Wednesday, July 25, 2012

වායු ගෝලීය අර්බුදයෙන් මතුවූ "පාරිසරික ජාතිවාදය"

වායු ගෝලීය අර්බුදයෙන් මතුවූ "පාරිසරික ජාතිවාදය"

ඇමෙරිකා එක්‌සත් ජනපදයේ 39 වන ජනාධිපතිවරයා වූ ජිමී කාටර් (JIMMY
(JAMESEARL) CARTER 1977 1981) 1977 අප්‍රියෙල් 17 වැනි දින ජාතිය අමතා මෙසේ ප්‍රකාශ කර ඇත. "බලශක්‌ති අර්බුදය අද වන විටත් නොතකා සිටිය නොහැකි තරම් බලවත් වී නොමැත. නමුත් අප කඩිනමින් ක්‍රියාත්මක නොවුණහොත් එසේ වීමට ඉඩ ඇත. බලශක්‌ති අර්බුදයට ඉදිරියේ දී විසඳුම් සොයාගැනීමටද අසීරුය. එසේ වුවත් බලශක්‌ති අර්බුදය වඩාත් නරක අතට හැරීම නතර වනුයේද නැත. ඉදිරි සියවසේදී බලශක්‌ති අර්බුදය තව දුරටත් තීව්‍ර වනු ඇත. එමනිසා ආත්මාර්ථකාමි නොවී නොබියව ඊට මුහුණ දී ක්‍රියා කළ යුතුය. අපි අපේ දරුවන්ට හා මුණුපුරන්ට යහපත් ලෝකයක්‌ ඉතිරි කිරීමට බලාපොරොත්තු වන්නේ නම් බලශක්‌ති සම්පත හා ඒ සඳහා අපේ ඇති ඉල්ලුම අප විසින් පාලනය කරගත යුතු වන්නේ ඒ සඳහා වහාම ක්‍රියාත්මක වීමෙනි. එසේ ක්‍රියාත්මක වීමෙන් අනාගතය අපට අවශ්‍ය ආකාරයට සැලසුම් කරගත හැකි වනු ඇත, නමුත් එසේ නොවුණහොත් අනාගතය අපව පාලනය කරනු ඇත" යනුවෙනි. සැබැවින්ම බලශක්‌ති ප්‍රභවයන්ට පෘථිවි මානූෂීය වාර්ගිකයන්ගේ අනාගතය පාලනය කිරීමට හැකියාව ඇති මුත් පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ විද්‍යාත්මක චින්තනයේ බල මහිමයෙන් නොයෙක්‌ විධ පුනර්ජනනීය (RENEWABLE) බලශක්‌ති ප්‍රභව පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ අවශ්‍යතාවලට සරිලන පරිදි දියුණු කරගන්නා බවද ස්‌ථිරය.

1871 නවසීලන්තයේදී උපත ලද බ්‍රිතාන්‍යය ජාතික භෞතික හා රසායනික විද්‍යාඥ ලොර්ඩ් රදර් ෆර්ඩ් ඔෆ් නෙල්සන් පරමාණු විද්‍යාවේ පියා වශයෙන් සලකනු ලබයි. (THE LORD RUTHERFORD OF NELSON
1871 - 1937 WAS A NEWZEALAND - BORN
BRITISH CHEMIST AND PHYSICIST, WHO
BECAME KNOWN AS THE FATHER OF
NUCLEAR PHYSICIST) ක්‍රමිකව සෙමින් සෙමින් න්‍යෂ්ටික බලශක්‌තිය පිළිබඳව පෘථිවි ගෝලය සිසාරා දැවැන්ත අවධානයක්‌ යොමු වූයේ 2004 දී ගයියා කල්පිතයෝ (GAIA HYPOTHESIS) නිර්මාතෘ ආචාර්ය ජෙම්ස්‌ ලව්ලොක්‌ (JAMES LOVELOCK) විසින් පෘථිවි චිපිට ගෝලීය ජීව ශක්‌තිය ආරක්‍ෂා කරගැනීමට නම් ගෝලය සිසාරා ඇති බලශක්‌ති අවශ්‍යතා වෙනුවෙන් න්‍යෂ්ටික බලාගාර ඉදිකළ යුතු බවට ප්‍රකාශ කිරීමත් සමගමය.


ආචාර්ය ජෙම්ස්‌ ලව්ලොක්‌ (JAMES LOVELOCK)

එසේ ප්‍රකාශ කරමින් ආචාර්ය ඡේම්ස්‌ ලව්ලොක්‌ 1938 දී ඇතිවුණු දෙවන ලෝක යුද්ධයට මුහුණ දීමේදී ගෝලීය රාජ්‍ය නායකයන්ට ඇති වූ අභියෝග ද විස්‌තර කර ඇත. සැබැවින්ම දෙවන ලෝක යුද්ධය ඇවිලීමක්‌ සමගම ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ විධිමත් සැලැස්‌මක්‌ නොමැතිව අතරමංව සිටි රාජ්‍යයන් පිළිබඳ සිහිපත් කරමින් ආචාර්ය ඡේම්ස්‌ ලව්ලොක්‌ වැඩිදුරටත් විස්‌තර කර ඇත්තේ අද්‍යතන බල ශක්‌ති අර්බුදයේදීද ගෝලීය රාජ්‍ය නායකයන් 1938 දී මෙන්ම අතරමං වන බවය. එම නිසා ගෝලය සිසාරා බලශක්‌ති අවශ්‍යතාවන්ට න්‍යෂ්ටික බල ශක්‌තිය යොදා ගැනීම වඩාත් කාලෝචිතම හා සුදුසුම ක්‍රියාව වශයෙන් ඔහු තර්ක කර ඇත. (EN.WIKIPEDIA.ORG.WIKI.GAIA HYPOTHESIS) නමුත් ඒ වන විටත් පෘථිවි චිපිට ගෝලයේ නොයෙක්‌ රාජ්‍යයන් වල න්‍යෂ්ටික බලාගාර හා න්‍යෂ්ටික තාක්‍ෂණයට විරුද්ධව විශාල මහජන විරෝධතා රාශියක්‌ ක්‍රියාත්මක වී තිබිණි. 1977 ස්‌පාඤ්ඤයේ BILBO නගරයේ පැවැති න්‍යෂ්ටික විරෝධී පෙළපාලියට මහජනතාව ලක්‍ෂ 02 ක්‌ පමණ ද 1979 පෙනිසිල්වේනියාවේ ත්‍රී මයිල් දූපතේ (PENNSYLVANIA THREE MILL ISLAND) සිදුවූ න්‍යෂ්ටික අනතුරට විරෝධය දැක්‌වීම සඳහා නිව්යෝර්ක්‌ නගරයට ඒක රාශි වූ ජනතාව ලක්‍ෂ 2 ක ඉක්‌මවූ බවද, 1981 ජර්මනියේ BROK DORF NUCLEAR POWER PLANT ව්‍යාපෘතියට විරෝධය ප්‍රකාශ කිරීමට ලක්‍ෂයක පමණ ජනකායක්‌ද, 1982 ජුනි 12 වැනි දින දශලක්‍ෂ ගණනක්‌ වූ පෘථිවි ගෝලීය මානුෂිය වාර්ගිකයන් නිව්යෝර්ක්‌ නගරයට ද, 1983 බටහිර ජර්මනියේදී සංවිධානය කරන ලද න්‍යෂ්ටික බලශක්‌ති ව්‍යාපාරයට විරුද්ධව ලක්‍ෂ 06 පමණ ජනතාවද එක හඬින් තම විරෝධය ප්‍රකාශකර ඇත. පෘථිවි චිපිට ගෝලයේ මෑත කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 300 වඩා අලාභහානි සිදුවූ න්‍යෂ්ටික අනතුරු 10 ට ආසන්නය.

1975 දෙසැම්බර් 07 වැනි දින ඊසාන දිග ජර්මනියේ ග්‍රෙයිෆ්ස්‌ වොල්ඩ් බලාගාරයේ සිදුවූ අනතුර (GREIFS WALDEAST GERMANY) 1977 පෙබරවාරි 22 ජස්‌ලොවැස්‌කි බොහුනිස්‌ බලාගාරයේ අනතුර (JASLOVASKE BOHUNICE, CZECHOSLOVAKIA) 1985 මාර්තු 9 වැනි දින අමෙරිකාවේ ඇත්කන්ස්‌ ඇලබමාහි අනතුර (ATKNS ALABAMA U.S.) 1986 අප්‍රියෙල් 11 දින ඇමරිකාවේ මැසචුස්‌ට්‌ස්‌ හි ප්ලේමවුත් අනතුර (PLYMOUTH MASSACHUSETTS U.S.) 1987 මාර්තු 31 වැනි දින ඇමරිකාවේ පෙනිසිල්වෙනියාවේ ඩෙල්ටා හි අනතුර (DELTA, PENNSYLYANIA, U.S.) 1985 ඇමරිකාවේ ප්ලොරිඩාහි ක්‍රිස්‌ටල් නදියේ අනතුරු (CRYSTAL
RIVER FORIDA U.S.) ආදී වශයෙන් තවත් අනතුරු රාශියකි.

පෘථිවි චිපිට ගෝලයේ බොහෝ මානුෂිය වාර්ගිකයන් දන්නා යුක්‌රේනයේ චර්නෝබිල් (UKRAINE CHERNOBYL) බලාගාරයේ කාන්දුවීම හා පිපිරීමට විරුද්ධව රෝම නගරයට රැස්‌වූ මහා ජනකායද ලක්‍ෂ 02 ඉක්‌මවූ බව තවදුරටත් එහි සඳහන්ය. ආචාර්ය ඡේම්ස්‌ ලව්ලොක්‌ විසින් යහපත් ෙච්තනාවෙන් පෘථිවි මානුෂිය වාර්ගිකයන් වෙත යෝජනා කළ එම යෝජනාවට ගෝලය සිසාරා ක්‍රියාත්මක ග්‍රීන්පීස්‌ (EN.WIKIPEDIA.ORU/WIKI/GREEN PEACE) ආයතනය හා මිහිතලයේ මිතුරෝ (EN. WIKIPEDIA. ORG/ WIKI/ FRIENDS OF THE EARTH) හා පරමාණු විරෝධී ව්‍යාපාරය (EN. WIKIPEDIA. ORG/WIKI/NUCLEAR MOVEMENT) ප්‍රධානම ගෝලය සිසාරා ක්‍රියාත්මක න්‍යෂ්ටික බලශක්‌ති මෙන්ම න්‍යෂ්ටික ආයුධ තාක්‍ෂණයට විරුද්ධ සංවිධාන 300 පමණ විරෝධතා දැක්‌වූහ.



එහෙත් ආචාර්ය ඡේම්ස්‌ ලව්ලොක්‌ගේ අදහස උක්‌ත විරෝධතා හේතුවෙන්ම අතහැර දැමීමටද සුදුසු යෝජනාවක්‌ නොවේ. මක්‌නිසාදයත් සියලුම බලශක්‌ති ජාලයන් නිරන්තරයෙන් ක්‍රියාකාරීව පවත්වා ගෙන යැමට අවශ්‍ය බේස්‌ලොඩ් (BASELOAD) නොහොත් පාදක භාරය දැරීමට සුදුසු දැනට ඇති විකල්ප එකම බලශක්‌තිය න්‍යෂ්ටික බලශක්‌තිය පමණක්‌ වන හෙයිනි.

(EN. WIKIPEDIA. ORG/WIKI. BASE LOAD) උක්‌ත පාදක භාරය දැරීමට අද්‍යතනව විකල්ප බලශක්‌ති ප්‍රභව වශයෙන් දියුණු කිරීමට වෙර දරන පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන්ට අවශ්‍ය තරම් හැකියා ඇති දැයි මේ වනතුරුත් නිසැකවම දැන ගෙන නොමැත.

කෙසේ වෙතත් අද්‍යතනව ප්‍රංශය සිය විදුලි බල අවශ්‍යතාවයෙන් 80% ක්‌ නිපදවන්නේ න්‍යෂ්ටික බලාගාර වලිනි. සොලෝවැකියාව සියයට 54% ක්‌ද බෙල්ජියම සියයට 51% ක්‌ද යුක්‌රේනය සියයට 48% ක්‌ද ආර්මේනියාව සියයට 45% ක්‌ද බ්‍රිතාන්‍යය සියයට 20% ක්‌ පමණද විදුලිය බලය නිපදවා ගනුයේ න්‍යෂ්ටික බලයෙනි.

සමස්‌ත පෘථිවි චිපිට ගෝලයේ න්‍යෂ්ටික බලයෙන් විදුලි බල මෙගාවොට්‌ ඒකක 376313 ක්‌ නිපදවනු ලබයි. ඒ ඇල්ජීරියාව මෙගොවොට්‌ 935 ක්‌ද, බෙල්ජියම මෙ. වො. 5943 ක්‌ද, බ්‍රසීලය මො. වො. 1901 ක්‌ද, බල්ගේරියාව මෙ. වො. 1906 ක්‌ද, කැනඩාව මෙ.වො. 12679 ක්‌ද, චීනය මෙ. වො. 10234 ක්‌ද, මැක්‌ෂිකෝව මෙ. වො. 1310 ක්‌ද, රොමේනියාව 1310 මෙ. වොට්‌ ප්‍රමාණයක්‌ද, රුසියාව මෙ. වො. 23084 ක්‌ද, නෙදර්ලන්තය මෙ. වො. 485 ක්‌ද, සොලෝවැකියා මෙ. වො. 1760 ක්‌ද, තායිවානය මෙ. වො. 4927 ක්‌ද, කොස්‌ටිරිකාව මෙ. වො. 696 ක්‌ද, දකුණු අප්‍රිකාව මෙ. වො. 1800 ක්‌ද, ස්‌වීඩනය මෙ. වො. 9,399 ක්‌ද, ස්‌පාඤ්ඤය මෙ. වො. 7448 ක්‌ද, ස්‌විස්‌ටර්ලන්තය මෙ. වො. 3.252 ක්‌ද, යුක්‌රේනය මෙ. වො. 13168 ක්‌ද, බ්‍රිතාන්‍යය මෙ. වො. 10962 ක්‌ද, චෙක්‌ ජනරජය මො. වො. 3686 ක්‌ද, ජර්මනිය මෙ. වො. 23,339 ක්‌ද, හංගේරියාව මෙ. වො. 1880 ක්‌ද, ඉන්දියාව මෙ. වො. 4780 ක්‌ද, ජපානය මෙ. වො. 43.348 ක්‌ද, කොරියාව මෙ. වො. 17.716 ක්‌ද, අමෙරිකා එක්‌සත් ජනපදය මෙ. වො. 101,229 ක්‌ද ආදී වශයෙනි.

ඒ අනුව පෘථිවි චිපිට ගෝලයේ සමස්‌ත විදුලි බල නිෂ්පාදනයෙන් සීයට 14% ක්‌ පමණ අද්‍යතනව නිෂ්පාදනය කරගනුයේ න්‍යෂ්ටික බලශක්‌තියෙනි. න්‍යෂ්ටික බලශක්‌තිය ප්‍රයෝජනයට ගැනීමේ ඉත්මත්ම වැදගත්ම කාරණය වනුයේ න්‍යෂ්ටික බලාගාර වලින් කාබන් ඩයොක්‌සයිඩ් විප්‍රෙෂණය නොවීමය. එමනිසාම අද්‍යතනව ඉතාමත් තීව්‍ර සංකීර්ණ අර්බුදයක්‌ බවට පත්වී ඇති කාබන් විප්‍රෙෂණයෙන් මිදීමට පෘථිවි චිපිට ගෝලයේ බොහෝ රාජ්‍යයන් න්‍යෂ්ටික බලයෙන් තම විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීමට වෙර දරමින් සිටීම සුලභව දක්‌නට ඇත. න්‍යෂ්ටික බලාගාර වලින් විදුලි බලය නිපදවාගනුයේ ජලය තාපාංකය (ද්‍රවයක උපරිම වාෂ්ප පීඩනය බාහිර පීඩනයට සමාන වන උෂ්ණත්වය) දක්‌වා උණු කිරීමට යොදාගන්නා අතිශය සංකීර්ණ ක්‍රියාවලියක්‌ සහිත උඳුනකිනි, මේ සඳහා අවශ්‍ය න්‍යෂ්ටික බලය නිපදවා ගනුයේ යුරේනියම් (URANIUM 235) යුරේනියම් (233) හා ප්ලුටෝනියම් (PLUTONIUM 239) හා තවත් රසායනික ක්‍රියා දාමයන් සමගිනි. විදුලි බලය නිපදවෙන ටර්බයින කරකැවෙන්නේ උක්‌ත ආකාරයට නිපදවෙන න්‍යෂ්ටික බලයෙන් රත්වෙන ජලවෘෂ්ප වලිනි. (EN.WIKIPEDIA. ORG. WIKI. NUCLEAR ENERGY) ගල් අඟුරු බලාගාර මෙන්ම සම්ප්‍රදායික න්‍යෂ්ටික බලාගාරද අතිශයින් විශාලය. සාමාන්‍ය බලධාරිතාව මෙගො වොට්‌ 1700 ක්‌ පමණ වන එක්‌ න්‍යෂ්ටික බලාගාරයක්‌ ඉදිකිරීමට ඇමෙරිකන් ඩොලර් බිලියන 02 ක්‌ පමණ විශාල මුදලක්‌ ආයෝජනය කළ යුතුය. එය එසේ වුවත් එමගින් නිපදවන විදුලි බලයේ පිරිවැය ස්‌වාභාවිකව නොමිලේ ලැබෙන සුළං බලයෙන් නිපදවෙන විදුලි බල ඒකකයක මිලට ඉතාමත් සමීපය.

නමුත් න්‍යෂ්ටික බලාගාරයක්‌ ඉදිකිරීමට අවම වශයෙන් වසර 05 ක්‌වත් ගත වෙන අතර ඒ සඳහා අවසර ගැනීමට වසර 10 ක්‌ පමණ ගතවේ. එම නිසා විශාල ධනයක්‌ ආයෝජනය කර ප්‍රතිලාභ ලැබීමට වසර 15 කට වඩා ගතවෙන හෙයින් ඇමෙරිකාවේ සහ මහා බ්‍රිතාන්‍යයේ පසුගිය දශක 2 තුළදීම නව න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට කටයුතු කර නැත. 1955 දී රටවල් 73 ක නියෝජිතයන් 1400 කගේ සහභාගිත්වයෙන් ජිනීවාහි පවත්වන්නට යෙදුණු න්‍යෂ්ටික බලය සාමකාමී අයුරින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී (INTERNATIONAL CONFERENCE OF THE PEACE FUL USES OF ATOMIC ENERGY) න්‍යෂ්ටික බල ශක්‌ති ක්‍ෂේත්‍රයට අදාළ නීතිමය ආකෘතිය හඳුන්වා දී ඇත. එම නීති ආකෘතිය තාක්‍ෂණිකව කරුණු 11 ක්‌ යටතේ විකාශය වී ඇත.

1. සුරක්‍ෂිත, උපද්‍රව රහිත මූලධර්ම, SAFETY PRINCIPLE. 2. ආරක්‍ෂක මූලධර්ම, SECURITY
PRINCIPLE, 3. වගකීම පිළිබඳ මූලධර්ම, RESPONSIBILITY PRINCIPLE. 4. අවසර ලබා ගැනීමේ මූලධර්ම, PERMISSION PRINCIPLE. 5. නිරන්තර පාලන මූලධර්ම, Cධභඔෂභඹධඹී ඡRෂභක්‍ෂඡඛෑග 6. හානි පූර්ණය පිළිබඳ මූලධර්ම, CONTINUOUS
PRINCIPLE. 7. පාරිසරික සංවර්ධන මූලධර්ම SUSTAINABALE PRINCIPLE 8. එකඟතා මූලධර්ම, COMPLIANCE PRINCIPLE. 9. නිදහස්‌ ආදායම් මූලධර්ම, INDEPENDENCE
PRINCIPLE. 10. පාරදෘශ්‍යතා මූලධර්ම, TRANSPARENCY PRINCIPLE. 11. ජාත්‍යන්තර සම්බන්ධතා මූලධර්ම, INTERNATIONAL
PRINCIPLE, ආදි වශයෙනි.

මෙම නීති රීති පිළිබඳ සවිස්‌තර අත් පොතක්‌ ජාත්‍යන්තර පරමානු අධිකාරිය (INTERNATIONAL ATOMIC ENERGY AGENCY) විසින් HAND
BOOK ON NUCLEAR LAW නමින් ප්‍රකාශයට එක්‌ කර ඇත. එසේම ප්‍රංශ ජාතික මහාචාර්ය ANDRE MAISSEU ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් ප්‍රකාශයට පත්වන ජාත්‍යන්තර බලශක්‌ති නීතිය යන අදහස ගෙන දෙන සඟරාවද INTERNATIONAL JOURNAL OF NUCLEAR LAW අතිශයින් වැදගත්ය. එසේම ගෝලය සිසාරා නොයෙකුත් රටවල ගෝලීය සම්මුතීන්ට අනුව න්‍යෂ්ටික බලශක්‌තිය ප්‍රයෝජනයට ගන්නා ආකාරය නිරීක්‍ෂණය කිරීමට ආයතන ස්‌ථාපිත කර ඇත්තේ 1957 ඔස්‌ටි්‍රයාවේ වියානා හිදී ආරම්භ කරන ලද උක්‌ත ආයතනය සමග කටයුතූ කරමිනි. ඒ අතර එංගලන්තයේ ලන්ඩන් නුවර වෙස්‌මින්ස්‌ටර්හි පිහිටි රටවල් 29 ක්‌ සාමාජිකත්වය දරන NUCLEAR ENERGY AGENCY ආයතනද වැදගත් තැනක්‌ උසුලනු ලබයි. එසේම ඇමරිකාවේ පිහිටි INSTITUTE OF NUCLEAR MATERIALS MANAGEMENT න්‍යෂ්ටික සම්පත් කළමනාකරණ මධ්‍යස්‌ථානයද කරුණු 11 ක්‌ යටතේ උක්‌ත ක්‍ෂේත්‍රය අධීක්‍ෂණය කරනු ලබයි.

පෘථිවි චිපිට ගෝලයේ රටවල් 30 ක න්‍යෂ්ටික බලශක්‌තිය පිළිබඳ අධ්‍යයනය කිරීමට උපාධි හා ඉන් ඔබ්බට ගිය පාඨමාලා හැදෑරීමට හැකියාව ඇත. ඒ අතරින් එංගලන්තයේ ශාන්ත ඡේම්ස්‌ චතුරශ්‍රයේ පිහිටි WORLD NUCLEAR UNIVERSITY ප්‍රධාන තැනක්‌ ගනී.

න්‍යෂ්ටික බලශක්‌ති නිෂ්පාදනයේදී ඕනෑම රටක පෘථිවි මානුෂිය වාර්ගිකයන්ට ඇතිවන බියජනක කරුණු ත්‍රිත්වයක්‌ ඇත. එනම් අනතුරුදායක බව, විකිරණ ශීලි න්‍යෂ්ටික අප ද්‍රව්‍ය හා බෝම්බ බිය යන කරුණු ත්‍රිත්වයයි.


1986 අප්‍රියෙල් 26 වැනි දින යුක්‌රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යැමෙන් ඇතිවූ විනාශය.මීට වඩා වැඩි විනාශයක්‌ රුසියාවේදී සිදු වූ නමුත් රුසියානු රජය ඒ පිළිබඳ තොරතුරු වසර 30 ක්‌ ගත වනතුරුත් ගෝලීය ප්‍රජාවට වසන් කරගෙන සිටියේය. එවැනි නෙයෙකුත් හදිසි අනතුරු රාශියක්‌ චර්නොබිල් සිද්ධියට පෙර සිදු වී ඇත. යුක්‌රේනයේ චර්නොබිල් සිද්ධියෙන් පසු වාර්තා වී ඇති තොරතුරු වලට අනුව එම බලාගාරයේ අනතුරෙන් විෂ පතනයෙන් ගැලවී ඇත්තේ බෙලාරූස්‌ රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 01% පමණක්‌ බව සඳහන් වන අතර අදටත් එම අනතුරේ ප්‍රතිවිපාක යුක්‌රේන ජනතාව විඳවනු ලබන බව සඳහන්ය. (RN. WIKIPEDIA.
ORG.WIKI.CHERNOBYL)

මෑත කාලීනව එනම් 1986 අප්‍රියෙල් 26 වැනි දින යුක්‌රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා යැමෙන් ඇතිවූ විනාශයට වඩා වැඩි විනාශයක්‌ රුසියාවේදී සිදු වූ නමුත් රුසියානු රජය ඒ පිළිබඳ තොරතුරු වසර 30 ක්‌ ගත වනතුරුත් ගෝලීය ප්‍රජාවට වසන් කරගෙන සිටියේය. එවැනි නෙයෙකුත් හදිසි අනතුරු රාශියක්‌ චර්නොබිල් සිද්ධියට පෙර සිදු වී ඇත. යුක්‌රේනයේ චර්නොබිල් සිද්ධියෙන් පසු වාර්තා වී ඇති තොරතුරු වලට අනුව එම බලාගාරයේ අනතුරෙන් විෂ පතනයෙන් ගැලවී ඇත්තේ බලාරූස්‌ රටේ මුළු බිම් ප්‍රමාණයෙන් සියයට 01% පමණක්‌ බව සඳහන් වන අතර අදටත් එම අනතුරේ ප්‍රතිවිපාක යුක්‌රේන ජනතාව විඳවනු ලබන බව සඳහන්ය. (RN. WIKIPEDIA.
ORG.WIKI.CHERNOBYL)

ඇමෙරිකාව හා යුරෝපයේ රටවල න්‍යෂ්ටික බලාගාරවල ආරක්‍ෂාව ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු වුවත් 1979 පෙනිසිල්වේනියාවේ ත්‍රීමයිල් දිවයිනේ සිදුවූ න්‍යෂ්ටික අනතුරට අනුව පෙනී යන්නේ කෙතරම් ආරක්‍ෂාකාරී පිළිවෙත් අනුගමනය කළත් විනාශය නොසිතූ මොහොතක සිදුවන බවය.

අද්‍යතනව ඇති ප්‍රබලම අභියෝගය ත්‍රස්‌ත ප්‍රහාර වලින් මෙම බලාගාර ආරක්‍ෂා කර ගැනීමය. අමෙරිකාවේ පිහිටා ඇති බොහෝ බලාගාර නගර ආශ්‍රිතව ඉදිකර ඇත. එම නිසා ත්‍රස්‌ත ප්‍රහාර වලින් එම බලාගාර ආරක්‍ෂා කරගැනීම ඉතා සංකීර්ණ මෙන්ම අතිශය වගකීම් සහිත ක්‍රියාවකි.


න්‍යෂ්ටික බලාගාරවලින් නිපදවෙන
විකිරණශීලී අපද්‍රව්‍ය (RADIO ACTIVE WASTE)

මෙකී කාරණා වලට අමතරව ඉතාම බරපතල සංකීර්ණ කාරණය මනුයේ න්‍යෂ්ටික බලාගාර වලින් නිපදවෙන විකිරණශීලී අපද්‍රව්‍ය (RADIO ACTIVE WASTE) ඉවත් කොට ප්‍රවේශම් සහිතව තැන්පත් කර තැබීමය. විෂ අප ද්‍රව්‍ය ගබඩා කිරීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පෘථිවි චිපිට ගෝලය සිසාරා නොයෙක්‌ විට ඉතා ප්‍රබල විරෝධතා ඇත. විෂ අප ද්‍රව්‍යය තොග පිටින් ගෝලයේ පිටිසර රාජ්‍යයන්ගේ ස්‌වදේශික ජනතාව ජීවත් වන නිජ බිම්වල ගොඩගැසීම නිසා සිදුවී ඇති මානව හා පාරිසරික විනාශයන් හේතුවෙන් ගෝලීය ජන සමාජයේ අලුත් ජාතිවාදයක්‌ ද ඇති වී ඇත. ඒ "පාරිසරික ජාතිවාදයයි". බොහෝ විට මෙම "පාරිසරික ජාතිවාදය" යන සංකල්පයට හේතු වී ඇත්තේ පෘථිවි චිපිට ගෝලයේ ඇති පිටිසර ගම්මානවල ස්‌වදේශික ජනතාව සාම්ප්‍රදායිකව ජීවත්වන නිජ බිම් වලට උක්‌ත න්‍යෂ්ටික විෂ අපද්‍රව්‍යය අදාළ සම්මුතීන් හා නීතිරීතිවලට පටහැනිව මුදා හැරීමය.

එම නිසා ගෝලයේ ස්‌වදේශික ජනතාවට සිදුවී ඇති මහා විනාශයන් වලට මුහුණදීමට නොහැකිව ස්‌වදේශික ජනතාව විනාශ වීමට අදාළව "පාරිසරික ජාතිවාදය" යන නම පටබැඳී ඇත. මේ පිළිබඳ කෘති රාශියක්‌ම රචනා වී ඇති අතර ROBERD D. BULLARD විසින් රචිත CONFRONTING ENVIRONMENTAL RACISM සහ BILL LAWSON විසින් රචිත FACES OF
ENVIRONMENTAL RACISM යන කෘතින් හි බොහෝ විස්‌තර ඇතුළත් වී ඇත.


ප්‍රංශයේ න්‍යෂ්ටික බලාගාර වලින් නිපදවෙන විකිරණ ශීලී අප ද්‍රව්‍ය (RADIO ACTIVE WASTE) ජර්මනිය කරා ගෙනයන දුම්රියක්‌

විෂ අප ද්‍රව්‍යය ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම සඳහා විශේෂිත භාජන මෙන්ම දුම්රියද ඇති අතර ඒවා නියාමනය කිරීම සඳහා නොයෙක්‌ සම්මුතින්ද ක්‍රියාත්මකය. 1989 මාර්තු 22 වැනි දින අත්සන් තබන ලද බේසල් සම්මුතියද (BASEL CONVENTION) 1991 ජනවාරි 30 දින අත්සන් කරන ලද බැමකෝ සම්මුතියද (BAMAKO CONVENTION) 1998 සැප්තැම්බර් 22 දින අත්සන් කරන ලද රොටර්ඩෑම් සම්මුතියද (ROTTERDAM CONVENTION) මින් ප්‍රධාන තැනක්‌ ගනී. නමුත් විෂ අප ද්‍රව්‍යය බැහැර කිරීමේ ක්‍රියාවලියේ ඇති නොයෙක්‌ දුර්වලතා හේතුවෙන් අද්‍යතනවද පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ අසරණ ස්‌වදේශික ජනතාව විනාශ වී මිය යැම තවදුරටත් සිදුවේ. ඊට එක්‌ උදාහරණයක්‌ වනුයේ නයිජීරියාවේ කොකො ප්‍රදේශයේ විෂ අප ද්‍රව්‍යය ටොන් 4000 ක්‌ ගොඩගසා තිබීම හේතුවෙන් එම ස්‌වදේශික ජනතාවට අද සිදුවී ඇති මහා විනාශයන්ය. මෙවැනි සිදුවීම් බොහොමයක්‌ වාර්තා වී ඇත.

එහෙත් පෘථිවි චිපිට ගෝලීය ජීව ගුණයට කාබන් ඩයොක්‌සයිඩ් විප්‍රේෂණය වීම හේතුවෙන් ඇති වී තිබෙන මහත් වූ ව්‍යසනය හා පෘථිවි ගෝලයේ පැවැත්ම පිළිබඳ අභියෝගය දෙස අවධානය යොමු කිරීමේදී විෂ අපද්‍රව්‍යය කළමණාකරණය පිළිබඳ නිවැරදි ක්‍රියා මාර්ග අනුගමනය කරමින්ම න්‍යෂ්ටික බලය පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ විදුලි බල අවශ්‍යතා සඳහා හා අනෙකුත් බලශක්‌ති අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීම වැදගත් කොටද සැලකිය හැකි කරුණු රාශියකි.

නමුත් පෘථිවි විද්‍යාව අනුව භාවිත කළ එංජින් තෙල් බිංදුවක්‌ පොලොවට වැටීමෙන් වතුර ලීටර් 5.10 ක්‌ අතර ප්‍රමාණයක්‌ අපවිත්‍ර වන බවද සඳහන්ය. එසේ නම් ටොන් ගණනක්‌ වූ පරමානු විෂ අප ද්‍රව්‍ය වල බලපෑම සොබා දහම කෙසේ විඳ දරා ගනීවිද?

පෘථිවි චිපිට ගෝලයේ සිදුවන දේශගුණ විපර්යාස හා ඉන් ඇතිවන ව්‍යසන වළක්‌වා ගැනීමට න්‍යෂ්ටික බලශක්‌තිය යොදා ගැනීම තවදුරටත් දියුණු විය යුත්තේ විෂ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ තිබූ අවධානය යොමු කිරීමෙනි. එසේ නොවුණහොත් පෘථිවි මානුෂිය වාර්ගිකයන් ගේ හිසට උඩින් තිබෙන වායු ගෝලය බේරාගැනීමට ගොස්‌ පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ පයට යටින් තිබෙන ජල සම්පත අනතුරට ලක්‌වනු ඇත.

මෙම ලිපියේ සඳහන් වනුයේ පරමානු න්‍යෂ්ටික බල ශක්‌තිය පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ විදුලි බල අවශ්‍යතා සපුරා ගැනීමට භාවිත කරන ආකාරය හා සම්බන්ධ කරුණුය. නමුත් න්‍යෂ්ටික බලය යන විෂය ඉතා පුළුල් විෂයකි, එම පුළුල් විෂයේ අන්තර් විෂයන් කිහිපයක්‌ පමණක්‌ පහත පරිදිය.

1. ATOMIC NUCLEAR (පරමාණු න්‍යෂ්ටික) විෂය යටතේ NUCLEAR ENGINEERING පරමානු ඉංජිනේරු විද්‍යාව, මෙම විෂය හැදෑරීම සඳහා ඇමරිකා එක්‌සත් ජනපදයේ විශ්වවිද්‍යාල 38 ක ඇති අතර මහා බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාල 07 ක්‌ද ඉන්දියාවේ විශ්වවිද්‍යාල 07 ක්‌ද පකිස්‌තානයේ විශ්වවිද්‍යාල 04 ක්‌ද ඇති අතර ගෝලීය රාජ්‍යයන් කිහිපයකම මෙවැනි විශ්වවිද්‍යාල පිහිටුවා ඇත.

NUCLEAR ENERGY (පරමාණු ශක්‌තිය), NUCLEAR PHYSICS (පරමාණු භෞතික විද්‍යාව), NUCLEAR POWER (පරමාණු බලය), NUCLEAR REACTOR TECHNOLOGY (පරමාණු ප්‍රථික්‍රියා තාක්‍ෂණය), NUCLEAR MEDICINE (පරමාණු වෛද්‍ය විද්‍යාව), ආදි තවත් විෂයන් රාශියකි.

පෘථිවි චිපිට ගෝලයේ බොහෝ රාජ්‍යයන් වල මෙම විෂයන්ට අදාළ අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ඇත. ගෝලයේ ඕනෑම රටක පරම සම්පත "මානව සම්පතයි". ශ්‍රී ලංකාවේ ප්‍රාථමික, ද්විතියික, කෘතිය අධ්‍යාපනය ලැබූ සමස්‌තය සියයට 77 කට වඩා වැඩිය. දියුණුම රටවල මේ තත්ත්වය සියයට 95 කට වඩා වැඩිය. ලෝක සාමාන්‍යයට වඩා ඉහළින් ප්‍රාථමික, ද්විතිය, කෘතිය අධ්‍යාපනය ලබා ඇති අපේ රටේ තරුණ මානව සම්පත පෘථිවි චිපිට ගෝලයේ වඩාත් වේගයෙන් ප්‍රචලිත වන පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභව (RENEWABLE ENERGY පිළිබඳ අධ්‍යාපනයක්‌, පරමාණු විෂයට අදාළ අනෙකුත් විෂයන් (NUCLEAR) සඳහා සූදානම් කිරීමට හැකි නම් අපේ අනාගත පරපුර හරහා ලෝකය අප වෙත හරවා ගැනීමට අපට හැකිවනු ඇත. වායුගෝලය රැක ගැනීමට පියවර ගන්නා අතරම අපේ තරුණ පරපුරට ගෝලීය රැකියා වෙළෙඳ පොළට අවශ්‍ය අධ්‍යාපනයක්‌ ලබා දීමටද අපට සැලසුම් තිබිය යුතුයි. අද්‍යතනව රුධිරය, දහඩිය හා කඳුළු අතරින් නුපුහුණු ශ්‍රමය හරහා මැද පෙරදිගින් ගලා එන විදේශීය මුදල් වෙනුවට දියුණු රටවල දැනුම් කර්මාන්ත වෙත වඩා උගත් දැනුම පදනම් කරගත් උගත් ශ්‍රමය යොමු කරන්නේ නම් ජාතියට වඩා යහපත් ලෙස හා සුවිශාල වශයෙන් ඉහළ මට්‌ටමක විදේශ විනිමය ප්‍රමාණයක්‌ උපයා ගැනීමට හැකි වනු ඇත.

නමුත් අද්‍යතනව යටත් විජිත මිෂනාරින්ගේ ලිපිකරුවන් බිහිකිරීමේ අවශ්‍යතාව අනුව ගොඩ නැඟුණ අධ්‍යාපන ක්‍රමයේම අප තවදුරටත් ගිලී සිටින අතර ගෝලීය රැකියා වෙළෙඳ පොළට තබා ලාංකික රැකියා වෙළෙඳ පොළේ හෝ අපේ තරුණයන්ට ඉල්ලුමක්‌ නැත.

අනාගතයේදී මානව සම්පත යනු හුදු මිනිසාගේ ජීවන හුස්‌ම හා බැඳුණු භෞතික ක්‍රියාව පමණක්‌ නොව ඔහුගේ ඥන ශක්‌තිය පදනම් කරගත් දැනුම් ආර්ථිකයක ප්‍රධාන සම්පතය. සත්‍ය වශයෙන්ම රටක්‌ දියුණු කළ යුත්තේ මිනිසා දියුණු කිරීමෙනි. මිනිසා දියුණු කළ හැක්‌කේ අධ්‍යාපනය මගිනි. දැනීම් ආර්ථිකයක වටිනාකම් තේරුම් ගනුයේ ඕනෑම රටක නායකත්වයට ලෝකය පිළිගත්, ලෝකයේදී ඒ රටට නායකත්වය දිය හැකි කීර්තිමත් බුද්ධිමත්, රාජ්‍යතාන්ත්‍රිකයකුගේ අතට රට පත්වීමෙන් පසු බවට කියමනක්‌ ඇත. ඕස්‌ටේ්‍රලියානු කම්කරු පක්‍ෂයේ සාමාජිකයෙකු මෙන්ම පරිසරවේදියකු ද, දේශපාලනඥයෙකු වන හා ඔස්‌ටේ්‍රලියානු MIDNIGHT OIL සංගීත කණ්‌ඩායමේ සාමාජිකයෙකු ද වන PETER GARRETT මෙසේ ප්‍රකාශ කර ඇත. THERE IS JOB GROWTH IN RENEXABLES,
THERE IS JOB GROWTH IN EMERGY
EFFICIENCY AND THERE IS JOB GROWTH IN
INNOVATIVE INDUSTRIES AND
TECHNOLOGIES TO SUCCESS FULLY MEET
THE CHALLENGE OF CLIMATE CHANGE, "පුනර්ජනනීය බලශක්‌ති ක්‍ෂේත්‍රයේ රැකියා වැඩිවෙමින් පවතී. බලශක්‌ති කාර්යක්‍ෂමතා ක්‍ෂේත්‍රයේ ද රැකියා වැඩිවෙමින් පවතී. නව ක්‍රම භාවිත කරන කර්මාන්තවල හා නව්‍ය තාක්‍ෂණික ක්‍රියා වලියේද රැකියා වැඩිවෙමින් පවතී. ඒ නිසාම අපට වායුගෝලීය අර්බුදයට විසඳුම් සොයා ගැනීමට හැකි වනු ඇත" යනුවෙන් පීටර් ගැරට්‌ ප්‍රකාශ කර ඇත. සැබැවින්ම මේ රැකියා වෙළෙඳ පොළට අපේ පරම සම්පත වන තරුණ සම්පත පුහුණු කිරීමට අපට හැකිනම් වායුගෝලයටත් රටේ ආර්ථිකයත් දියුණු මට්‌ටමට ගත හැකි වනු ඇත. ඒ සඳහා ක්‍රියාකාරි වීම පෘථිවි මානුෂිය වාර්ගිකයන් වූ ඔබ සතු වැදගත්ම කාරණයකි.

දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com

1 comment:

  1. I Got to know so many things about the nuclear power. thanks

    ReplyDelete