Monday, July 30, 2012

වායු ගෝලයේ කාබන් පෙරළිය

වායු ගෝලයේ කාබන් පෙරළිය

වායු ගෝලයේ වැඩිම කලක්‌ රඳා සිටින වායු අතරින් කාබන් ඩයොක්‌සයිඩ් මූලික
තැනක්‌ උසුලයි. මිනිස්‌ සංහතිය විසින් පසුගිය සියවස සිසාරා දවනු ලැබූ
ෆොසිල පාදක ඛනිජ ඉන්ධන වලින් නිකුත් වූ කාබන්ඩයොක්‌සයිඩ් වායුවෙන් 56%
ක්‌ තවමත් වායුගෝලයේ ර¹ පවතින්නේය. ඇත්ත වශයෙන්ම සෘජුව හෝ වක්‍රව ගෝලීය
උණුසුමට 80% කම හේතුවන්නේ මෙසේ සෑහෙන කාලයක්‌ තිස්‌සේ වායුගෝලයේ ර¹ පවතින
කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයයි. වායු ගෝලයේ රඳා සිටින කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය නිසැකවම දැන ගැනීමට හැකිවීම සමස්‌ත මානව වර්ගයා සඳහා අවශ්‍ය වන
අතර කාබන් අය-වැය (Carbon Budget) ගණනය කිරීමට අපට මහත්සේ උපකාරි වේ.
උක්‌ත ගණන් බැලීමේදී අප භාවිතා කරන ඒකකය ගිගාටොන් (Gigatonne) නමින්
හඳුන්වා ඇත. ගිගා ටොන් (Giga
Tonne) එකක්‌ යනු ටොන් බිලියනයකි. මිනිසා ජීවත් වන පෘථිවි ගෝලය ව්‍යසනික
මට්‌ටම කරා ළඟා වීමට පෙර කොතරම් කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ වායුගෝලයට
එක්‌ කිරීමට හැකිදැයි කාබන් අය-වැය ගණනයේදී අපට දැන ගත හැකිය. ඒ අනුව
පෘථිවි ගෝලය ව්‍යසනික මට්‌ටමකට ළඟා වන්නේ වායු ගෝලීය කොටස්‌ මිලියනයක ඇති
කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 450-550 දක්‌වා වූ විටයි.

වර්ෂ 1880 දී එනම් යුරෝපීය කාර්මික විප්ලවයේදී මුල් අවධියේදී වායුගෝලීය
කොටස්‌ මිලියනයක ඇති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 280 ක්‌ විය.
උක්‌ත ප්‍රමාණය වායුගෝලයේ ඇති කාබන් බර වශයෙන් ගතහොත් ගිගාටොන් 586 කි.
කාබන් බර වශයෙන් මෙහිදී ගණන් ගැනෙන්නේ එක්‌ කාබන් ඩයොක්‌සයිඩ් අණුවක ඇති
කාබන් පමණි. සම්පූර්ණ කාබන්ඩයොක්‌සයිඩ් අණුවක බර වශයෙන් ගණනය කළ විට මේ
ප්‍රමාණය මෙයට වඩා 3.7 ගුණයකින් වැඩිවිය යුතුය. මේ වනවිට ප්‍රමාණය කොටස්‌
380 ක්‌ වී ඇති අතර එයට අනුගාමීව වාතයේ ඇති කාබන් බර දැන් ගිගාටොන් 790
කි.

පෘථිවි මානුෂීය වාර්ගිකයන් ජීවත් වන පෘථිවි ගෝලය ව්‍යසනික මට්‌ටමට ළඟා
වීමට පෙර වායුගෝලයේ ඇති කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ස්‌ථායි කර ගැනීමට
ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය නම් අනාගතයේ අපේ සම්පූර්ණ කාබන් ඩයොක්‌සයිඩ්
නිෂ්පාදනය ගිගා ටොන් 600 නො ඉක්‌වීමට කටයුතු කළ යුතුය. මේ ප්‍රමාණයෙන් ද
අඩක්‌ වායුගෝලයේ කාලාන්තරයක්‌ සංසරණය වෙමින් පවතින බැවින් වසර 2100 වන
විට වායු ගෝලයේ කාබන් ප්‍රමාණය ගිගාටොන් (Giga Tonne) 1100 ක්‌ වෙනු ඇත.
වායු ගෝලීය කොටස්‌ මිලියනයක ඇති සංයුතිය වශයෙන් ගතහොත් මෙය කාබන් ඩයොක්‌
සයිඩ් කොටස්‌ 550 කි. එනම් ඉහත විස්‌තර කළ ව්‍යසනික මට්‌ටමට ඉතා සමීපය.

මේ මට්‌ටමින් වුව අපේ කාබන් අය-වැය පාලනය කර ගැනීම ලෙහෙසි පහසු
කටයුත්තක්‌ නොවේ. පළමුවෙන් අප විසින් වායු ගෝලයට නිකුත් කරනු ලබන කාබන්
ප්‍රමාණය මීළඟ සිය වසර තුළ ගිගාටොන් 06 කට නොවැඩි මට්‌ටමක තබා ගත යුතුය.
එහෙත් හුදෙක්‌ 90 දශකයේ වායු ගෝලයට අප නිකුත් කළ කාබන් ප්‍රමාණය වසරකට
ගිගා ටොන් 13.3 ක්‌ වූ කල ඉහත කී මට්‌ටමට එම ප්‍රමාණය පහළ දැමීමට නම්
කෙතරම් කැපවීමක්‌ හා අධිෂ්ඨානයක්‌ අවශ්‍ය වේදැයි අපට සිතා ගත හැක.

90 දශකයේ වාතයට එක්‌වූ කාබන් ප්‍රමාණයෙන් හරි අඩක්‌ම අප විසින් දැවූ ඛනිජ
තෙල්, ගල් අඟුරු ආදී කාබනික ඉන්ධන භාවිතයේ ප්‍රතිඵලය. අනෙක්‌ අවදානම වසර
2050 වන විට ලෝකයේ ජනගහනය තවත් 50% කින් එනම් බිලියන 09 දක්‌වා වැඩිවීමය.
ජනගහනය අධික වීමට සාපේක්‍ෂව ඉන්ධන පරිභෝජනයද විශාල වශයෙන් ඉහළ යන බව
විශේෂයෙන් කිවයුතු නැත. උක්‌ත විවිධ හේතු නිසා අප අද මුහුණ දී ඇති
ප්‍රශ්නය ඉතා සංකීර්ණය.

මානව ඉතිහාසයේ අති දීර්ඝ කාල පරිච්ඡේදයක්‌ විමසා බැලුවද මේ සා ඉහළ
මට්‌ටමකට කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය වැඩිවීම අතිශයින්ම අසාමාන්‍ය
සංසිද්ධියකි. අනාදිමත් කාලයක්‌ තිස්‌සේ උත්තර ධ්‍රැවයේ ඝන හිම තට්‌ටු අතර
රැඳී ඇති වායු බුබුලු විශ්ලේෂණය කිරීමෙන් ආදි කාලීන යුගයේ වායු ගෝලයේ
පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය නිසැක ලෙස දැනගත හැකි විය. කිලෝමීටර්
03 කට කිට්‌ටු ඝනකමින් යුත් ආර්ටික්‌ හිම තට්‌ටුව විද ලබාගත් වසර
මිලියනයකට වඩා පැරණි අයිස්‌ ඝන තුළ සිරවූ වාතය පරීක්‍ෂා කර බැලීමෙන් ආදි
කාලයේ වායු සංයුතිය දැනගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. මේ අනුව
අධික ශීත අවධි වලදී වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 160
දක්‌වා පහළ බැස ඇති බවද මෑත කාලයක්‌ දක්‌වා ඒ ප්‍රමාණය කිසිසේත්ම කොටස්‌
280 නොඉක්‌මවූ බවද විද්‍යාඥයෝ නිගමනය කර ඇත. එහෙත් කාර්මික විප්ලවයෙන්
කර්මාන්ත ශාලා වැඩිවීමත් සමගම මේ තත්ත්වය මුළුමනින්ම වෙනස්‌ විය. 1958
මවුනා ලෝ ආ කඳු මුදුනේ සිට චාර්ල්ස්‌ ක්‌ලීන්ග් වාතයේ කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය මැනීම ආරම්භ කළ විට එම වායු කොටස්‌ මිලියනයක කාබන් ඩයොක්‌සයිඩ්
කොටස්‌ 315 ක්‌ තිබිණි. නමුත් අද එය කොටස්‌ 380 ද ඉක්‌මවා ගොසිනි.

කාබන්ඩයොක්‌සයිඩ් ළඟට වැදගත් වෙන හරිතාගාර වායුව මීතේන්ය. (Methane)
ඔක්‍ෂිජන් ඇසුරකින් තොර මඩ ගොහොරු වැනි පරිසර වල ජීවත්වන ක්‍ෂුද්‍රපාණින්
විසින් මීතෙන් වායුව නිපදවනු ලබයි. වායුගෝලීය කොටස්‌ මිලියනයක මීතෙන්
ඇත්තේ කොටස්‌ 1.5 කි. එහෙත් ප්‍රමාණය එය වුවද පසුගිය දශක කිහිපය සිසාරා
වායුගෝලයේ මීතෙන් (Methane) සංයුතිය දෙගුණයකින් වැඩිවීමක්‌ පෙන්නුම්
කරයි. මීතෙන් වායුව මිනිසාට ප්‍රයෝජනවත් ලෙස භාවිත කරනුයේ කෙසේද? අනෙකුත්
ග්‍රහලෝකවල මීතෙන් වායුවේ ක්‍රියාකාරිත්වය. (Extraterrestrial Methane)
මෙන්ම 2006-2009 කාල පරාසයෙදී මීතෙන් වායුව වායුගෝලය තුළ ක්‍රියාත්මක වූ
ආකාරය පිළිබඳවත්, අධ්‍යයනය කිරීමට en/.wikipedia.org/wiki/methane වෙබ්
අඩවිය ඇතුළු වෙබ් අඩවි රාශියක ඔබට පියාසර කළ හැකිය.

තාප ශක්‌තිය (Heat Energy) රඳවා ගැනීමේදී මීතෙන් (Methane) හැට ගුණයකින්
කාබන්ඩයොක්‌සයිඩ් වලට වඩා ප්‍රබලය. එහෙත් වාසනාවකට මෙන් මීතෙන් වලට ඇත්තේ
කාබන් ඩයොක්‌සයිඩ්වලට වඩා බෙහෙවින් අඩු ආයු කාලයකි. මේ ශත වර්ෂය තුළ
වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යැමට 15% - 17% අතර ප්‍රමාණයක්‌ වග කිව යුත්තේ
මීතෙන් (Methane) වායුව යෑයි විද්‍යාඥයන් විසින් නිගමනය කර ඇත. තාප
ශක්‌තිය පිළිබඳ මුල් කෘතිය වනුයේ ස්‌කොට්‌ස්‌ ජාතික භෞතික විද්‍යාඥයෙකු
වූ ඡේම්ස්‌ ක්‌ලාර්ක්‌ මැක්‌ෂ්වෙල්ගේ තාප න්‍යාය නමැති කෘතියයි. Scottish
Physicist
James Clerk Maxwell, Classic Theory of Heat 1871).



තවත් හරිතාගාර වායුවක්‌ වන නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් (Nitrous Oxide) තාපය
රඳවා මුදා හැරීමේදී 270 ගුණයකින් කාබන් ඩයොක්‌සයිඩ් වලට වඩා ප්‍රබලය. එම
වායුව මීතෙන් (Methane) වලටද වඩා විරල වන නමුත් වසර 150 ක්‌ තරම් වායු
ගෝලය තුළ රැඳී තිබේ. උක්‌ත නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් වලින් තුනෙන් පංගුවක්‌
වායු ගෝලයට එක්‌ව ඇත්තේ කාබනික ඉන්ධන දැමීම කරණ කොට ගෙනය. ඉතිරියෙන්
සැළකිය යුතු කොටසක්‌ එක්‌ වන්නේ ජීව ද්‍රව්‍ය දහනය කිරීම මගින් හා
නයි්‍රජන් සහිත පොහොර භාවිතයෙනි. මේ වනවිට වායුගෝලයේ නයිට්‍රස්‌
ඔක්‌සයිඩ් සංයුතිය කාර්මික විප්ලවයට පෙර පැවැති ප්‍රමාණයට වඩා 20% කින්
ඉහළ ගොස්‌ ඇතැයි විද්‍යාඥයන්ගේ නිගමනයයි. නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් වායුව
සොයා ගනු ලැබුයේද කාබන් චක්‍රය ලොවට හඳුන්වා දුන් එක්‌ අයකු වන ඉංග්‍රීසි
ජාතික දාර්ශනිකයකු චින්තකයෙකු වූ ජොසෙප් ප්‍රිට්‌ස්‌ලි විසින් 1772 දීය.
(English Natural Philosopher Chemist Joseph Priestly 1772)



විරලතම හරිතාගාර වායු අතරට ගැනෙනුයේ හයිෙඩ්‍රාaෆ්තරොකාබන් (HFC) සහ
ක්‌ලෝරො ෆ්ලෝරො කාබන් (CFC) පවුල් වලට අයත් රසායනික ද්‍රව්‍යයි. මේ
අතරින් ඩයික්‌ලොරොට්‍රයික්‌ලෝරො ඊතෙන් යන නමින් යුත් වරෙක ශීතකරණ,
වායුසමීකරණ ආදිය සඳහා බෙහෙවින් යොදාගත් රසායනික ද්‍රව්‍යයට කාබන්ඩයොක්‌
සයිඩ් වලට වඩා දස දහස්‌ ගුණයකින් තාපය හිර කොට මුදා හැරීමට හැකියාවක්‌
ඇත. උක්‌ත වර්ගයේ රසායනික ද්‍රව්‍යට වායුගෝලය තුළ ශත වර්ෂ ගණනාවක්‌ රැඳී
සිටීමට තරම් ආයු ශක්‌තියක්‌ද ඇත.



කෙසේ වෙතත් දැනට අපට වඩාත් අවශ්‍ය වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් වල ඇති කාබන්
පිළිබඳ මැනවින් දැන ගැනීමටය. දියමන්ති හා ලාම්පු දැලි යන දෙවර්ගයම කාබන්
ප්‍රභේදයන්ය. ඒ දෙක අතර ඇති එකම වෙනස ඒවායේ කාබනික අණු පිහිටා තිබෙන
ආකාරය එකිනෙකට වෙනස්‌ වීමයි. කාබන් යනු පෘථිවි තලය සිසාරාම ඇති මූල
ද්‍රව්‍යයකි.

තුරු ලතා ඇල්ගි (Algae) ආදින්ගේ ශාක පත්‍ර නොවන්නට ඔක්‍ෂිජන්වලින් තොරව
අප මේ වනවිටත් කාබන්ඩයොක්‌සයිඩ් වැඩිවීමෙන්ම මරණයට පත්වනු ඇත. මිනිසා
විසින් අපද්‍රව්‍යයක්‌ වශයෙන් පිටකරනු ලබන කාබන්ඩයොක්‌සයිඩ් වායුව
අවශෝෂණය කොට ප්‍රභාසංස්‌ලේෂණය (Photosynthesls) මගින් ශාකයන්ට අවශ්‍ය
ශක්‌තිය නිපදවා ගන්නා ශාක පත්‍ර සිය අප ද්‍රව්‍ය වශයෙන් නිකුත් කරන්නේ
අවට නැතිවම බැරි ඔක්‍ෂිජන්ය. උක්‌ත ක්‍රියාවලිය නැතහොත් කදිම ධරණිය
චක්‍රය(Self Sustaining) මිහිපිට වෙසෙන සියලුම ජීවින්ගේ මූල් පදනම වේ.
ඇල්ගි (Algae) පිළිබඳ වැඩි දුර අධ්‍යයනය කරලීම ඉතා සුන්දර මානසික සුවයක්‌
අත්විඳිය හැකි ක්‍රියාවකි. සැබෑ ඇල්ගි වර්ගයත්, භූමිය හරිත වර්ණයෙන්
දියුණු වීමත් හා උක්‌ත ශාක තුරු ලතා ඇතුළු ඇල්ගි හේතුවෙන් මිනිසා වෙත
ලැබෙන මහඟු දායාදයන් හා සේවාවන් පිළිබඳ වැඩි දුරටත් දැන ගැනීමට
en/.wikipedia.org/wiki/algae වෙබ් අඩවිය ඇතුළු රාශියක පියාසර කළ හැකිය.

එසේම ප්‍රභාසංස්‌ලේෂණය පිළිබඳවත් කියොතෝ සම්මුතිය (Kyoto Protocol)
පිළිබඳවත් වැඩි දුර අධ්‍යනය සඳහා en/.wikipedia.org/wiki/photosynthesis
යන වෙබ් අඩවිය මූලිකව වෙබ් අඩවි රාශියක්‌ පරිශීලනය කළ හැකිය.




ජොසෙප් ප්‍රිට්‌ස්‌ලි (English Natural
Philosopher Chemist Joseph Priestly 1772)


Self-Sustaining චක්‍රය පිළිබඳ අධ්‍යයනයේදී පැතිකඩයන් කිහිපයක්‌ම ඔස්‌සේ
දැනුම ලබාගත හැකිය. ඇත්ත වශයෙන්ම සියලුම පුද්ගලයන් අධ්‍යයනය කළ යුතු ඉතාම
වැදගත් ක්‍රියාවලිය ධරණීය චක්‍ර ක්‍රියාවලියයි. උක්‌ත ක්‍රියාවලිය හා එහි
සුන්දරත්වය ඔබේ දෙනෙතින් රසවිඳිමින් දැනුමත් ලබා ගැනීමට
en./wikipedia.org/wiki/self sustaining sමිඒසබසබට වෙබ් අඩවිය ඇතුළු අඩවි
රාශියකි. මිනිසා ජීවත් වන පෘථිවිය සිසාරා සංසරණය වන කාබන් පරිමාව
අතිශයින්ම විශාලය. එයින් ටොන් ටි්‍රලියනයක්‌ (Trillion (10 12) පමණ සජීවි
වස්‌තු තුළ සංයුක්‌තව ඇති අතර මහ පොළොව තුළ ගැබ්ව ඇති ප්‍රමාණය ගිණිය
නොහැකි තරම් විශාලය. වායු ගෝලයේ ඇති සෑම කාබන්ඩයොක්‌සයිඩ් අණුවකටම සාගරය
තුළ පමණක්‌ කාබන් ඩයොක්‌සයිඩ් අණු පනහක්‌ වෙයි.



වායු ගෝලයෙන් ඉකුත් වන කාබන් තැන්පත් වන කාබන් සින්ක්‌ (Carbon sinks)
හෙවත් කාබන් කිඳුම් යනුවෙන් හැඳින්වේ, ඔබ සහ මා ඇතුළු සියලුම ජීවින්
කාබන් කිදුම් වශයෙන් සලකනු ලබයි. සාගර, පස්‌ සහ පෘථිවි තලයේ ඇතුළු ශෛල
පාෂාණද කාබන් කිදුම් වේ.

අප්‍රමාණ කාබන් ප්‍රමාණයක්‌ පෘථිවි පෘෂ්ඨය මත කල්ප කාලාන්තරයක්‌ තිස්‌සේ
ගබඩා වී ඇත්තේය. එසේ තැන්පත් වන කාබන් සෑදී ඇත්තේ මැරුණු ශාක ද්‍රව්‍ය
පොළොවේ වැලලී පොළව යට රොක්‌ වීමෙනි. යුග ගණනක්‌ තිස්‌සේ එසේ රොක්‌ වී
පාෂාණිභූත වීමෙන් අනතුරුව මේ ශාක ද්‍රව්‍ය ගල් අඟුරු ආදී ෆොසිල ඉන්ධන බවට
පත්වේ. වඩාත් මෑත කාල පරාසයක්‌ සලකා බැලූ විට කාබන් බොහෝ ප්‍රමාණයක්‌
පසෙහි තැන්පත් වී ගොවීන් බෙහෙවින් ප්‍රියකරන කළු පැහැති පොහොර පස්‌ බවට
පෙරළීම දැක්‌විය හැකිය.

යමහල් (Volcanoes) වලින් පිටවෙන කාබන්ඩයොක්‌සයිඩ් වලටද දේශගුණය වෙනස්‌ කළ
හැකිය. පෘථිවිය මත පතිත වන උල්කාපාතයන්ටද (Meteorites) සාගර, වායුගෝලය හෝ
පෘථිවි පෘෂ්ඨයේ හෝ ගැටීම මගින් කාබන් චක්‍රය වෙනස්‌ කළ හැකිවේ. පෘථිවි
තලයේ සිදුවන බිහිසුණුම ක්‍රියාදාමයක්‌ වන යමහල් ක්‍රියාවලිය අති චමත්කාර
වර්ණවත් දසුන් හා රටා මවන ක්‍රියාදාමයකි. මේ පිළිබඳ තව දුරටත් අධ්‍යයනයේ
යෙදීම සඳහා en./wikipedia.org/wiki/.volcanes වෙබ් අඩවිය ඇතුළු මෙම අඩවි
රාශියක පියාසර කළ හැක්‌කේ සුන්දර දසුන්වල නොමඳ පහසද ලබමිනි. උල්කාපාතයන්
(Meteorites) පිළිබඳවද වෙබ් අඩවි රාශියකි.
en./wikipedia.org/wiki/meteorites වෙබ් අඩවි ප්‍රධානය.

අප විසින් නිපදවනු ලබන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයට සිදුවන්නේ කුමක්‌ද
යන්න විද්‍යාඥයෝ පැහැදිලි තීරණයකට පැමිණ සිටින අතර එයට හේතුව ෆොසිල ඉන්ධන
මගින් පිට කෙරෙන වායුවලට සුවිශේෂ වූ රසායනික මුද්‍රdවක්‌ තිබීමත් එම නිසා
එම වායු සංසරණය වීම පහසුවෙන් සොයා දැන ගැනීමට හැකිවීමත්ය. වඩා රවුම්
සංඛ්‍යා වලින් සඳහන් කරන්නේ නම් ෆොසිල ඉන්ධන මගින් වසරකට නිකුත් වන
වායුන්ගෙන් ගිගා ටොන් දෙකක්‌ මහා සාගරය මගින්ද තවත් ගිගා ටොන් 1.5 ක්‌
පොළොව මත වැඩෙන ජීව ශාක මගින්ද අවශෝෂණය කරගනු ලබයි.

ශාක මගින් කාබන් ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීමේ ප්‍රමාණය වැඩි කිරීමට මෑත
අතීතයේදී ඇමෙරිකාවේ අලුතෙන් වගා කටයුතු ආරම්භ වීම සෑහෙන පමණින් දායක විය.
බෙහෙවින් මේරු ගහකොළ, මුහුකුරාගිය පැළෑටි සහිත පරිණත වනාන්තර මගින්
පමණක්‌ කාබන් ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීම එතරම් වාසිදායක නොවන්නේ මියයන
ශාක ද්‍රව්‍ය දිරාපත් වීමෙන් කාබන් ඩයොක්‌සයිඩ් නැවත වාතයට නිකුත් කිරීම
අතින්ද එවැනි වනාන්තර පෙහොසත් බැවිනි. හෙක්‌ටයාරයකට ඇති අවශෝෂණ ශක්‌තිය
සැස» විට ලෝකයේ විශාලතම වැඩුණු වනාන්තර වන සයිබීරියාවේ හා කැනඩාවේ කේතුධර
(Coniferous) වනාන්තර සහ ඝර්ම කලාපයේ වැසි වනාන්තර (Rain forests)
හෙක්‌ටයාරයකට වඩා, වැඩි කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ අලුත වගා කළ වන
බිම් හෙක්‌ටයාරයකට අවශෝෂණය කරගත හැකිය.

කේතුධර වනාන්තර (Coniferous) හා (Rain forests) වැසි වනාන්තර පිළිබඳ
චමත්කාර ජනක දසුන් සමග ඇත්වැල් බැඳගත් වෙබ් අඩවි රාශියකි. දෙනුවන්
සුන්දරත්වයේ පහස විඳිනා අතරේ බුද්ධිමය සංවාදයක යෙදීමට
en./wikipedia.org/wiki/coniferous.en/.wikipedia.org/wiki/rain
forests, වෙබ් අඩවි වල සැරිසරනු මැනවි.

19 ශත වර්ෂයේදී හා විසිවන ශත වර්ෂය මුලදී ඇමරිකාවේ වගා කටයුතු ඇරඹූ
පුරෝගාමි ගොවීන් විසින් නැගෙනහිර අමෙරිකාවේ පිහිටි සුවිශාල වනාන්තර දවා
බටහිර පිහිටි පතන් ප්‍රදේශ පුළුස්‌සා එළි කළේය. අනතුරුව වගා ඉඩම් භාවිතය
වෙනස්‌ වීමෙන් හිස්‌ වූ ප්‍රදේශවල ගස්‌ වැල් නැවත ලියලන්ට පටන් ගත්තේය.
මේ හේතුවෙන් බොහෝ නූතන ඇමෙරිකානු වනාන්තර වල වයස අවුරුදු හැටකට නොවැඩි වන
අතර ඒවා තවමත් වැඩෙමින් පවතින නොමහලු ගස්‌ වැල් වලින් සමන්විතය. උක්‌ත
තරුණ වනාන්තර වලින් වසරකට අවශෝෂණය කෙරෙන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ටොන්
බිලියන භාගයක්‌ පමණ වේ. අවසාන විග්‍රහයේදී සෑම වෘක්‍ෂයක්‌ම සෑදි තිබෙන්නේ
කාබන් ඩයොක්‌සයිඩ් වායුවෙන් මිස මහ පොළොවෙන් නොවේ. සෑම වෘක්‍ෂයකම දැව,
කොල සහ පොතු වශයෙන් අද අප දකින්නේ මින් නොබෝ කලකට පෙර වායුගෝලයේ පැවැති
කාබන් ඩයොක්‌සයිඩ් වායුවයි.

යුරෝපයේද, චීනයේද ඇති වූ නව වනවගා මගින්ද ඒ හා සමාන කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණයක්‌ අවශෝෂණය කරන්නට ඇත. එසේ කාබන් ඩයොක්‌සයිඩ් අතිරික්‌තය
අවශෝෂණය කිරීමෙන් ඉතා තීරණාත්මක දශක කිහිපයක්‌ තුළ මේ තරුණ වනාන්තර අපේ
පෘථිවියේ උෂ්ණත්වය අවදානම් මට්‌ටමට පහළින් තබා ගැනීමට උදව් විය. එහෙත් මේ
වනාන්තර වඩ වඩා මුහුකුරා යන විට එමගින් අවශෝෂණය කෙරෙන කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය ශාක ද්‍රව්‍යයන්ගේ දිරායාම අනුරූපීව අඩුවනු ඇත. අවාසනාවකට මෙන්
හරියටම මෙය සිදුවන්නේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා කාබන් ඩයොක්‌සයිඩ් වැඩි
වැඩියෙන් වායු ගෝලයට මුදාහැරෙන කාල වකවානුවකදීය.

දීර්ඝ කාලීනව බැලූවිට පෘථිවියේ ඇති එකම කාබන් කිදුම (Carbon Sink) මහා
සාගරයයි. වර්ෂ 1800 ත් 1994 ත් අතර කාල පරිච්ඡේදය තුළ මනුෂ්‍යයන් විසින්
වායුගෝලයට නිකුත් කරන ලද කාබන් ප්‍රමාණයෙන් 48% ක්‌ම අවශෝෂණය කර ගෙන
ඇත්තේ සාගර හා මුහුදු මගිනි. කාබන් අවශෝෂණය කිරීමේ හැකියාව සාගර කලාපයෙන්
කලාපයට වෙනස්‌ වේ. මහා සාගරයෙන් 15% ක්‌ වන උතුරු අත්ලාන්තික්‌ සාගර
ෙද්‍රdaණියේ පමණක්‌ වර්ෂ 1800කට පසු මනුෂ්‍යයන් විසින් පිට කරන ලද කාබන්
ප්‍රමාණයෙන් හතරෙන් එකක්‌ තැන්පත්ව තිබේ. කාබන් පෙරණු වකුගඩු (Carbon
Kidney) ලෙස නොගැඹුරු මුහුද සැලකිය හැකිය. මන්ද මනුෂ්‍යයන් විසින් නිකුත්
කරන ලද කාබන් ප්‍රමාණයෙන් 20% ක්‌ තැන්පත්ව ඇත්තේ නොගැඹුරු මුහුදේ වන
බැවිනි.

ගෝලීය උණුසුම වැඩිවීමෙන් සාගර ජල ප්‍රවාහ වෙනස්‌වීම උක්‌ත මුහුදු කාබන්
වකුගඩුවල කාර්යක්‍ෂමතාව අඩුකිරීමට හේතුවනු ඇතැයි විද්‍යාඥයෝ කනස්‌සලට
පත්වෙති.

උණුසුම් වූ සාගරයට වඩා විශාල කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ සිසිල් වූ
සාගරයේ රඳවාගත හැකිය. ගෝලීය උණුසුම්කරණ ක්‍රියාවලිය හේතුවෙන් සාගරය
උණුසුම් වූ විට කාබන් ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීමට මහා සාගරයට ඇති
හැකියාවද හීන වනු ඇත. සාගර ජලයේ විවිධ කාබනෙට්‌ (Carbonate) වර්ග අඩංගුය.
සාගර කරා ගලා එන ගංගාවෝ හුණු ගල් මිශ්‍රිත ප්‍රදේශ හරහා ගලායැමේදී හා
කාබනෙට්‌ සහිත ඛනිජ ද්‍රව්‍ය එම ගංගා මගින් සෝදා ඒම හේතු කොටගෙන මෙසේ
කාබනෙට වර්ග සාගරයට එක්‌වේ.

සාගරයේ අවශෝෂණය වන කාබන්ඩයොක්‌සයිඩ් සමග උක්‌ත කාබනෙට ප්‍රතික්‍රියා
කරයි. සාගරයට අවශෝෂණය වන කාබන් ඩයොක්‌සයිඩ් සහ සාගරයේ ඇති කාබනෙට්‌ අතර
සංයුතියේ සමබර තාවක්‌ දැනට පවතින නමුදු සාගරයේ කාබන් ඩයොක්‌සයිඩ්
සාන්ද්‍රනය තවත් වැඩි වූ විට කාබනෙට ප්‍රතික්‍රියාද වඩාත් උත්තේජනය වනු
ඇත.

එහි ප්‍රතිඵලය විය හැක්‌කේ මහා සාගර වඩ වඩා ආම්ලික ගතියෙන් යුක්‌ත වීමයි.
වැඩි ආම්ලික තාවකින් යුත් සාගර ජලයකට අවශෝෂණය කළ හැකි කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය අඩුය. මහා සාගර මගින් අවශෝෂණය කළ හැකි කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය මේ සහශ්‍රකයේ අවසානය වීමට පෙර 10%කින් අඩුවනු ඇතැයි විද්‍යාඥයෝ
පුරෝකථනය කරති.

සමස්‌ත විශ්වයේ කුඩා වස්‌තුවක්‌ වන පෘථිවි ගෝලයේ ජීවත්වන පෘථිවි මානුෂීය
වාර්ගිකයන් නොදැනීම හෝ නොසැලකිල්ල හේතුවෙන් තවදුරටත් කාබන්ඩයොක්‌සයිඩ්
වායු ගෝලය වෙත මුදාහරිමින් සිටීම මිනිස්‌ සංහතියට ප්‍රබල තර්ජනයකි.
එමනිසා සමස්‌ත වැඩිහිටි ප්‍රජාව පිළිබඳ පහත කියමන සිහිපත් කරමි. ඔබ
මුහුකුරා ගිය වැඩිහිටි පුද්ගලයෙකු බවට පත්වන්නේ තමන් ගැන පමණක්‌ සිතීමෙන්
එළියට පැමිණ සමස්‌ත මිනිස්‌ සංහතියේත්, සත්ත්ව ප්‍රජාවේත්, පෘථිවි
ගෝලයේත් වටිනාකම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරලීමට පටන් ගන්නා දිනයේ සිටය.

ඊළඟ කලාපයට.....

දේශප්‍රිය නානායක්‌කාර

No comments:

Post a Comment