Wednesday, July 25, 2012

සොබා දහමේ උරුමය සොයා පෙරට ඇදෙන බල සේනා

සොබා දහමේ උරුමය සොයා
පෙරට ඇදෙන බල සේනා


කැත්රිනා චණ්‌ඩ මාරුතය (HURRICANE KATRINA)

සොබාදහම යනු පෘථිවි චිපිට ගෝලයේ සදාදරණීය මෑණියන්ය. ඇගේ ආදරණීය දූ දරු පරම්පරාවෝ වන මිනිස්‌ සංහතියද, සියලු සත්ත්වයෝද, ඇළ, දොළ, ගංගාවෝ, මහා සාගර හා මුහුදු ද, ගහ කොළ ද අහස්‌ තලයෝ ද ජීවය රැක ගනුයේ ඈ විසින්ම පෘථිවි චිපිට ගෝලයේ ආරක්‌ෂාවට යොදා ඇති තුනී රෙද්දෙනි. එසේ නැතහොත් විද්‍යාත්මකව නම් ඕසෝන් ස්‌ථරයෙනි. සමස්‌තයක්‌ වශයෙන් නම් වායු ගෝලයෙනි.

සත්‍ය වශයෙන්ම සියලු සත්ත්වයන්ටම ජීවත් වීමට අවශ්‍ය මවුකිරි ලෝක මවු පරම්පරාවටම එරෙනුයේ යහපත් වායුගෝලීය ක්‍රියාකාරිත්වය හේතුවෙනි. එම නිසා පෘථිවි මානුෂීය වාර්ගිකයන් ඇතුළු සියලු සත්ත්වයන් සොබා දහමේ ශ්‍රේෂ්ඨ මාතාවට සදා ණය ගැතිය.

නමුත් අද්‍යතන පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ඇතැම් අනිසි ක්‍රියා හේතුවෙන් පෘථිවි වායු ගෝලය විනාශ වෙමින් පවතින අතර එය රැක ගැනීම සඳහා සොබාදහම තම අවි අමෝරාගෙන ඇත්තේ සියලු පෘථිවි ජීවීන්ගේ අනාගතයට සොබාදහම වගකිවයුතු හෙයිනි. එම නිසා ඇය ඇතුළු සොබා දහම් පවුලේ අය තම අහිමි ගුණාත්මක උරුමය සොයා ඔවුන්ගේ බල සේනා වන සුළි සුළං, චණ්‌ඩ මාරුත, ලා නිනෝ, එල් නිනෝ, සුනාමි, අම්ල වැසි, මහා මොර සූරන වැසි, ප්‍රචණ්‌ඩ ගංවතුර, තද සීතල, තද රස්‌නය, නියඟය වැනි ප්‍රචණ්‌ඩකාරීන් ඉදිරියට එවමින් මිනිස්‌ සංහතියේ බුද්ධියටද, විද්‍යාත්මක උපකරණවලටද, භෞතික නිර්මාණවලටද අභියෝග කරනා කාලයකටයි අප දැන් මුහුණ දී සිටින්නේ. එම නිසා සියලු මිනිසුන් හා දූ දරුවන් සොබා දහම් මෑණියන්ගේ නීති රීති සිරිත් විරිත් ඇතුළු ගුණධර්මවලට කීකරුව ඈ සමඟ ඒකාත්මික වී ඇගේ දේපළ පරිහරණය කරමින් ඒවා ආදරයෙන් රැකබලාගෙන යහපත් පෘථිවි චිපිට ගෝලයක්‌ අනාගත පරපුරට දායාද කිරීමට ක්‍රියාත්මක විය යුතුය.

ඇරිස්‌ටෝටල් පඬිවරයා පවසනුයේ අක්‍රීය ලෝකයකට සොබා දහම අකැමැති බවය. (Nature
Abhors a Vacuum) නමුත් සක්‍රීයත්වය වත්මන් හා අනාගත පරපුරට ද වායු ගෝලයටද සුවදායී වීම ඉතා වැදගත්ය.

ස්‌වභාවධර්මයේ විශිෂ්ටතම නිර්මාණයක්‌ වන වළාකුළු, භූ දර්ශනයට විචිත්‍ර දර්ශනයෙන් පිරි අලංකාරයද වර්ණයද එකතු කර ඇති අතර වළාකුළු සෞන්දර්යාත්මක නොවන හේතු නිසාද පෘථිවි ජීවයට ඉතා වැදගත්ය. වළාකුළු නිර්මාණයේදී විශාල තාප ප්‍රමාණයක්‌ වායුගෝලයට මුදාහැරෙන අතර පෘථිවියේ දිගු තරංග විකිරණය පරාවර්තනය හා විසිරීමෙන්ද පෘථිවි ශක්‌ති තුලාව පවත්වාගෙන යැමට ආධාර වේ.

වළාකුළු නොමැති විට වර්ෂාපතනය නැති අතර වලාකුළු නිර්මාණය වනුයේ විෂ්කම්භය මයික්‍රොමීටර් 20-50 අතර වූ වාතයේ අඩංගු ජල බිංදු හා අයිස්‌ අංශු මගිනි. මේ සෑම අංශුවක්‌ම නිර්මාණය වී ඇත්තේ විෂ්කම්භය මයික්‍රො මීටර් 0.1 සිට 1.0 දක්‌වා වන ඝණීකරණ න්‍යෂ්ටියක්‌ වටාය. ඝණිකරණ න්‍යෂ්ටි (CONDENSATION NUCLE) යනුවෙන් හඳුන්වනු ලබනුයේ වාතයේ අඩංගු දැලි, දූවිලි සහ ලවණ කොටස්‌ය. ඝණිකරණ න්‍යෂ්ටි - (CONDENSATION
NUCLE) (EN. WIKIPEDIEA.
ORG/WIKI/CONDENSTION - NUCLE)

කැත්රිනා චණ්‌ඩ මාරුතයෙන් පසු ඇමෙරිකාවේ සිදු වූ මහා ගංවතුර

2005 වසරේ බොම්බායේ මහා ගංවතුර


ඝනීකරණ ක්‍රියාවලියේදී ජල වාෂ්ප මේ කොටස්‌ වටා එක්‌ රොක්‌ වී ජල බිඳු ලෙස වර්ධනය වන හෙයින් ඒවා ඝනීකරණ න්‍යෂ්ටි ලෙස නම් කර ඇත. වායුගෝලයට ඝනීකරණ න්‍යෂ්ටි සපයන ප්‍රධාන මූලාශ්‍රයක්‌ වනුයේ සාගරයයි. සුළං, මුහුදු රළ නිර්මාණය කරන විට රළ මුදුනින් විසිරෙන ජල බිඳු වාතයේ කැළඹුම මගින් ශිඝ්‍රයෙන් වායු ගෝලයට ඇදගනී. මුහුදු ජලය වාෂ්පිකරණයේදී ඉතා කුඩා ලවණ අංශුන් වාතයේ ඉතිරි වේ. වායු ගෝලයේ ඇති උක්‌ත කුඩා අප ද්‍රව්‍ය අංශු ජල අනු ආකර්ෂණය කරයි. ඉතා පිරිසිදු හා පැහැදිලි වාතයේ වුවද ඝණිකරණ න්‍යෂ්ටි වලාකුළු නිර්මාණයට ප්‍රමාණවත් තරමින් පවතී.

වළාකුළු විවිධ මෝස්‌තරයෙන් හා ප්‍රමාණයෙන් යුක්‌තවන අතර දීප්තිමත් අහසක්‌ පවතින දිනෙක සුදු පැහැති පුළුන් ගොඩක ස්‌වරූපයේ සිට වැසි සහිත අඳුරු දිනයෙක අළු පැහැයෙන් යුතු ඝන ස්‌ථර දක්‌වා වෙනස්‌ වේ. අප අවට වායුගෝලය ක්‍රියාත්මක වන ආකාරය වළාකුළු ඇසුරු කිරීමෙන් තෝරාගැනීම මිනිස්‌ සංහතියේ පැරැන්නන්ට දැනීම තිබූ අතරම එම නිසාම සාම්ප්‍රදායික ආකාරයෙන් වළාකුළු වර්ග කර තිබිණි.

නමුත් 1970 සිට චන්ද්‍රිකා දුරස්‌ථ සංවේදන ක්‍රම දියුණුවීමත් සමග වලාකුළු නිරීක්‍ෂණ ක්‍රම විද්‍යාවේ විශාල වෙනස්‌කම් ඇති වී ඇති අතර කාලගුණ විද්‍යාවේදි වළාකුළු, පවුල් හෙවත් කොටස්‌ 04 කට ඒවා නම් කර හඳුන්වා ඇත. එම වර්ග කිරීමේදී යොදා ගන්නා ලද නිර්ණායක වී ඇත්තේ වළාකුලේ හැඩය, ව්‍යqහය හා වළාකුලේ සිරස්‌ වර්ධනයත්ය. වලාකුළු වර්ග ප්‍රධාන වශයෙන් 04 කි. 1. A පවුල - ඉහළ වලාකුළු - අඩි 20,00 - 40,000 ii B. පවුල මධ්‍යම වළාකුළු - අඩි 6000 - 20-000, iii C. පවුල පහල වළාකුළු - භූමි මට්‌ටමේ සිට අඩි 6000, iv D පවුල - සිරස්‌ වර්ධනය සහිත වළාකුළු ය.

වළාකුළු හැඩය හා වයනය විස්‌තර කිරීම සඳහා කැටි (CUMULUS) ස්‌ථර (STRATUS) හා කෙඳි (CIRRUS) යන පද යොදා ගැනේ. (EN.WIKI/PEDIEA.ORG/WIKI/CUMULUS, AND
CIRRUS)

මානවයාගේ ඉතිහාසය සිසාරාම අත්දැකීමෙන් දන්නා පරිදි වළාකුළු පිරි අහස, වැසි ලැබෙන බවට ඉඟියක්‌ නොවන අතර වළාකුළු නිර්මාණය වී වළාකුලින් අහස වසා දින ගණනක්‌ පැවතුණද වර්ෂණය ඇති නොවිය හැක. වළාකුළු වැස්‌ස ඇති කරළීම සඳහා අවශ්‍ය ලෙසට පරිවර්තනය වීමේ ක්‍රියාවලිය වලාබිඳු (CLOUD DROPLETS) වැසි බිඳු (RAIN DROP) දක්‌වා වූ ක්‍රියාවලි යයි. (EN.WIKIPEDIEA.
ORG/WIKI/CLOUD DROPLETS AND RAIN DROP)

වර්ෂාපතනය

ධ්‍රැවයේ සිට සමකය දක්‌වා අතර ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ - 40 සිට සෙන්ටිග්‍රේඩ් 40 දක්‌වා පුළුල් වූ පරාසයකින් වෙනස්‌ වේ. වාතයේ උණුසුම සෘණ - 40 වන විට පවතින තත්ත්වයට වඩා 470 ගුණයක ජල වාෂ්ප ප්‍රමාණයක්‌ වාතයේ උණුසුම සෙන්ටි්‍රග්‍රේට්‌ 40 වන විට වායුගෝලයට එකතු වේ. මේ නිසා උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශකයකින් ඉහළ යන විට ලෝකයේ වර්ෂාපතන සාමාන්‍යයද 1% ඉහළ යනු ඇත.


සහෙල් නියඟ කලාපය (SAHEL IS THE
ECOCLIMATIC AND BIOGEOGRAPHIC ZONE)

මෙසේ වැඩි වන වර්ෂාපතනය පොළොව සිසාරා එක සමානව තෙමා දමන්නේ නැත. ඒ වෙනුවට මහා ජල පිපාසයෙන් ක්‌ලාන්තව සිටි පොළොවේ සමහර තැන් වලට දරාගත නොහැකි ජල කන්දරාවක්‌ද අනෙකුත් ප්‍රදේශවලට ඉඩෝරයක්‌ ද ඇති කරනු ලබයි. වර්ෂාපතනය වැඩිවීම යනු ඇතැම් ප්‍රදේශවලට අනිවාර්යයෙන්ම යහපත් ප්‍රතිඵල ගෙන දීමට හේතුවක්‌ නොවන අතර උදාහරණයක්‌ ගතහොත් පෘථිවි ගෝලය උණුසුම් වන විට ශීත සෘතුවේදී ධ්‍රැවාසන්න නිවර්තන කලාපවල හිමෙන් වැසුණු ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක්‌ ලැබීම හේතුවෙන් හිම කැටි වී අයිස්‌ බවට පත් වේ. මෙය ධ්‍රැව ප්‍රදේශවල ජීවත් වන ජනයාගේ ජීවන චක්‍රයට අහිතකර ලෙස බලපානු ඇත. ඊට ආසන්නයේ දකුණින් ඇති ප්‍රදේශවල සෘතුවේ අකල් වැසි ඇතිවීම ගිරිහිම නිපාත (AVALANCHE) සහ අධික තෙතමනයෙන් යුත් කාලගුණයන්ට හේතු වේ.

මේ ආකාරයට පෘථිවියේ ඇතැම් ප්‍රදේශවලට නිරන්තර නියඟය ඇතිවීමට හේතුව අසාමාන්‍ය ලෙස දේශගුණය විකරණය වීමය. (EN.WIKI
PEDIEA/ORG/WIKI/AVALNCHE) ගෝලය සිසාරා නියඟ ක්‍රියාවලියට ප්‍රසිද්ධ වී ඇති අප්‍රිකාවේ සහෙල් ප්‍රදේශය (SAHEL) නියඟයෙන් වියළෙන බවට මුලින්ම තොරතුරු අනාවරණය වූයේ 1960 දශකයේදීය.

මධ්‍යම අප්‍රිකාවේ සෙනගාලය (SENEGAL, AREA,
196,720 sq km) නයිජීරියාව (NIGERIA, AREA
923,770 sq km) නයිගර් (NIGER, AREA 1,267,000
s.q. k.m.) ඉතියෝපියාව (ETHIOPIA, AREA, 1,221,900
s.q. k.m.) ඉරිත්‍රියාව (ERITREA, AREA 124,320 sq km) සෝමාලියාව (SOMALIA, AREA 637,660 sq km) මවුරිටානියා (MAURITANIA, AREA 1,025,520 sq km) මාලි (MALI, AREA 1,240,190 sq km) බුර්කිනාෆාසෝ (BURKINA FASO, AREA 274,200 sq km) ඇල්ජිරියා (ALGERIA, AREA 2,381,740 sq km) සුඩානය ((SUDAN, AREA 2,505,813 sq km ආදි රාජ්‍යයන් පිහිටා ඇති භූමිය සහෙල් නියඟ කලාපයට අයත්ය. (SAHEL IS THE ECOCLIMATIC AND
BIOGEOGRAPHIC ZONE)

උක්‌ත ප්‍රදේශයේ වර්ෂාපතනය හිටි අධියේ අඩු වී දැනට වසර 40 පමණ වන අතර ආපසු පිපාසිත මිහිකත තෙමා පෙන පිඩු නගිමින් ගලායන ජල ධාරාවෝ කෙදිනක ඇතිවේ දැයි තවමත් සොයාගෙන නැත.


"මීච්"චණ්‌ඩ මාරුතය (HURRICANE -MITCH)

වර්ෂාපතනය අඩුවී යැමට පෙරද සහෙල් ප්‍රදේශයේ ජීවිතය ඉතාම කටුක මුහුණුවරකින් යුක්‌ත විය. පස සරු, වැසි සහිත ප්‍රදේශවල ගොවිතැනින් ජීවත් වූ ගොවි ප්‍රජාවද වර්ෂාව අඩු ප්‍රදේශවල තැනින් තැන යමින් ගොවි කටයුතුවල යෙදෙමින් ඔටුවන් වැනි සතුන් ඇති කළ එෙŒරුන්ගෙන්ද මේ ප්‍රදේශය යුක්‌ත විය. නොසිතූ මොහොතක වර්ෂාපතනය අඩුවීම මේ දෙවර්ගයටම සෘජුවම බලපාන ලදී. ඔටුවන් වැනි සතුන්ට උලා කෑමට තිබූ තණ බිම්ද කඩිනමින් කාන්තාරයක්‌ බවට පත්විය. සහෙල් ප්‍රදේශයේ ජීවත් වී නියඟයෙන් අසරණ වූ මිනිස්‌ සංහතියේ මිතුරු මිතුරියෝත් ඔවුන්නේ ආදරණීය දූ දරුවනුත් මරණයේ සෙවනැල්ල සමග ජීවත්වන ආකාරය ලොව සිසාරා ජන මාධ්‍යවලින් වරින් වර දක්‌නට ලැබිණි. උක්‌ත ව්‍යසනයට හේතුව අධික ජනගහනය බව සුපුරුදු පරිදි උතුරු ගෝලීය බුද්ධිමතුන්ගේ අදහස හා යෝජනාව විය.

දශක කිහිපයක්‌ම උතුරු ගෝලීය බුද්ධිමතුන්ගේ මතය වූයේ අප්‍රිකානුවන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම ප්‍රතිඵලය ඇති වූ බවය. ඉවක්‌ බවක්‌ නැතිව ඔටුවන් ඇතුළු සිව්පාවන් තණ පැලෑටි ආහාරයට ගැනීම, දර සඳහා අවට පරිසරයේ ගස්‌ වැල් විනාශ කිරීම හේතුවෙන් තුනී වන වැස්‌ම විනාශවීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨය හිරු එලියට නිරාවරණය වීම හේතුවෙන් මෙම අර්බුදය ඇති වී ඇති බවට ඔවුහු චෝදනා කළහ. ඒ අතරතුර කාලයේදී අප්‍රිකානුවන් විසින්ම නිර්මාණය කරන ලදැයි චෝදනා කරන ලද නියඟය දිගින් දිගටම ක්‍රියාත්මක වූයේ නිරාවරණය වූ මහ පොලොවේ පස දූවිලි බවට පත් කරමින් සුළඟට එක්‌ කරමිනි.

ඇමෙරිකාවේ දේශගුණ විද්‍යාඥයන් විසින් මහත් පරිශ්‍රමයෙන් රැස්‌ කරන ලද සහෙල් (SAHEL) ප්‍රදේශයේ 1930-2000 කාල සීමාව අතර වර්ෂාපතන දත්ත උපයෝගි කරගෙන නිපදවූ පරිගණක මොඩලය (COMPUTER MODEL) හේතුවෙන් සහෙල් ප්‍රදේශයට සිදුවූ ව්‍යසනයට නියම හේතුව සොයා ගැනීමට හැකිවිය. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මහ පොළොවට සිදුවී ඇති හානිය මේ සා විශ්මයජනක දේශගුණික වෙනසක්‌ ඇති කිරීමට හේතු නොවන බව පරිගණක මොඩලයෙන් අනාවරණය වී ඇත. ඊට හේතුව වශයෙන් අනාවරණය වූයේ ඉන්දියානු සාගරයේ උෂ්ණත්වය වැඩිවීම නිසා මෙම ව්‍යසනය සිදු වී ඇති බවය. හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩිවීම එසේ සාගරයේ උෂ්ණත්වය වැඩිවීමට හේතුවයි.

පෘථිවිගෝලයේ ශීඝ්‍රයෙන් උෂ්ණත්වය ඉහළ යන සාගරය ඉන්දියානු සාගරයයි. ඉන්දියානු සාගරය වඩා උණුසුම් වන විට සහෙල් ප්‍රදේශයට මෝසම් වැසි ඇති කිරීමට අවශ්‍ය තත්ත්වය හීන වන අතර එම හේතුව නිසාම සහෙල් ප්‍රදේශය කාන්තාරකරණයට ලක්‌ වී ඇත.

කෙසේ වෙතත් සහෙල් කලාපයේ උෂ්ණ දේශගුණ විකරණ ක්‍රියාවලිය අවසානයේදී පෘථිවි ගෝලයේ සියලුම රාජ්‍යයන් වෙත පැතිර යනු ඇති බවට දැනටමත් විද්‍යාත්මක සාක්‍ෂි අනාවරණය වී ඇත. පෘථිවි ගෝලය සිසාරා වායු ගෝලයේ අද සංසරණය වන දූවිල්ලෙන් අඩකට කිට්‌ටු ප්‍රමාණයක්‌ ඇති වන්නේ අප්‍රිකාවේ ශුෂ්ක ප්‍රදේශවලින් බවත් ශුෂ්ක භාවය කෙතරම් තදින් වායුගෝලයට බලපාන්නේ දැයි ප්‍රකාශ කළහොත් වාතයේ ඇති සමස්‌ත දූවිලි ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස්‌ ඇති බව දැන් විද්‍යාත්මකව අනාවරණය කර ගෙන ඇත.

නමුත් වාතයේ ඇති උක්‌ත දූවිලි වැදගත් ක්‍රියාවලියකද නිරිත වන අතර දූවිලි අංශු හේතුවෙන් සූර්යාලෝකය විසිරීම මෙන්ම අවශෝෂණයද ක්‍රියාකාරිය. මේ කාරණය නිසා වායු ගෝලයේ උෂ්ණත්වය යම් ප්‍රමාණයකට අඩු කිරීමටද දූවිලි අංශු හේතු වේ. එහෙත් මෙම දූවිලි අංශු සාගර හා දුරබැහැර පෙදෙස්‌ කරා ප්ලැන්ක්‌ටන් හා ශාක පැලෑටි ආදින්ට අවශ්‍ය පෝෂ්‍යදායි ආහාර ද්‍රව්‍ය ද සංසරණය කරයි. වායුගෝලයේ දූවිලි ප්‍රමාණය අධික වීම නිශ්චය වශයෙන්ම දේශගුණය කෙරෙහි කෙසේ බලපාන්නේ දැයි තවමත් කිව නොහැකි නමුත් එසේ අධික ධූවිලි ප්‍රමාණයක්‌ ඇති වීමට නම් දේශගුණ විපර්යාසය හේතුවන බව නිසැකය.

තාක්‍ෂණික දියුණුවේත් සන්නද්ධ වීම හේතු කොට ගෙන තමන් ජීවත් වන කලාපය හෝ රට සහෙල් ජනතාව මුහුණ දුන් ව්‍යසනයට පත් නොවනු ඇතැයි බොහෝ මිනිසුන්ගේ අදහසයි. නමුත් එය එසේ නොවන බව දැනුම් දීම සඳහා ස්‌වභාවධර්මය කටයුතු කරමින් සිටින බව ඕස්‌ටේ්‍රලියාව තුළ සිදුවූ විපර්යාස හරහා ලොවම දැනුවත් කරමින් සිටී. ජල අර්බුදයකින් නොපෙලෙන කිසිදු නගරයක්‌ ඕස්‌ටේ්‍රලියාවෙන් සොයා ගැනීමට නොහැකි වීම ඊට හොඳම උදාහරණයයි.

බටහිර ඕස්‌ටේ්‍රලියාවේ පර්ත් අගනුවරට පසුගිය සහශ්‍රකය සිසාරා ජලය පැපයූ ජලාශවල වර්ෂයක ජලධාරිතාව ගිගා ලීටර් 338 කි. ගිගා ලීටරයක්‌ යනු ලීටර් බිලියනයකි. එහෙත් 1975-1996 කාලය අතරතුර එම ප්‍රමාණය සාමාන්‍යයෙන් වසරකට ගිගා ලීටර් 177 කින්, එනම් හරි අඩකින්ම අඩු වී ඇත. 1997-2004 කාල වකවානුවේදී තවදුරටත් මේ ප්‍රමාණය ගිගා ලීටර් 120 දක්‌වා අඩු වී ඇත. එයට දශක 03 කට පෙර තිබූ ප්‍රමාණය හා සැස» විට මෙය තුනෙන් දෙකක අඩුවීමකි.

මේ හා සමාන තත්ත්වයක්‌ ඇමරිකාවේ බටහිර ප්‍රදේශයේද උද්ගතව ඇත. උක්‌ත ප්‍රදේශයේ ඇතැම් පළාත් සිසාරා හය වසරක්‌ අඛණ්‌ඩව නියඟයට ගොදුරුව ඇත. පසුගිය වසර 700 සිසාරා නිරිත දිග වෙරළ මීට වඩා උණුසුම්ව පැවැති අවස්‌ථාවලදී වුවද, මේ සා දීර්ඝ නියඟයක්‌ ඇති වූ බවට සාධක නොමැත. මේ තත්ත්වය ගෝලීය උණුසුම අතර ඇති සම්බන්ධතාවයේ කදිම නිරූපණයකි. සහෙල් කලාපයට මෙන්ම මෙම කලාපයටද සාගර උෂ්ණත්වය ඉහළ යැම දේශගුණය වෙනස්‌ වීමට හේතු වී ඇත.

ගෝලීය උෂ්ණත්වය ගෝලය සිසාරා ජීවත් වන ඕනෑම ජාතියකට පොදුවේ බලපානු ඇති අතර ඊට මුහුණ දීම සඳහා දේශගුණය හා සම්බන්ධ ක්‍රියාදාමය සමග යහපත් අයුරින් අත්වැල් බැඳ ගත යුතුය. එසේ නොවුනොත් මිනිසුන්ට නගර, ගම් වෙනත් භූමියක්‌ කරා ගෙන යැමට සිදුවනු ඇත. පැරණි ලෝකයේද මේ ආකාරයට ගම් දනව් වෙනත් ස්‌ථාන කරා ගෙන ගොස්‌ ඇති අතර සමහර ශිෂ්ටාචාර අතහැර දැමීමටද සිදුව ඇත. ඊට හොඳම උදාහරණය පැරණි මෙසපොතේමියාවය.

වායුගෝලයේ ට්‍රොපොෂ්පියරය හෙවත් තාපගෝලය හා ස්‌ට්‍රැටොෂ්පියරය හෙවත් ස්‌ථර ගෝලය අතර අන්තර් කලාපයේ උස මෑත කාලය තුළ මීටර් - සිය ගණනකින් වැඩි වී ඇති බව වර්ෂ 2003 දී දේශගුණ විද්‍යාඥයන් විසින් සොයාගනු ලැබ ඇත. මෙයට හේතුව ගෝලීය උණුසුම වැඩිවීම, හරිතාගාර වායු සංයුතිය ඉහළ යැම හේතුවෙන් ට්‍රොපොෂ්පියරය ප්‍රසාරණය වීම සහ ඕසොන් වායුව අඩුවීම හේතුවෙන් ස්‌ට්‍රැටොෂ්පියරය සිසිල් වීම හා සංකෝචනය වීම බව නිර්ණය විය.

පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝ මීටර් 11 ඉහළ අහසේ සිදුවන මෙවැනි සුළු වෙනස්‌වීම් පිළිබඳව මිනිසා කලබල විය යුතු නැතැයි සිතුනත් මෑතකදී දේශගුණ විද්‍යාඥයන් අනාවරණය කරගත් පරිදි අපේ දේශගුණයෙන් බොහෝ කොටසක්‌ නිර්මාණය වනුයේ අන්තර් කලාපීය ට්‍රොපෝපෝසයෙහිදීය. ට්‍රොපෝපෝසයේ ප්‍රමාණය වෙනස්‌ වීම දේශගුණයේ නියත වෙනසකට හේතු වනුයේ එබැවිනි.

මෙතෙක්‌ වාර්තා වූ ප්‍රබලම ඇල්නිනෝ බලපෑම (1997-1998) ගත වූ අවුරුදු 200 ක්‌ තුළ ඇති වූ සුළි සුළඟ, වාර්තාගත, උණුසුම , දරුණුම යුරෝපීය ගිම්හානය (2003), දකුණු අත්ලාන්තික්‌ සාගරයේ ප්‍රථම සුළි සුළඟ (2002), ඉන්දියාවේ බොම්බායේ මින් පෙර නොවූ විරූ මහා ගංවතුර 2005&^EN. WIKIPEDIA.ORG/WIKI/
MAHARASHTRA- FLOODS OF 2005), ඇමෙරිකානු එක්‌සත් ජනපදයේ මෙතෙක්‌ ඇති වූ හානිකරම කුණාටු කාලය සහ වැඩිම අලාභයක්‌ ගෙන දුන් කුණාටුව (කැත්රිනා 2005)2005&^EN. WIKIPEDIA.ORG/WIKI/HURRICANE -KATRINA) සහ ඕස්‌ටේ්‍රලියාවේ වාර්තා වූ ප්‍රබලතම සුළි සුළඟ (මොනිකා) ^EN. WIKIPEDIA.ORG/WIKI/ CYCLONE -
MONICA) දැක්‌විය හැකිය.

සුළි සුළං සහ චණ්‌ඩ මාරුත මේ සා දරුණු කිරීමට ගෝලීය උණුසුම ක්‍රියාත්මක වනුයේ මහා සාගරය උණුසුම් වන තරම සහ උණුසුම් වන වාතයේ ජල වාෂ්ප ප්‍රමාණය අධික වීම යන කරුණු මතය.

තද උණුසුම් දිනයක දහඩිය දැමූ දිනයක්‌ මතක්‌ කරන්න. දහඩිය වාෂ්ප වී වාතයට එක්‌වන විට ඔබේ සිරුරේ තාපයෙන් කොටසක්‌ද ඒ හා සමග පිට වෙයි. මෙය ඉතාමත් සරල අන්දමට තාපශක්‌තිය එක්‌ තැනකින් තවත් තැනකට මාරු කිරීමකි. මන්ද දහඩියෙන් වාෂ්ප වන ජලය එක්‌ ග්‍රෑමයකට තාප ශක්‌තිය කැලරි 580 ක්‌ පරිවහනය කළ හැකි බැවිනි.

ඔබේ ශරීරයේ උක්‌ත ක්‍රියාව මහා සාගරයේ පරිමාණය හා සම කළ විට කෙතරම් සුවිශාල තාප ශක්‌ති ප්‍රමාණයක්‌ සාගර ජලය වාෂ්ප වීමෙන් වායු ගෝලයට එක්‌ වනු ඇත්ද? උණුසුම් වන ජලයට වාතයද උණුසුම් කළ හැක. දේශගුණය වෙනස්‌ වීමෙන් වාතය උණුසුම් වූ විට විශාල තාපශක්‌තියක්‌ ඇද ගැනීමේ ශක්‍යතාවක්‌ වාතයට ඇතිවේ, වාතයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 100 කින් වැඩි වූ විට වාතයේ රඳවා ගත හැකි ජල වාෂ්ප ප්‍රමාණය දෙගුණයකින් වැඩි වේ. මේ අනුව වාතයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 300 වනවිට සෙන්ටිග්‍රේඩ් 100 පැවැති ප්‍රමාණයට වඩා සිව් ගුණයකින් වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක්‌ හෙවත් සුළි සුළං ඉන්ධන ප්‍රමාණයක්‌ සංසරණය කරවීමට වායු ගෝලයට හැකිය.

ප්‍රථම වරට ගෝලීය උණුසුම මිනිසාට දැනෙන්නට ආරම්භ වූ 1950 දශකයේ දී සුළි සුළං සම්බන්ධ සිදුව ඇති මූලික වෙනස එතෙක්‌ ඒවා සාමාන්‍යයෙන් ගමන් ගත් මාර්ගය සැලකිය යුතු ලෙස වෙනස්‌ වීමයි. මේ සම්බන්ධයෙන් වඩාත්ම සවිස්‌තර ලෙස කරුණු වාර්තා වී ඇත්තේ නැගෙනහිර ආසියාකරයෙනි. 1976 සිට නැගෙනහිර චීනයේ හා පිලිපීන මුහුදේ සුළි සුළං ප්‍රමාණය අඩු වූ අතර දකුණු චීන මුහුදේ සුළි සුළං ප්‍රමාණය බෙහෙවින් වැඩි විය.

වඩාත් බටහිර දෙසට එන්නට අරාබි මුහුදේ හා බෙංගාල බොක්‌කේ වාර්තා වූ සුළි සුළං ප්‍රමාණය අඩු වූ අතර මේ වෙනස විශේෂයෙන්ම බටහිර බෙංගාලයේ පහත් බිම්වාසී ජනතාවට වාසිදායක විය. අනෙක්‌ සැලකිය යුතු වෙනස දක්‍ෂිණ අර්ධ ගෝලයේ අක්‍ෂාංශක 40 අඩු සුළු ඇන්ටාර්ටික්‌ මුහුදේ සුළි සුළං ප්‍රමාණය බෙහෙවින් අඩුවීමත් ඇන්ටාර්ටික්‌ මුහුදේ සුළි සුළං ප්‍රමාණය වැඩි වීමත්ය.

මේ අතර උතුරු ඇමෙරිකාවේ සුළි සුළං ප්‍රමාණය අධික වන බව දක්‌නට ඇත. 1996, 1997, 1999 යන වර්ෂවල ඇමරිකානු එක්‌සත් ජනපදයෙන් 20 වන ශත වර්ෂයේ අත්දුටු වැඩිම සුළි සුළං සංඛ්‍යාව වාර්තා විය. එය සාමාන්‍ය වර්ෂ වල දක්‌නට ලැබෙන සුළි සුළං සංඛ්‍යාව මෙන් දෙගුණයක්‌ විය. 1998 වසරේදී ලැබුණු සුළි සුළං ප්‍රමාණය අඩු වුවද ඒ අඩුව අමතක කර එසේ පැමිණි සුළි සුළං වල චණ්‌ඩ ස්‌වභාවය වඩාත් තීව්‍ර විය.

1998 කැරබියන් පෙදෙස විනාශ කරමින් හමා ගිය "මීච්"^EN. WIKIPEDIA. ORG/WIKI/HURRICANE -MITCH) නම් වූ ප්‍රචණ්‌ඩ සුලි සුළඟ මිනිසුන් 10,000 ක්‌ පමණ මරණයට යොමු කළ අතර තිස්‌ ලක්‍ෂයකගේ නිවාස විනාශ කළේය. පැයකට කිලෝමීටර් 290 ක වේගයෙන් හමාගිය ඒ සුළි සුළඟ අත්ලාන්තික්‌ සාගරයේ එතෙක්‌ වාර්තා වූ දරුණුතම සුළි සුළඟ විය. මිනිසුන් 22,000 ක්‌ මරණයට පත් කරමින් 1780 දී හමාගිය මහා සුළඟට වසර 200 කින් මෙපිට ඇති වූ මාරාන්තිකම සුළි සුළඟ ලෙසද "මීච්" හඳුන්වනු ලැබ ඇත.

දරුණු කුණාටු හතරක්‌ පසුකර එක විට එක පැමිණ සුළි සුළං 2004 දී නැවත ඇමරිකාවේ ෆ්ලොරිඩා අර්ධද්වීපය විනාශ කර දමන ලදී. 2005 දී "කැත්රිනා" සුළි සුළඟ නිව් ඔරේලියන්ස්‌ නගරය සිසාරා හමා ගිය ක්‍රියාදාමය දේශගුණ ඉතිහාසයේ වඩාත්ම අවධානයට ලක්‌ වූ සිද්ධිය බවට පත් විය. ඉන් අනතුරුව "රීටා"¶^EN.
WIKIPEDIA.ORG/WIKI/HURRICANE - RITA) සුළි සුළඟ ටෙක්‌සාස්‌ ජනපදය භීතියට පත්කිරීමත් දේශගුණික විද්‍යාඥයන්ගේ තීව්‍ර අවධානය යොමු වී ඇත.

හැම සුළි සුළඟක්‌ මෙන්ම "කැත්රිනා" ද ආරම්භ වූයේ මන්ද මාරුතයක්‌ ලෙසය. ඝර්ම කලාපීය මාරුතයක්‌ ලෙස උණුසුම් බහමාස්‌ මුහුදෙන් ආරම්භ වූ කැත්රිනා විශාල හානියක්‌ කරන ලදී. ඝර්ම කලාපීය මාරුතයන් සුළි සුළං බවට පත්වීමට නම් මුහුදු ජලය මතුපිට උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 260 කට හෝ ඊට වඩා වැඩි විය යුතුය, මෙයට හේතුව සුළි සුළං කර කැවීමට අත්‍යවශ්‍ය බලය වශයෙන් සැලකෙන ජල වාෂ්ප අවශ්‍ය පරිමාණයට ඉහළ දැමීමට උණුසුම් සාගර ජලය හේතු වන බැවිනි. සුළි සුළං වල ප්‍රබලතාව මැනීමට භාවිතා කරන සෆීර් - සිම්ප්සන් සුළි සුළං මාපකයට (SAFFIR - SIMPSON
HURRICANE SCALE) අනුව සුළි සුළං කොටස්‌ 05 ට වර්ග කර ඇත.

CATAGORY 01. MINIMAL CATEGORY 02.
MODERATE CATEGORY 03. EXTENSIVE
CATEGORY 04. EXTREME CATEGORY 05.
CATASTROPHIC '.

පළමු වැනි කාණ්‌ඩයට (MINIMAL) අයත් සුළි සුළං ගොඩ බිම ඇති ගොඩනැඟිලි ආදිය විනාශ කිරීමට තරම් ශක්‌තියක්‌ නොමැති අතර මීටර් 1.5 දක්‌වා උසට සාගරයේ කුණාටු රැළි නැංවිය හැකිය. එසේම මුහුදු වෙරළේ ඇති ගොඩනැඟිලිවලට හානි කිරීමටත් වෙරළබඩ ප්‍රදේශය ජලයෙන් යට කිරීමටත් උක්‌ත වර්ගයේ සුළි සුළං සමත්ය.

ඊට වැඩි හානියක්‌ සිදුවන්නේ තුන්වැනි කාණ්‌ඩයට (EXTENSIVE) අයත් සුළි සුළං වලිනි. සාමාන්‍යයෙන් පැයට කිලෝ මීටර් 180-210 ත් අතර වේගයකින් කඩා වදින උක්‌ත ක්‍රියාවලිය හේතුවෙන් තාවකාලික නිවාස හා ගස්‌ වැල් ආදිය කඩාබිඳ දැමීමට මේ වර්ගයේ සුළි සුළං සමත්ය. පස්‌වන ඝනයේ සුළි සුළඟක්‌ (CATASTROPHIC) යනු මුළුමනින්ම වෙනස්‌ ක්‍රියා දාමයකි. පැයකට කිලෝමීටර් 250 ජවයකින් හඹාඑන මේ වර්ගයේ සුළි සුළං එයට මුහුණදෙන හැම ගහ කොලක්‌ම උගුලා බිම දමමින් ගොඩනැඟිලි පොළොවට ඇද දමමින් වියරුවෙන් හඹා යමින් අතිශයින් විනාශකර ව්‍යසන ඇති කරයි.

සුළඟේ සුළිය ගොඩබිමට ළංවීමට පැය 04 කට පෙර මුහුදු රැල්ල මීටර 5.5 ඉහළ නැංවීමට උක්‌ත සුළි සුළං සමත්ය. මීටර් 5.5 ක ජල කඳ ගොඩබිමට පැමිණීමෙන්a පසුව හිරවෙන මිනිසුන් මරණය කරාගෙන යාමටත් ඔවුන්ගේ දේපළ මුහුදු බත් කිරීමටත් පස්‌වන කාණ්‌ඩයේ සුළි සුළං සමත්ය.

ඉහළ යන උණුසුම විසින් වායුගෝලයේ සහ මහා සාගරයේ ඇති කරනු ලබන වෙනස්‌කම් කොතෙක්‌ දුරට සුළි සුළං රටාවට බලපා ඇත්දැයි කිවහොත් නුදුරු අනාගතයේදී විටින් විට දරුණු ව්‍යසනයන්ට මිනිස්‌ සංහතියට මුහුණ දීමට සිදුවනු ඇත.

විද්‍යාඥයන් සොයාගෙන ඇති පරිදි ගෝලය සිසාරා සුළි සුළං විසින් මුදාහරින ලද ශක්‌තිය ගතවූ දශක දෙක තුළ 60% කින් වැඩි වී ඇත. මුළු සුළි සුළං ජව ශක්‌ති ප්‍රමාණය මෙසේ වැඩිවීමට හේතුව වඩා ප්‍රබල සුළි සුළං සංඛ්‍යාත්මකව වැඩිවීමයි. 1974 සිට සිව්වැනි හා පස්‌වැනි කාණ්‌ඩයේ සුළි සුළං වල සංඛ්‍යාව දෙගුණ වී ඇත. ඊට අතිරේකව සුළි සුළංවල ප්‍රවර්ථන කාලය හා සුළි සුළං වාරයද දිගු වෙමින් පවතී. ශීත සෘතුවේදී මුහුද සාමාන්‍යයෙන් සිසිල් නිසා සුළි සුළං හටගන්නේ නැති නමුත් උණුසුම් වෙන ගෝලයක තව දුරටත් එය එසේ නොවේයෑයි අපට කිව නොහැක.

සුළි සුළං සමග ගංවතුරද පැමිණීම අනිවාර්යය. වර්ෂාවේ ධාරානිපාතය වැඩිවීමට හේතුවන ජල වාෂ්ප වාතය උණුසුම් පමණට ප්‍රමාණයෙන් වැඩිවන බැවින් ගෝලීය උණුසුම වැඩිවීමෙන් ඇතිවන ධාරානිපාත පරිමාණයද දරුණු ගංවතුර ප්‍රමාණයද ඉහළ යමින් ඇත. වර්ෂ 2002 ගිම්හාන වර්ෂා කාලයේදී දකුණු කොරියාවට ලැබුණු මුළු වර්ෂාපතනයෙන් පහෙන් දෙකක්‌ම එක්‌ සතියක්‌ තුළදී ධාරානිපාතයක්‌ ලෙස නොකඩවා පතිත විය. ඉන් ඇති වූ ගංවතුර විනාශය අති දරුණු විය. මෑත ඉතිහාසයේ චීනය දරුණු ගංවතුර තර්ජනවලට මුහුණ දීම සාමාන්‍ය සිද්ධියක්‌ වී ඇත.

ගංවතුර හේතුවෙන් ඇති වූ අලාභහානි ගෝලය සිසාරා පසුගිය දශකවලදී ඉතා තීව්‍ර වී ඇත. 1960 දශකයේදී පෘථිවි ගෝලයේ ගං වතුර තර්ජන හේතුවෙන් මිනිසාට වූ හානිය ජනගහනයේ දළ වාර්ෂික ප්‍රමාණය මිලියන 07 ක්‌ පමණ විය. අද්‍යතනව උක්‌ත ප්‍රමාණය මිලියන 150 දක්‌වා ඉහළ ගොස්‌ ඇත්තේ මිනිස්‌ සංහතියට බරපතල අනතුරු ඇති කරවන කොලරාව, මැලේරියාව, කහ උණ, ඩෙංගු උණ, එන්සෙපලයිටිස්‌ ආදී රෝග හේතුවෙනි.

ශීත සෘතුවේදී බ්‍රිතාන්‍යයේ ඇතිවන හිම කුණාටු පවා සංඛ්‍යාවෙන් ඉහළ යමින් පවතින බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන ඇත.

දේශගුණ විපර්යාසයේ ප්‍රතිඵල විවිධ ප්‍රදේශවලදී එකිනෙකට බෙහෙවින් වෙනස්‌ ලක්‍ෂණවලින් නිරූපණය වේ. එහෙත් ඒ අතර සියලුම මහද්වීපවලට පොදු වන එක්‌ ලක්‍ෂණයක්‌ දක්‌නට ඇත. එනම් ඒවායේ භූමිය ප්‍රමාණයෙන් හැකිලෙන්නට පටන් ගැනීමය. මෙයට හේතුව ඉහළ යන ගෝලීය උණුසුම හේතුවෙන් අයිස්‌ දියවීම අධිකවීම හේතු කොටගෙන සාගර ජලස්‌කන්ධය ඉහළ යාමයි. මෙය කොතෙක්‌ දුරට මිනිස්‌ සංහතියට තර්ජනයක්‌ද? සාගර ජලය කෙතරම් කඩිනමින් ඉහළ යනු ඇත්ද සියලු තීරණ ර¹ පවතිනුයේ මිනිසා මතමය.

සත්‍ය වශයෙන්ම ස්‌වභාව ධර්මය සෑම විටම සෑම තැනකදීම සාමකාමී හෝ උපකාරිශීලී හෝ නොවන බව අප සැම විටම ඉදිරියෙන්ම මතක තබා ගත යුතු කාරණයක්‌ වන අතර ස්‌වභාව ධර්මයට සමීප වී වඩා තෘප්තිමත් ලෙස ජීවත් වීමට මිනිසා උත්සාහ කළ යුතුය. පෘථිවිය මුල්කරගත් ස්‌වභාව ධර්මය රැකගැනීමට සෑමවිටම දායක වීම අප සතු වැදගත් මෙහෙවරකි.

යහපත්ව ක්‍රියාත්මක සොබා දහමද/උගත්කමට, මුදල්වලට, අවංකකමට, නීතියේ ආධිපත්‍යයට හා දේශපාලන බලයට මෙන්ම විද්‍යාත්මක නිෂ්පාදනවලටද වඩා බලවත්ය. එසේ නම් අයහපත්ව ක්‍රියාත්මක වන සොබා දහම කෙතරම් අකාරුණිකද? ප්‍රචණ්‌ඩද? බියකරුද? යන්න අද ලෝකය සිසාරා ක්‍රියාත්මක සොබා දහමේ ක්‍රියාකාරිත්වය දෙස අවධානය යොමු කරනු මැනවි. එසේ යොමුකර කරුණාකර ඔබේ මුතුන්මිත්තන් මෙන් ඔබත් අදම ඔබේ දූ පුතුන්, නෑ හිතවතුන් සමඟ සොබා දහම සමඟ ඒකාත්මික වී එම දේපළ යහපත්ව පරිහරණය කරන, රටට ලෝකයට ආදර්ශයක්‌, පූර්වාදර්ශයක්‌ සපයන පුද්ගලයන් වන්න.

Study nature, Love nature, stay close to
nature. it will never Fail you
- Frank Lloyd wright
(Frank Lincoln Wright, 1867-1959) American
Architect, Interior desingner, writer and educator.)
සොබා දහම අධ්‍යයනය කරන්න. සොබා දහමට ආදරය කරන්න. සොබා දහම සමඟ ඒකාත්මික වන්න. එවිට ඈ කිසි දිනෙක ඔබ පරාජය නොකරනු ඇත.
- ෆ්රෑන්ක්‌ ලොයිඩ් රයිට්‌

ලබන කලාපයට........
දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com

No comments:

Post a Comment