Wednesday, July 25, 2012

වායු ගෝලයේ හඬ අවදි කළ "කොම්පියුටර් මොඩල"

වායු ගෝලයේ හඬ අවදි කළ "කොම්පියුටර් මොඩල"



පෘථිවි චිපිට ගෝලය (ENWIKIPEDIA.ORG/WIKI/EQUATORIA වටා ඇති වායු ගෝලය
නිරතුරුවම චලනය වන අතර මෙම සංසරණය සමස්‌ත ගෝලීය රටා අනුව හෝ ප්‍රාදේශීය
රටා අනුව හෝ ස්‌ථානීය රටා අනුව සිදුවිය හැකිය. (W.W.W.NASA.GOV/EARTH'S
ATMOSPHERE)

වායු ගෝලීය සංසරණය ක්‍රියාත්මක වන්නේ සූර්ය ශක්‌තිය මගින් වන අතර
වායුගෝලයේ රත්වීම පැහැදිලි රටාවක්‌ අනුව සිදුවේ. වැඩිම සූර්ය ශක්‌ති
ප්‍රමාණයක්‌ පෘථිවි චිපිට ගෝලයේ සමක ප්‍රදේශවලට ලැබෙන අතර සූර්ය ශක්‌තිය
අඩුවෙන්ම ලැබෙන්නේ ධ්‍රැව පුදේශවලටය. උක්‌තර හා දක්‍ෂිණ ධ්‍රැව සහ සමකය
අතර ප්‍රදේශවල අනුක්‍රමණයක්‌ (පිළිවෙළක්‌ තිබීම) දක්‌නට ඇත. ඉහත විස්‌තර
කළ පරිදි වායු ගෝලයේ සිරස්‌ උෂ්ණත්ව අණුක්‍රමණයක්‌ද ඇත. උෂ්ණත්ව
අණුක්‍රමණ හා ඒ මගින් ඇතිවන පීඩන අන්තර (වෙනස්‌වීම්) හේතුවෙන් වායු ගෝලයේ
මහා පරිමාණ චලන ඇතිවේ. (EN. WIKIPEDIA.
ORG. WIKI.TURBULENCE)

උණුසුම් වාතය, සිසිල් වාතයට වඩා සැහැල්ලු හෙයින් ඉහළ නැගීමට ක්‍රියාකරනු
ලබන අතර ඉහළ නගින වාතය සිසිල් වීම හේතුවෙන් ඝනත්වය ඉහළ යනු ඇත. එම නිසා
නැවැතත් වාතය පහළට ගමන් කරනු ලබයි. සමක ප්‍රදේශයෙන් ඉහළ නගින වාතයෙන්
හිස්‌ වන තැන පිරවීම සඳහා මධ්‍ය අක්‍ෂාංශක ප්‍රදේශවල වාතය සමකය දෙසට ගමන්
කරයි. (EN.WIKIPEDIA.ORG/WIKI/ATMOSPHERE OF EARTH) පෘථිවිය භ්‍රමනයවීම
හේතුවෙන් වාතය නැගෙනහිර සිට බස්‌නාහිර දිසාවට චලනය වීමට පටන් ගනී. මේ
ආකාරයට පෘථිවි චිපිට ගෝලයට අතිශයින්ම තීරණාත්මක අවස්‌ථාවන් උදාකරන
වායුගෝලය සෑම මොහොතකම මිනිසාට හිතකර හෝ අහිතකර අයුරින් නමුත්
ක්‍රියාශීලීයිය.

මෙම ක්‍රියාශිලීත්වය දේශගුණය / කාලගුණය වශයෙන් අපට හුරුය. දේශගුණය
වෙනස්‌වීම පිළිබඳ විද්‍යාත්මක සොයාගැනීම් සඳහා අද්‍යතන විද්‍යාඥයන්
බෙහෙවින් ප්‍රයෝජනයට ගන්නා උපකරණය පරිගණක මොඩල ආදර්ශක ජාලයයි. (COMPUTER
MODEL) ගෝලය සිසාරා බොහෝ රාජ්‍යයන්වල පිහිටි දේශගුණය පිළිබඳ පර්යේෂණ කරන
පරීක්‍ෂණාගාරවල මෙම පරිගණක මොඩල ආදර්ශන මගින් ලබා ගන්නා තොරතුරුවලට අනුව
ඉදිරි කටයුතු සැලසුම් කරනු ලබයි. අතිශය සියුම් සංකීර්ණ මෘදුකාංග යොදා
නිපදවූ පරිගණක මොඩල උපයෝගීත්වයෙන් එම උපකරණවලට ලබාදෙන විවිධ දත්ත වෙනස්‌
කිරීමෙන් ඇතිවන්නේ කිනම් දේශගුණ තත්ත්වය දැයි විද්‍යාඥයෝ නිරීක්‍ෂණය කර
බලති. දත්ත වශයෙන් පරිගණක මොඩලයේ ඇති කාබන්ඩයොක්‌ සයිඩ් ප්‍රමාණය දෙගුණ
කළ විට දේශගුණයේ සිදුවිය හැකි වෙනස්‌ කම් ගැන හෝ ඕසෝන් සිදුර දේශගුණයට
බලපාන අන්දම ගැන හෝ දත්තයන් ලබාදීමට උක්‌ත පරිගණක මොඩල සමත්ය, (EN.
WIKIPEDIA.ORG/WIKI,CLIMATE MODEL) මෙම ක්‍රියාවලිය හා සම්බන්ධ පරිගණක
මොඩල රාශියක්‌ අද්‍යතනව ගෝලය සිසාරා ක්‍රියාත්මකය. කාලගුණ / දේශගුණ
විද්‍යාඥ ජපන් ජාතික සයිකුරෝ මානබේ (SYUKURO
MANABE, JAPANESE METEOROLOGIST AND
CLIMATOLOGIST) පළමුවෙන්ම පරිගණක මොඩල භාවිතයෙන් දේශගුණ / කාලගුණ
ක්‍රියාකාරිත්වය පුරෝකථනය කළ පුද්ගලයාය. (EN. WIKIPEDIA. ORG.
WIKI.SYUKURO
- MANABE) වායුගෝලය, සාගර පද්ධතිය, පෘථිවි පෘෂ්ඨය, අයිස්‌ (CRYOSPHERE)
මත පතිත වන සූර්ය රශ්මිය පිළිබඳ පුරෝකථනය කිරීමට අවශ්‍යය සූර්ය කෙටි තරංග
හා දිගු තරංග පිළිබඳ දත්ත ඒකරාශි කිරීමද මේ මගින් සිදුවේ. මෙම මොඩල
භාවිතා කර වායුගෝලය අද ක්‍රියා කරන අන්දම මෙන්ම ඉදිරියේදී ක්‍රියා කරන
අන්දම හැදෑරිය හැකිය. උක්‌ත මොඩල අතරින් තිව්‍ර සංකීර්ණ පරිගණක මොඩල
පරිශීලනය කරනු ලබන්නේ පහත සඳහන් ආයතනවලය.

1. (AMBRIDGE CENTER FOR ATMOSPHERIC SCIENCE.
W.W.W. ATM.DAMTP.CAM.ACU/K)

2. CERFACS GLOBAL CHANGE AND CLIMATE
MODELING, (WWW.CERFACS.FR/GLOBAL)

3. CLIMATE CHANGE PREDICTION PROGRAM
(FORMERLY CHAMMP)
(WWW.ESD.ORNL.GOV/PROGRAMS/CHAMMP/CHAM MP.HTML/)

4. CLIMATE RESEARCH GROUP, UNIVERSITY OF
ILLINOIS, (CRGA.ATMOS.UIUC.EDU)

5. CLIMATE IMPACTS CENTRE, MACQUARIE
UNIVERSITY (HTTP;//CIC.MQ.EDU.AU)

6. CLIMATE RESEARCH UNIT, UNIVERSITY OF
EAST ANULIA, HTTP://WWW.CRU.UEA.AC.UK.

7. COLORADO STATE DEPT OF ATMOSPHERIC
SCIENCE HTTP://WWW. ATMOS.COLOSTATE.EDU

8. COUPLED MODEL INTERCOMPARISON
PROJECT (CMIP) (HTTP,WWW
PCMDI.IINI.GOV/COVEY/CMIP/CMIP HOME.HTM)

9/ EARTH SYSTEM SCIENCE CENTER (ESSC)
HTTP://WWW.ESSC.PSU.EDU.

10. GERMAN CLIMATE COMPUTING CENTER
(DKRZ) (HTTP: //WWW. DKIZ.DE/INDEX.ENG.HTML)

11. GEOPHYSICAL FLUID DYNAMICS
LABORATORY (GFDL) (HTTP:// WWW. GFDL.GOV)

12. GODDARD INSTITUTE FOR SPACE STUDIES
(GISS) (HTTP://WWW. GISS. NASA.GOV)

13. HADLEY CENTER FOR CLIMATE PREDICTION
AND RESEARCH.
(HTTP://WWW.METO.GOVT.UK/SECS/SECSPUL/
HTML)

14. HIGH-PERFORMANCE GLOBAL MODELING
(LLNL) HTTP://WWW LLNL.GOVCOMP/
MEIKO/APPS/WEHNER/CAMILLE/HTM)

15. LABORATOIRE DE. METEOROLOGIE
DYNAMIQUE DU CNRS. (HTTP://WWW.
LMD.ENS.FR.ENULISH)

16. NASA/GSFC COUPLED CLIMATE DYNAMICS
GROUP. (C.C.D.G.) (HTTP://PONG.GSFC.NSSA GOV)

17. NASA LANGLEX ATMOSPHERIC MODELING
GROUP. (HTTP://ROSSBY.LARC.NASA.GOV)

ආදි වශයෙන් තව දුරටත් ආයතන රාශියක්‌ ගෝලය සිසාරා ක්‍රියාත්මකය. දේශගුණය
පිළිබඳ අනාවැකි පළකිරීමට අවශ්‍ය ගවේෂණ කටයුතුවල යෙදෙන ආයතන වලින්
ප්‍රධානතම මධ්‍යස්‌ථානයක්‌ වනුයේ එංගලන්තයේ පිහිටි දේශගුණ පුරෝකථන හා
විපර්යාය පිළිබඳ හැඩ්ලි මධ්‍යස්‌ථානයය.
(HADLEY CENTER FOR CLIMATE PREDICTION AND
RESEARCH) එංගලන්තයේ විසූ නිතීඥයකු සහ ස්‌වේච්ඡා දේශගුණ විද්‍යාඥයකු වූ
ජොර්ඡ් හැඩ්ලි සිහිවීම පිණිස මෙම ආයතනය නම් කර ඇත.

(GEORGE HADLEY 1685-1768 LAWYER AMATEUR
METEOROLOGIST) ගෝලීය රාජ්‍යයන් රාශියක මේ ආකාරයේ පරීක්‍ෂණ මධ්‍යස්‌ථාන
ඒ, ඒ රටට අවශ්‍යය දැනුම ලබා ගැනීම සඳහාත් පොදුවේ ක්‍රියාත්මකය.

ඒ අතරින් ඇමෙරිකා එක්‌සත් ජනපදයේ U.S.
ENVIRONMENTAL PROTECTION AGENCY ආයතනය වඩාත් සංකීර්ණය, එම ආයතනයද පරිගණක
මොඩල 02 ක්‌ භාවිතා කරනු ලබයි. AERMOD සහ CALPUFF ය. දේශගුණ / කාලගුණ
විද්‍යාඥයන්, ඉංජිනේරුවන් පරිසර ආරක්‍ෂණ / විද්වතුන් මෙන්ම නිතිඥයන්,
සමාජ විදඥයන්, පරිගණක විද්‍යාඥයන් සමාජ ක්‍රියාකාරින් වශයෙන් 17,000 ක
මානව සේනාවක්‌ එහි සේවය කරනු ලබයි.

යුරෝපා රාජ්‍ය එකමුතුව නොහොත් යුරෝපා සංගමයට අයත් රටවල් 32 ක්‌ද මේ
ආකාරයටම විද්‍යා පරීක්‍ෂණාගාර පිහිටා ඇත.

ඒ අතරින් කිහිපයක්‌ වනුයේ,





ආදී වශයෙන් තවත් නොයෙක්‌ රටවල මේ ආකාරයේ දියුණු පරික්‍ෂණාගාර පිහිටුවා
ඇත්තේ වායුගෝලීය වෙනස්‌කම් අවබෝධ කරගෙන මිනිස්‌ සංහතියේ අනාගත
ක්‍රියාකාරකම් කළමනාකරණ කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීමටය. පෘථිවි
චිපිට ගෝලයේ වායුගෝලය පිළිබඳ නිතිපතා විද්‍යාඥයින් සොයාගන්නා නොයෙකුත් නව
සාධක අනුව නිරන්තරයෙන් මේ සියලු මධ්‍යස්‌ථානවල පරිගණක මොඩලවල දත්ත
මෘදුකාංග නිරන්තරයෙන් වෙනස්‌ කිරීම පරිගණක විද්‍යාඥයන්ට පැවැරී ඇති බරපතල
රාජකාරියකි.

මිනිස්‌ සංහතියේ එදිනෙදා ජීවිතයේදී සිදුකරන නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා
දේශගුණයට ඇතිවන බලපෑම මුහුදු ජල මට්‌ටම පවා වෙනස්‌ වීමට හේතුකාරක වන බව
මීට ඉහතදී විස්‌තර කර ඇත. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වෙනස්‌ වන
හරිතාගාර වායු සංයුතිය. උෂ්ණත්වය කෙරෙහි කරන බලපෑමට මෙන්ම වෙනත් ආකාර
වලින්ද දේශගුණික තත්ත්වයන් තීරණය කිරීමට සෘජු ලෙසට බලපාන බව තහවුරු වී
ඇත.

මෙම වැදගත් සාධකය 19 වැනි සියවසේ අගභාගය වන තුරුත් පරිගණක මොඩල සඳහා
දත්තයන් වශයෙන් ලබාදී නොතිබිණි. එම නිසා මීට පෙර සමහර අවස්‌ථාවලදී කරන ලද
පුරෝකථන බොහෝදුරට අවතක්‌සේරුවට ලක්‌ වූ අවස්‌ථාද තිබිණි.

1940 සිට 1970 දක්‌වා වූ දශක ත්‍රිත්වයේදී වායුගෝලයේ හරිතාගාර වායු
සංයුතිය වැඩි වුවද පෘථිවි චිපිට ගෝලයේ සාමාන්‍යය උෂ්ණත්වය පහත වැටිණි.
නමුත් එවක ක්‍රියාත්මකව තිබූ පරිගණක මොඩල ඒ පිළිබඳ ලබාදුන් දත්ත වලට අනුව
කළ පුරෝකථනයන් නිවැරදි නොවීය.

මෙම විෂමතා පිළිබඳ තීව්‍ර අවධානය යොමු කළ විද්‍යාඥයන් සොයාගනු ලැබූයේ
වායු ගෝලයේ නිරන්තරයෙන් සැරිසරණ "එයරොසොල්" (AEROSOLS) නමින් හැඳින්වෙන
ඉතා සියුම් ද්‍රව්‍යය මෙම විෂමතාවය ඇතිවීමට බලපා ඇති බවය.
WWW.NASA.GOV/CENTERS/LANGLE/NEWS/FACTSHE
ET/AEROSOLS.HTML

"එයරොසොල්"අංශමාත්‍රික ද්‍රව්‍යය ගිනිකඳු වල සිට තාප බලාගාරවල දැවෙන ගල්
අඟුරු දක්‌වා වූ විවිධ දුමාරවලින් ඇතිවේ. ඊට අමතරව සහෙල් වැනි කාන්තාර
ප්‍රදේශවල දූවිලි මාරුතයන්ගෙන් විශාල වශයෙන් වාතයට එක්‌වන දූවිලි අංශු
වලින්ද, සමස්‌ත ඩීසල් යන්ත්‍ර වලින්ද, මහා මාර්ග වල දිවෙන සියලු වාහනවල
ටයර්, පාර හා ඝර්ශනය වීමෙන්ද, ලැව් ගිනි වලින්ද වායුගෝලයට එයරොසොල්
නිකුත් වේ. මුල් යුගයේ, පරිගණක මොඩලවලට "එයරොසොල්" (AEROSOLS) පිළිබඳ
දත්ත ඇතුළත් කර තිබී නැත. ඊට හේතුව ඒ කාලයේදී අදාළ විද්‍යාඥයන්ට මානව
ක්‍රියාකාරකම් හේතුවෙන් මේසා විශාල "එයරොසොල්" ප්‍රමාණයක්‌ වායුගෝලයට
නිකුත් වන බවට තිබූ දැනුම අල්ප හෙයිනි.

වායු ගෝලයේ ඇති එයරොසොල් ප්‍රමාණයෙන් 25%-50% පමණම වායුගෝලයට නිතුත්
වනුයේ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ක්‍රියාකාරකම් වලින් බව අද්‍යතන
විද්‍යාඥයන් හොඳින්ම අවබෝධ කරගෙන ඇත.

නමුත් සාමාන්‍ය පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට "එයරොසොල්" (AEROSOLS)
හේතුවෙන් ඇතිවන භයානක ලෙඩ රෝග පිළිබඳ සුළු හෝ දැනීමක්‌ නැත. නමුත්
"එයරොසොල්" පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට මරණය ගෙන දීමට තරම් අහිතකරය. 17
වැනි සියවසේදී එංගලන්තයේ ලන්ඩන් නගර වැසියන් ඉතා වැඩිවශයෙන් ගල් අඟුරු
භාවිතා කරන ලදී. එහි ප්‍රථිපලය වූයේ 17 වැනි සියවසේ ලන්ඩන් වැසියන්ගේ මරණ
සංඛ්‍යාව ඉහළ යැමය. ඊට හේතුව "එය රොසොල්" (AEROSOLS) බව සඳහන්ය. ^LONDON
AIR
POLLUTION 1500-1900. ELSEVIER,
LINKINGHUB.ELSEVIER.COM/RETRIEVE/PLL) අද්‍යතනවද ගල් අඟුරු පිළිස්‌සීම
හේතුවෙන් ඇතිවන එයරොසොල් (AEROSOLS) ප්‍රමාණය හේතුකොට ගෙන ඇතිවන රෝගාබාධ
වලින් අමෙරිකානුවන් 60,000 ක්‌ පමණ මියයන බව සඳහන්ය.

ගල් අඟුරු දහනයේදී ඒ තුළ ඇති රසදිය (MERCURYSYMBOL
= Hg ATOMIC NUMBER = 80) යුරේනියම් (URANIUM-SYMBOL = U ATOMIC NUMBER,
92) සහ අනෙකුත් හානිකර ඛනිජ ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය මෙම මරණවලට
එක්‌තරා ප්‍රමාණයකට හේතු වී ඇති බව තවදුරටත් සඳහන්ය.

නමුත් අද්‍යතන තාප බලාගාරවල මෙම තත්ත්වය අවම කර ඇත. ඒ සඳහා විද්‍යාත්මක
ක්‍රමවේදයන් භාවිත කිරීම අනිවාර්ය කර ඇත. "එයරොසොල්" වලින් පෘථිවි
මානුෂීය වාර්ගිකයන්ට සිදුවන හානිය සහ වායු ගෝලයට වන හානිය පිළිබඳ එක්‌සත්
ජනපදයේ වෛද්‍ය බ්‍රයිස්‌ ටෙමිගේ (RAC.UCC.IE/TOUR/BRICE1.PDF) වෙබ්
අඩවියට පිවිසීමෙන් තවදුරටත් දැනුවත් විය හැකිය. එයරොසොල් පිළිබඳ තරමක හෝ
දැනීමක්‌ තබා ගැනීමට පෘථිවි මානුෂිය වාර්ගිකයන්ටත් ඔවුන් ජීවත් වන ග්‍රහ
ලෝකයටත් ඉතාම වැදගත් වනු ඇත.

මීට ඉහත විස්‌තරකරන ලද 1940 - 1970 දශක වලදී පෘථිවි චිපිට ගෝලයේ උෂ්ණත්වය
අඩුවීමට හේතු වී ඇත්තේ වායු ගෝලයේ සංසරණය වන එයරොසොල් ප්‍රමාණය අධික
වීමය. ඊට හේතුව බාල වර්ගයේ ගල් අඟුරු දහනය කිරීමය. එමනිසා විශාල වශයෙන්
සල්ෆර් ඩයොක්‌සයිඩ් වාතයට එකතු වීමය. 1960 උතුරු අර්ධගෝලයේ තිබූ වනාන්තර
වල විල් ජලාශ දූෂණය වී ඇත්තේ මේ හේතුවෙනි. එම වනාන්තරවල කේතුධර
වෘක්‍ෂයන්හි (CONIFEROUS TREE) දළු කොළ ගැලවී වැටීමද, විල් මෙන්ම ජලාශ වල
ජීවින් සමූහ වශයෙන් මිය යැමද මීට හේතු වී ඇත.
(EN.WIKIPEDIA.ORG.WIKI/CONIEROUS PERIOD)

මෙම විපර්යාසයන්ට හේතු වී ඇත්තේ අම්ල වර්ෂා ඇති වීමයි.
(EN.WIKIPEDIA.ORG.WIKI/ACID RAIN) ඊට හේතුව වී ඇත්තේ ගල් අඟුරු බලාගාර
වලින් නිකුත් වන අධික සල්ෆර් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයයි.

අම්ල වර්ෂා (EN.WIKIPEDIA.ORG.WIKI/ACID RAIN) ඇතිවීමට හේතු විද්‍යාඥයන්
විසින් අනාවරණය කරගත් පසුව ගල් අඟුරු දහනයේදී තාප බලාගාරවලින් පිටවන වායු
අප ද්‍රව්‍ය පිරිසිදු කොට නිකුත් කිරීම අනිවාර්ය කෙරෙන නීති කාර්මික රටවල
සම්මත කර ඇත. (US ENERGY
INFORMATION. ADMINISTRATION)

නමුත් ගෝලය සිසාරා ක්‍රියාත්මක පරිසර හිතවාදි විද්වතුන් මෙන්ම පරිසර
හිතකාමි නීතිඥ සංසද ද පවසනුයේ අද්‍යතන වායු ගෝලීය අර්බුදයට සාපේක්‍ෂව මෙම
නීති රීති ප්‍රමාණවත් නොවන බවය. තවත් සමහර කොටස්‌ පවසනුයේ එක්‌සත් ජනපද
බලශක්‌ති නිෂ්පාදනයේ 52% පමණ වන ගල් අඟුරු බලාගාර වලින් නිෂ්පාදනය කරන
විදුලි බලය සඳහා වෙළෙඳ පොළ අහුරා දැමීමට කටයුතු කළ යුතු බවය. ඩියුක්‌
පරිසර නීති හා ප්‍රථිපත්ති පිළිබඳ කේන්ද්‍රයද තම වාර්ෂික සඟරා මගින් මේ
පිළිබඳ දිගින් දිගටම සාකච්ඡා කරනු ලබයි.
(DUKE ENVIRONMENTAL LAW & POLLICY FORUM (DELPF)

1970 දශකයෙදී තාප බලාගාර සඳහා ක්‍රියාත්මක නීති රීති ක්‍රියාවේ යෙදීමෙන්
අපේක්‍ෂා නොකළ අනියම් ප්‍රති විපාක ඇතිවී ඇත. සල්ෆර් ඩයොක්‌සයිඩ් වලින්
ඇතිවුණ සල්පේට්‌ වර්ග වලින් නිපදවෙන එයරොසොල් සූර්යාලෝකය නමැති
අභ්‍යවකාශයට හරවා යෑවීමේ හැකියාව අතින් ඉතා කඩිසර වන බැවින් එම වර්ගයේ
එයරොසොල් පෘථිවි ගෝලය සිසිල් කිරීමට විශාල වශයෙන් හේතු වී ඇත. එමෙන්ම මෙම
එයරොසොල් (AEROSOLS) වල ක්‍රියාකාරිතාවය වායුගෝලයේ ක්‍රියාකාරි වනුයේ දින
කිහිපයක්‌ පමණි. මේ කාරණා හේතුවෙන් 70 දශකයේදී හඳුන්වා දුන් තාප බලාගාර
වලින් නිකුත් වන වායුව පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අලුත්
දැනුමක්‌ විද්‍යාඥයන්ට අවබෝධ විය.

සල්ෆර්ඩයොක්‌සයිඩ් වලින් වියුක්‌ත වායුව පෘථිවි චිපිට ගෝලයේ උණුසුම
අඩුකිරීමට හේතුවූ එයරොසොල් අවශ්‍ය තරමට නිපදවීමට අපොහොසත් වූ බැවින්
පෘථිවි ගෝලයේ උණුසුම නැවතද ඉහළ යන ලදී. උක්‌ත නීති රීති මගින් තාප බලාගාර
වලින් නිකුත් වන වාතය පිරිසිදු කිරීම සඳහා අවශ්‍යය නොයෙකුත් අතිරේක
ක්‍රියාමාර්ග ගන්නා ලදී. එම නිසා සල්ෆර්ඩයොක්‌සයිඩ් නිකුත් වීම අල්ප වූ
නමුත් තවදුරටත් නිකුත් වූ කාබන්ඩයොක්‌සයිඩ් හේතුවෙන් ගෝලීය උණුසුම
තවදුරටත් වැඩි විය. මෙම අත්දැකීම ගෝලය සිසාරා විද්‍යාඥයන්ට ඉතාම වැදගත්
විය. මන්ද පෘථිවියේ ක්‍රියාකාරිත්වය හා විවිධ අනෙකුත් ක්‍රියා අතර ඇති
සම්බන්ධතාව පිළිබඳ ලැබූ අත්දැකීමක්‌ වූ හෙයිනි.

1991 දී පිලිපීනයේ පිනාටුබො ගිනිකන්ද MOUNT
PINATUBO STRATOVOLCANO, PAMPAH NGA,
LUZON, PHILLIPPINES) සපුරා විධාරණය වීමේ අවස්‌ථා නවීන පරිගණක මොඩල මගින්
පරීක්‍ෂා කිරීමට ලක්‌ විය. නාසා ආයතනයේ විද්‍යාඥ ජෙම්ස්‌ හැන්සන් (JAMES
E.
HANSEN, THE NASA GODDARD INSTITUTE FOR
SPACE STUDIES) ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක විද්‍යාඥයන් කණ්‌ඩායම විසින්
පරිගණක මොඩල යොදාගෙන කරන ලද පරීක්‍ෂණයෙදී "නිරීක්‍ෂණය වූයේ" සල්ෆර්
ඩයොක්‌සයිඩ් ටොන් මිලියන 20 ක්‌ පමණ උක්‌ත ගිනිකන්ද විධාරණය වීමේදී වායු
එක්‌ වී ඇති බවය. එමනිසා ඇතිවුණ එයරොසොල් හේතුවෙන් පෘථිවිය සෙන්ටි්‍රගෙඩ්
අංශක 0.3 කින් සිසිල විය යුතු බව පරිගණක මොඩල් තොරතුරුවල සඳහන් විය.
සත්‍ය වශයෙන්ම පෘථිවිය සිසිල් වී ඇත. එම නිසා පරිගණක මොඩල වල ආධාරයෙන්
කෙරෙන පුරෝකථන පිළිබඳ විශ්වාශනීයභාවය නමැති තිව්‍ර ලෙස තහවුරු විය.
අද්‍යතන පරිගණක මොඩල (COMPUTER
MODEL) ආශ්‍රයෙන් කරන ලද පුරෝකථන වලින් ඉතාමත් නිවැරදි පුරෝකථන වශයෙන්
පිළිගෙන ඇත්තේ පෘථිවි චිපිට ගෝලයේ අනෙක්‌ ප්‍රදේශ උණුසුම් වීම, ගෝලීය
උෂ්ණත්වයේ උණුසුම සාමාන්‍යය වැඩි වීමට වඩා කඩිනමින් ගොඩබිම ප්‍රදේශවල
උෂ්නත්වය වැඩිවීම, වර්ෂාව තදින් ඇතිවීම. භයානක දේශගුණික ක්‍රියාවල
සංඛ්‍යාත්මක වැඩිවීම ආදිය පිළිබඳ කෙරෙන පුරෝකථනයන්ය.

දේශගුණය පිළිබඳ මෙතෙක්‌ සිදුකර ඇති මහා පරිමානික අධ්‍යයනය වනුයේ
එංගලන්තයේ ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන්ගේ මූලිකත්වයෙන් කරන
ලද අධ්‍යයනයයි. මෙම අධ්‍යයනයේ මූලික ඉලක්‌කය වූයේ අද්‍යතන වායුගෝලයේ
තිබෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය දෙගුණ කිරීමෙන් වායුගෝලයේ ඇතිවන වෙනස
පරිගණක මොඩල මගින් පුරෝකථනය කර ගැනීමය.

එම පුරෝකථනයට අනුව අද්‍යතනව වායුගෝලයේ තිබෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය
දෙගුණ වුවහොත් ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් අංශක 3.4 වැඩි වන බව සඳහන්ය.
එසේම සමස්‌තයක්‌ වශයෙන් ගත්විට කාබන්ඩයොක්‌සයිඩ් සංයුතිය ඉහළයාම
සෙන්ටිග්‍රේඩ් අංශක 1.9 සිට 11.2 දක්‌වා සැලකිය යුතු පරාසයක්‌ තුළ ඕනෑම
මට්‌ටමක්‌ දක්‌වා ඉහළ යාමට හැකි බවද එම අධ්‍යයනයේ තවදුරටත් සඳහන්ය. THE
WE, CC/
WEPLANET/GARDEN - GROWS,
GREENER, HTM.

නැවතත් එයරොසොල් (AEROSOLS) පිළිබඳ අවධානය යොමු කිරීමේදී එයරොසොල් පිළිබඳ
පර්යේෂණ වල යෙදුණු බොහෝ විද්‍යාඥයන් පවසනුයේ වායුගෝලයේ ඇති එයරොසොල්
මගින් සූර්යා ලෝකය පෘථිවිය මතට පතිත වීම අවහිර කර ඇති බවය.

මෙම ක්‍රියාවලිය විද්‍යාඥයන් හඳුන්වනු ලබන්නේ පෘථිවි ගෝලය අඳුරුවීම (GLOBAL
DIMMING) වශයෙනි. (EN.WIKIPEDIA.ORG.WKI. GLOBAL.
DIMMING) 1960-1990 දක්‌වා වූ දශක ත්‍රිත්වයේදී පෘථිවි ගෝලයේ නොයෙක්‌
ප්‍රදේශවල දී කරන ලද පරීක්‍ෂණ වලට අනුව නිරීක්‍ෂණය වී ඇත්තේ දීප්තිමත්
සූර්යාලෝකය පෘථිවිය වෙත පතිත වීම අඩුවී ඇති බවය. ඇතැම් ප්‍රදේශවල සියයට
22% තරම් අඩුවී ඇති බව නිරීක්‍ෂණය වී ඇත. පෙඩ්රික්‌ පී. මිලර්ගේ
මූලිකත්වයෙන් රචි. ගෝලය සිසිල් වීම යන කෘතියේ මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා
කර ඇත. ගෝලය අඳුරු වීම දෙයාකාරයකින් සිදුවන බව එහි සඳහන්ය. දුඹුළු හා
දැලි වැනි එයරොසොල් (AEROSOLS) වර්ග මගින් වළාකුළුවල පරාවර්ථනය කිරීමේ
හැකියාව වැඩිකිරීම එයින් එක්‌ කාරණයකි, අනෙක්‌ කාරණය වනුයේ ජෙට්‌ යානා
වලින් විශාල වශයෙන් නිපදවන වාෂ්ප ධාරාවන් නිසා වළාකුළු නිරන්තරයෙන් ආවරණය
වීමය.

මෙම ජෙට්‌යානා වලින් නිකුත් වන වාෂ්ප ධාරාවන් (JET, STREAM) පිළිබඳ
මුලින්ම සොයාගනු ලැබුයේ 1920 දීය. ඒ ජපාන දේශගුණ විද්‍යාඥයෙකු වන
WASABURO OISHI විසිනි.
(EN.WIKIPEDIA.ORG.WIKI/JET STREAM)

සංඛ්‍යාවෙන් අඩු විශාල ජල බිංදු ප්‍රමාණයක්‌ වෙනුවට කුඩා ජල බිංදු විශාල
ප්‍රමාණයක්‌ නිපදවීම හේතුකොටගෙන ඇතිවන නොයෙකුත් ප්‍රථික්‍රියා වලින්
සිදුවනු ඇත්තේ වළාකුළු බල සූර්යාලෝකය පරාවර්ථනය වන හැකියාව හීන වීමය.
ප්‍රමාණයෙන් විශාල ජල බිංදු කුඩා සංඛ්‍යාවක්‌ සහිත වළාකුළු මගින් කෙරෙන
සූර්යාලෝක පරාවර්ථනයට වඩා කුඩා ජල බිංදු සහිත විශාල වළාකුළු මගින්
සූර්යාලෝකය අභ්‍යවකාශයට පරාවර්ථනය වීම අධිකය. 2001 සැප්තැම්බර් 11 වැනි
දින ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල කරන ලද ත්‍රස්‌ත ප්‍රහාරය
හේතුවෙන් ඇමෙරිකානු ගුවන් සීමාවේ පියාසර කිරීම අත්හිටුවනු ලැබීය. ගුවන්
ගමන් අත් හිටවූ දින ත්‍රිත්වයේදී දේශගුණ විද්‍යාඥයන් විසින් කරන ලද
පරීක්‍ෂණ වලට අනුව නිරීක්‍ෂණය වී ඇත්තේ වෙන කවරදාකටත් වඩා ඇමෙරිකාවේ
රාත්‍රි කාලයේ උෂ්ණත්වයට වඩා දිවා කාලයේ උෂ්ණත්වය එම දින ත්‍රිත්වයෙදී
ඉහළ ගොස්‌ ඇති බවය. ඊට හේතුව වී ඇත්තේ අහස්‌ කුස ජෙට්‌යානා වලින් නිකුත්
වන වාෂ්ප ප්‍රවාහයෙන් තොරවීම නිසා අධික සූර්යාලෝක ප්‍රමාණයක්‌ පොලොවට
පතිත වීමය. PDFCAST.ORG/PDF/CLIMAT ECHANGE - DURING - 9.11.

වායු ගෝලීය කොටස්‌ මිලියනයක ඇති කාබන්ඩයොක්‌සයිඩ් සංයුතිය අමතර කොටස්‌
100 කින් වැඩි වූ විට ගෝලීය උණුසුම සෙන්ටිග්‍රේඩ් 50 කින් වැඩි වේ නම් එම
වැඩිවීම යම් පමණකින් මැඩ පැවැත්වීමට එයරොසොල් සහ ජෙට්‌යානා වාෂ්ප හේතු වී
ඇති බවට විශ්වාස කරනු ලබයි.

ගෝලීය උණුසුම වැඩිවීමේ සාමාන්‍යය දැනට සෙන්ටිගේ්‍රඩ් 0.630 ට සීමා වීමට
හේතුව මෛ ක්‍රියාවලිය බව විද්‍යාඥයන් අනුමාන කර ඇත.

1999 දී හැඩිලි දේශගුණ පුරෝකථන හා විපර්යාස පිළිබඳ මධ්‍යස්‌ථාන යෑයි
විසින් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වනුයේ 2050 සිට 2080 දක්‌වා ඇතිවිය
හැකිs නොයෙකුත් දේශගුණ විපර්යාස පිළිබඳ පුරෝකථනයන්ය. ඉන් සංෂිප්තයක්‌
වනුයේ 2050 වනවිට ස්‌වභාවික හේතුන් අභිබවා පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ
ක්‍රියා තවදුරටත් තිව්‍ර වී වායුගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය තව
දුරටත් ඉහළ යන බවය.

එම නිසා ගෝලය සිසාරා ඇති සාගර හා මුහුදු ජාලයේ ජල මට්‌ටම ඉහළ නගිමින්
ගොඩබිම කරා පැමිණෙනුයේ ලෝක රාජ්‍යයන් රාශියක්‌ වැනසීමට අවශ්‍ය දැඩි රළපහර
ද සමගින් බව සඳහන්ය. එසේම පෘථිවි චිපිට ගෝලයේ බොහෝ ගංගාවෝ තම ජලකඳන්
පෘථිවි පෘෂ්ඨයේ ඇති මානව වර්ගයාගේ දේපළ මතින් හා දූ දරුවන් යටකර ගනිමින්
ප්‍රචණ්‌ඩව ගලා යවන බවය.

එසේම දැඩි සුළං හා දැඩි වර්ෂාවද ඇති කරවනු ලබන අතර සෘතුවල දැඩි
වෙනස්‌වීමද සිදුවන බව තවදුරටත් සඳහන්ය. (WWW.MET
OFFICE GOV.UK/PUBLICATIONS/BROCHURES/COP S. PDF) ගෝලීය අඳුරුවීම
(GLOBAL DIMMING) පිළිබඳ පෘථිවි මානෂීය වාර්ගිකයන්ගේ අවබෝධය නිවැරදි නම්
ඔවුන් සතුව ඇත්තේ එකම එක විකල්පයකි. එනම් වායුගෝලයෙන් කාබන් ඩයොක්‌සයිඩ්
ඉවත් කිරීමට හැකි වේගවත් ක්‍රියාදාමයක්‌ සොයා ගැනීමට ක්‍රියා කිරීමය.
නමුත් ඒ සඳහා කුමන හෝ සංඥවක්‌ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ දැනීමට
පෙනෙනතෙක්‌ මානයේ නැති බව දැනට ස්‌ථීරය. ස්‌වභාව ධර්මයේ මහා අනර්ඝ ප්‍රභා
සංස්‌ලේෂණය කෘත්‍රිමව ක්‍රියාත්මක කිරීමට පෘථිවි මානුෂීය වාර්ගිකයන් සමත්
වුවහොත් මෙම ප්‍රශ්නයට සදාකාලිකව උත්තර ලබා දීමට හැකි වනු ඇත. නමුත්
අද්‍යතනව එය පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ බලවත් සිහිනයක්‌ පමණි.

වායු ගෝලීය කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය සියලු ස්‌වභාවික සීමා මායිම්
විනාශකර දමමින් ඉදිරියටම පැමිණෙන බව පැහැදිලිය. එම නිසා වත්මන් පරපුර
විසින් අනාගත පරපුර වෙනුවෙන් කළයුතු ඉතාම වැදගත් සේවාව / රාජකාරිය යුතුකම
වනුයේ වායුගෝලය පිළිබඳ තමන් මෙන්ම තම දූ දරුවන්ද තම අවට හිතවතුන්ද සමග
සාකච්ඡා කරමින් ඒ සඳහා ක්‍රියාත්මක වීමය. වායුගෝලය පෘථිවි මානුෂීය
වාර්ගිකයන්ගේ ජීවිතයේ වැදගත් මාතෘකාවක්‌ වශයෙන් ජීවිතයටම ඒකාත්මික කරගත
යුතුය. එසේ කිරීමෙන් ආරම්භ වන සියලු පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ කැපවීම
වායුගෝලය සුවපත් කර ගැනීමට අවශ්‍ය තරම් එය බලයක්‌ බවට පත් වනු නොඅනුමානය.
එවිට ගෝලය සිසාරා පරිගණක පුරෝකථන වලට අභියෝග කිරීමට හැකි වනු ඇත. එසේ
නැතහොත් දිගින් දිගටම පරිගණක පුරෝකථන සැබෑ වී ගෝලය අඳුරට යටවී පෘථිවි
මානුෂීය වාර්ගයන් අඳුරෙන් අඳුරට ගොස්‌ විනාශ වීමට ඉඩ ඇත. නමුත් ඔබට කළ
හැක්‌කේ සුළු දෙයක්‌ පමණක්‌ හෙයින් කිසිවක්‌ නොකර සිටීම සියලු වැරදි
අතරින් විශාලතම වැරැද්දය. එම නිසා ඔබට හැකි තරම් පමණක්‌ කරන්න, මක්‌නිසාද
යත් නිරවුල් චින්තනයෙන් ප්‍රභාමත් වූ ඒකාන්විත පෘථිවි මානුෂීය
වාර්ගිකයන්ගේ සමගිය කවර ප්‍රවාහයකට හෝ ඔරොත්තු දී ජයලබා ගැනීමට තරම්
ප්‍රමාණවත් හෙයිනි.

දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com

No comments:

Post a Comment