Tuesday, December 25, 2012

පෘථිවි ජීවීන්ගේ ජීවය රැඳි "මහා ගගන සාගරය"

පෘථිවි ජීවීන්ගේ ජීවය රැඳි "මහා ගගන සාගරය"

 
මිනිස්‌ සංහතියට තමන් ජීවත් වන පෘථිවි ගෝලය වටා වායුගෝලයක්‌ (Atmosphere) පිහිටා තිබෙන බවත් එම නිසාම සියලුම සත්ත්වයන්ට ජීවය ලැබී තිබෙන බවත් අද්‍යතනව බොහෝ මිනිසුන්ට අමතකවීම මානව ප්‍රගමනයට සෑම අතින්ම බලවත් තර්ජනයකි.

වායුගෝලය නමැති ඒ අද්වීතිය චමත්කාර ජනක ක්‍රියාවලියෙහි ඇති විස්‌මය දනවන ස්‌වාභාවය ගැන සලකා බලන විට "වායුගෝලය" යන යෙදුම ඊට භාවිත කරලීම සැබැවින්ම අවතක්‌සේරුවකි.

වායුගෝලය හෙවත් ඇට්‌මොස්‌පියරය විස්‌තර කිරීමට වඩාත් යෝග්‍ය හා සරල යෙදුම "මහා ගගන සාගරය" බව චාල්ස්‌ ඩාවින් (Charles Robert Darwin
1809-1882 / known for the voyage of the beagle on
the origin of species natural selection) සමග එක්‌ව පරිණාම වාදය එළිදැක්‌වූ ඇල්ප්‍රඩ් රසල් වොල්ස්‌ (Alfred Russel Wallace 1923-1913 / known for his
co-discovery of natural selection and his work on
 Biogeography) 1903 දී ප්‍රකාශ කර ඇත.


"මහා ගගන සාගරය" යන යෙදුමෙන් මිනිසා තුළ ඇති කරන සිතුවිල්ල නොහොත් ස්‌මෘති ලාංඡනය දේශගුණය ලෙස නිගමනය කරමින් ඉහළ අහසේ ජනිත වන වායු ස්‌ථර ප්‍රවාහයන් හා අප අතර ඇති සුවිශාල අවකාශය නිවැරදිව මිනිස්‌ සන්තානයේ තැන්පත් වී අවබෝධ වන බව වොල්ස්‌ගේ අදහසයි. වොල්ස්‌ ජීවත් වූයේ විද්‍යාවේ රෝමාන්තික අවධියේදීය. ඒ අවධියේ වායුගෝලය පිළිබඳ අලුතෙන් යමක්‌ සොයා ගැනීම අද්‍යතනව අඟහරු ලෝකයෙන් ගත් ඡායාරූපයක්‌ ලැබීම හෝ පාෂාණභූත වූ දැවැන්ත ජීවියකු හමුවීම තරමටම විස්‌මය දනවන කරුණක්‌ විය. වායුගෝලය කෙතරම් විස්‌මය දනවන ක්‍රියාවලියක්‌ද, යත් එය ධූලි අංශු වලින් තොර වී නම් ක්‍ෂිතිජයේ හිරු බැස යැමත් අපිරිසිදු වතුර බඳුනක්‌ දෙස බැලීමත් අතර කිසිම වෙනසක්‌ නැති බවත් හිරු බසින විට ඇති වන ඡායා මිනිසාගේ පියවි ඇසින් විනිවිද දර්ශනය කළ නොහැකි තරම් තද අඳුරු බවත් වෝල්ස්‌ විස්‌තර කර ඇත.



වායුගෝලය නිතැතින්ම විස්‌මය ජනක වන අතර එය සියලු ප්‍රාණීන්ට ජීවන හුස්‌ම ලබා දෙන අතර ජීව අජීව වස්‌තූන් අතර අෙන්‍යාaන්‍යය සම්බන්ධයද පවත්වා ගෙන යැමට උපකාරී වේ. මිනිසා ජීවත් වන පෘථිවි ගෝලය විශ්ව චක්‍රාවාට සමූහ මණ්‌ඩලයේ වර්ගෝ චක්‍රාවාටයේ (Virgocluster) බිහිවී ගත වූ වසර බිලියන හතරහමාර සිසාරාම මහ පොළොවේ උෂ්ණත්වය විධිමත් ලෙස හසුරුවා ගැනීමට උක්‌ත වායුගෝලය නොහොත් "මහා ගගන සාගරය" සමත්ව තිබීම තවදුරටත් ජීවින්ට වාසනාව ගෙන දෙන්නෙකි. ප්‍රංශ ජාතික චාල්ස්‌ මෙයිසර් 1774 දී ප්‍රකාශයට පත් කරන ලද තාරකා විද්‍යාඥයන් සඳහා වූ Messier's Cataloge නොහොත් aAstronomical Cataloge හි ප්‍රථමයෙන්ම වර්ගෝ චක්‍රාවාට සමූහ මණ්‌ඩලය පිළිබඳව සටහන් වී ඇත.

එහෙත් පෘථිවිය බිහිවී වසර බිලියන 2.2 අතර කාලයේදී පවා පෘථිවි වායු ගෝලය, මිනිසා වැනි සංකීර්ණ සත්ත්වයන්ට කිසිසේත්ම නොගැලපෙන මරණීය අනතුරු සහිත පරිසරයක්‌ සහිත ක්‍රියාවලියක යෙදී සිටියේය. උක්‌ත කාල වකවානුවේදී මහ පොලොවේ ජීවත් වූ සත්ත්ව ප්‍රජාව හුදෙක්‌ බැක්‌ටීරියා වැනි ඒක ශෛලික ක්‍ෂුද්‍ර ප්‍රාණීන්ටත් ඇල්ගී වැනි ප්‍රාථමික ශාකවලටත් සීමා විය.

ඉන් අනතුරුව මෙයින් මිලියන 600 කට පමණ පෙර සිට වායු ගෝලයේ ඔක්‍ෂිජන් ප්‍රතිශතය ප්‍රමාණවත් ලෙස වර්ධනය වීම ආරම්භ වීමත් සමග වඩා සංකීර්ණ වූත් පියවි ඇසින් දර්ශනය කළ හැකි ප්‍රමාණයට විශාල වූත් බහු ශෛලික සත්ත්වයන් මහ පොලොව සිය නිජ බිම කරගනුයේ පෘථිවියේ දේශගුණය බරපතල ලෙස වෙනස්‌ කළ දැවැන්ත අයිස්‌ සමය (Ice Age) 04 ක්‌ අතර තුරේදීය. අයිස්‌ සම පිළිබඳ වැඩි විස්‌තර දැන ගැනීමට en/.wikipedia.org/wiki/iceage වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි රාශියක ඔබට පියාසර කළ හැකිය.

වසර මිලියන 600 කට ඉහත පළමු මහා අයිස්‌ සමයේදී සමකය (Equator) දක්‌වාම වූ මහ පොලොව හිම තට්‌ටුවකින් වැසී ගිය අතර එකල විසූ අල්ප ප්‍රාණීන් සියදිවි රැක ගත්තේ සමකයට නුදුරුව එම හිම තට්‌ටුව සිය වාස භූමිය කර ගැනීමෙනි. සමකය පිළිබඳ වැඩි දුර අධ්‍යයනයේ යෙදෙන්නේ නම් සමක රේඛාවේ දිග ප්‍රමාණය ගෝලයේ කුමන රටවල් ඊට සම්බන්ධ වන්නේද යන කරුණුත් ඇතුළුව දියුණු දැනුමක්‌ ලබා ගැනීමට en/.wikipedia.org/wiki/equator වෙබ් අඩවිය මූලිකව තවත් වෙබ් අඩවි රාශියකි.

එකී මහා අයිස්‌ සමයේදී දේශගුණය දැරිය නොහැකි අධික ශීතලයෙන් යුක්‌ත වූ අතර පොලෝ තලය හිම තට්‌ටුවකින් වැසී ගිය බැවින් පෘථිවි ගෝලය මුළුමනින්ම පාහේ ඇල්බිඩොවෙන් නොහොත් ධවල වර්ණයෙන් යුක්‌ත විය.

දේශගුණය වෙනස්‌ වීම සම්බන්ධයෙන් මෙය ඉතා වැදගත් සාධකයෙකි. අද්‍යතනව පවා මහ පොලොවට පතිත වන සූර්ය බල ශක්‌තියෙන් තුනෙන් එකකට කිට්‌ටු ප්‍රමාණයක්‌ නැවත අවකාශයට පරාවර්ථනය වන්නේ එවැනි හිම තට්‌ටුවලිනි.

සූර්යාලෝකයෙන් 5% - 10% අතර ප්‍රමාණයක්‌ ජලය මගින් පරාවර්තනය කරන නමුත් නොකිළිටි අලුත් හිම තට්‌ටුවක ධවල වර්ණයට සූර්යාලෝකයෙන් 80% - 90% අතර ප්‍රමාණයක්‌ පරාවර්තනය කිරීමට හැකිය.

මහ පොලොවෙන් යම්කිසි ප්‍රමාණයක්‌ හිමෙන් වැසී ගිය විට දැරිය නොහැකි ශීතලකින් මුළු පෘථිවියම වෙලී යැම දේශගුණයේ නිසඟ ලක්‍ෂණයකි. සාමාන්‍යයෙන් මෙම සිද්ධිය සිදු වන්නේ හිම තට්‌ටුව ධ්‍රැවයේ සිට සමකය දෙසට පැතිරෙන අතරතුර අක්‍ෂාංශක 30 (Latitude) එනම් නූතන ශැංහයි හෝ නිව් ඔර්ලියන්ස්‌ නගර පිහිටි මට්‌ටමට සමීප වීමේදීය. අක්‍ෂාංශක පිළිබඳ වැඩි දුර අධ්‍යයනයට en/.wikipedia.org/wiki/latitude වෙබ් අඩවිය පරිශීලනය කළ හැක.

වසර මිලියන 600 කට පෙර ආරම්භ වූ ප්‍රථම මහා අයිස්‌ සමය තවත් වසර මිලියන ගණනාවක්‌ ඒ අයුරින්ම ක්‍රියාත්මක විය. ඒ අතර වසර මිලියන 450 කට පෙර මුල් වරට ප්‍රාණීන් කාබනික ද්‍රව්‍යයන්ගෙන් සමන්විත අස්‌ථි පද්ධතියන්ගෙන් යුත් ජීවින් බවට පරිණාමය (Evolution) වීම ආරම්භ වීය. පරිණාමවාදය පිළිබඳ වැඩි දුර අධ්‍යනයේ යෙදෙන්නේ නම් චාල්ස්‌ ඩාවින්ගේ On the Origin of Species කෘතියද en/.wikipedia.org/wiki/evolution වෙබ් අඩවිය පරිශීලනය කළ හැක.

මෙම ක්‍රියාවලියට හේතුව ජීවින් සමුද්‍ර ජලයේ අන්තර්ගත කාබන්ඩයොක්‌සයිඩ් වායුව අවශෝෂණය කිරීමට පටන් ගැනීමය. මේ ආකාරයට අලුත් ආකාර ජීවින් විකාශය වීම වායු ගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ක්‍රමිකව වර්ධනය වීමටද හේතු වී ඇත. මෙතැන් සිට දීර්ඝ අයිස්‌ සම ක්‍රියාවලිය ක්‍රම ක්‍රමයෙන් අඩුවිය. ඊළඟ මහා අයිස්‌ සම ත්‍රිත්වය ආරම්භ වන්නේ වසර මිලියන 355 කට 280 කට සහ අවසන් වරට මීට වසර මිලියන 33 කට පෙරදීය.

උක්‌ත සියලු වෙනස්‌කම් අතරතුර වායු ගෝලීය උෂ්ණත්වය පාලනයට බලපෑ හේතුන්ද ඇතුළු නොයෙක්‌විධ ක්‍රියාවන් නිසා නොයෙකුත් මාදිලියේ වෙනස්‌ වීම් වලට පෘථිවි ගෝලය භාජන විය. මෙයින් වසර 354 සිට 290 දක්‌වා කාල පරිච්ඡේදයේදී කාබොනිෆරස්‌ හෙවත් අංගාරධර අවධිය (Carboniferous Period)) නමින් හැඳින්වෙන අවධියේදී, අද්‍යතනව මිනිස්‌ සංහතියම බලශක්‌තිය සඳහා බෙහෙවින් පරිශීලනය කරන ගල් අඟුරු නිධීන්ට හේතුකාරක වූ ප්‍රාථමික වනගහනයන්ගෙන් මහපොලොව ප්‍රථම වරට ගහන විය. ඉහත සඳහන් කළ කාබොනිෆරස්‌ අවධිය හා ප්‍රාථමික වනගහනය පිළිබඳ වැඩි විස්‌තර ද, කාබොනිෆරස්‌ සිව්පාවුන් හා එම යුගයේ විචිත්‍ර රූප සටහන් අධ්‍යයනය කිරීමටත් කාබොනිෆරස්‌ යුගයේ පැළෑටි පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට (Carboniferous, animals, plants,
pictures, සහ Forests) en.wikipedia.org/wiki වෙබ් අඩවිය ඇතුළු අඩවි රාශියක දැනුම සොයා ඔබට විචිත්‍රව නිදහසේ පියාසර කළ හැකිය. අංගාරධර වනාන්තර (Carboniferous Forests) පිළිබඳ මිචිගන් විශ්වවිද්‍යාලයීය මහාචාර්ය රැල්ෆ් ඊ. ටැගර්ට්‌ගේ වෙබ් අඩවියේ සැරිසැරීම ඉතා වැදගත්ය. (Carboniferous Forests, Department of Plant Biology. Department of
Geological Sciences, Michighan State University,
Professor Ralph E. Taggert) පසු කලෙක ගල් අඟුරු ලෙසින් සංගත වූ කාබන් ප්‍රමාණය ඉන් පෙර දී වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් වශයෙන් සංසරණය වූ බැවින් ප්‍රාථමික වනගහනයෙන් නොඅනුමානයෙන්ම පෘථිවි කාබන් චක්‍රයේ සංයුතිය කෙරෙහි දැඩි ලෙස බලපාන්නට ඇත.

අනෙක්‌ විවිධ සත්ත්ව වර්ගවල විකාශයද පෘථිවියේ කාබන් චක්‍රය (Carbon Cycle) කෙරෙහි සැලකිය යුතු ලෙස බලපාන ලදී. උදා- වසර මිලියන 55 කට පමණ පෙර සිට සුවිශාල කොරල් පර බිහිවන්නට පටන් ගත්විට වායු ගෝලයේ පැවැති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයෙන් අති මහත් කොටසක්‌ ඒ මගින් අවශේෂණය කරගෙන ඇත. එම ක්‍රියාවලිය හේතුවෙන් එකල පෘථිවියේ සිසිලද වර්ධනය වී ඇත.

ඉංග්‍රීසි ජාතික දේවධර්ම වාදියෙකු, දේශපාලන චින්තකයකු, අධ්‍යාපනඥයකු, දාර්ශනකියෙකු වූ ජොසෙප් ප්‍රිරිස්‌ට්‌ලි ඇතුළු තවත් විද්‍යාඥයන් දෙදෙනකු විසින් කාබන් චක්‍ර ක්‍රියාවලිය සොයා ගන්නා ලදී. Joseph Priestly විසින් ඔක්‍ෂිජන් (Oxygen) හා සෝඩා වතුරද සොයාගත් අතර කාබන් චක්‍රය පිළිබඳ වැඩිදුර අධ්‍යයනට අන්තර් ජාලයේ en/.wikipedia/org/wiki/- carbon cycle වෙබ් අඩවියද Joseph Priestly පිළිබඳ අධ්‍යයනය කිරීමට en/.wikipedia/org/wiki/joseph priestly වෙබ් අඩවියේ පියාසර කිරීමෙන් ජෝශප් ප්‍රිරිස්‌ට්‌ලි විසින් රචිත The Rudiments of English Grammar කෘතිය පිළිබඳ හා අනෙකුත් විද්‍යා හා ශ්‍රාස්‌ත්‍රිය කටයුතු පිළිබඳ අධ්‍යයනය කළ හැකිවනු ඇත.

දැවයෙන් සමන්විත වනාන්තර තරමටම තෘණ වර්ග කාබන් වලින් ගහන නැති නමුත් වසර මිලියන 07-08 කට පෙර විවිධාකාර තෘණ පැළෑටිවල විකාශය හා පැතිරයැමද යම් ප්‍රමාණයකට දේශගුණය වෙනස්‌ වීමට හේතු වන්නට ඇතැයි විද්‍යාඥයන්ගෙන් නිගමනයයි. කෙසේ වෙතත් කාබෝනිෆරස්‌ වන ගහනය තරම්ම තෘණ වර්ග ආලෝකය අවශෝෂණය කර ගැනීමට හෝ ජල වාෂ්ප නිපදවීමට සමත් නැත. ජල වාෂ්ප නිපදවීමේ හැකියාව දේශගුණය සම්බන්ධයෙන් වැදගත් සාධකයක්‌ වන්නේ ක්‍ෂද්‍ර ජලාංශු හරිතාගාර වායුවක්‌ මෙන් ක්‍රියාකරන බැවින් හා වලාකුළු ජනිත කිරීමට ජල වාෂ්ප අංශු හේතුවන බැවිනි.

අනෙකුත් සාධක අතර වසර මිලියන 20 ක පමණ කාලකට පෙර සිට ඔස්‌ටේ්‍රලියාව හැරුණු විට අනෙකුත් මහාද්වීප සිසාරා සැරිසරමින් වන ශාක පත්‍රාදිය ආහාරයට ගත් දැවැන්ත අලි, ඇත් රංචුද දේශගුණික වෙනස්‌ වීම් සඳහා හේතු වන්නට ඇත.

මෙවැනි සාධක දේශගුණය කෙරෙහි කොපමණ දුරට බලපානු ඇතිදැයි නිසැකවම පැවැසීමට අවශ්‍ය පර්යේෂණයක්‌ නැති අතර සමස්‌තයක්‌ වශයෙන් ගත් කල ශාක සහ සත්ත්වයන්ගේ හැසිරීම, හැඩ ගැසීම් හා ගැවසීම් දේශගුණික වෙනස්‌කම්වලට හේතු කාරක වූ බව නිසැකයෙන්ම පැහැදිලි වී ඇත.

දේශගුණය තීරණය වීමේදී ඒ සම්බන්ධයෙන් බලපාන විවිධ හේතු සාධක අතර අන්තර් සම්බන්ධතාවක්‌ පැවැතීම ස්‌වභාවයකි. එබැවින් දේශගුණයේ අනාගතය අවබෝධ කර ගැනීමට නම් අපේ වායු ගෝලය අතීතයේදී හැසිරුණු ආකාරය හැකිතාක්‌ දුරට වටහා ගැනීම අත්‍යවශ්‍යය.

වායුගෝලය සුවිශේෂ ස්‌ථර 04 කට වෙන් කළ හැකිය. සමස්‌ත වායු ගෝලය පිරී ඇති වායුවලින් 80% ක්‌ පමණ ඇත්තේ පොලෝතලය මතුපිට ඇති ට්‍රොපොෂ්පියරය (Troposphere) හෙවත් පර්වර්තී ගෝලය නමින් හැඳින්වෙන මිනිසා ජීවත් වන වායු ස්‌ථරයේය. උක්‌ත ට්‍රොපොෂ්පියරය පොලොව මතුපිට සිට කිලෝ මීටර් 15 ක්‌ පමණ අහසට උසය. එහෙත් මුළු වායුගෝලයෙන් ආශ්වාස කළ හැකි වාතය ගැවසෙන්නේ ට්‍රොපොෂ්පියරයේ මුල්ම කිලෝ මීටර් 03 ක දුරට පමණි. අනෙකුත් ස්‌ථරයන් හා සසඳන විට ට්‍රොපොෂ්පියරයේ විශේෂ ලක්‍ෂණයක්‌ වනුයේ එහි පතුලේ සිට ඉහළට යැමේදී උෂ්ණත්වය ක්‍රමිකව අඩුවී යැමයි.

ඉහළට යන සෑම කිලෝ මීටර්යකදීම ට්‍රොපොෂ්පියරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ අංශක 6.5 කින් අඩුවේ. අනෙක්‌ සුවිශේෂි කරුණ වනුයේ වායුගෝලයේ එකිනෙක මිශ්‍ර නොවන එකම කලාප දෙක සමකයෙන් බෙදුණු ට්‍රොපොෂ්පියරයේ උත්තරාර්ධය හා දක්‍ෂිණාර්ධය වීමයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වඩා අපිරිසිදුව ඇති උත්තරාර්ධ ගෝලයේ වාතය ආඝ්‍රාණය කිරීමට දක්‍ෂිණාර්ධ ගෝලයේ ජීවත්වන සත්ත්වයන්ට ඇති ඉඩකඩ සීමා සහිතය. පර්වර්තී ගෝලය නොහොත් Troposphere පිළිබඳ අධ්‍යනය කිරීමට en/.wikipedia.org/wiki/Troposphere යන වෙබ් අඩවිය ඇතුළු විෂයට අදාළ කරුණු ඇතුළත් වෙබ් අඩවි රාශියකි.

ට්‍රොපොෂ්පියරයෙන් ඔබ්බට ඇති ස්‌ථරය ස්‌ට්‍රැටොෂ්පියරය (Stratosphere) හෙවත් ස්‌ථරගෝලය යන නමින් හැඳින්වේ. ට්‍රොපොෂ්පියරය මෙන් නොව ස්‌ට්‍රැටොෂ්පියරයයේ ඉහළට යන පමණට උෂ්ණත්වය අනුක්‍රමයෙන් අධික වේ.

ස්‌ට්‍රැටොෂ්පියරය ප්‍රචණ්‌ඩ මාරුතයන්ගෙන්ද ගහනය. වායුගෝලයේ ස්‌ට්‍රැටොෂ්පියරයට ඉහළ ඇති ස්‌ථරය මෙසෝෂ්පියරය (Mesosphere) හෙවත් ශීත ගෝලය යන නමින් හැඳින්වේ. පොළොවේ සිට කිලෝ මීටර් 50 ක පමණ ඉහළින් පිහිටා ඇති මෙසෝෂ්පියරය වායු ගෝලයේ ඇති ශීතලයෙන් අධිකතරම ස්‌ථරයයි. එහි ශීතල සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ - 900 කි. ඉන් ඉහළ ඇති අවසාන සෘණ ස්‌ථරය තාපගෝලය හෙවත් තර්මෝෂ්පියරය (Thermosphere) යන නමින් හඳුන්වා ඇත. අභ්‍යවකාශය දක්‌වා පැතිරෙන තර්මෝෂ්පියරය ඉතා තුනී වායු පටලයකින් යුක්‌ත වු නමුත් එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1700 දක්‌වා ඉහළ යැමට හැකිය. කෙසේ වෙතත් වාතයේ අධික තුනී බව හේතුවෙන් තර්මෝෂ්පියරයේදී උෂ්ණත්වය සංවේදනය කිරීමට අපහසුය.

වායුගෝලය නොහොත් උක්‌ත "මහා ගගන සාගරයේ සංයුතියෙන් 78% කට නියෝජනය් වනුයේ නයිට්‍රජන් වායුවයි. ඊට අතිරේකව 20.8% ක්‌ ඔක්‍ෂිජන් වායුවද, ආර්ගන් වායුව 0.9% ක්‌ද ඊට ඇතුළත්ය. අප ආශ්වාස කරන වාතයෙන් 99.95% කම සමන්විත වන්නේ උක්‌ත වායු ත්‍රිත්වයෙනි. වායු ගෝලයේ ජල ධාරිතා සංඛ්‍යතාව තීරණය කරනු ලබන්නේ වායු ගෝලීය උෂ්ණත්වය මගිනි. වායුගෝලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 25û වන විට අප ආශ්වාස කරන වාතයෙන් 3% ක්‌ ජල වාෂ්පයෙන් සමන්විත වේ.

අපේ ප්‍රස්‌තුතය වන දේශගුණ විපර්යාසයට වඩාත්ම වැදගත් වන්නේ වායුගෝලයේ කුඩාම සංයුතිය වන ඉතිරි වායුය. ප්‍රමාණාත්මක වශයෙන් සැලකුවහොත් කාබන් ඩයොක්‌සයිඩ්ද ඇතුළුව උක්‌ත වායු සියල්ල වායු ගෝලයේ සමස්‌ත සංයුතියෙන් 1% කිනුත් 20 පංගුවකට වැඩි නොවේ.

උදා(- උක්‌ත අල්ප වායු අතරේ එක වායුවක්‌ වන ඕසෝන් වායුව ගැන විමසා බැලීමේදී ඕසොන් වායුව ඔක්‍ෂිජන් පරමාණු ත්‍රිත්වයකින් නිර්මාණය වී ඇත. වායු ගෝලයේ වායු අණු මිලියනයක්‌ ගතහොත් එයින් ඕසෝන් අණු ඇත්තේ දහසකට නොවැඩි ගණනකි. එහෙත් ඒසා අල්ප වුවද ඒ සියයට 0.001 වූ ඕසෝන් වායු ප්‍රමාණයෙන් වායු ගෝලය තොර වී නම් සූර්යයාගෙන් නිකුත්වන පරාජම්බූල කිරණ (Ultra-violet) හේතුවෙන් නිසැකයෙන්ම මිනිසා අන්ධ බවට පත්වීමත්, මානව ජානවල ව්‍යාධි ඇතිවීමත් සමේ පිළිකා හා තවත් නොයෙකුත් රෝගවලට ගොදුරු වීමත් වැළැක්‌විය නොහැක. 1801 දී ජර්මන් ජාතික භෞතික විද්‍යාඥයෙකු වන ජොන් විල්හෙලම් රයිටර් විසින් අල්ට්‍රා වයලට්‌ කිරණය හඳුනා ගන්නා ලදී. (German, Physicist Johan Wilhelm Ritter 1775-
1810) අද්‍යතනව ඉතා වේගවත්ව මිනිසා ගිලන් කරවන අල්ට්‍රා වයලට්‌ හිරු කිරණ පිළිබඳ විවිධ තොරතුරු හා එමගින් ඇතිවන රෝග පිළිබඳ දැන ගැනීමට en/.wikipedia/org/wiki/ultra-violet වෙබ් අඩවිය ප්‍රමුඛව තවත් වෙබ් අඩවි සිය ගණනකින් ඔබට දැනුවත් විය හැකිය.

පෘථිවි ගෝලයේ විශාලත්වය හා සැසඳීමේදී මානවයා ඉතා කුඩා කෘමින් හා සමානය. එබැවින් එවැනි කුඩා අපගේ ක්‍රියාවලියන් හේතුවෙන් වායු ගෝලයට කුමන හෝ ආපදාවක්‌ හිරිහැරයක්‌ වන්නේ කෙසේදැයි මිනිසාට සිතීම සාමාන්‍යය වුවත් පෘථිවිය පාපන්දුවකට සමාන කළොත් ප්‍රමාණයෙන් වායුගෝලය ඒ පන්දුව වටා එතූ පත්තර කොලයකට නොවැඩිය. මිනිසාගේ ආශ්වාසයට සුදුසු වාතය වුවද පොළෝ තලයේ සෑම අඟලකම එක සමානව නොමැති බව අපි දනිමු. එවරස්‌ට්‌ කන්ද තරණය කරන්නන් ආශ්වාසය සඳහා ඔක්‍ෂිජන් රැගෙන යැම ඊට කදිම උදාහරණයෙකි.

පියවි ඇසින් බැලූවිට වායුගෝලයේ දැවැන්ත බවක්‌ පෙනුනද වායුගෝලයේ ඇති සමස්‌ත වායු ප්‍රමාණය ඝණීභවනය කොට ද්‍රව බවට පත්කළහොත් එහි ප්‍රමාණය සාගර ජලස්‌කන්දයෙන් පන්සියයකින් එක කොටසකට වඩා වැඩි නොවේ. වායුගෝලයේ මේ නිසඟ ලක්‍ෂණ නිසා එහි ඇති වාතය දූෂණය වීම, ඕසොන් සිදුර (Ozone Hole), අම්ල වර්ෂා (Acid Rain) සහ දේශගුණ විපර්යාසය - වැනි මානව වර්ගයා මුහුණ දෙන බරපතලම පරිසර ගැටලු වලට හේතුවී තිබේ.

වායු ගෝලය බෙහෙවින් ක්‍රියාශීලීය. ඔබ ප්‍රශ්වාස කළ වාතය වායුගෝලය තුළ සැනෙන් බොහෝ දුර කතර ගෙවනු ඇත. පෙර සතියක ඔබේ හුස්‌මෙන් පිටවූ කාබන් ඩයොක්‌සයිඩ් මේ වනවිටත් දුරු රටක ගහකොලවලට හෝ ශීතල සාගරයක ජීවත්වන ප්ලවාංග යනුවෙන් හැඳින්වෙන ක්‍ෂුද්‍ර ප්ලැන්ක්‌ටනයන්ට (Plankton) ආහාර වී හමාරය. ඔබ මේ අවස්‌ථාවේ ප්‍රශ්වාශ කළ වාතය ඉදිරි මාස දෙකක්‌ ඇතුළතදී සමස්‌ත පෘථිවි ගෝලය වටාම සංසරණය කරවීමට තරම් වායුගෝලය සක්‍රීයය.

එකම කාල පරාසයකදී වායුගෝලයේ ඇතිවෙන වෙනස්‌කම් විවිධ ප්‍රදේශවලට එකිනෙකට වෙනස්‌ ප්‍රථිඵල අත්කරවන සුළුය. මොහොතකින් එකිනෙකට වෙනස්‌ දේශගුණික ස්‌ථාවරයකින් තවත් දේශගුණික තත්ත්වයකට මාරුවීමට වායු ගෝලයට හැකියාව ඇත. වායු ගෝලය සතු උක්‌ත හැකියාව නිසා සුළි සුළං, නියඟ, ගංවතුර හෝ සුළං ප්‍රවාහ විවිධ පළාත්වල එකම විටකදී හෝ මාරුවෙන් මාරුවට හෝ ඇති විය හැකිය.

වායු ගෝලයේ ඉතාමත් වැදගත් ක්‍රියාවලියක්‌ වනුයේ බොහෝ විකිරණ ශක්‌තින් (Radiative Energy) මහ පොළොව මත පතිත වන්නේ දිවා කාලයේ අපගේ පියවි ඇසට පෙනෙන සූර්යාලෝකය මගින් පමණක්‌ බවයි. එහෙත් දිවා ආලෝකය යනු සූර්යාගෙන් අප වෙත නිකුත් කරන විශාල කිරණ පරාසයකින් කුඩා ප්‍රමාණයකි.

වායුගෝලයේ ඇති හරිතාගාර වායු මගින් ඉහත කී කිරණ පරාසයෙන් වඩා දැඩි කදම්බයන්ගෙන් යුතු කිරණ අප කරා විකිරණය වීම වළක්‌වනු ලබයි. මේ ක්‍රියාවලියේදී හරිතාගාර වායු අස්‌ථායි බවට පත්වෙන අතර කලින් ඇද හිරකරගත් රශ්මිය එහි ප්‍රථිඵලයක්‌ වශයෙන් නැවත මුදා හැරේ. මෙසේ මුදා හරින රශ්මියෙන් කොටසක්‌ නිතැතින්ම මහ පොළොව දෙසට පතිත වේ. කාබන් ඩයොක්‌සයිඩ් ද ඇතුළුව වායු ගෝලයේ ඇති සියලුම හරිතාගාර වායු ප්‍රමාණාත්මික වශයෙන් අල්ප නමුත් ඉහත කී හේතුව නිසා ඒ වායු මගින් දේශගුණය කෙරෙහි ඇති කරන බලපෑම අති මහත්ය.

හරිතාගාර වායු සංයුතිය නිසි ලෙස පැවැති විට ඒ මගින් පෙරා පොළොවට මුදා හැරෙන රශ්මි ප්‍රමාණය පොළෝ වාසීන්ට අවශ්‍ය කරන තරමින් පොළොවට ආසන්නව උණුසුම පවත්වා ගෙන යැමට උපකාරි වේ. එහෙත් හරිතාගාර වායු ප්‍රමාණය පමණට වඩා වැඩි වූ විට පෘථිවි පරිසරය රත්වීම නොහොත් ගෝලීය උණුසුමට එම ක්‍රියාවද බලපානු ඇත.

හරිතාගාර වායුන්ගේ සංයුතිය කොතෙක්‌ දුරට වායුගෝලයේ උෂ්ණත්වය කෙරෙහි බලපාන්නේ දැයි යන කාරණය අප අවට ඇති ග්‍රහලෝක පිළිබඳ විමසා බැලීමෙන්ද වටහා ගත හැකිය. උදා(- සිකුරු හෙවත් වීනස්‌ තාරකාවේ වායුගෝලයෙන් 98% ක්‌ම කාබන්ඩයොක්‌සයිඩ් වලින් සමන්විත වන අතර එම හේතුව නිසා වීනස්‌ තාරකාවේ පෘෂ්ඨිය මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 477 කි. මෙය පාන් පුළුස්‌සන පෝරණුවක ඇති සාමාන්‍යය උෂ්ණත්වය මෙන් 03 ගුණයකට කිට්‌ටුය.

වාතයේ ඇති මුළු කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අපේ වායු ගෝලයේ සමස්‌ත සංයුතියෙන් 1% ක්‌ දක්‌වා වැඩිවුව හොත් එම හේතුව නිසා පෘථිවිය මතුපිට උණුසුම ජලය නටන තාපාංකය වන සෙන්ටිග්‍රෙඩ් 100 දක්‌වා ඉහළ නගිනු ඇත.

වායු ගෝලයේ ඇති ජල වාෂ්පද අපේ ප්‍රස්‌තුතය සම්බන්ධයෙන් තවත් අතිශයින් වැදගත් සාධකයෙකි. මන්ද ජල වාෂ්ප වළාකුළු බවට පත්ව සූර්ය විකිරණයන් පරාවර්ථනය කරමින් දිවා කාලයේදී පොළොව මතුපිට උණුසුම පාලනය කිරීමට දායක වන බැවිනි. එහෙත් රාත්‍රි කාලයේදී ජලවාෂ්ප හා වළාකුළු වාතයේ ආර්ද්‍රතාව (Humidity) වැඩි කරමින් වායුගෝලය තුළ උෂ්ණත්වය රඳවා ගනී.

කාබන්ඩයොක්‌සයිඩ් හා ජල වාෂ්ප වායුගෝලයේ අන්තර් ක්‍රියාකාරිත්වය ඉතා වැදගත් කරුණකි. කාබන්ඩයොක්‌සයිඩ් සංයුතිය මදකින් ඉහළ ගිය විට වායුගෝලයේ උණුසුමද මඳකින් ඉහළ යයි. එවිට උණුසුමට සාපේක්‍ෂව වායු ගෝලයේ ජල වාෂ්ප ධාරිතාවයද ආර්ද්‍රතාවයද ඉහළ යනු ඇත. මෙම ක්‍රියාවලිය තවදුරටත් උණුසුම තීව්‍රවීමට බලපායි. එම නිසා වායුගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් සංයුතිය නිසැක වශයෙන්ම අපේ දේශගුණය උඩු යටිකුරු කරන ලීවරය වශයෙන් සැලකිය හැකිය.

ලක්‍ෂ සංඛ්‍යාත ශාක, සත්ත්ව ජීවින් දිරා පත් වී පොළොවට ජීර්ණය වනවිට නිකුත්වන කාබන් ඩයොක්‌සයිඩ්වලට අතිරේකව විශේෂයෙන්ම කාර්මික යුගය ආරම්භයේ සිට පසුගිය දශක ගණනාව තුළ අප විසින් එදිනෙදා දවා ලූ ඉමහත් කාබනික බල ශක්‌ති ප්‍රමාණය වායු ගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය කෙරෙහි ඉතා අනතුරුදායක ලෙස බලපා ඇත.

උක්‌ත කරුණු මිනිසා නිශ්චය වශයෙන්ම දැන ගත්තේ දේශගුණ විද්‍යාඥයෙකු වන චාර්ලස්‌ කිලීන්ගෙනි(Charles David Keeling ^1928 -
2005$ Climate Science Pioneer) කිලීන්ගේ චක්‍රයෙන් පෙන්වන අතිශයින්ම වැදගත් කාරණය නම් වායු ගෝලයේ ඇති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයේ සමස්‌ත සංයුතිය වසරක්‌ පාසා ක්‍රමිකව ඉහළ යැමයි. 1960 දී වායු කොටස්‌ මිලියනයක තිබූ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 320 කට අඩු වූ අතර 2006 වන විට එම ප්‍රමාණය කොටස්‌ 380 ක්‌ විය.

ගල් අඟුරු, ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන (Fossil-Fuel) මගින් යෑපෙන අද්‍යතන මානව ශිෂ්ටාචාරය හා පෘථිවි ගෝලය බලවත් ව්‍යසනයක්‌ කරා ගෙනයන බව ප්‍රථම වරට නිසැකයෙන්ම ලොවට අනාවරණය කළේ චාර්ල්ස්‌ කිලීන්ගේ චක්‍රය මගිනි. ඛනිජ විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන ජියෝගියර්ස්‌ ඇග්රි කෝලා 1494-1555 ෆොසිල ඉන්ධන පිළිබඳ ලොවට අදහස්‌ ඉදිරිපත් කළ ප්‍රථමයාය. (Georgius
Agricola, The Father of Mineralogy) එසේම සජීවි ඛනිජ ද්‍රව්‍ය නිHdය පිළිබඳවත් ඊට සමගාමී අනෙකුත් සොයාගැනීම් හා තොරතුරු අධ්‍යනය කිරීම සඳහා en/.wikipedia.org/wiki/fossil-fuel වෙබ් අඩවිය මූලිකව වෙබ් අඩවි රාශියක ඔබට පියාසර කළ හැකිය.

මිනිසාගේ වර්තමාන බලශක්‌ති පරිභෝජන රටාව හා බලශක්‌ති ප්‍රබව එලෙසම තබාගෙන අද්‍යතන දත්තයන් මත කීලින්ග් චක්‍රය 21 වන සියවසේ මැද භාගය දක්‌වා ප්‍රක්‌ෂේපණය (Projection) කළහොත් ඒ වනවිට වායු ගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය නොහොත් සංයුතිය දෙගුණයකින් ඉහළ යැමට ඇති ඉඩකඩ වැඩිය.

එහි ප්‍රථිඵලය වශයෙන් මිනිස්‌ සංහතියේ වාසභූමිය වූ පෘථිවි ගෝලයේ උෂ්ණත්වය අවම වශයෙන් සෙන්ටිග්‍රේඩ් 3 - 6 දක්‌වා වර්ධනය වීමයි.

වායු ගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රතිශතය දේශගුණය කෙරෙහි ඉමහත් ලෙස බලපාන බව මුල් වරට දැනගත් විට බොහෝ විද්‍යාඥයෝ මවිතය පළ කළහ. මන්ද වායු ගෝලයේ සමස්‌ත සංයුතියෙන් ඉතා අල්පයක්‌ වූ කාබන්ඩයොක්‌සයිඩ් මුළු මහත් පෘථිවියේ පරිසර පද්ධතියට තීරණාත්මක ලෙස බලපාන්නේ කෙසේ දැයි වටහා ගැනීම මුලදී ගැටලු සහගත වූ බැවිනි.

එහෙත් ප්‍රබල හරිතාගාර විපාක කාරකයක්‌ වන ජල වාෂ්ප කෙරෙහි වේගවත් උත්තේජකයක්‌ ලෙස කාබන්ඩයොක්‌සයිඩ් ක්‍රියාකරන බව වටහා ගත් විට විද්‍යාඥයන්ට සියල්ල සක්‌සුදක්‌සේ පැහැදිලි වන්නට විය.

ඊළඟ කලාපයට.....

දේශප්‍රිය නානායක්‌කාර

වායු ගෝලයේ "මායා දොරටු" විවර වෙයි

වායු ගෝලයේ "මායා දොරටු" විවර වෙයි 1977 ගලපගොස්‌ දිවයින් සමූහයේ එක්‌ දූපතක ක්‍රියාත්මකව සිටි ජීව විද්‍යාඥයන් කොටසකගේ අවධානයට ලක්‌ වූ විශේෂ කාරණයක්‌ වූයේ එම දූපත්වල විසූ කුඩා µsන්ච් වර්ගයේ පක්‍ෂීන්ගෙන් විශාල ප්‍රමාණයක්‌ මිය ගොස්‌ සිටීමය. මෙම පක්‍ෂින් මිය යැමට හේතුවී තිබුණේ දැඩි නියඟය සහිත කාලගුණයයි. නමුත් එම පක්‍ෂීන්ගෙන් ශක්‌තිමත් දිගට උල්වූ හොටක්‌ සහිත කුරුල්ලන් මරණයෙන් ගැලවී තිබිණි. ඊට හේතුව වී ඇත්තේ ශක්‌තිමත් දිගු හොට නිසා දැඩි ලෙල්ලක්‌ සහිත ඇට වර්ග වුවද ලෙල්ල පලා ආහාරයට ගැනීමට ඔවුන්ට හැකියාව තිබීමය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ජෛව භූ රසායනික කටයුතු විවිධ හා සංකීර්ණ වීම හේතුවෙන් කාර්මික විප්ලවය ආරම්භවූ වකවානුවේ (ක්‍රි.ව. 1750 - 1800, EN.WIKIPEDIA.ORG/WIKI/INDUSTRIAL REVOLUTION) සිට කෘෂිකාර්මික, කාර්මික නිවාස, ගමනාගමනය, වැනි කටයුතු මූලිකව වායුගෝලයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය හා වායු වර්ග ඉහළ ගොස්‌ ඇති බව ඉතා පැහැදිලිය. එම නිසා පූර්ව කාර්මික යුගයේදී වායුගෝලයේ පැවැති හරිතාගාර වායු සංයුතියට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිය හරිතාගාර වායු ප්‍රමාණයක්‌ අද්‍යතනව පවතී. වායුගෝලයේ හරිතාගාර වායු සංකේන්ද්‍රණය වැඩි වන විට එහි තාපය රඳවා ගැනීමේ හැකියාව වැඩිවන හෙයින් පෘථිවිය උණුසුම් වීම ඉහළ යනු ඇත. පෘථිවිය මතුපිට මානව ක්‍රියාකාරකම් නිරන්තරයෙන් ඉහළ යැම හේතුවෙන් වායු ගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ද ඉහළ ගොස්‌ ඇත. එහි ප්‍රථිඵලයක්‌ ලෙස පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යැම හා හරිතාගාර ආවරණ ක්‍රියාවලිය තීව්‍ර වීම ඉදිරියේදී වර්තමානයට වඩා ඉහළ යනු ඇතැයි විද්‍යාඥයන් නිගමනය කර ඇත. කාබන්ඩයොක්‌සයිඩ් හැරුණු විට වායුගෝලයේ මීතෙන්, නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් හා ක්‌ලෝරෝෆ්ලොරෝ කාබන් වැනි වායු වර්ගද ඉහළ යැමක්‌ දක්‌නට ඇත. පූර්ව කාර්මික යුගයේදී ස්‌වභාවික හරිතාගාර ක්‍රියාවලිය යටතේ එකී වායු නිකුතුවේ ප්‍රමාණය හා ඒවා පරිසරයෙන් ඉවත් කිරීම කාබන් චක්‍ර ක්‍රියාවලිය මගින් ස්‌වභාවිකවම තුලනය විය. උදාහරණ වශයෙන් පෘථිවියෙන් නිකුත් කරන හරිතාගාර වායු ස්‌වභාවික ක්‍රමය යටතේ වනාන්තර වැස්‌ම හා සාගරය විසින් නැවැත උරාගනු ලැබීය. අද්‍යතනව උක්‌ත ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ වන අතර එක්‌ අතකින් වායුගෝලයට මුදා හැරෙන හරිතාගාර වායු ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර, අනෙක්‌ අතින් ඒවා උරාගන්නා ගබඩාවක්‌ ලෙස සැලකෙන වනාන්තර වැස්‌ම අඩුවෙමින් පවතී. මේ හේතුවෙන් නිකුතුව හා ඉවත්කිරීම අතර තුලනයක්‌ නොමැති වීමෙන්, වායු ගෝලයේ හරිතාගාර වායු සංකේන්ද්‍රණය අධික වී පෘථිවිය උණුසුම් වීමකට ගොදුරු වෙමින් පවතී. පෘථිවිය උණුසුම් වීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රජාවගේ සැලකිල්ල ප්‍රදර්ශනය කරමින් 1988 දී ගෝලයේ රටවල් විශාල සංඛ්‍යාවකින් තෝරාගත් විද්‍යාඥයන් සිය ගණනකින් සමන්aවිත වූ දේශගුණ වෙනස්‌ වීම් පිළිබඳ, අන්තර් රාජ්‍ය සභාව (INTER GOVE RNMENTAL PANEL OF CLIMATE CHANGE.IPCC) ක්‌ පිහිටුවනු ලැබූ අතර නිර්දේශ ඉදිරිපත් කරනු සඳහා විද්‍යාත්මක විශ්ලේෂණ, බලපෑම අධ්‍යයන, ප්‍රතිචාර, උපාය යනුවෙන් කාර්ය සාධක කණ්‌ඩායම් දුන් නිර්දේශ ඉදිරිපත් කරන ලදී. අන්තර් රාජ්‍ය සභාව (IPCC) 1990 දී පහත දැක්‌වෙන නිගමනවලට එළැඹි තිබිණි. 1. 1990 දී පැවැති තත්ත්වය දිගටම පැවැතුනහොත් ක්‍රි.ව. 2025-2050 අතර කාලය තුළදී වායුගෝලයේ ඤ2 ප්‍රමාණය දෙගුණ වේ. 2. එහි ප්‍රථිඵලය ලෙස පෘථිවියේ මධ්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට්‌ 1.5 සිට 4.5 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. 3. උෂ්ණත්වය ඉහළ යාම පෘථිවිය සිසාරා ඒකාකාරී ලෙස සිදු නොවේ. ධ්‍රැවික ප්‍රදේශයන්හි ඉහළ යැම නිවර්ථනයන්හි මෙන් දෙගුණයක්‌ පමණ විය හැකිය. 4. පෘථිවිය උණුසුම් වීම මුහුදු මට්‌ටමේ සිට ඉහළ යැමකට හේතුවන අතර, මධ්‍ය මුහුදු මට්‌ටම ක්‍රි.ව. 2050 දී මීටර් 0.3 සිට 0.5 අතර ප්‍රමාණයකින්ද ක්‍රි. ව. 2100 දී මීටර් 1 ක්‌ පමණ ද විය හැකිය. 5. සාමාන්‍යයෙන් වර්ෂාපතනය නිවර්ථන ප්‍රදේශවල හා ධ්‍රැවාසන්න ප්‍රදේශයන්හි වර්ෂය සිසාරා අධික වේ. මධ්‍ය අක්‍ෂාංශයන්හිදී වැඩි වීම සිදුවේ. ප්‍රාදේශීය මට්‌ටමෙන් වර්ෂා පතනයේ වෙනස්‌කම් පුරෝකථනය කිරීම ඉතා අසීරු බවද එහෙත් බොහෝ ප්‍රදේශවල වර්ෂාපතනය සැලකිය යුතු තරමින් අඩුවීමට හේතු විය හැකි බවද පෙන්වා දී ඇත. 6. බොහෝ ප්‍රදේශයන්හි සිදුවන වර්ෂාපතනය වැඩිවීමද උෂ්ණත්වයේ වැඩි වීම නිසා ඉහළ යන වාෂ්පීකරණය උත්ස්‌වේදනයට වන්දි ගෙවීමට ප්‍රමාණවත් නොවන හෙයින් පස වියළීම හා ජල හිඟයකට මුහුණදීමට සිදුවේ. 7. දෛනික හා සෘතුයික කාලගුණ රටාවන්හි සැලකිය යුතු වෙනස්‌කම් ඇති වේ. ඉහළ යන සාගර මතුපිට උෂ්ණත්වය නිවර්තන කුණාටු සංඛ්‍යාතය හා ත්‍රීව්‍රතාව වැඩි කිරීමට හා භූගෝලීය බලපෑම ප්‍රසාරණය කිරීමට හේතු වනු ඇත. දැනට දේශගුණික නිරීක්‍ෂණ හා වාර්තා පෙන්නුම් කරනුයේ ගෝලීය උෂ්ණත්වය වර්ධනය වෙමින් පවතින බවය. භුතල කාලගුණ මධ්‍යස්‌ථානයන් හා මුහුදු මතුපිට උෂ්ණත්ව වාර්තා පැහැදිලි කරනුයේ මේ සියවස තුළදී 1980 න් පසු උණුසුම් වර්ෂ 7 ක්‌ ඇති වී තිබෙන බවය. මේ සියවසේ වාර්තා හා ක්‍රියාකාරකම් හේතුවෙන් (IPCC) ආයතනය 2007 දී නොබෙල් ත්‍යාගයෙන් ඇගයීමට ලක්‌කර ඇත. ෂඡCC ආයතනයේ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුවත් වීමට විද්යුත් තැපෑල භාවිත කළ හැකිය. විද්යුත් තැපැල් ලිපිනය වනුයේ IPCC-SEC@WMO.INT. දුරකථන අංකය 41.22.730.8208/84/54 ය. උෂ්ණත්වයේ දෛනික හා වාර්ෂික චක්‍ර පෘථිවියේ භ්‍රමණය හා පරිභ්‍රමණය හේතුවෙන් ඇතිවන සූර්යපතන චක්‍ර මගින් පාලනය වේ. මතුපිට ශුද්ධ විකිරණ චක්‍රය උක්‌ත චක්‍රවල ප්‍රතිඵල පෙන්වනු ලබයි. දෛනික චක්‍රයේ ශුද්ධ විකිරණය ධන ස්‌වභාවයක්‌ පෙන්වන විට වාතයේ උෂ්ණත්වය ඉහළ නඟී. ශුද්ධ විකිරණය සෘණ වන විට වාතයේ උෂ්ණත්වය පහළ බසින අතර උක්‌ත මූලධර්මය දෛනික හා වාර්ෂික උෂ්ණත්ව චක්‍ර කෙරෙහි ව්‍යවහාර කළ හැකිය. ශුද්ධ විකිරණය ධන ස්‌වභාවයෙන් සෘණ ස්‌වභාවයට පත්වීම, දහවල් උණුසුම් වීම හා රාත්‍රිය සිසිල් වීමට සම්බන්ධය. ශ්‍රීෂ්මය උණුසුම් වීම හා සිසිරය ශීත වීම සිදුවනුයේ සාමාන්‍ය ශුද්ධ විකිරණය ග්‍රීෂ්මයේදී ඉහළ යැමත්a සිසිරයේදී පහළ වැටීමත් හේතුවෙනි. භූමිය මතුපිට ස්‌වභාවය හෙවත් රළු බවද උෂ්ණත්වය කෙරෙහි බලපානු ලබයි. ග්‍රාමීය ප්‍රදේශ සාමාන්‍යයෙන් තෙත් හා සෙමින් උණුසුම් වන අතර නාගරික කලාප වියළි හා වේගයෙන් උණුසුම් වීමට භාජන වේ. ඊට හේතුව නාගරික කලාප මතුපිට තාපය ශීඝ්‍රයෙන් අවශෝෂණය කරන හෙයිනි. මේ හේතුවෙන් තාප දූපත් (HEAT-ISLANDS, EN. WIKIPEDIA.ORG/WIKI/HEAT, ISLANDS) බලපෑමට ගොදුරු වේ. ජෙට්‌ ස්‌ට්‍රීම් ගෙන යන වායු ධාරාව උතුරු ඇමරිකාවේ වර්ෂාව හා හිමපතනය තීරණය කිරීමට බෙහෙවින් බලපානු ඇත. තාප දූපත් බලපෑම පිළිබඳ අවබෝධයෙන් නගර හා ගොඩනැඟිලි නිර්මාණය සැලසුම් කිරීම මගින් ලොව පුරා අතීතයේදී පවා තාප බලපෑම කළමනාකරණය කර ගෙන ඇත. අද්‍යතනව ලෝකය සිසාරා වානිජ නගර බොහොමයක්‌ සැලසුම් කර ඇත්තේ නව නාගරික සැලසුම්කරණය (NEW URBANISM) අනුව කටයුතු කිරීමෙනි. ප්‍රධාන නාගරික ප්‍රදේශ (METRO POLITAN, AREA) සැලසුම්කරණයේදී නව්‍ය සිද්ධාන්ත භාවිත කරලීමෙන් නාගරික උෂ්ණත්වය කළමනාකරණය කර ගත හැක. මහා ජනතාවක්‌ ඒකරාශී වන (MEGALOPOLIS) නගර නිර්මාණයේදී මේ පිළිබඳ අවධානය යොමු විය යුතුය. මේ ආකාරයට ඉදිවූ නගර වනුයේ ඔස්‌ටේ්‍රලියාවේ පර්ත් (PERTH), ඉන්දියාවේ වානිජ අගනගරය වන මුම්බායි (MUMBIAI FINANCIAL CAPITAL OF INDIA) උදාහරණය. කැලිෆොaනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්‌ටෝපර් ඇලෙක්‌ සැන්ඩර් (CHRISTOPHER ALEXANDER. PROFESSOR. UNIVERSITY OF CALIFORNIA, BIRKELEY) උක්‌ත තාප බලපෑම අවම කිරීමේ ඉදිකිරීම් ක්‍රියාවලියේ පුරෝගාමී ගෘහ නිර්මාණ ශිල්පියෙකි. නාගරික ප්‍රදේශ වල නගර, තාප දූපත් බලපෑමට ගොදුරු වන අතරම පර්වතී ගෝලයේදී (TROPOSPHERE) ද උස සමග උෂ්ණත්ව අඩුවේ. වායුගෝලයේ උස සමග උෂ්ණත්වය අඩුවන හෙයින් කඳුකරයන්හි උෂ්ණත්වය එහි පාමුලට වඩා අඩුය. එමෙන්ම දිවා රාත්‍රි උෂ්ණත්වය වෙනස්‌කම් උච්චත්වය, සමග වැඩිවේ. දෛනික හා වාර්ෂික උෂ්ණත්ව චක්‍රයෙන් සාමුද්‍රික හා මහාද්වීපික පිහිටීමේ බලපෑමටද ගොදුරු වේ. මේ ආකාරයට එකිනෙකට වෙනස්‌ වූ දේශගුණික මාරුවීම් පිළිබඳ ක්‍රියාවලිය දේශගුණ විද්‍යාඥ ජූලියා කෝල් (JULIA COLE) හඳුන්වා ඇත්තේ මායාදොරටු (MAGIC GATES) යන අර්ථයෙනි. ගෝලීය උෂ්ණත්වය 1970 ගණන්වල සිට සැලකිය යුතු වේගයකින් ඉහළ යැම නිරීක්‍ෂණය වූ පසු ඇයගේ තර්කයට අනුව පිළිවෙළින් 1976 දී සහ 1998 දී එවැනි මායා දොරටු දෙකක්‌ බිහිවී ඇත. 1976 ඇති වූ මායා දොරටුව තුළින් පෘථිවිය ගමන් ගත් ආකාරය තහවුරු කිරීමට අවශ්‍ය සාක්‍ෂි සොයා ගැනුනේ පැසිපික්‌ සාගරයේ පිහිටි කිරිබටි (KIRIBATI REPUBLIC - OF KIRIBATI GILBERT ISLANDS) නමැති රටට අයත් මයියනා (MAIANA) නමැති කොරල් කොදෙව්වෙනි. ((EN. WIKIPEDIA.ORG/WIKI/KIRIBATI HISTORY) 1976 සාගර මතුපිට උණුසුම සෙන්ටිග්‍රේඩ් 0.60 කින් යුහුසුළුව ඉහළ යැම සහ ඒ සමග මුහුදු ජලයේ ලවණ සාන්ද්‍රතාව 0.8% කින් පහළ යැම මේ පර්යේෂණ මගින් අනාවරණය වීම මගින් 1976 ඇතිවූ මායා දොරටුව පිළිබිඹු විය. දර්ශකයන්ට අනුව 1945 සිට 1955 අතරතුර ෆැසිපික්‌ සයුරේ මතුපිට උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේට්‌ 19.2 කට වඩා අඩුවෙන් පැවැතිණි. එහෙත් දේශගුණ මායා දොරටුව විවෘත වූ 1976 න් පසු එහි උණුසුම සෙන්ටිග්‍රේඩ් 250 ට වඩා අඩු වූයේ කලාතුරකිනි. මුළු පෘථිවි ගෝලය සිසාරා ඇති සාගර අතරින් උණුසුමකින් ඉහළම සාගරය ෆැසිපික්‌ සයුරේ බටහිර දිග ඝර්ම කලාපීය ප්‍රදේශයයි. එබැවින් දේශගුණය හැසිරවීමේදී එය තීරණාත්මක කටයුත්තක්‌ ඉටු කරන බව දේශගුණ විද්‍යා පර්යේෂකයකු වන මාටින් හුර්ලින්ග් (MARTIN HOERLING, RESEARCH METEOROLOGIST)පෙන්වා දී ඇත. ඝර්ම කලාපයට පතිත වන වර්ෂාපතනයෙන් වැඩි කොටසක්‌ මෙන්ම 1874-1950 කාලයේ ජීවත් වූ ජපාන දේශගුණ විද්‍යාඥ වසබුරො ඔයිෂි විසින් හඳුනාගත් ජෙට්‌ ස්‌ටි්‍රම් (WASABURO OISHI. JAPANESE METEOROLOGIST' KNOWN AS FOR HIS DISCOVERY OF HIGH-ALTITUDE AIR CURRENTS KNOWN NOW AS JET STREAM) නමැති ප්‍රබල වායු ප්‍රවාහයේ ස්‌ථානගතවීමත් නිර්ණායන වන්නේ උක්‌ත සාගර ප්‍රදේශයේ උෂ්ණත්වය මගිනි. ජෙට්‌ ස්‌ට්‍රීම් ගෙන යන වායු ධාරාව උතුරු ඇමරිකාවේ වර්ෂාව හා හිමපතනය තීරණය කිරීමට බෙහෙවින් බලපානු ඇත. (EN.WIEIPEDIA.ORG/WIKI/JET STREAM) ජෙට්‌ ස්‌ට්‍රීම් ප්‍රවාහයේ වෙනස්‌ වීම පිළිබඳ මෑත කාලීනව වඩාත් සිත් ගන්නා සුළු කරුණු අනාවරණය වූයේ දකුණු ඇමරිකාවේ ගලපගොස්‌ දිවයින (GALAPAGOS ISLANDS) වලදී සිදුවූ වෙනස්‌කම් වලදීය. ගලපගොස්‌ දිවයින් සමූහය පෘථිවි ගෝලයේ විශේෂ අවධානයට යොමු වූයේ 1835 දී සති 5 ක කාලයක්‌ චාල්ස්‌ ඩාවින්ගේ සංචාරයෙන් පසුවය. (EZINEARTICLES COM/VISITING-CHARLESDARWINS- GALAPAGOS-ISLANDS) ස්‌වභාවික වරණය (NATURAL SELECTION) හේතුවෙන් පරිණාමවාදය සිදුවන බවට තර්ක කළ චාර්ල්ස්‌ ඩාවින් සිය ප්‍රබල මතවාදය තහවුරු කිරීමට ගලපගොස්‌ දිවයින්වල වෙසෙන ෆින්චස්‌ (FINCHES) නම් කුඩා පක්‍ෂි වර්ගයා යොදා ගත්තේය. (EN.WIKIPEDIA.ORG/WIKI/NATURALSELECTION) උක්‌ත දූපත් වල හුදකලා බව හේතුවෙන් එහි වැඩුණු ගහකොල, පක්‍ෂි සිව්පාදි සත්ත්වයන් වර්ධනය වූයේ එයටම ආවේනික පරිසරයක බැවින් ගලපගොස්‌ දිවයින චාල්ස්‌ ඩාවින්ගේ විද්‍යාත්මක චින්තනයේ වර්ධනයට වඩාත් ඉවහල් වී ඇත. චාල්ස්‌ ඩාවින්ගේ 1835 සංචාරයෙන් පසුව ගලපගොස්‌ දිවයින් සමූහය ගෝලීය ජීව විද්‍යාඥයන්ගේ විවිධාකාරවූ පරීක්‍ෂණවලට භාජන වී ඇත. දූපත් සමූහයේ ජීවත් වන නොයෙක්‌ සත්ත්ව විශේෂවල ගති පැවැතුම් නිරීක්‍ෂණය කරන පර්යේෂණ මධ්‍යස්‌ථාන කිහිපයක්‌ම ගලපගොස්‌ දිවයිනේ පිහිටා ඇත. 1977 ගලපගොස්‌ දිවයින් සමූහයේ එක්‌ දූපතක ක්‍රියාත්මකව සිටි ජීව විද්‍යාඥයන් කොටසකගේ අවධානයට ලක්‌ වූ විශේෂ කාරණයක්‌ වූයේ එම දූපත්වල විසූ කුඩා ෆින්ච් වර්ගයේ පක්‍ෂීන්ගෙන් විශාල ප්‍රමාණයක්‌ මිය ගොස්‌ සිටීමය. මෙම පක්‍ෂින් මිය යැමට හේතුවී තිබුණේ දැඩි නියඟය සහිත කාලගුණයයි. නමුත් එම පක්‍ෂීන්ගෙන් ශක්‌තිමත් දිගට උල්වූ හොටක්‌ සහිත කුරුල්ලන් මරණයෙන් ගැලවී තිබිණි. ඊට හේතුව වී ඇත්තේ ශක්‌තිමත් දිගු හොට නිසා දැඩි ලෙල්ලක්‌ සහිත ඇට වර්ග වුවද ලෙල්ල පලා ආහාරයට ගැනීමට ඔවුන්ට හැකියාව තිබීමය. ඉතිරි වූ දිගු හොට සහිත පක්‍ෂීන්ගෙන්ද වැඩි කොටසක්‌ පිරිමි සතුන් වූ අතර වර්ෂා කාලය නැවත පැමිණි විට ගැහැනු සතුන් සඳහා වූ තරගයේදී දිගු හොට සහිත පක්‍ෂින් අනෙක්‌ පක්‍ෂින් මර්දනය කර ගැහැනු සතුන් හිමිකර ගෙන ඇත. උක්‌ත ද්විත්ව වරණය දූපතේ පක්‍ෂීන්ගේ ශක්‌තිමත් දිගු හොටවල අභිවර්ධනයට හේතු විය. මේ පක්‍ෂින්ගේ හොටවල මිනිම් වාර්තා වසර ගණනාවක සිට රැස්‌කර තිබූ බැවින් දිගු හොටක්‌ සහිත නව පක්‍ෂි වර්ගයක්‌ හඳුනා ගැනීමට ජීව විද්‍යාඥයන්ට හැකි වී ඇත. මේ සිදුවීම දේශගුණයේ මායා දොරටු සත්ත්ව පරිණාමයට බලපාන ආකාරය පිළිබඳ ඉතාමත්ම හොඳ උදාහරණයෙකි. ඉන්පසු 1998 ඇති වූ මායා දොරටුව හේතු කාරක වූයේ එල් නිනෝ-ලා නිනා චක්‍රයයි. (EL NINO-LA NINA CYCLE) වසර දෙකත් අටත් අතර කාල පරාසයකදී උද්ගතවන මේ චක්‍රයන් දේශගුණ තත්ත්වය කෙරෙහි ඉතා තදින් බලපානු ලබයි. ස්‌පාඤ්ඥ බසින් එන එල්-නිනෝ (ELNINO)) යන නම ක්‍රිස්‌තු දරුවා යන තේරුම ගෙන දෙයි. බොහෝ විට නත්තල් සමයේදී නව මුහුදු කලාපයේ හටගන්නා උණුසුම් ජල ප්‍රවාහය හැඳින්වීමට එල්-නිනෝ යන නම දකුණු ඇමරිකාවේ පෙරුවියානු ධීවරයන් විසින් භාවිත කරනු ලබයි. ලා-නිනා (LA NINA)) යන්න දකුණු ඇමරිකාවට ඔබ්බෙන් සාගරයේ ජලය සිසිල් වන කාල පරිච්ඡේදය හැඳින්වීමට භාවිත කරනු ලබයි. ෆැසිපික්‌ සාගරය හරහා හමන සුළඟ ලා-නිනා කාල පරිච්ඡේදයේදී බටහිර අතට දිවෙන අතර සාගරය මතුපිට ඇති උණුසුම් ජලය එම හේතුවෙන් ඔස්‌ෙටි්‍රලියානු වෙරළට සහ ඉන් උතුරේ පිහිටි සාගර කලාපයට නෙරපා හරිනු ලබයි. මෙසේ උණුසුම් ජලය බටහිර දිගට තල්ලුවීම නිසා ඇතිවන හිඩැස පිරවීමට පැමිණෙන අධික ශීතල ජල ප්‍රවාහය හැඳින්වෙන්නේ හම් බෝල්ට්‌ ප්‍රවාහය (HUMBOLDT CURRENT) යන නමිනි. ඒ ජර්මන් ස්‌වභාවවාදියකු සහ ගවේෂකයකු වූ ඇලෙක්‌සැන්ඩර් වොන් හම්බෝල්ට්‌ නමින් එම ප්‍රවාහය නම් කර ඇති හෙයිනි.(ALEXANDER VON HUM BOLDT 1769 - 1859 GERMEN NATURALIST AND EXPLORER)පෝෂණ ද්‍රව්‍යයෙන් බෙහෙවින් සරු හම්බෝල්ට්‌ ප්‍රවාහය දකුණු ඇමරිකානු වෙරළට ආසන්න ෆැසිපික්‌ සාගරයේ දී මතුවෙන අතර හම්බෝල්ට්‌ ප්‍රවාහය සමඟ ගලා එන අධිපෝෂ්‍යදායි ද්‍රව්‍යය පෙරුවින් ඇන්චොවෙට්‌ටා (PERUVIAN ANCHOVETTA) යන නමින් හැඳින්වෙන මත්ස්‍ය වර්ගයෙන් වෙරළාසන්න මුහුද පිරී යැමට සලස්‌වයි. බෝවීමේ වේගය අතින් උක්‌ත මත්ස්‍ය විශේෂය මසුන් අතර ප්‍රමුඛතමයන්ය. ^EN.WIKIPEDIA.ORG/WIKI/PERUVIAN ANCHOVETTA) උක්‌ත චක්‍රයේ එල්-නිනෝ කොටස ඇරඹෙන්නේ ඝර්ම කලාපීය සුළඟේ සැර බාල වීමත් සමගය. එවිට කලින් බටහිර දිගට තෙරපී ගිය උණුසුම් ජලය නැවත නැගෙනහිර දෙසට ගමන් කරමින් හම්බෝල්ට්‌ ප්‍රවාහයෙන් ගෙන ආ ජලය යටකර දමනු ලබයි. මෙසේ ආපසු එන උණුසුම් ජලය විසින් වාතයේ ආර්ද්‍රතාව වැඩිකිරීමත් සමගම පෙරුවියානු ශුෂ්ක ප්‍රදේශවලට තද වැසි ඇතිවේ. මේ ක්‍රියාවලියේදී යට වෙන හම්බෝල්ට්‌ ප්‍රවාහයේ සිසිල් ජලය දැන් බටහිර පැසිපික්‌ සයුරේ ඔස්‌ටේ්‍රලියානු වෙරළ දෙසට විහිදී යනු ඇත. මේ සිසිල් ජලය උණුසුම් ජලය පහසුවෙන් වාෂ්ප නොවන හෙයින් අඩු වර්ෂාව හේතුවෙන් ඔස්‌ටේ්‍රලියාවට සහ අග්නිදිග ආසියාවට නියඟය ඇතිවේ. මේ අයුරින් ඇතිවන එල්-නිනෝ තත්ත්වය උත්සන්න වූ විට එම හේතුවෙන් උද්ගත වන නියඟ, ගංවතුර සහ අනෙකුත් දේශගුණික වෙනස්‌කම් පෘථිවි තලයෙන් තුනෙන් දෙකොටසකට බලපානු ලබයි. 1997-98 එල්-නිනෝ සමය වඩා ප්‍රසිද්ධ වූයේ "ලෝකය ගිනිගත් වසර" යන නමින් ලෝක වන සත්ත්ව අරමුදල විසින් එම ක්‍රියාවලිය හැඳින්වූ නිසාය. මෙකල ඇතිවූ දැඩි නියඟය පෘථිවියෙන් වැඩි කොටසකට දරුණු ලෙස බලපෑවේය. පෘථිවි ගෝලයේ බොහෝ ප්‍රදේශයන්හි ලැව් ගිනි ඇති වූ අතර ඝර්ම කලාපීය තෙත් වනාන්තර පවා ගින්නට අසුව විනාශ විය. හෙක්‌ටයාර් මිලියන දහයක්‌ පමණ ඊට ගොදුරු වූ අතර ඉන් අඩක්‌ම ඉතා පැරැණි ඝණ වනාන්තරය. මෙසේ විනාශ වී ගිය බොහෝ වනාන්තර යළි මිනිසාට ප්‍රයෝජනයට ගැනීමට ගතහැකි කාල වකවානුවකදී පුනුරුත්ථාපනය වේයෑයි සිතීමට නොහැකි බව විද්‍යාත්මක පිළිගැනීමය. වායුගෝලයේ වැඩිවන හරිතාගාර වායු සංයුතිය හේතුවෙන් නිරන්තරයෙන් එල්-නිනෝ වැනි තත්ත්ව වල ප්‍රථිපල මිනිස්‌ සංහතියට අවාසිදායකව ක්‍රියාත්මක වනු ඇත. එල්-නිනෝ තත්ත්වය අතිශයින්ම තීව්‍ර වූ විට දේශගුණය තිරසාර ලෙසම වෙනස්‌ වීමට පුළුවන. 1998 එල්-නිනෝ ක්‍රියාදාමය ලෝක උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සෙන්ටිග්‍රේට්‌ 0.30 කින් වැඩිකිරීමට ප්‍රමාණවත් තාප ශක්‌තියක්‌ මුදා හැරියේය. එදා සිට ෆැසිපික්‌ සාගරයේ බටහිර මැද කොටසේ නිරන්තර ජල උණුසුම සෙන්ටිග්‍රේට්‌ 300 ක්‌ වූ අතර ජෙට්‌ ස්‌ට්‌්‍රම් වායු ප්‍රවාහය උත්තර ධ්‍රැවය දෙසට බරවී ගමන් කරන්නට විය. මේ හේතුවෙන් ආරම්භ වූ නව දේශගුණික රටාව පෙරට වඩා උග්‍ර එල්-නිනෝ තත්ත්ව ඇති කිරීමේ ප්‍රවණතාවක්‌ දක්‌වනු ලබයි. උග්‍ර එල්-නිනෝ තත්ත්වයන් හේතුවෙන් පෘථිවි ගෝලයේ නොයෙකුත් ප්‍රාදේශීය භූ සීමාවන් ඇතුළත කාන්තාරකරණය ආරම්භ වී ඇත. කාන්තාරකරණය සිදුවනුයේ දේශගුණික වෙනස්‌ කම් හා විවිධ මානව ක්‍රියාකාරකම් හේතු කොටගෙන ශුෂ්ක, අර්ධ ශුෂ්ක, වියළි හා උප ආර්ද්‍ර ප්‍රදේශවල භූමිය අවක්‍රමණය වීමෙනි. එසේ සිදුවීමට බහුලව බලපානුයේ අඩු වර්ෂාපතනයක්‌ ඇති දිගු වියළි සෘතුවක්‌ ඇති නිතරම නියඟ ඇතිවන අඩු වෘක්‍ෂලතා ආවරණයක්‌ හා ඝනත්වයක්‌ සහිත තුනී නිසරු පස්‌ තට්‌ටුවකින් යුතු බිම් ප්‍රදේශයන්හිදීය. කාන්තාරකරණය එක්‌ අතකින් නියඟය හා භූමිය අවිධිමත් ලෙස පරිශීලනය හා පාලනය කිරීමේ ඒකාබද්ධ ප්‍රථිඵලයකි. දේශගුණය හා සම්බන්ධ සාධක නියඟය ඇතිවීමට හේතුවීමෙන් කාන්තාරකරණයට අවශ්‍ය පසුබිම සකස්‌ වනු ඇත.කාන්තාරකරණය පිළිබඳ දැනට ඇති පිළිගැනීම වනුයේ කාන්තාර කරණ ක්‍රියාවලිය බහුල වශයෙන් සිදුවනුයේ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් බවය. කෙසේ වෙතත් කාන්තාර ප්‍රදේශ සංවර්ධන කරලීම පිළිබඳ පූර්වාදර්ශය ලබාදෙනුයේ ඊශ්‍රායල් ජාතිකයන්ය. එල්-නිනෝ ක්‍රියාදාමය පිළිබඳ ලිත වාර්තා වසර 400 කට වඩා ඉපැරැණි වූවද ඒ පිළිබඳ වැඩි අවධානය යොමු වූයේ 1970 දශකයේ මුලදී පීරු රටේ මත්ස්‍ය කර්මාන්තය බිඳවැටීමෙනි. 1998 එල්-නිනෝ තත්ත්ව හේතුවෙන් ඇතිවූ දේශගුණික ප්‍රවණතාවන් ඉතා තීව්‍ර ලෙස ගෝලයේ දේශගුණික ක්‍රියාවලියට බලපානු ඇත. උක්‌ත ප්‍රවණතාවන් මගින් ගම්‍ය වන්නේ හරිතාගාර වායු නිකුත් වීම අධික වීමෙන් ඇතිවන උෂ්ණත්වය ඉහළ යැමේ ප්‍රතිඵල හා විපාකයන්ය. මේ ප්‍රවණතා කෙතරම් විද්‍යාමානදැයි කිවහොත් මුගුරක්‌ අමෝරාගත් කාබන් ඩයොක්‌සයිඩ් විසින් ස්‌වභාවධර්මයා එලවා එලවා ධ්‍රැව ප්‍රදේශවලට පලවා හරිනු ලබන ක්‍රියාදාමය පරීක්‍ෂකයන්ගේ අතටම අසුවූවාක්‌ වැනිය. දේශප්‍රිය නානායක්‌කාර nanayakkara.nanayakkara@gmail.com

ජෛව විවිධත්වය යනු රටේ දරුවන්ගේ අනාගත ජීවයයි

ජෛව විවිධත්වය යනු රටේ දරුවන්ගේ අනාගත ජීවයයි ජෛව විවිධත්වය රටක ඉතාම වැදගත් සම්පතක්‌ වන අතරම සංවර්ධන ක්‍රියාවලියේද අතිශයන්ම තීරණාත්මක ස්‌වභාවික දායාදයකි. අද්‍යතන විද්‍යාත්මක සොයා ගැනීම් මගින් හෝ කුමන හෝ කෘතිම ආදේශකයක්‌ මගින් හෝ එසේ නැතහොත් වෙනත් ස්‌වභාවික ක්‍රියාවලියක්‌ හරහා හෝ ආදේශ කළ නොහැකි වූ ජෛව විවිධත්වය පෘථිවි ගෝලයේ ස්‌වභාවික ආකෘතියේ විශිෂ්ඨතම නිර්මාණයක්‌ වන අතරම පෘථිවියේ ජීවය පවත්වාගෙන යැම සඳහා ඉවහල් වන පරිසර පද්ධතීන් අතරින් ප්‍රධාන අංගයකි. ගෝලය සිසාරා විද්‍යාත්මක සොයාගැනීම් මගින් ස්‌වභාවික සම්පත් ක්‍ෂයවීම සඳහා විකල්ප ඉදිරිපත් කර ඇතත් රටක, ජාතියක, වගකීම වනුයේ ඔවුන්ගේ මුතුන්මිත්තන් විසින් ඉතිරිකර දායාද කොට ඇති ස්‌වභාවික සම්පත්වල අවසන් කොටස හෝ සංරක්‍ෂණය කොට අනාගත ජාතියේ දූ දරුවන් වෙත භාරදීම සඳහා නිවැරදිව ක්‍රියාකිරීමය. ජෛව විවිධත්වය යනු රටක, ජාතියක ස්‌වකීය අනාගත අවශ්‍යතාවයන්ට හා කාලීනව වෙනස්‌ වන අභියෝගයන්ට මෙන්ම අනාගත පරපුර මුහුණ දෙන්නා වූ යථාර්ථයන්ට අනුව සැලසුම් කරගත් ජයග්‍රාහී මාවතට අවතීර්ණ වීම සඳහා උපයෝගී කරගත හැකි විශිෂ්ටතම ස්‌වභාවික දායාදයකි. අද්‍යතනවද, අනාගතයේද පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන් විසින් ගොඩනංවනු ලබන දැනීම් ආර්ථිකයේ සංකීර්ණ හා ප්‍රබලතම භෞතික පදනම වනුයේද ජෛව විවිධත්වයයි. (WWW. EN.WIKIPEDIA.ORG/WIKI/KNOLEDGEECONOMY) ශ්‍රී ලංකාව වනාහි පෘථිවි ගෝලයේ ඉතිරිව ඇති ජෛව විවිධත්ව සම්පත් වලින් සුවිසාල කොටසකට උරුමකම් උපයාගෙන ඇති වාසනාවන්ත භූමියකි. ආසියානු කලාපයේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවදුරටත් ඉහළම ස්‌ථානයේ පසුවෙන අතර කුඩා දිවයිනක්‌ වුවත් එනම්, භූවිද්‍යාත්මක, භූ රූප විද්‍යාත්මක මෙන්ම දේශගුණික වශයෙන්ද අපේ රට තුළ ඇති සුවිශාල ප්‍රදේශයක පැතිරුණු විවිධත්වය අවසානයේදී එකිනෙකින් දැඩි ලෙස වෙනස්‌ වන්නාවූත්, එකිනෙකක්‌ තුළ දැඩි විවිධත්වයක්‌ සහිත වූත් ජෛව පද්ධතීන් ගණනාවකට උරුමකම් කියයි. වෙරළ කලාපයේ මුහුදු ජලජ පරිසරයේ පිහිටි කොරල්පර හා වෙනත් සාගරික ජලජ ශාක මෙන්ම වෙරළේ පිහිටි කලපු මෝය වැනි නොයෙක්‌ විධ ජෛවීය තත්ත්වයන් පවතින ස්‌වභාවික පද්ධතීන්ද ඇත. ජෛව විවිධත්වයෙහි විවිධත්වය මට්‌ටම් ත්‍රිත්වයකින් විස්‌තර කර ඇත. පද්ධතික මට්‌ටම (SYSTEMS LEVEL) විශේෂ මට්‌ටම (SPECIES LEVEL) ජාන මට්‌ටම (GENE LEVEL) ලෙස හඳුනාගෙන ඇති එම මට්‌ටම් ගත් විට ශ්‍රී ලංකාවේ පද්ධතික මට්‌ටම අතිශයින්ම ඉහළ විවිධත්වයකින් යුක්‌තය. එම පද්ධතීන් වෙන් වෙන් වශයෙන් ගත් කල ඇතැම් ඒවා, එනම් නිර්වර්ථන වැසි වනාන්තර පද්ධතිය තුළ පෘථිවි ගෝලයේ වෙනත් කිසිම පද්ධතියක නොමැති තරම් විශේෂ විවිධත්වයක්‌ හඳුනාගත හැකිය. වර්ග කිලෝ මීටර් 65610 ක භූමිය තුළ එම විශාලත්වයට අනුරූපීව සස¹ බලන විට ඉහළම මට්‌ටමේ ජෛව විද්‍යාත්මක විවිධත්වයක්‌ දක්‌නට ඇත. ඒ අනුව දිවයිනේ පවතින ශාඛ වලින් 23% ක්‌ ද, ක්‍ෂිරපායි සතුන්ගෙන් 16% ක්‌ ද දේශීය විශේෂ වේ. උක්‌ත තොරතුරුවලට අනුව අතිශයයින්ම විවිධත්වයක්‌ දරණු කෘෂි කලාප පදනම මත අපේ රටේ විශේෂ ශාක 3800ක්‌ පමණ ද සයිකි කුලයේ (CYATHEA CEAE) මීවන (FERN) හා එම පරිණාංග පවුලට අයත් එයින් වෙන්වී ආ විශේෂ ගණනාවකින් යුක්‌ත ස්‌වභාවික පරිසර පද්ධතීන් රාශියක්‌ ඇත. HTTP//MEMBERS, TRIPOD.COM/YBIOI/BIODIV. HTM වෙබ් අඩවියේ ශ්‍රී ලංකාවේ පාසි වර්ග ඇල්ගි වර්ග, දිලීර වර්ග මෙන්ම සත්ත්ව විශේෂ පිළිබඳවද විස්‌තර ඇතුළත් අතර පාසි හා දිලීර අතර විවිධත්වයද ඉතා බහුලය. අදාළ දත්ත හා තොරතුරුවලට අනුව දිවයිනේ භූමිය තුළ ඉතා අධික ජෛව විවිධත්වයක්‌ ඇති දකුණු ආසියාවේ ප්‍රධාන රට බව පොදු පිළිගැනීම වුවත් අපේ රටේ පවතින ජෛව විවිධත්වය තවමත් පූර්ණ වශයෙන් සමීක්‍ෂණය වී නොතිබීම තීව්‍ර අඩුපාඩුවකි. ජෛව විවිධත්වය විස්‌තර කිරීමේදී වැඩිමනක්‌ අවස්‌ථාවලදී ජාන (GENE) විශේෂ (SPECIES) හා පද්ධතීන් (SYSTEMS) ආකාරයෙන් ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියෙහි අනුපිළිවෙල හඳුනා ගන්නා ආකාර ත්‍රිත්වයක්‌ ඇත. ඒ අනුව ජාන විවිධත්වය, විශේෂ විවිධත්වය හා පද්ධති විවිධත්වය වෙන වෙනම හඳුනාගත හැකිය. පෘථිවි ගෝලීය ජෛව විවිධත්වය සලකා බලන විට බොහෝ අවස්‌ථාවලදී ප්‍රධාන වනුයේ ජාන විවිධත්වයට වඩා ඒ ඒ කාන්ඩවලට අයත් විශේෂවල ගෝලීය සංඛ්‍යාවයි. ඒ අනුව දැනට විශේෂ මිලියන 1.7 ක්‌ විස්‌තරාත්මකව හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයේ යථා තත්ත්වය අවබෝධකර ගැනීමේදී කරුණු ද්වයක්‌ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. පළමුව කාලීන වශයෙන් භූවිද්‍යාත්මක ඉතිහාසය තුළ ගෝලීය ජෛව විවිධත්වය ඒකාකාරව නොපැවැති බව හා ගෝලීය ජෛව විවිධත්වයේ අවකාශිය රටාව අනුව ශ්‍රී ලංකාවේ වැදගත්කමයි. ශ්‍රී ලංකාව ජෛව විවිධත්ව "දැවෙන කේන්ද්‍රයක්‌" (BIODIVERSITY HOTSPOT) ලෙස 1988 දී හඳුන්වා දෙන ලදී. මෙම ජෛව විවිධත්ව දැවෙන කේන්ද්‍රයක්‌ අවම වශයෙන් බීජ, ශාඛ හා පර්ණාංග ඇතුළත් ශාඛ පන්ති (ENDEMIC VASCULAR PLANTS) 1500 කින් වත් සමන්විත විය යුතු අතර එම මුල් වාසභූමියේ පැවැති සත්ත්ව හා ශාඛ විශේෂ සංඛ්‍යාවෙන් 70% ක්‌ වත් වඳවී ගොස්‌ ඇති ප්‍රදේශ ද විය යුතුය. ශ්‍රී ලංකාව තුළ ඇති ජෛව විවිධත්වයට සිදුවී ඇති තර්ජනය හා විනාශය එයින්ම පැහැදිලි වනු ඇත්තේ ඉතා සරලවය. උක්‌ත දැවෙන කේන්ද්‍ර සංකල්පය හඳුන්වා දෙනු ලැබූයේ බ්‍රිතාන්‍යය ජාතික මහාචාර්යවරයකු වූ නොර්මන් මයර්ස්‌ (NORMEN MYERS) විසින් 1988 දීය. (EN. WIKIPEDIA. ORG/WIKI/NORMEN-MYERS) "දැවෙන කේJද්‍ර" සංකල්පය පිළිබඳව නිල වශයෙන් කටයුතු කිරීම මුලින්ම ආරම්භ කරන ලද්දේ සංරක්‍ෂණ ජාත්‍යන්තරය (CONSERVATION INTERNATIONAL) හා මැක්‌ ආතර් පදනමයය. (MAC ARTHUR FOUNDATION)) ආරම්භයේදී දැවෙන කේන්ද්‍ර සංකල්පයට අනුව නිවර්ථන වනාන්තර 10 ක්‌ සලකුණු කළ අතර පසුව ඒවා සංඛ්‍යාව 18 දක්‌වා දීර්ඝ කරන ලදී. අද්‍යතනව පෘථිවි ගෝලය සිසාරා දැවෙන කේJද්‍ර සංකල්පයට අනුව කලාප 33 ක්‌ වෙන් කොට ඇත්තේ පෘථිවිගෝලය කලාප 05 ට බෙදා වෙන් කිරීමෙනි. උතුරු හා මධ්‍යම ඇමරිකාවේ රටවල් 04 ක්‌ ද, දකුණු ඇමෙරිකාවේ රටවල් 05 ක්‌ ද යුරෝපයේ සහ මධ්‍යම ආසියාවේ රටවල 8 ක්‌ ද ආසියා ෆැසිෆික්‌ කලාපයේ රටවල් 13 ක්‌ ද වශයෙනි. උක්‌ත ලැයිස්‌තුවේ ශ්‍රී ලංකාව 33 වැනි ස්‌ථානය උසුලනු ලබයි. (EN.WIKIPEDIA.ORG/WIKI/BIODIVERSITY-HOTS POT) බොහෝ ජෛව විවිධත්ව දැවෙන කේJද්‍රවල සත්ත්ව හා ශාඛ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රධානතම තර්ජනය වී ඇත්තේ ඒවා තුළ වෙසෙන අධික ජන සංඛ්‍යාව වර්ධනය හා එම ප්‍රදේශවලට ඒකරාශි වන ජන සංක්‍රමණයයි. පෘථිවි ගෝලය මතුපිට ජීවය පවත්වා ගෙන යැම සඳහා මෙම "දැවෙන කේJද්‍ර" සුරැකීමට ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් ගෝලය සිසාරා විද්‍යාඥයන්ගේ අවධානයට යොමුවී ඇති ක්‍රියාකාරකම් ත්‍රිවිධාකාරය. සංරක්‍ෂණ ජාත්‍යන්තරය, මැක්‌ ආතර් පදනම යන ප්‍රාරාම්භක ආයතනවල පිළිගැනීම වනුයේ "දැවෙන කේJද්‍ර" නිරපෙක්‍ෂ වශයෙන්ම ආරක්‍ෂා කිරීම සඳහා පළමු අවධානය යොමු කළ යුතු අතරම සමස්‌තයක්‌ වශයෙන් පරිසර සංරක්‍ෂණය සඳහා කෙරෙන ආයෝජනයන්ට මඟපෙන්වීමේදී මුලිකම මූලධර්මය එය විය යුතු බවය. දෙවැනි කාරණය වනුයේ අධිසංවේදී ස්‌වභාවික ජෛව විවිධත්ව "දැවෙන කේJද්‍ර" සංවර්ධන කටයුතුවලින් මුළුමනින්ම ඉවත්කර ස්‌වභාවික තත්ත්වයන්හීම පවත්වාගෙන සුරැකිය යුතු බවය. තෙවනුව 1992 රියෝ සමුළුවේදී රටවල් 175 ක්‌ විසින් ගිවිස ගන්නා ලද ජෛව විවිධත්ව සම්මුතියේ වගන්ති ක්‍රියාත්මක කිරීමය. එම සම්මුතිය ප්‍රධාන කරුණු ත්‍රිත්වයකින් යුක්‌තය. 1. ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීම. 2. එහි තිරසර පැවැත්ම සහතික කිරීම. 3. ඒ මගින් ලැබෙන ප්‍රථිලාභ සාධාරණ හා සමානව බෙදී යැම සහතික කිරීමය. ඉහත තෙවැනි කාරණාවට අනුව ගෝලය සිසාරා කටයුතු සිදුවුව හොත් ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්තයට සිදුවන සෘජු බලපෑම හේතුවෙන් රියෝ සමුළුවේ එකඟතාවන්ට එක්‌සත් ජනපද රජය අත්සන් කිරීමෙන් වැළකිණි. ඊට හේතුව ජෛව විවිධත්ව අන්තර්ගතයේ ඇති අද්‍යතන හා අනාගත වටිනාකම් පිළිබඳ ඇති ඔවුන්ගේ දුරදර්ශී ආත්මාර්ථකාමී චින්තනයයි. පෘථිවි ගෝලයේ "දැවෙන කේJද්‍රයක්‌" බවට හඳුනාගෙන ඇති බටහිර ඝාට්‌ස්‌ හා ශ්‍රී ලංකාවෙහි (WESTERN GHATS AND SRI LANKA)) ශ්‍රී ලංකා කොටස වෙන් කොට ගතහොත් එහි ජෛව විවිධත්ව වාසභූමි වලින් දැනට ඉතිරි වී ඇති ප්‍රදේශ රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු අතරේ වගකීම් බෙදී තිබියදී වුවත් තවදුරටත් යම් ප්‍රමාණ්‍යකින් ආරක්‍ෂා වී ඇත්තේ නීති රීතිවල අඩුපාඩුකම් මෙන්ම අනෙකුත් අඟහිඟකම් තිබියදීය. අදාළ රේ‚ය අමාත්‍යංශයේ තීව්‍ර අවධානය යොමු විය යුතු නිර්මල ජෛව විවිධත්ව වාස භූමි ප්‍රදේශ රාශියක්‌ පවතිනමුත් නොයකුත් අඩුපාඩුකම් දුර්වලතා, ආකල්පමය වශයෙන් නැවත අපේ මුතුන්මිත්තන්ගේ ගැඹුරු පාරිසරික ඒකාත්මිකතාවය අනුගමනය කිරිමට යොමුවීම වැනි කාරණා තිබියදී වුව රටේ සමස්‌ත භූමියෙන් 30% ප්‍රමාණයක්‌ යම් නීතිමය අධීක්‍ෂණයක්‌ යටතේ පාලනය වීම සතුටට කරුණකි. ශ්‍රී ලංකා "දැවෙන කේJද්‍රය" (BIODIVERSITY HOTSPOT) තුළ ඉතාම වැදගත් ක්‍ෂේත්‍රය ලෙස හැඳින ගැනුයේ දිවයිනේ වැසි වනාන්තර ප්‍රමාණයෙන් 50% ක්‌ පමණ ඇතුළත් කරගන්නා වූ ලෝක උරුමයක්‌ ලෙස නම් කර ඇති අධි රක්‍ෂිත සිංහරාජ වනාන්තරයයි. රටේ පවතින දේශීය තුරු ලතා විශේෂ 220 ක්‌ ද පෘෂ්ඨවංශික (VERTEBRATES) විශේෂ අතරින් 270 ක්‌ ද සිංහරාජ වනයෙන් වාර්තා වී ඇත. සමස්‌ත ශ්‍රී ලාංකිකයන් අතර සිංහරාජ වනාන්තරය පිළිබඳ දැනුම ඉතා ඉහළට ඔසවා තිබියදීත් එහි පැවැත්මට ඇති තර්ජන තවදුරටත් ක්‍රියාත්මකය. විශේෂයෙන්ම අසල්වාසී සමහර ප්‍රජාවන්ගෙන් දැව නොවන වන ද්‍රව්‍යය රැස්‌කිරීම සම්බන්ධයෙන් ප්‍රබල තර්ජන ඇති අතර කුඩා තේ වතු වගාව ප්‍රසාරණයද රක්‍ෂිතයේ මායිම්වල තවදුරටත් දැක ගත හැකිය. ශාක හෝ සත්ත්ව හෝ කිසියම් ජීවයක පැවැත්මට කුමන හෝ කාල පරාසයක්‌ පවතින බව භූ විද්‍යා ඉතිහාසය සිසාරාම හඳුනාගෙන ඇත. ඒ අනුව නොයකුත් විශේෂවල වඳවීම ස්‌වභාවික ක්‍රියාවලියකි. (පසුබිම් නෂ්ඨවීම්) පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ (මිනිසුන්ගේ) කුමන මැදිහත්වීමක්‌ නොමැතිව වුව එම ක්‍රියාවලිය ක්‍රියාත්මකය. නමුත් මෙම ස්‌වභාවික ක්‍රියාවලිය ඉක්‌මවා වඳවීමේ චක්‍රය ක්‍රියාත්මක වීමට මානව ක්‍රියාකාරකම් හේතුවී ඇත. විශේෂයෙන් ස්‌වභාවික පිවිතුරු වාසභූමිවලට ඇති කරන මානව ක්‍රියාකාරකම් මින් ප්‍රධානයි. (WWW.ARCHIVE. ORG/DETAILS/A13- BIODIVESITY/BIOLOGY/SINHALA-MEDIUM සිංහල භාෂාවෙන් ඇහුම්කන් දීමට) විශේෂයෙන්ම තිරසර කෘෂිකාර්මික සංවර්ධනයේදී බෝග විවිධත්වයක්‌ ක්‍රියාත්මක වීමේදී ස්‌වභාවික ජෛව විවිධත්වයේ, විවිධත්ව පරිණාමය සහ අනුවර්ථ විකිරණ ක්‍රියාවලිය බරපතල අර්බුදවලට මුහුණ දෙනු ඇත. කෘෂිකාර්මික ක්‍රියාවලියේදී ජෛව විවිධත්වයට සිදුවන හානිය පිළිබඳ වෙනත් ලිපියකින් සාකච්ඡා කෙරෙනු ඇත. කඩොලාන පද්ධතියට පවතින අවධානම අතිශයින් බිහිසුණු තත්ත්වයකට අද්‍යතනව මුහුණදී ඇත. ඉතාමත්ම සංකීර්ණ සුවිශේෂී ජෛව ස්‌කන්ධයක්‌ පවතින කඩොලාන පරිසර පද්ධතිය සුරැකීම පමණක්‌ නොව ඒ මගින් වෙරළ ඛාදනය වැළැක්‌වීම, මෙන්ම උදම් රළ එසේ නැතහොත් මුහුද ගොඩගැලීම වැනි මහා පරිමාණ ස්‌වභාවික ව්‍යසනවලදීද ඇති වන හානිය අවම කිරීමට සමස්‌ත කඩොලාන පද්ධතිය මහත් පිටිවහලකි. වෙරළ හා වෙරළ සම්පත් කළමනාකරණය පිළිබඳ පසු ලිපියකදී සාකච්ඡා කෙරෙනු ඇත. කඩොලාන පද්ධතිය ආරක්‍ෂා කර පවත්වාගැනීම සඳහා තව දුරටත් රජයේ මැදිහත්වීම නොයෙක්‌ ආකාරයෙන් සිදුවිය යුතු අතරම සමස්‌ත ජනයාගේද අවධානය තීව්‍ර යොමුවීම ජාතික අවශ්‍යතාවක්‌ වනුයේ අපේ රට මුහුදින් වටවූ භූමියක්‌ වන හෙයිනි. සිංහරාජය, නකල්ස්‌ කඳු වැටිය ප්‍රමුඛ ස්‌වභාවික වනාන්තර වර්ග 08 කින් යුත්, රක්‍ෂිත භූමි පිළිබඳව තවදුරටත් ගෝලීය මට්‌ටමේ තාක්‍ෂණික හා විද්‍යාත්මක මූලධර්ම හරහා අවධානය යොමු විය යුතුය. මෑතකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මඟපෙන්වීම යටතේ නකල්ස්‌ කඳුවැටිය රක්‍ෂිතයක්‌ වශයෙන් තව දුරටත් ආරක්‍ෂා කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු දියත්ව තිබීම වැදගත්ය. අද්‍යතනව නොයෙක්‌ ආයෝජකයන් මහා පරිමාණික වගාව සඳහා රජයේ ඉඩම්වල වගා කටයුතු ආරම්භ කිරීම"දැවෙන කේJද්‍රයක්‌" වනාහි ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට මරු පහරකි. 1900 දී 80% ක භූමියක්‌ ආවරණය කර තිබූ වනාන්තර 2000 වසරේදී 20% දක්‌වා අඩුවීම සැබැවින්ම ශ්‍රී ලංකාවේ අනාගතයට බරපතල තර්ජනයක්‌ බව කිවයුතු නැත. මෙම තත්ත්වය හේතුවෙන් තම සාම්ප්‍රදායික වාසභූමි අහිමි වූ අලි ඇතුන් හා මිනිසා අතර ගැටුම දෛනිකව සිදුවන ක්‍රියාවලියක්‌ වී ඇත. (අලි - මිනිස්‌ ගැටුම පසුව සාකච්ඡා කරමු.) ශ්‍රී ලංකාවේ භූමි පරිභෝජනය පිළිබඳ දැඩි අවධානය යොමු විය යුතු තීරණාත්මක දශකය ආරම්භ වී ඇති බව ඉතා පැහැදිලි වනුයේ ගංවතුර, නාය යැම්, නගර යටවීම, ජෛව විවිධත්වය විනාශවීම, ඉඩම් වෙළෙඳ පොළ නියාමනයෙන් තොරව උස්‌ පහත් වීම ආදී කරුණු පිළිබඳ දැනීමෙන් අවධානය යොමු කිරීමෙනි. ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික භූමි පරිභෝග සැලසුම් අංශය පිළිබඳ මීට වඩා මධ්‍යම රජයේත්, පළාත් සභාවලත්, විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ජාලයෙත් අවධානය යොමු විය යුතු වන්නේ උක්‌ත ආයතනවල සේවා කටයුතු හරහා තවදුරටත් රටේ අනාගතය නිවැරදි දිශාන්තයට ගලපා ගැනීමටය. ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරක්‍ෂණය කිරීම සඳහා පවතින නෛතික ප්‍රතිපාදන අතරේ මූලික වනුයේ 1980 ජාතික පාරිසරික පනත වන අතර ඊට අමතරව වනාන්තර ආඥ පනත, ශාඛ හා සත්ත්ව ආඥ පනත, ජාතික උරුම වනගත ප්‍රදේශ පනත, උද්භිද උද්‍යාන ආඥ පනත, ධීවර හා ජලජ සම්පත් පනත, පැලෑටි ආරක්‍ෂක ආඥ පනත හා රේගු ආඥ පනතයි. ජෛව විවිධත්වය පිළිබඳ සාකච්ඡා කිරීමේදී ජාතික භෞතික සැලසුම මගින් හඳුනාගෙන ඇති අධි සංවේදී කලාප ත්‍රිත්වයෙන්, මධ්‍යම අධි සංවේදී කලාපය ලෙස නම් කර ඇති ප්‍රදේශය වර්ග කි. මී. 14000 ක්‌ හෙවත් රටේ සමස්‌ථ භූමියෙන් 21% වූ ප්‍රදේශය වන රටේ හදවත බඳු කඳුකරයයි. ජෛව විවිධත්වය හා මිනිසාගේ පැවැත්ම හා ඉතා ශක්‌තිමත්ව අත්වැල් බැඳගෙන ඇති මධ්‍යම අධි සංවේදී කලාපය පිළිබඳ සමස්‌ථ ජනතාවගෙත්, සමස්‌ථ මාධ්‍ය ජාලයෙත් රජයේත් අවධානය යොමුවීම යුගයේ වැදගත්ම අවශ්‍යතාවකි. රටේ සියලු දෙනාගේම දූ දරුවන්ගේ අනාගතය හා සැබඳි උක්‌ත මධ්‍යම අධි සංවේදී කලාපය නොහොත් රටවැසියන්ගේ ජීවයේ හදවත වන් කඳුකරය පිළිබඳ ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳ යොමු කරන අවධානයම යොමුකරලීම ලක්‌ මාතාවගේ සෞඛ්‍ය හා දීර්ඝායුෂය පිළිබඳ කෙරෙන යුතුකමකි. ජෛව විවිධත්වය සංරක්‍ෂණය කිරීමේ ජාතික අවශ්‍යතාවය පිළිබඳ සියලු රටවැසියන් දැනුවත් වී තම අවධානය යුතුකම හා ඊට සංවේදීවීම කළ යුතු වන්නේ එහි සුරක්‍ෂණය සුවිශේෂී ලෙස වැදගත් වනුයේ රටවැසියන්ගේ ජීවයේ මූලික අවශ්‍යතා සම්පාදනයේදී එහි ඇති ඵලදායි බව හේතුකොට ගෙනය. සැබැවින්ම ජෛව විවිධත්වය යනු ඔබෙත් විශේෂයෙන් ඔබේ දූ දරුවන්ගේ සෞඛ්‍ය, ආර්ථිකය හා ඔවුන්ගේ ජීවය රැඳී ඇති ස්‌වභාවික සම්පතයි. දේශප්‍රිය නානායක්‌කාර

Monday, December 24, 2012

ජාතික රාජ්‍යයන්ට පිලලයක්‌ වූ උතුරු ගෝලීය ආර්ථික අධිරාජ්‍යවාදය

ජාතික රාජ්‍යයන්ට පිලලයක්‌ වූ උතුරු ගෝලීය ආර්ථික අධිරාජ්‍යවාදය තම ජාතීන්ගේ අසීමිත වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා ගෝලීය රාජ්‍යයන් අතරින් වඩාත් සාහසික ලෙස කටයුතු කරනුයේ උතුරු ගෝලීය රජ්‍යයන්ය. ඒ සඳහා පෘථිවි ගෝලයේ නොයෙකුත් රාජ්‍යයන්ද, පෘථිවියේ තෝරාගත් ප්‍රදේශ ද, සාගරය ද අභ්‍යවකාශය ද ඇතුළත් ය. ඒ අතර නොයෙකුත් මහා පරිමාණ ධන ආයෝජනවල තාක්‍ෂණය ද කළමනාකරණය ද ඇතුළු නොයෙකුත් දියුණු ක්‍රමවේදයන් භාවිත කරනුයේ වඩා මානුෂික මුහුණුවරකින් බව ලෝකයාට ප්‍රදර්ශනය කළ ද එම ක්‍රියාවලිය ද ඉතා අමානුෂිකය. ඊට සමගාමීව තම ජාතීන්ගේ අසීමිත වුවමනාවන් ඉටුකර ගැනීමේ තරගයේදී ප්‍රමුඛතමයා වීම සඳහා තෝරා ගන්නා නොයෙකුත් ක්‍රියාමාර්ග මිනිස්‌ සංහතියටත්, මිනිසා ජීවත්වන පෘථිවි ගෝලයටත් අති බිහිසුණු තර්ජන එල්ල කර ඇත. ගෝලීය ආර්ථිකය තුළ ජීවත් වී කටයුතු කරන්නේ නම් එම තරගයට මුහුණ දීමට සිදුවීම අනිවාර්ය ය. නමුත් උතුරු ගෝලීය රාජ්‍යයන්ගේ සැඟවුණු ආර්ථික ක්‍රියාවලියන් පිළිබඳ නිවැරැදි අවබෝධයක්‌ ලබා ගැනීම ලොව පුරා ජාතික රාජ්‍යයන් හි ජන සමාජයන්වල මූලික යුතුකමකි. මක්‌නිසාද යත් උතුරු ගෝලීය රාජ්‍යයන් පසුගිය ඉතිහාසය තුළ ජාතික රාජ්‍යයන් වල සම්පත් කොල්ලකෑම සඳහා ක්‍රියාත්මක කර ඇති අති දරුණු ව්‍යාපෘති ඉතාමත් කුරිරු බැවිනි. අලුත් සහශ්‍රකයේදී පෘථිවි ගෝලයේ ජීවත්වන මනුෂ්‍යයන්ට උතුරු ගෝලීය ආර්ථික අධිරාජ්‍යය වෙනුවෙන් තම උපන් බිමේ ස්‌වභාවික සම්පත් පමණක්‌ නොව තම රටට, ජාතියට දූ දරුවන්ට ආදරය කරන ජනහිතකාමී ශ්‍රේෂ්ඨ නායකයන් පවා මරණයේ මහා භීතිකාවෙන් ආරක්‍ෂා කර ගැනීමට නොහැකිව අසරණ වී සිටීම මිනිස්‌ සංහතියේම අවාසනාවකි. මෙම ලිපියේ විස්‌තර කරනුයේ 19 - 20 සියවස්‌වලදී එක්‌සත් ජනපදය ප්‍රමුඛ ලෝක බලවතුන් ආර්ථික අධිරාජ්‍යවාදයේ අන්තයටම කිමිදෙමින් ක්‍රියාත්මක වීමේදී ලොව පුරා සිදුකර ඇති මිනිස්‌ ඝාතන හා ජාතික රාජ්‍යයන්වල ජනයාට ඇති කර ඇති නොයෙකුත් පීඩාකාරී ක්‍රියාවන් පිළිබඳවය. කොංගෝවේ ක්‍රැස්‌තෝ සහ ඇලන් ඩලස්‌ගේ නයි විෂ මෙහෙයුම බෙල්ජියමේ යටත් විජිතයෙන් 1960 බොංගෝව නිදහස්‌ වූ අතර එහි හමුදාමය ජාතිකවාදී පළමු අගමැති වූයේ ප්‍රැටිස්‌ ලුමුම්බා ය. ගෝලයේ උතුරු රාජ්‍යයන් ඔහුව හැඳින්වූයේ "අප්‍රිකාවේ ක්‍රැස්‌තෝ" වශයෙනි. එක්‌සත් ජනපදයට වුවමනා වූයේ ප්‍රැටිස්‌ ලුමුම්බා මරා දැමීමටය. ඒ සඳහා එවකට සී.අයි.ඒ. (CගෂගAග) සංවිධානයේ අධ්‍යක්‍ෂ වූ ඇලන් ඩලස්‌ගේ අවධානය යොමු කරවන ලදී. ඉන් පසුව සී.අයි.ඒ. සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සිඩ්නි ගොත්ලියෙබ් කොංගෝවේ කින්ෂාශා වෙත යවන ලදී. කියුබාවේ පිදෙල් ක්‍රැස්‌තෝගේ සුරුට්‌ටුවට විෂ මිශ්‍ර කරන ලද්දේ මොහු විසිනි. මෙවර ඔහු ප්‍රැටිස්‌ ලුමුම්බාගේ දත් බෙහෙත්වලට විෂ මිශ්‍ර කරලීම සඳහා නයි විෂ ගෙන එන ලදී. නමුත් නයි විෂ මෙහෙයුම අසාර්ථක වූ අතර 1961 දෙසැම්බර් 01 වැනිදා කොංගෝවේ හමුදාවේ මාණ්‌ඩලික නිලධාරියකු ද එක්‌සත් ජනපද CගෂගAග සංවිධානයේ ඒජන්තවරයකු වූ ද, ජොසෙප් මොබොටුට හිතවත් සොල්දාදුවන් ලුමුම්බා පැහැර ගන්නා ලදී. ඉන් පසුව එම පැහැර ගැනීමේ මෙහෙයුම සඳහා සහයෝගය දුන් බෙල්ජියන් හමුදා හා අනෙකුත් මෙහෙයුමට සම්බන්ධ පුද්ගලයන් ඉදිරියේ ප්‍රැටිස්‌ ලුමුම්බා වෙඩි තබා මරා දමන ලදී. මීට හේතුව වූයේ කොංගෝවේ ඛනිජ සම්පත් ආකරවල කැණීම් කටයුතු කළ බෙල්ජියම් හා එක්‌සත් ජනපද රාජ්‍යයන් සමඟ වඩා මිත්‍රශීලීව කටයුතු නොකරලීමයි. එසේ නැතහොත් එම සම්පත්වල වටිනාකම් සූරා කෑමට ඉහත රාජ්‍යයන් දෙකට ඉඩ නොතැබීමය. ජාතික රාජ්‍යයක ජනතාවට අයිති ස්‌වභාවික සම්පත් නිවැරැදිව කළමනාකරණය කර තම ජනතාවට ප්‍රීතිමත්, නිදහස්‌ ජීවිතයක්‌ අත්කර දීමට ප්‍රයත්න දැරූ යහපත් නායකයකුට මරණය උරුම කළේ ඊට වන්දි වශයෙනි. ඉන් පසුව ඇති වූ කැරලි මර්දනය කරලීමට ලොව පුරා කුලී හමුදාවන් සේවයේ යෙදූ අතර ස්‌වදේශිකයන් අමු අමුවේ මරා දමා ඇත්තේ තරගයට මෙනි.. කැරලි මර්දනයෙන් පසුව එසේ නැතහොත් රටට, ජාතියට, රටේ අනාගතයට සැබෑ ලෙස ආදරය කළ නිර්භීත ප්‍රගතිශීලී මිනිසුන් අමු අමුවේ මරා දැමීමෙන් පසු ලෝක අපවාදයෙන් ගැලවීම සඳහා කුලී හමුදාවන් තම රටවලට ආපසු යවා ඇත්තේ රතු කුරුස සංගමයේ ලාංඡනය සහිත ගුවන් යානාවලිනි. කැරලි මර්දනයෙන් දශකයට පමණ පසු 1977 දී බලයට පත් වූ ජනතාවාදී ජනාධිපතිවරයකු වූ මේරියන් න්ගුවාම් ද මරා දමන ලදී. 1979 පමණ වන විට උතුරු ගෝලීය රාජ්‍යයන්ට වුවමනා වූයේ ඇෆ්ගනිස්‌ථානය, ඇන්ගෝලාව, කාම්බෝජියාව, ඉතියෝපියාව, ඉරානය, ලාඕසය, ලිබියාව, නිකරගුවාව, වියට්‌නාමය ආදී රටවල ජනයා අඩුකරලීමේ පදනම මත යුද්ධය මුදා හැරලීමය. මෙහිදී ඉහත සඳහන් කළ රාජ්‍යයන් 06 සඳහා ඉතා තීව්‍ර ලෙස යුද්ධය මුදාහරින ලද්දේ එම රාජ්‍යයන් ජාතික රාජ්‍යයන් වූ හෙයිනි. මේ වන විට ඇෆ්ගනිස්‌ථානයේ සෝවියට්‌ හමුදා රාජකාරියේ නිරතව සිටි අතර එම හමුදාවන්ට ප්‍රහාර එල්ල කරලීමට අවශ්‍ය අවි ආයුධ ද, යුද්ධ පුහුණුව ද ලබා දෙන ලද්දේ එක්‌සත් ජනපදය විසිනි. ඇෆ්ගන් ජාතික දරුවන්ට හෝඩිය ඉගැන්වීම. තලේබාන්වරු නොයෙත් ඇෆ්ගන් ගරිල්ලන් විසින් තම ජනතාවගේ අධ්‍යාපනික මානසිකත්වය පිළිබඳව අවධානය යොමු කර ඇත්තේ අමුතුම ආකාරයකට ය. උක්‌ත අවශ්‍යතාව වෙනුවෙන් එක්‌සත් ජනපද වෙස්‌මුහුණු ආයතනයක්‌ වන ,ඹීAෂD, හරහා නෙබුස්‌කා විශ්වවිද්‍යාලයට ඇමෙරිකා එක්‌සත් ජනපද ඩොලර් මිලියන 50 ක්‌ ලබා දී ඇත්තේ 1986 - 1996 කාලය තුළදී ය. ඒ අනුව මුහුජින්වරු ඇෆ්ගනිස්‌ථානය සඳහා වූ ආගමික මධ්‍යස්‌ථානයේදී තම අනාගත පරම්පරාවට අවශ්‍ය ආගමික හා ජාතික අධ්‍යාපනය ලබාදීම ආරම්භ කර ඇත. ඒ සඳහා එක්‌සත් ජනපද අධ්‍යාපන විශේෂඥයන්ගේ සහාය ලබා ගැනීමෙන් අනතුරුව සකස්‌ කළ පාඩම්වලට අනුව ඇෆ්ගන් දරුවන් හෝඩිය ඉගෙන ගෙන ඇත්තේ මෙසේය. Jග ජිහාඩය - ජීවිතය තුළ අපගේ අරමුණු ෂ ඊශ්‍රායලය - අපගේ සතුරාය ණ කැලෂිනිනොව් - මැෂින් තුවක්‌කුවය. අපගේ ජය ගැනීමය. ඵ මුජහදීන්ය - අපගේ ජාතික වීරයන්ය. ඔ තලිබාන්ය, ආදී වශයෙනි. ඇෆ්ගනිස්‌ථාන් දරුවන්ට ගණිතය උගන්වා ඇත්තේ ඇපල්, කේක්‌, පලතුරු ගැන කියා දෙමින් නොව පතරොම් සහ තුවක්‌කු ගණන් කිරීමෙනි. ඕමාර්ට මැෂින් තුවක්‌කුවක්‌ ඇත. එහි පතරොම් 20 ක්‌ තිබේ. ඉන් 3/4 භාවිත කර මිථ්‍යාදෘෂ්ටිකයන් 60 ක්‌ මරා දමයි. එක්‌ පතොරමකින් ඕමාර් මිථ්‍යාදෘෂ්ඨ§කයන් කී දෙනෙක්‌ මරා දමා ඇත්දැයි එක්‌ ප්‍රශ්නයකි. 3 වැනි ශ්‍රේණියේ ගණිත පාඩමේ එක්‌ ගණිත ගැටලුවක්‌ වනුයේ මුජහදීන් කණ්‌ඩායම් රුසියන් භටයන් 50 කට ප්‍රහාර එල්ල කිරීමය. ප්‍රහාරයෙන් රුසියානු භටයන් 22 දෙනකු මියගොස්‌ ඇත. රුසියානුවන් කී දෙනෙක්‌ පලා ගොස්‌ ඇත්දැයි යනු තවත් එක්‌ ප්‍රශ්නයකි. මේ පිළිබඳව ඇස්‌නේ සෙයියෙර්ටැඩ්ගේ "ද බුක්‌ සෙලර් ඔෆ් කාබුල්" කෘතියේ කදිමට විස්‌තර කර ඇත. එක්‌සත් ජනපදයේ මෙවැනි අපේක්‍ෂා කළ නොහැකි අවමානයට පාත්‍ර විය යුතු මිනිස්‌ සංහතියට සතුරු වන ක්‍රියාවන් නිසා අද වන විට සමස්‌ත ලෝකවාසීන් හා රාජ්‍යයන් මහත් ව්‍යසනයන්ට මුහුණ දී ඇත. ඊට වගකිවයුත්තේ තම කෑදර අභිලාෂයන් වෙනුවෙන් පෘථිවි ගෝලය පුරා ආයුධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, ගරිල්ලන් පුහුණුකරලීම ආදී කටයුතුවල ලොවට රහසිගතව ක්‍රියාත්මක වන අතුරු ගෝලීය රාජ්‍යයන් ය. පෘථිවි ගෝලය පුරා සැරිසරන මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ගණන 20,000කට වැඩිය. නූතන ලොව පුරා මරාගෙන මැරෙන බෝම්බකරුවන් මේ සා විශාල පිරිසක්‌ උතුරු ගෝලීය රාජ්‍යයන්ට මහත් හිසරදයක්‌ වී ඇති අතරම ලොව පුරා ජීවත්වන සියලුම මිනිසුන්ගේ ජීවිතවලට ද මහත් වූ අභියෝගයකි. සැබැවින්ම මෙම බෝම්බකරුවන්ගේ ඉලක්‌කය කුමක්‌ වුවත් එය මිනිස්‌ සංහතියට නිගාවකි. 1986 දී ඔසාමා බින් ලාඩන් සී.අයි.ඒ. සංවිධානයේ අරමුදල් වලින් ක්‍රියාත්මක විශාල ඉදිකිරීම් ව්‍යාපෘතියක ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කළේය. ඒ පකිස්‌ථානයේ දේශසීමා පසුකර උමං යටින් විහිදෙන බොස්‌ට්‌ උමං සංකීර්ණයේ ඉදිකිරීම්වලදී ය. ඇමරිකා එක්‌සත් ජනපදය හදා වඩා ගත් ඔසාමා බින් ලාඩන් අද සාමකාමී ලෝකයාටම බිහිසුණු තර්ජනයකි. ජිහාඩ් සංවිධානයට මුදල් ගලා ඒම සහ ක්‍ෂA සංවිධානයේ සම්බන්ධතා ත්‍රස්‌තවාදී සංවිධානයක්‌ වන ජිහාඩ් සංවිධානයට ලොව පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්, ආයුධ ජාවාරම් ආදී නොයෙකුත් මිනිස්‌ ප්‍රගමනයට අහිතකර ක්‍රියා හරහා ඩොලර් ටි්‍රලියන ගණනින් උපයාගෙන ඇති අතර, තවදුරටත් එය ක්‍රියාත්මක වෙමින් තිබේ. පකිස්‌තානයේ ඉමහත් ප්‍රසිද්ධියට පත් හා සාර්ථකත්වයට පත් වූ අඝාහසන් අබේදිගේ ඊCක්‍ෂ බැංකුව හරහාත් ටි්‍රලියන ගණනක ඇමරිකන් ඩොලර් ජිහාඩ් සංවිධානයට ලැබී ඇති බව ඒ පිළිබඳ මූලාශ්‍රයන් හි සඳහන් ය. ලොව පුරා රටවල් 70 ක මෙම බැංකුවේ ශාඛා ජාලාවන් පිහිටුවා තිබූ අතර, 1991 දී බැංකුව බංකොලොත්භාවය ප්‍රකාශ කරන ලදී. ඉන් පසුව ඊCක්‍ෂ බැංකුව හා ක්‍ෂA සංවිධානය අතර තිබූ රහස්‌ සබඳතා ලොවට හෙළි විය. මේ ආකාරයට පකිස්‌ථානයේදී ක්‍ෂA සංවිධානයේ අවශ්‍යතා සඳහා භාවිත කරන ලද අවිගත් සංවිධානය වූයේ "ලක්‍ෂර් ඉ ඉයාබ්" සහ "ගාර්කන් උල් අන්සාර්" සංවිධානයයි. මිනිස්‌ සංහතියටම නිගා දෙන ලෙස ක්‍රියාත්මක වූ උක්‌ත සංවිධාන මත්ද්‍රව්‍යය ජාවාරම ආයුධ ජාවාරම ප්‍රමුඛ නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවල යෙදී ඇත. ලෝකයේ වැඩිම හෙරොයින් භාවිතය අපේ අසල්වැසි රටක්‌ වන පකිස්‌ථානයේ ය. 1977 දී පකිස්‌ථානයේදී 132 ක්‌ වූ හෙරොයින්වලට ඇබ්බැහි වූවන්ගේ සංඛ්‍යාව 1980 වන විට 30000 දක්‌වා ඉහළ යන ලදී. 1985 වන විට උක්‌ත සංඛ්‍යාව ලක්‍ෂ 13 දක්‌වා ඉහළ යන ලදී. ලොව පුරා වෙනත් කුමන රටකට වඩා වේගයෙන් පකිස්‌ථානයේදී හෙරොයින් භාවිතය ඉහළ ගොස්‌ ඇත. ඇමෙරිකා එක්‌සත් ජනපදය විසින් පුහුණු කරන ලද ඇෆ්ගන් ගරිල්ලන් අද ලෝකය පුරා ක්‍රියාත්මකය. ඇෆ්ගන් ඊජිප්තුවරුන් ලෝක අවධානයට යොමු වූයේ 1997 නොවැම්බර් 17 වැනි දින ඊජිප්තුවේ නයිල් ගං ඉවුරේ ලක්‍ෂර් හිදී විදේශීය සංචාරකයන් 58 දෙනකු අමානුෂීය ලෙස මරා දැමීමත් සමඟම ය. ගෙල කපා දමා, බඩවැල් එළියට ඇද දැමීම ආදී පහත් ඇමෙරිකන් පුහුණු ලක්‍ෂණ මෙහිදී දක්‌නට ලැබිණි. මෙවන් විනාශයන්හි මූලාශ්‍රයන් වනුයේ උතුරු ගෝලීය රාජ්‍යයන්හි අමානුෂික ප්‍රතිපත්තීන් ය. මේ ආකාරයට ලෝකයේ රාජ්‍යයන්හි මිනිස්‌ සංහතියටත්, ස්‌වභාව දහමටත් වායු ගෝලයටත් විනාශකාරී ක්‍රියාවන් සමූහයක්‌ උතුරු ගෝලීය රාජ්‍යයන් විසින් ක්‍රියාත්මක කර ඇති අතර ඒවා තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස්‌ කරමින් සිටින්නේ ගෝලීය ජනතාවට ඒවා කෙදිනකවත් තේරුම් ගැනීමට හෝ නොතේරෙන අයුරිනි. ඉක්‌වදෝරයේ ෂෙල් සහ ටෙස්‌කෝ සමාගම් විසින් කරන ලද මහා මානව හා පාරිසරික විනාශයන් ද, ඉන්දුනීසියාවේ සම්පත් කොල්ල කෑමට ආසියානු සංවර්ධන බැංකුව හා එක්‌සත් ජනපදය සහයෝගය ලබා දෙමින් ක්‍රියා කර ඇති ආකාරය එක්‌සත් ජනපදය ලොව පුරා ප්‍රකාශයට පත් කරන අදහස්‌වලට සපුරා වෙනස්‌ය. සැබැවින් ම එම ක්‍රියා මිනිසුන් විසින් කරනු ඇතැයි සිතා ගැනීමට පවා නොහැකිය. වැඩි විස්‌තර දැන ගැනීමට ජින් ජෙල්මන් ටේලර්ගේ ,ෂභෘධභෑSෂ් ඡෑDඡඛෑS Aභෘ HෂීඔධRශෑS, කෘතිය කියවීම වැදගත් ය. ලෝක බැංකුව අධිරාජ්‍යවාදීන්ගේ අතකොලුවකි මේ ආකාරයට පැනමාවද ඇතුළු සෞදි අරාබියාව, කුවේට්‌, ඉරානය, කොලොම්බියාව, ඉරාකය ආදී රටවල ක්‍රියාත්මක වූ ඇමෙරිකා එක්‌සත් ජනපද ක්‍රියාවලිය ඔවුන් ධවල මන්දිරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවලදී සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය තුළදී දරන අදහස්‌වලට සපුරා වෙනස්‌ය. නින්දිතය. පැනමාව සම්බන්ධයෙන් ඇමෙරිකා එක්‌සත් ජනපදය ක්‍රියාත්මක වූ ආකාරය දැන ගැනීමට ,ඔHE පෑඵධෂRS ධF ඵAභඹඛෑ භධRශෑඨAල AපෑRෂCA.S ඡRෂීධභෑR කෘතිය කියවීම වැදගත් ය. CධභFESSෂධභී ධF ECධභධඵෂC HෂඔඵAභ ඊශ Jධ්‍යභ ඡෑRණෂභී ගේ කෘතියේ 14 වැනි පරිච්ඡේදයේ මෙසේ විස්‌තර කර ඇත්තේ එහි කතෘවරයාමය. "ලෝක බැංකුවෙ අධිපතිත්වය දැරූ රොබට්‌ මැක්‌නමරා ඉතිහාසයට කළ විශාලතම හා දුෂ්ඨ සම්ප්‍රදානය වූයේ මින් පෙර කිසිදාක දක්‌නට නොලැබුණු පරිමාණයකින් ලෝක බැංකුව ගෝලීය අධිරාජ්‍යයේ නියෝජිතයකු බවට පත් වීමට පොළඹවා ගැනීමය. ඔහු ඒ සඳහා පූර්වාදර්ශකයක්‌ ද විය. ඇමෙරිකානු ජනාධිපති කාර්ය මණ්‌ඩලය ලෝක පූජිත සමාගම්වල දැවැන්තයෝ ය. උදාහරණ කීපයක්‌ වශයෙන් රිචඩ් නික්‌සන් RෂCHARD ඵෂඛ්‍යධඹී භෂඞධභ (1969 - 74) ජනාධිපති යටතේ භාණ්‌ඩාගාර ලේකම් වූ හා ආර්ථික ප්‍රතිපත්ති මණ්‌ඩලයේ සභාපතිවරයා වූ ජෝර්ඡ් ෆුල්ට්‌ස්‌ බෙච්ටෙල් සමාගමේ සභාපති වශයෙන් කටයුතු කළ අතර, ඉන් පසුව ඇමෙරිකන් ජනාධිපති රොනල්ඩ් රේගන් යටතේ රාජ්‍ය ලේකම්වරයා විය. කැස්‌පර් වින්බර්ග් බෙච්ටෙල් සමාගමේ සභාපති වශයෙන් කටයුතු කළ අතර ඉන් පසුව ඇමරිකානු ජනාධිපති රේගන් (RධභAකෘ උෂඛීධභ REAඨAභ 1981 - 89) යටතේ රාජ්‍ය ලේකම්වරයා විය. කැස්‌පර් වින්බර්ග් බෙච්ටෙල් සමාගමේ සභාපති වශයෙන් කටයුතු කළ අතර ඉන් පසුව ඇමරිකානු ජනපති රේගන් යටතේ රාජ්‍ය ලේකම්වරයා වශයෙන් කටයුතු කර පසුව ආරක්‍ෂක ලේකම් ධුරය දරන ලදී. ජනපති ජොන්සන්ගේ අධ්‍යක්‍ෂවරයාව සිටි රිචඩ් හෙල්ම්ස්‌ ඉන් පසු රිචඩ් නික්‌සන්ගේ රජයේ ඉරාන තානාපති ධුරය දරන ලදී. ජනාධිපති ජෝරඡ් එම්. ඩබ්ලිව්. බුෂ් යටතේ ආරක්‍ෂක ලේකම් ලෙස කටයුතු කළ රිචඩ් චෙනි අනතුරුව හැලිබර්ටන් සමාගමේ උප සභාපති ලෙස ද පසුව ජෝරඡ් බුෂ්ගේ උප ජනාධිපති ලෙස ද කටයුතු කළේය. ඇමෙරිකානු එක්‌සත් ජනපදයේ 40 වැනි ජනපති වශයෙන් රාජකාරි කරන ලද බුෂ් පරම්පරාවේ ජ්‍යෙෂ්ඨයා සිය වෘත්තිමය ජීවිතය ආරම්භ කර ඇත්තේ "ශැප්ටා පැට්‌රෝලියම්" ZAඡ්ඔA ඡෑඔRධඛෑඹඵ බහුජාතික සමාගමේ පුරෝගාමියා ලෙසය. ඉන් අනතුරුව ජනපති නික්‌සන්ගේ හා ජෙරල්a ෆෝර්ඩ්ගේ ඨෑRAකෘ RඹDධඛඡ්‍ය FධRD 1974 - 77 රජයන් යටතේ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති ලෙස ද පසුව ඔහුගේ ක්‍ෂA අධ්‍යක්‍ෂවරයා ලෙස ද සේවය කර ඇත. උක්‌ත සංක්‍ෂිප්ත කරුණුවලට අනුව ඇමෙරිකානු එක්‌සත් ජනපදයේ ක්‍රියාවලියන් පිළිබඳ වංකභාවය හොඳින් පැහැදිලිය. මෙවන් අති බිහිසුණු ගෝලීය ධන කුවේරයන්ගේ කූට උපක්‍රම හරහා ගෝලීය ජාතික රාජ්‍යයන්වල භූමියේ ඇති ස්‌වාභාවික සම්පත් ද ජනයාගේ ඇට, මස්‌, ලේ, නහර ද සමස්‌ත ජීවයේ රුධිරය බඳු ජල සම්පතද, ජාතික රාජ්‍යයන්හි ජාතියට, ආදරය කරන ගරු කරන නායකයන්ගේ ජීවිත බිලිගනුයේ ඉතාමත් බියකරු අයුරිනි. ලොව පුරා ජාතියට රටට, රටේ දරුවන්ට ආදරය කළ ජනහිතකාමී නායකයන් මරා දැමීම පිළිබඳ උදාහරණ කීපයක්‌ 1. 1961 දී කොංගෝවේ අගමැති ප්‍රැටිප් ලුමුම්බා මරා දැමීම. 2. 1962 දී ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම. 3. 1973 චිලි ජනාධිපති සැල්වදෝර් අයන්දේ මරා දැමීම. 4. 1975 නයිජීරියාවේ ජොසප් ගර්ක්‌ මරා දැමීම. 5. 1977 කොංගෝව ජනපති මේරියන් න්ගුවාම් මරා දැමීම 6. ලයිබිරියානු මුදල් ඇමැති මරා දැමීම. 7 1970 - 1980 දශකයේ මොසැම්බික්‌ ජනපති මරා දැමීම. 8 1979 - 1981 දශකයේදී ඉරානයේ අයතුල්ලා කුමේනි මරා දැමීමට තැත් කිරීම. 9 1981 දී සැම්බියානු ජනපති කෙනත් කවුන්ඩා මරා දැමීමට තැත් කිරීම. 10. 1960 සිට විශ්‍රාම යන තුරුම කියුබාවේ පිදෙල් ක්‍රැස්‌තෝ ජනපති මරා දැමීමට තැත් කිරීම. 11. ඉක්‌මදොරයේ ජනපති ජෙයිම් රොල්ඩෙප් මරා දැමීම. 12. 1981 ජුලි 31 වැනිදා පැනමා ජනපති ඕමාර් ටොරි ජොස්‌ මරා දැමීම. 13. 2002 ඇෆ්ගනිස්‌ථානය ආක්‍රමණය කිරීම. 14. ඉරාක ජනපති සදාම් හුසේන් මරා දැමීම. 15. නෙටෝ හමුදාව යොදා චෙකොස්‌ලොවැකියාව ආක්‍රමණය කිරීම 21 වැනි සියවසේදී ශ්‍රී ලංකාවේ සාම කටයුතු සඳහා නොයෙක්‌වර මෙහෙයුම් ක්‍රියාත්මක කරලීම, පසුගිය වසර කිහිපයේ මානුෂීය මෙහෙයුමට නොයෙක්‌ අතපෙවීම් කරලීම ද අමතරව අද වන විට ඉන් ඔබ්බට ද ගොස්‌ යුද අපරාධ, මානව හිමිකම්, එක්‌සත් ජාතීන්ගේ උපදේශන කමිටුව ආදී නොයෙක්‌ ක්‍රියාවලියන් ක්‍රියාත්මකය. රටවැසියන්ගේ යුතුකම වනුයේ පෘථිවි ගෝලය තුළ තම ආර්ථික අධිරාජ්‍යය පතුරුවාලීම සඳහා උතුරු ගෝලීය රාජ්‍යයන් ඉතා සියුම්ව ක්‍රියාත්මක කර ඇති නොයෙක්‌ විධ උපක්‍රම තේරුම් ගෙන තම රටත්, දූ දරුවන්ගේ අනාගතයත් බේරාගෙන යහපත් රටක්‌ ගොඩනැඟීම සඳහා එකමුතු වීමය. දේශප්‍රිය නානායක්‌කාර

දැනුම් ආර්ථිකය තුළින් තරුණ පරපුරේ අභියෝග ජයගැනීම! පෘථිවි මානුෂිය වාර්ගිකයන් අද්‍යතන සහශ්‍රකයට ප්‍රවිෂ්ඨ වූයේ සිය ජාතීන්ගේ ජීවන ක්‍රමයන්හි ප්‍රගතිය පිළිබඳ නම්‍ය විභවතාවන් සමූහයක්‌ පිළිබඳ අපේක්‌ෂා සහගතවය. සැබවින්ම අතිශය සංකීර්ණ අද්‍යතන සහශ්‍රකය අපේ/ඔබේ දූදරුවන්ගේ ජීවිත සුවදායී ලෙස ගත කිරීමට යොදාගන්නා සහශ්‍රකයයි. එම නිසා මේ සහශ්‍රකයේ ක්‍රියාකාරීත්වය වඩාත් නිවැරැදි මඟට ගෙන ක්‍රියාත්මක කරවීම සඳහා කැපවීම වත්මන් පරපුර මුහුණ දී සිටින ඉතාමත් භාරදූර, අතිශය සංකීර්ණ, යුතුකම හා වගකීමද වන්නේය. ජාතියේ අනාගත පරපුර වන දූ දරුවන්ටද, මුණුබුරු මිනිපිරියන්ටද කාලීනව මුත් ඉතා සංවේදීව හා තීරණාත්මකම බලපාන කරුණු ජාලයකි. එසේම ජෛව වෛද්‍ය විද්‍යාව, පරමාණු වෛද්‍ය විද්‍යාව, පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව වන හයිඩ්‍රජන් තාක්‌ෂණය, න්‍යෂ්ටික තාක්‌ෂණය, සාගරබල ශක්‌ති ප්‍රභව, සූර්ය බලශක්‌තිය, සුළං බල තාක්‌ෂණය, භූතා පෝෂණය, දෙමුහුන් ඉන්ධන, සූර්යතාපක චිමිනි, ජීව ඉන්ධන, බලශක්‌ති කාර්යක්‌ෂමතා තාක්‌ෂණය, නව්‍ය ක්‍රම භාවිත කරන කර්මාන්ත තාක්‌ෂණය, ජෛව විවිධත්වය, සංනිවේදනය නව්‍ය ද්‍රව්‍යය හා ස්‌වයංකරණය යන ක්‌ෂේත්‍රයන්හි අතිශය දැවැන්ත සංවර්ධනයක්‌ ඇති වෙමින් ඇත. එසේම ඊට සාපේක්‌ෂව ආදායම් බෙදීයැමේ අසමාන්‍යතාව, දුප්පත්කම, කුසගින්න නොයෙක්‌ විධ සම්පත් හායන හා ක්‌ෂය වීම, පොදු ජනයාගේ සෞඛ්‍යය තත්ත්වය පිරිහීම, ආහාර වට්‌ටෝරුවල ගුණාත්මකභාවය පිරිහීම, මෙන්ම අධ්‍යාපනික යටිතල පහසුකම්වල ඇති වී තිබෙන තිව්‍ර ඉල්ලුම, මෙන්ම නොයෙක්‌ විධ ස්‌වභාවික සම්පත් වෙත සෘජු හා වක්‍රව එල්ලවන පීඩනය, මෙන්ම විශේෂයෙන් ඕනෑම රටක වැදගත්ම සාධකය වන භූමි සම්පත පරිහරණයේදී සිදුවී ඇති දිගු කාලීSන වැරැදි, අයථා ක්‍රමවේදයන් මෙන්ම පාරිසරික තුල්‍යතාව පිළිබඳ ඇති වී තිබෙන අභියෝග ඉතාමත් තිව්‍ර සංකීර්ණ අවදානමකට පැමිණ තිබෙන බව ඉතා පැහැදිලිය. එම නිසාම තාක්‌ෂණික, පරිසරික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා විද්‍යාත්මක චින්තනය, ආකල්ප සංවර්ධනය මුල් ළමාවිය සංවර්ධනය, ගෝලීයකරණය, දේශීයත්වය, මෙන්ම තරුණ තරුණියන් සවිබල ගැන්වීම ආදී පොදු පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සුබසාධනය හා සමස්‌ත සංවර්ධනය දියුණු කරලීමට ඇති ගුණාත්මක ප්‍රවේශය ඇත්තේ දැනුම මත බව ඉතා පැහැදිලිය. අද්‍යතනව දැනුම නිදහස්‌ නොවන අතරම එය ස්‌වභාවිකව හෝ සහජයෙන්ම උපයාගත හැකි තත්ත්වයෙන්ද මිදී ඇත. දැනුම පුද්ගලිකව හෝ කණ්‌ඩායම් වශයෙන් සොයාගන්නා දෙයකි. දැනුම එක්‌ එක්‌ පුද්ගලයන් හෝ නොයෙක්‌ විධ පුද්ගල කණ්‌ඩායම්වල සාමුහිකත්වයේ ප්‍රතිඵලයකි. නැතහොත් නිර්මාණයකි. දැනුම උපදිනුයේ ඒ සඳහා ක්‍රමානුකූලව සූදානම් කළ මනසක්‌ තුළය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ දැනුම බිහි වනුයේ ඉහළ මට්‌ටමේ සහ අති උසස්‌ මට්‌ටමේ පර්යේෂණ හා පිරිවැය අධික ගවේෂණයන් මගිනි. එසේම දැනුම ග්‍රහණය (ඥනය) කරගැනීමට හෝ අවබෝධ කරගැනීමට හෝ භාවිත කිරීමට හැකිවන්නේ බොහෝ දැ පිළිබඳ අවබෝධය හා දැනුම ඇති තොරතුරු දන්නා පුද්ගලයන්ට පමණි. අද්‍යතන සහශ්‍රකයේදී පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම රදා පවතිනුයේ මානුෂීය වාර්ගිකයන් විසින් උත්පාදනය කරගන්නා වූ දැනුම මතය. එය අවසානයේදී අධ්‍යාපන කුසලතා, පෞද්ගලික කුසලතා, ස්‌වභාවික සම්පත්, තාක්‌ෂණික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර එකඟතා, රටට ලෝක මට්‌ටමේදී නායකත්වය දීමට ඇති හැකියාව හා පවතින සම්පත් වඩාත් ගුණාත්මකව පවත්වාගෙන ප්‍රයෝජනයට ගැනීම මත ර¹ පවතී. ඉහත විස්‌තර කළ සියලු විෂයන්ට හා ක්‌ෂේත්‍රයන්ට අදාළ කරුණු ඔස්‌සේ ලබා ගන්නා දැනුම, බෙදාහදාගන්නා දැනුම, සොයාගන්නා දැනුම, පරීක්‌ෂාකරන දැනුම, භාවිතකරන දැනුම මතම ර¹ පවතී. අවසානයේදී ඒ ඒ පුද්ගලයාගේ දැනුමට අනුව මේ සියල්ල ඵලදායීව තමන් ජීවත් වන සමාජයේ යහපත, වෙනුවෙන් අභ්‍යාස කළ හැකි වනු ඇත. සත්‍ය වශයෙන්ම දැනුම යනු දැනුම භාවිතය පිළිබඳ ඇති කුසලතාවයි. දැනුම උත්පාදනය කරන කේන්ද්‍රස්‌ථානය විශ්වවිද්‍යාල වන අතර විශ්වවිද්‍යාලවල ප්‍රධාන කාරණය වනුයේ දැනුම උත්පාදනය හා බෙදා හැරීමය. දැනුම ගවේෂණයට ලක්‌කිරීම, දැනුම පරිශීලනය කිරීම, දැනුම අභ්‍යාස කිරීම ආදී ක්‍රියා සම්බන්ධයෙන් සමස්‌ත විශ්වවිද්‍යාලයීය ජාලයට ඇත්තේ මහත් වූ වගකීමකි. ගවේෂණයේ ප්‍රධානතම ආයතනය වන්නාසේම මූලික පර්යේෂණ හා නව තාක්‌ෂණය වැනි ක්‌ෂේත්‍ර හේතුවෙන් විශ්වවිද්‍යාල ජාතික හා ගෝලීය ආර්ථික, සමාජීය, සංවර්ධනයේ අතිශය වැදගත්ම යාන්ත්‍රණයයි. එසේම ඕනෑම රටක සංස්‌කෘතික උරුමයන් මෙන්ම සාම්ප්‍රදායිකත්වය හා මුසුවුණු අලුත් අදහස්‌ද ආකල්පද සමාජගත කරනුයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ය. උක්‌ත සියලු ක්‌ෂේත්‍රයන්ට පිවිසෙන තරුණ තරුණියන්ට පූර්වාදර්ශ වනුයේද, උපදෙස්‌ සපයනුයේද ඔවුන්මය. තව දුරටත් ඔවුන් දැනුම හා දක්‌ෂතාවය පිළිබඳ බලය ලත් ක්‍රියාකාරීන්ය. අවසානයේදී මේ සියල්ල සමාජීය පරිවර්තනයක්‌ කෙරෙහි සෘජුවම බලපානු ලබයි. දැනුම් ආර්ථිකය (KNOWLEDGE ECONOMY)) පිළිබඳ මුලින්ම තම ග්‍රන්ථකරණයේදී අදහස්‌ දක්‌වා ඇත්තේ ඇමරිකානු ජාතික පිටර් ඩ්රූකර්ය දැනුම් ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්ලේෂකයන්ට අනුව එය දැනුම නිර්මාණය ව්‍යාප්ත කිරීම, හාවිතය හා වැඩිදියුණු කිරීම මගින් රටේ සංවර්ධනය ක්‍රියාවලිය වඩාත් ඉහළට නැංවීමයි. දැනුම මගින් නව වෙළෙඳපොළවල් විවෘත කර ගත හැකි අතරම එම වෙළෙඳපොළ ජාලය සඳහා අවශ්‍ය භාණ්‌ඩ හා සේවා නිපදවීම සඳහාද දැනුම භාවිත කළ හැකිය. සාර්ථක දැනුම ආර්ථිකයක්‌ විද්‍යාව හා තාක්‌ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර එම නිසාම ආර්ථික සංවර්ධනයේ තරගකාරීත්වයට නවොත්පාදක නිෂ්පාදන ක්‍රියාවලීන් හා සේවා අංශ හඳුන්වාදීමෙන් වඩාත් පහසුවෙන් ජයග්‍රහණ ලබා ගත හැකිය. ඕනෑම රටක්‌ ඒ සඳහා කළ යුතු ඉතාම වැදගත් රාජකාරිය වනුයේ ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමය. එබැවින් දැනුම් ආර්ථිකයක්‌ සඳහා කෙරෙන ආයෝජනයන් යනු රටකට යොමු විය හැකි වැදගත් වෙනස්‌කම් වෙත පාදක වන ක්‍රමෝපායන්ට ආයෝජනය කිරීමක්‌ ලෙස සැලකේ. ඒ අනුව මෙම ක්‌ෂේත්‍රයේ මුල් කාලයේදී අදහස්‌ කළ පරිදි දැනුම් ආර්ථිකය සංනිවේදන ක්‌ෂේත්‍ර සඳහා පමණක්‌ම යන මතය අද්‍යතනව බැහැරව ඇත. දැනුම් ආර්ථිකය නිර්මාණය වී ඇත්තේ කරුණු 04 ක්‌ මුල්කරගෙනය. 1. AN ECONOMIC AND INSTITUTIONAL REGIME නවොත්පාදක ක්‍රියාවලියක්‌ සහිත ව්‍යාපාරික පරිසරයක්‌ මෙන්ම දැනුම සංවර්ධනය වූ මානව සම්පත් සහිත යටිතල ව්‍යqහයන්. 2. AN EDUCATED AND SKILLED POPULATION දැනුම සංවර්ධන කරගත් හා කාර්යක්‌ෂම පලදායිතාව කටයුතු කළ හැකි මානව සම්පත්. 3. AN EFFICIENT INNOVATION SYSTEM දැනුම මගින් නිර්මාණය වූ පලදායි සංවර්ධන ඉසව් ක්‍රියාත්මක කළ හැකි උගත් කුසලතා පූර්ණ මානව සම්පත. 4. INFORMATION AND COMMUNICATION කඩිනමින් ව්‍යාප්ත වන ගෝලීය දැනුම ඒ ඒ රටවල සංවර්ධන ඉසව් සඳහා මෙන්ම තාක්‌ෂණික, කාර්මික, සමාජ දියුණුවට මෙන්ම නව දැනුම් ජාලයට මුසු කළ හැකි යටිතල පහසුකම්. පසුගිය දශක ත්‍රිත්වයක කාලය සිසාරාම සංවර්ධිත රටවල ආර්ථික වර්ධනයේ කැපී පෙනෙන ලක්‌ෂණය වූයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් හා විශ්වවිද්‍යාල පර්යේෂකයන් සම්බන්ධයෙන් වැඩි වන ඉල්ලුමයි. එම තත්ත්වයෙන් පැහැදිලි වනුයේ ඉහළ ආර්ථික වර්ධනයක්‌ ඇති රටවල් දැනුම් ආර්ථිකයක්‌ වෙත යොමු වන වේගවත් බවය. විධිමත් අධ්‍යාපනය, යාවජීව ඉගෙනුම හා මූලික පර්යේෂණ යන කාරණා එම නව ආර්ථිකයන්හි ප්‍රගතියේ කේන්ද්‍රීය කාරණාවයි. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය යන සාම්ප්‍රදායික පදනම මත ගොඩනැඟුණු නිෂ්පාදන ජාලයන්, අද්‍යතනව දැනුම් ආර්ථිකයේ නව මාවතට හැරවීම සඳහා ඊට අවශ්‍ය විද්‍යාර්ථීන්ගේ අවශ්‍යතාව ගෝලය සිසාරා ඇති සියලුම රාජ්‍යයන්ට හොඳින්ම වැටහී ඇත. ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන රටවල දැනුම හා සම්පත් අතර පැවැති සමබරතාව වෙනස්‌ වන තත්ත්වයක්‌ හොඳින්ම දක්‌නට ඇත. අද්‍යතනව දැනුම ජීවන තත්ත්වයන් තීරණය කරන්නාවූ වඩාත්ම තීව්‍ර සාධකය වී ඇත. තාක්‌ෂණය අතින් ඉහළ තලයකට පැමිණි බොහෝ රටවල ආර්ථික ශක්‌තියේ ප්‍රධාන න්‍යෂ්ටිය වී ඇත්තේ දැනුමය. ගෝලයේ ඕනෑම රටක්‌ දැනුම් ආර්ථිකයක්‌ වෙත කෙතරම් දුරට නැඹුරු වී ඇත්දැයි පිරික්‌සීම සඳහා නොයෙකුත් දර්ශක අද්‍යතනව ගෝලය සිසාරා ආර්ථික විශේෂඥයන් විසින් භාවිත කරනු ලබයි. එහි ප්‍රධානතම දර්ශකය වනුයේ දැනුම් ආර්ථික දර්ශකය (KNOWLEDGE ECONOMY INDEX) ය. තව දුරටත් දැනුම් ආර්ථික දර්ශකය (KEI) ආර්ථික දර්ශකය (EI) දැනුම් දර්ශකය (KI) හා දැනුම් ඇගයීම සඳහා ක්‍රම උපායන් (K.M.S) යන දර්ශක භාවිතකරනු ලබයි. ශ්‍රී ලංකාව 1995 සිට අද්‍යතනය දක්‌වා දැනුම් ආර්ථික සංවර්ධන ක්‌ෂේත්‍රයෙන් ලබා ඇති දියුණුව මලයාසියාව, ද.කොරියාව, සිංගප්පූරුව, තායිවානය, චීනය සහ කෙන්යාව යන රටවලට සාපේක්‌ෂව ඉතා දුර්වලය. මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව එළියට ගැනීමට සත්‍ය වශයෙන් අවංකවම කටයුතු කරන්නේ නම් කළ යුත්තේ දැනුම් යෙදවුම් (KNOWLEDGE INPUT) සඳහා නොපැකිලිව ඊට අවශ්‍ය ආයෝජනයන් කඩිනමින් සිදුකිරීමය. වත්මන් පරපුර විසින් අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු ඉතාම වැදගත් රාජකාරිය එයම වන්නේය. මක්‌නිසාද යත් 2006 දැනුම ආර්ථික දර්ශකයේද ශ්‍රී ලංකාව ඉතා පහළ මට්‌ටමක්‌ නියෝජනය කරන අතර 2008-2009 වසරවල දර්ශකවලද ශ්‍රී ලංකාව නියෝජනය කරනුයේ 88 වැනි ස්‌ථානය වන හෙයිනි. දැනුම් ආර්ථිකයක්‌ වෙත ශ්‍රී ලංකාව යොමු කිරීමට නම් ඊට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා කඩිනමින් ආයෝජනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපනික ක්‍රියාවලිය විවාදාත්මක තත්ත්වයට පත් වී ඇතත් ප්‍රාථමික හා ද්විතීයික මට්‌ටමේ අගයන් ගෝලීය සාමාන්‍ය අගයටත් වඩා ඉහළය. එම නිසා විශ්වවිද්‍යාලයීය දැනුම ආර්ථික බුද්ධිය ලබා ගැනීම සඳහා සුදුසු ආකාරයට සංවර්ධනය කළ යුතු අතරම වෘත්තීය පුහුණු පාඨමාලාවල විෂය අන්තර්ගතයද ගෝලීය හා තාක්‌ෂණික, කාර්මික, බලශක්‌ති ක්‍රම වෙළෙඳපොළට අවශ්‍ය ආකාරයට ප්‍රතිව්‍යqහගත කළ යුතුය. පෘථිවි චිපිට ගෝලීය දැනුම ආර්ථිකයේ කොටස්‌ කරුවන් වීමට නම් ගෝලය පිළිබඳ දැනුම ඇති පුද්ගලයන් එම විෂයන් භාර අමාත්‍යධුර දැරීමද අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නැතහොත් විශ්වවිද්‍යාලවලින් නිර්මාණය වන විද්‍යාර්ථීන් තවදුරටත් අතරමං වන අතරම ඔවුනට ගෝලීය රැකියා වෙළෙඳ පොළේ හෝ දේශීය රැකියා වෙළෙඳපොළේ හෝ රැකියාවක්‌ ලබාගැනීම ජීවිත පරදුවට තබන උත්සාහයක්‌ වනු ඇත. එසේම වාර්ෂිකව උසස්‌ පෙළ සමත් වී හා අසමත් වන තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේදී තවදුරටත් පෙදරේරු හා විදුලි කාර්මික ආදී ක්‌ෂේත්‍රවලට පමණක්‌ යොමු නොවී එම ආයතනවල විෂය පාඨමාලා ආකෘතිය ප්‍රතිසංස්‌කරණය කළ යුතුය. ඒ සඳහා පූනර්ජනනීය බලශක්‌ති ප්‍රභවවලට අදාළ විෂය ක්‌ෂේත්‍රයන්ට මෙන්ම මීට ඉහත විස්‌තර කර ඇති විෂය ක්‌ෂේත්‍රයන්ට අදාළව එම කටයුතු ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොකරන තාක්‌ කල් රටක පරම සම්පත වන (ULTIMATE RESOURCE) මිනිසා තවදුරටත් අතරමං වනු ඇත්තේ කල් ඉකුත් වූ තාක්‌ෂණික පාඨමාලා හා වෘත්තීය පුහුණු සහතික මෙන්ම උසස්‌ අධ්‍යාපනික සුදුසුකම් දෝතින් දරාගෙනය. ඉගෙනීම අප්‍රිය කිරීම ජීවත්වීම අප්‍රිය කිරීමකි. අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නා බොහෝ සිසුසිසුවියන් චෝදනා නඟනුයේ ඔවුන් ඉගෙන ගත් පාසල්වලට හා ගුරු ප්‍රජාවටය. නමුත් සත්‍ය වශයෙන්ම ඊට වගකිවයුත්තේ අනාගතය පිළිබඳ ගෝලීය දැක්‌මක්‌ නැති හා වර්තමානය පිළිබඳ කියවීමක්‌ නැති බාල දේශපාලඥනයන්ය. දේශප්‍රිය නානායක්‌කාර

දැනුම් ආර්ථිකය තුළින් තරුණ පරපුරේ අභියෝග ජයගැනීම! පෘථිවි මානුෂිය වාර්ගිකයන් අද්‍යතන සහශ්‍රකයට ප්‍රවිෂ්ඨ වූයේ සිය ජාතීන්ගේ ජීවන ක්‍රමයන්හි ප්‍රගතිය පිළිබඳ නම්‍ය විභවතාවන් සමූහයක්‌ පිළිබඳ අපේක්‌ෂා සහගතවය. සැබවින්ම අතිශය සංකීර්ණ අද්‍යතන සහශ්‍රකය අපේ/ඔබේ දූදරුවන්ගේ ජීවිත සුවදායී ලෙස ගත කිරීමට යොදාගන්නා සහශ්‍රකයයි. එම නිසා මේ සහශ්‍රකයේ ක්‍රියාකාරීත්වය වඩාත් නිවැරැදි මඟට ගෙන ක්‍රියාත්මක කරවීම සඳහා කැපවීම වත්මන් පරපුර මුහුණ දී සිටින ඉතාමත් භාරදූර, අතිශය සංකීර්ණ, යුතුකම හා වගකීමද වන්නේය. ජාතියේ අනාගත පරපුර වන දූ දරුවන්ටද, මුණුබුරු මිනිපිරියන්ටද කාලීනව මුත් ඉතා සංවේදීව හා තීරණාත්මකම බලපාන කරුණු ජාලයකි. එසේම ජෛව වෛද්‍ය විද්‍යාව, පරමාණු වෛද්‍ය විද්‍යාව, පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව වන හයිඩ්‍රජන් තාක්‌ෂණය, න්‍යෂ්ටික තාක්‌ෂණය, සාගරබල ශක්‌ති ප්‍රභව, සූර්ය බලශක්‌තිය, සුළං බල තාක්‌ෂණය, භූතා පෝෂණය, දෙමුහුන් ඉන්ධන, සූර්යතාපක චිමිනි, ජීව ඉන්ධන, බලශක්‌ති කාර්යක්‌ෂමතා තාක්‌ෂණය, නව්‍ය ක්‍රම භාවිත කරන කර්මාන්ත තාක්‌ෂණය, ජෛව විවිධත්වය, සංනිවේදනය නව්‍ය ද්‍රව්‍යය හා ස්‌වයංකරණය යන ක්‌ෂේත්‍රයන්හි අතිශය දැවැන්ත සංවර්ධනයක්‌ ඇති වෙමින් ඇත. එසේම ඊට සාපේක්‌ෂව ආදායම් බෙදීයැමේ අසමාන්‍යතාව, දුප්පත්කම, කුසගින්න නොයෙක්‌ විධ සම්පත් හායන හා ක්‌ෂය වීම, පොදු ජනයාගේ සෞඛ්‍යය තත්ත්වය පිරිහීම, ආහාර වට්‌ටෝරුවල ගුණාත්මකභාවය පිරිහීම, මෙන්ම අධ්‍යාපනික යටිතල පහසුකම්වල ඇති වී තිබෙන තිව්‍ර ඉල්ලුම, මෙන්ම නොයෙක්‌ විධ ස්‌වභාවික සම්පත් වෙත සෘජු හා වක්‍රව එල්ලවන පීඩනය, මෙන්ම විශේෂයෙන් ඕනෑම රටක වැදගත්ම සාධකය වන භූමි සම්පත පරිහරණයේදී සිදුවී ඇති දිගු කාලීSන වැරැදි, අයථා ක්‍රමවේදයන් මෙන්ම පාරිසරික තුල්‍යතාව පිළිබඳ ඇති වී තිබෙන අභියෝග ඉතාමත් තිව්‍ර සංකීර්ණ අවදානමකට පැමිණ තිබෙන බව ඉතා පැහැදිලිය. එම නිසාම තාක්‌ෂණික, පරිසරික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා විද්‍යාත්මක චින්තනය, ආකල්ප සංවර්ධනය මුල් ළමාවිය සංවර්ධනය, ගෝලීයකරණය, දේශීයත්වය, මෙන්ම තරුණ තරුණියන් සවිබල ගැන්වීම ආදී පොදු පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සුබසාධනය හා සමස්‌ත සංවර්ධනය දියුණු කරලීමට ඇති ගුණාත්මක ප්‍රවේශය ඇත්තේ දැනුම මත බව ඉතා පැහැදිලිය. අද්‍යතනව දැනුම නිදහස්‌ නොවන අතරම එය ස්‌වභාවිකව හෝ සහජයෙන්ම උපයාගත හැකි තත්ත්වයෙන්ද මිදී ඇත. දැනුම පුද්ගලිකව හෝ කණ්‌ඩායම් වශයෙන් සොයාගන්නා දෙයකි. දැනුම එක්‌ එක්‌ පුද්ගලයන් හෝ නොයෙක්‌ විධ පුද්ගල කණ්‌ඩායම්වල සාමුහිකත්වයේ ප්‍රතිඵලයකි. නැතහොත් නිර්මාණයකි. දැනුම උපදිනුයේ ඒ සඳහා ක්‍රමානුකූලව සූදානම් කළ මනසක්‌ තුළය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ දැනුම බිහි වනුයේ ඉහළ මට්‌ටමේ සහ අති උසස්‌ මට්‌ටමේ පර්යේෂණ හා පිරිවැය අධික ගවේෂණයන් මගිනි. එසේම දැනුම ග්‍රහණය (ඥනය) කරගැනීමට හෝ අවබෝධ කරගැනීමට හෝ භාවිත කිරීමට හැකිවන්නේ බොහෝ දැ පිළිබඳ අවබෝධය හා දැනුම ඇති තොරතුරු දන්නා පුද්ගලයන්ට පමණි. අද්‍යතන සහශ්‍රකයේදී පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම රදා පවතිනුයේ මානුෂීය වාර්ගිකයන් විසින් උත්පාදනය කරගන්නා වූ දැනුම මතය. එය අවසානයේදී අධ්‍යාපන කුසලතා, පෞද්ගලික කුසලතා, ස්‌වභාවික සම්පත්, තාක්‌ෂණික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර එකඟතා, රටට ලෝක මට්‌ටමේදී නායකත්වය දීමට ඇති හැකියාව හා පවතින සම්පත් වඩාත් ගුණාත්මකව පවත්වාගෙන ප්‍රයෝජනයට ගැනීම මත ර¹ පවතී. ඉහත විස්‌තර කළ සියලු විෂයන්ට හා ක්‌ෂේත්‍රයන්ට අදාළ කරුණු ඔස්‌සේ ලබා ගන්නා දැනුම, බෙදාහදාගන්නා දැනුම, සොයාගන්නා දැනුම, පරීක්‌ෂාකරන දැනුම, භාවිතකරන දැනුම මතම ර¹ පවතී. අවසානයේදී ඒ ඒ පුද්ගලයාගේ දැනුමට අනුව මේ සියල්ල ඵලදායීව තමන් ජීවත් වන සමාජයේ යහපත, වෙනුවෙන් අභ්‍යාස කළ හැකි වනු ඇත. සත්‍ය වශයෙන්ම දැනුම යනු දැනුම භාවිතය පිළිබඳ ඇති කුසලතාවයි. දැනුම උත්පාදනය කරන කේන්ද්‍රස්‌ථානය විශ්වවිද්‍යාල වන අතර විශ්වවිද්‍යාලවල ප්‍රධාන කාරණය වනුයේ දැනුම උත්පාදනය හා බෙදා හැරීමය. දැනුම ගවේෂණයට ලක්‌කිරීම, දැනුම පරිශීලනය කිරීම, දැනුම අභ්‍යාස කිරීම ආදී ක්‍රියා සම්බන්ධයෙන් සමස්‌ත විශ්වවිද්‍යාලයීය ජාලයට ඇත්තේ මහත් වූ වගකීමකි. ගවේෂණයේ ප්‍රධානතම ආයතනය වන්නාසේම මූලික පර්යේෂණ හා නව තාක්‌ෂණය වැනි ක්‌ෂේත්‍ර හේතුවෙන් විශ්වවිද්‍යාල ජාතික හා ගෝලීය ආර්ථික, සමාජීය, සංවර්ධනයේ අතිශය වැදගත්ම යාන්ත්‍රණයයි. එසේම ඕනෑම රටක සංස්‌කෘතික උරුමයන් මෙන්ම සාම්ප්‍රදායිකත්වය හා මුසුවුණු අලුත් අදහස්‌ද ආකල්පද සමාජගත කරනුයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ය. උක්‌ත සියලු ක්‌ෂේත්‍රයන්ට පිවිසෙන තරුණ තරුණියන්ට පූර්වාදර්ශ වනුයේද, උපදෙස්‌ සපයනුයේද ඔවුන්මය. තව දුරටත් ඔවුන් දැනුම හා දක්‌ෂතාවය පිළිබඳ බලය ලත් ක්‍රියාකාරීන්ය. අවසානයේදී මේ සියල්ල සමාජීය පරිවර්තනයක්‌ කෙරෙහි සෘජුවම බලපානු ලබයි. දැනුම් ආර්ථිකය (KNOWLEDGE ECONOMY)) පිළිබඳ මුලින්ම තම ග්‍රන්ථකරණයේදී අදහස්‌ දක්‌වා ඇත්තේ ඇමරිකානු ජාතික පිටර් ඩ්රූකර්ය දැනුම් ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්ලේෂකයන්ට අනුව එය දැනුම නිර්මාණය ව්‍යාප්ත කිරීම, හාවිතය හා වැඩිදියුණු කිරීම මගින් රටේ සංවර්ධනය ක්‍රියාවලිය වඩාත් ඉහළට නැංවීමයි. දැනුම මගින් නව වෙළෙඳපොළවල් විවෘත කර ගත හැකි අතරම එම වෙළෙඳපොළ ජාලය සඳහා අවශ්‍ය භාණ්‌ඩ හා සේවා නිපදවීම සඳහාද දැනුම භාවිත කළ හැකිය. සාර්ථක දැනුම ආර්ථිකයක්‌ විද්‍යාව හා තාක්‌ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර එම නිසාම ආර්ථික සංවර්ධනයේ තරගකාරීත්වයට නවොත්පාදක නිෂ්පාදන ක්‍රියාවලීන් හා සේවා අංශ හඳුන්වාදීමෙන් වඩාත් පහසුවෙන් ජයග්‍රහණ ලබා ගත හැකිය. ඕනෑම රටක්‌ ඒ සඳහා කළ යුතු ඉතාම වැදගත් රාජකාරිය වනුයේ ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමය. එබැවින් දැනුම් ආර්ථිකයක්‌ සඳහා කෙරෙන ආයෝජනයන් යනු රටකට යොමු විය හැකි වැදගත් වෙනස්‌කම් වෙත පාදක වන ක්‍රමෝපායන්ට ආයෝජනය කිරීමක්‌ ලෙස සැලකේ. ඒ අනුව මෙම ක්‌ෂේත්‍රයේ මුල් කාලයේදී අදහස්‌ කළ පරිදි දැනුම් ආර්ථිකය සංනිවේදන ක්‌ෂේත්‍ර සඳහා පමණක්‌ම යන මතය අද්‍යතනව බැහැරව ඇත. දැනුම් ආර්ථිකය නිර්මාණය වී ඇත්තේ කරුණු 04 ක්‌ මුල්කරගෙනය. 1. AN ECONOMIC AND INSTITUTIONAL REGIME නවොත්පාදක ක්‍රියාවලියක්‌ සහිත ව්‍යාපාරික පරිසරයක්‌ මෙන්ම දැනුම සංවර්ධනය වූ මානව සම්පත් සහිත යටිතල ව්‍යqහයන්. 2. AN EDUCATED AND SKILLED POPULATION දැනුම සංවර්ධන කරගත් හා කාර්යක්‌ෂම පලදායිතාව කටයුතු කළ හැකි මානව සම්පත්. 3. AN EFFICIENT INNOVATION SYSTEM දැනුම මගින් නිර්මාණය වූ පලදායි සංවර්ධන ඉසව් ක්‍රියාත්මක කළ හැකි උගත් කුසලතා පූර්ණ මානව සම්පත. 4. INFORMATION AND COMMUNICATION කඩිනමින් ව්‍යාප්ත වන ගෝලීය දැනුම ඒ ඒ රටවල සංවර්ධන ඉසව් සඳහා මෙන්ම තාක්‌ෂණික, කාර්මික, සමාජ දියුණුවට මෙන්ම නව දැනුම් ජාලයට මුසු කළ හැකි යටිතල පහසුකම්. පසුගිය දශක ත්‍රිත්වයක කාලය සිසාරාම සංවර්ධිත රටවල ආර්ථික වර්ධනයේ කැපී පෙනෙන ලක්‌ෂණය වූයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් හා විශ්වවිද්‍යාල පර්යේෂකයන් සම්බන්ධයෙන් වැඩි වන ඉල්ලුමයි. එම තත්ත්වයෙන් පැහැදිලි වනුයේ ඉහළ ආර්ථික වර්ධනයක්‌ ඇති රටවල් දැනුම් ආර්ථිකයක්‌ වෙත යොමු වන වේගවත් බවය. විධිමත් අධ්‍යාපනය, යාවජීව ඉගෙනුම හා මූලික පර්යේෂණ යන කාරණා එම නව ආර්ථිකයන්හි ප්‍රගතියේ කේන්ද්‍රීය කාරණාවයි. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය යන සාම්ප්‍රදායික පදනම මත ගොඩනැඟුණු නිෂ්පාදන ජාලයන්, අද්‍යතනව දැනුම් ආර්ථිකයේ නව මාවතට හැරවීම සඳහා ඊට අවශ්‍ය විද්‍යාර්ථීන්ගේ අවශ්‍යතාව ගෝලය සිසාරා ඇති සියලුම රාජ්‍යයන්ට හොඳින්ම වැටහී ඇත. ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන රටවල දැනුම හා සම්පත් අතර පැවැති සමබරතාව වෙනස්‌ වන තත්ත්වයක්‌ හොඳින්ම දක්‌නට ඇත. අද්‍යතනව දැනුම ජීවන තත්ත්වයන් තීරණය කරන්නාවූ වඩාත්ම තීව්‍ර සාධකය වී ඇත. තාක්‌ෂණය අතින් ඉහළ තලයකට පැමිණි බොහෝ රටවල ආර්ථික ශක්‌තියේ ප්‍රධාන න්‍යෂ්ටිය වී ඇත්තේ දැනුමය. ගෝලයේ ඕනෑම රටක්‌ දැනුම් ආර්ථිකයක්‌ වෙත කෙතරම් දුරට නැඹුරු වී ඇත්දැයි පිරික්‌සීම සඳහා නොයෙකුත් දර්ශක අද්‍යතනව ගෝලය සිසාරා ආර්ථික විශේෂඥයන් විසින් භාවිත කරනු ලබයි. එහි ප්‍රධානතම දර්ශකය වනුයේ දැනුම් ආර්ථික දර්ශකය (KNOWLEDGE ECONOMY INDEX) ය. තව දුරටත් දැනුම් ආර්ථික දර්ශකය (KEI) ආර්ථික දර්ශකය (EI) දැනුම් දර්ශකය (KI) හා දැනුම් ඇගයීම සඳහා ක්‍රම උපායන් (K.M.S) යන දර්ශක භාවිතකරනු ලබයි. ශ්‍රී ලංකාව 1995 සිට අද්‍යතනය දක්‌වා දැනුම් ආර්ථික සංවර්ධන ක්‌ෂේත්‍රයෙන් ලබා ඇති දියුණුව මලයාසියාව, ද.කොරියාව, සිංගප්පූරුව, තායිවානය, චීනය සහ කෙන්යාව යන රටවලට සාපේක්‌ෂව ඉතා දුර්වලය. මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව එළියට ගැනීමට සත්‍ය වශයෙන් අවංකවම කටයුතු කරන්නේ නම් කළ යුත්තේ දැනුම් යෙදවුම් (KNOWLEDGE INPUT) සඳහා නොපැකිලිව ඊට අවශ්‍ය ආයෝජනයන් කඩිනමින් සිදුකිරීමය. වත්මන් පරපුර විසින් අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු ඉතාම වැදගත් රාජකාරිය එයම වන්නේය. මක්‌නිසාද යත් 2006 දැනුම ආර්ථික දර්ශකයේද ශ්‍රී ලංකාව ඉතා පහළ මට්‌ටමක්‌ නියෝජනය කරන අතර 2008-2009 වසරවල දර්ශකවලද ශ්‍රී ලංකාව නියෝජනය කරනුයේ 88 වැනි ස්‌ථානය වන හෙයිනි. දැනුම් ආර්ථිකයක්‌ වෙත ශ්‍රී ලංකාව යොමු කිරීමට නම් ඊට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා කඩිනමින් ආයෝජනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපනික ක්‍රියාවලිය විවාදාත්මක තත්ත්වයට පත් වී ඇතත් ප්‍රාථමික හා ද්විතීයික මට්‌ටමේ අගයන් ගෝලීය සාමාන්‍ය අගයටත් වඩා ඉහළය. එම නිසා විශ්වවිද්‍යාලයීය දැනුම ආර්ථික බුද්ධිය ලබා ගැනීම සඳහා සුදුසු ආකාරයට සංවර්ධනය කළ යුතු අතරම වෘත්තීය පුහුණු පාඨමාලාවල විෂය අන්තර්ගතයද ගෝලීය හා තාක්‌ෂණික, කාර්මික, බලශක්‌ති ක්‍රම වෙළෙඳපොළට අවශ්‍ය ආකාරයට ප්‍රතිව්‍යqහගත කළ යුතුය. පෘථිවි චිපිට ගෝලීය දැනුම ආර්ථිකයේ කොටස්‌ කරුවන් වීමට නම් ගෝලය පිළිබඳ දැනුම ඇති පුද්ගලයන් එම විෂයන් භාර අමාත්‍යධුර දැරීමද අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නැතහොත් විශ්වවිද්‍යාලවලින් නිර්මාණය වන විද්‍යාර්ථීන් තවදුරටත් අතරමං වන අතරම ඔවුනට ගෝලීය රැකියා වෙළෙඳ පොළේ හෝ දේශීය රැකියා වෙළෙඳපොළේ හෝ රැකියාවක්‌ ලබාගැනීම ජීවිත පරදුවට තබන උත්සාහයක්‌ වනු ඇත. එසේම වාර්ෂිකව උසස්‌ පෙළ සමත් වී හා අසමත් වන තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේදී තවදුරටත් පෙදරේරු හා විදුලි කාර්මික ආදී ක්‌ෂේත්‍රවලට පමණක්‌ යොමු නොවී එම ආයතනවල විෂය පාඨමාලා ආකෘතිය ප්‍රතිසංස්‌කරණය කළ යුතුය. ඒ සඳහා පූනර්ජනනීය බලශක්‌ති ප්‍රභවවලට අදාළ විෂය ක්‌ෂේත්‍රයන්ට මෙන්ම මීට ඉහත විස්‌තර කර ඇති විෂය ක්‌ෂේත්‍රයන්ට අදාළව එම කටයුතු ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොකරන තාක්‌ කල් රටක පරම සම්පත වන (ULTIMATE RESOURCE) මිනිසා තවදුරටත් අතරමං වනු ඇත්තේ කල් ඉකුත් වූ තාක්‌ෂණික පාඨමාලා හා වෘත්තීය පුහුණු සහතික මෙන්ම උසස්‌ අධ්‍යාපනික සුදුසුකම් දෝතින් දරාගෙනය. ඉගෙනීම අප්‍රිය කිරීම ජීවත්වීම අප්‍රිය කිරීමකි. අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නා බොහෝ සිසුසිසුවියන් චෝදනා නඟනුයේ ඔවුන් ඉගෙන ගත් පාසල්වලට හා ගුරු ප්‍රජාවටය. නමුත් සත්‍ය වශයෙන්ම ඊට වගකිවයුත්තේ අනාගතය පිළිබඳ ගෝලීය දැක්‌මක්‌ නැති හා වර්තමානය පිළිබඳ කියවීමක්‌ නැති බාල දේශපාලඥනයන්ය. දේශප්‍රිය නානායක්‌කාර පෘථිවි මානුෂිය වාර්ගිකයන් අද්‍යතන සහශ්‍රකයට ප්‍රවිෂ්ඨ වූයේ සිය ජාතීන්ගේ ජීවන ක්‍රමයන්හි ප්‍රගතිය පිළිබඳ නම්‍ය විභවතාවන් සමූහයක්‌ පිළිබඳ අපේක්‌ෂා සහගතවය. සැබවින්ම අතිශය සංකීර්ණ අද්‍යතන සහශ්‍රකය අපේ/ඔබේ දූදරුවන්ගේ ජීවිත සුවදායී ලෙස ගත කිරීමට යොදාගන්නා සහශ්‍රකයයි. එම නිසා මේ සහශ්‍රකයේ ක්‍රියාකාරීත්වය වඩාත් නිවැරැදි මඟට ගෙන ක්‍රියාත්මක කරවීම සඳහා කැපවීම වත්මන් පරපුර මුහුණ දී සිටින ඉතාමත් භාරදූර, අතිශය සංකීර්ණ, යුතුකම හා වගකීමද වන්නේය. ජාතියේ අනාගත පරපුර වන දූ දරුවන්ටද, මුණුබුරු මිනිපිරියන්ටද කාලීනව මුත් ඉතා සංවේදීව හා තීරණාත්මකම බලපාන කරුණු ජාලයකි. එසේම ජෛව වෛද්‍ය විද්‍යාව, පරමාණු වෛද්‍ය විද්‍යාව, පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව වන හයිඩ්‍රජන් තාක්‌ෂණය, න්‍යෂ්ටික තාක්‌ෂණය, සාගරබල ශක්‌ති ප්‍රභව, සූර්ය බලශක්‌තිය, සුළං බල තාක්‌ෂණය, භූතා පෝෂණය, දෙමුහුන් ඉන්ධන, සූර්යතාපක චිමිනි, ජීව ඉන්ධන, බලශක්‌ති කාර්යක්‌ෂමතා තාක්‌ෂණය, නව්‍ය ක්‍රම භාවිත කරන කර්මාන්ත තාක්‌ෂණය, ජෛව විවිධත්වය, සංනිවේදනය නව්‍ය ද්‍රව්‍යය හා ස්‌වයංකරණය යන ක්‌ෂේත්‍රයන්හි අතිශය දැවැන්ත සංවර්ධනයක්‌ ඇති වෙමින් ඇත. එසේම ඊට සාපේක්‌ෂව ආදායම් බෙදීයැමේ අසමාන්‍යතාව, දුප්පත්කම, කුසගින්න නොයෙක්‌ විධ සම්පත් හායන හා ක්‌ෂය වීම, පොදු ජනයාගේ සෞඛ්‍යය තත්ත්වය පිරිහීම, ආහාර වට්‌ටෝරුවල ගුණාත්මකභාවය පිරිහීම, මෙන්ම අධ්‍යාපනික යටිතල පහසුකම්වල ඇති වී තිබෙන තිව්‍ර ඉල්ලුම, මෙන්ම නොයෙක්‌ විධ ස්‌වභාවික සම්පත් වෙත සෘජු හා වක්‍රව එල්ලවන පීඩනය, මෙන්ම විශේෂයෙන් ඕනෑම රටක වැදගත්ම සාධකය වන භූමි සම්පත පරිහරණයේදී සිදුවී ඇති දිගු කාලීSන වැරැදි, අයථා ක්‍රමවේදයන් මෙන්ම පාරිසරික තුල්‍යතාව පිළිබඳ ඇති වී තිබෙන අභියෝග ඉතාමත් තිව්‍ර සංකීර්ණ අවදානමකට පැමිණ තිබෙන බව ඉතා පැහැදිලිය. එම නිසාම තාක්‌ෂණික, පරිසරික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා විද්‍යාත්මක චින්තනය, ආකල්ප සංවර්ධනය මුල් ළමාවිය සංවර්ධනය, ගෝලීයකරණය, දේශීයත්වය, මෙන්ම තරුණ තරුණියන් සවිබල ගැන්වීම ආදී පොදු පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සුබසාධනය හා සමස්‌ත සංවර්ධනය දියුණු කරලීමට ඇති ගුණාත්මක ප්‍රවේශය ඇත්තේ දැනුම මත බව ඉතා පැහැදිලිය. අද්‍යතනව දැනුම නිදහස්‌ නොවන අතරම එය ස්‌වභාවිකව හෝ සහජයෙන්ම උපයාගත හැකි තත්ත්වයෙන්ද මිදී ඇත. දැනුම පුද්ගලිකව හෝ කණ්‌ඩායම් වශයෙන් සොයාගන්නා දෙයකි. දැනුම එක්‌ එක්‌ පුද්ගලයන් හෝ නොයෙක්‌ විධ පුද්ගල කණ්‌ඩායම්වල සාමුහිකත්වයේ ප්‍රතිඵලයකි. නැතහොත් නිර්මාණයකි. දැනුම උපදිනුයේ ඒ සඳහා ක්‍රමානුකූලව සූදානම් කළ මනසක්‌ තුළය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ දැනුම බිහි වනුයේ ඉහළ මට්‌ටමේ සහ අති උසස්‌ මට්‌ටමේ පර්යේෂණ හා පිරිවැය අධික ගවේෂණයන් මගිනි. එසේම දැනුම ග්‍රහණය (ඥනය) කරගැනීමට හෝ අවබෝධ කරගැනීමට හෝ භාවිත කිරීමට හැකිවන්නේ බොහෝ දැ පිළිබඳ අවබෝධය හා දැනුම ඇති තොරතුරු දන්නා පුද්ගලයන්ට පමණි. අද්‍යතන සහශ්‍රකයේදී පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම රදා පවතිනුයේ මානුෂීය වාර්ගිකයන් විසින් උත්පාදනය කරගන්නා වූ දැනුම මතය. එය අවසානයේදී අධ්‍යාපන කුසලතා, පෞද්ගලික කුසලතා, ස්‌වභාවික සම්පත්, තාක්‌ෂණික ප්‍රතිපත්ති, ජාත්‍යන්තර එකඟතා, රටට ලෝක මට්‌ටමේදී නායකත්වය දීමට ඇති හැකියාව හා පවතින සම්පත් වඩාත් ගුණාත්මකව පවත්වාගෙන ප්‍රයෝජනයට ගැනීම මත ර¹ පවතී. ඉහත විස්‌තර කළ සියලු විෂයන්ට හා ක්‌ෂේත්‍රයන්ට අදාළ කරුණු ඔස්‌සේ ලබා ගන්නා දැනුම, බෙදාහදාගන්නා දැනුම, සොයාගන්නා දැනුම, පරීක්‌ෂාකරන දැනුම, භාවිතකරන දැනුම මතම ර¹ පවතී. අවසානයේදී ඒ ඒ පුද්ගලයාගේ දැනුමට අනුව මේ සියල්ල ඵලදායීව තමන් ජීවත් වන සමාජයේ යහපත, වෙනුවෙන් අභ්‍යාස කළ හැකි වනු ඇත. සත්‍ය වශයෙන්ම දැනුම යනු දැනුම භාවිතය පිළිබඳ ඇති කුසලතාවයි. දැනුම උත්පාදනය කරන කේන්ද්‍රස්‌ථානය විශ්වවිද්‍යාල වන අතර විශ්වවිද්‍යාලවල ප්‍රධාන කාරණය වනුයේ දැනුම උත්පාදනය හා බෙදා හැරීමය. දැනුම ගවේෂණයට ලක්‌කිරීම, දැනුම පරිශීලනය කිරීම, දැනුම අභ්‍යාස කිරීම ආදී ක්‍රියා සම්බන්ධයෙන් සමස්‌ත විශ්වවිද්‍යාලයීය ජාලයට ඇත්තේ මහත් වූ වගකීමකි. ගවේෂණයේ ප්‍රධානතම ආයතනය වන්නාසේම මූලික පර්යේෂණ හා නව තාක්‌ෂණය වැනි ක්‌ෂේත්‍ර හේතුවෙන් විශ්වවිද්‍යාල ජාතික හා ගෝලීය ආර්ථික, සමාජීය, සංවර්ධනයේ අතිශය වැදගත්ම යාන්ත්‍රණයයි. එසේම ඕනෑම රටක සංස්‌කෘතික උරුමයන් මෙන්ම සාම්ප්‍රදායිකත්වය හා මුසුවුණු අලුත් අදහස්‌ද ආකල්පද සමාජගත කරනුයේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ය. උක්‌ත සියලු ක්‌ෂේත්‍රයන්ට පිවිසෙන තරුණ තරුණියන්ට පූර්වාදර්ශ වනුයේද, උපදෙස්‌ සපයනුයේද ඔවුන්මය. තව දුරටත් ඔවුන් දැනුම හා දක්‌ෂතාවය පිළිබඳ බලය ලත් ක්‍රියාකාරීන්ය. අවසානයේදී මේ සියල්ල සමාජීය පරිවර්තනයක්‌ කෙරෙහි සෘජුවම බලපානු ලබයි. දැනුම් ආර්ථිකය (KNOWLEDGE ECONOMY)) පිළිබඳ මුලින්ම තම ග්‍රන්ථකරණයේදී අදහස්‌ දක්‌වා ඇත්තේ ඇමරිකානු ජාතික පිටර් ඩ්රූකර්ය දැනුම් ආර්ථිකය පිළිබඳ ගෝලීය විශ්ලේෂකයන්ට අනුව එය දැනුම නිර්මාණය ව්‍යාප්ත කිරීම, හාවිතය හා වැඩිදියුණු කිරීම මගින් රටේ සංවර්ධනය ක්‍රියාවලිය වඩාත් ඉහළට නැංවීමයි. දැනුම මගින් නව වෙළෙඳපොළවල් විවෘත කර ගත හැකි අතරම එම වෙළෙඳපොළ ජාලය සඳහා අවශ්‍ය භාණ්‌ඩ හා සේවා නිපදවීම සඳහාද දැනුම භාවිත කළ හැකිය. සාර්ථක දැනුම ආර්ථිකයක්‌ විද්‍යාව හා තාක්‌ෂණය සමඟ ඉතා සමීපව කටයුතු කරන අතර එම නිසාම ආර්ථික සංවර්ධනයේ තරගකාරීත්වයට නවොත්පාදක නිෂ්පාදන ක්‍රියාවලීන් හා සේවා අංශ හඳුන්වාදීමෙන් වඩාත් පහසුවෙන් ජයග්‍රහණ ලබා ගත හැකිය. ඕනෑම රටක්‌ ඒ සඳහා කළ යුතු ඉතාම වැදගත් රාජකාරිය වනුයේ ඒ සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීමය. එබැවින් දැනුම් ආර්ථිකයක්‌ සඳහා කෙරෙන ආයෝජනයන් යනු රටකට යොමු විය හැකි වැදගත් වෙනස්‌කම් වෙත පාදක වන ක්‍රමෝපායන්ට ආයෝජනය කිරීමක්‌ ලෙස සැලකේ. ඒ අනුව මෙම ක්‌ෂේත්‍රයේ මුල් කාලයේදී අදහස්‌ කළ පරිදි දැනුම් ආර්ථිකය සංනිවේදන ක්‌ෂේත්‍ර සඳහා පමණක්‌ම යන මතය අද්‍යතනව බැහැරව ඇත. දැනුම් ආර්ථිකය නිර්මාණය වී ඇත්තේ කරුණු 04 ක්‌ මුල්කරගෙනය. 1. AN ECONOMIC AND INSTITUTIONAL REGIME නවොත්පාදක ක්‍රියාවලියක්‌ සහිත ව්‍යාපාරික පරිසරයක්‌ මෙන්ම දැනුම සංවර්ධනය වූ මානව සම්පත් සහිත යටිතල ව්‍යqහයන්. 2. AN EDUCATED AND SKILLED POPULATION දැනුම සංවර්ධන කරගත් හා කාර්යක්‌ෂම පලදායිතාව කටයුතු කළ හැකි මානව සම්පත්. 3. AN EFFICIENT INNOVATION SYSTEM දැනුම මගින් නිර්මාණය වූ පලදායි සංවර්ධන ඉසව් ක්‍රියාත්මක කළ හැකි උගත් කුසලතා පූර්ණ මානව සම්පත. 4. INFORMATION AND COMMUNICATION කඩිනමින් ව්‍යාප්ත වන ගෝලීය දැනුම ඒ ඒ රටවල සංවර්ධන ඉසව් සඳහා මෙන්ම තාක්‌ෂණික, කාර්මික, සමාජ දියුණුවට මෙන්ම නව දැනුම් ජාලයට මුසු කළ හැකි යටිතල පහසුකම්. පසුගිය දශක ත්‍රිත්වයක කාලය සිසාරාම සංවර්ධිත රටවල ආර්ථික වර්ධනයේ කැපී පෙනෙන ලක්‌ෂණය වූයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් හා විශ්වවිද්‍යාල පර්යේෂකයන් සම්බන්ධයෙන් වැඩි වන ඉල්ලුමයි. එම තත්ත්වයෙන් පැහැදිලි වනුයේ ඉහළ ආර්ථික වර්ධනයක්‌ ඇති රටවල් දැනුම් ආර්ථිකයක්‌ වෙත යොමු වන වේගවත් බවය. විධිමත් අධ්‍යාපනය, යාවජීව ඉගෙනුම හා මූලික පර්යේෂණ යන කාරණා එම නව ආර්ථිකයන්හි ප්‍රගතියේ කේන්ද්‍රීය කාරණාවයි. ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය යන සාම්ප්‍රදායික පදනම මත ගොඩනැඟුණු නිෂ්පාදන ජාලයන්, අද්‍යතනව දැනුම් ආර්ථිකයේ නව මාවතට හැරවීම සඳහා ඊට අවශ්‍ය විද්‍යාර්ථීන්ගේ අවශ්‍යතාව ගෝලය සිසාරා ඇති සියලුම රාජ්‍යයන්ට හොඳින්ම වැටහී ඇත. ගෝලීය ආර්ථිකයේ ප්‍රධාන රටවල දැනුම හා සම්පත් අතර පැවැති සමබරතාව වෙනස්‌ වන තත්ත්වයක්‌ හොඳින්ම දක්‌නට ඇත. අද්‍යතනව දැනුම ජීවන තත්ත්වයන් තීරණය කරන්නාවූ වඩාත්ම තීව්‍ර සාධකය වී ඇත. තාක්‌ෂණය අතින් ඉහළ තලයකට පැමිණි බොහෝ රටවල ආර්ථික ශක්‌තියේ ප්‍රධාන න්‍යෂ්ටිය වී ඇත්තේ දැනුමය. ගෝලයේ ඕනෑම රටක්‌ දැනුම් ආර්ථිකයක්‌ වෙත කෙතරම් දුරට නැඹුරු වී ඇත්දැයි පිරික්‌සීම සඳහා නොයෙකුත් දර්ශක අද්‍යතනව ගෝලය සිසාරා ආර්ථික විශේෂඥයන් විසින් භාවිත කරනු ලබයි. එහි ප්‍රධානතම දර්ශකය වනුයේ දැනුම් ආර්ථික දර්ශකය (KNOWLEDGE ECONOMY INDEX) ය. තව දුරටත් දැනුම් ආර්ථික දර්ශකය (KEI) ආර්ථික දර්ශකය (EI) දැනුම් දර්ශකය (KI) හා දැනුම් ඇගයීම සඳහා ක්‍රම උපායන් (K.M.S) යන දර්ශක භාවිතකරනු ලබයි. ශ්‍රී ලංකාව 1995 සිට අද්‍යතනය දක්‌වා දැනුම් ආර්ථික සංවර්ධන ක්‌ෂේත්‍රයෙන් ලබා ඇති දියුණුව මලයාසියාව, ද.කොරියාව, සිංගප්පූරුව, තායිවානය, චීනය සහ කෙන්යාව යන රටවලට සාපේක්‌ෂව ඉතා දුර්වලය. මේ තත්ත්වයෙන් ශ්‍රී ලංකාව එළියට ගැනීමට සත්‍ය වශයෙන් අවංකවම කටයුතු කරන්නේ නම් කළ යුත්තේ දැනුම් යෙදවුම් (KNOWLEDGE INPUT) සඳහා නොපැකිලිව ඊට අවශ්‍ය ආයෝජනයන් කඩිනමින් සිදුකිරීමය. වත්මන් පරපුර විසින් අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු ඉතාම වැදගත් රාජකාරිය එයම වන්නේය. මක්‌නිසාද යත් 2006 දැනුම ආර්ථික දර්ශකයේද ශ්‍රී ලංකාව ඉතා පහළ මට්‌ටමක්‌ නියෝජනය කරන අතර 2008-2009 වසරවල දර්ශකවලද ශ්‍රී ලංකාව නියෝජනය කරනුයේ 88 වැනි ස්‌ථානය වන හෙයිනි. දැනුම් ආර්ථිකයක්‌ වෙත ශ්‍රී ලංකාව යොමු කිරීමට නම් ඊට අවශ්‍ය යටිතල පහසුකම් සඳහා කඩිනමින් ආයෝජනය කළ යුතුය. ශ්‍රී ලංකාවේ තෘතීය අධ්‍යාපනික ක්‍රියාවලිය විවාදාත්මක තත්ත්වයට පත් වී ඇතත් ප්‍රාථමික හා ද්විතීයික මට්‌ටමේ අගයන් ගෝලීය සාමාන්‍ය අගයටත් වඩා ඉහළය. එම නිසා විශ්වවිද්‍යාලයීය දැනුම ආර්ථික බුද්ධිය ලබා ගැනීම සඳහා සුදුසු ආකාරයට සංවර්ධනය කළ යුතු අතරම වෘත්තීය පුහුණු පාඨමාලාවල විෂය අන්තර්ගතයද ගෝලීය හා තාක්‌ෂණික, කාර්මික, බලශක්‌ති ක්‍රම වෙළෙඳපොළට අවශ්‍ය ආකාරයට ප්‍රතිව්‍යqහගත කළ යුතුය. පෘථිවි චිපිට ගෝලීය දැනුම ආර්ථිකයේ කොටස්‌ කරුවන් වීමට නම් ගෝලය පිළිබඳ දැනුම ඇති පුද්ගලයන් එම විෂයන් භාර අමාත්‍යධුර දැරීමද අත්‍යවශ්‍ය කාරණයකි. එසේ නැතහොත් විශ්වවිද්‍යාලවලින් නිර්මාණය වන විද්‍යාර්ථීන් තවදුරටත් අතරමං වන අතරම ඔවුනට ගෝලීය රැකියා වෙළෙඳ පොළේ හෝ දේශීය රැකියා වෙළෙඳපොළේ හෝ රැකියාවක්‌ ලබාගැනීම ජීවිත පරදුවට තබන උත්සාහයක්‌ වනු ඇත. එසේම වාර්ෂිකව උසස්‌ පෙළ සමත් වී හා අසමත් වන තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීමේදී තවදුරටත් පෙදරේරු හා විදුලි කාර්මික ආදී ක්‌ෂේත්‍රවලට පමණක්‌ යොමු නොවී එම ආයතනවල විෂය පාඨමාලා ආකෘතිය ප්‍රතිසංස්‌කරණය කළ යුතුය. ඒ සඳහා පූනර්ජනනීය බලශක්‌ති ප්‍රභවවලට අදාළ විෂය ක්‌ෂේත්‍රයන්ට මෙන්ම මීට ඉහත විස්‌තර කර ඇති විෂය ක්‌ෂේත්‍රයන්ට අදාළව එම කටයුතු ක්‍රියාත්මක කළ යුතුය. එසේ නොකරන තාක්‌ කල් රටක පරම සම්පත වන (ULTIMATE RESOURCE) මිනිසා තවදුරටත් අතරමං වනු ඇත්තේ කල් ඉකුත් වූ තාක්‌ෂණික පාඨමාලා හා වෘත්තීය පුහුණු සහතික මෙන්ම උසස්‌ අධ්‍යාපනික සුදුසුකම් දෝතින් දරාගෙනය. ඉගෙනීම අප්‍රිය කිරීම ජීවත්වීම අප්‍රිය කිරීමකි. අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නා බොහෝ සිසුසිසුවියන් චෝදනා නඟනුයේ ඔවුන් ඉගෙන ගත් පාසල්වලට හා ගුරු ප්‍රජාවටය. නමුත් සත්‍ය වශයෙන්ම ඊට වගකිවයුත්තේ අනාගතය පිළිබඳ ගෝලීය දැක්‌මක්‌ නැති හා වර්තමානය පිළිබඳ කියවීමක්‌ නැති බාල දේශපාලඥනයන්ය. දේශප්‍රිය නානායක්‌කාර

පැය 72කට වරක්‌ අලියකු මරු තුරුලේ මේ ඛේදවාචකයට විසඳුම කුමක්‌ද?

පැය 72කට වරක්‌ අලියකු මරු තුරුලේ මේ ඛේදවාචකයට විසඳුම කුමක්‌ද? 1758 දී කාර්ල් ලීනියස්‌ (CARL LINNAEUS) නමැති ස්‌වීඩන් ජාතික උද්භිද හා සත්ත්ව විද්‍යාඥයාගේ නව සත්ත්ව වර්ගීකරණයට (THE TAXONOMICON) අනුව අද්‍යතන අලියා විද්‍යාත්මකව හඳුන්වා ඇත්තේ (SCIENTIFIC - CLASSIFICATION) ඇනිමලිsයා රජ දහනේ (ANIMALIA KINGDOM) කෝඩාටා වංශයේ (CHORDATA PHYLUM) මැමලියා පංතියේ (MAMMALIA CLASS) එලිපනට්‌ටිඩේ කුලයේ (ELEPHANT FAMILY) එලිෆාස්‌ ගණයේ (GENUS ELEPHAS) සත්ත්ව විශේෂයක්‌ වශයෙනි. පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන්) ජීවත් වන පෘථිවි ගෝලයේ ඉතිහාසය ඇතුළත වසර මිලියන 34-56 දක්‌වා අතර කාලයේ ඉයොසීන වකවානුවේ (EOC ENE EPOCH) සිට අද්‍යතන දක්‌වා අලියා පරිණාමය වී ඇත. අලියාගේ ආරම්භය ඇති වනුයේ අති දැවැන්ත උරගයින් ජීවත් වූ මිසසොයික්‌ (MESOZOIC-ERA) යුගයේදීය. ඒ යුගයේදී කිරි බී වැඩුණු කුඩා ක්‍ෂීරපායි සතුන් වන අලියාගේ මුල් මුතුන්මිත්තන් වූයේ උස සෙ. මී. 70 ක්‌ පමණද දිග අඩි 2-3 ක්‌ පමණ ද වූ මොයිරිකියම් (MOERITHERIUM) නමින් හඳුන්වා ඇති සත්ත්ව විශේෂයෑයි. උරගයකු වූ අලියාගේ මුල් අවස්‌ථාවේ පළමු පොසිල වන ඉයොසීන පොසිල (EOCENE FOSSIL) හමුවී ඇත්තේ ඊජිප්තුවේ මොයිරිස්‌ වැව් තෙරේදීය. (MOERIS LAKE) මොයිරිස්‌ වැව් තෙරේ දී උක්‌ත පොසිල හමුවූ නිසා මොයිරිතියම් යනුවෙන් (MOERITHERIUM) මෙම උරගයා හඳුන්වා ඇත. උක්‌ත උරගයාට හොඬක්‌ හෝ දළයක්‌ පිහිටා තිබී නැත. වැව් තෙරේදී ආහාර ගැනීමට උඩුqතොල ආශ්‍රිත මාංශ පේශීන් ප්‍රයෝජනවත් වී ඇත. කඳ හා නාසයක්‌, පාද හතරේ හැඩයක්‌ හේතුවෙන් නූතන අලියාගේ හැඩය දිස්‌ වී ඇත. එලිෆන්ට්‌ටිඩේ (ELEPHANTIDAE / PRIME LEPHAS) කුලයේ පරිණාමය සිදුවූ ඇත්තේ ස්‌ටෙගොඩොන්ගෙන් (STEGOTETRA BELODON) සහ මැමත් (MAMMUTHUS) හා ඉන් පසුව පරිණාමය වූ අපට හුරු පුරුදු අලි වර්ග දෙකකිනි, ඒ ලොක්‌සොඩොන්ටා - (LOXODONTA, AFRICAN ELEPHANT:- SUB SPECIES:- AFRICANA,CYCLOTIS) සහ (ELEPHAS, ASIAN ELEPHENT:-SUB SPECIES:- MAXIMUS, INDICUS,SUMATRANUS) එලිපාස්‌ යන අලි වර්ග දෙක අප්‍රිකානු සහ ආසියානු වශයෙනි, අද්‍යතනව පෘථිවි ගෝලයේ ජීවත් වන උක්‌ත අලි දෙවර්ගය ඉතා දිගු ඉතිහාසයක්‌ සහිත අලි පරිණාම කථාවේ නූතන සද්ධන්තයන්ය. ලොක්‌ යොඩොන්ටා අලි සමාජය අප්‍රිකාව සිසාරාද එලිපස්‌ අලි සමාජය ආසියාවේද ජීවත් වනුයේ සමස්‌ත ජෛව විවිධත්ත්වයේ සුන්දරම හා ගාම්භීරම සත්ත්ව ප්‍රජාව වශයෙනි. ආසියානු අලින් 18, 19 වන සියවස්‌වලදී ලක්‍ෂ 02 ක්‌ පමණ වූ අතර අද්‍යතනව එම අලි ගහනය 35000 ක්‌ පමණටම පහත වැටී ඇත, ආසියානු අලියකු සාමාන්‍යයෙන් අඩි 10-12 ක්‌ දක්‌වා උස්‌ වන අතර හොඬවැලේ සිට වලිගය දක්‌වා දිග අඩි 30 ක්‌ පමණය. අලියා තම හොඬවැල ක්‍රියාත්මක කිරීම සඳහා මාංශ පේශීන් 150,000 ක්‌ පමණ ක්‍රියාත්මක කරනු ලබයි. බර ටොන් 3-7 අතර වන අතර ජලය ගැලුම් 30-50 අතර දිනපතා පානය කරනු ලබයි. තණකොල හා ළඳු කොල, ගස්‌ කොලන් කිලෝ 100 - 200 අතර දිනකට ආහාරයට ගනී. ආසියානු අලියාගේ පිරිමි සතාට පමණක්‌ දළ පිහිටනු ලබයි. අප්‍රිකානු අලියාගේ කන්වලට වඩා ආසියානු අලියාගේ කන් කුඩා වුවත් ශ්‍රවණය එතාමත් තීව්‍රය. අලියාට හොඳින් දර්ශනය වනුයේ අඩි 30, 40 දුර පමණි. පෙනීම දුර්වලය. අලියා දිනකට රාත්‍රි කාලයේදී පැය 04 ක්‌ පමණ නිදාගනු ලැබූවත් ඉතා තදබල අසනීපයකදී හැර බිම වැතිරෙන්නේ නැත. ආසියානු ගැහැනු සතා මාස 22 ක කාලයක්‌ පැටවකු ප්‍රසූත කිරීමට ගත කරනු ලබයි. අලියාගේ මොළය සත්ත්ව ලෝකයේ විශාලතම මොළයයි. එය කිලෝ ග්‍රෑම් 05 කි, අලියාගේ මතකයද ඉතාමත් ගැඹුරුය. අලියාගේ සන්නිවේදන ක්‍රියාවලිය වර්ග කිලෝ මීටර් 100 ඇතුළත කිලෝ මීටර් 9-10 අතර ක්‍රියාත්මකය. බොහෝ විට රාත්‍රි කාලයේදී මේ තත්ත්වය තවදුරටත් ශක්‌තිමත්ය. මානව ප්‍රගමනයේ වසර සියගණනක සිටම ප්‍රතාපවත් දැවැන්ත අලියාගේ ජීවිත කථාව මිනිස්‌ සංහතිය සිසාරාම ජනාදරයට පත් වී ඇත්තේ දිගු හොඬයක්‌ සහිත දැවැන්ත ශරීරයක්‌ සහ මහා තේජසක්‌ සහිත ගාම්භීර ගමනක්‌ ඇති, කෙතරම් බලා සිටියත් ඇති නොවන බාල තරුණ මහලු සියලු ජනී ජනයාගේ සිත් ඇදගන්නා ප්‍රියමනාප සත්ත්ව විශේෂයක්‌ වශයෙනි. සත්ත්ව ලෝකයේ විශාලම සතකු වන අලියා මිනිසාගේ සිත් සතන් තුළ මහත් ප්‍රීතියක්‌ ගෙන දුන් ගජ මිතුරකු වුවද 21 වැනි සියවසේදී ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ගම්මානවල ජීවත් වන අපේ ලේ ඥති සහෝදර සහෝදරියන්ගේ අහිංසක දෙමාපියන්ටද තම දරු පරම්පරාවටද, රටේ සතර දිග් භාගයේදීම මහත් ජීවිත අභියෝගයක්‌ වී තිබීම කනගාටුවට කරුණකි. සැබැවින්ම පරම්පරා ගණනක සිට මිනිසුන්ට ප්‍රිය මනාප වූ අලියා අද්‍යතනව පැය විසිහතරේම මිනිසාට තර්ජනයක්‌ වී ඇත්තේ කොයි මොහොතේ හෝ මිනිසාට මරු කැඳවමිනි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ අපේ රටේ වන සම්පත ශීඝ්‍රයෙන් හීන වීමය. ඒ අතර ජන සංඛ්‍යාවේ වර්ධන ශීඝ්‍රතාවයද ඊට සෘජුවම බලපා ඇත. ඉතා දීර්ඝ කාලයක්‌ පැවැති යුද්ධය හේතුවෙන් උතුර නැගෙනහිර වනාන්තර වලින් අලියාට ප්‍රයෝජනයක්‌ ගැනීමට නොහැකි වීමත් මීට හේතු වූවා විය හැකිය. 1948 දී බ්‍රිතාන්‍යය යටත් විජිතයෙන් අප නිදහස්‌ වන විට භූමි මිනිස්‌ අනුපාතයට අනුව එක්‌ වර්ග කිලෝ මීටරයකට එක්‌ මිනිසකු වන ආකාරයෙන් සමස්‌ත ජනගහනය දශලක්‍ෂ 7.1 ක්‌ ලක්‌ මාතාව සතු විය. 1880 දී සමස්‌ත ශ්‍රී ලංකාවේ වන ගහනය 84% ක්‌ වූ අතර 1992 දී වන ගහනය 24% ක්‌ දක්‌වා ක්‍ෂය වී ඇත්තේ වසර 200 කට අඩු කාලයකදීය. 1956 දී ගනු ලැබූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් ඡායාරූප සමීක්‍ෂණයේදී පැහැදිලි වී ඇත්තේ ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 14% ක්‌ හේන් ගොවිතැන යටතේ භාවිත වන බවය. හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම සිදු වනුයේ රජයට අයත් වනාන්තරවලය. 21 වන සියවසේ 2000 වසරේ සංඛ්‍යා ලේඛන වලට අනුව අනවසර, අවිධිමත් හේන් ගොවිතැන් 15% දක්‌වා වර්ධනය වී තිබීම අලි ප්‍රජාවට මෙන්ම අපේ ආර්ථික සංවර්ධනයේ ව්‍යාකූලතාවද මැනවින් පෙන්වන දර්ශකයකි. එම ක්‍රියාව ඒ ආකාරයෙන් තව දුරටත් අවම පාලනයකින් වුව ක්‍රියාත්මක වෙද්දී 1956 සිට 1983 දක්‌වා අප විසින් ලක්‌ පොළොවේ ස්‌වාභාවික වනාන්තර හෙක්‌ටයාර් 41,500 ක්‌ පසුගිය සෑම වසරකදීම ස්‌වභාව ධර්මයෙන් උදුරාගෙන ඇත්තේ ඉතාමත් කුරිරු ආකාරයෙනි. 18 වැනි සියවසේ වල් අලි ගහනය 12,000 - 14,000 වූ අතර එම ප්‍රමාණය 19 වැනි සියවසේදී 10,000 - 12000 ත් අතර ප්‍රමාණයටද, 1927 දී 7000 - 8000 ක අතර සංඛ්‍යාවකටද 1970 දී එම ප්‍රමාණය අලි ඇතුන් 5000 දක්‌වාද 1990 දී 4000 දක්‌වාද 2003 දී 3150 ක්‌ ද 2007 වසරේදී 2900 - 3000 දක්‌වා ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ප්‍රමාණාත්මකව පහළට වැටී ඇත්තේ සාමාන්‍යයෙන් දින 14 කට එක්‌ අලියා බැගින් අපෙන් සමු ගනිමිනි. පසුගිය වසර 12 ඇතුළතදී අලින් 1,464 ක්‌ මිය ගොස්‌ ඇති අතර එය සාමාන්‍යයෙන් දින 03 කට එක්‌ අලියෙකු බැගිනි. අපේ අලි පරම්පරාව දිනකට අලි තිදෙනා බැගින් මිය යැමට තව දුරටත් ඉඩ දුනහොත් අලි 3000 ක්‌ විනාශ වීමට දින කීයක්‌ ගතවේදැයි සිතනු මැනවි. අපේ මහා සංස්‌කෘතියේ සම්මුතීන්ට හෝ ගෝලීය සම්මුතීන්ට හෝ නොගැලපෙන අයුරින් අත්තනෝමතිකව වසරකට වනාන්තර හෙක්‌ටයාර් 41,500 ක්‌ විනාශ කර දැමීම හෙවත් ස්‌වභාවික පරිසරයේ සාම්ප්‍රදායික සත්ත්ව වාස භූමිවලට මේ දක්‌වා කර ඇති විනාශයට එරෙහිව එදා සිට අද දක්‌වාම නැගී සිටි එකම ජීවියා අලියා පමණි. අනෙක්‌ සියලුම ජීවීහු මිනිසාගේ උක්‌ත ක්‍රියාවලියට මුහුණ දීමට නොහැකිව අසරණව වඳවී ගොස්‌ ඇත්තේ තම දෙමාපිය හිත මිතුරන්ට ද දරුවන්ටද නොදැනීමය. නමුත් මිනිසා විසින් ජෛව වාසභූමි පද්ධතියට එල්ලකරන අවධිමත් පීඩනයට එරෙහිව අලියා තනිවමද, රැළක්‌ වශයෙන්ද විරෝධය දැක්‌වීමට ඉදිරිපත් වීම පැය 72 වරක්‌ එක්‌ අලියකු මිය යැමට තරම් දරුණු තත්ත්වයකට පත් වී තිබීම පිළිබඳ අප ලඡ්ජාවට පත්විය යුත්තේ මිනිස්‌ සංහතිය තම දැනීම් චින්තනයේ විද්‍යාත්මක හා යාන්ත්‍රිකව ඉතාමත් දියුණුම කාලය පසු කරන්නේ අද්‍යතනව හෙයිනි. අලි මිනිස්‌ ගැටුම සත්‍යවශයෙන්ම අලියා සහ මිනිසා අතර ගැටුමක්‌ නොවන අතර එම ගැටුම සමස්‌ත ජීවී පරිසර පද්ධතියේම අවධිමත් මිනිසාට එරෙහි වීමේ 21 වැනි සියවසේ ප්‍රචණ්‌ඩකාරි මරණීය සංකේතය ලෙස හැඳින්වීමටද හැකිය. ශ්‍රී ලංකාවේ අලියා හා මිනිසා අතර ගැටුම අතිශයින්ම සුවිශේෂය, වසර දහස්‌ ගණනක්‌ බෞද්ධ චින්තනයෙන් ඔපමට්‌ටම් වූ සිංහල ගැමි ගොවියා අලි මාංශ ආහාරයට නොගනී. එසේම සිංහල සම්ප්‍රදායේ කුමන හෝ සාම්ප්‍රදායික ඉසව්වකදී අලි හමට වටිනාකමක්‌ නැති අතර වෙළෙඳ පොළ වටිනාකමක්‌ද නැත. ඇත් දළද තහනම් භාණ්‌ඩයකි. එම නිසා අලි ඇතුන් විනාශ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාර්ෂිකව වර්ධනය වන ජන සංඛ්‍යාව කුමන හෝ ජාතික නියාමනයන් වලින් තොරව අවිධිමත් ලෙස භූමිය පරිභෝජනය සඳහා යොදාගැනීමට කටයුතු කර තිබීමය. අද්‍යතන සමාජයේ ජනගත වී ඇත්තේ අලි ඇතුන් මිනිස්‌ වාස භූමි වලට බලහත්කාරයෙන් ඇතුළු වී අකටයුතුකම් කරන බවය. නමුත් සැබැවින්ම සිදුව ඇත්තේ ආසියානු අලියාගේ (ELEPHS,ASIAN ELEPHAN) සාම්ප්‍රදායික වාසභූමි පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන්) විසින් බලහත්කාරයෙන් අත්තනෝමතිකව අල්ලා ගැනීමය. අලි ඇතුන්ගේ ප්‍රධාන විරෝධය වී ඇත්තේ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි එකිනෙකට සම්බන්ධ වන අලි මංකඩවල් මිනිසුන් විසින් අත්පත් කරගැනීමටය. එසේම තම සාම්ප්‍රදායික වාස භූමි වලට නිරන්තරයෙන් සිදුකරනු ලබන පීඩාකාරී ක්‍රියාවලටය. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ භූමි පරිහරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ ක්‍රියාත්මක නොවීමය. නිදහසින් පසු කුමන හෝ සංවර්ධන වැඩසටහනකට එසේ නැතහොත් සංවර්ධන සැලසුමකට ජාතික සැලැස්‌මක්‌ අන්තර්ග්‍රහනය වී තිබුණේ දැයි සැක සහිතය. 1957 - 1966 අතර කාලය සඳහා දස අවුරුදු සැලැස්‌මක්‌ 1971-1976 දක්‌වා පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ ඊට උදාහරණය. රටේ සාම්ප්‍රදායික චින්තනය හා ජීවන රටාව සමාජීය, සංස්‌කෘතිමය මෙන්ම පාරිසරික වශයෙන් උඩු යටිකුරු කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ද ගැඹුරු දිගුකාලීන ජාතික දැක්‌මක්‌ ඊට අන්තර්ග්‍රහණය වී තිබී නැති බව දැන් ඉතා පැහැදිලිය. බොහෝ විට සිදුව ඇත්තේ ඒ ප්‍රදේශ හෝ පළාත්වලට අදාළව කරන සංවර්ධන සැලසුම්ය. මහා මහවැලි ව්‍යාපාරයේද අඩු පාඩුකම් රාශියක්‌ හඳුනාගැනීමට හැකි වනුයේ ජාතික වශයෙන් කල්පනා කර බැලීමෙනි. උක්‌ත ජාතික හා දේශපාලනික මෙන්ම පරිපාලනික පුරුද්ද හේතුවෙන් රටේ ජෛව ස්‌කන්ධයේ බලවතා වන අලි ඇතුන්ටද අද්‍යතනව මරණය අත් විඳීමට සිදුව තිබීම සැබැවින්ම කනගාටුවකි. එසේ වී ඇත්තේ මිනිසුන් 5000 කට එක්‌ අලියෙකුද, සමස්‌ත රටේ භූමියෙන් 12% ක්‌ වූ භූමි ප්‍රමාණයක්‌ ආවරණය වන ජාතික වන උද්‍යාන 17 න් 14 ක්‌ම පමණම අලි ඇතුන්ට සුදුසු පරිසරයක පිහිටා තිබියදීය. අලි මිනිස්‌ ගැටුම කළමනාකරණය කළ හැක්‌කේ ජාතික මට්‌ටමින් හා නිවැරැදි භූමි පාරිභෝගික ප්‍රතිපත්තියක්‌ සමග ක්‍රියාත්මක වැඩසටහනකින් අලි ඇතුන්ගේ සාම්ප්‍රදායික වාස භූමි හා අලි මංකඩ තවදුරටත් සංරක්‍ෂණය කිරීමෙන්ම පමණි. අලි, ඇතුන් පරිසර පද්ධතියේ ක්‍රියාත්මක වීමේදී ඔවුන් සතු නිසඟ ජීව ගුණාංගයන් ප්‍රයෝජනයට ගැනීමට ගජ හපන්නුය. වයඹ හා උතුරු මැද පළාතේ අලි ගැටුම බොහෝ දුරට තීව්‍ර වන්නේ අලියාගේ මෙම නිසඟ ජීව ගුණය හේතුවෙනි. යල / මහ දෙකන්නය වී වගා කරන උක්‌ත ප්‍රදේශවලදී වී වගාව හොඳින් පැසීමේදී පිටවන සුවඳ අලියාට මහත් පිබිදීමක්‌ ගෙන දෙන බව ඇමෙරිකාවේ ප්ලොරීඩාහි (RINGLING BROS AND BARNUM & BAILEY CENTER FOR ELEPHANTCONSERVATION) ආයතනයේ අලි විශේෂඥයන් දෙදෙනකු විසින් අධ්‍යයනය කර ඇති අතර උක්‌ත මධ්‍යස්‌ථානයේ දී මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ කෙරෙමින් පවතී. විද්‍යාඥයන් ගේ අදහස වී ඇත්තේ එම සුවඳ රසායනික කෘත්‍රිම දුඟද නාශකයක්‌ (DEODORANT) වශයෙන් ගම්මාන වලට ප්‍රති විරුද්ධ භූ කලාපයේ විසුරුවා හැරීමෙන් අලින්ගේ කඩා වැදීම වළක්‌වා ගත හැකි බවය. අප්‍රිකාවේ කෙන්යානු ගොවියන් තම වගා බිම් වලට කඩා වදින අලින්ට එරෙහිව මී මැසි ජනපද ප්‍රයෝජනයට ගෙන ඇත. ශ්‍රී ලංකාවේද මෙම ක්‍රමය අත්හදා බැලීම ආරම්භ කර ඇත. උක්‌ත ක්‍රියාවලිය ඉතාමත්ම වටිනා ජෛව විද්‍යාත්මක මෙන්ම ආර්ථික ක්‍රියාවලියට සහ ක්‍රියාදාමයක්‌ වශයෙන් අන්තර්ග්‍රහණය කරගත හැකි උපක්‍රමයකි. (SYNERGISE ELEPHANT CONSERVATION WITH ECONOMIC DEVELOPMENT) අලි සංරක්‍ෂණය, මී මැසි ජනපද කළමනාකරණය. උසස්‌ මී පැණි නිෂ්පාදනය යන කාරණා ත්‍රිත්වයම සංචාරක කර්මාන්තයට ඉතාමත් ආකර්ෂණීය ක්‍රියාකාරකම්ය. කෙසේ වෙතත් ජෛව විවිධත්ව ක්‍රියාවලිය සම්බන්ධ එසේ නැතහොත් වන සතුන් ආශ්‍රිත / වන සතුන් නැරඹීම යන කාරණාවලට මූලිකත්වය දෙන සංචාරක ඉසව් අපේ රට තුළ වර්ධනය කරන්නේ නම් එක්‌සත් ජාතීන් විසින් රටවල් කිහිපයකම, ජාතික වනෝද්‍යාන හා ස්‌වභාවික වනාන්තර ඇසුරෙන් කර ඇති විද්‍යාත්මක වාර්තාව පිළිබඳවද අප අවධානය යොමු කළ යුතුය. (WILD LIFE WATCHING AND TOURISM - A STUDY ON THE BENEFITS AND RISKS OF A FAST GROWING TOURISM ACTIVITY AND ITS IMPACT ON SPECIES) එවිට අනෙක්‌ ජීවින්ගේ සංරක්‍ෂණය හා ශාඛා ප්‍රජාවගේ ආරක්‍ෂාව පිළිබඳ පසුව පසුතැවිලි වීමට සිදු නොවනු ඇත. උතුර නැගෙනහිර පළාතේ අලි ගැවසෙන ප්‍රදේශවල මී මැසි පාලනය පිළිබඳ නියාමන ව්‍යාපෘතියක්‌ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහභාගිත්වයෙන් ආරම්භ කිරීම රටට ආදර්ශයක්‌ වනු ඇත. අලි සංරක්‍ෂණයේදී ගෝලීය අවධානය ආසියානු අලියාට වඩා අප්‍රිකානු අලියාට යොමු වී ඇති බව දක්‌නට ඇත. ශ්‍රී ලංකාවේ අලි 3000 රැක ගැනීමට ගෝලීය අවධානය යොමු වීම, ඉතා දුර්වල මට්‌ටමක තිබෙන බවද පැහැදිලි වනුයේ ඒ පිළිබඳ ගැඹුරු අවධානය යොමු කිරීමෙනි. ආසියානු අලියා සංරක්‍ෂණයේදී ශ්‍රී ලංකාවේ වැදගත්ම අවශ්‍යතාව වනුයේ අලි ප්‍රජාවගේ අලි ගමන් මග නොහොත් අලි මංකඩ සංරක්‍ෂණය කිරීමය (ESTABLISHMENT OF ELEPHANT CORRIDORS) අලි සංරක්‍ෂණයේදී වඩා අවධානය යොමු වී ඇත්තේ අලින්ගේ පැමිණීම වැළැක්‌වීමට (ELEPHANT DETERRENCE) ශබ්ද හා නොයෙකුත් ආලෝක තරංග ක්‍රියාත්මක කිරීමය. අප්‍රිකාවේ ගොවි ජනයා කොටියාගේ හඬ ටේප් රෙකෝඩරය මගින් විසුරුවා හැරීමෙන් අලි කඩා වැදීම් අල්ප කරගෙන ඇත. අලිමංකඩ සංරක්‍ෂණයට අමතරව, නව්‍ය වන උද්‍යාන ඇති කිරීමටත්, දැනට තිබෙන සාම්ප්‍රදායික වාසභූමි වල ගුණාත්මක තත්ත්වය සවිබල ගැන්වීමක්‌ අලි ඇතුන් ජන ගහනය අඩු ප්‍රදේශවලට යොමු කිරීමත්, ඇතුළු නොයෙකුත් ක්‍රියා මාර්ග දැනටත් මේ සඳහා විසඳුම් වශයෙන් ක්‍රියාත්මකය. අලි තර්ජිත ගම්මාන වල සහෝදර ජනතාව වඩා රුචියක්‌ දක්‌වනුයේ විදුලි වැටටය. විදුලි වැට ඉදිකිරීම (ELECTRIFIED FANCING) විශාල අයෝජනයක්‌ කළ යුතු ව්‍යාපෘතියකි. ගජ මිතුරු වැඩසටහන යටතේ මිලියන 300 ක ආයෝජනයෙන් තවත් සැතපුම් 3000 ක්‌ දුරට විදුලි වැට යෝජනා ක්‍රම රට සිසාරා ඉදිකිරීමට අපේක්‍ෂිතය. නමුත් අලින්ගේ පැමිණීම වැළැක්‌වීම (ELEPHANT DETERRENCE) මෙන්ම ඊට ගොදුරු වන ජනතාවගේ පාර්ශවයන්ගේද මේ පිළිබඳ තවදුරටත් විසඳිය යුතු ප්‍රශ්න රාශියකි. අලි වැට සංකල්පය නොයෙකුත් අඩුපාඩුකම් රාශියක්‌ හේතුවෙන් තවදුරටත් ලංකාවේ සාර්ථක ව්‍යාපෘතියක්‌ බවට පත් වී නොතිබීම කනගාටුවට කරුණකි. නොයෙක්‌ ප්‍රදේශවල සැනෙකින් ක්‍රියාත්මක වන අලි කරදරයට නිරන්තරයෙන් ගොදුරු වන්නේ අහිංසක අපේ ගැමි ගොවි ජනතාවය. ඒ සමගම ජනයාගේ පීඩනයට සෘජුවැම මුහුණ දෙනුයේ වන ජීවි නිලධාරි ප්‍රජාවය. ඔවුන්ද අපගේම සහෝදර ජන ප්‍රජාවක්‌ වන අතර ඔවුන්ගේ රාජකාරි ක්‍රියා වලියේද දහසක්‌ අඩුපාඩුකම්ය. එසේම ඔවුන්ගේ ජීවිතවල වටිනාකම ඔවුන්ගේ දූ දරුවන්ට, ඉතාම වැදගත්ය. එම නිසා අලින්ද, අලින්ගේ පහර කෑමට ලක්‌වන අපේ සහෝදර ගොවි ජනතාවද, එම අර්බුදයට මැදිහත් වන බිම් මට්‌ටමේ වන ජීවි නිලධාරින්ද ආරක්‍ෂා කර ගැනීම සඳහා ඇති නිවැරැදි හා ශක්‌තිමත්ම ක්‍රියාවලිය ඉඩම් පරිහරණය පිළිබඳ තිබෙන නීති රීති සෑම බිම් අඟලකම තදින් ක්‍රියාත්මක කිරීමය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අලි මිනිස්‌ ගැටුම මෙන්ම පොදුවේ ජෛව විවිධත්ව සංරක්‍ෂණය පිළිබඳ ක්‍රියාත්මක ආයතනවල නිලධාරින්ගේ රාජකාරිද, උත්සාහයන්ද උද්යෝගිමත් නමුත් එහි සෘජු ප්‍රතිඵල දක්‌නට නොලැබෙනුයේ ඒ හා සම්බන්ධ සම්පූර්ණ වැඩ සටහන බිම් මට්‌ටමේ සිට සංවිධානාත්මකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙන්ම නීතිමය ප්‍රතිපාදන වල පවතින අඩුපාඩුකම් හේතුවෙනි, එමනිසා ආසියානු අලියා ලංකාවේදී ආරක්‍ෂා කර ගැනීම සඳහා ගෝලීයව අවබෝධය ඇති ක්‍රියාශීලී නිලධාරින්ගෙන් සමන්විත සුවිශේෂී ආයතනයක්‌ දස අවුරුදු කාලයක්‌ සඳහා රට තුළ ස්‌ථාපිත කළ යුතුය. ඒ සඳහා හදිසි පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය අණ පනත් ඒකරාශි කරගත යුතුය. ඒ සමගම කඩිනමින් ලංකාවේදී පැය 72 කට වරක්‌ මිය යන අපේ අලි සම්පත රැක ගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට පහසු වනු ඇත. ගෝලීය අවධානයද මීට වඩා ක්‍රියාශීලී තත්ත්වයට ගෙන ඒමට හැකි වනු ඇත්තේ ඉතිරි වී සිටින අලි 3000 වත් රැක ගැනීමටය. අලි සංරක්‍ෂණය සඳහා රජය විසින් ජාතික ප්‍රතිපත්තියක්‌ හඳුන්වා දී ඇත. (NATIONAL ELEPHENT CONSERVATION POLICY) එම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමද ඉහත යෝජිත ශ්‍රී ලංකාවේ ආසියානු අලි සංවර්ධන අධිකාරිය යෑයි නම් කළ හැකි ආයතනයට පවරා දිය හැකිය. ශ්‍රී ලංකාවේ ආසියානු අලි සංරක්‍ෂණ අධිකාරිය පිහිටුවීමෙන් පසුව එහි ක්‍රියාකාරිත්වය ආසියානු අලි ප්‍රජාව ජීවත් වන ඉන්දියාව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, වියට්‌නාමය, මැලේසියාව, බංගලිදේශය, සුමාත්‍රා ආදී රටවල අලි සංරක්‍ෂණ වැඩසටහන් දක්‌වා ක්‍රියාකාරි මට්‌ටමට දියුණු කළ යුතුය. දැනටමත් ශ්‍රී ලංකාවේ නොයෙකුත් රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රවීණයන් මේ තත්ත්වයට පැමිණ ඇත. නමුත් ශ්‍රී ලංකාවේ අලියා සංරක්‍ෂණය කිරීමේ කාර්යයේදී මෙම විද්වතුන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනෙනුයේ තරමක උදාසීනවය. ඊට හේතුව වී ඇත්තේ පැරැණි සාම්ප්‍රදායික නීති රීති හා දෙපාර්තමේන්තු රාශියක පරිපාලන ක්‍රියාදාමයන් අතරින් මෙම සංරක්‍ෂණ ක්‍රියාවලිය ජයග්‍රහණය කරා ගෙන යැමට තිබෙන පරිපාලනික අවහිරතාවන්ය. එම නිසා යෝජිත ශ්‍රී ලංකාවේ ආසියානු අලි සංරක්‍ෂණ අධිකාරිය පිහිටුවීමෙන් ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ විද්වතුන්ගේද, නොයෙක්‌ රාජ්‍ය නොවන සංවිධාන වලින්ද, අලි ලෝලීන්ගෙන්ද නොමසුරු සහයෝගයෙන් ඉතිරි වී සිටින අලි 3000 රැක ගැනීමට හැකිවනු ඇත්තේ පහසුවෙනි. අද්‍යතනව ගෝලීය මට්‌ටමේදී ආසියානු අලියා සංරක්‍ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක නීතිමය ප්‍රතිපාදනයන් යටතේ (LEGAL-STATUS/ PROTECTION) ආසියානු අලි සංරක්‍ෂණ පනත (THE ASIAN ELEPHANT CONSERVATION ACT1997) සහ ආසියානු අලි සංරක්‍ෂණ අරමුදලක්‌ (THE ASIAN ELEPHANT CONSERVATION FUND) මෙන්ම 1973 දෙසැම්බර් 28 දින ඇමරිකානු ජනාධිපති රිචර්ඩ් නික්‌සන් (RICHARD MILHOUS NIXON 1969-74) විසින් අත්සන් කරන ලද (THE ENDANGERED SPECIES ACT OF 1973) වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සත්ත්ව පනත ආදී ගෝලීය නීතිමය ප්‍රතිපාදන යටතේ ද, ශ්‍රී ලංකාවේ දී 1973 දී ස්‌ථාපනය කර 1973 සහ 1993 දී සංශෝධනය කරන ලද ශාඛ හා සත්ත්ව ආඥ පනත (FAUNAAND FLORA PROTECTION ORDINANCE (AMENDMENT) ACT 1993 (NO .49 OF 1993) මගින්ද අලියා ආරක්‍ෂා කර ඇත. ශ්‍රී ලංකාවේ ජීවත් වන ආසියානු අලියා පිළිබඳවත්, අලින්ගේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් සහෝදර මිනිස්‌ ප්‍රජාවට සිදුවන බරපතල ව්‍යසනයන්ද නිවැරැදිව කළමනාකරණය කිරීම තව දුරටත් ප්‍රමාද වීමෙන් අලි සංහතිය ශ්‍රී ලංකාවෙන් සදහටම තුරන් වීම නොවැළැක්‌විය හැකිවනු ඇත. දින 03 කට එක අලියා බැගින් එසේ නැතහොත් පැය 72 කට වරක්‌ එක අලියකු මිය යැම යනු ඉදිරි වසර කිහිපයේදී ලංකාවේ ආසියානු අලියා වඳවන බවට ඉතාම පැහැදිලි සාක්‍ෂියකි. එම නිසා යෝජිත ශ්‍රී ලංකාවේ ආසියානු අලි සංරක්‍ෂණ අධිකාරිය පිහිටුවා ගෝලයේ අලි සංරක්‍ෂණ කටයුතුවල අද්‍යතන ක්‍රමෝපායන් මෙන්ම විද්‍යාත්මක සංකල්පද ඒ සඳහා ලබාගත හැකි ආධාර උපකාරද කඩිනමින් ලබාගෙන ලංකාවේ අලි ප්‍රජාවත් ඔවුන්ට ගොදුරු වන අපේ සහෝදර ජනයාත් බේරා ගැනීමට කටයුතු කිරීම කෙරෙහි රජයේ අවධානය වහාම යොමු විය යුතුය. සැබැවින්ම ස්‌වභාව ධර්මය විසින් අකාරුණික කිසිම සතකු නිර්මාණය කර නැත. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අනිසි භාවිතයත් වැරැදි ක්‍රියාකලාපයත් හේතුවෙන් යහපත් සුවිනීත නිර්මාණයන් කෙළෙසී ඇති බව අප නිතරම සිහිකර ගත යුතුය. දේශප්‍රිය නානායක්‌කාර

දේශීය කෘෂි සංස්‌කෘතියේ අලුත් මුහුණුවර

දේශීය කෘෂි සංස්‌කෘතියේ අලුත් මුහුණුවර පෙර අපරදිග ජාතීන් අතර ඉතා ඈත අතීතයකට උරුමකම් කියන සිංහල ජාතියේ ගොවි ජීවන රටාව ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියක්‌ද අභිමානවත් සම්ප්‍රදායන් රාශියක්‌ද සමගින් ප්‍රගමනය වී ඇත. එම මහා කෘෂි සංස්‌කෘතිය එදා ආදී ජාතියේ වර්ණවත් ප්‍රෙෘඪ ඉතිහාසයක්‌ නුදුරු අනාගත තාක්‍ෂණික ලෝකයේ දේශීය, සමාජ, ආර්ථික, විකාශයන්ගේ දැවැන්ත අභියෝගවලටත් මුහුණ දෙනුයේ පූර්වාදර්ශ සමගිනි. එදා මහා කෘෂි සංස්‌කෘතියේ පූර්වාදර්ශය වූයේ ගොවි ජන සංස්‌කෘතිය පාරිසරික තුල්‍යතාව පිළිබඳ දැක්‌ වූ අසමසම බැඳීමය. එය ස්‌වභාව දහම සමග නොගැටී තියුණු ජනසමාජ ක්‍රියාකාරකම් සමග සුන්දරත්වයෙන් අත්වැල් බැඳගෙන කටයුතු කරලීම සැබැවින්ම මානව සංහතියේ වාසනාවකි. සමස්‌ත සහෝදර ජනයාගේ ද ග්‍රහලෝක පරිණාමයේද අනාගතය දෙස වඩා තීව්‍රර ලෙස කල්පනා කරලමින් යුක්‌ති සහගත ලෙස සියල්ල බෙදා හදාගෙන කටයුතු කර ඇති ආකාරය විශ්මය දනවන සුළුය. එම මහා සංස්‌කෘතියේ අභිමානවත් සුපැහැදිලි තියුණු දැක්‌ම මානව සංහතියේ ඉදිරි අනාගතයට පුර්වාදර්ශයක්‌මය. ශ්‍රී ලංකා මාතාවගේ ජීවනාලිය ලෙස ශත වර්ෂ ගණනක්‌ පුරා පැවතුන මහා කෘෂි සංස්‌කෘතිය සිංහල ජාතියේත් ලාංකිකයන්ගේත් ජීවිතවලට වඩාත් පරිපූර්ණ පුර්වාදර්ශ ඇති සංස්‌කෘතියයි. එම යහපත් විචිත්‍රවත් ඉදිරි දැක්‌මක්‌ සහිත ස්‌වභාදහම සමග ඒකාත්මක වූ දේශීය කෘෂිකර්මාන්තයට පළමු අභියෝගය එල්ල වූයේ බටහිර සිතුම් පැතුම් වෙත මුළුමනින්ම පදනම් වූ වාණිජ වතු කෘෂිකර්මාන්තය 19 වැනි සියවසෙහිදී බලහත්කාරයෙන් ලක්‌ මාතාවට හඳුන්වා දීමත් සමගය. රජ දවස ගොවි කෘෂිකර්මාන්තය රාජ්‍ය අනුග්‍රහයෙන් පරිපූර්ණ ලෙස හැදීවැඩුණද උක්‌ත වාණිජ වතු කෘෂිකර්මාන්තය හේතුවෙන් අධිරාජ්‍යවාදීන්ගේ කූඨ පරිපාලනය යටතේ අපේ හදවත බඳු ගැමි කෘෂිකර්මාන්තය රාජ්‍ය අනුග්‍රහයෙන් අමු අමුවේ ගලවා විසිකරන්නට යෙදිණි. උක්‌ත වාණිජ කෘෂිකර්මාන්තය ඉපිලීම හේතුවෙන් දේශීය කෘෂිකර්මාන්තය අභියෝගයවලට ලක්‌වී යටපත් වී දේශීය කෘෂි ආර්ථිකය කොටස්‌ දෙකකට බෙදා වෙන් කෙරිණි. එය දේශීය කෘෂි කර්මාන්තය හා අපනයන කෘෂි කර්මාන්තය වශයෙනි. මෙම කර්මාන්ත දෙක අතර තිබූ ප්‍රබලම නොගැලපීම වූයේ එකිනෙක අතර කුමන හෝ පෝෂිත වීමක්‌ නොතිබීමය. සොබාදහමටත් ලක්‌ මාතාවටත් මහත්සේ ලැදියාවකින් කටයුතු කළ දේශීය කෘෂිකර්මාන්තයටත්, සොබාදහමේ තුල්‍යතාවට පීඩාකාරී ලෙස අභියෝග කරමින් නඩත්තු කළ වතු කෘෂිකර්මාන්තයත් අතර තිබුණේ අහස පොළොව මෙන් වූ නොගැලපීම්ය. කෙසේ වෙතත් වර්තමාන මහා කෘෂි සංස්‌කෘතිය ගෝලීය අභියෝග හමුවේ නැඟê සිටීමට වෙරදරන බව පෙනෙන්ට ඇත. ශ්‍රී ලාංකීක මහා කෘෂි සංස්‌කෘතිය පවත්වාගෙන යැම සම්බන්ධයෙන්ද පවතිනුයේ ප්‍රබල අභියෝගාත්මක පරිසරයකි. ශත වර්ෂ ගණනක්‌ ඉතා සාර්ථකව අභ්‍යාස කරන ලද අපේ මහා කෘෂි සංස්‌කෘතිය විස්‌මිත වූ සාම්ප්‍රදායික ගොවි කෘෂි කර්මාන්තයේ තවදුරටත් ඔබ්බට ඉපිලී ගෝලීය නිෂ්පාදකයාට මුහුණ දිය හැකි තිරසර ක්‍රමානුකූල යාන්ත්‍රණයක්‌ ගැන අවධානය යොමු කළ යුතුය. නූතන කෘෂිකර්මාන්තයේ මතුපිටින් පෙනෙන්නට තිබෙන මූලික ගැටලුව වනුයේ නිෂ්පාදකයාට, ගොවියාට අඛණ්‌ඩ වූ ආර්ථික ප්‍රතිලාභයක්‌ ලබාගැනීමට තිබෙන අපහසුතාවයි. රට පාලනය කරන ආණ්‌ඩු විසින් වරින් වර ආනයන, අපනයන, ප්‍රතිපත්ති හා ඒවා සම්බන්ධ බදු අයකරගැනීමේ ක්‍රියාවලියේ හැඩ රුව උක්‌ත ගොවියාට යහපත් ආර්ථිකයක්‌ ලබාදීමේ මෙහෙවරට තියුණු ලෙස පීඩාකාරීව බලපා ඇත. ගොවිජනතාවට යහපත් ආර්ථිකයක්‌ ලබාදීමට නම් ගෝලීය සන්දර්භය තුළදී දේශීය කෘෂි කර්මාන්තයේ වටිනාකම් තවදුරටත් විකාශය කරගත යුතු අතරම නවීකරණයෙන් උකහාගත් දේශීය උපාය මාර්ගයන් සහිතව ජාතික වැඩ පිළිවෙළකට ලාංකිකයන් මුල්ගල තැබිය යුතුව ඇත. කෙසේ වෙතත් වසර 2006-2016 අතර කාලය තුළදී කෘෂි කාර්මික අංශයේ වර්ධනය 1.5% සිට 4.5% දක්‌වා වැඩි කරලීමට දස අවුරුදු දැක්‌මෙන් යෝජිතය. මහින්ද චින්තනය අනුව වූ දස අවුරුදු දැක්‌මට අදාළ ක්‍රියාකාරකම් හමුවේ. 2008 වර්ෂයේ වී නිෂ්පාදනය යල මහ දෙකන්නයේම වාර්තා තබා ඇත. එය 7.8% ක වර්ධනයකි. 2008 වර්ෂයේ වී නිෂ්පාදනය අතිවිශේෂ වර්ධනයක්‌ පෙන්නුම් කරමින් මෙටි්‍රක්‌ ටොන් දස ලක්‍ෂ 1.75 ක්‌ දක්‌වා 51% කින් ඉහළ ගොස්‌ ඇත. එය නිදහසින් පසු ලැබූ දෙවැනි ඉහළම වර්ධනයයි. මේ අතර ලාංකික කෘෂි කර්මාන්තය තවත් අතකින් විශාල අනතුරකට මුහුණ දී ඇති බව පෙනෙන්නට ඇත. ඒ සත්ත්ව ආහාර සඳහා විශාල ලෙස වගා බිම් බදුදීමේ ක්‍රියාවලියය. බඩ ඉරිඟු වගාව මේ අර්බුදයේ පළමු තැනට පැමිණ ඇති අතරම ඒ හරහා ශ්‍රී ලාංකික මහා කෘෂි සංස්‌කෘතිය දෙවන වරටත් බටහිර වුවමනා වෙනුවෙන් වෙනස්‌ කරලීමකට ලක්‌ව ඇත. මිනිස්‌ පරිභෝජනය සඳහා යොදා ගන්නා ඉඩම් විශාල ලෙස සත්ත්ව ආහාර නිෂ්පාදනය වෙනුවෙන් වෙන්කරලීම බලවත් ආර්ථික, සමාජ, සෞඛ්‍ය, පාරිසරික ප්‍රශ්නයක්‌ අප වෙත නුදුරු අනාගතයේදී එල්ල කරනු ඇත. බඩ ඉරිඟු වගාවේදී එක්‌ වරක්‌ පමණක්‌ අස්‌වැන්න ලබාගත හැකි බීජ වර්ග වගා කිරීම සඳහා විශාල කෘත්‍රීම පොහොර ප්‍රමාණයක්‌ එයට එක්‌ වීමත් ඇදහිය නොහැකි තරම් විශාල පලිබෝධ නාශක ප්‍රමාණයක්‌ මුදාහැරීමත් ඉතා කුඩා රටක්‌ වූ ශ්‍රී ලංකාවට ඔරොත්තු නොදෙනු ඇත. පොහොර භාවිතය හා පලිබෝධ නාශක භාවිතය පිළිබඳ ගෝලීයව හා දේශීයව සංක්‍ෂිප්ත විස්‌තරයක්‌ දැක්‌වීම වැදගත් වනු ඇත. 1961 දී ලංකාවේ වී වගාව සඳහා පමණක්‌ රසායනික පොහොර භාවිතය ටොන් 29041 ක්‌ විය. 1970 දී එය ටොන් 87065 ක්‌ වූ අතර 1977 දී මෙටි්‍රක්‌ ටොන් 122,000 දක්‌වා ඉහළ යන ලදී. 1982 දී පොහොර මෙටි්‍රක්‌ ටොන් 186,000 ට වඩා ප්‍රමාණයක්‌ වී වගාව සඳහා භාවිතා කර ඇත. 2007-2008 අතර කාලයේදී රසයානික පොහොර මිලදී ගැනීම සඳහා ජාතිය වියදම් කර ඇති විදේශ විනිමය ප්‍රමාණය වනුයේ ඇමෙරිකන් ඩොලර් දස ලක්‍ෂ 576.6 කි. නමුත් රසායනික යෙදවුම් වැඩි වීම ඉහළ ගියද අස්‌වනු අතින් හෝ ලාබය අතින් ගොවීන්ට අත් වූ යහපතක්‌ නොවීය. එහෙත් මහා කෘෂි සංස්‌කෘතියටත් සොබාදහමටත් වෙල්යායවල් හරහා පියාඹා එනුයේ මහත්වූ ව්‍යසනයකි. ශ්‍රී ලංකාවේ මහා කෘෂි කර්මාන්තයට රසයානික පොහොර භාවිතය හා රසායනික කෘමි නාශක භාවිතය ආදේශ කරන ලද්දේ හරිත විප්ලවය හරහාය. 1943 දී මෙක්‌සිකෝවේ නොර්මන් බෝර්ග්ලෝග් විසින් වැඩි දියුණු කළ තිරිගු ප්‍රභේදයක්‌ හරහා ජනිත වූ හරිත විප්ලවය නිල වශයෙන් ආරම්භ වනුයේ 1963 දී එක්‌සත් ජාතින්ගේ ආහාර හා කෘෂි සංවිධානය සමග එක්‌ වූ රටවල් 44 ක්‌ සමගිනි. මේ වනවිට ගෝලීය ජන සමාජයේ හරිත විප්ලවය ක්‍රියාත්මක කිරීම සඳහා මධ්‍යස්‌ථාන 16 ක්‌ ස්‌ථාපිත කර ඇත. හරිත විප්ලවය හරහා ගෝලීය සමාජය අපේක්‍ෂා කළ යහපත් ඉපිලීමට වඩා අයහපත් ගති ලක්‍ෂණ මානව සංහතිය වෙලාගෙන තලා පෙළා ජාතීන් රෝගීන් බවට පත්කර ඇති බව සුලබ දර්ශනයකි. හරිත විප්ලවයෙන් පසුව විවිධ රසායනික හා යාන්ත්‍රික ක්‍රියාකාරකම් බලවත් වූහ. එම නිසා මිනිස්‌ සංහතියත් ස්‌වාභාවික පරිසරයත් අතර නොනවතින ගැටලු ඇති වී ඇත. මිනිසාගේ ජනගහන වර්ධනයත් ඊට සාපේක්‍ෂව වනාන්තර හෙළිකිරීමත් ජනාවාස පුළුල් කිරීමත්, කෘෂිකර්මාන්තය යාන්ත්‍රණික වීම නිසාත් බොහෝ සත්ත්ව සමාජයන්ට මිනිසාගේ වගාවන් ආශ්‍රිතව ජීවත්වීමට සිදුව ඇත. එම නිසා දැවැන්ත අලියාගේ සිට කුඩා කෘමීනුත් ක්‍ෂුද්‍ර ජීවීන් හා වෙනත් සත්ත්ව විශේෂයන් සමග මිනිසා දිගු අවිචාරවත් සටනකට මුල්ගල තබා ඇත. පූර්ව මහා කෘෂි සංස්‌කෘතියේ උගුල් ඇටවීම, පඹයන් තැබීම, දස අවතාර තැබීම, විලෝපියන් සඳහා පොල් පිති ආදී ආදාරක සිටුවීම, විවිධ ශබ්ද සහිත උපකරණ භාවිතය, කෙම් ක්‍රම ආදී පරිසරය සමග ඒකාත්මක ස්‌වභාවික ජෛව පාලන ක්‍රම භාවිත කර ඇත. නමුත් උක්‌ත හරිත විප්ලවයෙන් පසුව ඉතා කඩිනමින් පලිබෝධ නාශක භාවිතය සඳහා ගොවීන් හුරු පුරුදුවිය. පලිබෝධ නාශක ලෙස භාවිතයට ගැනෙනුයේ දිලීර නාශක, ධූම කාරක, ඇකරිනාශක, රොදන්ත නාශක, නෙමොටෝයා නාශක, වල් නාශක, කෘමි නාශක ලෙස වර්ග කර ඇති ඒවාය. මෙම බොහෝ කෘමි නාශක ද්‍රව්‍ය යුරෝපයෙත්, ඇමරිකා එක්‌සත් ජනපදයේ නිෂ්පාදනයන්ය. ශ්‍රී ලංකාවේ පළමු වරට 1940 දී මැලේරියා මර්දන ව්‍යාපාරය සඳහා කෘමි නාශක භාවිත කරන ලදී. නමුත් හරිත විප්ලවයෙන් පසුව මෙය අදහාගත නොහැකි තරමට කෘෂි මහා සංස්‌කෘතියත්, මානව සංහතියත් බිලිගෙන ඇත. ශ්‍රී ලංකාවේ පලිබෝධ නාශක භාවිතය ලතින් ඇමරිකානු හා අප්‍රිකානු රටවල් අභිබවා ගොස්‌ ඇත. එම රටවල පලිබෝධ නාශක භාවිතය හෙක්‌ටයාරයකට ග්‍රෑම් 1000 ක්‌ වන අතර ශ්‍රී ලංකාවේදී එම තත්ත්වය ග්‍රෑම් 1800 ක්‌ පමණ වී ඇත. පලිබෝධ නාශක සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය 2000 දී මෙටි්‍රක්‌ ටොන් 410 ක්‌ පමණ වන අතර සකස්‌ කළ ද්‍රව්‍ය ටොන් 3750 කි. වියදම් වී ඇති මුදල ඩොලර් මිලියන ගණනකි. 1990 සිට 2003 දක්‌වා වූ වසර 14 තුළදී කෘමි නාශක මෙටි්‍රක්‌ ටොන් 28,500.58 ක්‌ ද, වල් නාශක මෙටි්‍රක්‌ ටොන් 33,598.72 ක්‌ ද දිලීර නාශක මෙටි්‍රක්‌ ටොන් 9,592.00 වශයෙන් මෙටි්‍රක්‌ ටොන් 71,192.48ක්‌ ආනයනය කොට ඇත. දෙකෝටියකට වඩා වූ ශ්‍රී ලාංකික ජනයා අතර ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ප්‍රමාණය 1,800,000 වන අතර එහි 9,000,000 ලක්‍ෂයක වඩා ජනතාවක්‌ ජීවත් වෙති. ඉන් අඩකට වඩා කාන්තාවන්, ළදරුවන් සහ දරුවන් නියෝජනය වනු ඇත. ඉහත සඳහන් කළ අදහාගත නොහැකි තරම් වූ කෘමි නාශක ප්‍රමාණය නිසා කාන්තාවන්ද, ජාතියේ අනාගත පරපුරද, ලක්‌ මාතාවගේ ස්‌වභාවික හැඩරුවද විනාශයේ දොරටුවට තට්‌ටු කරමින් ඇත. මෙම මහා විනාශයෙන් බේරීමට නම් අප නැවත අපේ මහා කෘෂි සංස්‌කෘතියේ තිබූ සරල එහෙත් තිරසර ගති ලක්‍ෂණ වෙත හා ස්‌වභාව ධර්මයා සමග යහපත් අයුරින් ඒකාත්මික වූ විශ්මිත කෘෂි දර්ශනය වෙත යොමු විය යුතුය. එදා අපේ මුතුන් මිත්තන්ට තාරකා විද්‍යාව පිළිබඳ තිබූ අත්දැකීම් ද සූර්යයාගේ ගමන් මාර්ගය පිළිබඳ තිබූ වැටහීමද ප්‍රයෝජනයට ගෙන යහපත් පාරිසරික හැඩරුවක්‌ ඇති, ගොවිතැන් රටාවක්‌ තුළ තම මානව අවශ්‍යතා ඉටු කරගත්හ. අප්‍රේල් මාසයේ අකුණු ගැසීම් නිසා ඇතිවන වෙනස්‌කම් පිළිබඳවත් ඒ හරහා පස සාරවත් වීමේ ක්‍රියාවලිය පිළිබඳ ඔවුන්ට තිබූ අත්දැකීම් පිළිබඳ අපට ඇත්තේ විශ්මයකි. සංවහන වැසි රටාව නිසා ස්‌වභාවයෙන් පොළොව සරුවන බව දැන සිටි අපේ මුතුන් මිත්තන් සමකය ආශ්‍රිතව පිහිටි ලක්‌ පොළොවේ පොහොර නිෂ්පාදනය වන්නේ පොළොව මතුපිටින් බවද? ක්‍ෂුද්‍ර ජීවින් සිටින්නේද පොළොව මතුපිට බව ද ඔවුන් හොඳින් අධ්‍යයනය කර තිබිණි. එම පොළොව මතුපිට පමණක්‌ තරමක්‌ පස සකස්‌ කරලීමට අවශ්‍ය දේශීය නඟුල භාවිත කරන ලද්දේ, ගැඩවිලුන් හා පනුවන් ආරක්‍ෂා කරගැනීම සඳහාය. පනුවන් සහ ගැඩවිලුන් වසර කෝටි ගණනකට පෙර සිට පොළොව සරු කර ඇති අතර වර්තමානයේද එසේමය. අපේ පසේ ඉතා සාරවත් බව මුතුන් මිත්තෝ මහා කෘෂි සංස්‌කෘතිය හරහා හොඳින්ම අත්දැන සිටියහ. එහි විද්‍යාත්මක ගති ලක්‍ෂණ නූතන විද්‍යාත්මක පාරිභාෂිත වචන හරහා නොවුණත් දියුණු මානසික අවධීන් පුහුණු කරගත් ආදී සිංහලයා හොඳින් තේරුම්ගෙන තිබූ බව ඉතා පැහැදිලිය. මෙවැනි අති දියුණු ශිල්පීය හැකියාවන් පිළිබඳ නවීන කළමනාකරණ උපායමාර්ග හරහා නැවත අප අවධානය යොමු කළ යුතුය. 21 වන සියවසේදී වූවත් ලාංකික තරුණ පරපුර තවදුරටත් කෘෂි කර්මාන්තයේ යෙදෙනුයේ උරුමයෙන් ලැබෙන පෙළඹවීම මත පමණි. කෘෂි කර්මාන්තය පිළිබඳ ගොනුවූ රාජ්‍ය ආයතන රාශියක්‌ ඇතත් ග්‍රාමීය මට්‌ටමේ තරුණ පරපුර ඔවුන්ගේ උරුම කෘෂි සංස්‌කෘතිය සඳහා වඩා නවීකරණයෙන් යුතුව ගෝලීය සන්දර්භයක්‌ තුළ ඇති වටිනාකම් පිළිබඳ අවධානයකින් යුතුව යොමු කරලීමක්‌ තව දුරටත් දැකිය නොහැකිය. මෙම තත්ත්වය දේශීය කෘෂි කර්මාන්තයේ දායකත්වය දළ දේශීය නිෂ්පාදනයේදී වඩා තීව්‍රර ලෙස පහළ බැසීමට හේතුවූ මුලික කාරණයකි. අපේ තරුණ පරපුර ගෝලීය සන්දර්භයක්‌ තුළ දේශීය කෘෂිකර්මාන්තයේ කොටස්‌ කරුවන් කරලීමට නම් ඔවුන්ගේ තරුණ ජීවිතවල වටිනාකම් සඳහා වර්තමාන ගෝලීය දියුණු සමාජයන් හි ඇති වටිනාකම් අතර සබඳතාවක්‌ ගොඩනැඟêය යුතුව ඇත. ලාංකික කෘෂි සංස්‌කෘතියේ තරුණ පරපුර ගෝලීය සන්දර්භය තුළ දේශීය කෘෂි කර්මාන්තයේ හිමිකරුවන් කරලීමට නම් ආණ්‌ඩුව තරුණයන් මහා කෘෂි සංස්‌කෘතියේ ගුණාත්මක කාරණා අනුව පුහුණු කරලීමට වැඩ සටහන් දියත් කළ යුතුව ඇත. උක්‌ත තරුණ පරපුර පිළිබඳ වූ ජාතිකම වැඩසටහන් සංවිධානය කළ යුත්තේ වසර 30 ක්‌ සඳහා වූ සැලැස්‌මක්‌ සහිතවය. ඒ සඳහා වූ ක්‍රියාවලිය ඇතුළත් වැඩ සටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලීමේදී. 01. 1935 අංක 19 දරන ඉඩම් සංවර්ධන පනත (1946,1955,1961,1969 සම්බන්ධ කිරීම) 02. 1958 අංක 01 දරන කුඹුරු පනත 03. 1972 ඉඩම් ප්‍රතිසංස්‌කරණ පනත 04. 1972 අංක 5 දරන ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතන පනත, 05. 1972 අංක 11 දරන රාජ්‍ය කෘෂි කාර්මික සංස්‌ථාපිත කිරීමේ පනත 06. 1972 අංක 14 දරන වී අලෙවි මණ්‌ඩල පනත 07. 1973 අංක 09 දරන වී නිෂ්පාදකයන්ගේ ඉතිරි කිරීමේ පනත 08. 1973 අංක 15 දරන සාගිනි නිවීමේ මණ්‌ඩල පනත 09. 1973 අංක 30 දරන ශ්‍රී ලංකාවේ පලතුරු වගාව පිළිබඳ පනත 10. 1973 අංක 42 දරන කෘෂිකාර්මික ඉඩම් නීතිය 11. 1979 අංක 58 දරන ගොවි ජන සේවා පනත පිළිබඳ නැවත අවධානය යොමු කොට වර්තමාන කෘෂි සංස්‌කෘතියේ දේශීයව හා ගෝලීයව නැඟිසිටීමට අවශ්‍යව සංශෝධනයක්‌ කළ යුතුය. මේ සඳහා දේශීය හා විදේශීය විද්වතුන්ගේ අදහස්‌ ලබාගැනීමට කටයුතු කළ යුතුය. එම වෙනස්‌ කරලීම සඳහා ඉහත විස්‌තර කළ කාරණාවන්ට අනුව රටේ කෘෂි සමාජ තරුණ පරපුරත්, සාම්ප්‍රදායික ගොවි පරපුරත්, අපනයන වගා කරුවනුත්, සාම්ප්‍රදායික වැවිලි සමාජයත් ගොනු කරගත් සමාජ ආර්ථික, තාක්‍ෂණික ප්‍රතිසංස්‌කරණ ආරම්භ කළ යුතුය. පුරුදු පුහුණු වූ ගෝලීය දැක්‌මක්‌ ඇති කරුණු කෘෂි ව්‍යාපාරිකයන් පුහුණු කර සමාජයට එකතු කිරීම අද්‍යතනව ඉතාමත්ම වැදගත් ජාතික අවශ්‍යතාවක්‌ බවද සඳහන් කරමි. දේශප්‍රිය නානායක්‌කාර