Wednesday, July 25, 2012

මානුෂීය වාර්ගිකයන්ගෙන් පණ නල අයෑදින සොබාදහමේ මනාලිය

මානුෂීය වාර්ගිකයන්ගෙන්
පණ නල අයෑදින සොබාදහමේ මනාලිය

පෘථිවි පරිණාමයේ ශත වර්ෂ ගණනක ඉතිහාසයේ පැලයිසොයික (PALAEOZOIC -ERA)) යුගය ඇතුළත වසර මිලියන 544 කට පෙර මධ්‍යම කැම්බ්‍රියන් (MIDDLE CAMBRIAN - PERIOD) හා වසර මිලියන 410 කට පෙර ඩෙවොනියන් (DEVONIAN PERIOD) මෙන්ම වසර මිලියන 360 කට පෙර කාබොනිෆරස්‌ (CARBONIFEROUS PERIOD) යන අවධිවලදී රුගොසා (RUGOSA
TETRACORALLA) නමැති ඝන කොරල් හා (STONY
CORALS - SCIERACTINIA) ශෛලමය සංයුතියෙන් විකාශනය වූ කොරල් වර්ග මූලිකව මෙන්ම තවත් නොයෙකුත් ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයන් හේතුවෙන් මීටත් පෙර සිටම සමස්‌ත පෘථිවි සාගර ජාලය සිසාරා කොරල් පර (CORAL - REEF) පරම්පරාව ආරම්භ වී ඇත. මහා සාගරයේ ඇති පරිසර පද්ධතීන් අතරින් කොරල් පර තරම් විචිත්‍රවූත් අලංකාරවූත්, වෛවර්ණයෙන් වර්ණවත්වූත් විවිධාකාර පරිසර පද්ධතියක්‌ පෘථිවි චිපිට ගෝලයේ නැති තරම්ය.



1842 දී චාර්ලස්‌ රොබට්‌ ඩාවින් විසින් රචිත කොරල් පර නිර්මාණ ව්‍යqහය හා ව්‍යාප්තිය යන අදහස ගෙන දෙන THE STRUCTURE AND DISTRIBUTION OF
CORAL REEFS යන කෘතියේ උක්‌ත විෂය පිළිබඳ වඩාත් සවිස්‌තරාත්මකව සාකච්ඡාකර ඇත. ජර්මන් ජාතික දාර්ශනිකයකු ජීව විද්‍යාඥයකු වූ මහාචාර්ය අර්නස්‌ට්‌ හෙයින් රිච් පිලිප් අගොස්‌ථ හැකල් (ERNST
HEINRICH PHILIPP AUGUST HAECKEL 1834-1919,
WAS AN EMINENT GERMAN BIOLOGIST,
NATURALIST, PHILOSOPHER, PHYSICIAN,
PROFESSOR AND ARTIST WHO DISCOVERER,
DISCRIBED AND NAMED THOUSANDS OF NEW
SPECIES) විසින් 1904 දී ජර්මානු භාෂාවෙන් රචිත KUNSTFORMEN DER NATURE කෘතියේ ඔහු විසින් නිරීක්‍ෂණය කරන ලද ජීවීන් දහස්‌ ගණනක විස්‌තර ඇතුළත් කර ඇති අතර පසුව උක්‌ත ග්‍රන්ථය භාෂා රාශියකට පරිවර්තනය කර ඇත.

1883 දී මහාචාර්ය අර්නස්‌ට්‌ හැකල් ශ්‍රී ලංකාවට ගොඩ බැස ඇත. ඒ සංචාරය පිළිබඳ රචිත A VISIT TO
CEYLON කෘතිය 2010 දී නැවත මුද්‍රණය කර ඇත.

කොරල් පර පිළිබඳ සාගර ජීව විද්‍යාඥයන් මෙන්ම දේශගුණ විද්‍යාඥයන් නිරීක්‍ෂණය කර ඇති තොරතුරුවලට අනුව දේශගුණ විකරණය හේතුවෙන් දැඩිව අනතුරට ලක්‌ වූ වෙනත් පෘථිවි පරිසරයක්‌ද නොමැත. කොරල්පර ක්‍රියාදාමයේ ප්‍රධාන අවස්‌ථා 04 කි. 1. කොරල් පර නිර්මාණය, එසේ නැතහොත් ක්‍රියාවලිය (CORAL REEF
FORMATION)

ස්‌ථම්භ හැඩය ගන්නා කොරල් (PILLAR CORAL)
හතු හැඩය ගන්නා කොරල් (MUSH-ROOM CORAL)


2. කොරල් පර ව්‍යාප්තිය (CORAL REEF
DISTRIBUTION)

3. කොරල් පර වර්ග හා ප්‍රභේද (TYPES OF
CORAL REEF)

4. කොරල් පර ජීවදර්ශය (CORAL REEF BIOME) වශයෙනි.

කොරල් පර ජීව ක්‍රියාදාමයයේද කොටස්‌ 4 කි. (CORAL REEF - LIFE)

1. කෙරල් පර මත්ස්‍ය වර්ග (CORAL REEF
FISHES)

2. කොරල් පර සතුන් වර්ග (CORAL REEF
ANIMALS)

3. කොරල් පර ශාක වර්ග (CORAL REEF
PLANTS)

4. කොරල් පර ආහාර ක්‍රියාවලිය (CORAL REEF
FOOD) වශයෙනි.

කොරල් වර්ග මෙන්ම කොරල් පර වර්ග වසර දහස්‌ ගණනක පරිණාමික ක්‍රියාදාමය හරහා අද්‍යතන තත්ත්වයට පත් වී ඇති අතර කොරල් (හුණුගල්) වර්ග 02 කි. ඒ දැඩි කොරල් (STONY CORAL - SCIERACTINIA) ප්‍රභේද හා මෘදු කොරල් (SOFT CORAL - ALCYONI
IDAE) වශයෙනි. HARD CORAL එසේ නැතහොත් දැඩි කොරල් ප්‍රභේද අතර මුව අං ආකාර කොරල් (FORMOSA STAGHORN CORAL වි.නා. ACROPORA FORMOSA) මේසයක හැඩය ඇති කොරල් වර්ග (TABLE CORAL වි.නා. ACROPORA
CLATHRATA) හතු හැඩය ගන්නා කොරල් (MUSHROOM CORAL වි.නා. FUNGIA FUNGITIS) මිනිස්‌ මොළය හැඩය ගන්නා කොරල් (BRAIN CORAL වි. නා. LEPTORIA PHRYGIA) රෝස පැහැති කෝප්ප හැඩය ඇති කොරල් (CRANGE CUP CORAL වි. නා. TUBASTREA COCCINEA) ස්‌ථම්භ හැඩය ගන්නා කොරල් (PILLAR CORAL වි.නා. DENDROGYRA
CYLINDRICUS) සර්පිලාකාර දඟර හැඩය ගන්නා කොරල් ප්‍රභේද (SPIRAL WIRE CORAL"
CIRRHIPATHE SPIRAL) ආදී වශයෙන් වර්ග හා ප්‍රභේද රාශියකි. අද්‍යතනව ඉන්දුනීසියාවේ බාලි නගරය ආසන්නව නොයෙක්‌ මාදිලියේ කොරල් වර්ග දෙමුහන් ක්‍රියාකාරිත්වයෙන් නිර්මාණය කර ඇත. ඒ අතර නොයෙකුත් සාම්ප්‍රදායික නොවන නව්‍ය කොරල් වර්ගද විකිණීමට ඇත. (WWW.LIVE AQUARIA.COM)

2 වැනි ප්‍රභේදය වන මෘදු කොරල් වර්ගද ((SOFT
CORAL ALCYONIIDAE) රාශියකි. ඒ අතරින් කිහිපයක්‌ වනුයේ, අවාන් ආකාරයට විහිදුණු දැවැන්ත මෘදු කොරල් (GIANT SEA FAN ANELLA MOLLIS) ගැට සහිත රංචු වශයෙන් පිහිටි කොරල් වර්ග (KNOTTED FAN CORAL MELITHAEA OCHRACEA මෙම වර්ගයේ දෙමුහුන් කොරල් වර්ග අතර NEON කොරල් ප්‍රභේදය කොරල් ලෝලීන්ගේ ජනප්‍රියම අංගයකි). රතු කොරල් (RED CORAL" JUNCEELLA SP) කානේෂන් කොරල් (CARNATION CORAL"
DENDRONEPHTHYA) වර්ග 06 ක්‌ පමණ ඇත. ෆින්ගර් ලෙදර් කොරල් (FINGER LEATHER CORAL"
ALCYONIUM) වර්ග 04 කි. කෙන්යා ට්‍රී කොරල් (KENYA TREE CORAL, CAPNELLA) වර්ග 07 කි. පාම් ට්‍රී ෆොලියිප්ස්‌ (PALM TREE POLYPS,
CLAVULA RIA.) වර්ග 04 කි. පල්ස්‌ කොරල් (PULSE
CORAL, XENIA) වර්ග 04 කි. ට්‍රී කොරල් (TREE
CORAL, LEMNALIA) වර්ග 6 කි. වේවින්ග් හෑන්ඩ් කොරල් (WAVING HAND CORAL, ANTHELIA) වර්ග 03 ක්‌ ආදී වශයෙනි.

සාගරයේ ජීවත්වන සමස්‌ත ජීවීන්ගෙන් සිව් දෙනෙකුගෙන් එක්‌ ජීවියකු තම ජීවන චක්‍රයෙන් කිසියම් අවස්‌ථාවක්‌ කොරල් පර ආශ්‍රිතව ගත කරනු ඇත. නිවර්තන සාගරයේ කොරල් පර ආශ්‍රිතව ඉතා විශාල ජෛව විවිධත්වයක්‌ තිබීමට ප්‍රධාන හේතුව නම් බොහෝ සාගර ජීවීන්ට ජීවත්වීමට ආරක්‍ෂාකාරී මෙන්ම ඉතාමත්ම යෝග්‍යය වාසස්‌ථාන පද්ධතියක්‌ කොරල් පර මගින් සපයා දී තිබීමය. සජීවි කොරල් පර ගම්මානයේ වෛවර්ණ අති චමත්කාර ස්‌වභාවික සුන්දරත්වය පිළිබඳ මලයානු දූපත් සමූහයේ (MALAY ARCHIPELAGO) අම්බොසොනා මුහුදු කලාපයේ 1857 දී සංචාරය කළ ඇල්ෆඩ් රසල් වොල්ස්‌, එම සංචාරය පිළිබඳ රචිත THE
MALAY ARCHIPELAGO කෘතියේ ඉන්දුනීසියානු කොරල් ගම්මානවල චමත්කාරය එම කෘතියේ එන 20 වැනි පරිච්ඡේදයේ විස්‌තර කර ඇත්තේ මෙසේය. මා දුටු ඉතාමත් විශ්මය ජනක පියකරුම දර්ශනය එයයි. මුහුදු පත්ල සම්පූර්ණයෙන්ම විචිත්‍ර කොරල්පර, මත්ස්‍ය, ශාකවලින් පිරී ඉතිරී තිබුණේ ඉතාමත්ම සුන්දර රටාවන්ට අනුවය. කොරල් වර්ග විශාල ප්‍රමාණයක්‌ මුළු ප්‍රදේශය සිසාරා ගහනය වී තිබුණේ විවිධ ස්‌ථර වලිනි, අප්‍රමාණ කොරල් වර්ග, මුහුදු හතු, ඉකිරියන් සහ අනෙකුත් මුහුදු ශාකවලින් මුහුදු පත්ල විචිත්‍රත්වයෙන් පිබිදී තිබිණි. ආදී වශයෙනි. උක්‌ත කෘතියට රාජකීය භූගෝල විද්‍යාත්මක සංගමය විසින්, රාජකීය පදක්‌කමක්‌ද ප්‍රදානය කොට රසල් වොල්ස්‌ ඇගයීමට ලක්‌ කර ඇත. නමුත් අද ඉන්දුනීසියාවේ කොරල් ගම්මාන වල එම සුන්දරත්වය පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ක්‍රියා හේතුවෙන් මහත් පීඩාවන්ට ලක්‌වී මරණසන්ව ඇත. අද්‍යතනය උක්‌ත ප්‍රදේශයේ AMBON වරාය ස්‌ථාපිත කර ඇත. (EN.WIKIPEDIA.ORG/WIKI/AMBON ISLAND) ගෝලය සිසාරා සාගර ජාලයේ ප්‍රධාන කොරල් පර සහ කොරල් පර කලාප 08 ක්‌ නම් කර ඇත.

1. ඔස්‌ටේ්‍රලියාවේ මහා කොරල් පර බාධකය. එම කොරල් පර කලාපය සාගරයේ කි. මී. 2600 දක්‌වා විහිදී ඇත. එහි තනි කොරල් පර 2900ක්‌ පමණද දූපත් 900ක්‌ සිසාරාද විහිදී ඇත. (THE GREAT BARRIER REEF,
QUEENSLAND AUSTRALIA, ASIA - PACIFIC
REGION)

2. මෙසෝ ඇමෙරිකන් කොරල් පරය, දෙවෙනි විශාලතම කොරල් පරය වන අතර කිලෝ මීටර් 1000ක්‌ සිසාරා විහිදී ඇත. හොන්දුරාස්‌ රාජ්‍යයේ මුහුදු සීමාවෙන් ඉන් ඔබ්බටත් විහිදී ඇත. (THE MESO AMERICAN
BARRIER REEP SYSTEM)

3. නව කැලඩොනියා බාධක කොරල් පරය කි. මී. 1500ක්‌ සිසාරා විහිදී තිබෙන අතර ප්‍රංශයේ නව කැලඩොනියාවේ සාගර කලාපයේ පිහිටා ඇත. (NEW
CALEDONIA BARRIER REEF ISLOCATED IN
SOUTH PACIFIC)

4. ඇන්ඩොර්ස්‌ බහමා බාධක කොරල් පරය බහමා රාජ්‍යට අයත් ඇට්‌ලාන්ටිකා සාගර කලාපයේ පිහිටා ඇත. කි. මී. 6000 ක්‌ පමණ ප්‍රදේශයක ආවරණය වී ඇත. (THE ANDROS BAHAMAS BARRIER REEF)

5. රතු මුහුදේ කොරල් පරය. ඉන්දියානු සාගරයේ අප්‍රිකාවත්, ආසියාවත් අතර සාගර කලාපයේ පිහිටා ඇති අතර ඊශ්‍රායලය, ඊජිප්තුව, සුඩානය, එරිත්‍රියාව, ඩිජිබොයුටි, සෝමාලියා, ජොර්දාන්, සවුදි අරාබියා සහ යේමන රාජ්‍යයන් මෙම කොරල් පර ආශ්‍රිත සාගර කලාප මායිමේ පිහිටා ඇත. (THE RED SEA, CORAL REEF)

6. ඇට්‌ලාන්ටික්‌ සාගරයේ පුලිරිඡ් කොරල් සංචිතය, ඉතාමත් දර්ශනීය මෙන්ම ගැඹුරුම කොරල් සංචිතයකි. ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ෆ්ලොරීඩා රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ පිහිටා ඇත. (PULLEY RIDGE. CORAL REEF)

7. මාලදිවයින් සාගර කලාපය සිසාරා විහිදී ගිය කොරල් සංචිතය, (NUMEROUS REEFS SCATTERED
OVER THE MALDIVES)

8. ඉන්දුනීසියාවේ රාජ අම්පාට්‌ දූපත් හි විශාලතම ජෛව විවිධත්වය ඇති කොරල් සංචිතය. ((RAJAAMPAT
ISLAND'S INDONESIA'S WEST PAPUA ආදී වශයෙනි. (EN.WIKIPEDIA.ORG/WIKI/CORAL -
REEF # ZONES) කොරල් පර විද්වතුන්ගේ අදහස වනුයේ පෘථිවි චිපිට ගෝලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 01 කින් තව දුරටත් ඉහළ ගියහොත් ඔස්‌ටේ්‍රලියාවේ මහා කොරල් බාධකයේ මුළු කොරල් ප්‍රමාණයෙන් 80% ක්‌ම විනාශ වී යනු ඇති බවය. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ නොයෙකුත් ක්‍රියා හේතුවෙන් වායුගෝලයට මුදාහරින කාබන් ප්‍රමාණය පාලනය කරගැනීමට නොහැකි වී අවාසනාවකට හෝ පෘථිවි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 03 කින් තවදුරටත් ඉහළ ගියහොත් මහා කොරල් පර බාදකය සහමුලින්ම විනාශ වී යනු ඇති බවට ගෝලීය විද්‍යාඥයන් පුරෝකථනය කර ඇත.



18 වැනි සියවසේ ජීවත් වූ EDWARD LEEDS
KALNIN ණ්‌ඛභෂභ වයස 26 දී තම ආදරවන්තිය ලෙස තෝරාගත් තමාට වඩා වයසින් අවු. 16 බාල ප්‍රේමවන්තියගේ ආදරය අහිමිවීම නිසා ස්‌වභාවික කොරල් විෂයට පෘථිවි මානුෂීය වාර්ගිකයකු විසින් එකකු කළ නව්‍ය අංගයක්‌ද එකතු වී ඇත. ඒ ඇමෙරිකාවේ ප්ලොරිඩාහි නිර්මාණය කරන ලද CORAL CASTALE MUSEUM සංකීර්ණ යයි. මෙම නිර්මාණය කිරීම සඳහා එඩ්වඩ් ලීඩ්ස්‌ ක්‌ලිනන් විසින් කොරල් ටොන් 1,100 ක්‌ භාවිත කර ඇත. මෙම කොරල් මාළිගය තම විරහ වේදනාව තුනී වීම සඳහා ඔහු විසින් තනිවම නිර්මාණය කර ඇත. (EN.WIKIPEDIA.ORG/WIKI/CORAL
CASTALE)

මහා බාධක කොරල් පරය (GREAT BARRIER REEF) පිළිබඳ 2003 සිදු කළ විද්‍යාත්මක සමීක්‍ෂණයේදී අනාවරණය වී ඇත්තේ එහි සජීවී කොරල් පර ආවරණය 10% කටත් වඩා අඩුවී ඇති බවය. ඉතාමත් ක්‍රියාශීලීව සවිබලගැන්වී තිබුණු කොරල් සැකිලි පවා බරපතල ලෙස ආබාධිත තත්ත්වයට පත්වී ඇති බව තවදුරටත් එහි සඳහන්ය. එම වර්ෂයේදීම පරිසර ලෝලීන් ඔස්‌ටේ්‍රලියානු රජයට දැක්‌වූ ප්‍රබල විරෝධතාව හේතුවෙන් GREAT
BARRIER REEF MARINE PARK ACT/1975. සංශෝධිත පනතින් ආරක්‍ෂා කර තිබූ කොරල් පරයේ කොටසක්‌ තවදුරටත් අධිආරක්‍ෂිත කලාපයක්‌ ලෙස නම් කර ඇත.

එහෙත් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ නානාවිධ ක්‍රියා හේතුවෙන් ගෝලීය සාගර ජාලයේ උෂ්ණත්වය ඉහළ යැම හේතුවෙන් ස්‌වභාව ධර්මයේ අපූරු දායාදයන් එසේ නැතහොත් ස්‌වභාවික පරම්පරාවේ දේපළ ආරක්‍ෂා කර ගැනීමට ඔවුන්ම ක්‍රියාත්මක වෙයිද? එසේ ක්‍රියාත්මක වී ප්‍රබල සුළි සුළං සාගර ජාලය හරහා ක්‍රියාත්මක කර ප්‍රචණ්‌ඩත්වයන් කරකවා සමස්‌ත සාගර ජාලයේ උෂ්ණත්වය උරාගැනීමට ක්‍රියාකරයිද? එසේ ස්‌වභාව ධර්මය ක්‍රියාත්මක වී මිනිස්‌ සංහතියේ නීතිරීති අමතක කර එම ප්‍රචණ්‌ඩ සුළි සුළං ගොඩබිම් කරා පැමිණ ගම් නගරවල මිනිස්‌ ශිෂ්ටාචාරයට මහත් වූ භෞතික හා මානව විනාශයක්‌ සිදු කරයිද? ස්‌වභාව ධර්මය ප්‍රචණ්‌ඩ වී තම දේපළ ආරක්‍ෂා කර ගැනීමට ක්‍රියා කළහොත් මිනිස්‌ සංහතියට සිදුවන විනාශය කළු මරණයට (BLACK DEATH) වඩා බියකරු වනු ඇත.

එම නිසා ස්‌වභාවධර්මය එම තීන්දුව ගැනීමට පෙර සියලු පෘථිවි මානුෂීය වාර්ගිකයන් තමන් ජීවත් වන ග්‍රහ ලෝකයේ වායුගෝලය ආරක්‍ෂා කර ගැනීමට තමන්ගේ පුද්ගලික දායකත්වය ලබා දීම දින චර්යාවේ අංගයක්‌ කර ගත යුතුය. එසේ නොකළහොත් සමස්‌ත මිනිස්‌ සංහතියටම එරෙහිව ස්‌වභාව ධර්මය තමන්ගේ දේපළ ආරක්‍ෂා කර ගැනීමට පෙරට එනු ඇත්තේ මිනිසාට මහපොළොව මහා නිරයක්‌ බවට පත් කරලමිනි, 2006 වසරේදී ස්‌වභාව ධර්මය "ලැරී" නමැති සුළි සුළඟ මගින් මෙම ක්‍රමය අත්හදා බලන ලදී. එහිදී මහා කොරල් පරය සුදු වීමේ තර්ජනයට හේතු වී තිබූ සාගර ජලයේ උෂ්ණත්වය ලැරී සුළි සුළඟ විසින් උරා ගන්නා ලදී. කොරල් පරය වසරකට ආරක්‍ෂා විය. නමුත් ක්‌වින්ස්‌ලන්තයේ ගෙවල් 50,000 සහ මහා භෞතික හා මානව විනාශයක්‌ ඒ සඳහා මිනිස්‌ සංහතියට බිලි දීමට සිදුවිය.

සාගර ජාලයේ ජල ව්‍යqහය දේශගුණය නිර්ණය වීමේදී ඉතා තීව්‍ර සාධකයකි. ජලයේ ඇති වෙනස්‌ උෂ්ණත්ව ප්‍රමාණවලට අනුව සාමාන්‍යයෙන් සාගර ජල ව්‍යqහය ස්‌ථර 03 කින් හඳුන්වා ඇත. මීටර් 100 පමණ ඝනකමින් යුතු මතුපිට ස්‌ථරයේ උෂ්ණත්වය භූගෝලීය කලාප අනුව විවිධ ප්‍රමාණයෙන් වෙනස්‌ විය හැකිය. ධ්‍රැව ආසන්නයේදී උක්‌ත ස්‌තරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 00 වටත් පහළ බැසිය හැකි මුත් සමකය ආසන්නයේදී එහි දළ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් 300 පමණ වේ.

සාගරයේ කිලෝ මීටර් 01 පමණ පහළට යැමේදී ජලය උෂ්ණත්වය පුදුමඵලවන ආකාරයේ ස්‌ථාවර මට්‌ටමක පැමිණ තිබේ. ඊට හේතුව උක්‌ත මට්‌ටමේදී ජලයේ උෂ්ණත්වය සමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් ඝෘණ - 50 සහ ධන 40 අතර පැවැතීමයි. උෂ්ණත්වය මෙසේ ජලය මිදෙන මට්‌ටමකට පහළින් පැවැතියද සාගරයේ ලවණ ස්‌වභාවය හේතුවෙන් ජල කඳ මිදීමෙන් තොරය. නමුත් නොකඩවා ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් උක්‌ත අතිශයින් සීතල ජල කන්දරාවේ උණුසුම එක්‌ අංශු මාත්‍රයකින් පවා වැඩිවීම එම ජලයේ ජීවත්වන විවිධ සත්ත්ව විශේෂ වලට දරාගත නොහැකි වනු ඇත. ඒ අතර තවත් ව්‍යසනයක්‌ වනුයේ සාගරයේ අවශෝෂණය වන කාබන්ඩයොක්‌සයිඩ් (CARBON DIOXIDE) ප්‍රමාණය අධික වීමෙන් සාගර ජාලයේ ආම්ලික ගතිය ඉහළ යැමයි. සාගර ජාලයේ කාබනේට්‌ වර්ග එම ජලය තුළට අවශෝෂණය වන කාබන්ඩයොක්‌සයිඩ් සමග ප්‍රතික්‍රියා කිරීම හේතුවෙන් සාගර ජාලයේ කාබනේට්‌ සංයුතිය දුර්වල වේ.

එම නිසා සාගර ජෛව ක්‍රියාවලියේ පිට කටුව ඇති ජීවීන් වන බෙල්ලන්, ඉස්‌සන්, කකුළුවන්, ඉකිරියන් ආදී ජීවීන් වඳවී යනු ඇත. 2005 වන තෙක්‌ ගෝලීය සාගර විද්‍යාඥයන්ගේ අදහස වූයේ සාගර ජාලයේ ආම්ලික තත්ත්වය සාගර ජලයේ වෙනසක්‌ ඇති කිරීමට තවත් වසර ගණනාවක්‌ ගතවෙනු ඇති බවය.

නමුත් 2005-2006 අතර කාලයේදී කරන ලද නව්‍ය පරීක්‌ෂණ දත්ත වලට අනුව තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ බවත් තත්ත්වය ඉතාම බරපතල බවත් විද්‍යාඥයන් තේරුම් ගෙන ඇත. පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ වසර දහස්‌ ගණනක ඉතිහාසයේ ආහාර වට්‌ටෝරුවේ තිබුණු ඉස්‌සන්, බෙල්ලන්, කකුළුවන්, දැල්ලන් ආදී ආහාර වර්ගද ඉතා කඩිනමින් අහිමි වෙනු ඇත. ගෝලය සිසාරා ඉතා ජනප්‍රිය සැමන් මත්ස්‍ය ප්‍රජාවද අද්‍යතනව මෙම උගුලේම සිර වී මහත් පීඩාකාරී ලෙස ඉන් මිදීමට වෙර දරන කාලයකි මේ. මෙම සියලු දේ ක්‍රියාත්මක වෙද්දී බොහෝ ජාතීන් මෙන්ම, රාජ්‍යයන්ද පුද්ගලයන්ද, තව දුරටත් අත්තනෝමතික ආකාරයෙන් වායු ගෝලයට කාබන් මුදාහරිමින් සිටිනා අතර ඒ සඳහා ප්‍රති විරුද්ධ ක්‍රියාමාර්ග ගැනීමට මිනිස්‌ සංහතිය පොදුවේ පෙළ ගැසී නැත. නමුත් ස්‌වභාවික බලවේග එසේ නිෂ්ශබ්දව සිටිනු ඇතැයි සිතිය නොහැක. ඒ සඳහා ඔවුන් සතු ක්‍රියාමාර්ග රාශියකි, විශේෂයෙන් මාතෘකාවට අදාළ ස්‌වභාවධර්මයාට අයත් දේපළ රැක ගැනීම සඳහා සුළි සුළං භාවිත කරනු ඇත. ඒ සඳහා ප්‍රබල මාධ්‍යයක්‌ වන සාගර හා මුහුදු රාශියක්‌ ස්‌වභාව ධර්මය සතුය. අද්‍යතන පෘථිවි චිපිට ගෝලයේ සාගර ජාලයන් 05 ක්‌ පිහිටා ඇත. 1. ඇට්‌ලාන්ටික්‌ සාගරය (ATLANTIC OCEAN) 2. ආර්ටික්‌ සාගරය (ARCTIC OCEAN) 3. දක්‍ෂිණ සාගරය (SOUTHERN - OCEAN) හා පැසිෆික්‌ සාගරය (PACIFIC OCEAN) වශයෙනි. මෙම සාගර ජාලයන් හා සම්බන්ධ මුහුදු 122 කි. ඒ ඇට්‌ලාන්ටික්‌ සාගරයේ මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව මුහුදු 16 ක්‌ සහ අනෙකුත් මුහුදු 31 ක්‌ වශයෙනි.

ආර්ක්‌ටික්‌ සාගරයේ මුහුදු 17 ක්‌ද දක්‍ෂිණ සාගරයේ මුහුදු 14 ක්‌ද ඉන්දියානු සාගරයේ මුහුදු 09 ක්‌ද, පැසිෆික්‌ සාගරයේ 35 ක්‌ද වශයෙනි. භූමියෙන් වටවූ මුහුදු 05 කි. (LAND LOCKED SEAS, ARAL SEA, CASPIAN SEA,
DEAD SEA, SEA OF GALLILEE AND SALTON
SEA)

පෘථිවි මානුෂීය වාර්ගිකයන් (මිනිසුන්) ජීවත් වන පෘථිවි ගෝලයේ ජීව ගුණය පවත්වා ගෙන යැමේ සුවිශේෂී ක්‍රියාදාමය ආරක්‍ෂා කර නඩත්තු කිරීමට ස්‌වභාව ධර්මයේ දෙමාපිය, නෑ හිත මිතුරන් විසින් තුනී රෙද්දකින් පෘථිවි චිපිට ගෝලය ඔතා ඇත. එම රෙද්ද ඕසොන් ස්‌ථරය (OZONE LAYER) වශයෙන් විද්‍යාත්මකව හඳුන්වා ඇත. ඕසොන් ස්‌ථරයේ ක්‍රියාකාරීත්වය නිවැරැදිව පවත්වා නඩත්තු කරගැනීමට ඉහත විස්‌තර කළ සාගර හා මුහුදු ජාලයේ ගුණාත්මක භාවය ආරක්‍ෂා වී තිබීමද ඉතා වැදගත්ය.

ජීවමාන කොරල් හා කොරල්පර සංචිත සාගර හා මුහුදු ජාලයේ ගුණාත්මක භාවය ආරක්‍ෂාකර ගැනීමට මහත් වූ සේවාවක්‌ නොයෙක්‌ ආකාරයෙන් සිදු කරනු ලබයි. එහෙත් අද්‍යතනව සාගර පත්ලේ, මුහුදු පත්ලේ ක්‍රියාත්මක කොරල් හා කොරල් පර සංචිත පවා ආරක්‍ෂා කරගැනීමට ආරක්‍ෂිත කලාප නම් කිරීමට සිදුවූ ඇත්තේ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් හේතුවෙන් ඒවාද විනාශ වීමට පටන් ගෙන තිබෙන හෙයිනි.

විශ්ව ආකෘතියේ ජීව ගුණය තිබෙන එකම ග්‍රහලෝකය වන පෘථිවි චිපිට ගෝලයේ ජීව ගුණය ආරක්‍ෂාකර ගැනීම සඳහා ස්‌වභාව ධර්මයේ දෙමාපියන් හා නෑ මිතුරන් මහත් වූ වෙහෙසකර ක්‍රියාදාමයක නියෑළී සිටී. සමහර විට මිනිස්‌ සංහතිය තම තුරුල්ලෙන් එළියට විසි කිරීමට ක්‍රියා කරනු ඇතැයිදොa සිතනුයේ ස්‌වභාව ධර්මයේ දෙමාපිය පරම්පරාව වසර මිලියන ගණනාවක සිට මහත් වූ පීඩාවන්ට ඔරොත්තු දෙමින් නොයෙකුත් විකිරණයන්ට මුහුණ දෙමින් දැඩි ආයාසයෙන් රැක බලා ගැනීමට උත්සාහ දරණ පෘථිවි එපිට ගෝලයේ සෑම ගුණාත්මක අංශයක්‌ම අත්තනෝමතිකව විනාශය කරා ඇද දැමීමට අවශ්‍යය. සිතියම් පින්තාරු කරනුයේද මිනිස්‌ සංහතිය වන හෙයිනි.

සත්‍ය වශයෙන්ම කොරල් පර විනාශවීමේ තර්ජනයට අද්‍යතනව ලක්‌ වී ඇති බව ගෝලය සිසාරා ඒ පිළිබඳ විද්‍යාඥයන්ගේ නිගමනයයි. ඊට හොඳම උදාහරණය වනුයේ ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය (AMERICAN ASSOCIATION FOR THE
ADVANCEMENT OF SCIENCE) විසින් 2004 දී ගෝලීය ගැඹුරු මුහුදුවල කොරල් පර හා මුහුදු හතු ආශ්‍රිත පාරිසරික පද්ධතිය ආරක්‍ෂා කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව රටවල් 69 ක්‌ විද්‍යාඥයන් 1,452 ක්‌ අත්සන් තබන ලද ප්‍රකාශනයයි. (SCIENTISTS' STATEMENT
ON PROTECTING THE WORLD'S DEEP-SEA
CORAL AND SPONGE ECOSYSTEMS) කොරල් පර ආශ්‍රිත පාරිසරික පද්ධතින් තියුණු පීඩාකාරී අර්බුද රාශියකට මුහුණ දී තිබියදීත් ගෝලය සිසාරා කොරල්පර ආශ්‍රිත ව්‍යාපාර මගින් 21 වැනි සියවසේදීත් උපයාගනු ලබන ආදායම ඩොලර් බිලියන 30 කට ආසන්න බව ලෝක වන ජීවී අරමුදලේ දේශගුණය වෙනස්‌වීම පිළිබඳ ප්‍රධාන විද්‍යාඥ ආචාර්ය ලාරා ඡේ. හැන්සන් මහතා විසින් සමුදු, වායුගෝලීය, ධීවර හා වෙරළ සංරක්‍ෂණ නියෝජ්‍යය කාරක සභා අවස්‌ථාවේදී ඇමෙරිකාවේ සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩලයේ වානිජ, ප්‍රවාහන හා විද්‍යා කමිටුව ඉදිරියේ ලබා දුන් ප්‍රකාශයේ සඳහන්ය. (DR.
LARA J. HANSEN, CHIEF SCIENTIST, CLIMATE
CHANGE PROGRAM WORLD WILD LIFE FUND)

පෘථිවි චිපිට ගෝලයේ සෑම සාගර කලාපයක්‌ම මුහුදු කලාපයකට පිහිටි කොරල් පර හා කොරල් සංචිත ආරක්‍ෂා කර සංරක්‍ෂණය කිරීම සඳහා ගෝලීය මට්‌ටමෙන් ක්‍රියාත්මක නීතිරීති ස්‌ථාපනය කර ඇත. ඒ අතරම ඒ ඒ රාජ්‍යයන් තමන්ගේ මුහුදු සීමාවේ තිබෙන කොරල් ගම්මාන ආරක්‍ෂා කර ගැනීමට නීති ස්‌ථාපිත කර ඇත. ඕස්‌ටේ්‍රලියාවේ ක්‌වින්ස්‌ලන්ඩ් මුහුදු කලාපයේ පිහිටි ලෝ ප්‍රසිද්ධ ඕස්‌ටේ්‍රලියානු මහා කොරල් පර බාධකය ආරක්‍ෂා කර ගැනීමට GREAT BARRIER REEF MARINE
PARK ACT 1975 සහ සමුද්‍ර උද්‍යානයක්‌ ස්‌ථාපිත කිරීමට මෙම පනත ස්‌ථාපනය කර ඇත.

ඇමෙරිකා එක්‌සත් ජනපදය 1998 දී කොරල්පර ආරක්‍ෂා කිරීම සඳහා විශේෂ කාර්ය සාධක බල මුළුවක්‌ ආරම්භ කරන ලදී. (UNITED STATES CORAL REEF TASK FORCE - USCRTF) පෘථිවි ගෝලයේ සුවදායී ජීව ගුණය රැක ගැනීම සඳහා සාගර ක්‍රියාදාමය ඉතා වැදගත් සේවාවක්‌ ඉටු කරන හෙයින් ගෝලය සිසාරා විශාල ආයතන රාශියක්‌ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක්‌ම කොරල් පර සංරක්‍ෂණය කිරීමේ ක්‍රියාවලිය ජයග්‍රහණය කරා ගෙන යැමට ක්‍රියාත්මකය. (EN.WIKIPEDIA/ORG/WIKI/COREL REEF
CONSERVATION) කොරල් පර සංචිත වලින් පොහොසත් රටවල් 80 ක්‌ පෘථිවි ගෝලයේ ඇති අතර එහි ප්‍රමුඛතාවය ඉන්දුනීසියාව විසින් හිමිකර ගෙන ඇත්තේ ගෝලීය කොරල් පර ප්‍රතිශතයෙන් 17.95% වශයෙනි. එහි දෙවැනි ස්‌ථානය හිමිව ඇත්තේ ඕස්‌ටේ්‍රලියාවට වන අතර එම ප්‍රතිශතය 17.20% කි. තෙවැනි ස්‌ථානය පිලිපීනය සතුව ඇත්තේ ගෝලයේ කොරල් පර සංචිතයෙන් 8.81% කම සාගර කලාපය සතු කර ගනිමිනි. (UNEP - WCMC WORLD ATLAS OF
CORAL REEFS) දකුණු ආසියානු මුහුදු කලාපයේද ආරක්‍ෂිත ප්‍රදේශ නම් කළ යුතු බවට යෝජනා කර ඇති අතර ඒ පිළිබඳ MARINE PROTECTED AREAS
NEEDS IN THE SOUTH ASIAN SEAS REGION ප්‍රකාශනයේ වැඩි දුරටත් සඳහන්ය. 1995 ජෛව ගෝල ආරක්‍ෂණ කලාප පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ස්‌පාඤ්ඤයේ සෙවිල් නගරයේදී පවත්වන්නට යෙදිණි. (INTERNATIONAL CONFERENCE ON BIOSPHERE
RESERVES HELD IN SPAIN, SEVILLE CITY)) එහිදී පෘථිවි චිපිට ගෝලයේ ජෛව ගෝල ආරක්‍ෂණ කලාප 564 ක්‌ සහ රටවල් 109 ක්‌ ඊට අන්තර්ග්‍රහනය වී ඇත.

කොරල් පර ජෛව ගෝල සංරක්‍ෂණ කලාප වනුයේ 1. ඉන්දියන් සාගරයේ චාගොස්‌ ආර්චිපෙලෙගෝ දූපත් සමූහය (THE CHAGOS ARCHIPELAGO)

2. ලතින් ඇමරිකානු සහ කැරබියන් මුහුදු කලාපයේ මැක්‌සිකෝ රාජ්‍යයේ මුහුදු සීමාවේ පිහිටි සීආන්කාන්, ලෝක උරුමය (SIANKAAN, UNESCO WORLD
HERITAGE SITE 1987)

3. ඉක්‌වදොaරයේ ගල්පගොස්‌ දිවයින යුනෙස්‌කෝ ලෝක උරුමයකි. (THE GALAPAGOS ISLANDS ECUADOR,
UNEXCO WORLD HERITAGE SITE)

4. ඔස්‌ටේ්‍රලියාවේ මහා කොරල් පර බාදකය. යුනෙස්‌කෝ ලෝක උරුමය. (THE GREAT BARRIER
REEF, UNESCO WORLD HERATAGE SITE)

5. මහා බ්‍රිතාන්‍යයේ හා උතුරු අයර්ලන්තයේ හෙන්ඩර්සන් දූපත් සමූහයද ලෝක උරුමය. (HENDERSON ISLAND WORLD HERITAGE SITE
1988)

6. උතුරු පැසිෆික්‌ සාගරයේ පිලිපීනයට සැතපුම් 500 ක්‌ පමණ දකුණින් පලු ජනරජයේ මුහුදු කලාපය (REPUBLIC OF PALAU)

7. ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හොනලුලු හි හවායි පෙඩරල් රජයේ ජාතික සමුද්‍ර ස්‌මාරක මුහුදු කලාපය (PAPAHANAUMOKUAKEA MARINE NATIONAL
MONUMENT)) වශයෙනි.

කොරල් පර (CORAL REEF) වර්ග එසේ නැතහොත් හුණුගල් වර්ග ත්‍රිත්වයකි. ඒ බැරියර් (BARRIER) ප්‍රින්ජින් (PRINGING) සහ ඇටොල් (ATOLL) වශයෙනි. කොරල් බැරියර් කොරල් ප්‍රින්ජින්, කොරල් ඇටොල් ආදී ස්‌වභාවික සංවිධාන පෘථිවි ගෝලය සංරක්‍ෂණය කිරීම සඳහා ස්‌වභාවිකව ක්‍රියාත්මක දායාදයන්ය. කොරල් ඇටොල් පිළිබඳ චාල්ස්‌ ඩාවින් (THE STRUCTURE
AND DISTRIBUTION OF CORAL REEFS) උක්‌ත කෘතියේ විස්‌තර කර ඇත්තේ, බොහෝ විට වෘත්තාකාර හැඩයකට සමාන ආකාරයෙන් වූ සියුම් කොරල් වියමනකින් වටවූ අසාමාන්‍ය ලෙස වෙනස්‌කම් ඇති ස්‌වභාවික නිර්මිතයක්‌ වශයෙනි. ඇටොල් යනු කලපුවක්‌, දිවයිනක්‌ වටා පිහිටා ඇති වළල්ලක්‌ ආකාරයේ කොරල් පිහිටීමකි. 1951 දී හොනලුලු හී රැස්‌වූ කොරල් ඇටොල් සම්මන්ත්‍රණයේ දී එහි සම්මිතීන්ට අදාළ වූ කොරල් ඇටොල් දූපත් 400 නම් කර ඇත. (CORAL ATOLL
SYMPOSIM HELD IN HONOLULU IN REBRUARY
1951) EN. WIKIPEDIA.ORG/WIKI/ATOLL) කොරල් ප්‍රින්ග්‍රින් රීෆ් (CORAL FRINGING REEF) පිළිබඳ චාල්ස්‌ ඩාවින්ගේ මීට ඉහත විස්‌තර කළ කෘතියේ සඳහන් වනුයේ කොරල් පරිනාමික ක්‍රියාවලියේ ආදිතම අවස්‌ථාව කොරල් ප්‍රින්ග්‍රින් රීෆ් බවය. ඒ අතර ඉහත විස්‌තර කරන ලද කොරල් පර වර්ග ත්‍රිත්වය යටතේ තව දුරටත් කොරල් පර වර්ග කර ඇත. ඒ ඒ PATCH REEF,
APRON REEF, BANK REEF, RIBBON REEF,
TABALE REEF හා රතු මුහුදේ HABILL REEF වශයෙනි.

18 වැනි සියවසේ ජීවත් වූ EDWARD LEEDS
KALNIN ණ්‌ඛභෂභ වයස 26 දී තම ආදරවන්තිය ලෙස තෝරාගත් තමාට වඩා වයසින් අවු. 16 බාල ප්‍රේමවන්තියගේ ආදරය අහිමිවීම නිසා ස්‌වභාවික කොරල් විෂයට පෘථිවි මානුෂීය වාර්ගිකයකු විසින් එකකු කළ නව්‍ය අංගයක්‌ද එකතු වී ඇත. ඒ ඇමෙරිකාවේ ප්ලොරිඩාහි නිර්මාණය කරන ලද CORAL CASTALE MUSEUM සංකීර්ණ යයි. මෙම නිර්මාණය කිරීම සඳහා එඩ්වඩ් ලීඩ්ස්‌ ක්‌ලිනන් විසින් කොරල් ටොන් 1,100 ක්‌ භාවිත කර ඇත. මෙම කොරල් මාළිගය තම විරහ වේදනාව තුනී වීම සඳහා ඔහු විසින් තනිවම නිර්මාණය කර ඇත. (EN.WIKIPEDIA.ORG/WIKI/CORAL CASTALE)

පසුබාන පුද්ගලයන්ට කාලය ඉතා සෙමින් ගෙවෙන බව දැනෙන්නේ කණගාටුවද සමගිනි. බියසුළු අයට කාලය ඉතා වේගයෙන් ගමන් කරන බව සිතෙනුයේ අකමැත්තෙනි. දුක්‌වන පුද්ගලයන්ට කාලය ඉතා දිගු කරදරයකි. ප්‍රීතිමත් සංචාරකයන්ට කාලය නිමේෂයකි. ප්‍රේමනීය ආදරවන්තයන්ට කාලය කියා දෙයක්‌ නොමැති මුත් මේ සියලු දෙනාටම ක්‍රියාත්මකවීමට වායුගෝලය ආරක්‍ෂාකාරීව තිබිය යුතුමය.

ලබන කලාපයට.....

දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com

No comments:

Post a Comment