Thursday, February 12, 2015

ක්‍රි .පු. 250 -210 රජ කල දේවානම්පියතිස්ස (දෙවනපෑ තිස් )

1.       ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1819 නොවැම්බර් 18 වන දින නිකුත් කරන ලද ආඥාවට අනුව ඉංග්‍රීසි ආණ්ඩුවේ අවසර නොමැතිව රට වැසියන්ට  බෞද්ධ සිද්ධස්ථානවලට ඉඩම්  පරිත්‍යාග කිරීම තහනම් කර ඇත .එපමණක් නොව බෞද්ධ සිද්ධස්ථානවලට අයත් ඉඩ කඩම්  ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්ත වරයා හෝ ආදායම් කොමසාරිස්වරයා ගේ කාර්යාලයේ ලියාපදිංචි කරණ ලෙසටද  නියෝග කර ඇත .(Ceylon Government Gazette_18 now.1819)
2.       ඉන් පසුව 1856 අංක 03 දරන විහාර දේවාල ගම් පනත,1856 අංක 10 දරන පනත වශයෙන් උක්ත පනත සංශෝධනය කරමින් බෞද්ධ සිද්ධස්ථානවලට අයත් ඉඩ කඩම්  තමන්ගේ පාලනයට යටත් කර ගැනීමට ක්‍රියා කර ඇත .
3.       ක්‍රි .පු. 250 -210 රජ කල දේවානම්පියතිස්ස (දෙවනපෑ තිස් ) රජ සමයේදී මහ මෙව්නා උයන සම්පුර්ණයෙන්ම මහා විහාරයට පූජා කර ඇත .නමුත් 1872 නොවැම්බර් 20 වන දින අංක 88737 දරන ඔප්පුව අනුව අනුරාධපුර අටමස්ථානයට අයත් ඉඩම් ප්‍රමාණය අක්;43. රුඩ්03 .පර්චස් 02 කි . ඒ අනුව පැහැදිලි වනුයේ ඉංග්‍රීසි ආණ්ඩුව බෞද්ධ සිද්ධස්ථානවලට අයත් දේපල වලට කර ඇති බලපෑමයි .(Hansard,23 Oct,1901)  (SLNA 37/843 Atamasthana Committee papers,1931)
4.       1911 ජනවාරි 27 වන දින ඉංග්‍රීසින්ගේ ලංකාණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් අපේ රටේ පළමු බෞද්ධ විහාරය වන මිහින්තලා පූජා භුමියේ හි අක්කර 02 යි රුඩ් 01 යි පර්චස් 35 හැර ඉතිරි වූ සේල චෛත්‍ය මළුව ,නාග පොකුණ ,මිහිදු ගුහාව ආදී සියල්ල ඇතුලත් භුමි භාගය මුඩුබිම් පනතීන් ආණ්ඩුවට පවරා ගන්නා ලදී .
5.       ක්‍රි .පු. 250 -210 රජ කල දේවානම්පියතිස්ස (දෙවනපෑ තිස් )  රජු විසින් බුදු සසුනට පූජා කල මිහින්තලාව ,1911 ජනවාරි 27 වන දින ඉංග්‍රීසින්ගේ ලංකාණ්ඩුව විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව මුඩුබිම් පනතීන් ආණ්ඩුවට පවරා ගන්නා ලද මිහින්තලාව , 1933 දී ඩි එස් සේනානායක මැතිදුන් රටේ කෘෂිකර්ම ඇමතිවරයා වශයෙන් ඉංග්‍රීසි ආණ්ඩුවේ මුඩුබිම් පනත අහෝසි කොට දේවානම්පියතිස්ස රජු බුදු සසුනට පූජා කළ ලක් පොලවේ පළමු විහාරය සකල ලෝවැසි බෞද්ධ ජනයාට නැවත නිදහස් කර දෙන ලදී . ඉන් පසුව 2300 මිහිදු ජයන්තිය වෙනුවෙන් ආර් .ප්‍රේමදාස ජනාධිපතිතුමන් මිහින්තලාව පූජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී .
6.       අනගාරික ධර්මපාල තුමා ,බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා ඇතුළු බෞද්ධයන් විශාල පිරිසක් මිහින්තලාව ඉංග්‍රීසි ආණ්ඩුවේ ග්‍රහණයෙන් බේරාගැනීමට කටයුතු කර ඇති බවද මේ අවස්ථාවේ සිහිපත් කරනුයේ ඒ සියලු උතුම් පරාර්ථකාමීන්ගේ දෙපා නැමද මිනි .

7.       එකසත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවට බුදුදහම ප්‍රකාශ කළ පළමු  පුජණියස්ථානය ඉංග්‍රීසි ආණ්ඩුවේ ග්‍රහණයෙන් බේරාගැනීමට ක්‍රියා කළ අතරම අපේ රටේ බෞද්ධ සංස්කෘතිය නගාසිටුවීමට කර ඇති සේවය අති මහත්ය .   මහාමාන්‍ය  ඩි එස් සේනානායක මැතිදුන් ඇතුළු බොහෝ එජාප නායකයන් දේශපාලනය වෙනුවෙන් ආගම හා ජාතිය මෙන්ම ඇදුමද ,තම දෙමාපියන් විසින් තබන ලද නම් ද වෙනස් නොකළේය .ඊට හොදම උදාහරණය වනුයේ ජාතියේ පියා වශයෙන් විරුදාවලියලත් මහාමාන්‍ය  ඩි එස් සේනානායක  මැතිදුන් ද පවා තම ටයි කෝට්  ඇදුම මිය යන තුරු  වෙනස් නොකිරීමය .

No comments:

Post a Comment