Wednesday, July 25, 2012

මිහිතලය සුරකින සුමිතුරෝ

මිහිතලය සුරකින සුමිතුරෝ 2004 දී ජපානයේ KEIO UNIVERSITY හි මහාචාර්ය හිරෝෂි ෂිමෙයිෂු (HIROSHI SHIMIZU) ගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්‌ඩායම විසින් හඳුන්වාදුන් ඉතාම වේගවත් හා සුරක්‍ෂිත ධාවන ක්‍රියාවලියකින් යුත් රෝද අටක්‌ සහිත එලිකා විදුලි (ELIICA ELCETRIC CAR) මෝටර් රථය.


ලිතියම් බැටරියකින් (LITHIUM BATTERY) ධාවනය වන ජපානයේ නිසාන් මෝටර් රථ සමාගම විසින් නිෂ්පාදිත නිසාන් ලිෆ් මෝටර් රථය (EN. WIKIPEDA ORG.
WIKI, NISSAN LEAF)


ජපානයේ ජෙනිපැක්‌ස්‌ (GENEPAX) සමාගම විසින් වතුර ලීටරයකින් කිලෝමීටර් 80 ක වේගයකින්පැයක්‌ ධාවනය කළ හැකි මෝටර්¨ රථය




අද්‍යතන පෘථිවි චිපිට ගෝලයේ ජීවත් වන පෘථිවි මානූෂිය වර්ගිකයන්ට නව තාක්‍ෂණය හුරු කිරීම තරම් වෙනත් වැදගත් අවශ්‍යතාවක්‌ නැති තරම්ය. දේශගුණ විපර්යාසයන් වඩාත් ප්‍රචණ්‌ඩකාරී අයුරින් ක්‍රියාත්මකවීම කළමනාකරණය කරගැනීමට නම් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ පැරණි විද්‍යාත්මක චින්තනයේ සොයාගැනීම් වඩාත් පරිසරහිතකාමීව නැවත තියුණු තාක්‍ෂණයෙන් දියුණු කරගත යුතුව ඇත.

ඒ සඳහා ප්‍රධාන වශයෙන් බලපාන කරුණු ද්වය වනුයේ ප්‍රවාහන කටයුතුවලින් වායු ගෝලයට නිකුත් වන කාබන් ප්‍රමාණය අඩුකර ගැනීම හා විදුලි බලය නිෂ්පාදනය කරගැනීමේදී විප්‍රෙෂණය වන කාබන් ප්‍රමාණය අඩුකර ගැනීමය. උක්‌ත කරුණු ද්වයම පෘථිවි චිපිට ගෝලයේ බොහෝ මානූෂිය වර්ගිකයන්ගේ ජීවිත හා ඉතා සියුම් ආකාරයෙන් බැඳී ඇත. එම නිසා මේ සඳහා විකල්ප ඉදිරිපත් කිරීමේදී එම බලශක්‌ති ප්‍රභවයන්ගේ ධාරිතාවය පෘථිවි චිපිට ගෝලීය සමස්‌ත මානූෂිය වාර්ගිකයන්ගේ බොහෝ අවශ්‍යතාවන්ට සරිලන පරිදි විය යුතුමය. කාබන් විප්‍රෙෂණය නොවන පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් අවශ්‍ය ආකාරයට දියුණු කරගත හොත් පෘථිවි චිපිට ගෝලයේ ප්‍රවාහන කටයුතු සඳහා එම පිවිතුරු විදුලිය යොදාගැනීමෙන් යාන - වාහන වලින් විප්‍රෙෂණය වන කාබන් ප්‍රමාණය ද අඩුකර ගත හැකි වනු ඇත. පෘථිවි චිපිට ගෝලය සිසාරා අද්‍යතනව පවත්වාගෙන යන විදුලිබල නිෂ්පාදන ජාලය ඒ අයුරින්ම ක්‍රියාත්මකව තිබියදී කාබන් විප්‍රෙෂණය පිළිබඳ ගෝලය සිසාරා නොයෙකුත් විශ්වවිද්‍යාලවල විද්‍යාඥයෝ නානාවිධ පර්යේෂණවල යෙදී සිටිති.

ඒ අතරින් ඩෙන්මාර්කයේ රොස්‌කිල්ඩ් විශ්වවිද්‍යාලය (ROSKILDE UNIVERSITY) හා ඇමෙරිකාවේ නිව්ජර්සි හි ප්‍රින්ස්‌ටන් විශ්වවිද්‍යාලය ද (PRICETON UNIVERSITY) වඩාත් ගැඹුරින් මේ සඳහා යොමු වී ඇත. ඩෙන්මාර්කයේ මහාචාර්ය බෙන්ට්‌ සෝර්න්සන් (BENT. ERIK. SORENSEN) ගේ ප්‍රධානත්වයෙන් කළ පර්යේෂණ වල තොරතුරු ඇතුළත් ග්‍රන්ථ රාශියක්‌ ප්‍රකාශයට පත් වී ඇත. ඒ අතරින් විදුලි බලය හා ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව යන අදහස ගෙන දෙන RENEWABLE ENERGY SOURCES FOR FUELS AND ELECTRICITY යන ග්‍රන්ථය ද පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව පිළිබඳ අත් පොත යන අදහස ගෙන දෙන RENEWABLE ENERGY FOCUS HAND BOOK යන ග්‍රන්ථය ද සූර්ය බලශක්‌ති ඉංජිනේරු හා ක්‍රියාපද්ධතිය යන අදහස ගෙන දෙන SOLAR ENERGY ENGINEERING
PROCESSES SYSTEMS යන ග්‍රන්ථයයේ ද වඩාත් විස්‌තර ඇතුළත්ය.

පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව 10 ක්‌ 15 ක්‌ අතර ප්‍රමාණයක්‌ පිළිබඳ ගෝලීය විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී ඇත. ඒ අතරින් වඩාත් ඉදිරියෙන් තිබෙනුයේ සූර්ය බලශක්‌තිය (SOLAR ENERGY), භූතාප බලශක්‌තිය (GEO THEMAL), සුළං බලය (WIND POWER), සාගර බලශක්‌ති ප්‍රභව වන වඩදිය බාදිය චලනයෙන් ඇතිවන බලය (TIDAL POWER, WAVE POWER) ජෛවස්‌කන්ධ බලශක්‌ති ප්‍රභව (BIO MASS), කාබනික ද්‍රව්‍ය ඇසුරෙන් නිපදවන බලශක්‌ති ප්‍රභව (BIO FUEL, BIO
DIESEL), හයිඩ්‍රජන් (HYDROGEN), එතනොල් (ETHANOL), ඇමෝනියා (AMMONIA), දියර නයිට්‌රජන් (LIQUID NITROGEN) ජලජ ශාක ඇසුරෙන් නිපදවන බලශක්‌ති ප්‍රභව (ALGAE BASED FUELS), මද්‍යසාර ඉන්ධන (ALCOHOL
FUELS), සමපීඩන වායු බලශක්‌තිය (COMPRESSED AIR) හා න්‍යෂ්ඨික බලශක්‌තිය (NUCLEAR POWER) ආදී වශයෙනි.

මීට පෙර විස්‌තර කර ඇති පරිදි ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ නොයෙකුත් මාදිලියේ රථවාහන හා යන්ත්‍ර සූත්‍ර සඳහා ගෝලය සිසාරා නොයෙකුත් විද්‍යාඥයන් පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් ආදේශ කර ඇත. (EN. WIKIPEDIA ORG. WIKI/RENEWABLE ENERGY)

ඒ අතරින් 2004 දී ජපානයේ KEIO UNIVERSITY හි මහාචාර්ය හිරෝෂි ෂිමෙයිෂු (HIROSHI SHIMIZU) ගේ ප්‍රධානත්වයෙන් යුත් පර්යේෂණ කණ්‌ඩායම විසින් හඳුන්වාදුන් ඉතාම වේගවත් හා සුරක්‍ෂිත ධාවන ක්‍රියාවලියකින් යුත් රෝද අටක්‌ සහිත එලිකා විදුලි (ELIICA ELCETRIC CAR) මෝටර්රථ මාදිලි ඉතා අලංකාරය. (EN. WIKIPEDIA ORG. WIKI, ELIICA ELECTRIC CAR) ප්‍රංශයේ සුප්‍රසිද්ධ රෙනොල්ට්‌ සමාගම ද ලිතියම් බැටරියකින් (LITHIUM BATTER) ධාවනය වන රෙනොල්ට්‌ ප්ලුවන්ස්‌ (RENAULT FLUENCE) රථයක්‌ 2009 FRANK FURT MOTOR SHOW හිදී ප්‍රදර්ශනය කළේය. මෙම මාදිලියේ මෝටර් රථ 2011 දී ගෝලීය මෝටර් රථ වෙළෙඳපොළට නිකුත් කෙරෙනු ඇත. (EN.
WIKIPEDIA. ORG. WIKI. RENAULT MOTORS) ඇමෙරිකා එක්‌සත් ජනපදයේ කැලිෙµdaනියාවේ තෙස්‌ලා මෝටර් (TESLA
MOTORS) සමාගම නිෂ්පාදනය කර ඇති මෝටර් රථ ද වෙළෙඳපොළට නිකුත් වීමට නියමිතය. ඇමෙරිකාවේ පෝඩ් සමාගම ද තම FORD FOCUS BEY වාහනය වෙළෙඳපොළ වෙත නිකුත් කිරීමට සූදානම්ය. ජපානයේ නිසාන් මෝටර් රථ සමාගම විසින් නිෂ්පාදිත නිසාන් ලිෆ් මෝටර් රථය ද (EN. WIKIPEDA ORG. WIKI, NISSAN LEAF) ජපානයේ ටොයොටා සමාගම විසින් නිෂ්පාදිත දෙමුහුන් වග_යේ මෝටර්රථයක්‌ වන ඔTOYOTA PRIUS HYBRID මෝටර් රථය ද ස්‌වීඩනයේ වොල්වෝ සමාගම ඇතුළු ගෝලය සිසාරා මෝටර් රථ නිෂ්පාදන සමාගම් සියල්ලම අද්‍යතනව මේ සඳහා පෙළගැසී ඇත. ජපානයේ ජෙනිපැක්‌ස්‌ (GENEPAX) සමාගම විසින් වතුර ලීටරයකින් කිලෝමීටර් 80 ක වේගයකින් පැයක්‌ ධාවනය කළ හැකි මෝටර්රථයක්‌ නිෂ්පාදනය කර ඇත. මෙම මෝටර්රථයේ සජීවී දර්ශන අන්තර් ජාලයේ YOU TUBE මගින් ඔබට දර්ශනය කර ගත හැක. (EN. WIKIPEDIA. ORG. WIKI/WATER
POWERD CAR) ඉදිරි දශකයේදී පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ මෝටර් රථ වෙළෙඳපොළ උක්‌ත බලශක්‌ති ප්‍රභවයන්ගෙන් සවිබලගැන්වූ මෝටර් රථ වලින් පිරී යනු ඇත. පුනර්ජනනීය (RENEWABLE) බලශක්‌ති ප්‍රභව මගින් මෝටර් රථ යන්ත්‍ර සූත්‍ර සඳහා බලය සැපයීමට පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ අප්‍රහිත විද්‍යාඥයන් සමත් වී ඇතත් ඉතා වැදගත් අවශ්‍යතාවක්‌ වන විදුලි බලය නිෂ්පාදනය කර ගැනීමෙහිලා තවදුරටත් ක්‍රියාත්මක විය යුතුව ඇත. විදුලිබල නිෂ්පාදනය සඳහා යොදාගත හැකි අඩු කාබන් තාක්‍ෂණය වර්ග ද්වයකට වෙන්කර හැකිය. මෙයින් එක්‌ වර්ගයක්‌ විදුලි බලය වරින් වර පරිපූරක ලෙස ලබාදීමටත් අනෙක්‌ වග_ය නොකඩවා ලබා දීමටත් යොදාගත හැකිය. පරිපූරක ලෙස විදුලි බලය ලබාදීම යන්නෙන් අදහස්‌ කරනුයේ අවශ්‍ය ප්‍රමාණයට විදුලි බලය නිපදවීමට විවිධ බලශක්‌ති ප්‍රභවයන් මාරුවෙන් මාරුවට යොදා ගැනීමය.

පරිපූරක විදුලිබලය සඳහා යොදාගත හැකි ආර්ථික වශයෙන් ඵලදායි හා තාක්‍ෂණික ක්‍රියාවලිය අතින් වඩාත්ම මුහුකුරා ගිය බලශක්‌ති ප්‍රභවය සුළං බලයයි. සුළං බලය ශක්‌ති ප්‍රභවයක්‌ ලෙස යොදා ගැනීම අතින් අද්‍යතන ලෝකයේ පෙරමුණ ගෙන සිටින්නේ ඩෙන්මාර්කයයි. (EEN. WIKIPEDIA ORG. WIKI.
WIND POWER IN DENMARK) සුළං බලයෙන් බලශක්‌ති නිෂ්පාදනය කිරීම පිළිබඳව රචිත කෘති රාශියකි. ඒ අතරින් PAUL
GIPE විසින් රචිත සුළං බල තාක්‍ෂණයේ මූලික කාරණ යන අදහස ගෙන දෙන WIND ENERGY BASICS, AGUIDE TO
HOME - AND COMMUNITY SCALE WIND ENERGY නමැති කෘතිය ද WIND POWER නමැති කෘතිය ද ඇතුළු කෘති කිහිපයක්‌ රචනා කර ඇති උක්‌ත කතුවරයා මහා බ්‍රිතාන්‍යයේ පිහිටි ගෝලීය පුනර්ජනනීය බලශක්‌ති සම්මේලනයෙන් (WORLD RENEWABLE ENERGY CONGRESS,
WREC/WREN) WWW.WRENUK.CO.UK) හා ජර්මනියේ පිහිටි ගෝලීය සුළං බලශක්‌ති සම්මේලනයෙන් ද (WORLD
WIND ENERGY ASSOCIATION) කැනෙඩියානු සුළං බලශක්‌ති සම්මේලනයෙන්ද (CANADIAN WIND ENERGY
ASSOCIATION) ඉතා ඉහළම සම්මාන ප්‍රදානය කිරීමෙන් ඇගයීමට ලක්‌වූ සුළං බලශක්‌ති ප්‍රභවය පිළිබඳ විශාල දැනුමක්‌ ඇති පුද්ගලයෙකි.

අද්‍යතනව සුළං බලය යොදා වැඩිම විදුලි ධාරිතාවක්‌ නිපදවන රටත් සුළං බල ටර්බයින නිෂ්පාදනය කිරීමේදී දියුණුම තාක්‍ෂණය උපයාගෙන ඇති රටත් ඩෙන්මාර්කයයි. ඩෙන්මාර්ක්‌ ජනතාව සුළං බලය භාවිත කර විදුලි බලය නිපදවීම ආරම්භ කළ කාලයේදී ඒ සඳහා වැය වූ පිරිවැය ඉතා විශාලය. නමුත් සුළං බලයේ ඇති අනාගත ශක්‍යතාව පිළිබඳ හොඳ අවබෝධයක්‌ ඔවුන් සතුව තිබූ හෙයින් ඔවුන් අධෛර්යයට පත් වූයේ නැති අතර ඩෙන්මාර්ක්‌ රජය ද සුළං බල තාක්‍ෂණයේ පිරිවැය පහළ බසින තුරුම සිය රටේ ජනතාවට හා එම ආයෝජන සමාගම්වලට නොයෙක්‌ ආකාරයෙන් ආධාර සපයා ඇත. අද්‍යතනව ඩෙන්මාර්කයේ සමස්‌ත විදුලිබල නිෂ්පාදනයෙන් 21% ක්‌ නිපදවනුයේ සුළං බල තාක්‍ෂණයෙනි. මෙම සුළං බල විදුලි බලාගාරවලින් 85% ක්‌ ම අයිතිය සතුව ඇත්තේ ජනතා සහභාගිත්වය ඇති සමාගම්වලටය.




ප්‍රකාශ වෝල්ටීය කෝෂ මතට ((PHOTOVOLATIC CELL) පතිත වන හිරු එළිය විදුලිය බවට පත්වේ. සාමාන්‍ය නිවසකට අවශ්‍ය කරන වොට්‌ 1.4 ක විදුලි බලයක්‌ ලබාගැනීමට වොට්‌ 80 ක හෝ 160 ප්‍රමාණයේ ප්‍රකාශ වෝල්ටීය පුවරු 10 ක්‌ හොඳටම ප්‍රමාණවත්ය. පෘථිවි චිපිට ගෝලයේ රටවල් 15 ක පමණ සිවිල් ජනතාව මේ ආකාරයට තම විදුලිබල පද්ධතියෙන් නිපදවන අතිරික්‌ත විදුලිබලය ඒ ඒ රටවල ජාතික විදුලිබල ජාලයට අලෙවි කරනු ලබයි. සාමාන්‍යයෙන් ජපානයේ ගෘහ මූලිකයකු විදුලි බලය රජයට විකුණා ඩොලර් 50 ක පමණ අතිරේක ආදායමක්‌ මාසිකව උපයා ගන්නා බව සඳහන්ය.

රටවල් කිහිපයකම සුළං බලයෙන් නිපදවන විදුලි බලය ෆොසිල ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලිබල නිෂ්පාදනයට වඩා ලාබදායිව පවත්වා ගෙන යනු ලබයි. ඇමෙරිකාවේද සමස්‌ත විදුලි සැපයුමෙන් 20% ක්‌ පමණ සුළං බලයෙන් සපුරා ගත හැකි බවට ඇස්‌තමේන්තු කර ඇත. සුළං බලය යොදාගැනීම සඳහා ඇති ප්‍රබලම අභියෝගය වනුයේ අවශ්‍ය ආකාරයට නිරන්තරයෙන් හමන සුළං නැති වීමය. මේ හේතුව නිසා මහා බ්‍රිතාන්‍යයේ සුළං බල කුලුණු ටර්බයින මගින් නිපදවනුයේ එ මගින් වසරකට නිපදවිය හැකි මුළු බලශක්‌තියෙන් 28% ක්‌ පමණය. කෙසේ වෙතත් විදුලිබලය නිෂ්පාදනය සඳහා යොදාගන්නා ඕනෑම බලශක්‌ති ප්‍රභවයක මේ සමාන අතිරික්‌තයක්‌ තිබේ. බ්‍රිතාන්‍යයේ විදුලිබලය නිපදවීමට භාවිතා කරන න්‍යෂ්ටික බලයෙන් භාවිත වන ශක්‍යතාව 60% ක්‌ බව ඒ හා සම්බන්ධ ලේඛන වල සඳහන්ය. සුළං බලය යොදා ගැනීමේදී සුළඟ මදිවීමෙන් ඇතිවන පාඩුව, සුළං බල කුළුණුවල දිගුකාලීන භාවිතය හා සුළං බලය නොමිලේ ලැබීම ආදී කාරණා හේතුවෙන් තවදුරටත් ලාභදායකය. ගල් අඟුරු හෝ ගෑස්‌ බලාගාරවල ටර්බයින අලුත්වැඩියාවට වඩා පහසුවෙන් හා අඩු වියදමෙන් සුළං බලාගාරවල අලුත්වැඩියාවන් හා නඩත්තුව කරගත හැකි වීම වඩාත් වාසිදායකය.

සැබවින්ම සොබාදහමේ අපූරු දායාදයක්‌ වන ගහකොළ, ඇළ දොළ කඳු ශිඛර පිසගෙන හමන සිහිලැල් සුළගින් පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ අද්‍යතන ජීවිත වලට නැතිවම බැරි තාක්‍ෂණික අවශ්‍යතාවක්‌ වන විදුලිබලය නිපදවා ගැනීමට පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ විද්‍යාත්මක චින්තනයට හැකි වී තිබීම සොබා දහමේ දිගුකාලීන පැවැත්මට හා පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ අනාගත පරපුරේ පැවැත්මට මහත්ම පිටිවහලක්‌ වනු නොඅනුමානය.

සොබා දහමේ තවත් එවන් ඉතාමත් වැදගත් දායාදයක්‌ වනුයේ සූර්ය බලශක්‌තියයි. සූර්ය බලශක්‌තියෙන් ඉතා පහසුවෙන් පෘථිවි මානුෂිය වාර්ගිකයන්ට ලබාගත හැකි සේවාවන් ත්‍රිත්වයක්‌ පිළිබඳව ඇමෙරිකාවේ හොනළුලු හවායි පිහිටා ඇති ගෝලීය සූර්ය බලශක්‌ති සම්මේලනය (GLOBAL SOLAR THERMAL
ENERGY COUNCIL HAWAII) විස්‌තර කර ඇත. ඒ සූර්ය තාපයෙන් ජලය රත් කිරීම, සූර්යතාපක (SOLARTHERMAL) පුවරු හා ප්‍රකාශ වොල්ටීය කෝෂ (PHOTOVOL TAIC CELLS) පිළිබඳවය. සූර්ය තාපයෙන් ජලය රත් කිරීම ඉතාමත් සරල වූද බොහෝ විට නිවෙස්‌වල විදුලි බිල අඩුකර ගැනීමට ද හැකි වන්නාවූ ඉතා සරල මුත් ප්‍රායෝගිකව අපටත් වායුගෝලයටත් සේවාවන් සිදුවන තාක්‍ෂණයකි. දක්‍ෂිණාර්ධගෝලයේ පිහිටි නිවාස වල උතුරට මුහුණලා ඇති වහලයේද උත්තරාර්ධ ගෝලයේ ඇති නිවෙස්‌වල දකුණට මුහුණලා ඇති වහලයේ ද සූර්යතාප උණු වතුර උපකරණ විශේෂ නඩත්තුවකින් තොරව බොහෝ කල් භාවිත කළ හැකිය. උක්‌ත සූර්ය බල ජලතාපකයන්ට සාමාන්‍යයෙන් ගෑස්‌ හෝ විදුලි බලයෙන් පණගැන්වෙන බූස්‌ටරයක්‌ ද සවි කළ යුතුය.

සූර්යතාපය යොදා විදුලිබලය නිපදවන ගෘහ බලාගාරවල ධාරිතාව සාමාන්‍ය නිවසක විදුලි බලශක්‌ති ඉල්ලුම ඉක්‌මවා යයි. මෙම බලාගාර ක්‍රියාකරනුයේ අතිකාර්යක්‍ෂම සූර්ය තාප පුවරු (SOLAR PANEL) මතට පතිත වන හිරුරැස්‌ විදුලිය හා තාපය බවට පත් කිරීමෙනි. මේ සඳහා නොයකුත් මාදිලියේ සූර්යතාප පුවරු අද්‍යතනව නිෂ්පාදනය කර ඇති අතර ඒවා මිලෙන්ද තරමක්‌ අඩුය. ඉදිරියේදී සූර්ය තාප පුවරු යොදා ගැනීමෙන් නිපදවෙන විදුලිබල ධාරිතාවය සුළං බලයෙන් අද්‍යතනව නිපදවන ප්‍රමාණයට වඩා ඉහළ යනු ඇත. සූර්යතාප පුවරු හා සුළං බලශක්‌තිය පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ ග්‍රහලෝකයේ, එසේ නැතහොත් පෘථිවි චිපිට ගෝලීය වායු ගෝලයේ ජීව පැවැත්මට හවුල් වී ආධාර උපකාර කළ හැකි පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ යහපතට බලපාන කදිම හවුල්කරුවන් දෙදෙනකි.

ගෝලීය බොහෝ විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ සූර්යතාප පුවරුවලට වඩා නියම ආකාරයේ සූර්ය බලශක්‌ති තාක්‍ෂණය වනුයේ ප්‍රකාශ වෝල්ටීය කෝෂ තාක්‍ෂණය (PHOTOVOLATAIC CELL) බවය. එම නිසා සැබැවින්ම වායුගෝලය කඩිනමින් යථා තත්ත්වයට පත්කර ගැනීමට කළ යුතු වැදගත්ම තාක්‍ෂණික පියවර වන්නේ ඔබට අවශ්‍ය විදුලි බලය නිෂ්පාදනය කරගැනීමට ප්‍රකාශ වෝල්ටීය කෝෂ යොදා ගැනීමය. එක්‌ වරක්‌ මේ සඳහා අවශ්‍ය මූලික උපකරණ මිලදී ගත් පසු තවදුරටත් ඔබට විදුලි සමාගම්වල හෝ මණ්‌ඩලයේ සැපයීම් මත යෑපීමට අවශ්‍ය නැත. අනෙක්‌ අතට සංකීර්ණ ජාලයකට සම්බන්ධ වී අවශ්‍යතාව ඉටුකරගන්නවාට වඩා ඔබේම නිවසේ ඔබටම අයත් බැටරි සමූහයකින් ඔබට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීම ඔබටත් ආඩම්බරයක්‌ වන අතර වායුගෝලයීය පැවැත්මට ද මහත් ආධාරයකි.

ප්‍රකාශ වෝල්ටීය කෝෂ මතට (PHOTOVOLATIC CELL) පතිත වන හිරු එළිය විදුලිය බවට පත්වේ. සාමාන්‍ය නිවසකට අවශ්‍ය කරන වොට්‌ 1.4 ක විදුලි බලයක්‌ ලබාගැනීමට වොට්‌ 80 ක හෝ 160 ප්‍රමාණයේ ප්‍රකාශ වෝල්ටීය පුවරු 10 ක්‌ හොඳටම ප්‍රමාණවත්ය. පෘථිවි චිපිට ගෝලයේ රටවල් 15 ක පමණ සිවිල් ජනතාව මේ ආකාරයට තම විදුලිබල පද්ධතියෙන් නිපදවන අතිරික්‌ත විදුලිබලය ඒ ඒ රටවල ජාතික විදුලිබල ජාලයට අලෙවි කරනු ලබයි. සාමාන්‍යයෙන් ජපානයේ ගෘහ මූලිකයකු විදුලි බලය රජයට විකුණා ඩොලර් 50 ක පමණ අතිරේක ආදායමක්‌ මාසිකව උපයා ගන්නා බව සඳහන්ය. 2000 දශකයේදී සූර්ය බලශක්‌ති නිෂ්පාදන ක්‍රියාවලියේ මූලික වියදම ඉතාමත් ලිහිල් වනු ඇති බව ඒ පිළිබඳ විද්‍යාඥයන් පුරෝකථනය කර ඇත.

පෘථිවි චිපිට ගෝලයේ බොහෝ රටවල මේ පිළිබඳ අවධානය යොමු වී ඇති අතර අද්‍යතනව ඇමෙරිකාවේ මෙගාවොට්‌ 354 ක බලාගාරයක්‌ ක්‍රියාත්මක වන අතර ලැන්කැස්‌ටර්, නෙවාඩා, කැලිෙµdනියා ප්ලොරිඩා, ආදී නගර ප්‍රධානව සූර්ය බලශක්‌ති බලාගාර 10 ක්‌ පමණ ක්‍රියාත්මක අතර මෙගාවොට්‌ 800 සිට පහළට තවත් බලාගාර 20 ක්‌ පමණ ඉදිකරමින් පවතී. ස්‌පාඤ්ඤයේ සෙවිල් නගරයේ මෙගාවොට්‌ 150 ක බලාගාරයක්‌ ඇති අතර තවත් බලාගාර 13 ක්‌ අද්‍යතනව ස්‌පාඤ්ඤයේ ක්‍රියාත්මකය. ඉරානයේ බලාගාර 02 ක්‌ ක්‍රියාත්මක අතර ඔස්‌ටේ්‍රලියාවේ නිව් සව්ත් වෙල්ස්‌ හි මෙගාවොට්‌ 2 ක බලාගාරයක්‌ ක්‍රියාත්මක ය. ඉතාලියේ සිසිලි නගරයේ මෙගා වොට්‌ 05 බලාගාරයක්‌ ක්‍රියාත්මකය. ගෝලය සිසාරා රටවල් රාශියක සූර්ය බලශක්‌ති බලාගාර විශාල ප්‍රමාණයක්‌ ඉදිවෙමින් පවතී. (EN. WIKIPEDIA. ORG. WIKI SOLA POWER)

කෙසේ වුවත් බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද සූර්ය බලශක්‌තිය පිළිබඳ අවධානය යොමු වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

ඊට ප්‍රධාන හේතුව මහජන නියෝජිතයන් සතු ගෝලීය දැනීමේ අඩුපාඩුකම්ය. සත්‍ය වශයෙන්ම අද්‍යතනව ගෝලයේ ඕනෑම රටක පාර්ලිමේන්තුවක්‌ නියෝජනය කිරීම සඳහා තෝරා පත් කරගත යුත්තේ හොඳ අධ්‍යාපනික සුදුසුකම් සහිත සෑම ක්‍ෂේත්‍රයක්‌ පිළිබඳවම මනා කියෑවීමක්‌ ඇති ගෝලීය මට්‌ටමේ පුද්ගලයන්ය.

මක්‌නිසාද යත් අද්‍යතනව ගමට නායකත්වය දීම යනු ලෝක ගම්මානයේ එක්‌ ගමකට නායකත්වය දීමක්‌ බවට පත් වී ඇති හෙයිනි. අද්‍යතනව ඔබේ ගම/ඔබේ ආසනය යනු ලෝක ගම්මානයේ එක්‌ ගමක්‌/එක්‌ ආසනයක්‌ වී ඇත. එම නිසා ගමේ/ආසනයේ මහජන නියෝජිතයා ලෝකයේදී ගමට/ආසනයට නායකත්වය දිය හැකි පුද්ගලයකු විය යුතුමය. එසේ නැතහොත් ගමේ නායකයාගේ/ආයතනයේ මහජන නියෝජිතයාගේ දූ දරුවන් පමණක්‌ ලෝක පුරවැසියන් වී ඔබේ දූ පුතුන් ද ඔබේ ගම ද/ආසනය ද අතරමං වී රට ද වායුගෝලීය උණුසුම හේතුවෙන් ඉහළ යන සාගර ජලයට යට වී මහා විනාශයක්‌ වනු ඇත.

පෘථිවි චිපිට ගෝලය අසරණ පෘථිවි මානුෂිය වාර්ගිකයන්ට අයිති බව පවසන බොහෝ දේශපාලනඥයන් පෘථිවි ගෝලයේ ඇති සම්පත්වල සාරය තමන් වෙත ලබාගැනීම අද්‍යතන ගෝලය සිසාරා ක්‍රියාත්මකය. එම නිසා ඔබේ දූ දරුවන්ගේ අනාගතය හා තම රටේ අනාගතයත්, පෘථිවි වායුගෝලීය ජීව ගුණයත් ආරක්‍ෂා කරගැනීමට අවශ්‍යය නිවැරදි තීරණ ගැනීමට තරම් බුද්ධිමත් වනු මැනවි. යමක්‌ නොසලකා හැරීම හෝ වැරදි ලෙස එය කිරීම ඒ පිළිබඳ කිසිවක්‌ නොදැන සිටිනවාටත් වඩා භයානකය.

දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com

No comments:

Post a Comment