Wednesday, July 25, 2012

කාබන් ආක්‍රමණයෙන් මිහිතලය බේරා ගැනීම!

කාබන් ආක්‍රමණයෙන් මිහිතලය බේරා ගැනීම!



බෙල්ජියම් උතුරු මුහුදේ
පිහිටුවා ඇති සුළං බලයෙන්
ක්‍රියාත්මක වන විදුලි බලාගාරයක්‌...

"ඇමරිකානු කොංග්‍රස්‌ සභිකයන් තුළ ඇති ප්‍රධානතම අඩුවක්‌ වනුයේ, මේ ලෝකයේ තව මිනිසුන් ජීවත් වන බව වටහා ගැනීමට ඔවුන් දක්‌වන මැලිකමය." මෙසේ ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු අධ්‍යාපනඥයෙකු හා ලේඛකයෙකු වන පීටර් එෆ් ඩ්රැකර් (PETER F. DRUCKKER) ය.

වායු ගෝලයට මුදා හැරෙන. කාබන් ප්‍රමාණය අවම කිරීම සඳහා ගන්නා වූ සාමූහික ගෝලීය ක්‍රියාමාර්ගයන්ට එරෙහි බලවත්ම විරෝධය පැනනැඟි ඇත්තේ ඇමෙරිකානු එක්‌සත් ජනපදයෙනි. පෘථිවි චිපිට ගෝලයේ විශාලතම හා ධනවත්ම සමාගම් වල අයිතිකරුවන් රාශියක්‌ සමග ගෝලීය ආර්ථිකයේ ප්‍රමුඛතමයා වන ඇමෙරිකාව කියොටෝ එකඟතාවට (KYOTO PROTOCOL) තවදුරටත් එරෙහිව කටයුතු කරනු ලබයි.

කෙසේ වෙතත් 1970 දශකයේදී ඇමරිකාව බලශක්‌ති කාර්යක්‍ෂමතාව හා පිරිමැස්‌ම පිළිබඳ පර්යේෂණවල ඉදිරියෙන්ම ක්‍රියාත්මක විය. වොල්ටීය (PHOTO
VOLTAICS) තාක්‍ෂණය (EN.WIKIPEDIA.ORG/WIKI/PHOTOVOLATAICS) හා සුළං බල තාක්‍ෂණය (WIND POWER TECHNOLOGY) භාවිතය පිළිබඳව තරමක දියුණුවක්‌ එදා ඔවුන් ඇතිකර ගෙන තිබිණි. නමුත් අද්‍යතනව උක්‌ත ක්‍ෂෙත්‍ර ද්වයෙන්ම ඇමරිකාවට වඩා ඉදිරියට ගිය රාජ්‍යයන් කිහිපයක්‌ම ඇත. (EN WIKIPEDIA/ORG/WIKI WIND POWER) පෘථිවි චිපිට ගෝලීය දේශගුණ විපර්යාස පිළිබඳ ඇමරිකාවේ මැදිහත් වීම වැළැක්‌වීම සඳහා පසුගිය කාල පරිච්ඡේදය සිසාරා ඇමරිකානු ෆොසිල ඉන්ධන හා බලශක්‌ති ක්‍ෂේත්‍රයේ දැවැන්ත ව්‍යාපාරිකයන් ඉතා දැඩිව ක්‍රියාත්මක විය. විශේෂයෙන් ඇමෙරිකාවේ ගල් අඟුරු සමාගම් මේ කාර්යයේදී ඉදිරියෙන්ම කටයුතූ කළේය. ගෝලීය විශාලතම පෞද්ගලික ගල් අඟුරු සමාගම වන පීබොඩ් බලශක්‌ති සමාගමේ උප සභාපතිවරයකු වූ ෆෙඩ්රික්‌ ඩී. පාලර්මර් (FREDRICK D. PALMER) ගෝලීය දේශගුණ විපර්යාස පිළිබඳ ඇමෙරිකානු රජයේ මැදිහත් වීම පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළ ව්‍යාපාරිකයෙකි. වායු ගෝලීය කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අඩු කිරීම පිළිබඳ කියොටෝ එකඟතාවයට (KYOTO PROTOCOL) විරුද්ධව ඉතා දැඩිව කටයුතු කළ උක්‌ත පීබොඩ් ආයතනයේ උප සභාපතිවරයා කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 1000 දක්‌වා වර්ධනය වීමෙන් පසුව පෘථිවි චිපිට ගෝලය සදාහරිත ග්‍රහලෝකයක්‌ වන බව ප්‍රකාශ කළේය. ඒ මතය ගෝලීය ජන සමාජයේ ඔසවා තැබීම සඳහා 1990 දී ඔහු විසින් සදාහරිත ග්‍රහලෝකය යන අදහස ගෙන දෙන THE
GREENING OF THE PLANET නමින් වීඩියෝ පටයක්‌ද නිෂ්පාදනය කර ගෝලය සිසාරා බෙදාහරින ලදී. එසේම හරිත වර්ණ පෘථිවී සමාජය යන අදහස ගෙන දෙන GREENING EARTH SOCIETY නමින් සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ එකමුතුවක්‌ද ගොඩ නගන ලදී. ඇමරිකානු බලශක්‌ති සමාගම් වල දැවැන්ත ඩොලර් ආයෝජනයෙන් කැටො නමින් දේශගුණ විපර්යාස පිළිබඳ විද්‍යාත්මක අදහස්‌ සමාජගත කරන ආයතනයක්‌ද ස්‌ථාපිත කළේය. උක්‌ත කැටො ආයතනයේ (CATO INSTITUTION) සේවය සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක්‌ ගෙවා ගෝලීයව ප්‍රසිද්ධ දේශගුණ විද්‍යාඥයන්ගේ සේවාවද ලබා ගන්නා ලදී.

සත්‍ය වශයෙන්ම පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ බහුතරයක්‌ වන වගකීම් විරහිත, සමස්‌ත යහපත වෙනුවෙන් සුළු කැපවීමක්‌ හෝ කිරීමට පැකිළෙන කම්මැලියන් මෙම අභූත මතය සමග අත්වැල් බැඳගෙන ද ඇත. එහෙත් දේශගුණ විපර්යාසන්ට හේතුවන නොයෙක්‌ විධ පෘථිවි මානුෂීය වර්ගිකයන්ගේ විද්‍යාත්මක ක්‍රමවේදයන් පිළිබඳව නව මුහුණුවරකින් කටයුතු කිරීමට බොහෝ ගෝලීය බලශක්‌ති සමාගම් අද්‍යතනව කටයුතු කිරීම වාසනාවකි. ඊට කදිම උදාහරණයක්‌ වනුයේ මහා බ්‍රිතාන්‍යයේ බලශක්‌ති සමාගමක්‌ වන B. P. (BRITISH PETROLEUM
COMPANY) සමාගම දේශගුණ විපර්යාස පිළිබඳ තම අවධානය යොමුකර තම කර්මාන්ත ජාලයෙන් නිකුත් වන කාබන් විප්‍රෙෂණය සියයට 20% දක්‌වා අල්ප කිරීමට අවශ්‍යමය විධිවිධාන ක්‍රියාත්මක කර තිබීමය.
පැට්‍රල් ලීටරයකින් කි.මී. 5369 ධාවනය කළ හැකි PAC CAR II නමැති මෝටර් රථය
හයිඩ්‍රජන් ඉන්ධන කෝෂවලින් ධාවනය වන නවීන මෝටර් රථයක්‌


හයිඩ්‍රජන් පිරවුම් පොළක්‌
බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්


ඒ අතරම ගෝලයේ තෙවැනි බලවත් බලශක්‌ති ආයතනය තමන් වුවත් දේශගුණ විපර්යාස පිළිබඳ තමන් තුළ ඇති අවබෝධය හේතුවෙන් බී. පී. සමාගම අද්‍යතනව විකල්ප බල ශක්‌තියක්‌ ලෙස සූර්ය බල ශක්‌තිය යොදා ප්‍රකාශ වොල්ටීය කෝෂ (PHOTO VOLTAICS) නිෂ්පාදන ව්‍යාපාරයේ ප්‍රමුඛතමයා බවටද පත් වී ඇත.

මහා බ්‍රිතාන්‍යයේ සමාගම් අතර මෙන්ම සිවිල් සමාජය අතරද මේ පිළිබඳ වඩාත් දියුණු මට්‌ටමේ සමාජ කතිකාවක්‌ ආරම්භ වූයේ බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් ගේ දේශපාලන කරිෂ්මාව සහ ඔහු සතුව තිබූ දේශගුණ විපර්යාස පිළිබඳ නිවැරැදි ආකල්ප හා දැනීම හේතුවෙනි. බ්‍රිතාන්‍යයාගේ එම නිවැරැදි ස්‌ථාවරය හේතුවෙන් 2003 වසර වන විට සිය කාබන් ඩයොක්‌සයිඩ් විප්‍රෙෂණ ප්‍රමාණය 1990 පැවැති මට්‌ටමට වඩා සියයට 4% කින් අඩු කරගැනීමට සමත් වී ඇත. එසේම කාර්යක්‍ෂම බලශක්‌ති පරිහරණය සඳහා ව්‍යාපාරික ප්‍රජාව යොමු කිරීමට නොයෙකුත් ණය යෝජනා ක්‍රමද හඳුන්වාදුන් අතර එම ණය යෝජනා ක්‍රම පොලී රහිත විය. ඊට සමගාමීව බ්‍රිතාන්‍ය තුළ කාබන් භාරයක්‌ද (CARBON TRUST) ස්‌ථාපිත කළේය. එතැනින් නොනැවතුණ ටෝනි බ්ලෙයාර් මහා බ්‍රිතාන්‍ය බලශක්‌ති නිෂ්පාදන සමාගම් වලින් ඉල්ලා සිටියේ තම බලශක්‌ති නිෂ්පාදනයෙන් සියයට 20% වත් සූර්ය තාපය, සුළං බලය වැනි බල ශක්‌ති ප්‍රභව මගින් නිෂ්පාදනය කරන ලෙසය. ඒ අතරම මෙකී යෝජනාව නීතිගත කරන ලදී. සාගර ජාලයේ උදම් රළ, වඩදිය, බාදිය චලනය භාවිත කරමින් බලශක්‌ති නිෂ්පාදන කිරීමට අවශ්‍ය යටිතල පහසුකම්ද වැඩි දියුණු කරන ලදී, න්‍යෂ්ඨික බලය බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස යොදා ගැනීමට අවශ්‍යය මූලික ආයෝජනයන්ද කර ඇත. බ්‍රිතාන්‍යය රජය දේශගුණ විපර්යාස පිළිබඳ තම අවධානය ඒ ආකාරයටම වඩාත් පූර්වාදර්ශ ලෙස ක්‍රියාත්මක කර ඇත.

සත්‍ය වශයෙන්ම ෆොසිල ඉන්ධන වලින් බැහැර වී පුනර්ජනණිය (RENEWABLE) බලශක්‌ති වන සුළං බලය (WIND ENERGY), භූ තාප බලය (GEOTHERMAL), හයිඩ්රජන් වායුව ඇසුරෙන් නිපදවන බලය (HYDRONGEN ENERGY), ජීව වායුව මගින් නිපදවන බලය (WIND ENERGY) මුහුදු තරංග වලින් නිපදවන බලය (OCEAN ENERGY) ආදි ප්‍රභව මත ක්‍රියාත්මක වීම අද්‍යතන පෘථිවි පෘෂ්ඨය වාර්ගිකයන් විසින් කළ යුතුම කාර්යයක්‌ බවට පත් වී ඇත. ෆොසිල ඉන්ධන භාවිත කරමින් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කරගත යුතුය.

වායුගෝලයේ ඇති අතිරේක කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අවම කිරීම සඳහා එම කාබන්ඩයොක්‌ සයිඩ් පොළොව යටට පොම්ප කිරීම වඩාත් පහසු වනු ඇතැයි ඇමරිකානු ගල් අඟුරු ආකර හිමියෝ බොහෝ කාලයක සිට ප්‍රකාශ කරනු ලබති. මෙම අදහස ගල් අඟුරු ව්‍යාපාරිකයන් විසින් දැවැන්ත ලෙස මුදල් ආයෝජනය කර රස ගන්වා සමාජගත කර ඇත.

භූගත හුදකලා කිරීම යන අදහස ගෙන දෙන (GEOSEQUES TRATION) මෙම ක්‍රමය ගල් අඟුරු වශයෙන් ගොඩට ගත් කාබන් නැවත භූගත කිරීමක්‌ වශයෙන් සැලකීම සාධාරණය.

ගෝලීය සමහර තෙල් සහ ගෑස්‌ නිෂ්පාදන සමාගම් තම නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් නිකුත් වන කාබන්ඩයොක්‌සයිඩ් වායුව බොහෝ කාලයක සිට මේ ආකාරයට භූගත කරනු ලබයි.

මීට හොඳම උදාහරණයක්‌ වනුයේ උතුරු මුහුදේ නොර්වීජියානු රජයට අයත් මුහුදු කලාපයේ ජුරාසික්‌ හා පැලයිඕසින (JURASSIC AND PALAEOCENE) වකවානුවේ තැන්පත් වූ තෙල් නිධි වලින් නිෂ්පාදන කටයුතූ කිරීමේදී නිකුත්වන කාබන්ඩයොක්‌සයිඩ් ටොන් මිලියන ගණනාවක්‌ නොර්විජියානු සමාගමක්‌ වන ස්‌ලයිප්නර් සමාගම (SLEIPNER OIL FIELD MANEGE
BY STATOIL A. SA) විසින් අවුරුදු පතා භූගත කරනු ලැබීමය. වායුගෝලයට නිකුත් කරන එසේ නැතහොත් විප්‍රෙෂණය කරන සෑම කාබන් ඩයොක්‌ සයිඩ් ටොන් එකකටම නොර්විජියානු බලධාරින් ඩොලර් 40 ක්‌ අයකරනු ලබයි. එම බදු මුදල නිසා ඛනිජ තෙල් සමග පිටවන කාබන් වෙන්කොට භූගත කිරීම ස්‌ලයිප්නර් සමාගමට වඩාත් වාසි දායකය. මේ ආකාරයට ඛනිජ තෙල් නිධි බොහොමයකින් නිකුත්වන කාබන් ඩයොක්‌ සයිඩ් නැවත භූගත කිරීමේ ක්‍රියාවලිය දිගු කලක සිට තෙල් ආකර වලදී ක්‍රියාත්මකය. කාබන් ඩයොක්‌සයිඩ් නැවත භූ ගර්භයට පොම්ප කිරීම හේතුවෙන් ඛනිජ තෙල් නිධිවල අභ්‍යන්තරයේ ඇතිවන පීඩනය හේතුවෙන් ඛනිජ තෙල් එලියට පොම්ප කිරීමේ ක්‍රියාවලියේ කාර්යක්‍ෂමතාවද ඉහළ යනු ඇත.

නමුත් කාබන්ඩයොක්‌සයිඩ් භූගත කිරීම ගල් අඟුරු දහනයේදී ක්‍රියාත්මක කිරීමට අපහසුය. ගල් අඟුරු දහනයේදී කාබන්ඩයොක්‌ සයිඩ් වායුව අධික ලෙස තනුක වී ඇති හෙයින් අනෙක්‌ වායු වලින් වෙන් කරගැනීමට අපහසුය. අනෙක්‌ අතට මෙම තනුක කාබන්ඩයොක්‌ සයිඩ් වායුව වායුගෝලයට එකතු වනුයේද බලාගාරයේ උස චිමිනියෙන් පිටවීමේදීය. එමනිසා මෙම යෝජිත ක්‍රමය ගල් අඟුරු භාවිතයේදී ක්‍රියාත්මක කිරීම වඩාත් සංකීර්ණය.

කාබන්ඩයොක්‌සයිඩ්වල සාන්ද්‍රතාව වැඩි කොට භූගත කිරීම සඳහා ගල් අඟුරු ගෑස්‌ කරණය (COAL
GASXFICATION) නම් ක්‍රමයක්‌ හඳුන්වා දී ඇත. නමුත් ඒ සඳහා වැයවෙන මූලික ප්‍රාග්ධනය අති විශාල වන හෙයින් උක්‌ත ක්‍රමය ක්‍රියාත්මක කිරීම අඩපණ වී ඇත. කෙසේ වෙතත් කාබන් ඩයොක්‌සයිඩ් වායුව භූගත කිරීම හා එම ක්‍රියාවලිය අතිශයින්ම සංකීර්ණයක්‌ පෘථිවි චිපිට ගෝලයේ භූ ගර්භය තම පරිණාමික කාලය සිසාරාම පරිණාමය වී ඇත්තේ කාබන්ඩයොක්‌සයිඩ් කෘත්‍රිමව ගබඩා කරගැනීමට සුදුසු අයුරින් නොවේ. පෘථිවි චිපිට ගෝලයේ ගල් අඟුරු නිධිවල අන්තර්ගත ගල් අඟුරු දහනයෙන් නිකුත් වන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ටොන් බිලියන 5000 පමණ බව විද්‍යාඥයන් විසින් ආගුණික කර ඇත.

ගල් අඟුරු නිධිවල ගැබ්වී ඇති කාබන් වසර මිලියන ගණනාවක සිට කිසිදු බලපෑමකින් තොරව පොළව යට මිහිදන් වී තිබිණි. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ විද්‍යාත්මක චින්තනයේ බල මහිමයෙන් හා යාන්ත්‍රික විද්‍යාවේ උපකරණවල ක්‍රියාකාරිත්වයෙන් ඒවා එළියට ගෙන මානුෂීය වාර්ගිකයන්ගේ සැප පහසුව සඳහා යොදා ගන්නා ලදී. නමුත් අද්‍යතනව ඒවා නැවත භූගත කිරීමට සිදුව තිබීම සොබාදහමේ පැවැත්මට විද්‍යාත්මක චින්තනයෙන් අභියෝග කළ මානුෂීය වාර්ගිකයන්ට බලවත් අභියෝගයකි. එම නිසා තවත් වසර මිලියන ගණනාවක්‌ ගල් අඟුරු නිධි පොළොව යටම මිහිදන්ව තිබීමට නම් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ විද්‍යාත්මක චින්තනයෙන් පුනර්ජනණීය බලශක්‌ති ප්‍රභව මගින් නිපදවෙන බලශක්‌ති සඳහා සමස්‌ත මානුෂීය වාර්ගිකයන්ට මාරු විය යුතුමය. සැබැවින්ම මෙම තත්ත්වය නැවත වරක්‌ මිනිසා ස්‌වභාවධර්මය සමග නිවැරැදිව එකාත්මික වීමකි. කාබන්ඩයොක්‌සයිඩ් භූගත කිරීමට වඩා පහසු ලෙස කාබන්ඩයොක්‌ සයිඩ් ගබඩා කිරීම සඳහා පරිසර හිතකාමී ක්‍රමද ඇත.

ඒ කාබන් සැඟවීම මගිනි. කාබන් සැඟවීම යනු කාබන් චක්‍රයේ ප්‍රධාන පුරුක්‌ වන ගස්‌කොලන් හා පාංශුමය ද්‍රව්‍යය මගින් කාබන් ගබඩා කිරීමය. පෘථිවි ගෝලයේ බොහෝ ප්‍රදේශ සිසාරා පැතිරී තිබූ නොයෙක්‌ මාදිලියේ වනාන්තර අද්‍යතනව විනාශ වී ගොස්‌ පෘථිවි පෘෂ්ඨය සූර්ය රශ්මියට නිරාවරණය වී ඇත. එම නිසා පාංශු ද්‍රව්‍ය ඛාදනය වී වියෝජනයට ලක්‌වේ.

එහෙත් ස්‌වයං නඩත්තු කළ හැකි ඓන්ද්‍රිය (ORGANIC) කෘෂි කාර්මිකය හා සත්ත්ව පාලන ක්‍රම බෙහෙවින් යොදාගැනීම මගින් පාංශුමය ද්‍රව්‍යය තුළට අවශෝෂණය වන කාබන් ප්‍රමාණය විශාල වශයෙන් වැඩිකර ගත හැකිය. මේ සඳහා පාංශු කට්‌ටුවේ ඇති ඓන්ද්‍රිය ද්‍රව්‍ය ක්‍රමවත්ව සංවර්ධනය කළ යුතුය. අද්‍යතනවද කාබන් ගිගා ටොන් 1800 ක්‌ පමණ අවශෝෂණය කරගන සිටින්නේ මෙම පාංශුමය ඓන්ද්‍රිය ද්‍රව්‍ය තුළය. එම ප්‍රමාණය සමස්‌ත පෘථිවි ගෝලීය සජීවි ගස්‌ කොලන් වල අවශෝෂණය වී ඇති මුළු කාබන් ප්‍රමාණය වන ගිගාටොන් 493 ට වඩා දෙගුණයකටත් වඩා අධිකය, නිර්කාබනික ගෙවතු වගාව, කෘෂිකාර්මික ක්‍රම හා ජීව සම්පත් ක්‍ෂයවීම වළකන උද්භිද (RANGELAND) පාලන ක්‍රම හඳුන්වා දීමෙන් පාංශු තට්‌ටු වල ගුණාත්මක භාවය තවදුරටත් වර්ධනය කළ හැකිය.

ඕස්‌ටේ්‍රලියාවේ ඊඡ සමාගමද පර්ත් නගරයට නුදුරුව හෙක්‌ටයාර් 25,000 ක ෆයිනස්‌ වගාවක්‌ කර තම තෙල් පිරිපහදුවෙන් නිකුත් වන කාබන් ප්‍රමාණය හිලව් කර ගෙන ඇත.

එදිනෙදා අවශ්‍යතාවලට වුවමනා වන ගස්‌ කොලන් සිටුවා නඩත්තු කිරීම දක්‌වාම වන වගාව සංවර්ධනය කිරීමෙන් විශාල තර්ජනයක්‌ වායුගෝලයට ලබා දිය හැකිය.

ප්‍රවේශම්කාරීව ආරක්‍ෂා සහිතව කාබන් ගබඩා කර තැබීමේ විධික්‍රමයක්‌ සොයා ගැනීම සඳහා බොහෝ විද්‍යාඥයෝ දිනපතා පර්යේෂණයේ යෙදී සිටීම සුබවාදී අපේක්‍ෂාවකි, ඒ අතරම ගල් අඟුරු හා ෆොසිල ඉන්ධන වලට කාබන් අඩු බලශක්‌ති ප්‍රභව ආදේශ වීම පෘථිවි මානුෂීය වාර්ගිකයන්ටත් ඔවුන්ගේ අනාගත පුරපුරටත් මහත් ආශිර්වාදයකි.

දේශගුණ විපර්යාස ඇති කිරීමේ හැකියාව පෘථිවි මානුෂීය වාර්ගිකයන් උපයා ගැනීම හේතුවෙන් පෘථිවි චිපිට ගෝලයේ පැවැත්මට බරපතල අභියෝග එල්ල වී ඇත. ඊට ඇති හොඳම විසඳුම මානුෂීය වාර්ගිකයන් විසින් එදිනෙදා භාවිත කරන ඉන්ධනවල කාර්යක්‍ෂමතාව තවදුරටත් දියුණු කිරීමය. මේ සඳහා ඇති අනභිබවනීය බලශක්‌ති ප්‍රභේදය වනුයේ ස්‌වභාවික ගෑස්‌ භාවිත කිරීමය. ස්‌වභාවික ගෑස්‌ හෙවත් හයිඩ්‍රජන් බලශක්‌ති ප්‍රභවයක්‌ වශයෙන් භාවිතයට ගැනීමෙන් කාබන් බිංදුවක්‌වත් පෘථිවි වායු ගෝලයට විප්‍රෙෂණය නොවනු ඇත.

තාක්‍ෂණික දියුණුව, නිරන්තරයෙන් ඉහළ යන ෆොසිල ඉන්ධනවල මිල, තෙල් ළිං හිඟවීමේ තර්ජනය හේතුවෙන් පිවිතුරු ඉන්ධන සඳහා ගොඩනැගෙන දැඩි ඉල්ලුම යන සියලුම සාධක ගෑස්‌ ඉන්ධන ආර්ථිකයක්‌ දිරිමත් කරමින් සිටීම ගෝලය සිසාරා දර්ශනය වේ.

දියුණු තාක්‍ෂණය යොදා ගෑස්‌ අධිශීත ද්‍රවයක්‌ බවට පත්කිරීමට හැකිවීම ඒ සඳහාම නිර්මාණය කරන ගෑස්‌ ටැංකි නැව් මගින් දුර බැහැර ප්‍රදේශවලට පවා ලාභදායක ලෙස ප්‍රවාහනය කළ හැකිවීම ඊට ප්‍රධාන හේතුය. අද්‍යතනව මහාද්වීප හරහා භූමි වායු පරිවහනය පිණිස විශාල ඉන්ධන සමාගම් දැවැන්ත නළ ජාලයන් ඉදිකරමින් සිටී. මේ නිසා අලුත් සහශ්‍රකයේ පෘථිවි මානුෂීය වාර්ගිකයන් අතර වඩාත් තරගකාරි ඉන්ධනය බවට පත් වනුයේ ගෑස්‌ය.

ගල් අඟුරුවලට වඩා ගෑස්‌ මිල අධික වුවද විදුලි බලය නිෂ්පාදනය කිරීමේදී ගුණාත්මක අතින් එය ගල් අඟුරු වලට වඩා අතිශයින් ගුණාත්මකය. ගෑස්‌ දහනයෙන් විදුලිය නිපදවන බලාගාර ඉදිකිරීමට වැයවෙන මුදල් තාප බලාගාර ඉදිකිරීමට වැයවෙන මුදලට වඩා අඩුය. එසේම ඕනෑම රටක්‌ ඒ ඒ ප්‍රදේශය අවශ්‍යය ප්‍රමාණයට ගෑස්‌ බලාගාර ඉදිකළ හැකිය. එමනිසා විදුලිය බෙදාහැරීමේදී ඇතිවන සම්ප්‍රේක්‍ෂණ ක්‍ෂයවීම (TRANSMISSION LOSS) ද අවම කරගත හැකිය.

ඇමරිකානුවන් අද්‍යතනව ඉදිකරන තාප බලාගාර වලින් 90% ක්‌ම ඉන්ධන වශයෙන් භාවිත කරන්නේ ගෑස්‌ය.

නමුත් ගෑස්‌ භාවිතය අතිශය ප්‍රවේශමෙන් කළ යුතු කාරණයක්‌ වන අතරම ගෑස්‌ වායුව නළ මගින් ප්‍රවාහනය කිරීමේදී නළ මාර්ග ජාලයේ ආරක්‍ෂාව, ගෑස්‌ ගබඩා කර තිබීමේදී තිබිය යුතු ආරක්‍ෂාව, ගෑස්‌ කාන්දු නොවීමට වග බලා ගැනීම හා ත්‍රස්‌ත ප්‍රහාර වලින් ආරක්‍ෂා කරගැනීම ඊට ආවේනික බරපතල අභියෝගයකි.

ඒ අතරම උක්‌ත ප්‍රභවය බලශක්‌තියක්‌ වශයෙන් ප්‍රයෝජනයට ගත හැක්‌කේ ඉන්ධන කෝෂයක්‌ වශයෙන් කාර්මිකව නිපදවීමෙනි. හයිඩ්‍රජන් ක්‍රියා කරනුයේ බලශක්‌ති වාහකයක්‌ හෙවත් බැටරියකට සමානවය. හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ (HYDROGEN FUEL CELLS) පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අනාගත ආර්ථිකයේ න්‍යෂ්ඨිය වනු ඇත. (EN WIKIPEDIA ORG/WIN/HYDROGEN FUELCELLS) වඩාත් කාර්යක්‍ෂම හා අනාගත බලාපොරොත්තු තබාගත හැකි ඉන්ධන කෝෂයක්‌ වනුයේ ද්‍රව කාබනෙට්‌ ඉන්ධන කෝෂය (MOLTEN CARBONATE FUEL
CELLS) නමුත් මෙම වර්ගයේ ඉන්ධන කෝෂ දුම්රිය මැදිරියක්‌ තරම් විශාල වන හෙයින් භාවිතයට ගැනීමේදී අපහසුතා රාශියක්‌ පැන නැගී ඇත. නමුත් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ චින්තනයේ බල මහිමයෙන් මෙම තත්ත්වය තව දුරටත් දියුණු කර ගනු නොඅනුමානය.

විකල්ප බලශක්‌ති ප්‍රභව වඩාත් කාර්යක්‍ෂමව භාවිත කිරීමට අවශ්‍ය ආකාරයට විද්‍යාත්මකව හා යාන්ත්‍රිකව සුසර කරගැනීමට ගෝලීය සිසාරා නොයෙක්‌ විධ විෂයන්ට අදාළ විද්‍යාඥයෝ දෛනිකව පර්යේෂණ වල යෙදී සිටිති.

මෙවැනි විද්‍යාඥයන් ගෝලීයව ඇගයීම සඳහා 1995 පසු (ENERGY GLOBE AWARD) නමින් ඇගයීමේ ක්‍රමයක්‌ද ආරම්භ කර ඇත. මෙම ගෝලීය සම්මානය අංශ 05 ක විද්වතුන් වෙත ප්‍රදානය කරනු ලබයි. පෘථිවිය, ගින්දර. ජලය, වායුව හා කරුණු යන අංශ ඒ සඳහා තෝරාගෙන ඇත. 2006 මෙම සම්මානයෙන් ඇගයීමට ලක්‌කළ ස්‌විස්‌ටර්ලන්තයේ පෙඩරල් තාක්‍ෂණික ආයතනයේ මහාචාර්ය ලිනෝ ගොසේල්ලා (PROF:- LINO
GUZZELLA, SWISSE FEDERAL INSTITUTE OF
TECHNOLOGY) ඇතුළු කණ්‌ඩායම විසින් නිෂ්පාදනය කරන ලද ඡ්C CAR ෂෂ නමැති මෝටර් රථය අතිශයින් නිර්මාණශීලීය. සත්‍ය වශයෙන්ම පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට මෙන්ම පෘථිවි වායුගෝලයටද මහත් වූ ආශිර්වාදයකි. එම විද්‍යාත්මක කණ්‌ඩායමේ ආගුණික කිරීම් වලට අනුව පැට්‍රල් ලීටරයකින් කි.මී. 5369 ධාවනය කළ හැකි සමාන හැකියාවක්‌ මෙම හයිඩ්‍රජන් කෝෂ සහිත වාහනයට ඇති බවය. (EN.WIKIPEDIA.ORG.WIKI
FULL CELL) බලශක්‌තියට මෙලොව බොහෝ දේ කළ හැකිය. එය නොමැතිව මොනම දක්‍ෂතාවකින්වත් මොනම ප්‍රස්‌ථාවකින්වත් මොනම අවස්‌ථාවෝචිත අවස්‌ථාවකින්වත් දෙපයින් යන සතා මිනිසකු කළ නොහැකිය.

දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com

No comments:

Post a Comment