Monday, July 30, 2012

වායු ගෝලයේ කාබන් පෙරළිය

වායු ගෝලයේ කාබන් පෙරළිය

වායු ගෝලයේ වැඩිම කලක්‌ රඳා සිටින වායු අතරින් කාබන් ඩයොක්‌සයිඩ් මූලික
තැනක්‌ උසුලයි. මිනිස්‌ සංහතිය විසින් පසුගිය සියවස සිසාරා දවනු ලැබූ
ෆොසිල පාදක ඛනිජ ඉන්ධන වලින් නිකුත් වූ කාබන්ඩයොක්‌සයිඩ් වායුවෙන් 56%
ක්‌ තවමත් වායුගෝලයේ ර¹ පවතින්නේය. ඇත්ත වශයෙන්ම සෘජුව හෝ වක්‍රව ගෝලීය
උණුසුමට 80% කම හේතුවන්නේ මෙසේ සෑහෙන කාලයක්‌ තිස්‌සේ වායුගෝලයේ ර¹ පවතින
කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයයි. වායු ගෝලයේ රඳා සිටින කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය නිසැකවම දැන ගැනීමට හැකිවීම සමස්‌ත මානව වර්ගයා සඳහා අවශ්‍ය වන
අතර කාබන් අය-වැය (Carbon Budget) ගණනය කිරීමට අපට මහත්සේ උපකාරි වේ.
උක්‌ත ගණන් බැලීමේදී අප භාවිතා කරන ඒකකය ගිගාටොන් (Gigatonne) නමින්
හඳුන්වා ඇත. ගිගා ටොන් (Giga
Tonne) එකක්‌ යනු ටොන් බිලියනයකි. මිනිසා ජීවත් වන පෘථිවි ගෝලය ව්‍යසනික
මට්‌ටම කරා ළඟා වීමට පෙර කොතරම් කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ වායුගෝලයට
එක්‌ කිරීමට හැකිදැයි කාබන් අය-වැය ගණනයේදී අපට දැන ගත හැකිය. ඒ අනුව
පෘථිවි ගෝලය ව්‍යසනික මට්‌ටමකට ළඟා වන්නේ වායු ගෝලීය කොටස්‌ මිලියනයක ඇති
කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 450-550 දක්‌වා වූ විටයි.

වර්ෂ 1880 දී එනම් යුරෝපීය කාර්මික විප්ලවයේදී මුල් අවධියේදී වායුගෝලීය
කොටස්‌ මිලියනයක ඇති කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 280 ක්‌ විය.
උක්‌ත ප්‍රමාණය වායුගෝලයේ ඇති කාබන් බර වශයෙන් ගතහොත් ගිගාටොන් 586 කි.
කාබන් බර වශයෙන් මෙහිදී ගණන් ගැනෙන්නේ එක්‌ කාබන් ඩයොක්‌සයිඩ් අණුවක ඇති
කාබන් පමණි. සම්පූර්ණ කාබන්ඩයොක්‌සයිඩ් අණුවක බර වශයෙන් ගණනය කළ විට මේ
ප්‍රමාණය මෙයට වඩා 3.7 ගුණයකින් වැඩිවිය යුතුය. මේ වනවිට ප්‍රමාණය කොටස්‌
380 ක්‌ වී ඇති අතර එයට අනුගාමීව වාතයේ ඇති කාබන් බර දැන් ගිගාටොන් 790
කි.

පෘථිවි මානුෂීය වාර්ගිකයන් ජීවත් වන පෘථිවි ගෝලය ව්‍යසනික මට්‌ටමට ළඟා
වීමට පෙර වායුගෝලයේ ඇති කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ස්‌ථායි කර ගැනීමට
ඇත්ත වශයෙන්ම අපට අවශ්‍ය නම් අනාගතයේ අපේ සම්පූර්ණ කාබන් ඩයොක්‌සයිඩ්
නිෂ්පාදනය ගිගා ටොන් 600 නො ඉක්‌වීමට කටයුතු කළ යුතුය. මේ ප්‍රමාණයෙන් ද
අඩක්‌ වායුගෝලයේ කාලාන්තරයක්‌ සංසරණය වෙමින් පවතින බැවින් වසර 2100 වන
විට වායු ගෝලයේ කාබන් ප්‍රමාණය ගිගාටොන් (Giga Tonne) 1100 ක්‌ වෙනු ඇත.
වායු ගෝලීය කොටස්‌ මිලියනයක ඇති සංයුතිය වශයෙන් ගතහොත් මෙය කාබන් ඩයොක්‌
සයිඩ් කොටස්‌ 550 කි. එනම් ඉහත විස්‌තර කළ ව්‍යසනික මට්‌ටමට ඉතා සමීපය.

මේ මට්‌ටමින් වුව අපේ කාබන් අය-වැය පාලනය කර ගැනීම ලෙහෙසි පහසු
කටයුත්තක්‌ නොවේ. පළමුවෙන් අප විසින් වායු ගෝලයට නිකුත් කරනු ලබන කාබන්
ප්‍රමාණය මීළඟ සිය වසර තුළ ගිගාටොන් 06 කට නොවැඩි මට්‌ටමක තබා ගත යුතුය.
එහෙත් හුදෙක්‌ 90 දශකයේ වායු ගෝලයට අප නිකුත් කළ කාබන් ප්‍රමාණය වසරකට
ගිගා ටොන් 13.3 ක්‌ වූ කල ඉහත කී මට්‌ටමට එම ප්‍රමාණය පහළ දැමීමට නම්
කෙතරම් කැපවීමක්‌ හා අධිෂ්ඨානයක්‌ අවශ්‍ය වේදැයි අපට සිතා ගත හැක.

90 දශකයේ වාතයට එක්‌වූ කාබන් ප්‍රමාණයෙන් හරි අඩක්‌ම අප විසින් දැවූ ඛනිජ
තෙල්, ගල් අඟුරු ආදී කාබනික ඉන්ධන භාවිතයේ ප්‍රතිඵලය. අනෙක්‌ අවදානම වසර
2050 වන විට ලෝකයේ ජනගහනය තවත් 50% කින් එනම් බිලියන 09 දක්‌වා වැඩිවීමය.
ජනගහනය අධික වීමට සාපේක්‍ෂව ඉන්ධන පරිභෝජනයද විශාල වශයෙන් ඉහළ යන බව
විශේෂයෙන් කිවයුතු නැත. උක්‌ත විවිධ හේතු නිසා අප අද මුහුණ දී ඇති
ප්‍රශ්නය ඉතා සංකීර්ණය.

මානව ඉතිහාසයේ අති දීර්ඝ කාල පරිච්ඡේදයක්‌ විමසා බැලුවද මේ සා ඉහළ
මට්‌ටමකට කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය වැඩිවීම අතිශයින්ම අසාමාන්‍ය
සංසිද්ධියකි. අනාදිමත් කාලයක්‌ තිස්‌සේ උත්තර ධ්‍රැවයේ ඝන හිම තට්‌ටු අතර
රැඳී ඇති වායු බුබුලු විශ්ලේෂණය කිරීමෙන් ආදි කාලීන යුගයේ වායු ගෝලයේ
පැවැති කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය නිසැක ලෙස දැනගත හැකි විය. කිලෝමීටර්
03 කට කිට්‌ටු ඝනකමින් යුත් ආර්ටික්‌ හිම තට්‌ටුව විද ලබාගත් වසර
මිලියනයකට වඩා පැරණි අයිස්‌ ඝන තුළ සිරවූ වාතය පරීක්‍ෂා කර බැලීමෙන් ආදි
කාලයේ වායු සංයුතිය දැනගැනීමට විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. මේ අනුව
අධික ශීත අවධි වලදී වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 160
දක්‌වා පහළ බැස ඇති බවද මෑත කාලයක්‌ දක්‌වා ඒ ප්‍රමාණය කිසිසේත්ම කොටස්‌
280 නොඉක්‌මවූ බවද විද්‍යාඥයෝ නිගමනය කර ඇත. එහෙත් කාර්මික විප්ලවයෙන්
කර්මාන්ත ශාලා වැඩිවීමත් සමගම මේ තත්ත්වය මුළුමනින්ම වෙනස්‌ විය. 1958
මවුනා ලෝ ආ කඳු මුදුනේ සිට චාර්ල්ස්‌ ක්‌ලීන්ග් වාතයේ කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය මැනීම ආරම්භ කළ විට එම වායු කොටස්‌ මිලියනයක කාබන් ඩයොක්‌සයිඩ්
කොටස්‌ 315 ක්‌ තිබිණි. නමුත් අද එය කොටස්‌ 380 ද ඉක්‌මවා ගොසිනි.

කාබන්ඩයොක්‌සයිඩ් ළඟට වැදගත් වෙන හරිතාගාර වායුව මීතේන්ය. (Methane)
ඔක්‍ෂිජන් ඇසුරකින් තොර මඩ ගොහොරු වැනි පරිසර වල ජීවත්වන ක්‍ෂුද්‍රපාණින්
විසින් මීතෙන් වායුව නිපදවනු ලබයි. වායුගෝලීය කොටස්‌ මිලියනයක මීතෙන්
ඇත්තේ කොටස්‌ 1.5 කි. එහෙත් ප්‍රමාණය එය වුවද පසුගිය දශක කිහිපය සිසාරා
වායුගෝලයේ මීතෙන් (Methane) සංයුතිය දෙගුණයකින් වැඩිවීමක්‌ පෙන්නුම්
කරයි. මීතෙන් වායුව මිනිසාට ප්‍රයෝජනවත් ලෙස භාවිත කරනුයේ කෙසේද? අනෙකුත්
ග්‍රහලෝකවල මීතෙන් වායුවේ ක්‍රියාකාරිත්වය. (Extraterrestrial Methane)
මෙන්ම 2006-2009 කාල පරාසයෙදී මීතෙන් වායුව වායුගෝලය තුළ ක්‍රියාත්මක වූ
ආකාරය පිළිබඳවත්, අධ්‍යයනය කිරීමට en/.wikipedia.org/wiki/methane වෙබ්
අඩවිය ඇතුළු වෙබ් අඩවි රාශියක ඔබට පියාසර කළ හැකිය.

තාප ශක්‌තිය (Heat Energy) රඳවා ගැනීමේදී මීතෙන් (Methane) හැට ගුණයකින්
කාබන්ඩයොක්‌සයිඩ් වලට වඩා ප්‍රබලය. එහෙත් වාසනාවකට මෙන් මීතෙන් වලට ඇත්තේ
කාබන් ඩයොක්‌සයිඩ්වලට වඩා බෙහෙවින් අඩු ආයු කාලයකි. මේ ශත වර්ෂය තුළ
වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යැමට 15% - 17% අතර ප්‍රමාණයක්‌ වග කිව යුත්තේ
මීතෙන් (Methane) වායුව යෑයි විද්‍යාඥයන් විසින් නිගමනය කර ඇත. තාප
ශක්‌තිය පිළිබඳ මුල් කෘතිය වනුයේ ස්‌කොට්‌ස්‌ ජාතික භෞතික විද්‍යාඥයෙකු
වූ ඡේම්ස්‌ ක්‌ලාර්ක්‌ මැක්‌ෂ්වෙල්ගේ තාප න්‍යාය නමැති කෘතියයි. Scottish
Physicist
James Clerk Maxwell, Classic Theory of Heat 1871).



තවත් හරිතාගාර වායුවක්‌ වන නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් (Nitrous Oxide) තාපය
රඳවා මුදා හැරීමේදී 270 ගුණයකින් කාබන් ඩයොක්‌සයිඩ් වලට වඩා ප්‍රබලය. එම
වායුව මීතෙන් (Methane) වලටද වඩා විරල වන නමුත් වසර 150 ක්‌ තරම් වායු
ගෝලය තුළ රැඳී තිබේ. උක්‌ත නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් වලින් තුනෙන් පංගුවක්‌
වායු ගෝලයට එක්‌ව ඇත්තේ කාබනික ඉන්ධන දැමීම කරණ කොට ගෙනය. ඉතිරියෙන්
සැළකිය යුතු කොටසක්‌ එක්‌ වන්නේ ජීව ද්‍රව්‍ය දහනය කිරීම මගින් හා
නයි්‍රජන් සහිත පොහොර භාවිතයෙනි. මේ වනවිට වායුගෝලයේ නයිට්‍රස්‌
ඔක්‌සයිඩ් සංයුතිය කාර්මික විප්ලවයට පෙර පැවැති ප්‍රමාණයට වඩා 20% කින්
ඉහළ ගොස්‌ ඇතැයි විද්‍යාඥයන්ගේ නිගමනයයි. නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් වායුව
සොයා ගනු ලැබුයේද කාබන් චක්‍රය ලොවට හඳුන්වා දුන් එක්‌ අයකු වන ඉංග්‍රීසි
ජාතික දාර්ශනිකයකු චින්තකයෙකු වූ ජොසෙප් ප්‍රිට්‌ස්‌ලි විසින් 1772 දීය.
(English Natural Philosopher Chemist Joseph Priestly 1772)



විරලතම හරිතාගාර වායු අතරට ගැනෙනුයේ හයිෙඩ්‍රාaෆ්තරොකාබන් (HFC) සහ
ක්‌ලෝරො ෆ්ලෝරො කාබන් (CFC) පවුල් වලට අයත් රසායනික ද්‍රව්‍යයි. මේ
අතරින් ඩයික්‌ලොරොට්‍රයික්‌ලෝරො ඊතෙන් යන නමින් යුත් වරෙක ශීතකරණ,
වායුසමීකරණ ආදිය සඳහා බෙහෙවින් යොදාගත් රසායනික ද්‍රව්‍යයට කාබන්ඩයොක්‌
සයිඩ් වලට වඩා දස දහස්‌ ගුණයකින් තාපය හිර කොට මුදා හැරීමට හැකියාවක්‌
ඇත. උක්‌ත වර්ගයේ රසායනික ද්‍රව්‍යට වායුගෝලය තුළ ශත වර්ෂ ගණනාවක්‌ රැඳී
සිටීමට තරම් ආයු ශක්‌තියක්‌ද ඇත.



කෙසේ වෙතත් දැනට අපට වඩාත් අවශ්‍ය වන්නේ කාබන් ඩයොක්‌සයිඩ් වල ඇති කාබන්
පිළිබඳ මැනවින් දැන ගැනීමටය. දියමන්ති හා ලාම්පු දැලි යන දෙවර්ගයම කාබන්
ප්‍රභේදයන්ය. ඒ දෙක අතර ඇති එකම වෙනස ඒවායේ කාබනික අණු පිහිටා තිබෙන
ආකාරය එකිනෙකට වෙනස්‌ වීමයි. කාබන් යනු පෘථිවි තලය සිසාරාම ඇති මූල
ද්‍රව්‍යයකි.

තුරු ලතා ඇල්ගි (Algae) ආදින්ගේ ශාක පත්‍ර නොවන්නට ඔක්‍ෂිජන්වලින් තොරව
අප මේ වනවිටත් කාබන්ඩයොක්‌සයිඩ් වැඩිවීමෙන්ම මරණයට පත්වනු ඇත. මිනිසා
විසින් අපද්‍රව්‍යයක්‌ වශයෙන් පිටකරනු ලබන කාබන්ඩයොක්‌සයිඩ් වායුව
අවශෝෂණය කොට ප්‍රභාසංස්‌ලේෂණය (Photosynthesls) මගින් ශාකයන්ට අවශ්‍ය
ශක්‌තිය නිපදවා ගන්නා ශාක පත්‍ර සිය අප ද්‍රව්‍ය වශයෙන් නිකුත් කරන්නේ
අවට නැතිවම බැරි ඔක්‍ෂිජන්ය. උක්‌ත ක්‍රියාවලිය නැතහොත් කදිම ධරණිය
චක්‍රය(Self Sustaining) මිහිපිට වෙසෙන සියලුම ජීවින්ගේ මූල් පදනම වේ.
ඇල්ගි (Algae) පිළිබඳ වැඩි දුර අධ්‍යයනය කරලීම ඉතා සුන්දර මානසික සුවයක්‌
අත්විඳිය හැකි ක්‍රියාවකි. සැබෑ ඇල්ගි වර්ගයත්, භූමිය හරිත වර්ණයෙන්
දියුණු වීමත් හා උක්‌ත ශාක තුරු ලතා ඇතුළු ඇල්ගි හේතුවෙන් මිනිසා වෙත
ලැබෙන මහඟු දායාදයන් හා සේවාවන් පිළිබඳ වැඩි දුරටත් දැන ගැනීමට
en/.wikipedia.org/wiki/algae වෙබ් අඩවිය ඇතුළු රාශියක පියාසර කළ හැකිය.

එසේම ප්‍රභාසංස්‌ලේෂණය පිළිබඳවත් කියොතෝ සම්මුතිය (Kyoto Protocol)
පිළිබඳවත් වැඩි දුර අධ්‍යනය සඳහා en/.wikipedia.org/wiki/photosynthesis
යන වෙබ් අඩවිය මූලිකව වෙබ් අඩවි රාශියක්‌ පරිශීලනය කළ හැකිය.




ජොසෙප් ප්‍රිට්‌ස්‌ලි (English Natural
Philosopher Chemist Joseph Priestly 1772)


Self-Sustaining චක්‍රය පිළිබඳ අධ්‍යයනයේදී පැතිකඩයන් කිහිපයක්‌ම ඔස්‌සේ
දැනුම ලබාගත හැකිය. ඇත්ත වශයෙන්ම සියලුම පුද්ගලයන් අධ්‍යයනය කළ යුතු ඉතාම
වැදගත් ක්‍රියාවලිය ධරණීය චක්‍ර ක්‍රියාවලියයි. උක්‌ත ක්‍රියාවලිය හා එහි
සුන්දරත්වය ඔබේ දෙනෙතින් රසවිඳිමින් දැනුමත් ලබා ගැනීමට
en./wikipedia.org/wiki/self sustaining sමිඒසබසබට වෙබ් අඩවිය ඇතුළු අඩවි
රාශියකි. මිනිසා ජීවත් වන පෘථිවිය සිසාරා සංසරණය වන කාබන් පරිමාව
අතිශයින්ම විශාලය. එයින් ටොන් ටි්‍රලියනයක්‌ (Trillion (10 12) පමණ සජීවි
වස්‌තු තුළ සංයුක්‌තව ඇති අතර මහ පොළොව තුළ ගැබ්ව ඇති ප්‍රමාණය ගිණිය
නොහැකි තරම් විශාලය. වායු ගෝලයේ ඇති සෑම කාබන්ඩයොක්‌සයිඩ් අණුවකටම සාගරය
තුළ පමණක්‌ කාබන් ඩයොක්‌සයිඩ් අණු පනහක්‌ වෙයි.



වායු ගෝලයෙන් ඉකුත් වන කාබන් තැන්පත් වන කාබන් සින්ක්‌ (Carbon sinks)
හෙවත් කාබන් කිඳුම් යනුවෙන් හැඳින්වේ, ඔබ සහ මා ඇතුළු සියලුම ජීවින්
කාබන් කිදුම් වශයෙන් සලකනු ලබයි. සාගර, පස්‌ සහ පෘථිවි තලයේ ඇතුළු ශෛල
පාෂාණද කාබන් කිදුම් වේ.

අප්‍රමාණ කාබන් ප්‍රමාණයක්‌ පෘථිවි පෘෂ්ඨය මත කල්ප කාලාන්තරයක්‌ තිස්‌සේ
ගබඩා වී ඇත්තේය. එසේ තැන්පත් වන කාබන් සෑදී ඇත්තේ මැරුණු ශාක ද්‍රව්‍ය
පොළොවේ වැලලී පොළව යට රොක්‌ වීමෙනි. යුග ගණනක්‌ තිස්‌සේ එසේ රොක්‌ වී
පාෂාණිභූත වීමෙන් අනතුරුව මේ ශාක ද්‍රව්‍ය ගල් අඟුරු ආදී ෆොසිල ඉන්ධන බවට
පත්වේ. වඩාත් මෑත කාල පරාසයක්‌ සලකා බැලූ විට කාබන් බොහෝ ප්‍රමාණයක්‌
පසෙහි තැන්පත් වී ගොවීන් බෙහෙවින් ප්‍රියකරන කළු පැහැති පොහොර පස්‌ බවට
පෙරළීම දැක්‌විය හැකිය.

යමහල් (Volcanoes) වලින් පිටවෙන කාබන්ඩයොක්‌සයිඩ් වලටද දේශගුණය වෙනස්‌ කළ
හැකිය. පෘථිවිය මත පතිත වන උල්කාපාතයන්ටද (Meteorites) සාගර, වායුගෝලය හෝ
පෘථිවි පෘෂ්ඨයේ හෝ ගැටීම මගින් කාබන් චක්‍රය වෙනස්‌ කළ හැකිවේ. පෘථිවි
තලයේ සිදුවන බිහිසුණුම ක්‍රියාදාමයක්‌ වන යමහල් ක්‍රියාවලිය අති චමත්කාර
වර්ණවත් දසුන් හා රටා මවන ක්‍රියාදාමයකි. මේ පිළිබඳ තව දුරටත් අධ්‍යයනයේ
යෙදීම සඳහා en./wikipedia.org/wiki/.volcanes වෙබ් අඩවිය ඇතුළු මෙම අඩවි
රාශියක පියාසර කළ හැක්‌කේ සුන්දර දසුන්වල නොමඳ පහසද ලබමිනි. උල්කාපාතයන්
(Meteorites) පිළිබඳවද වෙබ් අඩවි රාශියකි.
en./wikipedia.org/wiki/meteorites වෙබ් අඩවි ප්‍රධානය.

අප විසින් නිපදවනු ලබන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණයට සිදුවන්නේ කුමක්‌ද
යන්න විද්‍යාඥයෝ පැහැදිලි තීරණයකට පැමිණ සිටින අතර එයට හේතුව ෆොසිල ඉන්ධන
මගින් පිට කෙරෙන වායුවලට සුවිශේෂ වූ රසායනික මුද්‍රdවක්‌ තිබීමත් එම නිසා
එම වායු සංසරණය වීම පහසුවෙන් සොයා දැන ගැනීමට හැකිවීමත්ය. වඩා රවුම්
සංඛ්‍යා වලින් සඳහන් කරන්නේ නම් ෆොසිල ඉන්ධන මගින් වසරකට නිකුත් වන
වායුන්ගෙන් ගිගා ටොන් දෙකක්‌ මහා සාගරය මගින්ද තවත් ගිගා ටොන් 1.5 ක්‌
පොළොව මත වැඩෙන ජීව ශාක මගින්ද අවශෝෂණය කරගනු ලබයි.

ශාක මගින් කාබන් ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීමේ ප්‍රමාණය වැඩි කිරීමට මෑත
අතීතයේදී ඇමෙරිකාවේ අලුතෙන් වගා කටයුතු ආරම්භ වීම සෑහෙන පමණින් දායක විය.
බෙහෙවින් මේරු ගහකොළ, මුහුකුරාගිය පැළෑටි සහිත පරිණත වනාන්තර මගින්
පමණක්‌ කාබන් ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීම එතරම් වාසිදායක නොවන්නේ මියයන
ශාක ද්‍රව්‍ය දිරාපත් වීමෙන් කාබන් ඩයොක්‌සයිඩ් නැවත වාතයට නිකුත් කිරීම
අතින්ද එවැනි වනාන්තර පෙහොසත් බැවිනි. හෙක්‌ටයාරයකට ඇති අවශෝෂණ ශක්‌තිය
සැස» විට ලෝකයේ විශාලතම වැඩුණු වනාන්තර වන සයිබීරියාවේ හා කැනඩාවේ කේතුධර
(Coniferous) වනාන්තර සහ ඝර්ම කලාපයේ වැසි වනාන්තර (Rain forests)
හෙක්‌ටයාරයකට වඩා, වැඩි කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ අලුත වගා කළ වන
බිම් හෙක්‌ටයාරයකට අවශෝෂණය කරගත හැකිය.

කේතුධර වනාන්තර (Coniferous) හා (Rain forests) වැසි වනාන්තර පිළිබඳ
චමත්කාර ජනක දසුන් සමග ඇත්වැල් බැඳගත් වෙබ් අඩවි රාශියකි. දෙනුවන්
සුන්දරත්වයේ පහස විඳිනා අතරේ බුද්ධිමය සංවාදයක යෙදීමට
en./wikipedia.org/wiki/coniferous.en/.wikipedia.org/wiki/rain
forests, වෙබ් අඩවි වල සැරිසරනු මැනවි.

19 ශත වර්ෂයේදී හා විසිවන ශත වර්ෂය මුලදී ඇමරිකාවේ වගා කටයුතු ඇරඹූ
පුරෝගාමි ගොවීන් විසින් නැගෙනහිර අමෙරිකාවේ පිහිටි සුවිශාල වනාන්තර දවා
බටහිර පිහිටි පතන් ප්‍රදේශ පුළුස්‌සා එළි කළේය. අනතුරුව වගා ඉඩම් භාවිතය
වෙනස්‌ වීමෙන් හිස්‌ වූ ප්‍රදේශවල ගස්‌ වැල් නැවත ලියලන්ට පටන් ගත්තේය.
මේ හේතුවෙන් බොහෝ නූතන ඇමෙරිකානු වනාන්තර වල වයස අවුරුදු හැටකට නොවැඩි වන
අතර ඒවා තවමත් වැඩෙමින් පවතින නොමහලු ගස්‌ වැල් වලින් සමන්විතය. උක්‌ත
තරුණ වනාන්තර වලින් වසරකට අවශෝෂණය කෙරෙන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ටොන්
බිලියන භාගයක්‌ පමණ වේ. අවසාන විග්‍රහයේදී සෑම වෘක්‍ෂයක්‌ම සෑදි තිබෙන්නේ
කාබන් ඩයොක්‌සයිඩ් වායුවෙන් මිස මහ පොළොවෙන් නොවේ. සෑම වෘක්‍ෂයකම දැව,
කොල සහ පොතු වශයෙන් අද අප දකින්නේ මින් නොබෝ කලකට පෙර වායුගෝලයේ පැවැති
කාබන් ඩයොක්‌සයිඩ් වායුවයි.

යුරෝපයේද, චීනයේද ඇති වූ නව වනවගා මගින්ද ඒ හා සමාන කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණයක්‌ අවශෝෂණය කරන්නට ඇත. එසේ කාබන් ඩයොක්‌සයිඩ් අතිරික්‌තය
අවශෝෂණය කිරීමෙන් ඉතා තීරණාත්මක දශක කිහිපයක්‌ තුළ මේ තරුණ වනාන්තර අපේ
පෘථිවියේ උෂ්ණත්වය අවදානම් මට්‌ටමට පහළින් තබා ගැනීමට උදව් විය. එහෙත් මේ
වනාන්තර වඩ වඩා මුහුකුරා යන විට එමගින් අවශෝෂණය කෙරෙන කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය ශාක ද්‍රව්‍යයන්ගේ දිරායාම අනුරූපීව අඩුවනු ඇත. අවාසනාවකට මෙන්
හරියටම මෙය සිදුවන්නේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා කාබන් ඩයොක්‌සයිඩ් වැඩි
වැඩියෙන් වායු ගෝලයට මුදාහැරෙන කාල වකවානුවකදීය.

දීර්ඝ කාලීනව බැලූවිට පෘථිවියේ ඇති එකම කාබන් කිදුම (Carbon Sink) මහා
සාගරයයි. වර්ෂ 1800 ත් 1994 ත් අතර කාල පරිච්ඡේදය තුළ මනුෂ්‍යයන් විසින්
වායුගෝලයට නිකුත් කරන ලද කාබන් ප්‍රමාණයෙන් 48% ක්‌ම අවශෝෂණය කර ගෙන
ඇත්තේ සාගර හා මුහුදු මගිනි. කාබන් අවශෝෂණය කිරීමේ හැකියාව සාගර කලාපයෙන්
කලාපයට වෙනස්‌ වේ. මහා සාගරයෙන් 15% ක්‌ වන උතුරු අත්ලාන්තික්‌ සාගර
ෙද්‍රdaණියේ පමණක්‌ වර්ෂ 1800කට පසු මනුෂ්‍යයන් විසින් පිට කරන ලද කාබන්
ප්‍රමාණයෙන් හතරෙන් එකක්‌ තැන්පත්ව තිබේ. කාබන් පෙරණු වකුගඩු (Carbon
Kidney) ලෙස නොගැඹුරු මුහුද සැලකිය හැකිය. මන්ද මනුෂ්‍යයන් විසින් නිකුත්
කරන ලද කාබන් ප්‍රමාණයෙන් 20% ක්‌ තැන්පත්ව ඇත්තේ නොගැඹුරු මුහුදේ වන
බැවිනි.

ගෝලීය උණුසුම වැඩිවීමෙන් සාගර ජල ප්‍රවාහ වෙනස්‌වීම උක්‌ත මුහුදු කාබන්
වකුගඩුවල කාර්යක්‍ෂමතාව අඩුකිරීමට හේතුවනු ඇතැයි විද්‍යාඥයෝ කනස්‌සලට
පත්වෙති.

උණුසුම් වූ සාගරයට වඩා විශාල කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ සිසිල් වූ
සාගරයේ රඳවාගත හැකිය. ගෝලීය උණුසුම්කරණ ක්‍රියාවලිය හේතුවෙන් සාගරය
උණුසුම් වූ විට කාබන් ඩයොක්‌සයිඩ් අවශෝෂණය කිරීමට මහා සාගරයට ඇති
හැකියාවද හීන වනු ඇත. සාගර ජලයේ විවිධ කාබනෙට්‌ (Carbonate) වර්ග අඩංගුය.
සාගර කරා ගලා එන ගංගාවෝ හුණු ගල් මිශ්‍රිත ප්‍රදේශ හරහා ගලායැමේදී හා
කාබනෙට්‌ සහිත ඛනිජ ද්‍රව්‍ය එම ගංගා මගින් සෝදා ඒම හේතු කොටගෙන මෙසේ
කාබනෙට වර්ග සාගරයට එක්‌වේ.

සාගරයේ අවශෝෂණය වන කාබන්ඩයොක්‌සයිඩ් සමග උක්‌ත කාබනෙට ප්‍රතික්‍රියා
කරයි. සාගරයට අවශෝෂණය වන කාබන් ඩයොක්‌සයිඩ් සහ සාගරයේ ඇති කාබනෙට්‌ අතර
සංයුතියේ සමබර තාවක්‌ දැනට පවතින නමුදු සාගරයේ කාබන් ඩයොක්‌සයිඩ්
සාන්ද්‍රනය තවත් වැඩි වූ විට කාබනෙට ප්‍රතික්‍රියාද වඩාත් උත්තේජනය වනු
ඇත.

එහි ප්‍රතිඵලය විය හැක්‌කේ මහා සාගර වඩ වඩා ආම්ලික ගතියෙන් යුක්‌ත වීමයි.
වැඩි ආම්ලික තාවකින් යුත් සාගර ජලයකට අවශෝෂණය කළ හැකි කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය අඩුය. මහා සාගර මගින් අවශෝෂණය කළ හැකි කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය මේ සහශ්‍රකයේ අවසානය වීමට පෙර 10%කින් අඩුවනු ඇතැයි විද්‍යාඥයෝ
පුරෝකථනය කරති.

සමස්‌ත විශ්වයේ කුඩා වස්‌තුවක්‌ වන පෘථිවි ගෝලයේ ජීවත්වන පෘථිවි මානුෂීය
වාර්ගිකයන් නොදැනීම හෝ නොසැලකිල්ල හේතුවෙන් තවදුරටත් කාබන්ඩයොක්‌සයිඩ්
වායු ගෝලය වෙත මුදාහරිමින් සිටීම මිනිස්‌ සංහතියට ප්‍රබල තර්ජනයකි.
එමනිසා සමස්‌ත වැඩිහිටි ප්‍රජාව පිළිබඳ පහත කියමන සිහිපත් කරමි. ඔබ
මුහුකුරා ගිය වැඩිහිටි පුද්ගලයෙකු බවට පත්වන්නේ තමන් ගැන පමණක්‌ සිතීමෙන්
එළියට පැමිණ සමස්‌ත මිනිස්‌ සංහතියේත්, සත්ත්ව ප්‍රජාවේත්, පෘථිවි
ගෝලයේත් වටිනාකම් පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරලීමට පටන් ගන්නා දිනයේ සිටය.

ඊළඟ කලාපයට.....

දේශප්‍රිය නානායක්‌කාර

වායු ගෝලයේ කාබන් පුරවා "කළු මරණය" වැළඳ ගන්න 2010 වසරේ දී ක්‍රිස්‌ටෝපර් ස්‌මිත් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ඊඛACණ DEAඔH සිනමා කෘතිය පෘ ථිවියේ උපත ඇති වූ අවස්‌ථාවේ වසර බිලියන 4.6 ට පෙර පෘථිවිය ජීවීන්ගේ වාසයට සුදුසු ස්‌ථානයක්‌ නොවීය. අවුරුදු බිලියන එකකට පසුව පෘථිවිය මතුපිට නීsලහරිත ඇල්ගී ((ALGAE) වැනි ජීවීන් ගහන විය. නමුත් මෑත කාලීනව ගත වූ වසර 8000ක්‌ සියරාම පැවැති සන්සුන් යහපත් දේශගුණික තත්ත්වය අනිවාර්යයෙන්ම මානව ප්‍රගමනයේ තීරණාත්මක සාධකය විය. මීට වසර 10,000 - 11000කට පෙර මැදපෙරදිග ගංගාධාර ආශ්‍රිතව කෘෂිකාර්මික ක්‍රියාදාමය ආරම්භ වූ බවට සාක්‍ෂි එමටය. මිනිසාට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වූ බෝග වර්ග ප්‍රචාරණය කර ගැනීමට හැකි වූයේත්, ගෘහස්‌ත සතුන් හීලෑ කර ගැනීමට හැකි වූයේත් ප්‍රථම වරට වාරි ක්‍රියාවට ඇතුළත් වීමට හැකි වූයේත් ක්‍රමිකව අක්‍ෂර වින්‍යාසය ඇති වූයේත්, මානව ප්‍රගමනයේ මුල්ම නගර ගොඩනැඟීමට හැකි වූයේත් නොයෙකුත් විද්‍යාත්මක, කාර්මික දියුණුවක්‌ කරා සීඝ්‍රයෙන් පිය මැනීමට හැකි වූයේත් ගත වූ වසර දසදහස තුළ පැවැති සන්සුන් ජීවවාදී දේශගුණය හේතුකොටගෙනය. ඉහත සඳහන් ක්‍රියාදාමයන් පෘථිවි ගෝලය සිසාරා ජීවත් වූ පෘථිවි මානුෂිය වාර්ගිකයන් විසින් තම ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් හේතුවෙන් ලබා ගත්තා වූ ප්‍රතිඵලයන්ය. පෘථිවියේ විවිධ ප්‍රදේශවල විශේෂ ජන කොට්‌ඨාස වශයෙන් හුදකලාව ජීවත් වූ මිනිස්‌ සංහතිය විසින් ඒ සියලු දෑ වෙන් වෙන්ව සොයා ගෙන දියුණු කර ගෙන ඇත. යහපත් දේශගුණය ඇති වීමෙන් පසු කාල පරිච්ඡේදයේ වසර 5000 වන විට බටහිර හා නැගෙනහිර ආසියාකාරයේත්, අප්‍රිකාවේ හා මධ්‍යම ඇමරිකාවේත් නගර බිහිවී ඇත. එකිනෙකට බොහෝ දුරින් පිහිටි වෙනස්‌ දේශාන්තරවල වාසය කළද මේ මිනිසුන් විසින් තැනූ ගෙවල්, දේවාල, නගාරාරක්‍ෂක පවුරු ප්‍රාකාර විශ්මිත ලෙස බොහෝ දුරට එක සමාන විය. එය හරියටම එකී සෑම මනුෂ්‍යයකුගෙහිම සිතෙහි එකම සැලැස්‌මක්‌ තැන්පත්ව තිබී නිසි කල පැමිණි විට එයට අනුව කටයුතු කර ඇති ආකාරයකි. ප්‍රභූ ජනයා විසින් පාලනය කෙරුණු මේ මනුෂ්‍යය සමාජ බොහෝ විට කර්මාර පුත්‍රයන්ගේ (ARTISANS) සේවා මත යෑපුනි. ((AN ARTISANS IS A SKILLED MANUAL WORKER WHO MAKES ITEMS THAT MAY BE FUNCTIONAL OR STRICTLY DECORATIVE) මේ අතුරින් සමහරක්‌ මිනිස්‌ සමාජ චරිතයන් තුළ ලි ත භාෂාවක්‌ නිපදවාගෙන එය භාෂණය කිරීම ආරම්භ කර තිබිණි. මැනවින්a සංවිධානය වූ නාගරික සමාජ ක්‍රියාවලියක දිවිපෙවත මෙසපොතේමියාවෙන් හමු වූ මැටි පුවරුවල කීලාකර අකුරුවලින් ලියවුණු ආදීතම ලියවලින් අනාවරණය වී ඇත. සුවදායී දේශගුණයක පහස ලබමින් ප්‍රගමනය වූ මිනිසාගේ උක්‌ත සුවදායී කාලසීමාව පිළිබඳව මිලන් කොවිච් කාල චක්‍රය අනුව නැවත හැදෑරීමක්‌ කරන ලද්දේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥ විලියම් රූඩ්මන් (WILLIM RUDDIMAN PROF OF ENVIRONMENTAL SCIENCES) ප්‍රධාන තැනක්‌ ගන්නා අතර සුවදායී දේශගුණික රටාව තුළ ජීවත් වූ මිනිසාගේ නොයෙකුත් මානව වෙනස්‌කම් හේතුවෙන් දේශගුණික රටා වෙනස්‌ වන බව ඔහු සොයාගෙන ඇත. මිනිස්‌ සංහතියෙන් පරිසරයට ඇති වූ බලපෑම සලකනු කිරීම සඳහා "ඇන්ත්‍රොපොසීන් (ANTHROPOCENE) හෙවත් මිනිසාගේ යුගය යනුවෙන් නව විද්‍යාත්මක වකවානුවක්‌ පෝල් ජෝශප් කෲට්‌සන් (PAUL JOZEP CRUTZEN DUTCH NOBEL PRIZE WINNING ATMOSPHERIC CHEMIST) විසින් මේ වන විටත් යෝජනා කර තිබිණි. ඕසොන් විවරය සම්බන්ධ පරීක්‍ෂණ හේතුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිළිගනු ලැබූ ඔහුට අනුව උක්‌ත ඇන්ත්‍රොපොසීන් යුගයේ ආරම්භය ඇති වනුයේ ක්‍රී.ව1800 සිට කාර්මික විප්ලවය නිසා ඇති වූ කර්මාන්තශාලා වලින් අවකාශයට නිකුත් වූ අතිරේක කාබන් ඩයොක්‌සයිඩ් හා මීතෙන් වායු ප්‍රමාණය පෘථිවි ගෝලයේ දේශගුණය කෙරෙහි බලපෑම ආරම්භ කළ විටය. WILLIM RUDDIMAN උක්‌ත අදහස පෙරළිකාර ලෙස තවත් ඉදිරියට ගෙන ගොස්‌ මනුෂ්‍ය වර්ගයා මිහිපිට දේශගුණය සිය ක්‍රියාදාමයට නතු කර ගත්තේ ක්‍රි.ව. 1800ට බොහෝ කාලයකට පෙර සිට බව පෙන්වා දුන්නේය. විලියම් රූඩ්මන් විසින් රචිත ඡPLOWS" PLAGUES AND PETROLEUM" HOW HUMANS TOOK CONTROL OF CLIMATE යන කෘතියේ උක්‌ත කරුණු පිලිබදව මැනවින් විග්‍රහ කර ඇත. ග්‍රීන්ලන්තයේ සහ දක්‍ෂිණ ධ්‍රැවයේ ඝණ පතර හිම තට්‌ටුවල රැඳී තිබූ වසර 8,000 ක්‌ දක්‌වා පැරණි වායු බුබුළු විශ්ලේෂණය කිරීමෙන් මිලන්කොවිච් කාල චක්‍රයටම අනුවම සියලුම කටයුතු සිදු නොවනු බව රූඩ්මන් අවබෝධ කර ගෙන ඇති අතර නිසියාකාරයට නම් මේ කාලය වන විට මිලන් කොවිච් කාල අනුව වාතයේ තිබූ මීතෙන් ප්‍රමාණය අඩු වෙමින් ගොස්‌ මීට වසර 5000 කට ඉහතදී ක්‍ෂය වී යා යුතුය. එහෙත් මුලදී මඳක්‌ අඩුව ගියද මෙකල මන්දගාමීව නමුත් ප්‍රබල ලෙස වායුගෝලයේ මීතෙන් සංයුතිය ඉහළ ගිය බව වායු බුqබුළු දත්තයන්ගෙන් දැන ගෙන ඇත. මෙසේ මීතෙන් ප්‍රමාණය ඉහළ යැමට හේතුව මානව ක්‍රියාකාරකම් බව රූඩ්මන් තර්ක කළේය. මේ නිසා මනුෂ්‍යයාගේ යුගය හෙවත් ඇන්ත්‍රොපොසීන් වකවානුව සත්‍යවශයෙන්ම ආරම්භ වූයේ මින් වසර 200 කට පෙර නොව 8000 කට පෙර බව ඔහුගේ මතය විය. මින් වසර 8000කට පමණ පෙර සිට කෘෂිකර්මාන්තයේ නොයෙකුත් ක්‍රියාදාමයන් හේතුවෙන් පැතිර ගිය වගුරු බිම් මීතෙන් වායුවට සරු නිජ භූමියක්‌ විය. ඒ වන විටත් කෘෂිකර්මාන්තය කරා යොමු නොවුන භෞතික ජනයාගේ ක්‍රියාවන්ද මේ තත්ත්වයට හේතු වී ඇත. කලින් සිතුවාටත් වඩා ඈත යුගයක සිට වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කෙරෙහි මානව ක්‍රියාකාරකම් හේතු වී ඇති බව අයිස්‌a මද ((ICE - CORE) තුළ සිර වූ වායු බුබුළු විශ්ලේෂණය කිරීමෙන් විලියම් රූඩ්මන් අනාවරණය කර ගත්තේය. අයිස්‌ සමයාන්තයකදී සාමාන්‍යයෙන් කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය වැඩි වී ඊළඟ අයිස්‌ සමය එන තෙක්‌ එය අනුක්‍රමයෙන් අඩුවිය යුතුය. එහෙත් අයිස්‌ වෙනුවට අවසන් අයිස්‌ සමයාන්තයේ සිට කාබන් ඩයොක්‌සයිඩ් සංයුතිය නොකඩවා වැඩිවී තිබිණි. වර්ෂ 1800 වන විට එය වායුගෝලීය කොටස්‌ මිලියනයකට කාබන්ඩයොක්‌සයිඩ් කොටස්‌ 280 දක්‌වා වැඩි වී තිබිණි. එහෙත් ස්‌වාභාවික ලෙස හුදෙක්‌ මිලන්කොවිච් කාල චක්‍රය මගින් පමණක්‌ පෘථිවියේ දේශගුණය නිර්ණය වී නම් ඒ වන විට වායුගෝලිය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කොටස්‌ 240 කට වඩා නොවැඩි විය යුතු බව රූඩ්මන් පෙන්වා දී ඇත. ගත වූ වසර අට දහස තුළ මිනිසුන් විසින් ගොඩනගන ලද දේශගුණික ස්‌ථාවරභාවය මිලන් කොවිච් කාල චක්‍රයට අනුව අවදානමට ලක්‌වීමට හැකියාව තිබූ බව තවදුරටත් රූඩ්මන් ප්‍රකාශ කළේය. පුරාවිද්‍යාඥ බ්‍රයන් ෆැගන්ට අනුවද මිලන්කොවිච් කාලචක්‍රවල ඇතැම් ලක්‍ෂණ මනුෂ්‍යයන් කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑමට ඉඩ තිබිණි. එයට එක්‌ නිදර්ශනයක්‌ නම් ක්‍රි.පූ 4000 ත් 10000 ත් අතර පෘථිවියේ කක්‌ෂයට මඳක්‌ වෙනස්‌ වීම හේතුවෙන් උත්තරාර්ධ ගෝලයට වැටුණු හිරුරැස්‌ ප්‍රමාණය 7% - 8% අතර ප්‍රමාණයකින් වැඩිවීමෙන් උද්ගත වූ තත්ත්වයයි. මෙසේ පෘථිවි කක්‍ෂය මදකින් වෙනස්‌ වීම වායුගෝලයේ සංසරණ රටාවද සැලකිය යුතු පමණින් පෙරළියකට ලක්‌කිරීමට හේතු වී ඇත. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වශයෙන් මෙසපොතේමියාවට වැටුණු වර්ෂාපතනය 29% - 30% අතර ප්‍රමාණයකින් වැඩි වී ඇත. වරක්‌ කාන්තාරයක්‌ වශයෙන් පැවැති ප්‍රදේශයක්‌ උක්‌ත හේතුව නිසා නිල්වන් තැනිතලාවක්‌ බවට පත්වී ගොවිතැනින් යෑපෙන විශාල ජන සංඛ්‍යාවකගේ වාස භූමියක්‌ බවට පත් වී ඇත. එහෙත් ක්‍රි.පූ. 3800 දී පෘථිවියේ කක්‍ෂය යළි කලින් පැවැති තත්ත්වයට පත් වූ විට වර්ෂාපතනය බෙහෙවින් අඩු වී මෙසපොතේමියානු ගොවි ජනතාව අවතැන් වූහ. මෙසේ අවතැන් වූ ගොවිජනයාගෙන් ඇතැමෙක්‌ අද්‍යතන ඉරාකයේ දකුණින් පිහිටි එදා වාරි මාර්ගවල බෙදුම් ඇළවල් සන්ධි වූ "උරුක්‌ (URUK) නගරය වැනි ප්‍රධාන ස්‌ථාන කිහිපයකට සංක්‍රමණය වී ඇත. උරුක්‌හි පාලකයෝ උක්‌ත සංක්‍රමණිකයන් වාරිමාර්ග ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට යොදවා ඇත. වර්ෂාපතනය හීන වීම, උරුක්‌ හි ගොවීන් නව ක්‍රම අත්හදා බැලීම්වලට යොමු වී ඇත. ඒ අනුව සතුන් යොදාගෙන සී සෑමත්, ශෂ්‍ය මාරුව තේරුම්ගෙන අවබෝධයෙන් ක්‍රියා කිරීම හේතුවෙන් වසරකට දෙවරක්‌ අස්‌වැද්දීමට ඔවුන්ට හැකි වී තිබේ. උරුක්‌ වැනි නගර ප්‍රධාන කොට ගෙන ඇති වූ ධාන්‍ය වගා ප්‍රතිසංවිධානය හේතුවෙන් නගර අවට ඇතැම් පදිංචිකරුවෝ කුඹල් කර්මාන්තය, මසුන් අල්ලා වේලීම වැනි විශේෂ වෘත්තීන්හි නිපුනතා ඇති කරගෙන ඇති අතර උක්‌ත නිෂ්පාදන ද්‍රව්‍යය උරුක්‌ වෙළෙඳ පොළෙහි ධාන්‍ය වර්ග සමඟ හුවමාරු වී ඇත. ක්‍රමිකව සෙමින් සෙමින් එකින් එක සිදුවූ උක්‌ත වෙනස්‌කම් හේතුවෙන් නගරය හා ජනාවාස පාලනය කිරීම සඳහා වඩ වඩා මධ්‍යගත වූ අධිකාරියක්‌ ඇති විය. මේ පාලන අධිකාරිය විසින් ලෝකයේ මුල්ම නිලධාරි පැලැන්තිය බිහිකරන ලදී. ජන ජීවිතයට අත්‍යවශ්‍යම ධාන්‍යය තොග ගබඩා කිරීම හා බෙදාහැරීම එදා මේ නිලධාරීන්ගේ මූලික කාර්යභාරය විය. උක්‌ත පරිවර්තන සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය මානව සංවිධානය නව්‍ය තලයකට ප්‍රවිශ්ඨ වීමය. ඒ අනුව ක්‍රි.පූ. 3100 වන විට මෙසපොතේමියාවේ දකුණු දිග පිහිටි නගර ලෝකයේ පළමු ශිෂ්ටාචාරවලට නිජබිම විය. වායු ගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ ප්‍රමාණය සෙර්නියා පෙස්‌ටිස්‌ (YERSINIA PESTIS) නමැති බැක්‌ටීරියාව වැඩිවීම හේතුවෙන් ඇති වූ බරපතල වසංගත අතර කිසියම් සම්බන්ධතාවයක්‌ පවතින බව විලියම් රෑඩිමන්ගෙ අදහසයි. (HTTP//EN.WIKIPEDIA.ORG /WIKI/ YERSINIA PESTIS) උක්‌ත බැක්‌ටීරියාව හේතුවෙන් සමස්‌ත යුරෝපය සිසාර පැතිරි ගිය වසංගතයයෙන් සෑම යුරෝපියන් 4 දෙනකුගෙන් එක්‌ පුද්ගලයකුට මරණය අත් වී ඇත. බාල තරුණ මහලු යුරෝපිය මිලියන 25 ක්‌ පමණ මෙම කළු මරණය (BLACK DEATH) නමැති වසංගතය හේතුවෙන් 1347 - 1352 අතර පස්‌ අවුරුද්දේ මිය ගොස්‌ ඇත. 1352 සිට වසර 300 ක කාලයක්‌ යුරෝපියන් මෙම වසංගතයෙන් මිදීම සඳහා ගත කර ඇත. 2010 වසරේ දී ක්‍රිස්‌ටෝපර් ස්‌මිත් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද BLACK DEATH සිනමා කෘතිය එංගලන්තයේ උක්‌ත යුගය සිහිපත් කරමින් නිර්මාණය කර ඇත. චීනයේ සිල්ක්‌ පනුවාගෙන් (SlLK WORM) ලබා ගන්නා වූ නූල්වලින් නිෂ්පාදනය කරන ලද ඇගලුම් හේතුවෙන් පෙර අපරදිග වෙළෙදාමේ ප්‍රධාන මාර්ගය සේද මාවත (SILK ROAD) ලෙස හැඳින්වී තිබිණි. පෙර අපරදිග මුහුදු මාර්ගය ඉන්දියානු සාගරයේ සියලුම රටවල වෙළෙ¹ම් කටයුතුවලට වඩාත්ම වැදගත් සේවාවක්‌ සපයා ඇත. එකල කුළුබඩු මාර්ගය (SPICE ROUTE) මෙන්ම තේ මාර්ගය ද (TEA ROUTS) අපේ රටේ වෙළෙ¹මට බොහෝ උපකාරී වී ඇත. පෙර අපරදිග වෙළෙඳුන් මෙම මාර්ග ත්‍රිත්වයේම ක්‍රියාත්මක වීම හේතුවෙන් යුරෝපයට මහා ව්‍යසනයක්‌ අත්කර දුන් කළු මරණයේ (BLACK DEATH) අඳුරු සෙවණැලි ශ්‍රී ලංකාවට ද වැටී ඇත්තේ මීයන්ගේ මැක්‌කන් විසින් ගෙනයනු ලබන බයිලුස්‌ පැස්‌තිස්‌ නම් විෂබීජය හේතුවෙන් මිනිස්‌ සංහතියටත් සත්ත්ව සංහතියටත් බෝවන භයානක වසංගත රෝගයක්‌ වන මහාමාරිය රට තුළ ක්‍රියාශීලී වීමෙනි (BUBONIC PLAGUE) (ඉකිලියේ කුද්දටි ආකාරයේ ගැටිති හට ගැනීම) (PLAGUE {PLAG} L. PLAGA) නමුත් යුරෝපයේ මෙන් දැවැන්ත ව්‍යසනයක්‌ ශ්‍රී ලංකාවට අත්වී නැත්තේ එකල ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ තිබූ උසස්‌ ගුණ ධර්ම හේතුවෙනි. අපේ පැරැණි මුතුන් මිත්තන් බෞද්ධ චින්තාවට අනුව ලෙඩ රෝග, යක්‍ෂ, භූත, ප්‍රේත ආදී බලවේග මගින් ඇතිවන බව විශ්වාස කරන ලද හෙයින් නොයෙක්‌ විධ යාග, හෝම, බලි, තොවිල් පැරැණි සමාජයේ විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත. ඒ අනුව දහඅට සන්නියේ එන කාල සන්නිය, යුරෝපයේ කළු මරණයට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ මහාමාරිය වසංගතයට කරන ලද ශාන්තිකර්මයක්‌ වශයෙන්ද සැලකිය හැකිය. මක්‌ නිසාද යත් අපේ මුතුන් මිත්තන් විශ්ව බලවේග පිළිබඳ නිවැරැදි අවබෝධයෙන් ජීවත් වී ඇති බැවිනි. අද්‍යතන විද්‍යාත්මක ලෝකය අපේ පැරැණි මුතුන් මිත්තන්ගේ මහා සම්ප්‍රදායේ චින්තනය නිවැරැදි බව නිගමනය කර ඇත. එම නිසා අනාගත පරපුරට වායු ගෝලය ආරක්‍ෂා කරදීමට වත්මන් පරපුර ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙහෙවරක්‌ වනු ඇත්තේ එසේ නොකළහොත් වායු ගෝලීය සංයුතිය වෙනස්‌වී නැවතත් මිනිස්‌ සංහතියට මරණය ළඟා කරදීමට තීරණය කරනු ඇතැයි සිතීමට ද ඉඩ තිබෙන හෙයිනි. වසර 05 ඇතුළ දී එකල යුරෝපා ජනගහනයෙන් මිලියන විසිපහක්‌ මිය යැමෙන් පාළුවටම ගිය යුරෝපා මහද්වීපයේ ගොවි බිම් යළි මහ වනය විසින් නැවත ආක්‍රමණය කර ඇත. මෙම වන ආක්‍රමණය හේතුවෙන් අවශෝෂණය වූ කාබන්ඩයෝක්‌සයිඩ් ප්‍රමාණය වායු ගෝලයේ කාබන් සංයුතියට මිලියනයකට කොටස්‌ 05 ත් 10 ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට සමත් වී ඇත. මෙම හේතුවෙන් පෘථිවි උෂ්ණත්වය මදකින් පහළ බැස නිවර්තන කලාපවල යළි සිසිල් දේශගුණය උදාකර ඇත. රූඩ්මන්ගේ තර්කයෙන් ගම්‍යවන පරිදි උෂ්ණත්වය පමණට වඩා නැංවීමකින් තොරව අවශ්‍ය තරම් හරිතාගාර වායු වාතයට එක්‌කිරීම හේතුකොට ගෙන තවත් අයිස්‌ සමයක්‌ එළඹීම වළක්‌වා ගැනීමට පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ මුතුන් මිත්තන්ගේ කටයුතු නිසා හැකි වී ඇත. එහෙත් අද්‍යතන භූ විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගෙන ඇති කරුණු වලට අනුව වායුගෝලීය සංයුතියේ ඇතිවෙන වෙනස්‌කම් කෙතරම් ප්‍රබල දැයි කිවහොත් නිසැකයෙන්ම බලවත් දේශගුණික විපර්යාසයකට මිනිස්‌ සංහතියට මුහුණ දීමට සිදුවනු ඇත. මිනිස්‌ සංයුතියේ යුගය නොහොත් ඇන්ත්‍රොපොසීsන වකවානුව මානව ප්‍රගමනයේ ඉතාමත්ම තීරණාත්මක කාලපරිච්ඡෙAදය වනු ඇති බවට නොයෙකුත් සාධක අද්‍යතනයට පෙළ ගැසී ඇත. මානව ප්‍රගමනයේ ඉතාමත්ම යහපත් සුවදායී අපේක්‍ෂා සහිත ස්‌වර්ණමය යුගය වන ඇන්ත්‍රොපොසීsන වකවානුව ඉතාමත්ම කෙටිම භූ විද්‍යාත්මක වකවානුව වීම හෝ නොවීම මිනිසාගේ දෛනික චර්යාව, විශේෂයෙන්ම කාබන්ඩයොක්‌සයිඩ් වායුගෝලයට මුදාහැරීම මත තීරණය වන බව ඉතා පැහැදිලිය. අද්‍යතන මිනිසාගේ පළමු යුතුකම වී ඇත්තේ අති මහත් කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අඩු කිරීමට හැකි පමණින් දායක වීමය. මහා කවි කාලිදාසයන් මෙසේ ප්‍රකාශ කර ඇත. කුසට අහර ද හිසට සෙවණ ද පණ නළ රැකගන්නට පිරිසිදු වායුවද නොමිලේ සපයා දෙන ගස්‌වැල් මිනිසාගේ ළඟම හිතවතුන්ය. ගස්‌වැල් වල පිහිට නොපතා මිනිසාට ජීවත් විය නොහැක. දේශප්‍රිය නානායක්‌කාර

වායු ගෝලයේ කාබන් පුරවා "කළු මරණය" වැළඳ ගන්න



2010 වසරේ දී ක්‍රිස්‌ටෝපර් ස්‌මිත් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ඊඛACණ
DEAඔH සිනමා කෘතිය

පෘ ථිවියේ උපත ඇති වූ අවස්‌ථාවේ වසර බිලියන 4.6 ට පෙර පෘථිවිය ජීවීන්ගේ
වාසයට සුදුසු ස්‌ථානයක්‌ නොවීය. අවුරුදු බිලියන එකකට පසුව පෘථිවිය මතුපිට
නීsලහරිත ඇල්ගී ((ALGAE) වැනි ජීවීන් ගහන විය.

නමුත් මෑත කාලීනව ගත වූ වසර 8000ක්‌ සියරාම පැවැති සන්සුන් යහපත්
දේශගුණික තත්ත්වය අනිවාර්යයෙන්ම මානව ප්‍රගමනයේ තීරණාත්මක සාධකය විය. මීට
වසර 10,000 - 11000කට පෙර මැදපෙරදිග ගංගාධාර ආශ්‍රිතව කෘෂිකාර්මික
ක්‍රියාදාමය ආරම්භ වූ බවට සාක්‍ෂි එමටය. මිනිසාට ප්‍රධාන වශයෙන් අවශ්‍ය
වූ බෝග වර්ග ප්‍රචාරණය කර ගැනීමට හැකි වූයේත්, ගෘහස්‌ත සතුන් හීලෑ කර
ගැනීමට හැකි වූයේත් ප්‍රථම වරට වාරි ක්‍රියාවට ඇතුළත් වීමට හැකි වූයේත්
ක්‍රමිකව අක්‍ෂර වින්‍යාසය ඇති වූයේත්, මානව ප්‍රගමනයේ මුල්ම නගර
ගොඩනැඟීමට හැකි වූයේත් නොයෙකුත් විද්‍යාත්මක, කාර්මික දියුණුවක්‌ කරා
සීඝ්‍රයෙන් පිය මැනීමට හැකි වූයේත් ගත වූ වසර දසදහස තුළ පැවැති සන්සුන්
ජීවවාදී දේශගුණය හේතුකොටගෙනය.

ඉහත සඳහන් ක්‍රියාදාමයන් පෘථිවි ගෝලය සිසාරා ජීවත් වූ පෘථිවි මානුෂිය
වාර්ගිකයන් විසින් තම ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් හේතුවෙන් ලබා ගත්තා
වූ ප්‍රතිඵලයන්ය. පෘථිවියේ විවිධ ප්‍රදේශවල විශේෂ ජන කොට්‌ඨාස වශයෙන්
හුදකලාව ජීවත් වූ මිනිස්‌ සංහතිය විසින් ඒ සියලු දෑ වෙන් වෙන්ව සොයා ගෙන
දියුණු කර ගෙන ඇත. යහපත් දේශගුණය ඇති වීමෙන් පසු කාල පරිච්ඡේදයේ වසර 5000
වන විට බටහිර හා නැගෙනහිර ආසියාකාරයේත්, අප්‍රිකාවේ හා මධ්‍යම ඇමරිකාවේත්
නගර බිහිවී ඇත. එකිනෙකට බොහෝ දුරින් පිහිටි වෙනස්‌ දේශාන්තරවල වාසය කළද
මේ මිනිසුන් විසින් තැනූ ගෙවල්, දේවාල, නගාරාරක්‍ෂක පවුරු ප්‍රාකාර
විශ්මිත ලෙස බොහෝ දුරට එක සමාන විය. එය හරියටම එකී සෑම මනුෂ්‍යයකුගෙහිම
සිතෙහි එකම සැලැස්‌මක්‌ තැන්පත්ව තිබී නිසි කල පැමිණි විට එයට අනුව
කටයුතු කර ඇති ආකාරයකි.

ප්‍රභූ ජනයා විසින් පාලනය කෙරුණු මේ මනුෂ්‍යය සමාජ බොහෝ විට කර්මාර
පුත්‍රයන්ගේ (ARTISANS) සේවා මත යෑපුනි. ((AN ARTISANS IS A SKILLED
MANUAL
WORKER WHO MAKES ITEMS THAT MAY BE
FUNCTIONAL OR STRICTLY DECORATIVE) මේ අතුරින් සමහරක්‌ මිනිස්‌ සමාජ
චරිතයන් තුළ ලි ත භාෂාවක්‌ නිපදවාගෙන එය භාෂණය කිරීම ආරම්භ කර තිබිණි.
මැනවින්a සංවිධානය වූ නාගරික සමාජ ක්‍රියාවලියක දිවිපෙවත මෙසපොතේමියාවෙන්
හමු වූ මැටි පුවරුවල කීලාකර අකුරුවලින් ලියවුණු ආදීතම ලියවලින් අනාවරණය
වී ඇත.

සුවදායී දේශගුණයක පහස ලබමින් ප්‍රගමනය වූ මිනිසාගේ උක්‌ත සුවදායී
කාලසීමාව පිළිබඳව මිලන් කොවිච් කාල චක්‍රය අනුව නැවත හැදෑරීමක්‌ කරන
ලද්දේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥ විලියම් රූඩ්මන් (WILLIM
RUDDIMAN PROF OF ENVIRONMENTAL
SCIENCES) ප්‍රධාන තැනක්‌ ගන්නා අතර සුවදායී දේශගුණික රටාව තුළ ජීවත් වූ
මිනිසාගේ නොයෙකුත් මානව වෙනස්‌කම් හේතුවෙන් දේශගුණික රටා වෙනස්‌ වන බව
ඔහු සොයාගෙන ඇත.

මිනිස්‌ සංහතියෙන් පරිසරයට ඇති වූ බලපෑම සලකනු කිරීම සඳහා
"ඇන්ත්‍රොපොසීන් (ANTHROPOCENE) හෙවත් මිනිසාගේ යුගය යනුවෙන් නව
විද්‍යාත්මක වකවානුවක්‌ පෝල් ජෝශප් කෲට්‌සන් (PAUL JOZEP CRUTZEN
DUTCH NOBEL PRIZE WINNING ATMOSPHERIC
CHEMIST) විසින් මේ වන විටත් යෝජනා කර තිබිණි. ඕසොන් විවරය සම්බන්ධ
පරීක්‍ෂණ හේතුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිළිගනු ලැබූ ඔහුට අනුව උක්‌ත
ඇන්ත්‍රොපොසීන් යුගයේ ආරම්භය ඇති වනුයේ ක්‍රී.ව1800 සිට කාර්මික විප්ලවය
නිසා ඇති වූ කර්මාන්තශාලා වලින් අවකාශයට නිකුත් වූ අතිරේක කාබන්
ඩයොක්‌සයිඩ් හා මීතෙන් වායු ප්‍රමාණය පෘථිවි ගෝලයේ දේශගුණය කෙරෙහි බලපෑම
ආරම්භ කළ විටය.

WILLIM RUDDIMAN උක්‌ත අදහස පෙරළිකාර ලෙස තවත් ඉදිරියට ගෙන ගොස්‌ මනුෂ්‍ය
වර්ගයා මිහිපිට දේශගුණය සිය ක්‍රියාදාමයට නතු කර ගත්තේ ක්‍රි.ව. 1800ට
බොහෝ කාලයකට පෙර සිට බව පෙන්වා දුන්නේය.

විලියම් රූඩ්මන් විසින් රචිත ඡPLOWS" PLAGUES
AND PETROLEUM" HOW HUMANS TOOK
CONTROL OF CLIMATE යන කෘතියේ උක්‌ත කරුණු පිලිබදව මැනවින් විග්‍රහ කර ඇත.

ග්‍රීන්ලන්තයේ සහ දක්‍ෂිණ ධ්‍රැවයේ ඝණ පතර හිම තට්‌ටුවල රැඳී තිබූ වසර
8,000 ක්‌ දක්‌වා පැරණි වායු බුබුළු විශ්ලේෂණය කිරීමෙන් මිලන්කොවිච් කාල
චක්‍රයටම අනුවම සියලුම කටයුතු සිදු නොවනු බව රූඩ්මන් අවබෝධ කර ගෙන ඇති
අතර නිසියාකාරයට නම් මේ කාලය වන විට මිලන් කොවිච් කාල අනුව වාතයේ තිබූ
මීතෙන් ප්‍රමාණය අඩු වෙමින් ගොස්‌ මීට වසර 5000 කට ඉහතදී ක්‍ෂය වී යා
යුතුය. එහෙත් මුලදී මඳක්‌ අඩුව ගියද මෙකල මන්දගාමීව නමුත් ප්‍රබල ලෙස
වායුගෝලයේ මීතෙන් සංයුතිය ඉහළ ගිය බව වායු බුqබුළු දත්තයන්ගෙන් දැන ගෙන
ඇත.

මෙසේ මීතෙන් ප්‍රමාණය ඉහළ යැමට හේතුව මානව ක්‍රියාකාරකම් බව රූඩ්මන් තර්ක
කළේය. මේ නිසා මනුෂ්‍යයාගේ යුගය හෙවත් ඇන්ත්‍රොපොසීන් වකවානුව
සත්‍යවශයෙන්ම ආරම්භ වූයේ මින් වසර 200 කට පෙර නොව 8000 කට පෙර බව ඔහුගේ
මතය විය.

මින් වසර 8000කට පමණ පෙර සිට කෘෂිකර්මාන්තයේ නොයෙකුත් ක්‍රියාදාමයන්
හේතුවෙන් පැතිර ගිය වගුරු බිම් මීතෙන් වායුවට සරු නිජ භූමියක්‌ විය.

ඒ වන විටත් කෘෂිකර්මාන්තය කරා යොමු නොවුන භෞතික ජනයාගේ ක්‍රියාවන්ද මේ
තත්ත්වයට හේතු වී ඇත. කලින් සිතුවාටත් වඩා ඈත යුගයක සිට වායුගෝලයේ කාබන්
ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කෙරෙහි මානව ක්‍රියාකාරකම් හේතු වී ඇති බව අයිස්‌a
මද ((ICE - CORE) තුළ සිර වූ වායු බුබුළු විශ්ලේෂණය කිරීමෙන් විලියම්
රූඩ්මන් අනාවරණය කර ගත්තේය. අයිස්‌ සමයාන්තයකදී සාමාන්‍යයෙන් කාබන්
ඩයොක්‌සයිඩ් සංයුතිය වැඩි වී ඊළඟ අයිස්‌ සමය එන තෙක්‌ එය අනුක්‍රමයෙන්
අඩුවිය යුතුය.

එහෙත් අයිස්‌ වෙනුවට අවසන් අයිස්‌ සමයාන්තයේ සිට කාබන් ඩයොක්‌සයිඩ්
සංයුතිය නොකඩවා වැඩිවී තිබිණි. වර්ෂ 1800 වන විට එය වායුගෝලීය කොටස්‌
මිලියනයකට කාබන්ඩයොක්‌සයිඩ් කොටස්‌ 280 දක්‌වා වැඩි වී තිබිණි. එහෙත්
ස්‌වාභාවික ලෙස හුදෙක්‌ මිලන්කොවිච් කාල චක්‍රය මගින් පමණක්‌ පෘථිවියේ
දේශගුණය නිර්ණය වී නම් ඒ වන විට වායුගෝලිය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය
කොටස්‌ 240 කට වඩා නොවැඩි විය යුතු බව රූඩ්මන් පෙන්වා දී ඇත.

ගත වූ වසර අට දහස තුළ මිනිසුන් විසින් ගොඩනගන ලද දේශගුණික ස්‌ථාවරභාවය
මිලන් කොවිච් කාල චක්‍රයට අනුව අවදානමට ලක්‌වීමට හැකියාව තිබූ බව
තවදුරටත් රූඩ්මන් ප්‍රකාශ කළේය. පුරාවිද්‍යාඥ බ්‍රයන් ෆැගන්ට අනුවද
මිලන්කොවිච් කාලචක්‍රවල ඇතැම් ලක්‍ෂණ මනුෂ්‍යයන් කෙරෙහි තීරණාත්මක ලෙස
බලපෑමට ඉඩ තිබිණි. එයට එක්‌ නිදර්ශනයක්‌ නම් ක්‍රි.පූ 4000 ත් 10000 ත්
අතර පෘථිවියේ කක්‌ෂයට මඳක්‌ වෙනස්‌ වීම හේතුවෙන් උත්තරාර්ධ ගෝලයට වැටුණු
හිරුරැස්‌ ප්‍රමාණය 7% - 8% අතර ප්‍රමාණයකින් වැඩිවීමෙන් උද්ගත වූ
තත්ත්වයයි.

මෙසේ පෘථිවි කක්‍ෂය මදකින් වෙනස්‌ වීම වායුගෝලයේ සංසරණ රටාවද සැලකිය යුතු
පමණින් පෙරළියකට ලක්‌කිරීමට හේතු වී ඇත. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වශයෙන්
මෙසපොතේමියාවට වැටුණු වර්ෂාපතනය 29% - 30% අතර ප්‍රමාණයකින් වැඩි වී ඇත.

වරක්‌ කාන්තාරයක්‌ වශයෙන් පැවැති ප්‍රදේශයක්‌ උක්‌ත හේතුව නිසා නිල්වන්
තැනිතලාවක්‌ බවට පත්වී ගොවිතැනින් යෑපෙන විශාල ජන සංඛ්‍යාවකගේ වාස
භූමියක්‌ බවට පත් වී ඇත. එහෙත් ක්‍රි.පූ. 3800 දී පෘථිවියේ කක්‍ෂය යළි
කලින් පැවැති තත්ත්වයට පත් වූ විට වර්ෂාපතනය බෙහෙවින් අඩු වී
මෙසපොතේමියානු ගොවි ජනතාව අවතැන් වූහ.

මෙසේ අවතැන් වූ ගොවිජනයාගෙන් ඇතැමෙක්‌ අද්‍යතන ඉරාකයේ දකුණින් පිහිටි එදා
වාරි මාර්ගවල බෙදුම් ඇළවල් සන්ධි වූ "උරුක්‌ (URUK) නගරය වැනි ප්‍රධාන
ස්‌ථාන කිහිපයකට සංක්‍රමණය වී ඇත. උරුක්‌හි පාලකයෝ උක්‌ත සංක්‍රමණිකයන්
වාරිමාර්ග ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට යොදවා ඇත. වර්ෂාපතනය හීන වීම,
උරුක්‌ හි ගොවීන් නව ක්‍රම අත්හදා බැලීම්වලට යොමු වී ඇත. ඒ අනුව සතුන්
යොදාගෙන සී සෑමත්, ශෂ්‍ය මාරුව තේරුම්ගෙන අවබෝධයෙන් ක්‍රියා කිරීම
හේතුවෙන් වසරකට දෙවරක්‌ අස්‌වැද්දීමට ඔවුන්ට හැකි වී තිබේ.

උරුක්‌ වැනි නගර ප්‍රධාන කොට ගෙන ඇති වූ ධාන්‍ය වගා ප්‍රතිසංවිධානය
හේතුවෙන් නගර අවට ඇතැම් පදිංචිකරුවෝ කුඹල් කර්මාන්තය, මසුන් අල්ලා වේලීම
වැනි විශේෂ වෘත්තීන්හි නිපුනතා ඇති කරගෙන ඇති අතර උක්‌ත නිෂ්පාදන
ද්‍රව්‍යය උරුක්‌ වෙළෙඳ පොළෙහි ධාන්‍ය වර්ග සමඟ හුවමාරු වී ඇත.

ක්‍රමිකව සෙමින් සෙමින් එකින් එක සිදුවූ උක්‌ත වෙනස්‌කම් හේතුවෙන් නගරය
හා ජනාවාස පාලනය කිරීම සඳහා වඩ වඩා මධ්‍යගත වූ අධිකාරියක්‌ ඇති විය. මේ
පාලන අධිකාරිය විසින් ලෝකයේ මුල්ම නිලධාරි පැලැන්තිය බිහිකරන ලදී. ජන
ජීවිතයට අත්‍යවශ්‍යම ධාන්‍යය තොග ගබඩා කිරීම හා බෙදාහැරීම එදා මේ
නිලධාරීන්ගේ මූලික කාර්යභාරය විය.

උක්‌ත පරිවර්තන සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය මානව සංවිධානය නව්‍ය තලයකට
ප්‍රවිශ්ඨ වීමය. ඒ අනුව ක්‍රි.පූ. 3100 වන විට මෙසපොතේමියාවේ දකුණු දිග
පිහිටි නගර ලෝකයේ පළමු ශිෂ්ටාචාරවලට නිජබිම විය.

වායු ගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ ප්‍රමාණය සෙර්නියා පෙස්‌ටිස්‌
(YERSINIA PESTIS) නමැති බැක්‌ටීරියාව වැඩිවීම හේතුවෙන් ඇති වූ බරපතල
වසංගත අතර කිසියම් සම්බන්ධතාවයක්‌ පවතින බව විලියම් රෑඩිමන්ගෙ අදහසයි.
(HTTP//EN.WIKIPEDIA.ORG
/WIKI/ YERSINIA PESTIS)

උක්‌ත බැක්‌ටීරියාව හේතුවෙන් සමස්‌ත යුරෝපය සිසාර පැතිරි ගිය වසංගතයයෙන්
සෑම යුරෝපියන් 4 දෙනකුගෙන් එක්‌ පුද්ගලයකුට මරණය අත් වී ඇත. බාල තරුණ
මහලු යුරෝපිය මිලියන 25 ක්‌ පමණ මෙම කළු මරණය (BLACK DEATH) නමැති වසංගතය
හේතුවෙන් 1347 - 1352 අතර පස්‌ අවුරුද්දේ මිය ගොස්‌ ඇත. 1352 සිට වසර 300
ක කාලයක්‌ යුරෝපියන් මෙම වසංගතයෙන් මිදීම සඳහා ගත කර ඇත.

2010 වසරේ දී ක්‍රිස්‌ටෝපර් ස්‌මිත් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද BLACK
DEATH සිනමා කෘතිය එංගලන්තයේ උක්‌ත යුගය සිහිපත් කරමින් නිර්මාණය කර ඇත.



චීනයේ සිල්ක්‌ පනුවාගෙන් (SlLK WORM) ලබා ගන්නා වූ නූල්වලින් නිෂ්පාදනය
කරන ලද ඇගලුම් හේතුවෙන් පෙර අපරදිග වෙළෙදාමේ ප්‍රධාන මාර්ගය සේද මාවත
(SILK
ROAD) ලෙස හැඳින්වී තිබිණි. පෙර අපරදිග මුහුදු මාර්ගය ඉන්දියානු සාගරයේ
සියලුම රටවල වෙළෙ¹ම් කටයුතුවලට වඩාත්ම වැදගත් සේවාවක්‌ සපයා ඇත. එකල
කුළුබඩු මාර්ගය (SPICE ROUTE) මෙන්ම තේ මාර්ගය ද (TEA
ROUTS) අපේ රටේ වෙළෙ¹මට බොහෝ උපකාරී වී ඇත.

පෙර අපරදිග වෙළෙඳුන් මෙම මාර්ග ත්‍රිත්වයේම ක්‍රියාත්මක වීම හේතුවෙන්
යුරෝපයට මහා ව්‍යසනයක්‌ අත්කර දුන් කළු මරණයේ (BLACK DEATH) අඳුරු
සෙවණැලි ශ්‍රී ලංකාවට ද වැටී ඇත්තේ මීයන්ගේ මැක්‌කන් විසින් ගෙනයනු ලබන
බයිලුස්‌ පැස්‌තිස්‌ නම් විෂබීජය හේතුවෙන් මිනිස්‌ සංහතියටත් සත්ත්ව
සංහතියටත් බෝවන භයානක වසංගත රෝගයක්‌ වන මහාමාරිය රට තුළ ක්‍රියාශීලී
වීමෙනි (BUBONIC PLAGUE) (ඉකිලියේ කුද්දටි ආකාරයේ ගැටිති හට ගැනීම)
(PLAGUE {PLAG} L.
PLAGA)

නමුත් යුරෝපයේ මෙන් දැවැන්ත ව්‍යසනයක්‌ ශ්‍රී ලංකාවට අත්වී නැත්තේ එකල
ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ තිබූ උසස්‌ ගුණ ධර්ම හේතුවෙනි. අපේ පැරැණි
මුතුන් මිත්තන් බෞද්ධ චින්තාවට අනුව ලෙඩ රෝග, යක්‍ෂ, භූත, ප්‍රේත ආදී
බලවේග මගින් ඇතිවන බව විශ්වාස කරන ලද හෙයින් නොයෙක්‌ විධ යාග, හෝම, බලි,
තොවිල් පැරැණි සමාජයේ විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත. ඒ අනුව දහඅට සන්නියේ
එන කාල සන්නිය, යුරෝපයේ කළු මරණයට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ මහාමාරිය
වසංගතයට කරන ලද ශාන්තිකර්මයක්‌ වශයෙන්ද සැලකිය හැකිය. මක්‌ නිසාද යත් අපේ
මුතුන් මිත්තන් විශ්ව බලවේග පිළිබඳ නිවැරැදි අවබෝධයෙන් ජීවත් වී ඇති
බැවිනි.

අද්‍යතන විද්‍යාත්මක ලෝකය අපේ පැරැණි මුතුන් මිත්තන්ගේ මහා සම්ප්‍රදායේ
චින්තනය නිවැරැදි බව නිගමනය කර ඇත. එම නිසා අනාගත පරපුරට වායු ගෝලය
ආරක්‍ෂා කරදීමට වත්මන් පරපුර ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙහෙවරක්‌ වනු
ඇත්තේ එසේ නොකළහොත් වායු ගෝලීය සංයුතිය වෙනස්‌වී නැවතත් මිනිස්‌ සංහතියට
මරණය ළඟා කරදීමට තීරණය කරනු ඇතැයි සිතීමට ද ඉඩ තිබෙන හෙයිනි.

වසර 05 ඇතුළ දී එකල යුරෝපා ජනගහනයෙන් මිලියන විසිපහක්‌ මිය යැමෙන්
පාළුවටම ගිය යුරෝපා මහද්වීපයේ ගොවි බිම් යළි මහ වනය විසින් නැවත ආක්‍රමණය
කර ඇත.

මෙම වන ආක්‍රමණය හේතුවෙන් අවශෝෂණය වූ කාබන්ඩයෝක්‌සයිඩ් ප්‍රමාණය වායු
ගෝලයේ කාබන් සංයුතියට මිලියනයකට කොටස්‌ 05 ත් 10 ත් අතර ප්‍රමාණයකින් අඩු
කිරීමට සමත් වී ඇත. මෙම හේතුවෙන් පෘථිවි උෂ්ණත්වය මදකින් පහළ බැස නිවර්තන
කලාපවල යළි සිසිල් දේශගුණය උදාකර ඇත.

රූඩ්මන්ගේ තර්කයෙන් ගම්‍යවන පරිදි උෂ්ණත්වය පමණට වඩා නැංවීමකින් තොරව
අවශ්‍ය තරම් හරිතාගාර වායු වාතයට එක්‌කිරීම හේතුකොට ගෙන තවත් අයිස්‌
සමයක්‌ එළඹීම වළක්‌වා ගැනීමට පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ මුතුන්
මිත්තන්ගේ කටයුතු නිසා හැකි වී ඇත. එහෙත් අද්‍යතන භූ විද්‍යාඥයන් විසින්
අනාවරණය කර ගෙන ඇති කරුණු වලට අනුව වායුගෝලීය සංයුතියේ ඇතිවෙන වෙනස්‌කම්
කෙතරම් ප්‍රබල දැයි කිවහොත් නිසැකයෙන්ම බලවත් දේශගුණික විපර්යාසයකට
මිනිස්‌ සංහතියට මුහුණ දීමට සිදුවනු ඇත. මිනිස්‌ සංයුතියේ යුගය නොහොත්
ඇන්ත්‍රොපොසීsන වකවානුව මානව ප්‍රගමනයේ ඉතාමත්ම තීරණාත්මක කාලපරිච්ඡෙAදය
වනු ඇති බවට නොයෙකුත් සාධක අද්‍යතනයට පෙළ ගැසී ඇත. මානව ප්‍රගමනයේ
ඉතාමත්ම යහපත් සුවදායී අපේක්‍ෂා සහිත ස්‌වර්ණමය යුගය වන ඇන්ත්‍රොපොසීsන
වකවානුව ඉතාමත්ම කෙටිම භූ විද්‍යාත්මක වකවානුව වීම හෝ නොවීම මිනිසාගේ
දෛනික චර්යාව, විශේෂයෙන්ම කාබන්ඩයොක්‌සයිඩ් වායුගෝලයට මුදාහැරීම මත තීරණය
වන බව ඉතා පැහැදිලිය.

අද්‍යතන මිනිසාගේ පළමු යුතුකම වී ඇත්තේ අති මහත් කාබන්ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය අඩු කිරීමට හැකි පමණින් දායක වීමය. මහා කවි කාලිදාසයන් මෙසේ
ප්‍රකාශ කර ඇත. කුසට අහර ද හිසට සෙවණ ද පණ නළ රැකගන්නට පිරිසිදු වායුවද
නොමිලේ සපයා දෙන ගස්‌වැල් මිනිසාගේ ළඟම හිතවතුන්ය. ගස්‌වැල් වල පිහිට
නොපතා මිනිසාට ජීවත් විය නොහැක.

දේශප්‍රිය නානායක්‌කාර


2010 වසරේ දී ක්‍රිස්‌ටෝපර් ස්‌මිත් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ඊඛACණ
DEAඔH සිනමා කෘතිය

පෘ ථිවියේ උපත ඇති වූ අවස්‌ථාවේ වසර බිලියන 4.6 ට පෙර පෘථිවිය ජීවීන්ගේ
වාසයට සුදුසු ස්‌ථානයක්‌ නොවීය. අවුරුදු බිලියන එකකට පසුව පෘථිවිය මතුපිට
නීsලහරිත ඇල්ගී ((ALGAE) වැනි ජීවීන් ගහන විය.

නමුත් මෑත කාලීනව ගත වූ වසර 8000ක්‌ සියරාම පැවැති සන්සුන් යහපත්
දේශගුණික තත්ත්වය අනිවාර්යයෙන්ම මානව ප්‍රගමනයේ තීරණාත්මක සාධකය විය. මීට
වසර 10,000 - 11000කට පෙර මැදපෙරදිග ගංගාධාර ආශ්‍රිතව කෘෂිකාර්මික
ක්‍රියාදාමය ආරම්භ වූ බවට සාක්‍ෂි එමටය. මිනිසාට ප්‍රධාන වශයෙන් අවශ්‍ය
වූ බෝග වර්ග ප්‍රචාරණය කර ගැනීමට හැකි වූයේත්, ගෘහස්‌ත සතුන් හීලෑ කර
ගැනීමට හැකි වූයේත් ප්‍රථම වරට වාරි ක්‍රියාවට ඇතුළත් වීමට හැකි වූයේත්
ක්‍රමිකව අක්‍ෂර වින්‍යාසය ඇති වූයේත්, මානව ප්‍රගමනයේ මුල්ම නගර
ගොඩනැඟීමට හැකි වූයේත් නොයෙකුත් විද්‍යාත්මක, කාර්මික දියුණුවක්‌ කරා
සීඝ්‍රයෙන් පිය මැනීමට හැකි වූයේත් ගත වූ වසර දසදහස තුළ පැවැති සන්සුන්
ජීවවාදී දේශගුණය හේතුකොටගෙනය.

ඉහත සඳහන් ක්‍රියාදාමයන් පෘථිවි ගෝලය සිසාරා ජීවත් වූ පෘථිවි මානුෂිය
වාර්ගිකයන් විසින් තම ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරකම් හේතුවෙන් ලබා ගත්තා
වූ ප්‍රතිඵලයන්ය. පෘථිවියේ විවිධ ප්‍රදේශවල විශේෂ ජන කොට්‌ඨාස වශයෙන්
හුදකලාව ජීවත් වූ මිනිස්‌ සංහතිය විසින් ඒ සියලු දෑ වෙන් වෙන්ව සොයා ගෙන
දියුණු කර ගෙන ඇත. යහපත් දේශගුණය ඇති වීමෙන් පසු කාල පරිච්ඡේදයේ වසර 5000
වන විට බටහිර හා නැගෙනහිර ආසියාකාරයේත්, අප්‍රිකාවේ හා මධ්‍යම ඇමරිකාවේත්
නගර බිහිවී ඇත. එකිනෙකට බොහෝ දුරින් පිහිටි වෙනස්‌ දේශාන්තරවල වාසය කළද
මේ මිනිසුන් විසින් තැනූ ගෙවල්, දේවාල, නගාරාරක්‍ෂක පවුරු ප්‍රාකාර
විශ්මිත ලෙස බොහෝ දුරට එක සමාන විය. එය හරියටම එකී සෑම මනුෂ්‍යයකුගෙහිම
සිතෙහි එකම සැලැස්‌මක්‌ තැන්පත්ව තිබී නිසි කල පැමිණි විට එයට අනුව
කටයුතු කර ඇති ආකාරයකි.

ප්‍රභූ ජනයා විසින් පාලනය කෙරුණු මේ මනුෂ්‍යය සමාජ බොහෝ විට කර්මාර
පුත්‍රයන්ගේ (ARTISANS) සේවා මත යෑපුනි. ((AN ARTISANS IS A SKILLED
MANUAL
WORKER WHO MAKES ITEMS THAT MAY BE
FUNCTIONAL OR STRICTLY DECORATIVE) මේ අතුරින් සමහරක්‌ මිනිස්‌ සමාජ
චරිතයන් තුළ ලි ත භාෂාවක්‌ නිපදවාගෙන එය භාෂණය කිරීම ආරම්භ කර තිබිණි.
මැනවින්a සංවිධානය වූ නාගරික සමාජ ක්‍රියාවලියක දිවිපෙවත මෙසපොතේමියාවෙන්
හමු වූ මැටි පුවරුවල කීලාකර අකුරුවලින් ලියවුණු ආදීතම ලියවලින් අනාවරණය
වී ඇත.

සුවදායී දේශගුණයක පහස ලබමින් ප්‍රගමනය වූ මිනිසාගේ උක්‌ත සුවදායී
කාලසීමාව පිළිබඳව මිලන් කොවිච් කාල චක්‍රය අනුව නැවත හැදෑරීමක්‌ කරන
ලද්දේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥ විලියම් රූඩ්මන් (WILLIM
RUDDIMAN PROF OF ENVIRONMENTAL
SCIENCES) ප්‍රධාන තැනක්‌ ගන්නා අතර සුවදායී දේශගුණික රටාව තුළ ජීවත් වූ
මිනිසාගේ නොයෙකුත් මානව වෙනස්‌කම් හේතුවෙන් දේශගුණික රටා වෙනස්‌ වන බව
ඔහු සොයාගෙන ඇත.

මිනිස්‌ සංහතියෙන් පරිසරයට ඇති වූ බලපෑම සලකනු කිරීම සඳහා
"ඇන්ත්‍රොපොසීන් (ANTHROPOCENE) හෙවත් මිනිසාගේ යුගය යනුවෙන් නව
විද්‍යාත්මක වකවානුවක්‌ පෝල් ජෝශප් කෲට්‌සන් (PAUL JOZEP CRUTZEN
DUTCH NOBEL PRIZE WINNING ATMOSPHERIC
CHEMIST) විසින් මේ වන විටත් යෝජනා කර තිබිණි. ඕසොන් විවරය සම්බන්ධ
පරීක්‍ෂණ හේතුවෙන් නොබෙල් ත්‍යාගයෙන් පිළිගනු ලැබූ ඔහුට අනුව උක්‌ත
ඇන්ත්‍රොපොසීන් යුගයේ ආරම්භය ඇති වනුයේ ක්‍රී.ව1800 සිට කාර්මික විප්ලවය
නිසා ඇති වූ කර්මාන්තශාලා වලින් අවකාශයට නිකුත් වූ අතිරේක කාබන්
ඩයොක්‌සයිඩ් හා මීතෙන් වායු ප්‍රමාණය පෘථිවි ගෝලයේ දේශගුණය කෙරෙහි බලපෑම
ආරම්භ කළ විටය.

WILLIM RUDDIMAN උක්‌ත අදහස පෙරළිකාර ලෙස තවත් ඉදිරියට ගෙන ගොස්‌ මනුෂ්‍ය
වර්ගයා මිහිපිට දේශගුණය සිය ක්‍රියාදාමයට නතු කර ගත්තේ ක්‍රි.ව. 1800ට
බොහෝ කාලයකට පෙර සිට බව පෙන්වා දුන්නේය.

විලියම් රූඩ්මන් විසින් රචිත ඡPLOWS" PLAGUES
AND PETROLEUM" HOW HUMANS TOOK
CONTROL OF CLIMATE යන කෘතියේ උක්‌ත කරුණු පිලිබදව මැනවින් විග්‍රහ කර ඇත.

ග්‍රීන්ලන්තයේ සහ දක්‍ෂිණ ධ්‍රැවයේ ඝණ පතර හිම තට්‌ටුවල රැඳී තිබූ වසර
8,000 ක්‌ දක්‌වා පැරණි වායු බුබුළු විශ්ලේෂණය කිරීමෙන් මිලන්කොවිච් කාල
චක්‍රයටම අනුවම සියලුම කටයුතු සිදු නොවනු බව රූඩ්මන් අවබෝධ කර ගෙන ඇති
අතර නිසියාකාරයට නම් මේ කාලය වන විට මිලන් කොවිච් කාල අනුව වාතයේ තිබූ
මීතෙන් ප්‍රමාණය අඩු වෙමින් ගොස්‌ මීට වසර 5000 කට ඉහතදී ක්‍ෂය වී යා
යුතුය. එහෙත් මුලදී මඳක්‌ අඩුව ගියද මෙකල මන්දගාමීව නමුත් ප්‍රබල ලෙස
වායුගෝලයේ මීතෙන් සංයුතිය ඉහළ ගිය බව වායු බුqබුළු දත්තයන්ගෙන් දැන ගෙන
ඇත.

මෙසේ මීතෙන් ප්‍රමාණය ඉහළ යැමට හේතුව මානව ක්‍රියාකාරකම් බව රූඩ්මන් තර්ක
කළේය. මේ නිසා මනුෂ්‍යයාගේ යුගය හෙවත් ඇන්ත්‍රොපොසීන් වකවානුව
සත්‍යවශයෙන්ම ආරම්භ වූයේ මින් වසර 200 කට පෙර නොව 8000 කට පෙර බව ඔහුගේ
මතය විය.

මින් වසර 8000කට පමණ පෙර සිට කෘෂිකර්මාන්තයේ නොයෙකුත් ක්‍රියාදාමයන්
හේතුවෙන් පැතිර ගිය වගුරු බිම් මීතෙන් වායුවට සරු නිජ භූමියක්‌ විය.

ඒ වන විටත් කෘෂිකර්මාන්තය කරා යොමු නොවුන භෞතික ජනයාගේ ක්‍රියාවන්ද මේ
තත්ත්වයට හේතු වී ඇත. කලින් සිතුවාටත් වඩා ඈත යුගයක සිට වායුගෝලයේ කාබන්
ඩයොක්‌සයිඩ් ප්‍රමාණය කෙරෙහි මානව ක්‍රියාකාරකම් හේතු වී ඇති බව අයිස්‌a
මද ((ICE - CORE) තුළ සිර වූ වායු බුබුළු විශ්ලේෂණය කිරීමෙන් විලියම්
රූඩ්මන් අනාවරණය කර ගත්තේය. අයිස්‌ සමයාන්තයකදී සාමාන්‍යයෙන් කාබන්
ඩයොක්‌සයිඩ් සංයුතිය වැඩි වී ඊළඟ අයිස්‌ සමය එන තෙක්‌ එය අනුක්‍රමයෙන්
අඩුවිය යුතුය.

එහෙත් අයිස්‌ වෙනුවට අවසන් අයිස්‌ සමයාන්තයේ සිට කාබන් ඩයොක්‌සයිඩ්
සංයුතිය නොකඩවා වැඩිවී තිබිණි. වර්ෂ 1800 වන විට එය වායුගෝලීය කොටස්‌
මිලියනයකට කාබන්ඩයොක්‌සයිඩ් කොටස්‌ 280 දක්‌වා වැඩි වී තිබිණි. එහෙත්
ස්‌වාභාවික ලෙස හුදෙක්‌ මිලන්කොවිච් කාල චක්‍රය මගින් පමණක්‌ පෘථිවියේ
දේශගුණය නිර්ණය වී නම් ඒ වන විට වායුගෝලිය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය
කොටස්‌ 240 කට වඩා නොවැඩි විය යුතු බව රූඩ්මන් පෙන්වා දී ඇත.

ගත වූ වසර අට දහස තුළ මිනිසුන් විසින් ගොඩනගන ලද දේශගුණික ස්‌ථාවරභාවය
මිලන් කොවිච් කාල චක්‍රයට අනුව අවදානමට ලක්‌වීමට හැකියාව තිබූ බව
තවදුරටත් රූඩ්මන් ප්‍රකාශ කළේය. පුරාවිද්‍යාඥ බ්‍රයන් ෆැගන්ට අනුවද
මිලන්කොවිච් කාලචක්‍රවල ඇතැම් ලක්‍ෂණ මනුෂ්‍යයන් කෙරෙහි තීරණාත්මක ලෙස
බලපෑමට ඉඩ තිබිණි. එයට එක්‌ නිදර්ශනයක්‌ නම් ක්‍රි.පූ 4000 ත් 10000 ත්
අතර පෘථිවියේ කක්‌ෂයට මඳක්‌ වෙනස්‌ වීම හේතුවෙන් උත්තරාර්ධ ගෝලයට වැටුණු
හිරුරැස්‌ ප්‍රමාණය 7% - 8% අතර ප්‍රමාණයකින් වැඩිවීමෙන් උද්ගත වූ
තත්ත්වයයි.

මෙසේ පෘථිවි කක්‍ෂය මදකින් වෙනස්‌ වීම වායුගෝලයේ සංසරණ රටාවද සැලකිය යුතු
පමණින් පෙරළියකට ලක්‌කිරීමට හේතු වී ඇත. එහි එක්‌ ප්‍රතිඵලයක්‌ වශයෙන්
මෙසපොතේමියාවට වැටුණු වර්ෂාපතනය 29% - 30% අතර ප්‍රමාණයකින් වැඩි වී ඇත.

වරක්‌ කාන්තාරයක්‌ වශයෙන් පැවැති ප්‍රදේශයක්‌ උක්‌ත හේතුව නිසා නිල්වන්
තැනිතලාවක්‌ බවට පත්වී ගොවිතැනින් යෑපෙන විශාල ජන සංඛ්‍යාවකගේ වාස
භූමියක්‌ බවට පත් වී ඇත. එහෙත් ක්‍රි.පූ. 3800 දී පෘථිවියේ කක්‍ෂය යළි
කලින් පැවැති තත්ත්වයට පත් වූ විට වර්ෂාපතනය බෙහෙවින් අඩු වී
මෙසපොතේමියානු ගොවි ජනතාව අවතැන් වූහ.

මෙසේ අවතැන් වූ ගොවිජනයාගෙන් ඇතැමෙක්‌ අද්‍යතන ඉරාකයේ දකුණින් පිහිටි එදා
වාරි මාර්ගවල බෙදුම් ඇළවල් සන්ධි වූ "උරුක්‌ (URUK) නගරය වැනි ප්‍රධාන
ස්‌ථාන කිහිපයකට සංක්‍රමණය වී ඇත. උරුක්‌හි පාලකයෝ උක්‌ත සංක්‍රමණිකයන්
වාරිමාර්ග ක්‍රියාවලිය වැඩි දියුණු කිරීමට යොදවා ඇත. වර්ෂාපතනය හීන වීම,
උරුක්‌ හි ගොවීන් නව ක්‍රම අත්හදා බැලීම්වලට යොමු වී ඇත. ඒ අනුව සතුන්
යොදාගෙන සී සෑමත්, ශෂ්‍ය මාරුව තේරුම්ගෙන අවබෝධයෙන් ක්‍රියා කිරීම
හේතුවෙන් වසරකට දෙවරක්‌ අස්‌වැද්දීමට ඔවුන්ට හැකි වී තිබේ.

උරුක්‌ වැනි නගර ප්‍රධාන කොට ගෙන ඇති වූ ධාන්‍ය වගා ප්‍රතිසංවිධානය
හේතුවෙන් නගර අවට ඇතැම් පදිංචිකරුවෝ කුඹල් කර්මාන්තය, මසුන් අල්ලා වේලීම
වැනි විශේෂ වෘත්තීන්හි නිපුනතා ඇති කරගෙන ඇති අතර උක්‌ත නිෂ්පාදන
ද්‍රව්‍යය උරුක්‌ වෙළෙඳ පොළෙහි ධාන්‍ය වර්ග සමඟ හුවමාරු වී ඇත.

ක්‍රමිකව සෙමින් සෙමින් එකින් එක සිදුවූ උක්‌ත වෙනස්‌කම් හේතුවෙන් නගරය
හා ජනාවාස පාලනය කිරීම සඳහා වඩ වඩා මධ්‍යගත වූ අධිකාරියක්‌ ඇති විය. මේ
පාලන අධිකාරිය විසින් ලෝකයේ මුල්ම නිලධාරි පැලැන්තිය බිහිකරන ලදී. ජන
ජීවිතයට අත්‍යවශ්‍යම ධාන්‍යය තොග ගබඩා කිරීම හා බෙදාහැරීම එදා මේ
නිලධාරීන්ගේ මූලික කාර්යභාරය විය.

උක්‌ත පරිවර්තන සියල්ලෙහිම අවසාන ප්‍රතිඵලය මානව සංවිධානය නව්‍ය තලයකට
ප්‍රවිශ්ඨ වීමය. ඒ අනුව ක්‍රි.පූ. 3100 වන විට මෙසපොතේමියාවේ දකුණු දිග
පිහිටි නගර ලෝකයේ පළමු ශිෂ්ටාචාරවලට නිජබිම විය.

වායු ගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණයේ ප්‍රමාණය සෙර්නියා පෙස්‌ටිස්‌
(YERSINIA PESTIS) නමැති බැක්‌ටීරියාව වැඩිවීම හේතුවෙන් ඇති වූ බරපතල
වසංගත අතර කිසියම් සම්බන්ධතාවයක්‌ පවතින බව විලියම් රෑඩිමන්ගෙ අදහසයි.
(HTTP//EN.WIKIPEDIA.ORG
/WIKI/ YERSINIA PESTIS)

උක්‌ත බැක්‌ටීරියාව හේතුවෙන් සමස්‌ත යුරෝපය සිසාර පැතිරි ගිය වසංගතයයෙන්
සෑම යුරෝපියන් 4 දෙනකුගෙන් එක්‌ පුද්ගලයකුට මරණය අත් වී ඇත. බාල තරුණ
මහලු යුරෝපිය මිලියන 25 ක්‌ පමණ මෙම කළු මරණය (BLACK DEATH) නමැති වසංගතය
හේතුවෙන් 1347 - 1352 අතර පස්‌ අවුරුද්දේ මිය ගොස්‌ ඇත. 1352 සිට වසර 300
ක කාලයක්‌ යුරෝපියන් මෙම වසංගතයෙන් මිදීම සඳහා ගත කර ඇත.

2010 වසරේ දී ක්‍රිස්‌ටෝපර් ස්‌මිත් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද BLACK
DEATH සිනමා කෘතිය එංගලන්තයේ උක්‌ත යුගය සිහිපත් කරමින් නිර්මාණය කර ඇත.



චීනයේ සිල්ක්‌ පනුවාගෙන් (SlLK WORM) ලබා ගන්නා වූ නූල්වලින් නිෂ්පාදනය
කරන ලද ඇගලුම් හේතුවෙන් පෙර අපරදිග වෙළෙදාමේ ප්‍රධාන මාර්ගය සේද මාවත
(SILK
ROAD) ලෙස හැඳින්වී තිබිණි. පෙර අපරදිග මුහුදු මාර්ගය ඉන්දියානු සාගරයේ
සියලුම රටවල වෙළෙ¹ම් කටයුතුවලට වඩාත්ම වැදගත් සේවාවක්‌ සපයා ඇත. එකල
කුළුබඩු මාර්ගය (SPICE ROUTE) මෙන්ම තේ මාර්ගය ද (TEA
ROUTS) අපේ රටේ වෙළෙ¹මට බොහෝ උපකාරී වී ඇත.

පෙර අපරදිග වෙළෙඳුන් මෙම මාර්ග ත්‍රිත්වයේම ක්‍රියාත්මක වීම හේතුවෙන්
යුරෝපයට මහා ව්‍යසනයක්‌ අත්කර දුන් කළු මරණයේ (BLACK DEATH) අඳුරු
සෙවණැලි ශ්‍රී ලංකාවට ද වැටී ඇත්තේ මීයන්ගේ මැක්‌කන් විසින් ගෙනයනු ලබන
බයිලුස්‌ පැස්‌තිස්‌ නම් විෂබීජය හේතුවෙන් මිනිස්‌ සංහතියටත් සත්ත්ව
සංහතියටත් බෝවන භයානක වසංගත රෝගයක්‌ වන මහාමාරිය රට තුළ ක්‍රියාශීලී
වීමෙනි (BUBONIC PLAGUE) (ඉකිලියේ කුද්දටි ආකාරයේ ගැටිති හට ගැනීම)
(PLAGUE {PLAG} L.
PLAGA)

නමුත් යුරෝපයේ මෙන් දැවැන්ත ව්‍යසනයක්‌ ශ්‍රී ලංකාවට අත්වී නැත්තේ එකල
ලංකාවේ මානව ශිෂ්ටාචාරයේ තිබූ උසස්‌ ගුණ ධර්ම හේතුවෙනි. අපේ පැරැණි
මුතුන් මිත්තන් බෞද්ධ චින්තාවට අනුව ලෙඩ රෝග, යක්‍ෂ, භූත, ප්‍රේත ආදී
බලවේග මගින් ඇතිවන බව විශ්වාස කරන ලද හෙයින් නොයෙක්‌ විධ යාග, හෝම, බලි,
තොවිල් පැරැණි සමාජයේ විශාල කාර්යභාරයක්‌ ඉටුකර ඇත. ඒ අනුව දහඅට සන්නියේ
එන කාල සන්නිය, යුරෝපයේ කළු මරණයට සාපේක්‍ෂව ශ්‍රී ලංකාවේ මහාමාරිය
වසංගතයට කරන ලද ශාන්තිකර්මයක්‌ වශයෙන්ද සැලකිය හැකිය. මක්‌ නිසාද යත් අපේ
මුතුන් මිත්තන් විශ්ව බලවේග පිළිබඳ නිවැරැදි අවබෝධයෙන් ජීවත් වී ඇති
බැවිනි.

අද්‍යතන විද්‍යාත්මක ලෝකය අපේ පැරැණි මුතුන් මිත්තන්ගේ මහා සම්ප්‍රදායේ
චින්තනය නිවැරැදි බව නිගමනය කර ඇත. එම නිසා අනාගත පරපුරට වායු ගෝලය
ආරක්‍ෂා කරදීමට වත්මන් පරපුර ක්‍රියා කිරීම ඉතාමත් වැදගත් වෙහෙවරක්‌ වනු
ඇත්තේ එසේ නොකළහොත් වායු ගෝලීය සංයුතිය වෙනස්‌වී නැවතත් මිනිස්‌ සංහතියට
මරණය ළඟා කරදීමට තීරණය කරනු ඇතැයි සිතීමට ද ඉඩ තිබෙන හෙයිනි.

වසර 05 ඇතුළ දී එකල යුරෝපා ජනගහනයෙන් මිලියන විසිපහක්‌ මිය යැමෙන්
පාළුවටම ගිය යුරෝපා මහද්වීපයේ ගොවි බිම් යළි මහ වනය විසින් නැවත ආක්‍රමණය
කර ඇත.

මෙම වන ආක්‍රමණය හේතුවෙන් අවශෝෂණය වූ කාබන්ඩයෝක්‌සයිඩ් ප්‍රමාණය වායු
ගෝලයේ කාබන් සංයුතියට මිලියනයකට කොටස්‌ 05 ත් 10 ත් අතර ප්‍රමාණයකින් අඩු
කිරීමට සමත් වී ඇත. මෙම හේතුවෙන් පෘථිවි උෂ්ණත්වය මදකින් පහළ බැස නිවර්තන
කලාපවල යළි සිසිල් දේශගුණය උදාකර ඇත.

රූඩ්මන්ගේ තර්කයෙන් ගම්‍යවන පරිදි උෂ්ණත්වය පමණට වඩා නැංවීමකින් තොරව
අවශ්‍ය තරම් හරිතාගාර වායු වාතයට එක්‌කිරීම හේතුකොට ගෙන තවත් අයිස්‌
සමයක්‌ එළඹීම වළක්‌වා ගැනීමට පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ මුතුන්
මිත්තන්ගේ කටයුතු නිසා හැකි වී ඇත. එහෙත් අද්‍යතන භූ විද්‍යාඥයන් විසින්
අනාවරණය කර ගෙන ඇති කරුණු වලට අනුව වායුගෝලීය සංයුතියේ ඇතිවෙන වෙනස්‌කම්
කෙතරම් ප්‍රබල දැයි කිවහොත් නිසැකයෙන්ම බලවත් දේශගුණික විපර්යාසයකට
මිනිස්‌ සංහතියට මුහුණ දීමට සිදුවනු ඇත. මිනිස්‌ සංයුතියේ යුගය නොහොත්
ඇන්ත්‍රොපොසීsන වකවානුව මානව ප්‍රගමනයේ ඉතාමත්ම තීරණාත්මක කාලපරිච්ඡෙAදය
වනු ඇති බවට නොයෙකුත් සාධක අද්‍යතනයට පෙළ ගැසී ඇත. මානව ප්‍රගමනයේ
ඉතාමත්ම යහපත් සුවදායී අපේක්‍ෂා සහිත ස්‌වර්ණමය යුගය වන ඇන්ත්‍රොපොසීsන
වකවානුව ඉතාමත්ම කෙටිම භූ විද්‍යාත්මක වකවානුව වීම හෝ නොවීම මිනිසාගේ
දෛනික චර්යාව, විශේෂයෙන්ම කාබන්ඩයොක්‌සයිඩ් වායුගෝලයට මුදාහැරීම මත තීරණය
වන බව ඉතා පැහැදිලිය.

අද්‍යතන මිනිසාගේ පළමු යුතුකම වී ඇත්තේ අති මහත් කාබන්ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය අඩු කිරීමට හැකි පමණින් දායක වීමය. මහා කවි කාලිදාසයන් මෙසේ
ප්‍රකාශ කර ඇත. කුසට අහර ද හිසට සෙවණ ද පණ නළ රැකගන්නට පිරිසිදු වායුවද
නොමිලේ සපයා දෙන ගස්‌වැල් මිනිසාගේ ළඟම හිතවතුන්ය. ගස්‌වැල් වල පිහිට
නොපතා මිනිසාට ජීවත් විය නොහැක.

දේශප්‍රිය නානායක්‌කාර

අයිස්‌ සාගරයේ ශ්‍රී ලංකාව පාවි යයි




අයිස්‌ සාගරයේ ශ්‍රී ලංකාව පාවි යයි





මහාද්වීප ප්ලාවිතය

(CONTINENTAL DRIFT)

සනාථ කෙරෙන භූ දර්ශනයක්‌



භූ ගෝල විද්‍යාත්මකව භෞම පද්ධතිය (GEO-SYSTEM) ලෙස හඳුන්වන පෘථිවි වායු

ගෝලීය පද්ධතියේ සියලුම මානව අංග මානව ජීවිතය හා බැඳී පවතින අතර මානව

සෞඛ්‍ය තීරණය කිරීමේදී මේ සියලු කොටස්‌ සම්බන්ධ වේ.


පෘථිවියේ දීර්ඝ කාලීන විකාශනය සහ සමාජ පරිණාමයෙන් පසුව ජෛවගෝලීය පැවැත්ම

වෙනස්‌ කිරීමේ ප්‍රධාන ජෛවීය සාධකය බවට මිනිසා පත්ව ඇත. වෙනස්‌ වෙමින්,

විකරණය වෙමින් පවතින ස්‌වභාවික පාරිසරික අංග අතර ප්‍රධාන වනුයේ වායුගෝලයේ

දැනට සිදුවී ඇති වෙනස්‌ කම්ය. එම නිසා වායු සංයුතිය, උෂ්ණත්වය,

වර්ෂාපතනය, සුළං, ආර්ද්‍රතාව ආදී වූ කාලගුණික හා දේශගුණික මූලාංගයන්

වෙනස්‌ වී ඇත. විශේෂයෙන් වායුගෝලයේ සිදුවන වෙනස්‌වීම් මිනිස්‌ සංහතියේ

රෝග වැඩි වීමට හේතු වී ඇත.


එහෙයින් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට නැතහොත් මිනිසාට වැළඳෙන රෝගද

බෙහෙවින් වර්ධනය වී ඇත. අතීතයේදී බලවත් වූ එහෙත් පසු කාලයේදී මර්දනය කරන

ලද සමහර මානව රෝගද අද්‍යතනව නැවැතත් පෘථිවි ගෝලයේ තැනින් තැන වර්ධනය

වෙමින් තිබීම මානව ප්‍රගමනයට මහත් තර්ජනයකි. ගෝලීය උණුසුම්කරණය

(GLOBALWARNMING) සමග වෙනස්‌ වන භෞතික පාරිසරික ලක්‍ෂණ රෝග වාහක කෘමීන්ට

මෙන්ම රෝග බීජවල මර්දනයට හේතු වී ඇත.


මිහිතලය උණුසුම් වීමට හා සිසිල් වීමට තුඩුදෙන්නේ කුමන කාරණා දැයි ගෝලය

සිසාරා උක්‌ත ක්‍ෂේත්‍රයේ විද්‍යාඥයන් මැනවින් විමසා බලනු ලැබ ඇත.


ඒ අතරින් ඔස්‌ටොහන්ගේරියානු අධිරාජ්‍යයේ සිවිල් ඉංජිනේරුවරයකු ලෙස කටයුතු

කළ මිලියුටින් මිලන්කොවිච් විශිෂ්ටතම විද්‍යාඥයකු ලෙස ගෝලීය විද්‍යාඥයන්

විසින් පිළිගෙන ඇත. (AUSTRIA - HUNGARY -

GEOPHYSICIST AND CIVIL ENGINEER - MILUTIN

MILANKOVICH 1879-1958) අද්‍යතනව සර්බියාව යනුවෙන් හැඳින්වෙන ලෝක

ප්‍රාදේශීය ගම්මානයේදී උපත ලැබූ මිලියුටින් මිලන්කොවිච් ප්‍රථම ලෝක

යුද්ධය අවධියේදී බුඩාෆෙස්‌ට්‌ හි හංගේරියානු විද්‍යා ඇකඩමියේ පුස්‌තකාලයේ

(BUDAPEST HUNGARIAN, ACADEMY OF SCIENCES) රාජකාරි කිරීමට අවස්‌ථාව ලැබී

ඇත. ඒ වන විටත් ඔහු එකල මතුවූ විශාලතම විද්‍යාත්මක ගැටළුව වූ අයිස්‌ සමය

(ICE-AGE) ඇති වීම පිළිබඳ අධ්‍යයනයේ යෙදෙමින් සිට ඇත. ඉන් දශක 02 කට පසු

1941 දී උතුරු ගෝලීය රාජ්‍යයන් තවත් මහා යුද්ධයකට සූදානම් වෙද්දී ඔහු සිය

විශිෂ්ටතම සොයාගැනීම් "ˆCANON OF INSOLATION OF THE ICE AGE

PROBLEM˜" යන අදහස ගෙන දෙන තම මව් භාෂාවෙන් රචිත කෘතිය හරහා එළි දක්‌වා

ඇත. මිලියුටින් මිලන්කොව්ච් හා අදාළ විද්‍යාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ

අධ්‍යයනයට EN.WIKIPEDIA.ORG/WIKI/MULUTIN MILANKOVICH වෙබ් අඩවිය ඇතුළු

වෙබ් අඩවි දහස්‌ ගණනක ඔබට පියාසර කරමින් අධ්‍යයනයේ යෙදිය හැක.


පෘථිවියේ දේශගුණය විචලනයට (නිරන්තරයෙන් වෙනස්‌ වීම) කාරක වන අයිස්‌ සම

(ICE AGE) ඇති වීම මූලික වශයෙන් කාල චක්‍ර 03 කට වෙන්කළ හැකි බව

මිලියුටින් මිලන්කොවිච් විසින් 1941 දී තහවුරු කර ඇති අතර උක්‌ත කාලචක්‍ර

මිලන්කොවිච් චක්‍ර වශයෙන් භාෂිතය. මින් වඩා දීර්ඝතම කාල චක්‍රයට හේතුව

පෘථිවිය සූර්යයා වටා ගමන් කරන ක්‍ෂය (ORBIT) වසර 100,000 කට වරක්‌

දික්‌වී වෙනස්‌ වීමයි. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ නියම වෘත්තාකාර

කක්‍ෂයක නොවේ. වඩාත් නිවැරැදිව සටහන් කරන්නේ නම් අන්ඩාකාර නොහොත්

ඉලිප්සාකාර කක්‍ෂයක්‌ ඔස්‌සේ පෘථිවිය සූර්යයා වටා ගමන් කරයි.





වර්ෂ මිලියන 200 ට පෙර ක්‍රියාත්මක

(TRIASSIC) යුගයේදී පැන්ජියා

(PANGAEA)මහද්වීපය දෙකඩ වී

පෘථිවි ගෝලයේ මහද්වීප පහ

නිර්මාණය වූයේ මෙසේය


වසර 100,000 කට වරක්‌ මෙම කක්‍ෂයේ ඉලිප්සීය (ELLIPSE) මාර්ගය ඉතා ත්‍රීව

වේ. එවිට උක්‌ත සංසිද්ධිය සිදුවන කාලවකවානුව ඇතුළත පෘථිවිය වරෙක සූර්යයාට

වඩාත්ම නුදුරින්ද තවත් වරෙක සූර්යයාට වඩාත් ඈතින්ද ගමන් කරයි. මෙහි

ප්‍රථිඵලය පොළාවට වැටෙන සූර්ය තාපයේ තීව්‍ර බව තත් කාලය සිසාරා සැලකිය

යුතු පරාසයකින් වෙනස්‌ වීමයි.


පෘථිවිය සූර්යයා වටා භ්‍රමණය වන කක්‍ෂයේ ඉලිප්සීය ස්‌වභාවය එතරම් තීව්‍ර

නැත. එබැවින් ජනවාරි හා ජූලි මාස අතර පෘථිවියට වැටෙන හිරු රැස්‌වල වෙනස

6% වැඩි නොවේ. එහෙත් වසර ලක්‍ෂයකට වරක්‌ පොළොවේ ඉලිප්සාකාර කක්‍ෂය

අතිශයින් තීව්‍ර වූ විට එම වෙනස ප්‍රමාණයෙන් 20% - 30% අතර දක්‌වා ඉහළ

යනු ඇත.


පෘථිවි පෘෂ්ඨය මත පතිත වන සූර්ය තාපය මෙතරම් විශාල ප්‍රමාණයකින් වෙනස්‌

කරන එකම කාල චක්‍රය මෙයයි. එම නිසා එමගින් පොළොවේ දේශගුණයට ඇතිවන බැලපෑම

අති විශාලය.


වසර 42,000 කට වරක්‌ ඇතිවෙන දෙවැනි වර්ගයේ කාලචක්‍රවලට හේතු වනුයේ

සූර්යයා වටා භ්‍රමණය වෙමින් ගමන් ගන්නා පෘථිවිය සිය අක්‍ෂයේ සිට මදක්‌

පසකට ඇලවීමයි. මෙසේ ඇලවීමේ කෝණය අංශක 22.10 සිට 24.50 ද දක්‌වා වෙනස්‌

විය හැක. මෙලෙස පසෙකට ඇලවීම ඒ මත වැටෙන සූර්ය තාපයේ ප්‍රබලත්වය වෙනස්‌

කිරීමට හේතු වේ.


වඩාත් කෙටිම තුන් වන කාල චක්‍රය උද්ගත වන්නේ වසර 22,000 වරකි. මෙයට හේතුව

වන්නේ පෘථිවිය භ්‍රමණය වන අක්‍ෂය 22,000 වසරකට වරක්‌ උතුරු තරුවේ සිට

වේගා තරුව දිශාවට දොaලනය වීමය. මේ ක්‍රියාවලිය සිදුවූ විට ශීත සෘතුව ඉතා

අධික ශීතලයෙනුත් ගිම්මානය ගිනියම් රස්‌නයෙනුත් යුක්‌ත වෙයි.


ඉහත කී කාල චක්‍ර 03 ම හඳුන්වන්නේ මිලන්කොවිච් කාල චක්‍ර යනුවෙනි. එහෙත්

මිලන්කොවිච් කාලචක්‍ර අනුව අයිස්‌ සම (ICE AGES) උද්ගත වන්නේ ඊට අනුගාමීව

මහාද්වීප චලනය හෙවත් මහාද්වීප ප්ලාවිතය (CONTINENTAL DRIFT) විසින්

පෘථිවියේ ගොඩබිම් ප්‍රදේශ පෘථිවි ධ්‍රැවයන්ට වඩාත් ළං කරනු ලැබූ විටදීය.

මහාද්වීප ප්ලාවිතය පිළිබඳ පළමුවෙන්ම අදහස්‌ ප්‍රකාශ කළ පුද්ගලයකු වනුයේ

ඒබ්‍රහම් ඔර්ටිලියුස්‌ වන අතර (ABRAHM ORTELIUS 1527 -

1598 FLEMISH CARTOGRAPHER AND

GEOGRAPHER) 1564 දී පිටු 8 කින් යුත් ලෝක සිතියමක්‌ද ඔහු නිර්මාණය කර

ඇත. 1912 දී ජර්මන් ජාතික භූ විද්‍යාඥයකු හා කාලගුණ විද්‍යාඥයකු වූ

ඇල්ෆ්‍රඩ් ලූකර් වෙන්ගර් නමැති විද්‍යාඥයන් විසින් මහාද්වීපික ප්ලාවිතය

(ALFRED LOTHAR

WEGENER NOVEMBER 1880 -

NOVEMBER 1930, WAS A GEMAN

SCIENTIST, GEOPHYSICIST AND

METEOROLOGIST) පිළිබඳ විස්‌තර සහිත කල්පිතයක්‌ ඉදිරිපත් කර ඇත. එම අදහස

දකුණු අප්‍රිකාණු ජාතික ඇලෙන්සැන්ඩ්‍රර් ඩු ටුවාට්‌ (ALEXANDER DU

TOIT 1878 - 1948) විසින්ද පිළිගන්නා ලදී.




ඇල්ෆ්‍රඩ් වෙන්ගර් මහාද්වීපික ප්ලාවිතය ඔප්පු කිරීමට සාක්‍ෂි 03 ඉදිරිපත්

කර ඇත. 1.අප්‍රිකා හා දකුණු ඇමෙරිකා මුහුදු තීර දෙකේ සමාන්තර පිහිටීම. 2.

පේලියෝසික පසු භාගයේදී (LATE PALEOZOIC) ඇතිවුණ අයිස්‌ ග්ලැසියරය

හේතුවෙන් තැන්පත් වූ පැරකා ටිලයිට්‌ස්‌ (TILLITES) පාෂාණ හා රේඛා සහිත

පාෂාණ දැනට විසිරී ගිය දකුණු අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, ඔස්‌ෙට්‍රීලියාව

සහ ඉන්දියා වැනි මහාද්වීපවලින් සොයාගැනීමට හැකිවීම 3. පාෂාණිධාතු සාක්‍ෂි

- දකුණු ඇමරිකාව, අප්‍රිකාව හා කිට්‌ටුවෙන් පිහිටා ඇති මහද්විපිකාවල

සත්ත්ව වර්ග හා වෘක්‍ෂලතා ආදියේ සමානකම්ය, EN.WIKIPEDIA

ORG/WIKI/CONTINENTAL DRIFT ඇතුළු වෙබ් අඩවි රාශියක විස්‌තර ඇතුළත්ය.

පුරා චුම්භකත්ව සාක්‍ෂි (PALAEOMAGNETIC-EVIDENCE) මහාද්වීපික ප්ලාවිතය

පිළිබඳව අනාවරණය වූයේ බ්‍රිතාන්‍ය ජාතික ස්‌ටැන්ලි කේයිත් රන්කොර්න් සහ

පැට්‌රික්‌ එම්. එස්‌. බ්ලැකට්‌ (STANLEY KEITH

RUNCORN AND PATRICK M. S. BLACKE TT) යන විද්‍යාඥයන් දෙදෙනාගේ

නායකත්වයෙන් කළ පරීක්‍ෂණ වලදීය. පුරා චුම්භකත්වය යන්නෙහි අර්ථය නම් එක්‌

භූවිද්‍යාත්මක කාලයන්හිදි චුම්භක ධ්‍රැවයේ පිහිටීමේ වෙනස්‌ වීමයි.

ප්‍රාග් කේන්ද්‍රීය යුගයේ සිට අද්‍යතන යුගය දක්‌වා චුම්භක ධ්‍රැවය

පිහිටීම එක්‌ එක්‌ විද්‍යාත්මක යුගවලදී වෙනස්‌ වී ඇති බව විද්‍යාත්මක

අනාවරණය වී ඇත. මෙම කාරණය ධ්‍රැවය ප්ලාවිත වීමට වැදගත් සාක්‍ෂියකි.




පර්මියන් යුගයේ වැඩි විස්‌තර දැන ගැනීමට (PERMIAN) EN

WIKIPEDIA ORG/WIKI/PERMIAN වෙබ් අඩවියේ පියාසර කරන්න. සෑම රටකටම ධ්‍රැව

චුම්භකත්වය එක තැනම පිහිටා තිබුණු නමුත් මෙම අනාවරණය අනුව පෙනී යන්නේ

දකුණු ඇමෙරිකාව අප්‍රිකාවට සමීපයේ පිහිටා තිබුණු අත්ලාන්තික්‌ සාගරය

උක්‌ත රටවල මැද නොතිබුණු බවය. මහාද්වීප දෙකක්‌ අතර පෙර මායිම වශයෙන්

සලකන්නේ මීටර් 1000 ක්‌ ගැඹුරු මුහුද යට පිහිටි සමෝච්ච රේඛාව මිස අවට

පෙනෙන අද්‍යතන වෙරළ මායිම නොවේ.


වර්ෂ මිලියන 200 ට පෙර ත්‍රියාසික (TRIASSIC) යුගයේදී පැන්ජියා (PANGAEA)

නමින් යෝධ මහද්වීපයක්‌ තිබිණි. මෙය කොටස්‌ දෙකකට කැඩී වෙන්විය. එනම්

දකුණේ ගොන්ඩ්වානාලන්තය හා උතුරේ ලොරේසියාව වශයෙනි. එසේම පැන්තලැස්‌ස

(PANTHALASSA) නමින් වර්තමාන පැසිෆික්‌ (PACIFIC) සාගරයේ මෑණියන් වැනි වූ

වැන්ජියා නම් වූ මහාද්වීපික භූමි ප්‍රදේශය අවට විහිදී ගිය සාගරයක්‌ ඇති

විය. උක්‌ත පැන්තැලැස්‌ස සාගරයේ එක්‌ අංශයක්‌ දිගේ ටෙතිස්‌ (TETHYS)

මුහුද අප්‍රිකාව හා යුරේසියාව මැදින් විහිදී ගියේය. මධ්‍යධරණී මුහුදේ

මෑණියන් වනුයේ උක්‌ත ටෙතිස්‌ සාගරයයි.


මහාද්වීපික ප්ලාවිතය (CONTINENTEL DRIFT) අවුරුදු මිලියන 135 ට පෙර

ජුරාසික (JURASSIC) යුගයේ අවසානයේ සිට නොනැවතීමට පැවැත ඇත. වසර මිලියන

126 ට පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියාව නැගෙනහිර ඇන්ටාටික්‌ ප්‍රදේශයෙන්

වෙන්වී උතුරට පාවෙන්න පටන් ගෙන ඇත. අවු( මිලියන 65 කට පෙර දකුණු

අත්ලාන්තික්‌ සාගරය ඇතිවිය. මුහුදු පත්ල පැතිරීම (SEAFLOOR

SPREADING) හේතුවෙන් උතුරු අත්ලාන්තික්‌ සාගරය ඇති විය.




ඉහත ඡේදයේ විස්‌තර කරන ලද මිලන් කොවිච් කාලචක්‍ර අනුව අයිස්‌ සම (ICE

AGES) උද්ගත වන්නේ ඊට අනුගාමීව මහාද්වීප චලනය හෙවත් මහාද්වීප ප්ලාවිතය

පෘථිවියේ ගොඩ බිම් ප්‍රදේශ පෘථිවි ධ්‍රැවයන්ට වඩාත් ළං කරනු ලැබූ විටය.

උක්‌ත ක්‍රියාවලිය මිලන්කොවිච් කාල චක්‍ර සමග නියම කලට උද්ගත වූ විට ඇති

වන දෘඩ ශිත සෘතු ධ්‍රැව ප්‍රදේශවල අති විශාල වශයෙන් හිම එක්‌ රැස්‌

කිරීමට දායක වේ.


ඒ සුවිශාල හිම කන්දරාව හේතුවෙන් අයිස්‌ සම (ICE AGES) උද්ගත වේ.


දෘඩ මිලන්කොවිච් කාල චක්‍ර තත්ත්වයන් යටතේ වුවද වසරකට පෘථිවියට වැටෙන

සමස්‌ථ සූර්ය තාපයේ ප්‍රමාණය 1% කින් දහයෙනුත් පංගුවකට වඩා වෙනස්‌ නොවේ.


එහෙත් සූර්ය රශ්මි ප්‍රමාණයේ ඒ සා සුළුතර වෙනසට වුවද මහ පොළොවේ උෂ්නත්වය

සෙන්ටිග්‍රේට්‌ 5 කින් වෙනස්‌ වේ.


නිසැක වශයෙන්ම මෙය කෙසේ සිදුවන්නේ දැයි විස්‌තර කළ නොහැකි නමුත්

අයිස්‌-සම උද්ගත වීමට වායුගෝලයේ පවතින හරිතාගාර වායු සාන්ද්‍රණයද බලපාන

බව අනුමාන කෙරේ. මේ අනුමානයට හේතුව නම් දක්‍ෂිණාර්ධ ගෝලයේ හරිතාගාර වායු

ප්‍රමාණය පහත දැමීමකින් තොරව මෙතෙක්‌ කිසිම දේශගුණික කොම්පියුටර් මොඩලයකට

(COMPUTER

MODEL) අනුරූපි අයිස්‌ සමයක්‌ නිර්මාණය කිරීමට නොහැකි වීමය.


පෘථිවියේ, වායුගෝලයේ හා අභ්‍යවකාශයේ ඇති විය හැකි විවිධ විචලනයන් පිළිබඳ

උපකල්පිත දත්ත ඒ සඳහා විශේෂයෙන් පිළියෙල කළ පරිගණක වැඩසටහන්වලට කැවීමෙන්

දේශගුණික තත්ත්වයන් නිර්මාණය කොට සැසඳීම මෙවැනි කොම්පියුටර මොඩල මගින්

සිදු කෙරේ.


අයිස්‌ සම උද්ගත වීම පිළිබඳ ප්‍රහේලිකාව මිලිටියුන් මිලන්කොවිච් විසින්

1941 දී නිවැරැදිව විසඳුනු ලැබූ නමුදු යනු එකල පළ කළ විශිෂ්ට කෘතිය(CANON

OF INSOLATION OF THE ICE AGE PROBLEM) 1969 දී ඊශ්‍රායෙල් විද්‍යාත්මක

නිබන්ධන පරිවර්ථන වැඩසටහනකට අනුව ඉංග්‍රීසියට පරිවර්ථනය කර එක්‌සත්

ජනපදයේ වානිජ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන තුරු එහි අන්තර්ගත

විද්‍යාත්මක සොයාගැනීම් සමස්‌ත ගෝලීය විද්‍යාඥයන්ගේ දැනීමට එකතු වී

නොතිබිණි. ඒ වන විට සාගර පත්ලේ රොන් මඩ අතරින් විද්‍යාඥයන් විසින්

සොයාගනු ලැබූ සාධක මිලන්කොවිච් කාල චක්‍ර වලට අනුකූලව අයිස්‌-සමය නිසා

ඇතිවන භූ විෂම ලක්‍ෂණ කදිමට තහවුරු කළේය.


මිලනකොවිච් කාලචක්‍ර වල බලපෑම හේතුවෙන් ඇත්ත වශයෙන්ම මේ වන විට පෘථිවිය

සිසිල් විය යුතු බවත් අප තවත් හිම යුගයකට මුහුණ පාමින් සිටින බවත් යට කී

අධ්‍යයනයට අනුව බොහෝ විද්‍යාඥයෝ විශ්වාස කළහ. එහෙත් හුදෙක්‌ එය වායුගෝලයේ

හරිතාගාර වායු සමතුලිතය, මානව ක්‍රියාකාරකම් නිසා කෙතරම් තියුණු ලෙස

වෙනස්‌ වී ඇති දැයි දැන් නිශ්චය කර ගැනීමට ටික කලකට පෙර තිබූ විශ්වාසයක්‌

පමණි.


හරිතාගාර වායු සහ මිලන්කොවිච් කාල චක්‍ර වල බල පෑම හේතුවෙන් දේශගුණයට ඇති

වූ බලපෑම පිළිබඳ වඩා පුළුල් දැනීමකින් සන්නද්ධ වීමට දේශගුණික

විද්‍යාඥයන්ට හැකි වුවත් පරීක්‍ෂා කළ යුතු තවත් බොහෝ සාධක ගණනාවක්‌ම විය.

ඒ අතරින් එක සාධකයක්‌ වූයේ සූර්යාගෙන් නිකුත් වන තාප රශ්මිවල තීව්‍ර

බවයි. සූර්යාගෙන් නිකුත් වුණු රශ්මියෙන් තුනෙන් දෙකකට කිට්‌ටු

ප්‍රමාණයක්‌ පෘථිවිය මත අවශෝෂණය වී වැය වේ. ඉතිරි තුනෙන් එක නැවත

අභ්‍යවකාශයට පරාවර්ථනය වේ.





මිලියුටින් මිලන්කොවිච් (AUSTRIA - HUNGARY - GEOPHYSICIST AND CIVIL

ENGINEER - MILUTIN MILANKOVICH 1879-1958) සහ ඔහු විසින් රචිත"CANON OF

INSOLATION OF THE ICE AGE

PROBLEM" කෘතිය



අයිස්‌ සම (ICE AGE - GLACIALAGE) පිළිබඳ ප්‍රථමයෙන්ම සාකච්ඡා කර ඇත්තේ

1742 දීය. ඉංජිනේරුවරයකු සහ භූ විද්‍යාඥයෙකු වූ පියරේ මාටෙල් (PIERRE

MARTEL 1706 - 1767) ඒ සඳහා මූලික වී ඇත. අයිස්‌ සමය පිළිබඳ අධ්‍යයනය

සඳහා අන්තර් ජාලයේ වෙබ් අඩවි දහස්‌ ගණනකි. අයිස්‌ සමයේ ජීවින් වන WOOLLY

MAMMOTH හා WOOLLY

RHINOCEROS යන විශාල වූවා GIANT-DEER යන සතුන්ගේ ප්‍රතිනිර්මාණය කරන ලද

රූ සටහන් දර්ශනය කිරීමට ඵMOUNTED

SKELETON AT THE NATIONAL

MUSEUM OF NATURAL

HISTORY-WASHINGTON. D.C.

WWW.MUNUSI.EDU/ වෙබ් අඩවියට පිවිසෙන්න. ICE AGE අයිස්‌ සමයේ මානවයා

පිළිබඳ රචිත කෘති අතරින් ICE AGE ORIGINS ICE

AGE FIRST MAN, ICE AGE

NEANDERTHALS යන REBECCA

STOFOFE විසින් රචිත ග්‍රන්ථ ලොව සිසාරා ජනප්‍රියය. ඒ අතරින් MODERN

HUMEANS ග්‍රන්ථය වඩාත් ජනප්‍රියය. මේ පිළිබඳ තව දුරටත් කියවීමට

EN'WIKIPEDIA

ORG/WIKI/ICE AGE. වෙබ් අඩවියේද පියාසර කරනු මැනවි.


සූර්ය පෘෂ්ඨයේ හිරු ලප (SUNS POTS) ඇතිවීම පිළිබඳ වසර 2000 පමණ කාලයක

සිටි චීන හා ග්‍රීක තාරකා විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී අතර, චීන තාරකා

විද්‍යාඥ ජෙන් ඩී (CHINESE ASTRONOMERGEN DE) ක්‍රිස්‌තු වර්ෂයට පෙර (28

BC) කරන ලද නිරීක්‍ෂණ වාර්තා තාරකා නාමාවලියේ (STAR -

CATALOGUE) සටහන් වී ඇත. ඒ අතර තවත් බොහෝ තාරකා විද්‍යාඥයන් මේ පිළිබඳ

නිරීක්‍ෂණ කටයුතු කර ඇති අතර 1610 දී පළමුවරට ටෙලෙස්‌ කෝප් නොහොත්

දුරේක්‍ෂයක්‌ මගින් හිරු ලප නිරීක්‍ෂණය කර ඇත්තේ ඉංග්‍රීසි ජාතික තාරකා

විද්‍යාඥ තෝමස්‌ හැරියොට්‌ (THOMAS HARRIOT C. 1560 - 1621) විසින්ය.

කෙසේ වෙතත් 1612 ගැලීලියෝ ගැලිලි (ITALIAN PHYSICIST,

MATHEMATICIAN ASTRONOMER, GALILEO GALILEI 1564-

1642) විසින් ඉදිරිපත් කරන ලද නිරීක්‍ෂණ මේ සඳහා වඩාත් තීව්‍ර ලෙස බලපාන

ලදී. හිරු ලප පිළිබඳ වැඩි දුර අධ්‍යයනයට EN.WIKIPEDIA.ORG/WIKI/SUNSPOT

වෙබ් අඩවි ලක්‍ෂ ගණනක ඔබට සැරිසැරිය හැකිය. දේශගුණය කෙරෙහි හිරු ලප

සැබවින්ම බලපානුයේද යෑයි සොයා බැලීමේ ක්‍රියාවලියේදී වසර 600 ක තරම් ඈත

කාලයක්‌ දක්‌වා වයස රුක්‌ කඳන්වල වාර්ෂික වලයන් (TREE-RINGS) පරීක්‍ෂා කර

බැලූ විට සූර්ය ලප හා වෘක්‍ෂ වර්ධනය අතර කිසියම් සමීප තාවක්‌ ඇති බව දැන

ගන්නට ලැබී ඇත. වාර්ෂික - වලය යනු වෘක්‍ෂයක්‌ තිරස්‌ අතට කැපූ විට දක්‌නට

ලැබෙන එහි වාර්ෂික වැඩීම වසරක්‌ පාසා සලකුණු කෙරෙන වලයාකාර රේඛා සටහනයි.

මේ වාර්ෂික වලයන් අතර ඇති පරතරය තත්කාලීන දේශගුණය නිගමනය කිරීමේ සාධකයක්‌

වශයෙන් යොදා ගැනේ. වලයාකාර රේඛා අතර පරතරය වැඩි වූ විට ඒ වසර යහපත්

දේශගුණයක්‌ සහිත වසරක්‌ වශයෙන්ද ඒ පරතරය පටුවීම අයහපත් දේශගුණයක්‌ ඇති වූ

වසරක සලකුණ වශයෙන් ද සැලකේ. මේ පිළිබඳ අධ්‍යයනය කළ පළමු තාරකා විද්‍යාඥයා

වනුයේ ඇන්ඩෘ එලිකොට්‌ ඩග්ලස්‌ය. (ANDREW ELLICOTT DOUGLASS 1867 - 1962)

ඇන්ඩෘ එලිකොට්‌ ඩග්ලස්‌ රුක්‌ කඳන් වල වාර්ෂික - වලයන් පිළිබඳ

(DENDROCHRONOLOGY) විද්‍යාවේ ප්‍රාරම්භක පුද්ගලයා වන අතරම ඇමරිකාවේ

ඇරිසෝනා ප්‍රාන්තයේ ටස්‌කන්හි ඇරිසෝනා විශ්වවිද්‍යාලයීය රුක්‌ කඳන් වල

වාර්ෂික වලයන් පිළිබඳ පරීක්‍ෂණාගාරයේද නිර්මාතෘවරයාය. (THE LABORATORY OF

TREE-RING RESEARCH (LTRR) UNIVERSITY OF ARIZONA IN TUCSON, ARIZONA

1937).


මෑත කාලයක සොයාගත් තොරතුරු අනුව පොළොවට පතිත වන සූර්ය රශ්මියේ ප්‍රමාණය

හා වායුගෝලයේ ඇති හරිතාගාර වායු ප්‍රමාණය එකිනෙකට වෙනස්‌ ආකාරයට පෘථිවියේ

දේශගුණය කෙරෙහි බලපාන බව දැනගන්නට ලැබී ඇත. සූර්යයාගෙන් නිකුත් වන

පාරාජම්බුල කිරණ (ULTRA-VIOLET RAYS) ඕසොන් ස්‌ථරය මගින් අවශෝෂණය කිරීම

මගින් සූර්ය රශ්මිය ස්‌ථරගෝලයේ හෙවත් ස්‌ට්‍රැටොෂ්පියරයේ (STRATOSPHERE)

ඉහළ කොටස උණුසුම් කරයි. පාරාජම්බුල කිරණ පළමුවෙන් හඳුනා ගත්තේ (ULTRA

VIOLET) පරමානු භෞතික විද්‍යාඥ ජොන් විල්හෙලම් රිටර් (JOHANN WILHELM

RITTER 1776 - 1810) විසිනි. මේ පිළිබඳ වැඩි දුර අධ්‍යයනයට

EN.WIKIPEDIA.ORG/WIKI/ULTRA VIOLET ඪෂධඛෑඔ ඇතුළු වෙබ් අඩවි මිsලියන ගණනක

ඔබට සැරිසැරිය හැකිය. සූර්යාගෙන් නිකුත් වන පාරාජම්බුල කිරණ ඕසොන් ස්‌ථරය

මගින් අවශෝෂය කිරීම හේතුවෙන් ස්‌ට්‍රැටොෂ්පියරයේ ඉහළ කොටස උණුසුම් වීම

පිළිබඳවත් ස්‌ට්‍රැqටොෂ්පියරය පිළිබඳ අධ්‍යයනයටත්

EN.WIKIPEDIA.ORG/WIKI/STRATOSPHEREවෙබ් අඩවියට පිවිසෙන්න. එහෙත්

හරිතාගාර වායු ප්‍රමාණය ඉහළ ගිය විට උණුසුම් වන්නේ පර්වර්තීය ගෝලයේ හෙවත්

ට්‍රොපොෂ්පියරයේ (TROPOSPHERE) අප ජීවත් වන පහළ කොටසයි. ට්‍රොපොෂ්පියරය

වායු ගෝලයේ පළමු K.M. 8/15 දක්‌වාද ස්‌ට්‍රැටොෂ්පියරයේ (STRATOSPHERE)

K.M. 50.60 දක්‌වාද මෙසෝපියරය (MESOSPHERE) K.M. 95-120 දක්‌වා ද

තොර්මොස්‌පියරය THERMOSPHERE) K.M. 600 දක්‌වාද ක්‍රියාත්මකය.

TROPOSPHERE ය පිළිබඳ අධ්‍යයනයට EN.WIKIPEDIA.ORG/WIKI/TROPOSPHERE වෙබ්

අඩවියේ සැරිසරන්න. කලකට පෙර ඕසොන් ස්‌ථරය පිපිරවීම (OZONE HOLE) හේතුවෙන්

පාරාජම්බුල කිරණ අවශෝෂණය දුර්වල වීමෙන් ස්‌ට්‍රැටොෂ්පියරයේ ඇතිවූ සිසිල්

වීමට ද හරිතාගාර වායු ප්‍රමාණය අධික වීම නිසා ට්‍රොපොෂ්පියරයේ වැඩිවන

උණුසුමටද මේ වන විට වායු ගෝලය ලක්‌ව ඇත. කෙසේ වෙතත් මේ වෙනසට හිරු ලප

බලපා ඇති බවත් දක්‌නට නොලැබේ. වැඩිදුර අධ්‍යයනයට WWW.THE OZONE HOLE.COM.

yd EN.WIKI PEDIA ORG/WIKI/OZONE HOLE ඇතුළු වෙබ් අඩවි රාශිය පියාසර කළ හැකිය.


නොයෙක්‌ පාෂාණිභූත හෙවත් ෆොසිල (FOSSIL) ද්‍රව්‍යයද තත්කාල වකවානුවල

පැවැති දේශගුණය පිළිබඳ බොහෝ දේ අපට කියා දෙනු ඇත, ෆොසිලවල ඇතැම් ලක්‍ෂණ

මෙන්ම ෆොසිල තැන්පත්ව ඇති විවිධ ප්‍රදේශ අනුවද එකල දේශගුණය ගැන තොරතුරු

දැනගත හැකිය. උදාහරණයක්‌ ලෙස ගත හොත් දේශගුණයේ දැඩි වෙනසක්‌ හේතුවෙන්

හිටිහැටියේ සත්ත්ව වර්ග ලෝකයේ එක්‌ කොනක සිට තවත් කොනකට සංක්‍රමණය වීම

ෆොසිල තැන්පත්ව ඇති ප්‍රදේශ අනුව මැනවින් තේරුම්ගත හැක. ෆොසිල පිළිබඳ

අධ්‍යයනයට EN.WIKIPEDIA.ORG/WIKI/FOSSIL ඇතුළු වෙබ් අඩවි රාශියක

සැරිසැරීමට හැක.


ඊළඟ කලාපයට......


දේශප්‍රිය නානායක්‌කාර


කාලයේ දොරටු හැර මිහිතලයට එබී බලමු භූ විද්‍යාව (GEOLOGY) හැදෑරීමේදී භූ කාල සීමා 4 පිළිබඳ (GEOLOGICAL TIME SCALE) අවධාරණය කරනු ලබන අතර කැම්බ්‍රියන් අවධිය අවු( මිලියන 490 සිට 543 දක්‌වාද (THE CAMBRIAN PERIOD 543 TO 490 MILLION YEARS AGO) කැම්බ්‍රියන් යුගය පිළිබඳ අධ්‍යයනයේ යෙදීමට WWW.UCMP.BERKELLEY.EDU/CAMBRI AN/CAMBRIAN වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි රාශියකි. ඔර්දෝවිසියන් අවධිය අවු( මිලියන් 443 සිට 490 දක්‌වාද (THE ORDOVICIAN 490 TO 443 MILLION YEARS AGO) සිලුරියන් අවධිය අවු( මිලියන 417 සිට 443 දක්‌වාද (THE SILURIAN 443 TO 417 MILLION YEARS AGO) චාතුර්ථික අවධිය (QUATERNARY) දක්‌වා අවධි 04 කි. මේ පිළිබඳ වැඩි දුර අධ්‍යනයයේ යෙදීමට EN.WIKIPEDIA.ORG/WIKI/ORDOVICIA N සහ SILURIAN සහ QUATERNARY වචන යොදා එක්‌ එක්‌ අවධීන් පිළිබඳ අධ්‍යයනයේ යෙදීමට හැකිය. භූ කාල සීමාවන් ඉතා පහසුවෙන් එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනීමට හැකිවන්නේ භූ විද්‍යාඥයන් විසින් "සත්ත්ව සංහතියේ උද්ගමනය" (FAUAAL TURNOVER) යනුවෙන් හඳුන්වනු ලබන පරිදි ඇතැම් සත්ත්ව විශේෂ හදිස්‌සියේ විනාශව ගොස්‌ වෙනස්‌ සත්ත්ව විශේෂ බිහිවීම මගින් එම වෙනස පිළිබිඹු වන බැවිනි. එවිට සකල ලෝවාසී ජීවි විශේෂ අතරින් 95%ක්‌ම විනාශ වී යයි. මිනිසා ජීවත් වන පෘථිවි ගෝලය බිහිව ගතවූ වසර බිලියන 4 1/2 තුළ එවැනි කල්ප විනාශයන් සිදුවී ඇත්තේ පස්‌ වතාවක්‌ (5) පමණි. අවසාන කල්ප විනාශය සිදුවූයේ මීට වසර මිලියන 65 කට පෙරය. ෆොසිල වලින් නිගමනය වන පරිදි ඒ වතාවේ කිලෝ ග්‍රෑම් 35 කට වැඩි සියලු කුදු මහත් සත්ත්ව වර්ගයෝ විනාශ වී යෑයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ඩයිනසෝරයන් සහ මුලින්ම විනාශ වී ගියේ මේ වතාවේදීය. පුළුල් ලෙස පිළිගත් මතයට අනුව මේ නස්‌පැත්තියට හේතුව ආගන්තුක ග්‍රහ වස්‌තුවක්‌ මහ පොළොව සමග ගැටීමයි. කාබන් ඩයොක්‌සයිඩ් වල කාර්යභාරය මේ සංසිද්ධියේදී මැනවින් කැපී පෙනේ. මේ අවධියේ පාෂානිභූතවූ ශාඛ පත්‍ර පරීක්‍ෂා කළ විට මේ සංසිද්ධියට ඉක්‌බිතිව වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය හදිස්‌සියේ අධික වශයෙන් ඉහළ ගිය බව දක්‌නට ලැබිණි. අභ්‍යවකාශයෙන් පැමිණි දැවැන්ත ග්‍රහඅංශුවක්‌ (ASTEROID) පෘථිවියේ හුණුගලින් බහුල වූ ප්‍රදේශයක ගැටී දැවීම නිසා මෙසේ වෙන්නට ඇත. එක්‌ සැනෙන් අහසට විදිනු ලැබූ මේ දැවැන්ත හරිතාගාර වායු ස්‌කන්ධය හේතුවෙන් වායු ගෝලයේ උෂ්ණත්වය පිම්මකින් ඉහළ ගිය බව නිගමනයයි. ඉන් ජනිත වූ දැඩි උණුසුම දරාගත නොහැකි වූ සියලුම සත්ත්ව වර්ගයන් පාහේ විනාශ වූ බව විද්‍යාඥයන්ගේ මතයයි. සාමාන්‍යයෙන් යුග සංක්‍රාන්තිවලට තුඩුදෙන කරුණු අතරින් මහද්වීප ඝට්‌ටන ඇතිවීම ග්‍රහ වස්‌තු ඝට්‌ටනය හා හරිතාගාර වායු සාන්ද්‍රණය අධික වීම වැදගත් සාධකයි. මේ සාධක 03 ම එකිනෙකින් වෙනස්‌ ආකාරයට යුග ප්‍රාප්තීන් ඇති කරන නමුත් සත්ත්ව පරිණාමයේ ලා එහි ඵල විපාක එක හා සමානය. මන්ද එම සාධක ත්‍රිත්වය විසින්ම ජීවි විශේෂ සඳහා අභාවය සහ අවස්‌ථාව යන තත්ත්ව දෙකම ජනිත කරනු ලබන බැවිනි. කාලයේ දොරටු හෙවත් උක්‌ත යුග සංක්‍රාන්ති කුඩා, මැද හා මහා යනුවෙන් තෙවැදෑරුම්ය. මහද්වීප එකිනෙක ඝට්‌ටනය වීම, සාගර ජල මට්‌ටම තියුණු ලෙස වෙනස්‌ වීම හා පෘථිවි උෂ්ණත්ව විචලනය හේතුවෙන් ඇති වන කුඩා යුග සංක්‍රාන්ති වලදි නව සත්ත්ව විශේෂ ඇති වී කලින් සිටි තරගකාරීහු බොහෝ විට වඳවී යති. මැද තරමේ යුග සංක්‍රාන්ත වලදී සියලුම සංකීර්ණ ජීවින් වඳ වී ගොස්‌ නව පරිසරයකට උචිත ජීව විශේෂ විකාශය වීම ආරම්භ වේ. මහා සංක්‍රාන්ති යනු සැබැවින්ම සදාකල්පයන් එකිනෙකින් වෙන් කරන්නා වූ අවධීන්ය. එවැනි කල්පාන්තයක්‌ ඇති වන්නේ අති දැවැන්ත උතික්‍ෂිප්තයන් හේතුවෙන් අහසද, සාගරයද, මහපොළොවද ඇතුළු සකල විධ වාසභූමි කැළඹීමථනය වූ විටය. අභ්‍යවකාශයේ ග්‍රහ අංශු පිහිටා ඇති පටියේ (ASTEROID BELT) විශාලතම සාමාජිකයා වූ සෙරිස්‌ (CERES) සොයා ගනු ලැබුයේ 1801 ජනවාරි පළමු වැනිදා ගියුසේෆ් ෆිආසි නමැති ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයා විසිනි. (GLUSEPPE PIAZZI 1746 - 1826 MATHEMATICIAN AND ASTRONOMER) වැඩි දුර අධ්‍යයනයට WWW.NASA.GOV/WORLD BOOK/ASTEROID/WORLD BOOK.HTTP ඇතුළු වෙබ් අඩවි රාශියක පියාසර කළ හැකිය. මීට වසර මිලියන 55 කට පෙර තවත් උග්‍ර ලෝක සංසිද්ධියකට පෘථිවි ගෝලය මුහුණ දුන්නේය. එවර පොළෝ මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය හිටි හැටියේ සෙන්ටිග්‍රේට්‌ 50-100 අතර ප්‍රමාණයකින් වැඩි විය. මෙය හෙළිදරව් වූයේ 2003 නොවැම්බර්යේ දී උතුරු පැසිපික්‌ සාගරයේ පතුළට යටින් කිලෝ මීටර් දෙකක්‌ කැණ සෙන්ටි මීටර් 25 ක්‌ තරම් ඝණීභවනීය වූ ගොහොරු මඩ තට්‌ටුව විෂ්ලේෂණය කර බැලීමේදීය. විශ්මය දනවන වැදගත් කරුණු මේ මගින් අනාවරණය විය. පළමු කාරණය මඩ තට්‌ටුවේ ඉහළ ස්‌ථරය ආම්ලික ඛාදනයට ලක්‌වී තිබීමය. සාගරයේ ආම්ලික ස්‌වභාවය හදිස්‌සියේ වැඩි වූ බවට මෙය සාක්‍ෂි දරයි. සාමාන්‍යයෙන් මෙය සිදුවන්නේ අධික කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ මුහුදු ජලය මගින් අවශෝෂණය වූ විටයි. මේ යුගයේ මුහුදු පත්ලේ විසූ සමස්‌ථ ජීවීන් අති විශාල ප්‍රමාණයක්‌ එකවර විනාශ වූ බව පාෂාණ භූත වලින් දැනගත් විට එය තවදුරටත් විශ්මය ජනක කරුණක්‌ නොවීය. ගොඩබිමින් සොයාගත් සාක්‍ෂි අනුව මේ යුගයේ වර්ෂාපතනය සැලකිය යුතු මට්‌ටමකින් හදිසි වෙනස්‌ වීමකට මුහුණ දුන් බව පෙනිණි. මීට අතිරේකව ආසියාකරය නිජබිම කරගත් සත්ත්ව ශාක ජීවින් මේ යුගයේදී උත්තර ධ්‍රැවාසන්න තිබූ ගොඩබිම් තීරු හරහා උතුරු ඇමරිකාවටත් යුරෝපයටත් සංක්‍රමණය වූ බව තහවුරු විය. මේ ආගන්තුකයන්ගේ සංක්‍රමණය තත් ප්‍රදේශවල කලක සිට ජීවත් වූ ප්‍රාණීන් මිහිපිටින් පළවා හැරියේය. මේ ක්‍රියාවලියේදී කාබන් ගිගාටොන් 1500-3000 දක්‌වා විශ්මය ජනක ප්‍රමාණයක්‌ වායුගෝලයට මුදා හරින ලැබ ඇත. මේ දැවැන්ත මුදා හැරීම දශක කිහිපයක්‌ වැනි සුළු කාල පරිච්ඡේදයක්‌ තුළදී සිදු වූ බව නිගමනය කර ඇත. භූ විද්‍යාත්මක කෝණයකින් බැලූ විට මෙය ක්‍ෂණික සිද්ධියකි. වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය උක්‌ත සිදුවීම හේතුවෙන් මිලියනයකට කොටස්‌ 500 සිට 2000 දක්‌වා වැඩි වූ බව ගණනය කොට ඇත. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට නෝර්වීජියානු වෙරළට ඔබ්බෙන් මුහුදු පත්ලේ පිහිටි ආවාට වලින් විප්‍රේෂණය වූ දැවැන්ත ගෑස්‌ වායු ප්‍රමාණයද මේ සංසිද්ධියට හේතුවකි. පෘථිවි ගෝලයේ නිධිගතව ඇති අති විශාලතම මීතෙන් ගෑස්‌ සංවිත පිහිටා ඇත්තේ මේ කලාපයේය. උණුවී ගිනියම්ව ආවාට හරහා නිකුත් වූ ලාවා කන්දරාව ගෑස්‌ ඉන්ධන සංචිතයට ළඟා වනවිට ගොර දෙමින් විදාරණය වූ මහපොළොව සැනෙන් දෙදරා මහා හඬක්‌ නගමින් ඉන් පෙර නොවූ විරූ ලෙස පුපුරා ගිය අයුරු අති භයංකාර දර්ශනයක්‌ වනු නොඅනුමානය. කෙසේ වෙතත් මෙම මහා ක්‍රියාවලියේ දී නිකුත් වූ මීතෙන් වායුවෙන් වැඩි කොටසක්‌ වායු ගෝලයට මුසු වූ බවක්‌ නොපෙනේ. ඒ වෙනුවට මීතෙන් වායුව මුහුදු ජලයේ ඇති ඔක්‌සිජන් සමග ප්‍රතික්‍රියා කොට කාබන් ඩයොක්‌සයිඩ් මුහුද මතුපිටට නිකුත් කරන්නට ඇත. ඔක්‌සිජන් විරල වීම නිසා සාගරය සත්ත්ව වාසයට අසීරු තැනක්‌ විය. ඉන් ඉක්‌බිති කාබන්ඩයොක්‌සයිඩ් මුහුද ආම්ලිකරණය කරමින් පතුලට කි¹ බසින විට අවශේෂ මුහුදු ප්‍රාණීහු සහමුලින්ම පාහේ විනාශ වූහ. දැන් අපට ගැඹුරු මුහුදේ දක්‌නට ලැබෙන ජීවින් යට කී යුගයෙන් අනතුරුව බිහිවූවන් බවට සාක්‍ෂි ලැබී ඇත. මේ මහා ක්‍රියාවලියෙන් පසුව වැඩිපුර තිබූ කාබන් ප්‍රමාණය අවශෝෂණය කොට වායුගෝලයේ සමතුලිත බව යළි ගොඩ නැංවීමට පෘථිවියට වසර 20,000 ක්‌ ගතවිය. හරිතාගාර වායුවල හදිසි වැඩිවීමකින් ඇති වූ ලෝක සත්ත්වයන්ගේ මේ විනාශය අප අද මුහුණ පා ඇති ව්‍යසනය හා සස¹ බැලීමට අවශ්‍ය ප්‍රබල සාක්‍ෂි රැසක්‌ම ඇත. කෙසේ වෙතත් මෙම අවස්‌ථා දෙක එකිනෙකට සැබැවින්ම වෙනස්‌ සාධක මත උද්ගතවන බව අමතක කළ යුතු නැත. අද්‍යතන පෘථිවිය වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේම සිසිල යුගයක පැවැතිණි. එහෙත් වසර මිලියන 55 කට පෙරදී වායුගෝලය අදට වඩා බෙහෙවින් උණුසුම් වී තිබිණි. එකල වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අද මෙන් දෙගුණයක්‌ වූ අතර මෙකල දකින්නට ලැබෙන ධ්‍රැවාසන්න හිමතලාවලින් ලෝකය තොර විය. ඒ රත්වූ ලෝකයේ අද අපට දක්‌නට ලැබෙන හිම වලසුන් හෝ සාගරයේ වෙසෙන විවිධ විචිත්‍ර සත්ත්වයෝ නොවූහ. එහෙත් වායුගෝලය වුවමනාවට වායු රත්වීම හේතුවෙන් ඕනෑවට වඩා අති විශාල ජීව ප්‍රාණීන් සංඛ්‍යාවක්‌ හා ජෛව විවිධත්වයක්‌ අනතුරට ලක්‌ කිරීමට වර්තමාන ලෝකයට සිදුනොවේවායි අප කිසිසේත්ම නොසිතිය යුතුය. පොළෝ තලය කෙතරම් කාරුණිකද? අපි දෑතින් සෙමින් කාරුණිකව ඇය මදක්‌ පිරිමදිමු. ඊළඟ දිනයේ ඇය හිනැහෙනුයේ මිනිස්‌ සංහතියට වුවමනා සියලු යහපත් දේ දෝතින් දරාගෙනය. ඊළඟ කලාපයට...... දේශප්‍රිය නානායක්‌කාර

කාලයේ දොරටු හැර මිහිතලයට එබී බලමු



භූ විද්‍යාව (GEOLOGY) හැදෑරීමේදී භූ කාල සීමා 4 පිළිබඳ (GEOLOGICAL TIME
SCALE) අවධාරණය කරනු ලබන අතර කැම්බ්‍රියන් අවධිය අවු( මිලියන 490 සිට 543
දක්‌වාද (THE CAMBRIAN PERIOD 543 TO 490 MILLION YEARS AGO)
කැම්බ්‍රියන් යුගය පිළිබඳ අධ්‍යයනයේ යෙදීමට
WWW.UCMP.BERKELLEY.EDU/CAMBRI
AN/CAMBRIAN වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි රාශියකි. ඔර්දෝවිසියන් අවධිය
අවු( මිලියන් 443 සිට 490 දක්‌වාද (THE
ORDOVICIAN 490 TO 443 MILLION
YEARS AGO) සිලුරියන් අවධිය අවු( මිලියන 417 සිට 443 දක්‌වාද (THE SILURIAN 443
TO 417 MILLION YEARS AGO) චාතුර්ථික අවධිය (QUATERNARY) දක්‌වා අවධි 04
කි. මේ පිළිබඳ වැඩි දුර අධ්‍යනයයේ යෙදීමට
EN.WIKIPEDIA.ORG/WIKI/ORDOVICIA
N සහ SILURIAN සහ QUATERNARY වචන යොදා එක්‌ එක්‌ අවධීන් පිළිබඳ අධ්‍යයනයේ
යෙදීමට හැකිය. භූ කාල සීමාවන් ඉතා පහසුවෙන් එකිනෙකින් වෙන් කොට හඳුනා
ගැනීමට හැකිවන්නේ භූ විද්‍යාඥයන් විසින් "සත්ත්ව සංහතියේ උද්ගමනය"
(FAUAAL TURNOVER) යනුවෙන් හඳුන්වනු ලබන පරිදි ඇතැම් සත්ත්ව විශේෂ
හදිස්‌සියේ විනාශව ගොස්‌ වෙනස්‌ සත්ත්ව විශේෂ බිහිවීම මගින් එම වෙනස
පිළිබිඹු වන බැවිනි.



එවිට සකල ලෝවාසී ජීවි විශේෂ අතරින් 95%ක්‌ම විනාශ වී යයි. මිනිසා ජීවත්
වන පෘථිවි ගෝලය බිහිව ගතවූ වසර බිලියන 4 1/2 තුළ එවැනි කල්ප විනාශයන්
සිදුවී ඇත්තේ පස්‌ වතාවක්‌ (5) පමණි. අවසාන කල්ප විනාශය සිදුවූයේ මීට වසර
මිලියන 65 කට පෙරය. ෆොසිල වලින් නිගමනය වන පරිදි ඒ වතාවේ කිලෝ ග්‍රෑම් 35
කට වැඩි සියලු කුදු මහත් සත්ත්ව වර්ගයෝ විනාශ වී යෑයි විද්‍යාඥයෝ විශ්වාස
කරති. ඩයිනසෝරයන් සහ මුලින්ම විනාශ වී ගියේ මේ වතාවේදීය. පුළුල් ලෙස
පිළිගත් මතයට අනුව මේ නස්‌පැත්තියට හේතුව ආගන්තුක ග්‍රහ වස්‌තුවක්‌ මහ
පොළොව සමග ගැටීමයි.

කාබන් ඩයොක්‌සයිඩ් වල කාර්යභාරය මේ සංසිද්ධියේදී මැනවින් කැපී පෙනේ. මේ
අවධියේ පාෂානිභූතවූ ශාඛ පත්‍ර පරීක්‍ෂා කළ විට මේ සංසිද්ධියට ඉක්‌බිතිව
වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය හදිස්‌සියේ අධික වශයෙන් ඉහළ ගිය බව
දක්‌නට ලැබිණි. අභ්‍යවකාශයෙන් පැමිණි දැවැන්ත ග්‍රහඅංශුවක්‌ (ASTEROID)
පෘථිවියේ හුණුගලින් බහුල වූ ප්‍රදේශයක ගැටී දැවීම නිසා මෙසේ වෙන්නට ඇත.
එක්‌ සැනෙන් අහසට විදිනු ලැබූ මේ දැවැන්ත හරිතාගාර වායු ස්‌කන්ධය
හේතුවෙන් වායු ගෝලයේ උෂ්ණත්වය පිම්මකින් ඉහළ ගිය බව නිගමනයයි. ඉන් ජනිත
වූ දැඩි උණුසුම දරාගත නොහැකි වූ සියලුම සත්ත්ව වර්ගයන් පාහේ විනාශ වූ බව
විද්‍යාඥයන්ගේ මතයයි. සාමාන්‍යයෙන් යුග සංක්‍රාන්තිවලට තුඩුදෙන කරුණු
අතරින් මහද්වීප ඝට්‌ටන ඇතිවීම ග්‍රහ වස්‌තු ඝට්‌ටනය හා හරිතාගාර වායු
සාන්ද්‍රණය අධික වීම වැදගත් සාධකයි. මේ සාධක 03 ම එකිනෙකින් වෙනස්‌
ආකාරයට යුග ප්‍රාප්තීන් ඇති කරන නමුත් සත්ත්ව පරිණාමයේ ලා එහි ඵල විපාක
එක හා සමානය. මන්ද එම සාධක ත්‍රිත්වය විසින්ම ජීවි විශේෂ සඳහා අභාවය සහ
අවස්‌ථාව යන තත්ත්ව දෙකම ජනිත කරනු ලබන බැවිනි.

කාලයේ දොරටු හෙවත් උක්‌ත යුග සංක්‍රාන්ති කුඩා, මැද හා මහා යනුවෙන්
තෙවැදෑරුම්ය. මහද්වීප එකිනෙක ඝට්‌ටනය වීම, සාගර ජල මට්‌ටම තියුණු ලෙස
වෙනස්‌ වීම හා පෘථිවි උෂ්ණත්ව විචලනය හේතුවෙන් ඇති වන කුඩා යුග
සංක්‍රාන්ති වලදි නව සත්ත්ව විශේෂ ඇති වී කලින් සිටි තරගකාරීහු බොහෝ විට
වඳවී යති. මැද තරමේ යුග සංක්‍රාන්ත වලදී සියලුම සංකීර්ණ ජීවින් වඳ වී
ගොස්‌ නව පරිසරයකට උචිත ජීව විශේෂ විකාශය වීම ආරම්භ වේ. මහා සංක්‍රාන්ති
යනු සැබැවින්ම සදාකල්පයන් එකිනෙකින් වෙන් කරන්නා වූ අවධීන්ය. එවැනි
කල්පාන්තයක්‌ ඇති වන්නේ අති දැවැන්ත උතික්‍ෂිප්තයන් හේතුවෙන් අහසද,
සාගරයද, මහපොළොවද ඇතුළු සකල විධ වාසභූමි කැළඹීමථනය වූ විටය. අභ්‍යවකාශයේ
ග්‍රහ අංශු පිහිටා ඇති පටියේ (ASTEROID BELT) විශාලතම සාමාජිකයා වූ
සෙරිස්‌ (CERES) සොයා ගනු ලැබුයේ 1801 ජනවාරි පළමු වැනිදා ගියුසේෆ් ෆිආසි
නමැති ඉතාලි ජාතික තාරකා විද්‍යාඥයා විසිනි. (GLUSEPPE PIAZZI 1746
- 1826 MATHEMATICIAN AND
ASTRONOMER) වැඩි දුර අධ්‍යයනයට WWW.NASA.GOV/WORLD
BOOK/ASTEROID/WORLD BOOK.HTTP ඇතුළු වෙබ් අඩවි රාශියක පියාසර කළ හැකිය.

මීට වසර මිලියන 55 කට පෙර තවත් උග්‍ර ලෝක සංසිද්ධියකට පෘථිවි ගෝලය මුහුණ
දුන්නේය. එවර පොළෝ මතුපිට උෂ්ණත්වයේ සාමාන්‍ය හිටි හැටියේ සෙන්ටිග්‍රේට්‌
50-100 අතර ප්‍රමාණයකින් වැඩි විය. මෙය හෙළිදරව් වූයේ 2003 නොවැම්බර්යේ
දී උතුරු පැසිපික්‌ සාගරයේ පතුළට යටින් කිලෝ මීටර් දෙකක්‌ කැණ සෙන්ටි
මීටර් 25 ක්‌ තරම් ඝණීභවනීය වූ ගොහොරු මඩ තට්‌ටුව විෂ්ලේෂණය කර
බැලීමේදීය. විශ්මය දනවන වැදගත් කරුණු මේ මගින් අනාවරණය විය.

පළමු කාරණය මඩ තට්‌ටුවේ ඉහළ ස්‌ථරය ආම්ලික ඛාදනයට ලක්‌වී තිබීමය. සාගරයේ
ආම්ලික ස්‌වභාවය හදිස්‌සියේ වැඩි වූ බවට මෙය සාක්‍ෂි දරයි. සාමාන්‍යයෙන්
මෙය සිදුවන්නේ අධික කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණයක්‌ මුහුදු ජලය මගින්
අවශෝෂණය වූ විටයි. මේ යුගයේ මුහුදු පත්ලේ විසූ සමස්‌ථ ජීවීන් අති විශාල
ප්‍රමාණයක්‌ එකවර විනාශ වූ බව පාෂාණ භූත වලින් දැනගත් විට එය තවදුරටත්
විශ්මය ජනක කරුණක්‌ නොවීය.

ගොඩබිමින් සොයාගත් සාක්‍ෂි අනුව මේ යුගයේ වර්ෂාපතනය සැලකිය යුතු
මට්‌ටමකින් හදිසි වෙනස්‌ වීමකට මුහුණ දුන් බව පෙනිණි. මීට අතිරේකව
ආසියාකරය නිජබිම කරගත් සත්ත්ව ශාක ජීවින් මේ යුගයේදී උත්තර ධ්‍රැවාසන්න
තිබූ ගොඩබිම් තීරු හරහා උතුරු ඇමරිකාවටත් යුරෝපයටත් සංක්‍රමණය වූ බව
තහවුරු විය. මේ ආගන්තුකයන්ගේ සංක්‍රමණය තත් ප්‍රදේශවල කලක සිට ජීවත් වූ
ප්‍රාණීන් මිහිපිටින් පළවා හැරියේය.



මේ ක්‍රියාවලියේදී කාබන් ගිගාටොන් 1500-3000 දක්‌වා විශ්මය ජනක
ප්‍රමාණයක්‌ වායුගෝලයට මුදා හරින ලැබ ඇත. මේ දැවැන්ත මුදා හැරීම දශක
කිහිපයක්‌ වැනි සුළු කාල පරිච්ඡේදයක්‌ තුළදී සිදු වූ බව නිගමනය කර ඇත. භූ
විද්‍යාත්මක කෝණයකින් බැලූ විට මෙය ක්‍ෂණික සිද්ධියකි. වායුගෝලයේ කාබන්
ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය උක්‌ත සිදුවීම හේතුවෙන් මිලියනයකට කොටස්‌ 500 සිට
2000 දක්‌වා වැඩි වූ බව ගණනය කොට ඇත.

විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට නෝර්වීජියානු වෙරළට ඔබ්බෙන් මුහුදු පත්ලේ
පිහිටි ආවාට වලින් විප්‍රේෂණය වූ දැවැන්ත ගෑස්‌ වායු ප්‍රමාණයද මේ
සංසිද්ධියට හේතුවකි.

පෘථිවි ගෝලයේ නිධිගතව ඇති අති විශාලතම මීතෙන් ගෑස්‌ සංවිත පිහිටා ඇත්තේ
මේ කලාපයේය. උණුවී ගිනියම්ව ආවාට හරහා නිකුත් වූ ලාවා කන්දරාව ගෑස්‌
ඉන්ධන සංචිතයට ළඟා වනවිට ගොර දෙමින් විදාරණය වූ මහපොළොව සැනෙන් දෙදරා මහා
හඬක්‌ නගමින් ඉන් පෙර නොවූ විරූ ලෙස පුපුරා ගිය අයුරු අති භයංකාර
දර්ශනයක්‌ වනු නොඅනුමානය.



කෙසේ වෙතත් මෙම මහා ක්‍රියාවලියේ දී නිකුත් වූ මීතෙන් වායුවෙන් වැඩි
කොටසක්‌ වායු ගෝලයට මුසු වූ බවක්‌ නොපෙනේ. ඒ වෙනුවට මීතෙන් වායුව මුහුදු
ජලයේ ඇති ඔක්‌සිජන් සමග ප්‍රතික්‍රියා කොට කාබන් ඩයොක්‌සයිඩ් මුහුද
මතුපිටට නිකුත් කරන්නට ඇත. ඔක්‌සිජන් විරල වීම නිසා සාගරය සත්ත්ව වාසයට
අසීරු තැනක්‌ විය. ඉන් ඉක්‌බිති කාබන්ඩයොක්‌සයිඩ් මුහුද ආම්ලිකරණය කරමින්
පතුලට කි¹ බසින විට අවශේෂ මුහුදු ප්‍රාණීහු සහමුලින්ම පාහේ විනාශ වූහ.
දැන් අපට ගැඹුරු මුහුදේ දක්‌නට ලැබෙන ජීවින් යට කී යුගයෙන් අනතුරුව
බිහිවූවන් බවට සාක්‍ෂි ලැබී ඇත. මේ මහා ක්‍රියාවලියෙන් පසුව වැඩිපුර තිබූ
කාබන් ප්‍රමාණය අවශෝෂණය කොට වායුගෝලයේ සමතුලිත බව යළි ගොඩ නැංවීමට
පෘථිවියට වසර 20,000 ක්‌ ගතවිය. හරිතාගාර වායුවල හදිසි වැඩිවීමකින් ඇති
වූ ලෝක සත්ත්වයන්ගේ මේ විනාශය අප අද මුහුණ පා ඇති ව්‍යසනය හා සස¹ බැලීමට
අවශ්‍ය ප්‍රබල සාක්‍ෂි රැසක්‌ම ඇත. කෙසේ වෙතත් මෙම අවස්‌ථා දෙක එකිනෙකට
සැබැවින්ම වෙනස්‌ සාධක මත උද්ගතවන බව අමතක කළ යුතු නැත.

අද්‍යතන පෘථිවිය වසර මිලියන ගණනාවක්‌ තිස්‌සේම සිසිල යුගයක පැවැතිණි.
එහෙත් වසර මිලියන 55 කට පෙරදී වායුගෝලය අදට වඩා බෙහෙවින් උණුසුම් වී
තිබිණි. එකල වායුගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය අද මෙන් දෙගුණයක්‌ වූ
අතර මෙකල දකින්නට ලැබෙන ධ්‍රැවාසන්න හිමතලාවලින් ලෝකය තොර විය. ඒ රත්වූ
ලෝකයේ අද අපට දක්‌නට ලැබෙන හිම වලසුන් හෝ සාගරයේ වෙසෙන විවිධ විචිත්‍ර
සත්ත්වයෝ නොවූහ.

එහෙත් වායුගෝලය වුවමනාවට වායු රත්වීම හේතුවෙන් ඕනෑවට වඩා අති විශාල ජීව
ප්‍රාණීන් සංඛ්‍යාවක්‌ හා ජෛව විවිධත්වයක්‌ අනතුරට ලක්‌ කිරීමට වර්තමාන
ලෝකයට සිදුනොවේවායි අප කිසිසේත්ම නොසිතිය යුතුය.

පොළෝ තලය කෙතරම් කාරුණිකද? අපි දෑතින් සෙමින් කාරුණිකව ඇය මදක්‌
පිරිමදිමු. ඊළඟ දිනයේ ඇය හිනැහෙනුයේ මිනිස්‌ සංහතියට වුවමනා සියලු යහපත්
දේ දෝතින් දරාගෙනය.

ඊළඟ කලාපයට......

දේශප්‍රිය නානායක්‌කාර

Wednesday, July 25, 2012

සොබා දහමට එරෙහිවූ මායාවරුන්ගේ ඛේදවාචකය

සොබා දහමට එරෙහිවූ මායාවරුන්ගේ ඛේදවාචකය


අද්‍යතන පෘථිවි මිපිට ගෝලයේ ජීවත්වන මානුෂීය වාර්ගිකයන්ගේ ප්‍රමාණය
සංඛ්‍යාත්මකව කෝටි 650 ඉක්‌මවා ඇත. (EN.WIKIPEDIA ORG / WIKI / WORLD
POPULATION) මේසා විශාල ජනකායක්‌ සඳහා අත්‍යවශ්‍ය පිරිසිදු ජලය, වාතය හා
ආහාර සපයාගනුයේ සොබා දහමේ දේපළ වල ඇති සම්පත් මගිනි. ඉපැරැණි පෘථිවි
මානුෂීය වාර්ගිකයන්ගේ මානව ශිෂ්ඨාචාර මෙන්ම අද්‍යතන මානව ශිෂ්ඨාචාරද
ගොඩනැගී තිබෙනුයේ ඇති විශේෂ මූලික අවශ්‍යතාවන් ද්වයක්‌ මතය.


මැක්‌සිකෝවෝ යුකටන් අර්ධද්වීපයේ පිහිටා ඇති CHICHEN ITZA =
KUKULCAN - EL CASTILLO යන නම් වලින් හැඳින්වෙන දැවැන්ත පිරමීඩය ගෝලය
සිසාරා ප්‍රසිද්ධියට පත් වී ඇති මායා දින දර්ශනයට අදාළ දත්ත භෞතිකව
නිර්මාණය කර ඇති නිර්මාණයකි. මෙම පිරමීඩයේ සෑම අංශයකම යම්කිසි
සිද්ධාන්තයක්‌ අන්තර්ගතය. මෙම පිරමීඩයේ පළමු හතරැස්‌ බැම්ම කොටස්‌ 13 කට
බෙදා ඇත. එහි අදහස දිවා කාල 07 ක්‌ සහ රාත්‍රිකාල 06 වශයෙනි. මේ ආකාරයට
එම පිරමීඩයේ ඉහළම වේදිකාව දක්‌වා ඉදිකිරීම් වල යම් යම් මූලධර්ම ඇතුළත් කර
ඇත.

ඉන් පළමු අවශ්‍යතාව වනුයේ භව, භෝග, ආහාර පාන ඖෂධ ආදී දෑ නිෂ්පාදනය කර
ගැනීමය. දෙවැනි අවශ්‍යතාව වනුයේ සියලු ශිෂ්ඨාචාරයන්හි පරිපාලන පැවැත්ම
සඳහා අවශ්‍යවූ ක්‍රියාකාරිත්වයයි. එනම් අද්‍යතන සමාජ ක්‍රමයේදී
පාර්ලිමේන්තු, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාථමික, ද්විතීයික හා තෘතීය
අධ්‍යාපන මධ්‍යස්‌ථාන, අධිකරණ සංකීර්ණ ආදී විශාල ආයතන සංඛ්‍යාවක්‌ පවත්වා
නඩත්තු කර ගනිමින්ම ජනයාට සමූහයක්‌ වශයෙන් සාමකාමීව ජීවත් වීමට අවශ්‍ය
පසුබිමය.

උක්‌ත මූලික අවශ්‍යතා ද්වයම බොහෝ විට කේන්ද්‍රගත වී ඇත්තේ මහා නගර
ආශ්‍රිතව බව දක්‌නට ලැබීම ගෝලීය පොදු සාධකයයි. ශිෂ්ඨාචාරය නමැති සංකල්පය
ඇති වී ඇත්තේ මේ ආකාරයට මහා ජනකායක්‌ නාගරිකව ජීවත්වීම ආරම්භ කිරීමත්
සමගම බව ඊට අදාළ ඉතිහාස ලේඛන පරිශීලනයේදී පැහැදිලිය.






PRE HISPANIC TOWN OF UXMAL
සංකීර්ණය.......

අද්‍යතන පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සමාජ ක්‍රමයේ ප්‍රධාන ආර්ථික, සමාජ,
ආගමික, අධ්‍යාපනික ආදී සියලු මර්මස්‌ථාන පිහිටා තිබෙනුයේ මිලියන ගණනාවක්‌
හෝ ලක්‍ෂ ගණනක්‌ ජීවත් වන මහා නගරයන්හිය. කෙතරම් විද්‍යාත්මකව ඉදිකර
තිබුණද මෙම මහා නගර සක්‍රියව ක්‍රියාත්මක වීමට අවශ්‍ය සියලු දෑ එනම්
ආහාර, ජලය, බලශක්‌තිය ප්‍රාදේශීය ප්‍රදේශ වලින් සපයා ගත යුතුය.

නාගරික ජීවිතයේ සෑම රැකියාවක්‌ම, වෘත්තියක්‌ම ඉතා ඉහළ දැනුමක්‌ සුවිශේෂීව
හැදෑරූ පුද්ගලයන් විසින් දැරිය යුතුය. නාගරික සමාජයේ ලිපිකරුවකු යනු
සාමාන්‍ය ලිපිකරුවකුගේ හැකියාවන්ට වඩා ඉහළට තම දැනුම, හැකියාවන් ඔප් නංවා
ගත යුතු පුද්ගලයෙකි. මක්‌නිසාද යත් අද්‍යතන නාගරික සමාජයන්ට අවශ්‍ය වී
ඇත්තේ නීති ලිපිකරුවන්, වාණිජ ලිපිකරුවන්, වාප්පු ලිපිකරුවන් වැනි
කිසියම් ක්‍ෂේත්‍රයක විශේෂ හැකියාවන් ප්‍රගුණ කර ගත් පුද්ගලයන්ය.

මහා නගරයක සියලුම වෘත්තිකයන් ද වඩාත් දියුණු විශේෂඥ දැනුමකින් යුක්‌තව
සිටීම අනිවාර්ය වී ඇත. මක්‌ නිසාද යත් සමස්‌ත ක්‍රියාවලියම ඉතා තීව්‍ර
සංකීර්ණ ක්‍රියාදාමයක්‌ වී ඇති හෙයිනි. සත්‍ය වශයෙන්ම සොබා දහමේ බොහෝ
වැසි වනාන්තරවල තීව්‍ර සංකීර්ණතාව මෙම නාගරික සමාජයේද අද්‍යතනව දැක ගත
හැකිය. වැසි වනාන්තරවලට කෙටි කලකට ජලය හෝ හිරු එළිය නොලැබුණොත් එම
වනාන්තර විනාශ වනුයේ එහි සංකීර්ණ ජීව ක්‍රියා දාමයක විනාශ වී යැමෙනි.

මෙම උපකල්පනය නාගරික ආකෘතිය හා සස¹ බලනු මැනවි, මොහොතකට සිතන්න, මහා
නගරවල ජල කරාම වලින් නිරන්තරයෙන් ගලා එන ජලය නතර වී. විදුලි බලයද ඇනහිට,
ඉන්ධන පිරවුම් හල් අක්‍රියවී හා අනෙකුත් ක්‍රියා මාර්ග අවහිර වුවහොත් එම
නාගරික ජනයාට අත් විඳීමට සිදුවන තීව්‍ර සංකීර්ණ අපහසුතා කෙතරම් බියකරුද?
සැබැවින්ම ඔවුන් මහා සාගරයේ අතරමං වූවා සේ ඔවුන්ට දැනෙනු ඇත. එම නිසා
සොබා සම්පත් කෘත්‍රිමව කළමනාකරණය කරගෙන තම මූලික අවශ්‍යතා ඉටු කරගන්නා
බහුතර නාගරික ජනතාව දේශගුණ විපර්යාස (CLIMATE CHANGE) පිළිබඳ පුළුල්
අවධානයක්‌ යොමු කළ යුතුමය. එසේ කිරීමෙන් සංකීර්ණ නාගරික ක්‍රියාවේ
අන්තර්ගතය මෙන්ම එහි සියුම් ආකෘතියට නොරිදෙන ආකාරයෙන් තම භූමිකාව
නඩත්තුකර පවත්වා ගැනීමට හැකිවනු ඇත. එසේම මහා නගරවල ජීවත්වන සියලු පෘථිවි
මානුෂීය වාර්ගිකයන් තම ශිෂ්ඨාචාරයන් ආරක්‍ෂා කරගැනීමට එකමුතුව දැනුම,
කැපවීම තුළින් ඉදිරියට පැමිණිය යුතු කාලයයි මේ. එසේ එකමුතු වී
ක්‍රියාත්මක වුවහොත් සොබා දහමේ යහපත් සිතුම් පැතුම් සමග ඒකාත්මික වී
වායුගෝලීය අර්බුදය හේතුවෙන් ඇති වී තිබෙන ගැටලුවලින් සමස්‌ත සොබා දහම්
ආකෘතියම නැවත සුවපත් කරගැනීමට හැකිවනු ඇත.
(EN.WIKIPEDIA.ORG/WIKI/CLIMATE CHANGE)





මහා නගර, පළාත්, රාජ්‍යයන් පාලනය කරන පක්‍ෂවල මහජන නියෝජිතයන්ගේ දැනීම
ආකල්ප, බුද්ධිය, කැපවීම, උගත්කම ආදී කාරණා අද්‍යතන පෘථිවි මානුෂීය
වාර්ගිකයන්ගේ මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම සඳහා සෘජුවම බලපානු ලබයි. මේ
පිළිබඳ සමස්‌ත ගෝලීය ජනතාවම ඉදිරියට පැමිණිය යුතු කාලය දැන් අවසාන වෙමින්
තිබීමද මහත් වූ ෙ€දයකි. තම පාලකයන් වායුගෝලය, සොබාදහම මෙන්ම අප මෙම ලිපි
පෙළෙන් මීට පෙර හා මේ ලිපියේද විස්‌තර කරන ලද ක්‍රියාකාරිත්වයන් පිළිබඳ
අල්ප දැනීමක්‌ තිබීම අද්‍යතනව ප්‍රමාණවත් නොමැත. මක්‌ නිසාද යත් පෘථිවි
එපිට ගෝලයේ පෘථිවි මානුෂීය වාර්ගිකයන් ප්‍රමුඛ සියලු ජීවීන්ට සහ ගහ
කොලවලට ජීවත් වීමට අවශ්‍ය පෘථිවි ජීව ශක්‌තිය තවදුරටත් ර¹ පවතිනුයේ උක්‌ත
පාලකයන්ගේ උගත්කම, දැනීම යන කාරණා මතම හෙයිනි. අද්‍යතන පෘථිවි මානුෂීය
වාර්ගිකයන් (මිනිසුන්) මෙන්ම ඔවුන්ගේ ආදරණීය දරු පරම්පරාවට යහපත්,
සුවදායි ජීව ශක්‌තියක්‌ ඇති පෘථිවි ගෝලයක්‌ දායාද කිරීමට නම් සමස්‌ත
ගෝලීය පාලක ප්‍රජාවම (දේශපාලනඥයන්ද ඇතුළුව) විශාල දැනුමකින් සන්නද්ධ
දැවැන්ත මහා පරිමාණික බුද්ධිමතුන් විය යුතුය. මක්‌ නිසාද යත් මානසික
අල්ලස්‌ දෙන රස බස්‌ තෙපලන නූගත් පාලකයන්ගේ නොදැනුවත්කම නිසාම තව දුරටත්
වායු ගෝලීය අර්බුදය තීව්‍ර වී ගෝලීය මහා ශිෂ්ඨාචාරයන් විනාශ වීමට ඉඩ
නොතැබිය යුතු හෙයිනි.

මේ ආකාරයට පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ කෙටි ඉතිහාසයේ ස්‌වර්ණමය ආකාරයෙන්
බැබළුනු නොයෙක්‌ මානව ශිෂ්ඨාචාර ඔවුන්ගේ පාලකයන්ගේ නොදැනුවත්කම, නූගත්කම
හා සොබා දහමේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තිබූ අනවබෝධය හේතුවෙන් විනාශ වී
ගොස්‌ ඇත. (EN.WIKIPEDIA/ORG/WIKI CIVILIZATION) මේ ආකාරයට විනාශ වී ගිය
ගෝලය සිසාරා තිබූ පැරැණි මහා ශිෂ්ඨාචාර කිහිපයක්‌ වනුයේ
MINOAN-CIVILIZATION,
INDU VALLY - CIVILIZATION, CELTIC -
SCIVILIZATION, GERMANIC - CIVILIZATION ඇස්‌ටෙක්‌ ශිෂ්ඨාචාරය (AZTEC -
CIVILIZATION) ඉන්කා ශිෂ්ඨාචාරය (INCA, CIVILIZATION) OLMEC -
CIVILIZATION ආදී වශයෙනි.

පැරැණි ඇමෙරිකාවේ නව එංගලන්ත ප්‍රදේශයේ බොස්‌ටන් (BOSTON) මැසචුස්‌ට්‌ස්‌
(MASSACHUSETTS) හිදී 1937 සැප්තැම්බර් 10 වැනි දින උපත ලබා 1958 දී
හාවඩ් විද්‍යාලයෙන් තම පළමු උපාධිය දිනාගත් හා 1961 දී එංගලන්තයේ
කේම්බ්‍රිඡ් (CAMBRIDGE) විශ්ව විද්‍යාලයයෙන් කායික විද්‍යාව
(PHYSIOLOGY) හා ජීව භෞතික විද්‍යාව (BIO-PHYSICS) යන විෂයයන්ගෙන් තම
පළමු ආචාර්ය උපාධිය ලබා ගත් ජාරෙඩ් මේසන් ඩයමන්ඩ් (JARED MASON DIAMOND)
තම "බිඳවැටීම" (COLLAPSE) නමැති කෘතියෙන් පෘථිවි මානුෂීය වාර්ගිකයන් වෙත
යෝජනා කර ඇත්තේ සොබා දේපළ අනිසි ලෙස අසීමිතව ප්‍රයෝජනයට ගැනීමෙන්
වැළකීමෙන් හා සොබා දහම සමග ඒකාත්මික ජීවන රටාවක්‌ ඇතිකර ගැනීම තුළින්
මානව ශිෂ්ඨාචාරවලට මෙම අර්බුදයෙන් මිදිය හැකි බවය.

අද්‍යතනව ලොස්‌ ඇන්ජලීස්‌ හි කැලිෆොaනියා විශ්ව විද්‍යාලයේ භූගෝල
ශ්‍රාස්‌ත්‍රය පිළිබඳ මහාචාර්යවරයා වන ජාරෙඩ් මේසන් ඩයමන්ඩ් තම "බිඳ
වැටීම" (COLLAPSE) යන කෘතියේ ඉදිරිපත්කර ඇති ශිෂ්ඨාචාරයක්‌ බිඳ වැටීමට
හේතුවන මූලික කරුණු 05 මෙසේය.





1. CLIMATE CHANGE දේශගුණ විපර්යාස.

2. HOSTILE NEIGHBOURS මිත්‍රශීලී අසල්වාසින් අද්‍යතනව නම් යහපත් විදේශ සබඳතා.

3. TRADE PARTNERS වෙළෙඳ සබඳතා අද්‍යතනව නොයෙක්‌ වෙළෙඳ ගිවිසුම් උදා -
සීපා / ගැට්‌.

4. ENVIRONMENTAL PROBLEMS පාරිසරික අර්බුද.

5. SOCIETY'S RESPONSE TO ITS ENVIRONMENTAL
PROBLEMS ඒ ඒ සමාජ පාරිසරික අර්බුද වලදී ගන්නා වගකීම් ආදී වශයෙනි. මෙම
කරුණු 05 මූලිකව තවදුරටත් උප කාරණා කිහිපයක්‌ ඔහු විසින් විස්‌තර කර
ඇත්තේ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ඉරණමේ පෙර නිමිති (PORTENTS
OF DOOM) වශයෙනි.

1. DESTRUCTION OF NATURAL HABITATS සොබා දහමේ දේපළවලට ඇති කරන අනිසි බලපෑම්.

2. REDUCTION OF WILD FOOD සමගාමික ආහාර ක්‍රියාදාමයන්, චක්‍රයන්ට බලපෑම් ඇතිවීම.

3. LOSS OF BIODIVERSITY ජෛව විවිධත්වය අනතුරට පත්වීම.

4. EROSION OF SOIL පාංශුඛාදනය නොහොත් පෘථිවි පෘෂ්ඨය මත කෙරෙන අනිසි බලපෑම්.

5. DEPLETION OF NATURAL RESOURCES ක්‍ෂය වන ස්‌වභාවික සම්පත් POLLUTION
OF FRESH WATER. මිරිදිය එසේ නැතහොත් ජලාශයන්හි ජලය දූෂණය වීම.

6. MAXIMIZING OF NATURAL PHOTOSYNTHETIC RESOURCES. උපරිම මට්‌ටමින්
සිදුවන ප්‍රභාසංස්‌ලේෂණ ක්‍රියාවලිය.

7. ARTIFCIALLY INDUCED CLIMATE CHANGE කෘත්‍රිමව නිර්මාණය වන හා
නිර්මාණය කරන දේශගුණ විපර්යාස.

8. OVER POPULATION AND ITS IMPACT. ජනගහන වර්ධනය සහ එම නිසා පෘථිවි
චිපිට ගෝලීය පැවැත්මට ඇතිවන නොයෙකුත් බලපෑම්.

ජාරෙඩ් මේසන් ඩයමන්ඩ් මහාචාර්යවරයා උක්‌ත කරුණු වල අනිසි බලපෑම් හේතුවෙන්
විනාශ වී ගිය ආදි වාසී ජනපදද, ගෝත්‍රික ජන සමාජයන්ද, ශ්‍රේෂ්ඨ මායා
ශිෂ්ටාචාරයේ බිඳ වැටීම පිළිබඳවද තම කෘතියෙන් අදහස්‌ දක්‌වා ඇත.

බටහිර අමෙරිකාවේ මොන්ටානා (STATE OF MONTANA)
පෙදෙසේ ජීවත් වූ ආදි වාසීන් වූ (INDIGENOUS PEOPLE)
CROWN INDIANS / CHEYENNE / PIGAN BLACK FEET
/ ASSINI BOINEE / GROS VENTRE / KTUNAXA / SALIS වරුන්ගේ ජනාවාස
පිරිහීමට මූලික වූ පාරිසරික කාරණාද, දකුණු ෆැසිෆික්‌ සාගරයේ පිහිටි චිලී
රටේ පාලනය යටතේ පවතින ඊස්‌ටර් දූපත් (ESTER ISLAND) වාසීන්ද පරිසරය හා
ඒකාත්මක නොවී ක්‍රියාත්මක වීමෙන් ඇති වූ පාරිසරික අර්බුදවලට මුහුණ දී
විනාශ වී ගිය ආකාරය විස්‌තර කර ඇත. එම පැරැණි ශිෂ්ඨාචාරයේ පුරා
විද්‍යාත්මක ස්‌ථානයක්‌ වන RAPA NUI NATIONAL PARK රෆානියු ජාතික
උද්‍යානය යුනෙස්‌කෝ ලෝක උරුමයකි.

ඇමෙරිකාවේ කොලරාඩා, ඇරිසෝනා, නව මැක්‌ෂිකෝ, උටා ආදී ප්‍රදේශ සිසාරා
පැතිරී තිබුණ පැරැණි ශිෂ්ටාචාරයක්‌ වූ THE ANASAI වරු පිළිබඳ හා ඔවුන්ගේ
විනාශය පිළිබඳවද කරුණු විස්‌තර කර ඇත්තේ ඉහත විස්‌තර කරන ලද පාරිසරික
කරුණු අනුවය. (EN. WIKIPEDIA. ORG. WIKI. ANASAI)

ආක්‌ටික්‌ (ARCTIC) සහ ඇට්‌ලන්ටික්‌ (ATLANTIC) සාගර මධ්‍යයේ පිහිටි
නෙදර්ලන්තය විසින් පාලනය කරනු ලබන පැලියෝ එස්‌කිමෝවරු (PALEO-ESKIMO)
ජීවත් වූ ග්‍රීන්ලන්තයේ FJORDS ප්‍රදේශයේ (NORSE) නෝස්‌ ජනපදකරණය පිළිබඳ
ඇති වූ අර්බුද විස්‌තර කර ඇත්තේ ද ඉහත කාරණාවලට අනුවයි. (NORSE GREENLAND
END) එසේම උතුරු යුරෝපයේ ස්‌කැන්ඩිනේවියානු ප්‍රදේශවල ජීවත් වූ ආදිවාසීන්
රුවල් තාක්‍ෂණය ප්‍රගුණ කිරීමෙන් පසුව වයිකින්වරු (VIKING) වශයෙන්
ප්‍රසිද්ධ විය,

රුවල්කරණයෙන් සවිබල ගැන්වූ වයිකින්වරු ඔවුන්ගේ අසල් වාසීන්ගේ ප්‍රදේශවල
සම්පත් සූරා ගැනීමටත්, සොබා සම්පත් අත්තනෝමතික භාවිත කිරීමත් හේතුවෙන්
වයිකින්වරුන්ට වූ අගතිය තම කෘතියේ THE VIKING PRELUDE AND
FUGUES යන තේමාව යටතේ සාකච්ඡා කර ඇත්තේද පාරිසරික කරුණු අනුවය. ඇමරිකා
එක්‌සත් ජනපදයේ දකුණු මැක්‌ෂිකොවේ චිපාස්‌ (CHIAPAS) හා ටැබස්‌කෝ
(TABASCO) මෙන්ම යුකටන් අර්ධද්වීපයේත් (YUCATAN -
PENINSULA) මධ්‍යම ඇමරිකාවේ ගෝතමාලා (GUATEMALA) බේලිස්‌ (BELIZE) එල්
සැල්වදොර් (EL SALVADOR) යන භූ ප්‍රදේශ සිසාරා ක්‍රියාත්මක වූ ශ්‍රේෂ්ඨ
බලවත් මායා ශිෂ්ටාචාරය බිඳ වැටීමටද ඉහත කරුණු බලපා ඇති බව "බිඳ වැටීම"
(COLLAPS) කෘතියේ තවදුරටත් විස්‌තර වී ඇත.

මෙසේ ඇමරිකානු (MESOAMERICAN) සාරවත්, බලවත්, ශිෂ්ටාචාරයක්‌ වූ මායා
ශිෂ්ඨාචාරයේ හදිසි බිඳ වැටීම් පිළිබඳ අභ්‍යවකාශ චන්ද්‍රිකා - (SPACE
SATELLITS) මගින් තොරතුරු අධ්‍යයනයෙහි යෙදෙන නාසා (NASA) ආයතනයේ පුරා
විද්‍යාඥයකු වන ආචාර්ය තෝමස්‌ එල් සේවර් (DR. THOMAS L. SEVER) පසුගිය
මාසයේ බොස්‌ටන් මැසචුස්‌ථහිදී රැස්‌ වුණු ඇමරිකානු විද්‍යාභිවර්ධන
සංගමයේදී (AMERICAN ASSOCIATION OF THE ADVANCEMENT
OF SCIENCE) ප්‍රකාශ කර ඇත්තේ මායා ශිෂ්ටාචාරය බිඳ වැටීමට දේශගුණික
විපර්යාස ප්‍රධාන කොට බලපා ඇති බවය. WWW.NASA GOV/. F/-MAKINGSENSE OR
MAYAN - COLLAPS.html. එසේම 2007 අගෝස්‌තු මාසයේ නැෂනල් ජියෝගැප්‍රික්‌
සඟරාවේ මායා ශිෂ්ටාචාරයේ නැගී සිටීම හා බිඳ වැටීම (MAYA RISE AND FALLS)
යන ලිපියේද විස්‌තර කර ඇත්තේ මායා ශිෂ්ටාචාරයේ හදිසි බිඳ වැටීමට
චණ්‌ඩමාරුත (HURRICANES) අධික ජනගහන වර්ධනය (OVER POPULATION) විෂබීජ
(DISEASE) යුද්ධ කටයුතු (WARFARE) සහ ගොවිජනයාගේ විරෝධතා (PEASANT
REVOLT) හේතු වී ඇති බවය.

බිඳ වැටුණු මායා ශිෂ්ටාචාරයේ නටබුන් මෙසෝ ඇමරිකානු ප්‍රදේශය සිසාරා
විහිදී ඇත. එම ස්‌ථානවලින් 300 ක්‌ පමණ සංරක්‌ෂණය කර විදේශීය / දේශීය
සංචාරකයන් සඳහා බලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ විවෘතව ඇත.

මැක්‌ෂිකෝවේ යූකටන් අර්ධද්වීපයේ චිපාස්‌ (CHIAPAS) නගරයේ ඉදිකර ඇති
TEMPLE OF THE INSCRIPTIONS (PALENQUE TEMPLE) සංකීර්ණය 7 වන සියවසේදී එම
ප්‍රදේශය පාලනය කරන ලද KINICH JANAAB PAKAL (23 MARCH 603 - 28 AUGUST
683) නමැති පාලකයාගේ මෘත දේහය තැන්පත් කර ඇති ස්‌ථානයයි.

එම අර්ධද්වීපයේම NUNA නගරයේ ශාන්ත එලේනා (SANTA ELENA) සුළු නගර සභා බල
ප්‍රදේශයේ පිහිටා ඇති PRE HISPANIC TOWN OF UXMAL සංකීර්ණය යුනෙස්‌කෝ ලෝක
උරුමයකි.

හොන්ඩුරාස්‌ (HONDURAS) ගෝතමාලා (GUATEMALA) බේලිස්‌ (BLLIZE) එල්
සැල්වදොර් (EL SALVADOR) යන ප්‍රාග් සම්භව්‍ය අවධියේ නිර්මාණ ඇති භූ
කලාපයේ පිහිටි වැදගත් ස්‌ථාන වනුයේ NAKBE, EL MINDOR, CIVAL, SAN
BARTOLO ඇදී ස්‌ථානයන්ය. (EN WIKIPEDIA. ORG /
WIKI / MESOAMERICAN)

COPAN බටහිර හොන්ඩුරාස්‌ හි පිහිටි ශ්‍රාස්‌ත්‍රීය අවධියට අයත් යුනෙස්‌කෝ
ලෝක උරුමයකි. BONAM PAK පුරා විද්‍යාත්මක ස්‌ථානයසේ ඇති බිතු සිතුවම්
අපටද හුරු ශෛලියකින් කර ඇත.

විශ්වයේ මිලියන ගණනාවක්‌ වූ චක්‍රාවාට (GALACTIC) වල ජීවත් වන සුපිරි
සග්‍යත්ව ජීවීන් පිළිබඳ තිබූ ප්‍රබල දැනුම හේතුවෙන් මායාවරුන්ගේ බුද්ධි
මට්‌ටමද ඉතා ඉහළය. එම නිසා ඔවුන්ට තාරකා ශ්‍රාස්‌ත්‍රය, ගණිත ශාස්‌ත්‍රය,
වෛද්‍ය ශාස්‌ත්‍රය, ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ තිබූ දැනුමද ඉතා ඉහළ බව
සඳහන්ය. බොහෝ ඉදිකිරීම්වල තාරකා හා විශ්වය අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය
වේදිකා හා පර්යේෂණාගාර පිහිටුවා තිබී ඇත. මැක්‌ෂිකෝවේ යුකටන් හි මෙරිඩා
(MERIDA) ප්‍රදේශයේ මවුනා නගරයේ පිහිටා ඇති LA
GRAN PYRAMIDE දැවැන්ත නිර්මාණයකි. චිපාස්‌ නගරය ආසන්නයෙන් ගලා බසිනා
යුශ් මැක්‌න්ටා ගංගාව (USUMACINTA RIVER) අසබඩ පිහිටි YAXCHILAN
ප්‍රදේශයේද මායා පාලකයන් විසින් ඉදිකරන ලද නගර පිහිටා ඇත. එහි ගොඩනැඟිලි
33 ක්‌ පමණ අද්‍යතනව දර්ශනය කර ගත හැකිය.

මෙම බල ප්‍රදේශයේ පාලනය, YOPAAT BALAM -
ITZAMNAAJ BALAM, BIRD JAGUAR YAX DEER -
ANTLER SKULL, RULER 05, MOON SKULL, BIRD
JAGUAR II, KNOT-EYE JAGUAR, KINICH TATBU
SKULL II ආදී තවත් පාලකයන් විසින් පාලනය කර ඇත්තේ පාරම්පරිකවය.
(EN.WIKIPEDIA.ORG.WIKI /
YAXCHILAN)

පූර්ව කොලොම්බියානු මායා ශිෂ්ටාචාරයේ අද්‍යතන උතුරු ගෝතමාලාවේ පිහිටි
1979 දී යුනෙස්‌කෝ ලෝක උරුමයක්‌ ලෙස නම් කරන ලද ඔෂණ්‌ඛ TIKAL NATIONAL
PARK සංකීර්ණය උක්‌ත නාගරික ප්‍රදේශයේ පිහිටා ඇති විශාලතම
පුරාවිද්‍යාත්මක ස්‌ථානයකි. YAX ENBXOOK, FOLIATED
JAGUAR, ANIMAL HEADDRESS ඇතුළු තවත් පාලකයන් රාශියක්‌ මෙම ප්‍රදේශය
පාලනය කර ඇත. SUN MOON පිරමීඩය පූර්ව සම්භාව්‍ය අවධියේ තිකාල් පෙළපතේ
සංරක්‍ෂණ (TIKAL HIATUS) හා උතුරු බලකොටු (THE NORTH
ACROPOLIS) මෙන්ම මෙසෝ ඇමරිකානු පන්දු පිටියද (MESOAMERICAN BALL COURT)
TEMPLE I, TEMPLE
II, TEMPLE III, TEMPLE IV, TEMPLE V ආදි ස්‌ථානද දැවැන්ත නිර්මාණයන්ය.
(මෙහි TEMPLE යන වචනයේ අදහස හිසේ කන හා නළල අතර ශංඛයක්‌ පිහිටා තිබීමය.
මෙම ගොඩනැඟිලි මුදුනේ නිර්මාණය කර ඇත්තේ එම ලක්‍ෂණයයි).

මධ්‍යම ඇමෙරිකාවේ කැරබියන් මුහුදට ඊසාන දිගින් පිහිටි බේලිස්‌ නගරයේ කයෝ
දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති CARACOL TEMPLE හා RESIDENTIAL COMPLEX
නේවාසික සංකීර්ණයද ඇතුළු පුරා විද්‍යාත්මක ස්‌ථාන රාශියක්‌ පිහිටා ඇත.

මැක්‌සිකෝවෝ යුකටන් අර්ධද්වීපයේ පිහිටා ඇති CHICHEN ITZA = KUKULCAN - EL
CASTILLO යන නම් වලින් හැඳින්වෙන දැවැන්ත පිරමීඩය ගෝලය සිසාරා
ප්‍රසිද්ධියට පත් වී ඇති මායා දින දර්ශනයට අදාළ දත්ත භෞතිකව නිර්මාණය කර
ඇති නිර්මාණයකි. මෙම පිරමීඩයේ සෑම අංශයකම යම්කිසි සිද්ධාන්තයක්‌
අන්තර්ගතය. මෙම පිරමීඩයේ පළමු හතරැස්‌ බැම්ම කොටස්‌ 13 කට බෙදා ඇත. එහි
අදහස දිවා කාල 07 ක්‌ සහ රාත්‍රිකාල 06 වශයෙනි. මේ ආකාරයට එම පිරමීඩයේ
ඉහළම වේදිකාව දක්‌වා ඉදිකිරීම් වල යම් යම් මූලධර්ම ඇතුළත් කර ඇත.

මෙහි සතර දිශාවේ පඩිපේලි 91 ක්‌ ඇති අතර සතර දිශාවේ පඩිපේලි වල එකතුව 364
කි. ඉහළම වේදිකාව ඊට එකතු කළ විට 365 කි. ඒ අනුව මෙම පිරමීඩය සූර්ය දින
දර්ශනයට අදාළව නිර්මාණය කර ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි.

එසේම සතර කොන්වල පඩි පේළිවල අයින දිගේ සර්පයන් බිමට බඩගාගෙන පැමිණෙන
අයුරු කැටයම් කර ඇත. පැරැණි ශිෂ්ටාචාරයන් වල ජීවත් වූ පුද්ගලයන්ට විශ්ව
චක්‍රාවාට වල ජීවත් වන නොයෙක්‌ සුපිරි සභ්‍යත්ව ජීවීන් පිළිබඳ පුළුල්
අවබෝධයක්‌ තිබී ඇත. එම නිසා ඔවුන් බොහෝ විට සුපිරි සභ්‍යත්ව ජීවින්ගේ
(පිටසක්‌වල ජීවින් EXTRA
TERRESTRIAL LIFE OF THE UNIVERSE) පෘථිවි ව්‍යාපෘතීන්වලදී දැන හඳුනාගත්
ලාංඡන ඔවුන්ගේ නිර්මාණවලටද ඇතුළත් කර ඇත. පැරැණි ශිෂ්ටාචාරයන්වල ජීවත් වූ
ජනයා සර්ප දෙවියකු පිළිබඳ විශ්වාසයෙන් සිට ඇත.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 26.5 පමණ දුරින් උතුරු දිග භාගයෙහි දර්ශනය වන
තාරකා සමූහයකට අයත් ග්‍රහ ලෝකයන්හි ජීවත් වන සුපිරි සභ්‍යත්ව වාර්ගිකයන්
වන ලිරියන්වරු නමැති පිටසක්‌වල ජීවීන්ගේ මැදිහත්වීම පැරැණි සුමේරියන්,
හිටයිට්‌, මිසර, මෙසපොතෙමියානු හා මායා ශිෂ්ටාචාරවලට අෙන්‍යාaන්‍ය වශයෙන්
බලපා ඇති බව විද්‍යාඥයන්ගේ එක්‌ මතයකි. මෙම පිටසක්‌වල ජීවීන් පෘථිවියට
පැමිණ කටයුතු කිරීමේදී සමහර විට උරග, සර්ප වේශය මවාගෙන ක්‍රියාත්මක වී
ඇත. ඒ අනුව එම ලක්‍ෂණය ඔවුන් මායා ශිෂ්ටාචාරය සමග තිබූ ආධ්‍යාත්මික
සබඳතාව අතහැර දැමීම හා සම්බන්ධ නිර්මාණද විය හැක. සුපිරි සභ්‍යත්ව
වාර්ගිකයන්ගේ හා ඔවුන්ගේ විශ්ව, චක්‍ර, පෘථිවි ව්‍යාපෘතින් පිළිබඳ
විද්‍යාත්මක සවිස්‌තරයක්‌ 2010 අගෝස්‌තු 18 වැනි දින "දිවයින බදාදා
අතිරේකයේ ලිපි 09 කින් මීට පෙර විස්‌තර කර ඇත.

මායාවරුන් සතුව දින දර්ශන 2 ක්‌ තිබී ඇත. TZOLKIN CALENDAR සහ MAYA LONG
COUNT CALENDAR එම ද්වයයි. දින 260 දින දර්ශනයක්‌ දින 365 දින දර්ශනයක්‌
එක සමාන වන දිනයක්‌ සෑම වසර 52 කට වරක්‌ම උදාවන බව සඳහන්ය. එම දිනය
2012.12.23 වන දින බව තවදුරටත් විස්‌තර වී ඇති ලේඛන රාශියකි. එම නිසා
2012.12.23 දින පෘථිවි චිපිට ගෝලයේ අනාගතය පිළිබඳ අර්බුදයක්‌ පිළිබඳ
සැකයක්‌ මතු කර ගතයුතු නැත.

නමුත් මේ පිළිබඳ රචනා කරන ලද සිනමා සිත්තම් කිහිපයක්‌ම 2012 දෙසැම්බර්
මාසයේ පළමු සතියේ ජනතාවට දර්ශනය කිරීම සඳහා දැවැන්ත ආයතන කිහිපයක්‌ම
කටයුතු කර ඇත. ඒ අයුරින්ම 2012 දෙසැම්බර් මාසයේදී "දිවයින" පුවත්පතින් මේ
පිළිබඳ විද්‍යාත්මක විස්‌තරයක්‌ කිරීමට අපේක්‍ෂිතය. මේ පිළිබඳ දැන ගැනීමට
අන්තර්ජාලයේ වීඩියෝ දර්ශන හා වෙබ් අඩවි රාශියකි.

පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ඉතිහාසයේ සිසාරා නොයෙක්‌ යුග (ERA) අවධි
(PERIOD) වකවානු (EPOCH) වල නොයෙක්‌ මාදිලියේ දින දර්ශන පරිශීලනය වී ඇත.
ඒ අතරින් අද්‍යතනව පරිශීලනය වන දින දර්ශන 45 - 50 ක්‌ පමණ ඇත. පෞරාණික
දින දර්ශන ((ARCHIC CALENDARS) 25 කි. පූර්ව සංස්‌කරණ දින දර්ශන 10 කි.
(REFORM CALENDARS) පෘථිවි චිපිට ගෝලය සඳහා නොවන (NON EARTH CALENDARS)
දින දර්ශන එකකි. එම දින දර්ශනය නම් කර ඇත්තේ DARIAN CALENDAR වශයෙනි. එහි
අන්තර්ගතය වී ඇත්තේ පෘථිවි චිපිට ගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වැඩි
වීමෙන් පසු පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට අඟහරු ලෝකයේ ජීවත් වීමට අවශ්‍ය
ජනපද බිහිකිරීමට අවශ්‍ය දින වකවානුය.

පෘථිවි වායු ගෝලයේ කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය මේ ආකාරයෙන් තව දුරටත්
වර්ධනය වුවහොත් වසර 1000 ක්‌ ඇතුළතදී පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට අඟහරු
ග්‍රහ ලෝකයේ පදිංචි වීමට සිදුවන බව සුප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ ස්‌ටීවන්
විලියම් හෝර්කින්ස්‌ පවසා ඇත. (STEPHEN WILLIAM
HAWKING, ENGLISH THEORETICAL PHYSICIST AND
COSMOLOGIST) විශ්ව දැනුම තිබූ මායා වරුන් තමා අවට පරිසරය පිළිබඳ
ඒකාත්මික නොවී තම බලකාමී අදහස්‌ ක්‍රියාත්මක කර ඇති බව ඉතා පැහැදිලිය. එම
නිසා එම මහා බලසම්පන්න ශිෂ්ටාචාරය දේශගුණ විපර්යාස හේතුවෙන් හා ඊට
සාපේක්‍ෂ වන අනෙකුත් ක්‍රියා හේතුවෙන් විනාශ වී ඇති බව ජාරෙඩ් මේසන්
ඩයමන්ස්‌ මෙන්ම නාසාහි පුරාවිද්‍යාඥ ආචාර්ය තෝමස්‌ එල් ගේටර් පවසා ඇත.
මායා ශිෂ්ඨාචාරයේ මහා බලගතු ඔවුන් පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට මෙම රූප
සටහන් ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

අද්‍යතන පෘථිවි වායුගෝලීය තත්ත්වයද අර්බුද සහිත බව පැහැදිලිය. එම නිසා
පෘථිවි වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය මර්දනය වීමට හේතුවන කාරණා සහ
ඒ මගින් ඇතිවන ප්‍රතික්‍රියාවලින් කොටසක්‌ දැනගැනීම සඳහා පහත සඳහන් කර
ඇති නිවැරදි තීරණ මෙන්ම ක්‍රියාකාරකම්ද මහජනයාගේ ක්‍රියා පිළිවෙත්ද
කළමනාකරණය කරගැනීමට නම් ප්‍රාදේශීය පළාත් පාර්ලිමේන්තු මහජන නියෝජිතයන්ට
මෙම කරුණු පිළිබඳ දැනුමක්‌ තිබිය යුතුය. එසේ නැතහොත් අපේ අනාගත පරපුරට
අවශ්‍යම පෘථිවි ජීව ශක්‌තිය විනාශ වනු ඇත.

1. ඌන ඔක්‌ෂිජන් සහිත ජලය (ANOXIC WATERS) ඌන ඔක්‍ෂිජන් ජලය ඇතිවීමට
හේතුවන මානව ක්‍රියාකාරකම් (ANOXIC EVENT) ජලයෙහි පාරිසරික අර්බුද
(HYPOXIA) ඌන ඔක්‍ෂිජන් සහිත සාගර ප්‍රවාහ. (OCEAN DEOXY
GENATION) අක්‍රීය කලාප (DEAD ZONE)

2. දේශගුණ විපර්යාස (CLIMATE CHANGE) යටතේ ගෝලීය උණුසුම (GLOBALWARMING)
ගෝලය අඳුරුවීම (GLOBAL DIMMING) භූගත ඉන්ධන (FOSSIL FUELS) මුහුදු මට්‌ටම
ඉහළ යැම (SEA LEVEL RISE) හරිතාගාර වායු (GREEN HOUSE GAS) සාගර ජලය
ආම්ලික කරණය (OCEAN ACIDIFICATION) සාගර ජල ගුල්ම ප්‍රවාහයන්හි උණුසුම් /
සීතල ක්‍රියාවලිය ඇනහිටීම (SHUT DOWN OF
THERMOHALINE CIRCULATION)

3. ස්‌වාභාවික පරිසර පද්ධතින් සංරක්‍ෂණය (CONSERVATION) යටතේ ජීව විශේෂ
බිඳ වැටීම (SPECIES EXTINCTION) පරාග පෝෂණය ඇනහිටීම (POLLINTOR -
DECLINE) කොරල් පර විනාශ වීම (CORAL
BLEACHING) අද්‍යතන භූ අවධියේ විනාශ වීම් (HOLOCENE EXTINCTION) අහිතකර
කෘෂි සතුන් හා ශාඛ පැළෑටි වර්ග ව්‍යාප්ත වීම (INVASIVE SPECIES)) නීති
විරෝධී සතුන් දඩයම (POACHING) වඳ වීමේ තර්ජිත ජීව විශේෂ (ENDANGRERED
SPECIES).

4. බලශක්‌තිය (ENERGY) බලශක්‌ති සංරක්‍ෂණය (ENERGY CONSERVATION) නවොත්
පාදක බලශක්‌තිය (RNEWABLE ENERGY) කාර්යක්‍ෂම බලශක්‌ති පරිහරණය
(EFFICIENTNE ENERGY USE)

5. පාරිසරික සෞඛ්‍යය (ENVIRONMENTAL HEALTH) වාතයේ ගුණාත්මක භාවය (AIR
QUALITY) ඇදුම (ASTHMA) විද්යුත් චුම්භක ධාරාවන් හා සෞඛ්‍යය
ELECTROMAGNETIC RADIATION AND HEALTH.

6. ගෘහස්‌ථ කාර්යාලයීය ආදී ගොඩනැඟිලිවල අභ්‍යන්තර වාතයේ ගුණාත්මක භාවය
(INDOOR AIR QUALITY) නොයෙක්‌ ලෝහ වර්ග හා ඊයම් මිනිරන් හේතුවෙන්
මිනිසාගේ ශරීරයට වැළඳෙන රෝගාබාධ LEAD POISONING නිවාස වල / රැකියා
ස්‌ථානවල ඇති ගුණාත්මක බවින් දුර්වල වාත්‍රාශ්‍රය නිසා ඇතිවන රෝග (SICK
BUILDING - SYNDROME)

7. ජාන විද්‍යාත්මක ක්‍රියාකාරකම් (GENETIC
ENGINEERING) ජාන විකෘතිය (GENETIC POLLUTION) ජාන විද්‍යාත්මකව දියුණු
කළ ආහාර පිළිබඳ මතභේද (GENETICALLY MODIFIED FOOD CONTROVERSIES).

8. මහා පරිමාණික වගා කටයුතු (INTENSIVE FARMING) අධික ලෙස තණ බිම්
ව්‍යාප්aත වීම (OVER GRAZING) වාරි මාර්ග (IRRIGATION) තනි භෝග වගාව
(MONO CULTURE) මස්‌ පිණිස සතුන් ඇති කිරීමේදී ඇතිවන පාරිසරික අර්බුද
(ENVIRONMENTAL EFFECTS OF MEAT
PRODUCTION) ගස්‌වැලි කපා දැමීම හා ගිනි තැබීම (SLASH AND BURN)
පලිබෝධනාශක ක්‍රියාවලිය (PESTICIDE DRIFFT) ප්ලාස්‌ටික්‌ භාවිතය
(PLASTICUL TURE)

9. ඉඩම්වල ගුණාත්මකභාවය පිරිහීම (LAND
DEGRADATION) භූමි හායනය ((LAND POLLUTION) කාන්තාරකරණය (DESERTIFICATION).

10. ඉඩම් භාවිතය (LAND USE) නාගරික කරණය (URBAN SPRAWL) ස්‌වාභාවික
සත්ත්ව / ශාක හා ස්‌වභාවික සම්පත් වල කැඩී බිඳී යැම (HABITAT
FRAGMENTION) ස්‌වාභාවික පරිසර විනාශය (HABITAT - DESTRUCTION).

11. නැනෝ තාක්‍ෂණය (NANO TECHNOLOGY) ඇතුළු ඊට අදාළ අනෙකුත් කාරණා.

11. පරමාණු භාවිතය සම්බන්ධ අර්බුද (NUCLEAR ISSUES)

12. ජනගහන වර්ධනය (OVER POLULATION) ජල ප්‍රශ්න (WATER CRISIS)

13. ඕසොන් වියමන දුර්වල වීම (OZONE DEPLETION)

14. නොයෙකුත් දූෂණ සිද්ධාන්ත (POPLUTION), ආලෝක දූෂණය (LIGHT POLLUTION),
ශබ්ද දූෂණය (NOISE POLLUTION), දර්ශන දූෂණය (VISUAL POLLUTION), කාණු
පද්ධති කෘෂිකාර්මික අප ද්‍රව්‍ය නාගරික ජල අපවහනය හේතුවෙන් ඇතිවන දූෂණය
(NON POINT POLLUTION), වාතය / ජලය තාප දූෂණය (POINT POLLUTION)

15. ජලය දූෂණය වීම (WATER POLLUTION), අම්ල වැසි (ACID RAIN), සමුද්‍ර
දූෂණය(MARINE POLLUTION), සාගරයේ අප ද්‍රව්‍ය තැන්පත් කිරීම (OCEAN
DUMPING), තෙල් කාන්දු වීම (OIL SPILLS) ආදි වශයෙන් ජලය ආශ්‍රිතව සිදුවන
ක්‍රියාදාමයන්.

16. ජලය පිළිබඳ මහා අර්බුදය (WATER CRISIS), සාගර ජාලයේ එකතු වී ඇති
සුන්බුන් (MARINE DEBRIS), සාගර ජලය ආම්ලිකකරණය වීම (OCEAN
ACIDIFICATION), නැව් ගමනා ගමනය හේතුවෙන් ඇතිවන ප්‍රතික්‍රියා (SHIP
POLLUTION), ක්‍ෂය වන හා අපතේ යන ජලය (WAST WATER) අධික මසුන් මැරීම
(FISH KILL) අහිතකර ඇල්ගී වර්ගවල පිබිදීම (ALGAL BLOOM) මාළුන්ගේ ශරීරයේ
රසදිය වර්ධනය වීම (MERCURY IN FISH) අපද්‍රව්‍යවලින් පිරුණු වාතය (SMOG)
ස්‌වාභාවික වාෂ්පීකරණයට ඇති වී ඇති බාධා (VOLATILE ORGANIC COMPOUND) ආදී
වශයෙන් ස්‌වභාවික පරිසරයට පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ක්‍රියාකාරකම්
හේතුවෙන් ඇතිවන අනිසි ක්‍රියා රාශියකි. මෙම ක්‍රියාවලියන් දැවැන්ත
යන්ත්‍ර සූත්‍ර ඇති සමාගම් එහිදී තනි පුද්ගලයෙකු ගේ අතින් සිදුවේ. එමනිසා
මෙම කාරණා පිළිබඳ පුළුල් අවබෝධයක්‌ ඇති පාලකයන් ඕනෑම රටකදී ඉතාමත් වැදගත්
වනුයේ අපේ අනාගත පරපුරට පෘථිවි ජීව ගුණය ආරක්‍ෂා කර තැබීම නූතන පරපුරේ
වැදගත්ම යුතුකම වන හෙයිනි.

මායා ශිෂ්ඨාචාරය ඇතුළු ශිෂ්ටාචාරයන් රාශියක්‌ එකවරම විනාශ වීමට හේතු වූයේ
ඉහත විස්‌තර කළ සංකීර්ණ ක්‍රියා හේතුවෙනි. සැබැවින්ම සාමාන්‍ය පුද්ගලයකුට
මෙම තත්ත්වය තේරුම් ගැනීමට පවා නොහැකිය. එම නිසා සෑම ශිෂ්ඨාචාරයකම, රටකම
පාලකයන් ඉතාමත් බුද්ධිමත් හා උගත් පුද්ගලයන් විය යුතුමය.

ජර්මනියේ පොට්‌ස්‌ඩම් විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා හා දේශගුණික විද්‍යාව
පිළිබඳ මහාචාර්ය ජෙරල්ඩ් හාන් පවසනුයේ "අපට දේශගුණ විපර්යාස පාලනය කර ගත
හැකිය. ඒ කෙසේද යත් අප ඒ සඳහා සූදානම් වීමෙනි" යනුවෙනි. WE
CAN HANDLE CLIMATE CHANGE IF WE'RE
PREPARED FOR IT.
(PROFESSOR GERALD HAHN).

දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com

දේශගුණික විපර්යාසයන්ට දෙවියන් වගකිව යුතු නැත

දේශගුණික විපර්යාසයන්ට දෙවියන් වගකිව යුතු නැත

අද්‍යතන පෘථිවි චිපිට ගෝලීය වායු ගෝලයේ අන්තර්ගත හරිතාගාර වායුවල පරිපූර්ණ බලපෑම 2050 වසර වන තෙක්‌ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ටත් ඔවුන්ගේ පාලකයන්ටත් නොදැනෙනු ඇත.

නමුත් තමන් ජීවත් වන රටවල අභ්‍යවකාශයේ ඕසොන් වියමන සිදුරුව ඇති නිසා හිරු රශ්මියේ විෂම ක්‍රියාකාරිත්වයෙන් මිදීම සඳහා නොයෙක්‌ ආලේපන වර්ග ශරීරයේ ගැල්වීම, අව්කණ්‌ණාඩි හා හිස්‌ වැසුම් පැළඳීම අත්‍යවශ්‍ය බව නවසීලන්තය ප්‍රමුඛ දකුණුදිග රටවල ජීවත් වන කුඩා ළමයකු පවා දන්නා කාරණයෙකි.

ඕසොන් ස්‌ථරය සිදුරුවීමට හේතුවූ කාරණා වායුගෝලයේ කාබන්ඩයොක්‌සයිඩ් සංයුතිය වෙනස්‌ වීමට හේතු වූ කාරණාවලට වඩා වෙනස්‌ය. (EN. WIKKPEDIA. ORG
WIKI. OZONEHOLE) පෘථිවි මානුෂිය වාර්ගිකයන් ප්‍රමුඛ ජීවින්ට ජීවත් වීම සඳහා අවශ්‍යය ඔක්‌සිජන් වායුවේ එකිනෙකට බැඳුණු ඔක්‌සිජන් පරමානු ද්වයක්‌ (2) ඇත. කිලෝමීටර් 10 ත් 50 ත් අතර අභ්‍යවකාශ ප්‍රදේශයේ පිහිටා ඇති ස්‌ටැට්‍රොෂ්පියරයේදී (STRATOSPHERE - ස්‌තර ගෝලය) පාරජම්බුල විකිරණ බොහෝ විට ඔක්‌සිජන් පරමානු ද්වයට (2 ට) තවත් පරමාණුවක්‌ එක්‌ කරනු ලබයි.



එසේ එක්‌ කිරීමේ ක්‍රියාවලියෙන් ජනිත වනුයේ අහස්‌ගැබ නිල්වන් පැහැයෙන් බබලවන ඕසොන් වායුවයි. ඕසොන් වායුව බෙහෙවින් අස්‌ථාවර වායුවකි. ඊට හේතුව නිරන්තරයෙන් තම අතිරේක පරමාණුව අහිමි කරගන්නා හෙයිනි. එහෙත් සූර්ය රශ්මිය විසින් නැවත නැවත නව පරමාණු ත්‍රිත්වයන් නිපදවනු ලබයි. එම නිසා අනතුරට පත් නොවන ස්‌ටැට්‍රොෂ්පියරයේදී ඕසෝන් සංයුතිය අපහසුතාවයකින් තොරව වායු කොටස්‌ මිලියනයකට ඕසොන් කොටස්‌ දහය බැගින් වූ ප්‍රමාණයක්‌ පවත්වා ගෙන යනු ලබයි. (EN. WIKIPEDIA ORG. WIKI/ STRATOSPHERE)

ස්‌ටැටොස්‌පියරයේ සිසාරා ඇති සමස්‌ත ඕසොන් වායුව ප්‍රමාණයෙන් ඉතා අල්පය.

සත්‍ය වශයෙන්ම ඕසොන් වායුව යනු පෘථිවියේ ආරක්‌ෂාවටත් එහි ජීවත් වන සියලු ප්‍රාණින්ගේ ආරක්‌ෂාවටත් සොබාදහම මගින් යොදා ඇති ආරක්‌ෂක සූර්ය ආවරණයයි. සූර්ය රශ්මිය සමග පතිත වන පාරාජම්බුල විකිරණ (EN
WIKIPEDIA. ORG/ WIKI/ ULTRAVIOLOT ) වලින් 95% ක්‌ම පෘථිවිය මතට පතිත වීම වළක්‌වා ලනුයේ ස්‌ටැට්‍රොෂ්පියරයේ ඇති ඕසොන් වායුවේ ක්‍රියාකාරිත්වයෙනි.

ස්‌ටැට්‍රොෂ්පියරයේදි ඕසොන් වායුව නිවැරදිව ක්‍රියාශීලී නොවුනහොත් එසේ නැතහොත් ඕසොන් වියමන විනාශ වුවහොත් පෘථිවි චිපිට ගෝලයේ ජීවත් වන මානුෂිය වාර්ගිකයන්ගේ ඩී.එන්.ඒ. (D.N.A) බිඳ දමමින් ඔවුන්ව මරණය කරා ගෙන යනු ඇත.

ස්‌ටැට්‍රොෂ්පියරයේ ඇති ඕසොන් වියමන හානියට පත්වූයේ ඒ පිළිබඳ විද්‍යාඥයින් දැනගැනීමට බොහෝ කලකට පෙර සිටය. 1928 වනවිට කාර්මික රසායඥයින් විසින් C.F.C. හෙවත් ක්‌ලෝරොෆ්එරෝ කාබන් ((CHLOROFLUORO,
CABAN) හා H.F.C. නොහොත් හයිෙඩ්‍රාෆ්එරෝ කාබන් (HYDROFLUORO CARBON) නමින් ප්‍රසිද්ධ රසායන ද්‍රව්‍යය හඳුනාගෙන ඇත. බෙල්ජියම් ගාගනට්‌ විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ප්‍රෙඩ්රික්‌ ස්‌වොට්‌ස්‌ (PROFREDERIC
SWARTS 1866-1940) විසින් C.F.C. හඳුනා ගෙන ඇත. ඉන් අනතුරුව ඉහත රසායන ද්‍රව්‍යය ද්වය ශීතකරණ. වායුසමීක්‌ෂණ නිෂ්පාදනයේ දී හා තවත් නොයෙක්‌ අවශ්‍යතා සඳහා ප්‍රයෝජනයට ගැනීම බහුල විය. 1975 වසර වන විට මෙම රසායන ද්‍රව්‍ය ටොන් 500,000 පමණ වායුගෝලයට එක්‌වී තිබිණි. 1986 වන විට C.F.C. භාවිතය ටොන් මිලියන 1.8 දක්‌වා වර්ධනය වී ඇත. උක්‌ත රසායනික ද්‍රව්‍යවල හානිය පිළිබඳ ප්‍රධාන සාධකය වනුයේ එම රසායනික ද්‍රව්‍යවල ස්‌ථායිභාවය හා එම ද්‍රව්‍යය බොහෝ කලක්‌ වායු ගෝලයේ ර¹ පැවැතීමය.

C.F.C. රසායනික ද්‍රව්‍යයේ ඇති ක්‌ලෝරීන් (CHLORINE -
ATOMIC NUMBER. 17 AND SYMBOL. CL) වායුගෝලීය ඕසොන් වායුවට ඉතාමත් අහිතකරය. එක ක්‌ලෝරීන් අනුවකට ඕසොන් අණු එක්‌ ලක්‌ෂයක්‌ පමණ විනාශ කළ හැකි බව විද්‍යාඥයින්ගේ නිගමනයයි. නාසා විද්‍යාඥ ආචාර්ය පොල් නිව්මන් මේ පිළිබඳ කරන පැහැදිලි කිරීමක්‌ YOU TUBE, NASA EXPLORING OZONE දර්ශනයෙන් ශ්‍රවනය කළ හැකිය. C.F.C. වල උක්‌ත විනාශකාරී ක්‍රියාවලිය වඩා තිව්‍ර වනුයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඩ් අංශක 43 ට වඩා අඩු වූ විටදීය. උෂ්ණත්වය සෙන්ටිග්‍රෙට්‌ 62 තරම් අඩු දක්‌ෂිණ ධැව ප්‍රදේශයේදී පළමු ඕසොන් විවරය ඇති විය. 2006 ඔක්‌තෝම්බර් මාසය වන විට ඕසොන් තරලයෙන් ඕසොන් වායුව ටොන් මිලියන 40 ක්‌ පමණ අඩු වී තිබිණි. අද්‍යතනව ඕසොන් සිදුරේ ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 28 ක්‌ පමණ බවත් එය ඩොබ්සන් ඒකක 100 ක්‌ බවත් සඳහන්ය.

එහෙත් ඕසෝන් ස්‌ථරයේ තත්ත්වය මනිනු ලබන්නේ බ්‍රිතාන්‍යය භෞතික/ දේශගුණික විද්‍යාඥයකු වන ගොර්ඩන් මිලර් ඩොබ්සන් සැමරීම සඳහා නම් කරන ලද DOBSON
UNITS ඩොබ්සන් ඒකක මගිනි.(GORDON MILLER
BOURNE DOBSON 1889 - 1976 WAS A BRITISH
PHYSICIST AND METEOROLOUIST)

ඕසොන් ස්‌ථරයේ තොරතුරු ලබාගනුයේ අභ්‍යවකාශයේ කක්‌ෂගත කර ඇති ENVISAT SATELLITE චන්ද්‍රිකාවෙන් ලැබෙන දත්ත මගිනි. EN (WIKIPEDA. ORG. WIKI .
ENVSAT SATELLITE) මෙම දත්තවලට අනුව වායුගෝලයේ ක්‌ලෝරීන් ප්‍රමාණය ඉහළ යැම තිව්‍ර වී ඇත. එම නිසා දක්‌ෂිණ ධ්‍රැවය ආසන්න ප්‍රදේශවල අක්‌ෂාංශ 40 ක්‌ දකුණින් ජීවත් වන පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ බහුතරයකට චර්ම පිළිකා බහුල වශයෙන් වැළඳී ඇති බව අනාවරණය වී ඇත. මෙම තත්ත්වයට වැඩි වැඩියෙන් ගොදුරුවී ඇත්තේ නවසීලන්තයේ දකුණු දිග දිවයින, තස්‌මේනියාව සහ ආජන්ටිනාව හා චිලි රාජ්‍යයේ දකුණු දිග ප්‍රදේශවල ජනතාවයි.

පෘථිවි චිපිට ගෝලයේ දකුණු සීමාවේ පිහිටි නිත්‍ය ජනාවාසයක්‌ වනුයේ චිලි රාජ්‍යයේ දක්‍ෂිණ අක්‍ෂාංශක 53 හි පිහිටි "ප්‍රන්ටා අරිනාස්‌" නගරයයි. [EN .WIKIPEDIA. ORG
WIKI. PUNTAARENAS] 1994 වන විට මෙම නගරයේ ජීවත්වන ජනයාගෙන් 66% කට චර්ම පිළිකා වැළඳී ඇත. මීට හේතුව ඕසොන් ස්‌ථරය විවර වීම නිසා පාරාජම්බුල විකිරණ බහුල වශයෙන් සම මත පතිත වීමය.

පරාජම්බුල විකිරණ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ප්‍රතිශක්‌ති පද්ධතියට මෙන්ම ඇස්‌වලට ද හානිකරය. පර්යේෂකයන්ගේ සොයා ගැනීම්වලට අනුව වායුගෝලීය ඕසොන් සංයුතිය 1% අඩු වන විට පෘථිවි මානුෂීය වාර්ගිකයන් ඇතුළු සියලු දෑස්‌ ඇති ජීවීන්ට වැළඳෙන තිමිර පටල රෝගය නොහොත් ඇස්‌ සුදුවීමේ (CATARACT) රෝගය පැතිර යැමේ ප්‍රමාණය 0.5% කින් වර්ධනය වේ. [EN . WIKIPEDIA. ORG. WIKI. CATARACT]

අද්‍යතන ගෝලය සිසාරා තිමිර පටල රෝගයට ගොදුරුවන පුද්ගලයන් මිලියන 250 කට වඩා අධික බව සඳහන් වන අතරම මෙම රෝගය වැළඳීමෙන් පුද්ගලයන්ගේ අක්‍ෂිකාච අනතුරට පත් වී අන්ධභාවයට ද පත් වේ.

පාරාජම්බුල විකිරණවල විෂම බලපෑම මුළු පරිසර ආකෘතිය සිසාරාම ක්‍රියාත්මකය. සාගර ජාලයේ ආහාර දාමයේ පදනම වශයෙන් සැලකෙන ක්‍ෂුද්‍ර ඒක ශෛලික ශාකයන්ට මෙන්ම හාල්මැස්‌සන්ගේ සිට බිත්තර මගින් බිහිවන සියලුම ප්‍රාණීන්ට උක්‌ත පාරාජම්බුල විකිරණ බරපතල ලෙස බලපානු ලබයි.

මෙම පාරාජම්බුල විකිරණවල බලපෑම හේතුවෙන් ගෝලය සිසාරා කෘෂි කාර්මික අස්‌වැන්න ද 20% ක්‌ පමණ අඩු වී ඇති බව අදාළ ලේඛනවල සඳහන් වී ඇත.

CFC හේතුවෙන් ඕසොන් ස්‌ථරයට වන හානිය පිළිබඳ දිගින් දිගටම ගෝලීය රාජ්‍යයන් වල සමාජ ක්‍රියාකාරින්ගේ විරෝධතා හේතුවෙන් 1987 දී කැනඩාවේ මොන්ටි්‍රයල් MONTREAL නගරයට ඒකරාශි වූ බොහෝ රාජ්‍ය නියෝජිතයෝ ඕසෝන් ස්‌ථරය ක්‍ෂය වීමට හේතුවන අහිතකර රසායන ද්‍රව්‍යය යොදා ගැනීම අනුක්‍රමයෙන් ඉවත් කරන ගිවිසුමට අත්සන් තබන ලදී.

එම වසරේදීම ඕසොන් ක්‍ෂය වීම හා CFC අතර ඇති නිසැක සම්බන්ධතාව පිළිබඳ විද්‍යාත්මක නිගමනයන් ද ප්‍රකාශයට පත් විය.

1989 පින්ලන්තයේ HELSINKI

1990 එංගලන්තයේ LONDON

1991 කෙන්යාවේ NAIROBI

1992 ඩෙන්මාර්කයේ COPENHAGEN

1993 තායිලන්තයේ BANGKOK

1995 ඔස්‌ටි්‍රයාවේ VIENNA

1997 කැනඩාවේ MONTREAL

1999 චීනයේ BEJJING

නගරවලදී මෙම රාජ්‍ය නායකයන් රැස්‌වී මේ පිළිබඳ නිවැරැදි කැපවීම ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දරන ලදී. මෙම ප්‍රයත්නය මොන්ටි්‍රයල් එකඟතාව නමින් ජනාදරයට පත් විය. (MONTREAL PROTOCOL) මෙම එකඟතාවට අනුව කටයුතු සිදු නොවුණා නම් 2050 වන විටදී ජනගහනය අධික උත්තර ගෝලයේ මධ්‍යම අක්‍ෂාංශක කලාපය තුළ ජීවත්වන මිනිසුන්ට ආවරණය ගෙන දෙන ඕසොන් වියමනෙන් 50% ක්‌ හා ඊට සමගාමීව දකුණු අර්ධගෝලීය කලාපයේ ඕසොන් ස්‌ථරයෙන් 70% ක්‌ ද ක්‍ෂය වීමට හොඳටම ඉඩ තිබිණි.

1980 දශකයේ පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ පාලක ප්‍රජාවගේ තිබූ දැවැන්ත උගත් බුද්ධිමත්භාවය හා ඥනාන්විත ක්‍රියාකලාපය හා කැපවීම මෙන්ම නිසි කලට මේ සියල්ල ක්‍රියාත්මක කිරීම නිසා 2001 වන විට ඕසොන් ස්‌ථරය ක්‍ෂයවීම වළක්‌වා ගැනීමට හැකිවීම පෘථිවි මානුෂිය වාර්ගිකයන් ලැබූ විශිෂ්ට හා සාමූහික ජයග්‍රහණයකි. නමුත් සියලුම රටවල් මොන්ටි්‍රයල් සම්මේලනයේදී අනුමත වූ ලේඛනය (MONTREAL PROTOCOL) සම්පූර්ණ කැපවීමෙන් අනුගමනය කළේ නැත. ඊට හොඳම උදාහරණය චීන සමූහ ආණ්‌ඩුවය. අද්‍යතනවද චීනය CFC භාවිත කරනු ලබයි. මොන්ටි්‍රයල් එකඟතාව ක්‍රියාත්මක වීමේදී පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ දියුණු තාක්‍ෂණික දැනුම ඇති මහා පරිමාණික විද්‍යාත්මක චින්තනයෙන් මේ සඳහා විකල්ප සොයා ගැනීමට කටයුතු කරන ලදී. අද්‍යතනව එම ප්‍රයත්නය සාර්ථකව ඔවුන් ජයග්‍රහණය කර ඇත. එම මහා පරිමානිකයන්ගේ බුද්ධියේ හා විද්‍යාත්මක චින්තනයේ කැපවීමෙන් ඇති වූ නව ක්‍රියාවලිය හේතුවෙන් අද්‍යතනව ඕසොන් ස්‌ථරයේ සිදුර ප්‍රමාණයෙන් කුඩා වී ඇති බව ENVISAT චන්ද්‍රිකාව මගින් ලැබෙන දත්ත මගින් තහවුරු වී ඇත.

1987 මොන්ටි්‍රයෙල් සම්මේලනයේදී අනුමත වූ එම ක්‍රියාවලිය පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ සාමුහික එකඟතාවයෙන් පාරිසරික/ ස්‌වභාවික අර්බුදයක්‌ ජයගත් මුල්ම අවස්‌ථාවයි. එම නිසා ගෝලය සිසාරා පෘථිවි මානුෂිය වාර්ගිකයන්ට 1987 MONTREAL PROTOCOL පූර්වාදර්ශයකි. සැබැවින්ම 1980 දශකයේ රාජ්‍ය පාලකයන් ද අනාගත පරපුරට ආදර්ශයකි. පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ විද්‍යාත්මක චින්තනයේ අගති සහිත නිර්මාණ හේතුවෙන් සොබාදම් ආකෘතියේ ඇතිවන විකරණයන් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේම සාමුහික කැපවීම තුළින් නිවැරැදි කර ගැනීමට හැකි වූ මුල් අත්දැකීමෙන් අමන්දානන්දයට පත් වූ රාජ්‍ය පාලකයන් 1997 දී නැවත වරක්‌ ජපානයේ කියොටෝ (KYOTO) නගරයට එකරාශී වූයේ තවත් වැදගත් පියවරක්‌ තැබීමටය.

එම වැදගත් තීරණාත්මක පියවර වූයේ පෘථිවි චිපිට ගෝලීය වායුගෝලයට මුදා හැරෙන කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය 5% කින් අවම කර ගැනීමට අවශ්‍ය එකඟතාවට පැමිණීමටය.

එහෙත් ඇමරිකා එක්‌සත් ජනපදය (U.S.A.) ඕස්‌ටේ්‍රලියාව (AUSTRALIA) මොනාකෝ (ඵධභACධ) හා ලයිඑටෙන්ස්‌ටයින් යන සිව් (4) රාජ්‍යයන් උක්‌ත ගිවිසුමට අත්සන් තැබීමට විරුද්ධ විය. මෙයින් මොනාකෝ රාජ්‍යය ගෝලයේ දෙවෙනි කුඩාම රාජ්‍යය වන අතර එහි ජනගහනය 35,000 පමණය. (EN.WIKIPEDIA.ORG.WIKI.MANACO).

අද්‍යතන පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ ජීවන ක්‍රමයට බලශක්‌තිය අත්‍යවශ්‍යයය. එම නිසා බලශක්‌ති නිෂ්පාදනය අතිශයින් ලාභදායි ව්‍යාපාරයකි. සංවර්ධනය වන රටවල බලශක්‌ති ඉල්ලුමේ දළ වර්ධනය වසරකට 2% ක්‌ පමණය. මෙපමණ අඩු වර්ධන වේගයකින් යුත් වෙළෙඳ පොළක සුළං, න්‍යෂ්ඨික, ගෑස්‌ වායු, ගල් අඟුරු, ආදී විවිධ බලශක්‌ති ප්‍රභේද අතුරින් එකක්‌ හෝ දෙකක්‌ පෙරමුණ ගැනීම බලශක්‌ති ප්‍රභේද අලෙවිකරුවන්ට තිබූ තර්ජනයකි.

කියොටෝ ඉලක්‌ක ලෝක බලශක්‌ති වෙළෙඳ පොළ වෙනස්‌ කිරීමට හේතු වු බැවින් ගිවිසුමේ යෝජනාවලට හා අන්තර්ගතයට මහා පරිමාණික බලශක්‌ති අලෙවිකරුවන් විරුද්ධ විය.

ගෝලීය බලශක්‌ති අලෙවි සමාගම් අතරින් ප්‍රධාන සමාගම් 50 පාලනය කරනු ලබන්නේ රටවල් 6 ක්‌ විසිනි. ගෝලීය මහා පරිමානික බලශක්‌ති සමාගම් 10 වනුයේ. 1.
EXXON MOBIL 2. B. P. 3. ROYAL DUTCH SHELL 4.
TOTAL 5. CHEVRON, 6. ENIL 7. PETRO CHINA 8.
GAZPRON 9. SINOPEC 10. PETRO BRAS ය.

පෘථිවි චිපිට ගෝලයේ ප්‍රධානතම තෙල් සහ ගෑස්‌ සමාගම් 50 අතුරින් ප්‍රධාන සමාගම් 8 ක්‌ හිමි රාජ්‍යයන් වනුයේ 1. ඉරානය, 2. සවුදි අරාබියාව, 3. කටාර් රාජ්‍යය, 4. ඉරාකය, 5. වෙනිසියුලාව, 6. එක්‌සත් අරාබි එමීර් රාජ්‍යය, 7. කුවේට්‌ රාජ්‍යය, 8. ලිබියාව ආදි රාජ්‍යයන්ය.

මේ අනුව පැහැදිලි වනුයේ බලශක්‌ති අධිකාරිය ගෝලයේ එක්‌ සුවිශේෂි ජාතියකට වැඩිමනක්‌ වශයෙන් හිමිව ඇති බවය. කෙසේ වෙතත් පෘථිවි චිපිට ගෝලයේ යහපත් පැවැත්ම උදෙසා ගෝලීය ගිවිසුමක්‌ අත්‍යවශ්‍ය බව විශ්වාස කළ පුද්ගලයන්ද / දේශපාලනික ආර්ථික හේතු මත එවැනි ගිවිසුමකට එකහෙලා විරුද්ධ වූ අයද වශයෙන් දෙපිරිසක්‌ පෘථිවි ගෝලයේ ඇතිවීමට උක්‌ත කියොටෝ ගිවිසුම හේතු විය.

කියොටො එකඟතා එහි මූලික අවස්‌ථාව ඉක්‌මවා ප්‍රතිඵල ලබා ගෙන නැත. එහෙත් කුමන අඩුපාඩු කම් තිබුනත් කියොටෝ එකඟතාව පෘථිවි මානුෂිය වාර්ගිකයන්ගේ සමස්‌ත ජාතීන්ම ඉදිරි දශකවලදි අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතු වැදගත් ක්‍රියා පිළිවෙතකි,

කියොටෝ සාකච්ඡාවට අත්තිවාරම වූයේ 1985 දී ඔස්‌ටි්‍රයාවේ විලාච් නගරයේ පැවැති ගෝලීය විද්‍යා සමුළුවයි. (1985 SEPT. 28 OCT. 2 THE FIRST MAJOR
INTERNATIONAL CONFERENCE ON THE GREEN
HOUSE EFFECT WAS HELD IN VILLACH - AUSTRIA) ඉන් අනතුරුව 1992 දී රියෝඩි ජනයිරෝ නගරයේ පැවැති ලෝක පරිසර සමුළුවේදී රටවල් 155 ක්‌ UNFCC යන කෙටි යෙදුමෙන් හඳුන්වන දේශගුණය වෙනස්‌වීම සම්බන්ධයෙන් එක්‌සත් ජාතින්ගේ සම්මුතික රාමුවට සිය එකඟතාවය දක්‌වමින් සාමුහිකව අත්සන් තබන ලදී. (FRAME WORK CONVENTION ON CLIMATE CHANGE) වසර 2000 වන විට වායුගෝලයට නිකුත් කරන හරිතාගාර වායු ප්‍රමාණය උක්‌ත සම්මුතියට අනුව එම රටවල් වසර 1990 පැවැති මට්‌ටම අඩුකළ යුතුවිය. බෙහෙවින් සුබවාදිමුත් පහසුවෙන් ජයගත හැකිවූත් ඉලක්‌කයක්‌ ලෙස යෙදුණු මෙම ක්‍රියාවලිය දැඩි කැපවීමක්‌ නොකර ලබා ගැනීමට අසීරු ඉතා අපහසු ඉලක්‌කයකි.

සම්මුතියට අත්සන් කළ රාජ්‍යයන් අතර වසර 05 ක පමණ කාලයක්‌ නොවීමෙන් පසුව 1997 දෙසැම්බර් මාසයේදි ජපානයේ කියොටෝ නගරයට රැස්‌වූ නියෝජිත සමුළුවේදී හරිතාගාර වායු නිකුත් වීම අඩු කිරීම පිළිබඳ නව ගිවිසුමක්‌ සකස්‌ කරන ලදි. කියොටෝ සම්මුතිය (KYOTO PROTOCOL) වශයෙන් ප්‍රසිද්ධ මෙම ලේඛනයේ අන්තර්ගතය තම රටවලට අදාළ වනුයේ කෙසේ දැයි ඒ ඒ රටවල් ස්‌වාධිනව අධ්‍යයනය කළ යුතුවිය. උක්‌ත සම්මුතිය මගින් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ රාජ්‍ය නායකයන් වෙත වැදගත් කරුණු ද්වයක්‌ ඉදිරිපත් කර ඇත. ඉන් පළමුවැන්න වනුයේ දියුණු රටවලින් නිකුත් වෙන (විප්‍රෙෂණය) හරිතාගාර වායු සඳහා සීමා පැනවීම හා ඩොලර් බිලියන 10 ක තක්‌සේරු වටිනාකමක්‌ ඇති විප්‍රෙෂණ අලෙවි කර ගැනීම සඳහා ක්‍රම වේදයක්‌ හඳුන්වාදීම මගින් නරකම හරිතාගාර වායු 06 ක්‌ වායුගෝලයට මුදා හැරීම සීමාකර ගැනීමය. කියොටෝ සම්මුතියට අනුව එක්‌ එක්‌ රටවලට සිය කාබන් අයවැය නිර්ණය කරගැනීමට අවස්‌ථාව උදාවෙන අතර කාබන් අලෙවි කරගැනීමෙන් නොහොත් පරිසර දූෂණය වෙනුවෙන් ගෙවීම මගින් සිය විප්‍රෙෂණ ප්‍රමාණය ඵලදායි ලෙස අඩුකර ගැනීමට කම්හල් හිමියන්ට එම යෝජිත ක්‍රියාවලිය හරහා අවස්‌ථාව ලැබී ඇත.

ඒ අනුව ව්‍යාපාරවලට සිය කාබන් විප්‍රෙෂණ අඩුකරගැනීම මගින් කාබන් බැර ඒකක උපයාගත හැකි වන අතර එම කාබන් බැර ඒකක පරිසරය වඩා දූෂණය කෙරෙන කාර්මික ව්‍යාපාර වලට අලෙවි කළ හැකිය. ඒ මගින් සිය කාබන් නිකුත් වීම අල්ප කරගැනීමට කටයුතු කරන කාර්මික රටවල් දිරිගැන්වෙන අතර කාබන් නිකුත් කිරීම අඩු කිරීමට අසමත් වෙන කර්මාන්තවල වියදම ඉහළ යනු ඇත.

මෙම විධි විධාන හා යෝජනා සහ එකඟ නොවූ කියොටෝ / ඇමරිකා එක්‌සත් ජනපදය කියොටො එකඟතාවය තම රටවල කටයුතු හා සැසඳීම ප්‍රතික්‍ෂේප කළේය. නොයෙකුත් සාකච්ඡා එකඟතා, විරුද්ධතා, යෝජනා, මධ්‍යයේ මෙම කියොටෝ ක්‍රියාවලිය පෘථිවි චිපිට ගෝලයේ සිසාරා ක්‍රියාත්මක කිරීමට 2004 වන තෙක්‌ම අපහසු විය.

මෙම ක්‍රියාවලිය තිව්‍ර ලෙස විවේචනය කළ රටවල අදහස වූයේ මෙම එකඟතාව හා ක්‍රියාවලිය දත් නැති කොටියකු හා සමාන බවය. 1990 ත් 2012 ත් අතර වසර 22 ක සම්පූර්ණ කාලයේදී වායුගෝලයට නිකුත් කෙරෙන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය 5% කින් අවම කරගැනීම මෙම ගෝලීය සාමුහික උත්සාහයේ පරමාර්ථ ඉලක්‌කය විය.

එහෙත් ගෝලය සිසාරා අද්‍යතනව ඇතිවී තිබෙන දේශගුණ විපර්යාස දෙස අවධානය යොමු කිරීමේදී මෙම ප්‍රතිශතය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ඉතා සුපැහැදිලිය. දේශගුණය සුවදායිව ස්‌ථාවරව පවත්වා ගැනීමට නම් මෙම ඉලක්‌කය 12 ගුණයකින් තව දුරටත් ඉහළ දැමිය යුතුය. වායුගෝලීය කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වසර 2050 වනවිට 1800 පූර්ව කාර්මික යුගයේ පැවැති මට්‌ටම මෙන් දෙගුණයකින් පවත්වා ගැනීමට පවා කාබන් නිකුත් වීම නොපමාව 70% කින් අඩුකළ යුතු බව විද්‍යාත්මක පිළිගැනීමයි. කියොටෝ එකඟතාවය (KYOTO PROTOCOL) විසින් ජයග්‍රහණය කරගත යුතූ දෘඩ අභියෝගයයි එයයි.

එක්‌ එක්‌ රටවල් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු විවිධ විප්‍රෙෂණ සීමා කියොටෝ ලේඛනයේ සඳහන් කර ඇත. උක්‌ත විප්‍රෙෂණ සිමා එක එක රටවලට අනුව 92% ක්‌ 110% ක්‌ අතර පරාසයකින් වෙනස්‌ වේ. සංවර්ධනය වන රටවල් වශයෙන් සැලකෙන චීනය හා ඉන්දියාවේ ගිවිසුමේ පාර්ශ්වකරුවන් වුවද කාබන් නිකුතුව නිර්ණය කිරීමේ ක්‍රියාවලියෙන් එම රටවල් වලට 2012 තෙක්‌ නිදහස්‌ කර ඇත.

කියොටෝ ලේඛනයට අනුව වසර 2012 දක්‌වා වන පළවූ කාලය තුළ විප්‍රෙෂණ සීමාවන් ගණනය කිරීමේදී යුරෝපීය සංගමයට අයත් රටවලට 1990 පැවැති ප්‍රමාණයට වඩා 8%ක්‌ අඩුවෙන්ද ඇමරිකා එක්‌සත් ජනපදයට 7% ක්‌ද වශයෙන් නිර්ණය කර ඇත. ඔස්‌ට්‍රෙලියාවට 1990 පැවැති කාබන් නිකුතුවට වඩා 8% කින් වැඩියෙන් කාබන් නිකුතුවට ඉඩ ලැබිණි. වාසිදායකම පහසුකම ලැබුනේ නවසීලන්තයටයි. 1990 පැවැති විප්‍රෙෂණ ප්‍රමාණයට වඩා 10% ක්‌ විප්‍රෙෂණය කිරීමට නවසීලන්තයට අවස්‌ථාව ලැබිණි. සියලුම කාර්මික රටවල් අතුරින් වැඩිම හරිතාගාර වායු නිකුත් වීම සිදුකරනුයේ ඔස්‌ට්‍රෙලියාවය. එම ප්‍රමාණය ඇමරිකා එක්‌සත් ජනපදයටත් වඩා 25% කට වැඩිය.

නමුත් ඇමරිකා එක්‌සත් ජනපදය මෙන්ම ඕස්‌ටේ්‍රලියාවද කියොටෝ එකඟතාවයට අත්සන් කළේ නැත. කියොටෝ ලේඛනයට අත්සන් නොතැබීමට හේතු වශයෙන් මෙම රටවල ද්වැයම එක හෙළා ප්‍රකාශ කළේ මෙය ඉතා අධික වියදමක්‌ දරා සිදුකළ යුතු කාර්යක්‌ වශයෙනි.

ඊටත් අමතරව එම දෙරටේ අදහස වූයේ අනාගතයේ ඇතිවිය හැකි උවදුරුවලින් බේරී සිටීමට ඇති හොඳම ක්‍රමය ශක්‌තිමත් ආර්ථිකයක්‌ සතුකර ගැනීම බවය. නමුත් ඊට පිළිතුරු දුන් සොබා දහම් පවුල 1998 එල්-නිනෝව හරහා ඇමරිකාවට ඇති කළ පාඩුව ඇමරිකා එක්‌සත් ජනපද ඩොලර් බිලියන 89 ක්‌ හා මිනිස්‌ ජීවිත 32,000 කි. 1980 දශකය සිසාරා ඇති වූ දේශගුණ විපත්වලට අදාළ මුදල එක්‌ වසරකදී ගෙවා දැමීමට 1998 එල්-නිනෝව ක්‍රියා කළේය.

පෘථිවි මානූෂීය වාර්ගිකයන්ගේ ක්‍රියා හේතුවෙන් උද්ගතවන කාලගුණික විපත් ස්‌වාභාවික ක්‍රියාවලිය හේතුවෙන් සිදුවන කාලගුණ විපත් අභිබවා යන දිනයක්‌ මේ ශතවර්ශය තුළදී ක්‍රියාත්මක වනු ඇති බව බොහෝ විද්‍යාඥයන්ගේ පොදු එකඟතාවයයි.

එසේ වුවහොත් දෙවියන් හෝ දෛවය ඊට වගකිව යුතු නොවන බව පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට නිසැකවම අවබෝධ වනු ඇත. මක්‌නිසාද යත් පාලනයකින් තොරව, අත්තනෝමතිකව වායුගෝලයට මුදාහරින කාබන් ඩයොක්‌සයිඩ් හේතුවෙන් සිදුවිය හැකි දේශගුණ විපර්යාස කල්තියාම පුරෝකථනය කිරීමට තරම් පෘථිවි මානුෂීය වාර්ගිකයන් විද්‍යාත්මකව සවිබල ගැන්වී ඇති හෙයිනි. එසේ නැතහොත් ඒ පිළිබඳ නිවැරදි විද්‍යාත්මක සාක්‍ෂි වුවමනා තරම් සොයා ගෙන ඇති හෙයිනි.

කෙසේ වෙතත් මෙවැනි මානුෂීය වාර්ගිකයන්ගේ ක්‍රියා හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස පිළිබඳ වගකිව යුත්තේ කුමන කණ්‌ඩායමද යන්න සොයා ගෝලීය හා මහද්වීප මට්‌ටමේ නෛතික ප්‍රතිපාදනවල පිහිට පැතීමටද සමහර ආදි වාසි ජන කොටස්‌ පෙරට පැමිණ ඇත. එම තත්ත්වය සෑම ශිෂ්ටාචාරයකම රටවැසියන්ට මහත් වූ පූර්වාදර්ශයකි.

ඊට හොඳම උදාහරණ වනුයේ ඇමරිකානු ධ්‍රැව කලාපයේ පාරම්පරිකව ජීවත් වන ඇමර් ඉන්ඩියන් ඉනියුට්‌ (AMERINDIAN INUIT) කැනේඩියානු ඉනියුට්‌ හා (CANADIAN INUIT) ග්‍රින්ලැන්ඩික්‌ ඉනියුට්‌ (GREEN LANDIC) යන පෘථිවි මානුෂීය වාර්ගික ජාතීන් අන්තර් ඇමරිකානු කොමිසම වෙත දේශගුණ විපර්යාස හේතුවෙන් තමන්ට මුහුණ දීමට සිදුව තිබෙන ව්‍යසනවලට සාධාරණය ඉටුකර දෙන ලෙස පැමිණිල්ලක්‌ ඉදිරිපත් කර තිබීමය. මෙම තත්ත්වයට ඉතා කිට්‌ටුව බලපෑ කාරණය වූයේ 2005-2006 වසර වලදී ඉනියුට්‌ ගෝත්‍රික ජනාවාසවලට අවශ්‍ය භාණ්‌ඩ ප්‍රවාහනය කළ ට්‍රක්‌ රථ අයිස්‌ තට්‌ටු මතින් ධාවනය කිරීමේදී නොසිතූ අවස්‌ථාවලදී අයිස්‌ තට්‌ටු සමග ට්‍රක්‌ රථද ජලයේ ගිලියැමය. එසේම තවදුරටත් ඔවුන්ගේ ආහාර ප්‍රභවයන්ද විනාශ වී යැමය.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යැම හේතුවෙන් මුහුදු අයිස්‌ දියවීම හා වෙරළ ඛාදනය හේතුවෙන් ඇලස්‌කානු මුහුද සමීපයේ පිහිටි ෂිෂ්මාරෙෆ් (SHISHMAREF) ජනාවාසද විනාශවීමේ තර්ජනයට මුහුණදී ඇත. (EN.WIKIPEDIA.ORG.WIKI.SHISHMAREF) වසර 4000 ට වඩා දිගු ඉතිහාසයක්‌ තිබෙන බව සඳහන් වන මෙම ජනාවාසවල පදිංචිකරුවන් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ අත්තනෝමතික ක්‍රියාදාමයන් හේතුවෙන් දේශගුණිකව සරණාගත වන පළමු ජන කොට්‌ඨාසය (CLIMATE REFUGEES) වනු ඇත.

ඉනියුට්‌ ගෝත්‍රිකයන්ට සිදුව ඇති අපහසුතා පිළිබඳ ඇමරිකානු රජයට හෝ අමරිකානු කර්මාන්ත කරුවන්ට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයක්‌ ගැනීමට මානව අයිතිවාසිකම් පිළිබඳ අන්තර් ඇමරිකානු කොමිසම (INTERAMERICAN
COMMISSION ON HUMEN RIGHTS
(IACHR) ක්‍රියාකරනු ඇතැයි සිතීමට ඉඩ ඇත. ඒ සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට "මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ" (UNIVERSAL DECLARATION ON
HUMAN RIGHTS) අන්තර්ගත වන සෑම පුද්ගලයකුටම ජාතිකත්වයක්‌ සඳහා අයිතියක්‌ ඇත. "කුමන පුද්ගලයෙකුගෙන් හෝ ඔහු සතු දේපොළ අත්තනෝමතික ලෙස අහිමි නොකළ යුත්තේය." යන ප්‍රතිපාදන සහිත වගන්තිද, එක්‌සත් ජාතින්ගේ සිවිල් සහ දේශපාලනික අයිතින් පිළිබඳ සම්මුතියේ - (UNITED NATIONS COVENENTION CIVIL AND POLITICAL RIGHTS) අන්තර් ගත කිසිදු අවස්‌ථාවක කුමන හෝ ජන කොට්‌ඨාසයකට තම යෑපීම් මාර්ග අවහිර අහිමි නොකළ යුත්තේය යනු ප්‍රතිපාදනවල ක්‍රියාකාරිත්වය ප්‍රයෝජනවත් වනු ඇත.

නමුත් මේ ආකාරයට නොයෙක්‌ සාගර / මුහුදු ජාලයන් අශ්‍රිතව චිරාත් කාලයක සිට පැවැත එන සාම්ප්‍රදායික ජනාවාස රාශියක්‌ ඇත. ඒවා ඇටොල් දූපත් වශයෙන් පුසිද්ධය. (EN. WIKIPEDIA.ORG. WIKI.ATOLL) මෙම දූපත්වල නියෝජිතයන් කියොටෝ සාකච්ඡා වටවලදී ඉල්ලා සිටියේ දේශගුණ විපර්යාස පිළිබඳ දැඩි තීරණයක්‌ ගන්නා ලෙසය.

නමුත් ඊට එරෙහි වූ ඔස්‌ටේ්‍රලියානු නියෝජිත පිරිසේ ප්‍රධානියා වූ ආචාර්ය බ්‍රයන් ෆිෂර් ප්‍රකාශ කළේ කර්මාන්තකරුවන්ට කාබන් නිකුතුවට බල කරනවාට වඩා උක්‌ත සියලු දූපත් වාසීන් සුදුසු මහද්වීපයකට නැවැත පදිංචි කිරීම වඩා වාසිදායක බවය.

කෙසේ වෙතත් කියොටෝ එකඟතාවයට (KYOTO PROTOCOL) පෙර අසීමිත ප්‍රමාණයකින් හරිතාගාර වායු විප්‍රෙෂණයට තිබූ නිදහසට අද්‍යතනව ඉඩ නැත. පෘථිවි චිපිට ගෝලයේ රටවල් 162 ක්‌ මෙම සම්මුතියට එකඟතාවය ප්‍රකාශ කර ඇත. එම නිසා 21 වන සියවසේ පෘථිවි ගෝලීය වැදගත්ම එකඟතාවය කියොටෝ සම්මුතියට පෘථිවි මානුෂීය වාර්ගිකයන්ගේ පාලකයන් බහුතරයක්‌ එකඟවීමය. සත්‍ය වශයෙන්ම අති දැවැන්ත විනාශකාරී ක්‍රියාවලියකට එරෙහිව එකමුතුව ක්‍රියාත්මක වීමට අද්‍යතනව ඇති එකම එකඟතාවය කියොටෝ එකඟතාවයයි. (KYOTO PROTOCOL) සෑම රටවැසියෙක්‌ම, සෑම රාජ්‍ය නායකයෙකුම, සෑම රාජ්‍ය සේවයකුම තම ස්‌වාභාවික යුතුකම් / වගකීම් නිවැරදිව ඉටුකිරීමට කටයුතු කරන්නේ නම් උක්‌ත ව්‍යසනවලින් පෘථිවි මානුෂීය වාර්ගිකයන්ට නිදහස්‌ වීමට හැකි වනු නොඅනුමානය. එම නිසා ඔබේ / අපේ දූ දරුවන් / අසල්වැසියන් / කාර්යාල මිත්‍රයන් / ආදි සියලු දෙනා සමග එකමුතු වී සොබා දහම සමග ඒකාත්මික වනු මැනවි. රවීන්ද්‍රනාත් තාගොර් මෙසේ පවසා ඇත. "රාත්‍රි කාලයේදි හිරු නොපෙනෙන නිසා ඔබ කඳුළු සැලුවොත් ඔබට තාරකාවන්ද නොපෙනී යනු ඇත".

දේශප්‍රිය නානායක්‌කාර
nanayakkara.nanayakkara@gmail.com