Wednesday, July 25, 2012

මුහුදු පතුලේ මීතේන් පෙරළිය



සාගරයෙන් කැලැතේර්ට්‌ස්‌ සහිත අයිස්‌ කැට ගොඩට ගෙන ගිනි තැබූ විට අයිස්‌
කැට, එහි අඩංගු මීතේන් වායුව හේතුවෙන් දැවී යන අයුරු.
(EN.WIKIPEDIA.ORG/WI
KI/MARS GAS)





පෘථිවි වායුගෝලයෙහි අද්‍යතනව දක්‌නට ලැබෙන සංයුතිය අතීතයේ සිටම මේ
ආකාරයෙන් ම ක්‍රියාත්මක වී ඇත. අද්‍යතන වායුගෝලය පෘථිවි ඉතිහාසය තුළ
ක්‍රමිකව පරිණාමය වූ අතර ජීවය ආරම්භ වීම හා ජීවීන්ගේ පරිණාමය සිදුවීම
මගින් වායු ගෝලයේ වෙනස්‌වීම් රාශියක්‌ සිදුවී ඇත. මේ අයුරින් වායුගෝලීය
අන්තර්ගතය දූෂණය වීම 21 වැනි සියවසේදී පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට මුහුණ
දීමට සිදුව තිබෙන ඉතාමත්ම සංකීර්ණ හා තීව්‍ර අභියෝගයකි.

පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ග්‍රහ ලෝකයේ පැවැත්ම පිළිබඳ ඉතාමත් සංකීර්ණ
කාලයකට මුහුණ දී සිටින මානුෂීය වාර්ගිකයන්ගේ දැවැන්තම ෙ€දවාචකය වී ඇත්තේ
පෘථිවි පරිසරයට ආදරය කරන ඒ පිළිබඳ අවබෝධයක්‌ තිබෙන යහපත් පුද්ගලයන්
තවදුරටත් නිශ්ශබ්දව සිටීමය.

යහපත් මිනිසුන් ඒකරාශි වී ක්‍රියාත්මක වුවහොත් අයහපත් ක්‍රියාකාරකම්
යටපත් වී හෝ අවම වී පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ග්‍රහ ලෝකයේ ජීව
පැවැත්මෙහි සුවදායී බව තව දුරටත් ආරක්‍ෂා කරගැනීමට හැකි වනු නොඅනුමානය.
අද්‍යතන තත්ත්වය මේ ලිපි පෙළ මගින් එළි දැක්‌වූවත් අසීමිතව ඒකරාශි වන
මානුෂීය වාර්ගිකයන්ගේ කැපවීම තුළින් මෙම ව්‍යසනයෙන් පෘථිවි වායු ගෝලය සුව
අතට පත්කර ගැනීමට හැකිවන බව විශ්වාසය.

පෘථිවි චිපිට ගෝලයේ දේශගුණය වෙනස්‌වීම පිළිබඳ කරුණු ත්‍රිත්වයක්‌ ඒ
පිළිබඳ හදාරණ විද්‍යාඥයන් විසින් හඳුනා ගෙන ඇත. ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය
(EN.WIKIPEDIA.ORG/WIKI/GULF STREAM) බිඳ වැටීම හෝ එහි සංසරණ
ක්‍රියාකාරිත්වය දුර්වල වීම ඉන් ප්‍රධානය. දෙවනුව බ්‍රසීලය (BRAZIL) පේරු
(PERU) කොළොම්බියා (COLOMBIA) වෙනිසියුලා (VENEZUELA) ඉක්‌වදොaර්
(ECUADOR) බොලීවියා (BOLIVIA) ගයානා (GUYANA) ආදී පෘථිවි ප්‍රදේශ සිසාරා
විහිදී ඇති ඇමර්සන් වැසි වනාන්තරවල විනාශයන් හා බැඳුනු ස්‌වාභාවික
ක්‍රියාවලිය බිඳ වැටීම ප්‍රධානය. (RAIN FORESTS, MONGABAY,
CO/AMAZON/AMAZON/DESTRUCTION.HTM) සාගර පත්ලේ ක්‌ලැතේර්ට (CLATHRATE) වල
අඩංගු වී ඇති මීතේන් වායුව පිටවීම තෙවන ප්‍රධාන කාරණාවය.
(EN.WIKIPEDIA.ORG/WIKI/CLATHRATE.COMPOUND) උක්‌ත කරුණු ත්‍රිත්වයෙන්
ඇති විය හැකි මහත් වූ බලපෑම පරිගණක මොඩල මගින් දැනටමත් පුරෝකථනය වී ඇත.
පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ග්‍රහ ලෝකයේ ඉතිහාසය සිසාරාම නොයෙක්‌
අවස්‌ථා වලදී උක්‌ත හේතු කාරක අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වී පෘථිවි
ආකෘතියට තීරණාත්මකව බලපා ඇති බව ගෝලය සිසාරා විද්‍යාඥයන්ගේ පොදු එක්‌
නිගමනයකි.

අද්‍යතනව පෘථිවි චිපිට ගෝලයේ දේශගුණය වෙනස්‌ වන වේගය අනුව උක්‌ත ක්‍රියා
ත්‍රිත්වයම හෝ එකක්‌ හෝ දෙකක්‌ අප ජීවත් වන මේ සහශ්‍රකයේදී ක්‍රියාත්මක
විය හැකි බවද ගෝලීය දේශගුණ විද්‍යාඥයන්ගේ අදහසය.

1513 දී ස්‌පාඤ්ඤ ජාතික ගවේෂකයෙකු වූ ජුවාන් පොන්ස්‌ ද ලියොනි විසින්
(JUAN PONCE DE LEONY FIGUEROA
1474 - 1521 WAS A SPANISH EXPLORER) හඳුනා ගන්නා ලද අත්ලාන්තික්‌ සාගර
ජාලයේ ක්‍රියාත්මක ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය එම සාගර වටා පිහිටි පෘථිවි
මානුෂීය වාර්ගිකයන්ගේ ගම්, නගර, රාජ්‍යයන්ට අතිශයින්ම වැදගත්ය. ගල්ෆ් ජල
ගුල්ම ප්‍රවාහය (GULF STREAM) වැසීගියහොත් එක්‌සත් ජනපදයේ ආරක්‍ෂක කටයුතු
ඇතුළු නොයෙකුත් කටයුතු වලට ඇතිවන බලපෑම පිළිබඳ ඇමරිකානු සිවිල් හා හමුදා
නිලධාරීන් 23,000 ක්‌ සේවයේ යෙදී සිටින පෘථිවි ගෝලයේ විශාලතම කාර්යාලය වන
පෙන්ටගනය (THE PENTAGON) විසින් 2003 දී කරන ලද සමීක්‍ෂණයක තොරතුරු එළි
දක්‌වා ඇත.

එහි සඳහන් වනුයේ මුහුදු අයිස්‌ දියවීම හේතුවෙන් උතුරු අත්ලාන්තික්‌
සාගරයේ ගොඩගැසෙන ශීතල ජලයෙන් ඇතිවන ප්‍රතික්‍රියා හේතුවෙන් ගල්ෆ් ජල
ගුල්ම ප්‍රවාහයේ වේගය අඩුවන බවය. (EN.WIKIPEDIA.ORG/WIKI/ SHUTDOWN-OF
THERMOHALINE CIRCULATION)

ඒ අතර 2010 වන තෙක්‌ ගෝලීය උණුසුම සෙමින්, සෙමින් වුවත් කඩිනමින් වර්ධනය
වී ඉන් අනතුරුව එකවරම ඇතිවන මායා දොරටුවෙන් (EN.WIKIPEDIA.ORG.WIKI.MAGIC
GATE) එළියට පැනගන්නා ප්‍රචණ්‌ඩ දේශගුණය අතිශයින් උරණ වී ගෝලය සිසාරා
මහත් වූ ව්‍යසනයන් ක්‍රියාත්මක කර පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ජීවිතද,
අනාගත පරපුරේ දූ දරුවන්ද, ඔවුන්ගේ ගම්බිම්ද, භෞතික දේපළද දැඩිසේ විනාශ
කරනු ඇති බවය.

පෙන්ටගන වාර්තාවේ සඳහන් පරිදි ඇතිවන අලුත් තත්ත්වයන් හේතුවෙන්
කෘෂිකාර්මික ප්‍රදේශ බොහොමයක්‌ නිරන්තර ඉඩෝරයට ගොදුරුවන අතර යුරෝපයේ
සාමාන්‍යය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 30 කින් සහ උතුරු ඇමරිකාවේ සාමාන්‍ය
උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 30 මඳක්‌ අඩුවෙන්ද පහත වැටෙනු ඇති බවත්ය. එහෙත්
ඔස්‌ටේ්‍රලියාව, ද. ඇමරිකාව සහ ද. අප්‍රිකාව යන පෘථිවි ප්‍රදේශවල
සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 20 ඉහළ යන බව සඳහන්ය.

උක්‌ත වාර්තාවට අනුව එහි සඳහන් කරුණු හේතුවෙන් ඇති වන ගෝලීය සමාජ අර්බුදය
ඉතා තීව්‍ර වන බවත් ගෝලය සිසාරා අවම වශයෙන් දේශගුණ විපර්යාස හේතුවෙන්
දේශගුණ සරණාගත ජනතාව (CLIMATE REFUGEES /
ENVIRONMENTAL MIGRANT) 2050 වන විට මිලියන 200 කටත් වඩා අධික වන බව තව
දුරටත් සඳහන්ය. දේශගුණ සරණාගත (CLIMATE REFUGEES) පරිසර හේතූන් නිසා
සරණාගත ජනතාව (ENVIRONMENTAL MIGRANT) යන යෙදුම් මෙම විෂය පථයට එක්‌ කරන
ලද්දේ ලෙස්‌ටර් රසල් බ්‍රවුන්ය. (LESTER-RUSSEL BROWN ) නමැති ඇමෙරිකානු
පරිසරවේදියාය. ලෙස්‌ටර් රසල් බ්‍රවුන් WORLD
WATCH INSTITUTE නිර්මාතෘවරයාය. ගෝලීය උණුසුම, ගෝලීය ජල අර්බුදය, ගෝලීය
ආහාර හිඟය ආදී අද්‍යතනව පෘථිවි මානුෂීය වාර්ගිකයන් මුහුණ දී සිටින ඉතා
සංකීර්ණ ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරන ග්‍රන්ථ 50 ක පමණ කතෘවරයාද ලෙස්‌ටර්
රසල් බ්‍රවුන්ය. පෘථිවි චිපිට ගෝලයේ භූ ගර්භයේද මහා සාගර ජලයේද, සාගර
පත්ලේද, පෘථිවි පෘෂ්ඨයේද ඇති සොබාදහම් පරපුරට අයත් දේපළ තමන් සතුකර ගැනීම
සඳහා නැවත පෘථිවි රාජ්‍යයන් අතර බිහිසුණු යුද්ධද ඇති වීමට ඉඩ ඇත. එසේම
ජලය, බලශක්‌ති ඌණතා ආදී කරුණු හේතුවෙන් එම නිසා ඇතිවන නෙයෙකුත් දේශපාලන
අර්බුද උත්සන්න වීමෙන් යුරෝපා සංගමය කැඩී බිඳී යැමට හැකි බවත් උක්‌ත
අධ්‍යයන වාර්තාවේ සඳහන්ය.

පෙන්ටගන වාර්තාවේ සඳහන් ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහයේ වෙනස්‌ වීම් හේතුවෙන්
පෘථිවියේ ඇතිවන වෙනස්‌ වීම් පිළිබඳ තාක්‍ෂණික අතිශෝක්‌තියෙන් යුතුව එල්
සැල්වදොaරයේ උපත ලද අද්‍යතනව කැනේඩියානු සිනමා හා රූපවාහිනි අධ්‍යක්‍ෂ
වරියක වූ PATRICIA CHICA විසින් අධ්‍යක්‍ෂණය කරන ලද සිනමා සම්මාන 10
දිනාගත් "THE DAY AFTER TOMORROW" සිනමා කෘතියද ඇමෙරිකාවේ හිටපු උප
ජනාධිපති අල් ගෝර්ගේ (AL GORE) " AN INCONVENIENT TRUTH" ග්‍රන්ථය
ඇසුරෙන් ඒ නමින්ම කරන ලද සිනමා කෘතියත් එම සිනමා කෘතිය දැකීමෙන් පෘථිවිය
පිළිබඳ හටහත් මහත් වූ අපේක්‍ෂාවනA හේතුවෙන් ගෝලීය ජනතාව දැනුවත් කිරීමට
ඉදිරිපත් කළ YANN ARTHUS - BERTRAND ගේ "HOME" සිනමා කෘතියද මිනිසා ජීවත්
වන පෘථිවි ගෝලය සහ එහි උණුසුම පිළිබඳ සාකච්ඡා කරන ලද කෘතීන් අතර සිත්
ගන්නා සුළු සිනමා කෘතීන්ය.

"HOME" සිනමා කෘතිය සිසාරා මිනිසා ජීවත් වන පෘථිවි ගෝලයේ අභ්‍යන්තරය
හාරමින්, සාගර පත්ලද විද තෙල් උරා ගනිමින්, අනෙක්‌ අතින් ජලය ලබා ගැනීමට
මිලියන දහස්‌ ගණනක්‌ සිදුරු (ළිං) සාදා ජලයද උරා ගනිමින්, පෘථිවි පෘෂ්ඨය
මතද නානා යන්ත්‍ර සූත්‍ර යොදා තමන්ට අවශ්‍ය අයුරින් සකස්‌ කරමින්, පෘථිවි
මානූෂීය වාර්ගිකයන් විසින් සොබාදම් මෑණියන්ගේ දේපළ තමන් සතු කර ගැනීම
සඳහා ඇගේ දේපළ වලට දෙන දුක්‌ කන්දරාව අප වෙත ඉදිරිපත් කර ඇත්තේ ගුවනේ සිට
කැමරාව ක්‍රියාත්මක කරවීමෙනි. සැබවින්ම ගෝලයේ නොයෙක්‌ සිනමාකරුවන්
පෘථිවිය, වායුගෝලය, ජලය, මිනිස්‌ ක්‍රියාකාරකම්, ජෛව විවිධත්වය ආදී
වශයෙන් නා නා විධ විෂයන් 40 ක පමණ ඇසුරෙන් නිෂ්පාදනය කර ඇති ඉතා වැදගත්
සිනමා කෘති සිය ගණනකි.

ශ්‍රී ලංකාවේ ජනතාවට අද්‍යතනව ගෝලය පත් වී තිබෙන තත්ත්වය හා එහි අවදානම
පිළිබඳ අවබෝධයක්‌ ලබාදීමට නම් ශ්‍රී ලංකාවේ රජයේ රූපවාහිනි මාධ්‍යය මෙම
සිනමා කෘති සිංහල ශීර්ෂපාඨ යොදා සතිපතා එක බැගින් දර්ශනය කිරීම රටේ
වත්මන් හා අනාගත පරපුර වෙනුවෙන් පහසුවෙන්ම කළ හැකි වැදගත් සමාජ මෙහෙවරකි.

ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහයේ වෙනස්‌ වීම හෝ නැවැතීම වඩා වැදගත් වනුයේ ගෝලීය
ජල ගුල්ම ප්‍රවාහයන් අතරින් වේගවත්ව ජලගුල්ම ප්‍රවාහය නිසාය. උක්‌ත ජල
ගුල්ම ප්‍රවාහයේ ක්‍රියාත්මක ජල ප්‍රමාණය අති විශාලය. ජල ගුල්ම ප්‍රවාහවල
ප්‍රමාණ මනිනු ලබන්නේ නෝර්වීජියානු සාගර හා දේශගුණ විද්‍යාඥයෙකු වූ
HARALD SVERDRUPS,
WAS A NORWEGIAN OCEANOGRAPHES AND
METEOROLOGIST සිහිවීම පිණිස ස්‌වර්ඩ්‍රප්ස්‌ (SVERDRUPS) යන නමින් නම්කළ
ඒකක වලිනි. එක්‌ ස්‌වර්ඩ්‍රප්ස්‌ ඒකකයක්‌ යනු තත්ත්පරයට කියුබික්‌ මීටර්
මිලියනයකින් ගලා යන ජල ධාරාවකි, ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහයේ සමස්‌ත වේගය
ස්‌වර්ඩ්‍රප්ස්‌ 100 ක්‌ පමණ බව සඳහන්ය. එසේ නැතහොත් ගෝලයේ විශාලතම ගංගාව
වන ඇමර්සන් නදියේ ජල ධාරාව මෙන් සිය ගුණයකි.
(EN.WIKIPEDIA.ORG/WIKI.AMENZON RIVER) ඇමර්සන් ගංගාවේ ජෛව විවිධත්ව
විචිත්‍රත්වයක්‌ සමග හමා එන සුළඟේ ජල වාෂ්ප වලින් අවට පරිසර පද්ධතීන්
පුබුදුවාලමින් ගලා යන මහා ජල ධාරාව පෘථිවි චිපිට ගෝලයේ ඇති සමස්‌ත
ගංගාවන් ගෙන් ගලා එන ජලයෙන් පහෙන් එක්‌ කොටසකට අයිතිවාසිකම් කියනු ලබයි.
එසේ නම් ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය කෙතරම් විශාලද යනු සිතා ගනු මැනවි.







අත්ලාන්තික්‌ සාගරයේ උතුරු ප්‍රදේශයේදී ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහ ජල ධාරාව
ඒ අවට සාගර ජලයට වඩා උණුසුම් වන අතර මෙසේ උණුසුම් වූ ජලය අත්ලාන්තික්‌
සාගරයේ උතුරු ප්‍රදේශයේදී තව දුරටත් උණුසුම් වේ. එම් උණුසුම් වූ මහා ජල
ධාරාවේ සෑම ජල ඝන මීටරයකම වාතය ඝන මීටර් 3000 ක්‌ උණුසුම් කිරීමේ
හැකියාවක්‌ ඇත. එම නිසා මේ ආකාරයෙන් උෂ්ණත්වය උතුරට පරිවහනය කිරීම සඳහා
ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය සිදු කරනුයේ මහත් සේවයකි.

එසේ උතුරේදී උණුසුම මුදා හැරීමත් සමගම ගල්ෆ් ප්‍රවාහයේ ජලකඳ මහා සාගරයේ
කෙළවරක්‌ නොමැති ගැඹුරට කඩා වැටෙනුයේ විශාල බලයක්‌ ඇති කර ගනිමින් වේගවත්
ජලධාරාවක්‌ බවට පරිවර්තනය වෙමිනි.

එම පරිවර්ථන ක්‍රියාවලියෙන් ලබාගන්නා අති විශාල ශක්‌තිය සමග විශාල
තෙරපුමක්‌ සහිතව මහා සාගරයේ පතුලට වේගයෙන් කිමිදෙන ජල ධාරාව හේතුවෙන්
පෘථිවි චිපිට ගෝලයේ දස දෙසින් ගලා එන ජල ධාරාවෝ සාගර ජාලයේ සමස්‌ත ජල
ගුල්ම ප්‍රවාහයන්ටම අවශ්‍ය බලය ජනිත කරනු ලබයි.

එම පරිවර්තන ක්‍රියාවලියෙන් ලබාගන්නා අති විශාල ශක්‌තිය සමග විශාල
තෙරපුමක්‌ සාහිත්‍ය මහා සාගරයේ පතුලට වේගයෙන් කිමිදෙන ජල ධාරාව හේතුවෙන්
පෘථිවි චිපිට ගෝලයේ දස දෙසින් ගලා එන ජල ධාරාවෝ සාගර ජාලයේ සමස්‌ත ජල
ගුල්ම ප්‍රවාහයන්ටම අවශ්‍ය බලය ජනිත කරනු ලබයි.

නමුත් සාගරයේ යටට වේගයෙන් ගලා බසින අති දැවැන්ත ජල ධාරාව පෘථිවි ඉතිහාසය
තුළ කිහිපවරක්‌ම අඩපණ වී ඇත.

ගල්ෆ් ජල ගැල්ම ප්‍රවාහය (GULF STREM) දුර්වලවීමට ප්‍රධාන හේතුවක්‌ වී
ඇත්තේ එහි ඇති ලවණ ප්‍රමාණය අඩුකිරීමට තරම් වූ මිරිදිය (FRESH WATER) හා
මිශ්‍රවීමයි. ලවණ සාන්ද්‍රණය අඩු වූ විට ජලයේ බර වෙනස්‌ වන අතර එම නිසා
ජල ගුල්ම ප්‍රවාහයේ කි¹ බැසීමේ හැකියාවටද මෙම තත්ත්වය බලපානු ලබයි. එහෙත්
එසේ ලවණ සාන්ද්‍රනතාව අඩු කිරීමට නම් ස්‌වර්ඩ්‍රප්ස්‌ (SVERDRUPS)
කිහිපයක ධාරිතාවයක්‌ ඇති මිරිදිය (FRESH WATER) ජලධාරාවක්‌ ද සාගර
ප්‍රවාහයට එකතු විය යුතුය. උත්තරාර්ධ ගෝලයේ මිදුණු හිම විශාල වශයෙන්
දියවීම හා වර්ෂාපතනය අධික වීම හේතුවෙන් මෙම අවශ්‍යතාව ඉටුවේ. (EN.WI:-
POLAR ICE PACK) උණුසුම හේතුවෙන් සාගරයේ නිවර්ථන කලාපයට අයත් ප්‍රදේශවල
සමස්‌ත ජාලයේ ලවණතාව ඉහළ යමින් තිබෙන අතර හිම දියවීම නිසා ධ්‍රැව ආසන්න
ප්‍රදේශවල ජලයේ මිරිදිය ප්‍රමාණය අධික වෙමින් පවතී. මෙම ක්‍රියාව
හේතුවෙන් සමකය ආසන්නයේදී සාගර ජලය වාෂ්පී භවනය වීම ඉහළ ගොස්‌
ධ්‍රැවාසන්නව ඉහළ වර්ෂාපතනයක්‌ සිදුවේ. මෙම ක්‍රියාවලියම අනෙකුත් සාගර
කලාපවල ක්‍රියාත්මක වීමේදී ඇතිවන දේශගුණ වෙනස බලපෑම නිසා වාෂ්පීභවන වේගය
හා වර්ෂාපතන ප්‍රමාණය 5% - 10% අතර ප්‍රමාණයකින් වැඩි වී ඇති බව
විද්‍යාඥයන්ට නිරීක්‍ෂණය වී ඇත.

මෙසේ ලවන සාන්ද්‍රතාව වැඩිවීම ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය බිඳ වැටීමට පෙර එම
සාගර ප්‍රවාහයේ වේගය සැලකිය යුතු පමණින් ඉහළ යැමට බලපානු ලබයි. වැඩි
වේගයකින් දියවෙන ජල ගුල්ම ප්‍රවාහය ඔස්‌සේ වැඩි තාප ප්‍රමාණයක්‌
ධ්‍රැවසාන්නයට රැගෙන යැම හේතුවෙන් මුහුදු අයිස්‌ දියවීමද ඒ සමගම
සිදුවෙයි. අවසානයේදී අයිස්‌ දියවීම හේතුවෙන් අධිකව ඇතිවන මිරිදිය උතුරු
අත්ලාන්තික්‌ ප්‍රදේශයේදී ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහයට එක්‌ වීමෙන් මුළු
සාගර ප්‍රවාහ පද්ධතියම බිඳ වැටෙනු ඇත. (EN.WIKI:-THERMOHALINE
CIRCULATION) එසේ සිදුවුවහොත් උෂ්ණත්වය වැඩි වීම තව දුරටත් ඒ හා සම්බන්ධ
ප්‍රදේශවල සිදුවනු ඇත. ගල්ෆ් ජල ගුල්ම ප්‍රවාහය (GULF STREAM) මන්දගාමී
වූ විට යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේද උෂ්ණත්වය ඉතා කෙටි කලකින් පහත වැටී
ජනතාව දුෂ්කරතා වලට මුහුණ දෙනු ඇත. (EN.WIKI:-
TO IMAGINE THE UNTHINKABLE).

පෘථිවි චිපිට ගෝලයේ මෙම විෂයට අදාළ විද්‍යාඥයන් දේශගුණ වෙනස්‌ වීම ගෝලීය
උණුසුම මානව ක්‍රියාකාරකම්, පුරෝකථන පිළිබඳ දරණ මත හා නිගමන විවිධාකාරය.

ගල්ෆ් ජල ගැල්ම ප්‍රවාහය (GULF STREAM) හා සම්බන්ධ ස්‌වාභාවික
ක්‍රියාවලිය බිඳ වැටීම පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අනාවරණයන් සමග
එකඟ නොවන මහා බ්‍රිතාන්‍යයේ හැඩ්ලි පර්යේෂණ මධ්‍යස්‌ථානයේ (HADLEY
CENTER FOR CLIMATE PREDICTION AND CHANGE) නොයෙකුත් ක්‍ෂේත්‍ර වලට අදාළ
විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ ඇමසන් වැහි වනාන්තරයේ ගුණාත්මක පිරිහීම ගෝලීය
උණුසුමට ඉතා තීව්‍ර ව බලපානු ලබන බවයි.

HADLEY CENTER FOR CLIMATE PREDICTION
AND CHANGE (THE MET OFFICE) මහා බ්‍රිතාන්‍යයේ පිහිටි මෙම කාර්යාලයීය
විද්‍යාගාරවලදී පරිගණක මොඩල මගින් සිදුකරන පුරෝකථන පිළිබඳ විස්‌තරයක්‌
මීට පෙර කර ඇත. එම මධ්‍යස්‌ථානයේ ඇති ඉතාමත්ම සුවිශේෂ පරිගණක මොඩලයක්‌
වනුයේ (DESCRIPTION OF THE TRIFFED
DYNAMIC GLOBAL VEGETATION MODEL) වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය
ඉහළ යන විට ඇමර්සන් වැසි වනාන්තරයේ ගස්‌ කොලන් වලට සිදුවන ක්‍රියාවලියන්
පිළිබඳ පුරෝකථනයන් කිරීමය.

ඇමර්සන් වැසි වනාන්තරයේ ඝන හරිත වර්ණ වැස්‌ම හේතුවෙන් සිදුවන ස්‌වාභාවික
වෘක්‍ෂ ලතා වල ක්‍රියාකාරිත්වයෙන් එම ප්‍රදේශයට වර්ෂනය සිදුවීම අනෙක්‌
ප්‍රදේශ වලට වඩා අධිකය. වනාන්තරයේ ගස්‌ කොලන් වල ක්‍රියාකාරිත්වය
හේතුවෙන් ඇතිවන උත්ස්‌වේදනය (TRANSPIRATION) හේතුවෙන් මහා ජල ප්‍රමාණයක්‌
එහි ඉහළ අහසේ වලාකුළු වල නිරන්තරයෙන් තැන්පත් වී ඇත. එම නිසා වලාකුළුවල
ඇති තෙතමනය ඝනීභවනය වීම මගින් නිරන්තර වර්ෂනය සිදුවේ.
(EN.WIKIPEDIA.ORG.WIKI.
CONDENSATION).

එසේ ඇතිවන වර්ෂනයේ ජලය නැවත ශාක පත්‍ර මගින් උත්ස්‌වේදනය වී
(EN.WIKIPEDIA.ORG.WIKI.
TRANSPIRATION) නැවැත වාෂ්පීභවනය වේ. (EN.WIKIPEDIA.ORG.WIKI. VAPORIZATION).

නමුත් ශාක පත්‍රවල උක්‌ත උත්ස්‌වේදන ක්‍රියාවට වායුගෝලයේ බහුල වී ඇති
කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය සෘජුවම බලපානු ලබයි. සොබා දහමේ ඇති සංකීර්ණ
ක්‍රියාවලීන්ට උරුමකම් උපයාගෙන ඇති ගස්‌ වැල්ද තමන් විසින් ඉතා අපහසුවෙන්
උරාගන්නා ජලය එම ගස්‌ වල ශාඛ පත්‍ර දක්‌වා ගෙන යැමේ ස්‌වාභාවික
ක්‍රියාවලිය අඩපණ වනවාට කැමැති නැත. එහෙත් නොයෙක්‌ විධ ගස්‌ වැල් වල ශාක
පත්‍ර මගින් ජල වාෂ්ප නිකුත් වීම සිදුවනුයේ ශාක පත්‍රවල ඇති පූටිකාවල
ක්‍රියාකාරිත්වය හේතුවෙනි. (EN.WIKIPEDIA.DIA.ORG.WIKI. STOMATA) මෙසේ
ශාක පත්‍ර ක්‍රියාකාරි වනුයේ ප්‍රභාසංලේෂණ ක්‍රියාවලියට අවශ්‍ය කාබන්
ඩයොක්‌සයිඩ් ප්‍රමාණය උරාගැනීමටය. තමන්ට අවශ්‍ය කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය උරා ගන්නා තෙක්‌ උක්‌ත පූටිකා විවෘතව තිබීම සිරිතය.

නමුත් මිනිසා විසින් වායුගෝලීය කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ඉහළ නංවා
තිබෙන හෙයින් පෙර දවස පූටිකා (STOMATA) විවෘතව තිබූ තරම් කාලයක්‌
අද්‍යතනව විවෘතව තිබිය යුතු නැත. මක්‌නිසාද යත් වායුගෝලීය කාබන් ප්‍රමාණය
ඉතා අධික හෙයින් කඩිනමින් ගස්‌වැල් වලට අවශ්‍ය ප්‍රමාණය උරා ගන්නා
හෙයිනි, නමුත් මෙම ස්‌වාභාවික ක්‍රියාව ශීඝ්‍රගාමී වීම හේතුවෙන් ශාක
පත්‍ර මගින් පිටවන ජල ප්‍රමාණය අඩුවීම පෘථිවි ගෝලයටම අනතුරකි. ඊට හේතුව
වනුයේ මීට පෙර විස්‌තර කළ උත්ස්‌වේදනය (TRANSPIRATION) ඝනීභවනය
(CONDENSATION) වාෂ්පීභවනය (VAPORIZATION) යන ස්‌වභාවික ක්‍රියාවලි
ත්‍රිත්වය අඩපණ වීමය, මෙම ක්‍රියාදාමය දුර්වල වීමෙන් පෘථිවි චිපිට ගෝලයට
ලැබෙන වර්ෂනය අඩුවේ. ඉහත විස්‌තර කළ TRIFID පරිගණක මොඩලයේ පුරෝකථනය වී
ඇත්තේ 2100 වන විට ඇමර්සන් වැසි වනාන්තරයේ වර්ෂණය ඉතා තීව්‍ර ලෙස පහළ
බසිනු ඇති බවය. ඊට ප්‍රධාන හේතුව වායුගෝලීය කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණයයි. මෙම අඩුවීමට සියයට විස්‌සක්‌ 20% පමණ බලපානුයේ ගස්‌ කොලන් වල
පූටිකා විවෘතව තිබෙන කාලය කෙටි වීමය.

ඇමර්සන් වැසි වනාන්තරයේ සාමාන්‍ය වර්ෂාපතනය පැය 24 කට මිලි මීටර් 05 කි.
2100 වන විට මෙම ප්‍රමාණය පැය 24 කට මිලි මීටර් 02 දක්‌වා පහළ බසින බව
පුරෝකථනය වී ඇත. ඇමර්සන් වැසි වනාන්තරයේ සමහර ප්‍රදේශවලදී වර්ෂන අගය 0
දක්‌වා පහත වැටෙනු ඇතැයිද දක්‌වා ඇත. (EN.WIKIPEDIA..ORG/WIKI/RAIN)
පෘථිවි චිපිට ගෝලීය වායු ගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය 5.50 කින් ඉහළ
ගියහොත් ඇමර්සන් වැසි වනාන්තරය විශාල අනතුරකට මුහුණ දෙනු ඇත. ඉහළ යන
වායුගෝලීය උණුසුම හේතුවෙන් පොළවට පස්‌වන (පාංශුකාරක) ශාක ද්‍රව්‍ය වල
ක්‍රියා චක්‍රය කඩිනම් වේ. එසේ වීමේදී පස මගින් නිකුත් වන කාබන්
ඩයොක්‌සයිඩ් ප්‍රමාණයද තව දුරටත් ඉහළ යනු ඇත. මෙම ක්‍රියා චක්‍රයන් සමග
තවදුරටත් අත්වැල් බැඳ ගන්නා හරිතාගාර වායු සංයුතිය තවදුරටත් තිව්‍ර වී
ගෝලීය උණුසුම ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇත.

(EN.WIKIPEDIA ORG.WIKI.CLIMATE CHANGE) පොලොවේ ක්‍රියාත්මක වෙමින්
සිදුවන මෙම ක්‍රියාවලිය නිරන්තරයෙන් ක්‍රියාත්මකය. එසේ වීමේදී වැසි
වනාන්තරවල හරිත වර්ණ වන වැස්‌ම දුර්වල වීමෙන් වනයේ පස තාප රශ්මියට
නිරාවරණය වේ. එසේ නිරාවරණය වීමෙන් පසට දිරාපත් වන ද්‍රව්‍ය කඩිනමින්
දිරාපත් වේ. ඒ සමගම කාබන් ඩයොක්‌සයිඩ් නිපදවීමද කඩිනම් වේ.
(EN.WIKIPEDIA.ORG/WIKI/CARBON CYCLE)

මෙහි ප්‍රතිඵලය වනුයේ මිනිසා ජීවත් වන ග්‍රහ ලෝකයේ අද්‍යතන මහා අර්බුදය
වී තිබෙන වායුගෝලීය කාබන් සංයුතිය ඉහළ යැමේ වේගය තව දුරටත් උග්‍ර වීමය.
ගෝලීය විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත්තේ උක්‌ත ක්‍රියාවලියට අනුව ඇමර්සන්
වැසි වනාන්තරයේ සියලු ගස්‌ වැල් වල තැන්පත් වී තිබෙන කාබන් ප්‍රමාණය ගිගා
ටොන් 35ක්‌ පමණ බවය. එසේම ඇමර්සන් වනාන්තරයේ පස්‌ තට්‌ටුවේ තැන්පත් වී
තිබෙන කාබන් ප්‍රමාණය ගිගා ටොන් 150 ක්‌ පමණ බවය. මෙම තත්ත්වය පෘථිවි
මානුෂීය වාර්ගිකයන්ගේ ග්‍රහ ලෝකයේ ඉදිරි පැවැත්මට ඉතා තීරණාත්මකව බලපානු
ඇත. සමස්‌ත ගෝලීය පෘථිවි පෘෂ්ඨයේ තැන්පත් වී තිබෙන කාබන් ප්‍රමාණය සියයට
8 කි. මෙම ප්‍රමාණය තීරණාත්මක ප්‍රමාණයකි. මෙහි ප්‍රතිඵලය වනුයේ 2100 වන
විට වායුගෝලීය කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයේ ප්‍රතිශතය කොටස්‌ මිලියනයකට
1000 දක්‌වා ඉහළ යැමය. අද්‍යතනව එම ප්‍රමාණය කොටස්‌ 380 කි. එම ප්‍රමාණය
කොටස්‌ 550 දක්‌වා ඉහළ නැගීමට පෙර පෘථිවි මානුෂීය වාර්ගිකයන් මහත්
කැපවීමෙන් එම තත්ත්වය පාලනය කර ගත යුතුබව මෙම ලිපි මාලාවේ (2010.11.24)
වායු ගෝලයේ කාබන් පෙරළිය"

නමැති ලිපියේ විස්‌තර කර ඇත. මේ පිළිබඳවත් ගෝලය සිසාරා නැවත ඇතිවෙමින්
පවතින මිනිසා විසින් මර්දනය කරන ලද භයානක රෝග කාරකද, අද්‍යතන රෝගාබාධ
පිළිබඳවද පෘථිවි ගෝලයේ නව්‍ය විද්‍යාත්මක තොරතුරු පිළිබඳ දැන ගැනීමට ගෝලය
සිසාරා බෙදාහරින NATURE සඟරාව කියවීම වැදගත්ය.

ඇමර්සන් වනාන්තරයේ මෙම ජීව ක්‍රියාවලිය කුඩා කල ස්‌වභාව දහම විෂය යටතේ
අද්‍යතනව සමාජ අධ්‍යයනය. පරිසරය, ආදී විෂයයන් යටතේ සියලු මිනිසුන්ට ලබා
දුන් අධ්‍යාපනයේ ඇතුළත්ය. වැඩිහිටියන් බවට පත්වන මිනිසුන් මෙම අධ්‍යාපනික
දැනුම අමතක කර තම ජීවිත යාත්‍රාව අත්මාර්ථකාමී ලෙස පදවන ආකාරය අද පොදු
සාධකයක්‌ බවට පත් වී ඇත. නමුත් 2040 වන විට කාබන් ඩයොක්‌සයිඩ් විසින්
පෘථිවි වායුගෝලයේ ඇතිකරන වෙනස මගින් සෑම මිනිසකුගේම ජීවිත යාත්‍රාවට
නොයෙකුත් පීඩාකාරී බාධක එල්ල කරන බව හැඩ්ලි මධ්‍යස්‌ථානයේ TRIFFED පරිගණක
මොඩලයෙන් පුරෝකථනය වී ඇත. ඊට හොඳම උදාහරණය ඇමර්සන් ෙද්‍රdaනියේ දළ
උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 10 ක්‌ දක්‌වා ඉහළ යන බව පුරෝකථනය වී තිබීමය. එසේ
වුවහොත් ඇමර්සන් වනයේ ගස්‌කොලන් විනාශ වී පැළෑටි, පඳුරු, සැවානා සහිත
ප්‍රදේශයක්‌ බවට ඇමර්සන් වනය පත් වන බවය.

දැනටමත් ඇමර්සන් වනයේ සමහර ප්‍රදේශවල කාන්තාරකරණයේ (DESERTIFICATION)
ලක්‍ෂණ ඇති වී ඇත. ගෝලීය විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ 21 වැනි සියවස
අවසානයේදී ඇමර්සන් වැසි වනාන්තරයේ හරි අඩක්‌ ළඳු කැලෑ බවට පරිවර්තනය වන
බවත් ඉතිරිය කාන්තාර වන බවත්ය. එපමණක්‌ නොව ඇමර්සන් වනයේ සිදුවන මෙම
ක්‍රියාවලිය හේතුවෙන් සමස්‌ත ගෝලීය දේශගුණය තවදුරටත් රුදුරු වීමට හේතුවන
බව සඳහන්ය. පෘථිවි එපිට ගෝලයේ දේශගුණ විපර්යාස පිළිබඳ තීව්‍ර නිර්ණායකයන්
ත්‍රිත්වයෙන් ද්වයක්‌ ඉහත විස්‌තර කර ඇත්තේ විෂයට අදාළව ඉතාමත්
සංෂිප්තවය. එම කරුණ ත්‍රිත්වයේ තෙවැනි කරුණු වනුයේ උතුරු ගෝලයේ සාගරයන්හි
ඇති අයිස්‌වල සිරවී / ගබඩා වී ඇති මීතේන් වායුව (METHANE
(CH4) / MARS GAS) වායුගෝලයට මුදා හැරීමේ ක්‍රියා වලියයි.

1776-1778 අතර කාලයේ ඇල්ප්ස්‌ කඳු වැටියේ මැගියොර් වැව්තෙරේ
(LAKE/MAGGLORE) හි පර්යේෂණ කටයුතු වල නියෑළී සිටි ඉතාලි ජාතික භෞතික
විද්‍යාඥයකු වන ඇලසැන්ෙඩ්‍රා වොල්ත විසින් ප්‍රථමයෙන්ම මීතේන් වායුව යොසා
ගෙන ඇත. (ALESSANDROGIUSEPPE ANTONIO
ANASTASIOVOLTA 1745 - 1827 WAS AAN
ITALIAN PHYSICIST) නොයෙක්‌ අයිස්‌ ආකරවල සිරවී තිබෙන මීතේන් වායුවට මෙම
මාතෘකාවට අදාළව සාකච්ඡා වලදී භාවිත කරනුයේ CLATHRATES යන ලතින් වචනයයි.

කැලැතේර්ට්‌ස්‌ (CLATHRATES) යන යෙදුම අදාළ විෂයේදී පරිශීලනය කරනුයේ
අයිස්‌ කැට තුළ මීතේන් වායු අණු සිරවී තිබීම පිළිබඳ විස්‌තර කිරීම සඳහාය.
ගිනි තිබිය හැකි එසේ නැතහොත් ගිනි ඇවිළිය හැකි යන අදහසද මෙහි ඇත.

මෙයට හේතුව අගාධ සාගරයෙන් කැලැතේර්ට්‌ස්‌ සහිත අයිස්‌ කැට ගොඩට ගත් විට
එම අයිස්‌ කැට වල අධි පීඩනය යටතේ ගැබ්වී ඇති මීතේන් වායුව ශබ්ද නගමින්
නිකුත්වීමත් ඊට ගින්දර තැබූ විට අයිස්‌ කැට එහි අඩංගු මීතේන් වායුව
හේතුවෙන් මුළු මුලින්ම දැවී යැමත්ය. (EN.WIKIPEDIA.ORG/WIKI/MARS GAS)

සාමාන්‍ය මිනිසාගේ දැනීමෙන් තේරුම් ගැනීමට නොහැකි තරම් විශාල අයිස්‌ තොග
අතරේ ඉතා විශාල කැලැතේර්ට්‌ස්‌ ප්‍රමාණයක්‌ ගෝලීය සාගර වටා ඇති අගාධ සාගර
පතුලෙහි තැන්පත් වී ඇත. මෙම කැලැතේර්ටස්‌ (CLATHRATES) වල තැන්පත් වී ඇති
වායු ප්‍රමාණය පෘථිවි ගෝලයේ අනෙකුත් සියලුම ඛනිජ වර්ග මෙන් දෙගුණයක්‌
විශාල බව විද්‍යාඥයන්ගේ පොදු නිගමනයයි. මේ ආකාරයෙන් ඝන කැලැ කෙර්ට්‌ස්‌
((CLATHRATES) මුහුදු පත්ලේ රැඳී පැවැතීමට ප්‍රධාන හේතුව දැඩි සීතල
ගැඹුරු ජලස්‌කන්ධය මගින් කැලැතෙර්ටස්‌ අයිස්‌ කැට මත අති කරනු ලබන අධික
පීඩනයයි. උෂ්ණත්වය ඉතා පහළ මට්‌ටමක පවතින ආක්‌ටික්‌ සාගර පතලේ මෙන්ම සාගර
මතුපිටට නුදුරින් අති විශාල කුලැතේර්ට්‌ස්‌ ප්‍රමාණයක්‌ ස්‌ථායීව රැඳී
පවතී.

සොබා දහම් පරපුරේ ජීව විශේෂ මෙකී අයිස්‌ මතද ජීවත්වීම සොබාදහමේ
අතිවිශිෂ්ටතාව පිළිබඳ තවත් උදාහරණයෙකි. අයිස්‌ කැටවල ජීවත්වන පණුවන් වර්ග
රාශියකි. ඔවුන් මෙම මීතේන් වායුව ඇති අයිස්‌ කුට්‌ටි වල සියුම් සිදුරු
ඇති කර එහි ඇති මීතෙන් (METHANE
(CH4)) වායුවෙන් තමන්ට අවශ්‍ය ශක්‌තිය ලබාගනිමින් ජීවත් වෙති.
(EN.WIKIPEDIA.ORG/WIKI/ICE WORM.)

පෘථිවි එපිට ගෝලයේ භූගත ස්‌වාභාවික ඉන්ධන වායු සංයුතිය කියුබික්‌ මීටර් (CUBIC
METRE) ටි්‍රලියන 368 ක්‌ ලෙස තක්‌සේරු කර ඇත. නමුත් ක්‌ලැතේරට්‌ස්‌
(CLATHRATES) වල සිරවී ඇති මීතේන් වායු ප්‍රමාණය කියුබික්‌ මීටර්
ටි්‍රලියන 10,000 ක්‌ 42,000 අතර වෙතැයි ගණන් බලා ඇත. මීතෙන් වායුව හා
එහි ක්‍රියාකාරිත්වයත්, මීතේන් වායුව මානව ක්‍රියාකාරකම් හේතුවෙන්
නිපදවෙන ආකාරයත්. එම මීතේන් වායුගෝලයටත් පෘථිවි දේශගුණ විපර්යාසයන්ට
බලපාන ආකාරයත් පිළිබඳ එංගලන්තයේ පෘථිවි විද්‍යා ඇකඩමියේ කාබන් කළමනාකරණය
පිළිබඳ මහාචාර්ය DAVE
REAY සහ ස්‌කොට්‌ලන්තයේ අබර්ඩින් විශ්වවිද්‍යාලයේ පෘථිවි පෘෂ්ඨය/ ගෝලීය
විකිරණය / පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය PETE SMITH සහ නෙදර්ලන්තයේ
පැගිනිගන් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ANDRE
VAN AMSTEL යන විද්වතුන්ගේ කෘතියක්‌ වන METHANE AND CLIMATE CHANGE
ග්‍රන්ථය ඉතා ගැඹුරු සාකච්ඡාවක්‌ මීතේන් වායුව පිළිබඳ කර ඇත. ඉහත විස්‌තර
කරන ලද ක්‌ලැකොර්ට්‌ස්‌ ප්‍රමාණය ස්‌ථායීව තබා ගැනීමට හේතුවන ජල පීඩනය
මොනයම් ආකාරයෙන් හෝ අඩුවුවහොත් හෝ අගාධ ආක්‌ටික්‌ මුහුදේ උෂ්ණත්වය මොන
ආකාරයකින් හෝ ඉහළ ගිය හොත් සාගර පත්ලේ ඇති මීතෙන් ප්‍රමාණය හෝ විශාල
ප්‍රමාණයක්‌ වායුගෝලයට මුදා හැරෙනු ඇත. PERNIO-TRIASSIC EXTINCTION
වශයෙන් පාෂාණ භූත විද්‍යාඥයන් (PALEONTOLOGY - FOSSILS SCIENTIST) විසින්
හඳුන්වන පර්මෝ ටි්‍රයාසික්‌ යුගයේදී සිදුවූ ජීව විශේෂ නෂ්ඨ ප්‍රාප්තිය
සිදුවී ඇත්තේ මීට වසර මිලියන 245 පෙර ඉහත ආකාරයට තැන්පත් වී තිබුණු
මීතේන් වායුව කඩිනමින් එළියට පැමිණීමෙනි. එම පැමිණීමෙන් ගෝලය සිසාරා
ජීවත් වූ සෑම ජීව විශේෂයකම 10 න් 9 ක්‌ම විනාශ වී ඇත.
(EN.WIKIPEDIA.ORG.WIKI.PERMO -
TRIASSIC EXTINCTION) එම නිසා සාගර පත්ලේ සැඟවී පෘථිවි මානුෂීය
වාර්ගිකයන්ගේ කුසල් පිරිහෙන තුරු හොල්මන් කරමින් සිටිනා මහා දැවැන්ත
මීතේන් ප්‍රමාණය පිළිබඳ සෑම මිනිසෙකුගේම අවධානය යොමු විය යුත්තේ පරිසරයට
තමන් අතින් සිදුවිය යුතු බොහෝ මෙහෙයන් අතර සිදුවිය යුතු ඉතා කුඩා යුතුකම
ඉටු කිරීමෙනි.

පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ශක්‌තිය අප්‍රමාණය. එයට එක්‌ කරගත යුත්තේ
අධිෂ්ඨානය සහ ඉලක්‌කය පමණි. පෘථිවි විපිට ගෝලයට නැවත සෞභාග්‍යය උදාවෙනු
නිසැකය. එමනිසා මේ පිළිබඳ ඉඩ ලද වහාම ඔබේ දුව, පුතා, අසල්වැසියා සමග
අදහස්‌ හුවමාරු කරගෙන අධිෂ්ඨානය හා ඉලක්‌කය කරා ක්‍රියා කරනු මැනවි. එවිට
ඔබේ දරුවාට ජීවත්වීමට අත්‍යවශ්‍යම පොදු සාධකය වන පෘථිවි ජීව ගුණය ආරක්‍ෂා
කර දීමට හැකිවනු ඇත.

දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com

No comments:

Post a Comment