ඥනමය ජීව
මාර්ගයන් අපගේ ක්‍ෂීර පථය නම් වූ චක්‍රා වාටයෙහි හා විශ්වයෙහි වෙනත්
ප්‍රදේශයන් හි සිටින්නේයෑයි පිළිගනු ලබන බව ප්‍රකාශ කර ඇත. (වැඩි විස්‌තර
දැන ගැනීමට http://en.wikipedia.org/wiki/frank drake වෙබ් අඩවිය ඇතුළු
වෙබ් අඩවි දහස්‌ ගණනක්‌ පරිශීලනය කළ හැක).

අද කිසියම් කෙනෙකු ඥනමය සුපිරි සභ්‍යත්වවාසීන් නැතැයි ප්‍රකාශ කරනු
ලබන්නේ නම් එය එම පුද්ගලයාගේ විකාර ප්‍රකාශයක්‌ බව බටහිර යුරෝපීය
විද්‍යාඥයන් අතර ප්‍රකට කියමනකි.

අත්‍යන්ත (කෙළවරක්‌ නොමැති) ප්‍රභාශ්වර ආලෝක ජීව ප්‍රපංචයන් (විස්‌තර
වශයෙන් දැක්‌වීම) පිළිබඳ පර්යේෂණයන් ගෙන් හෙළිවන තොරතුරු අනුව වර්තමානයේ
පවා එවැනි ක්‍රියා සමහර රටවලින් වාර්තා වී ඇත. රුසියාවේ අභ්‍යවකාශ කටයුතු
පිළිබඳ ව්‍යාපෘතීන්හි නියුතු කර්නල් ආචාර්ය මරීනා පොපවිච් රුසියාවේ කරන
ලද (Marina Lavrentievna Popovich - U.F.O. Drawn in 1479 -
www.aliensurgeon.com/ufo/1479.htm.) පරීක්‍ෂණයන්හිදී ඩෙනිස්‌ ජාතික
"ටාර්ගේ වින්ථර්" විසින් ස්‌කැන්ඩිවියානු රටවල සොයා ගැනීම් අනුවද, දකුණු
අප්‍රිකාවේ ආචාර්ය අම්රිත් ආනන්ද මහා ථෙර විසින් බටහිර නේපාලයේ
"පොබරාවිල" අසල හිමාල කඳුවැටියේද පුරාණ චන්ද්‍රයාගේ ප්‍රමාණ හෝ සමහර විට
තරමක්‌ කුඩා ධවල වර්ණ වෘත්තාකාර ආලෝක පුංජයන් නිරන්තරයෙන් දක්‌නට ලැබෙන
බව වාර්තා කර ඇත.

මේ ආලෝකයන් පාදුර්භූත වන ස්‌ථානයන්හි පරීක්‍ෂණ කටයුතු කරන පුද්ගලයන්
විවිධාකාර අත්දැකීම් අනුව එම ආලෝකය කිසියම් උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්
හා සම්බන්ධ වන බව ඒකමතිකව තීරණය කර ඇත.

බොහෝ රටවල මෙකී තොරතුරු රාජ්‍ය ආරක්‍ෂාව හා විශේෂයෙන් ආගමික හේතූන් නිසා
ප්‍රසිද්ධ නොකිරීම සුලබය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සීමිත ආයු කාලය
හේතුවෙන් ඔවුන්ගේ ඥනයට ග්‍රහණය කර ගත හැකි වනුයේ අත්‍යන්ත (කෙළවරක්‌
නොමැති) විශ්වයෙන් අල්ප වූ ප්‍රමාණයක්‌ යෑයි සමහර විද්වත්හු විශ්වාස
කරති. නමුත් බෞද්ධඥන විශ්වාසයට අනුව විශ්වය පිළිබඳ අවබෝධය ලබාගත හැකිවන
ඥන මාර්ග අභිඥන නමින් හැඳින් වේ.

සූත්‍ර පිටකයේ සංයුක්‌ත නිකායේහි අනුරුද්ධ සංයුක්‌තයෙහි මහා වග්ගයෙහි
ඉද්ධිවිධ සූත්‍රයෙහි මෙසේ විස්‌තර කර ඇත. "තවද මහණෙනි, මම සතර
සතිපට්‌ඨානය වැඩූ බැවින් නොයෙක්‌ ඝෘද්ධීන් දරමි. එකෙක්‌ව බොහෝ රූ මවමි.
බොහෝ රූ ඇතිව සිටි එකෙක්‌ වෙමි. නොපෙනී සිටීමි. බිත්ති ප්‍රාකාරවල නොහැපී
ඒ මැදින් යමි. දියෙහි හා පොළොවෙහි කිමිදෙමි. මතුවෙමි. පක්‍ෂියකු මෙන්
අහසෙහි පළඟක්‌ බැඳ ගමන් කරමි. මහත් ඝෘද්ධි ඇති සඳ හිරු අල්ලමි.
පිරිමදිමි. බඹ ලොව තරම් උස සිරුරෙන් වෙසෙමි" යි කීය.

දිබ්බසෝත සූත්‍රයෙහි, "මහණෙනි, තවද මම සතර සතිපට්‌ඨානය වැඩූ බැවින්,
මිනිස්‌ බව ඉක්‌මවා ගිය පිරිසිදු වූ දිව්‍යමය කනෙන් දුර හා ළඟ වූ දෙව්
මිනිස්‌ ශබ්ද අසමි".

චෙතෝපරිය සූත්‍රයෙහි "මහණෙනි, තවද මම සතර සතිපට්‌ඨානය වැඩූ බැවින් බොහෝ
වැඩූ බැවින් මම අන් සතුන්ගේ අන් පුද්ගලයන්ගේ සිත මගේ සිතින් දැනගතිමි.
රාග සහිත වූ සිත රාග සහිත සිත යෑයි ද රාග රහිත සිත රාග රහිත සිත යෑයිද,
නොමිදුණු සිත නොමිදුණු සිත යෑයිද, මිදුණු සිත මිදුණු සිත යෑයි ද දනිමි".

පුබ්බේනිවාස සූත්‍රයෙහි, "මහණෙනි, මම සතර සතිපට්‌ඨානය වැඩූ බැවින්, බහුලව
වැඩූ බැවින්, නොයෙක්‌ ආකාර වූ පෙර ආත්ම භාවයන් සිහිපත් කරමි. එක්‌ එක්‌
ජාතියේදී මේ මේ ආකාරය මේ මේ ලකුණු සහිතය ආදී වශයෙන් පෙර ආත්ම භාවයන් සිහි
කරමි".

දිබ්බචක්‌ඛු සූත්‍රයෙහි මහණෙනි, මම සතර සතිපට්‌ඨානය වැඩූ බැවින්, බහුලව
වැඩූ බැවින්, මිනිස්‌ ඇස ඉක්‌මවූ වෙසෙසින් පිරිසිදු වූ දිව ඇස ලබා
කර්මානුරූපව උපන්නා වූ සත්ත්වයන් දකිමි".

ආසවක්‌ඛ්‍ය සූත්‍රයෙහි "මහණෙනි, මම සතර සතිපට්‌ඨානය වැඩූ බැවින්, බහුලව
වැඩූ බැවින්, කෙළෙසුන් දුරලීමෙන්, අර්හත්මාර්ග ඥනයට හා අරහත්ඵල ඥනයට
මෙලොවදීම පැමිණ ප්‍රත්‍යක්‍ෂ කොට ගෙන වසමි", යනුවෙන් දේශනා කර ඇත.

සම්මා සම්බුදුවරුන් වහන්සේලා සහ රහතන් වහන්සේලා නිසැකයෙන්ම පරිශීලනය කරන
උක්‌ත හැකියාවන් අනු පිළිවෙළින් හෝ කිහිපයක්‌ ක්‍රම ක්‍රමයෙන්
ප්‍රත්‍යක්‍ෂ කළ හැකි බව බෞද්ධ දර්ශනයේ ඉතා සුමගව හා සරලව ඉගැන්වේ. මෙම
අභිඥdවන්හි ප්‍රබලත්වය නූතන විද්‍යාවෙන් විස්‌තර කරලීමට තවදුරටත්
අපොහොසත්ය. උදාහරණයක්‌ වනුයේ මහා මුගලන් රහතුන් වහන්සේගේ සෘද්ධිබලය
කෙතරම් වීද යත් මොහොතකින් එක්‌ චක්‍රාවාටය බැගින් සත් දිනක චාරිකාවෙන්
චක්‍රාවාටයන් 584,800 ක්‌ තරණය කරන ලද බව දීඝනිකායෙහි සූත්‍රයන්හි
විස්‌තර වීමය. මඡ්ජිම නිකායේ අනුරුද්ධ සූත්‍රයෙහි සඳහන් වනුයේ අනුරුද්ධ
මහා තෙරුන් වහන්සේගේ දිබ්බචක්‌ඛු අභිඥාන දර්ශන බල මහිමය කෙතරම් ප්‍රබලද
යත් උන්වහන්සේට දහසක්‌ ලෝකයන්හි සත්ව වාර්ගිකයන්ගේ "කර්ම ක්‍රම ලේඛයන්"
ප්‍රත්‍යක්‍ෂ ඥනයෙන් දර්ශනය කර වටහා ගැනීමේ සක්‍යතාව නොහොත් හැකියාව තිබූ
බවය.

උක්‌ත හැකියාව එසේ නැතහොත් අභිඥාලාභීSත්වය එක්‌ කලකට පමණක්‌ සීමා නොවන
අතර නූතන ලෝකයේද අභිඥලාභීන්ගෙන් යුක්‌තය.

උදාහරණයක්‌ වශයෙන් ඇමරිකාවේ ජනගහනයෙන් 5% ක්‌ පමණද බටහිර යුරෝපයේ
ෂඩ්භිඥනයන්ගෙන් එක්‌ අභිඤ්Ædවක්‌ හෝ කිහිපයක්‌ම ප්‍රගුණ කරන ලද සංඛ්‍යාව
50% ක්‌ පමණ වන බව ඒ පිළිබඳ ලිපි ලේඛන හා නොයෙකුත් වාර්තාවල සඳහන්ය.

ශ්‍රී ලංකාවේදී මෙවැනි තත්ත්වයන් පිළිබඳ සොයාබැලීමට ක්‍රමවේදයක්‌ නොමැති
අතර බුදුන් වහන්සේගේ දාර්ශනික සංකල්ප ක්‍රම ක්‍රමයෙන් නූතන සමාජයෙන් ඈත්
වී තරමක පහසු මානසික විරේකයන් සඳහා පමණක්‌ම බුදු දහම දැන් පෙරට පැමිණ ඇත.

උත්තරීතර සභ්‍යත්වවාසීන් දැනට වර්ෂ 50,000 කට පමණ පෙර මිනිසා ජීවත්වන
පෘථිවි ගෝaලයේ ක්‍රියාශීලී වූ බවට සාක්‍ෂි වනුයේ ආදී කාලීන පෘථිවි ජනයාගේ
ස්‌ථිර සටහන් එනම් ගුහාවන් හි අඳින ලද චිත්‍ර දකුණු ඇමරිකාව, ප්‍රංශය,
ස්‌පාඤ්ඤය, රුසියාව, චීනය, හා ජපානය ආදී රටවලින් වාර්තා වී තිබීමය.

ඊට අමතරව චීනයේ ගෝබී කාන්තාරයේත්, තක්‌ලමාන් කාන්තාරයෙහිත් ඉතා පැරණි
ඩයිනෝසිරස්‌ සත්ත්වයන්ගේ පාෂාණභූත හා සටහන් අතර අද මෙන් පාවහන් සටහන් ද
සොයා ගැනීමෙන් හෙළි වී ඇත්තේ දැනට වසර මිලියන 60 කට හෝ 70 කට ඉහත යුගයේදී
පවා කිසියම් උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන් පෘථිවි ගවේෂණයන්ගේ නිරත වූ
බවය.

ඒ අතර ඇමරිකා එක්‌සත් ජනපදය 1953 සිට ඉතා සියුම් ලෙස පිටසක්‌වල යානා
පිළිබඳව තොරතුරු මෙන්ම එවැනි තොරතුරු රැස්‌කරනු ලබන සංවිධාන, ආයතන හා
පුද්ගලයන් පිළිබඳවද විමසිල්ලෙන් කටයුතු කරනු ලබයි. මධ්‍යම රහස්‌ සේවයට
අනුබද්ධ එවැනි තොරතුරු විමසිල්ලෙන් ක්‍රියාත්මක වන ආයතනයක්‌ වන අප්රෝ
හෙවත් ඒරියල් එනොමෝනා රිසර්ච් ඕගනයිශේන් (APRO AERIAL PHENOMENA
RESEARCH ORGANIZATION) නමින් හඳුන්වන ඇරිසෝනා ප්‍රාන්තයේ ටක්‌සන්හි
පිහිsටුවා ඇති ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය ඡේම්ස්‌ ඩී. හාර්ඩර්ගේ (DR.
JAMES HARDER) මතය අනුව අන්තර් චක්‍රාවාට අභ්‍යාවකාශ යානාවන් පිළිබඳ
තොරතුරු හා සභ්‍යත්ව වාර්ගිකයන්ගේ අභිලාෂයන් පිළිබඳ මේ වන විට පෘථිවියෙ
හි දී ප්‍රකාශ වී ඇති බොහෝ විද්‍යා හා ආගමික ප්‍රබන්ධයන්හි අවසානය වැඩි
ඈතක නොවන බවය.

1947 ජූලි 03 වැනි දින ඇමරිකා එක්‌සත් ජනපදයේ නිව් මැක්‌සිකෝ ප්‍රාන්තයේ
රොස්‌වෙල් ප්‍රදේශයේ දී අනතුරකට භාජනය වූ අයුරු මෙන් පෙනෙන්නට තිබූ කුඩා
පිටසක්‌වල යානාවක්‌ හා එහි තිබී මියගිය සභ්‍යත්ව වාර්ගිකයන් සොයාගැනීමෙන්
අනතුරුව එවකට ජනාධිපති වූ හැරී ටෲමන් (HARRY S.
TRUMAN 1945 - 1953) විසින් මෙම අභ්‍යාවකාශ යානා හා උත්තම සභ්‍යත්ව
වාර්ගිකයන් (EXTRA
TERRESTRIAL LIFEOF THE UNIVERSE) පිළිබඳ සොයා බැලීම සඳහා "මැජස්‌ටික්‌
12" (මැජික්‌ 12) නම් අතිශය රහසිගත කමිටුවක්‌ 1947 සැප්තැම්බර් 24 වැනි
දින පත් කරන ලදී. ඒ පිළිබඳ තොරතුරු වාර්තාවක්‌ 1952 නොවැම්බර් 18 වැනි
දින එවකට ඇමරිකානු ජනාධිපති ඩිවයිඩ් ඩේවිඩ් අයිසන් හවර් (D. WIGHT
DAVID EISENHOWER 1953 - 1961) වෙත ඉදිරිපත් කර ඇත. එම මැජික්‌ කමිටුවේ
ප්‍රධානියා වූයේ CගෂගA සංවිධානයේ ප්‍රධානී ගිලන් කොයිටර්ය. ඉන්පසුව ලොව
පුරා බොහෝ රටවල් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනක්‌ උත්තරීතර සුපිරි
සභ්‍යත්වයන් හි පෘථිවිකරණය පිළිබඳ තොරතුරු ගොනු කරමින් අධ්‍යයනයේ යෙදෙන
බව ලොව සිසාරා ප්‍රචලිතය. එවැනි එක්‌ ආයතනයක්‌ වන ඇමරිකා එක්‌සත් ජනපදයේ
කොළරාඩා හි පිහිටා ඇති ජාත්‍යන්තර මුනෝන් සංවිධානයේ ශාඛාව මගින් අනාවරණය
කර ඇති පරිදි වාර්ෂික එවැනි අජටාකාශ යානා 70,000 ක්‌ පිළිබඳව තොරතුරු
වාර්තා වන අතර වාර්තා නොවන ප්‍රමාණයේ ප්‍රතිශතය 90% ක්‌ පමණ වේ. මෙම
වාර්තාවන්ට අනුව යෝධ අභ්‍යාවකාශ යානා මෙන්ම කුඩා අභ්‍යාවකාශ යානාද ඇත.
යෝධ යානාවක්‌ 1994 ජනවාරි 24 වැනි දින දර්ශනය වූ බව ප්‍රංශ ගුවන් ආරක්‍ෂක
හමුදා රේඩාර් යන්ත්‍රවල සටහන් වී ඇත.

සමහර යෝධ යානාවන් හි සංචාරයේ යෙදෙන උත්තරීතර සභ්‍යත්ව වාර්ගිකයන්,
සංචාරකයන් ලෙස අප සෞරග්‍රහ මණ්‌ඩලය ආසන්නයෙන් චක්‍රාවාටය හරහා ගමන් කරති.
එසේ ඔවුන් ගමන් කරන්නේ සුළු මොහොතක්‌ පෘථිවිය සමීපයෙහි ගත කිරීමට විය
හැකි බව විද්වතුන්ගේ මතයයි.

මෙවැනි යෝධ යානාවන්හි භ්‍රමණය තවදුරටත් විග්‍රහ කළ තත්ත්වයේම පවතී.

මහාචාර්ය කාල් එඩ්වර්ඩ් සේගන් (CARLEDWARD SAGAN) හා W.I නියුමන් යන
විද්‍යාඥයන්ගේ මතය වනුයේ මෙම සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් ඥනවන්ත ජීවීන්
වන අතරම ඔවුන් මෙසේ හැසිරෙන්නේ විශ්වයටම බාධක වශයෙන් හඳුන්වන "චක්‍රාවාට
නීති රීති අභිලේඛනය" අනුව විශ්වයෙහි අධිරාජ්‍යවාදී පදනමක්‌ ගොඩනැගීමට
විරුද්ධව හැසිරීමට හා අජටාකාශ යුගයට එළඹෙමින් සිටින තරුණ සභ්‍යත්වය වන
පෘථිවි මානූෂීය සභ්‍යත්වයන්ටද එසේ හැසිරීම ඉගැන්වීම සඳහා බවය. වැඩි
විස්‌තර දැනගැනීමට http://en.wikipedia.org/wiki/carlsagan වෙබ් අඩවිය
ඇතුළු අඩවි රාශියකට පිවිසිය හැකි අතර මහාචාර්ය කාල් සේගන්ගේ කෘතිද කියවිය
හැක.

ගෞතම බුදුරජාණන්වහන්සේ අංගුත්තර නිකායේ තික නිsපාතයේ දූතිය පණ්‌ණාසකයේ
ආනන්ද වගගයෙහි චූලනිකා සූත්‍රයේ චක්‍රාවාටයන් පිළිබඳව විස්‌තරව දේශන කර
ඇත. චූලනිකා සූත්‍රය දේශනා කර ඇත්තේ ආනන්ද මහතෙරුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු
වශයෙනි.

ආනන්දය සඳ හිරු දෙදෙනා ආලෝකය පතුරුවන ස්‌ථානයේ එක්‌ සක්‌වලකි. එබඳු වූ
දහසක්‌ සහස්‌සධාලෝක නම් වෙයි. මේ සහස්‌සධාලෝක ධාතුවෙහි චJද්‍රයෝ 1000 කි.
සූර්යයෝ 1000 කි. සිනෙරු පර්වත 1000 කි. ජම්බුදීප 1000 කි. අපරගෝයාන 1000
කි. උතුරුකුරු දිවයින් 1000 කි. පූර්ව විදේහ 1000 කි. සිව් මහා මුහුදු
1000 කි. සිව්මහා රජවරු 1000 කි. චාතුර් මහාරාජික 1000 කි. තව්තිසා 1000
කි. යාම 1000 කි. තුසිත 1000 කි. නිර්මාණ රති 1000 කි. පරනිම්මිත වසවර්ති
1000 කි. බ්‍රහ්ම ලෝක 1000 කි. ඉහත සඳහන් විශ්ව සීමාව ශ්‍රාවක විෂය
ප්‍රදේශය වන අතර එකී විශ්ව පරාශය චූලනිකා ලෝක ධාතු නමින් සටහන් වී ඇත.

Êමෙබඳු සහස්‌සි චූලනිකා ලෝක ධාතු දහසක්‌ ද්විසහස්‌සි මඡ්Cධිමිකා ලෝක ධාතු
එකකි. උක්‌ත ලෝක ධාතුව ශ්‍රාවකයන්ට විෂය නොවන බව සඳහන්ය. ද්විසහස්‌සි
මජිCධිමිකා ලෝක ධාතු දහසක්‌ තිසහස්‌සි ලෝක ධාතුවකි. කෝටි ලක්‍ෂයක්‌
චක්‍රාවාටයන් මෙහි ඇතුළත් බව සඳහන්ය.

මෙයින් පැහැදිලි වන්නේ එක්‌ සඳකින් හා එක ඉරකින් ආලෝකය පැතිරෙන ප්‍රමාණය
චක්‍රාවාටයක්‌ බවත් එබඳු චක්‍රාවාටයන්a දහසක්‌ සහස්‌සි චූලනිකා ලෝක ධාතු
යෑයි ද සහස්‌සි චූලනිකා ලෝක ධාතු දහසක්‌ (1000 X 1000 = 10000000) එනම්
චක්‍රාවාට සියක්‌ කෝටියක්‌ තිසහස්‌සී මහා සහස්‌සි ලෝක ධාතු නම් වන බවය.

පෘථිවි මානුෂීය වාග_කයන්ගේ සියලුම ආගමික ග්‍රන්ථයන්හිදී පැරණි ඇමරිකානු
ඉන්කා, මායා හා ඇස්‌ටෙක්‌ ආදී ශිෂ්ඨාචාරයන් හී ද, ගෝපි ඉන්දියානුවන්ගේ ද
පැසිෆික්‌ සාගරයේ සැමෝටා, හවායි, නවසීලන්ත, ඕස්‌ටේ්‍රලියානු යන
ආදීවාසීන්ගේ කතන්තරයන් හී ද අප්‍රිකානු ජනකතා වලද පැරණි චීන හා මැදපෙරදිග
සහ සුළු ආසියාවේ සුමේරියන්, බැබිලෝනියන්, හිටයිට්‌ මෙන්ම පර්සියානු සටහන්
වලද මිසරයේ පාරාවෝ යුගයන්හි පැපිරස්‌ ග්‍රන්ථයන්හිදී ද සුපිරි සභ්‍යත්ව
වාර්ගීකයන්ගේ අභ්‍යාවකාශ යානාවන්ගේ පැමිණීම ඇතුළු නොයෙකුත් ක්‍රියාවලියන්
දහ දහස්‌ ගණනක්‌ වාර්තා වී ඇත.

එසේම මෙකී යානාවන් පිළිබඳව විස්‌තර සෘග්, යජුර් ආදී වේදයන්හි මෙන්ම
උපනිෂ්ද් බ්‍රාහ්මනික හා පුරාණ ග්‍රන්ථයන්හි ඉතා දීර්ඝව විස්‌තර කර ඇත.
අභ්‍යාවකාශ යානා පිළිබඳ සුවිශේෂී ග්‍රන්ථයක්‌ වන සමරංගන සූත්‍රධාර
ග්‍රන්ථයේද, භෝජ සෘෂිවරයා විසින් රචිත යුක්‌ති කල්ප තරු, වෛමානික
ශ්‍රාස්‌ත්‍ර හා එහි ව්‍යාඛණය වන බෝධානන්ද ග්‍රන්ථයේද මේ පිළිබඳව දීර්ඝව
විස්‌තර කර ඇත.

වාල්මිකී විසින් රචිත රාමායණයෙහිත් විස්‌තර වන රාවණා රජුගේ අභ්‍යාවකාශ
යානයද රළු හෝ විමාන නමින් සාමාන්‍යයෙන් හඳුන්වන ලබන බව සඳහන්ය. රසදියෙන්
ක්‍රියාත්මක වූ (VOTX MERECURY
ENGINE) එම යානය සිතුවිලි වලටත් වඩා වේගයෙන් පියාසර කරවිය හැකි බව උක්‌ත
ග්‍රන්ථයේ සඳහන්ය.

ත්‍රිපිටිකානුගත විමාන වස්‌තු සූත්‍රයේද වෛමානික සූත්‍රධරයෙහිද විමාන නම්
වූ අභ්‍යාවකාශ යානා පිළිබඳව හා ඒ හා සම්බන්ධ උත්තරීතර සභ්‍යත්ව
වාර්ගීකයන් ගැන සඳහන්වේ.

බෞද්ධ දර්ශනයේ භාවනා සම්ප්‍රයුක්‌ත යෝගාචර චරණයේ (භවනාවේ යෙදෙන) යෙදෙමින්
සිටින විටදී සමහර අවස්‌ථාවලදී ක්‍ෂණ මාත්‍ර (ඇසිල්ලකදී) දර්ශනය වන හෝ එසේ
පාදුර්භූත (ඉබේ පහළවන) වන ආලෝක කදම්බ හෝ ආලෝක හෙවත් ප්‍රභාෂ්වර ජීවීන්ගේ
දර්ශනයවීම සමග එකවිටම සිදුවන ෂඩ්භිඥඥනයන් පූර්ණ වශයෙන් හෝ කොටස්‌ වශයෙන්
සාක්‍ෂාත්වීම අනුභූතීමය (අත්දැකීම) වින්දනයක්‌ ලෙස මනසෙහි තැන්පත්වේ.
ප්‍රභාෂ්වර ජීවීන් පෘථිවි ආධ්‍යාත්මික ඥන දර්ශන වර්ධනයෙහි නිරතව සිටින
බවද මේ උතුම් සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් අපගේ ක්‍ෂිර පථයෙහි ජීවනයේ
කොටසක්‌ බවද විශ්වමය ඥන ප්‍රත්‍යවේක්‍ෂාකරණයෙහි (නුවනින් සළකා බැලීම) මෙම
ප්‍රභාෂ්වර හෙවත් ආලෝක ජීවීන් පෘථිවි මානුෂ වාර්ගිකයන්ට ආධාර උපකාර කරන
බවද සොයාගෙන ඇත.

භාවනායෝගී මනසෙහි යෝගාවචරයන් හට එම වාර්ගිකයන් දර්ශනය වීම බෝහෝ විට උතුම්
සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන් සමග සන්නිවේදන සම්බන්ධතාවයේ පූර්වාරම්භය විය
හැක. අභිධර්ම කෝෂ ව්‍යාඛ්‍යාවේ සහ මහායාන ලංකාවකර සූත්‍රයේ බ්‍රහ්ම ලෝක
සභ්‍යත්ව වාර්ගිකයන් ප්‍රභාෂ්වර ජීවීන් බව සඳහන් වී ඇත. විශ්වයේ පූර්ණ
ආකෘතිය හෝ එහි සභ්‍යත්ව වාර්ගීකයන්ගේ විවිධාකාර ව්‍යාපෘති මිනිසාට
කිසිදිනක හෝ නුදුරේදී හෝ සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට නොහැකිවන බව විද්වත්
මතයයි. එහෙත් සාමාන්‍ය අවබෝධයක්‌ ලබාගැනීමට හා ග්‍රහණය කිරීමට මිනිස්‌
සංහතියට එසේ නැතහොත් මිනිස්‌ සිතට බලවත් අධිෂ්ඨානයක්‌ හා ශක්‌තියක්‌ ඇත.
ක්‍ෂීරපථය නම් වූ අපගේ චක්‍රාවාටයේ පමණක්‌ පිහිටා තිබෙන තාරකාවන්හි
සෞරග්‍රහ මණ්‌ඩල පිළිබඳව ග්‍රන්ථයක එක පිටුව බැගින් විස්‌තර සඳහන් කරනුයේ
නම් මුළු මහත් චක්‍රාවාටයෙහි එවැනි තාරකා සියල්ල සඳහා අඩුම තරමේ පිටු දස
දහසේ කාණ්‌ඩ මිලියන දහසකටත් වඩා අවශ්‍යවනු ඇත.

ක්‍ෂීර පථයේ තාරකාවන් බිලියන 400 ක්‌ පමණ යෑයි ගණන් බලා ඇති අතර තත්පරයකට
එක පිටුව බැගින් පිටු පෙරළාගෙන යනු ලබන්නේ නම් මුඛ ග්‍රන්ථය අවසන් කරලීමට
වර්ෂ දස දහසක්‌ ගතවන බව විද්වතුන්ගේ අදහසයි. ග්‍රහලෝකයන්හි භූගෝලීය
පිහිටීම වෘක්‍ෂලතා, ජීවමය හෝ ඉතිහාසය ආදී තොරතුරුද එහි අඩංගු වේ නම් ඒ
අනුව පෘථිවි මානුෂීය වාර්ගිකයකුට (මිනිsසාට) එක්‌ ජීවිත කාලයකදී අධ්‍යයනය
කිරීමට හැකි වනුයේ ඉතාමත් අල්ප විස්‌තරයක්‌ පමණි.

එසේ නම් විශ්වයෙහි දැනට සොයාගෙන ඇති බිලියන 300 වූ චක්‍රාවාටයන් ගැන
කුමක්‌ සිතමුද?

ඉදිරි ලිපිවලින් විශ්වයේ ප්‍රවර්ථනය පිළිබඳ නූතන ආකල්ප හා චක්‍රාවාට
පිළිබඳවත්, විශ්වය හා සභ්‍යත්ව වාර්ගිකයන් පිළිබඳ බෞද්ධ දර්ශනයේ සඳහන්
දේශනාවන්, බෞද්ධ ග්‍රන්ථයන්ට අනුව විශ්වයේ සභ්‍යත්ව වර්ගීකරණය උත්තරීතර
සභ්‍යත්වයන්ගේ පෘථිවි තරණය පිළිබඳ පෙර අපරදිග ග්‍රන්ථයන්ගේ සඳහන්
තොරතුරු, විශ්වයේ සභ්‍යත්වය පිළිබඳ නවීන සංකල්ප, සුපිරි සභ්‍යත්ව
වාර්ගිකයන්ගේ පෘථිවි සම්බන්ධතා අත්‍යන්තව සාමාන්‍ය වශයෙන් විද්‍යාමාන වන
ආකාරය, සුපිරි සභ්‍යත්වයන්ගේ පෘථිවි ව්‍යාපෘති, සුවිශාල අභ්‍යාවකාශ
යානාවන්ගේ පෘථිවි තරණය පිළිබඳ නූතන විද්‍යාත්මක වාර්තාද ක්‍ෂීර පතයෙහි
ජීවත්වන උත්තරීතර සභ්‍යත්ව වර්ග පිළිබඳ සරලව විස්‌තර කෙරෙනු ඇත.

විශ්වය පිළිබඳ සංකල්ප මනා ලෙස විස්‌තර කළ බෞද්ධ දර්ශනයෙන් ශ්‍රී ලංකාවාසී
බෞද්ධ ජනතාව කුමන ප්‍රයෝජනයක්‌ ගෙන තිබේද? බුදුන්ගේ දර්ශනය උකහාගෙන ලෝකයම
විශ්වයට ගමන් කරද්දී ලෝකයේ එකම සිංහල බෞද්ධ රාජ්‍යය තවමත් කොදෙව්
දූපත්වාසීන් ලෙස සිටීමට හේතුව කුමක්‌ද? අප ඉදිරි කලාපයේදී මේ පිළිබඳව කතා
කරමු.

දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment