Monday, February 16, 2015

රනිල් වික්‍රමසිංහ මැතිදුන් කර ඇති සේවයට අදටත් විකල්පයක් නොමැත .

!!!!!!!!!පොදු සංස්කෘතික හා සදාචාරාත්මක සාරධර්ම පෝෂණය!!!!!!!!
අධ්‍යාපන සංවර්ධනයේහි මුලික පරමාර්ථයන් අතුරින් පොදු සංස්කෘතික හා සදාචාරාත්මක සාරධර්ම පෝෂණය කිරීම හා පතුරුවා හැරීම පිළබදව අප වඩ වඩා අවධානය යොමු කළ යුතුව ඇත . 1994 සිට 2015 දක්වා කාලය ඇතුලත අපේ රටේ පොදු සංස්කෘතික හා සදාචාරාත්මක සාරධර්ම පෝෂණය සුනු විසුනු වී ඇති අතර යහපත් ආකල්ප යටපත් වී ඇත.
ආකල්ප සංවර්ධනයට බලපාන සාධක වශයෙන් හදුනාගෙන ඇති සමාජ බලපෑම් ,ප්‍රජානන බලපෑම් ,චර්යාමය බලපෑම් පිලිබදව නැවත ජාතික අවධානය යොමු කර ගත යුතු බව ඉතා පැහැදිලිය .විශේෂයේන්මැ විද්‍යාත්මක ආකල්ප (Scientific Attitudes) හා ධනාත්මක ආකල්ප (Positive Attitudes) වර්ධනය පිලිබදව සමාජය හැඩගැස්වීම කළ යුතුය.
(en.wikipedia.org/wiki/Positive_Attitude)-(en.wikipedia.org/wiki/Positive_mental_attitude)-(en.wikipedia.org/wiki/Scientific_temper)
(en.wikipedia.org/wiki/Positive_Attitude)-(en.wikipedia.org/wiki/Positive_mental_attitude)-(en.wikipedia.org/wiki/Scientific_temper)ජාතික සංස්කෘතික අනන්‍යතාවය සුරැකෙන පොදු අගයන් පවරා දෙමින් අනාගත පරපුර දැනුමෙන් මෙන්ම සාරධර්ම හා ගුණ යහපත් කමින්ද සංවර්ධනය කිරීම උදෙසා ඔවුන් තුල යහපත් ආකල්ප ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව කව්රුත් පිළිගන්නා කරුණකි .එහි ප්‍රතිපල රටක ජාතික ,සමාජ ආර්ථික ,අධ්‍යාත්මික ක ,හා සංස්කෘතික ප්‍රවර්ධනයටද ඉවහල් වේ. සාරධර්ම නිසා ජනයාගේ සහ ජන සමාජයේ අනන්යාතාවය හා වටිනාකම් ඇගයීමට හා පිළිගැනීමට ලක් වන බව අප කවුරුත් දන්නා සත්‍යකි .

රටේ තරුණ ප්‍රජාව තුල සංස්කෘතික , සදාචාරත්මක හා සාරධර්ම පෝෂණය මෙන්ම සාහිත්‍යයමය ,කලාත්මක ක්‍රියා කාරකම් සදහා දිරිගැන්වීමත්, සංස්කෘතිමය වටිනා කමින් හා උරුමයන් තරුණ පරපුර අතර පෝෂණය කරලීමත් අරමුණු කර ගෙන ජාතික තරුණ සේවා සභාව පිහිටුවා එවකට යව්වන කටයුතු හා රැකි රක්ෂා අමාත්‍ය හා මිනිස් බල උපයෝගිතා නියෝජ්‍ය අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිදුන් කර ඇති සේවයට අදටත් විකල්පයක් නොමැත .

No comments:

Post a Comment