Tuesday, August 13, 2013

සංස්ථායික ගෝලිය ආර්ථික අදිරාජ්‍යවාදයෙන් රටත් ,ජාතියත් .පරිසරයත් ,අනාගත පරපුරත් බේරාගැනීමට කළ හැකී නිවැරදිම වැඩ පිලිවල වනුයේ රටේ ආදායම් ඉහලට ගැනීමය .

 ආර්ථික විද්‍යාඥයකු බවට පසුව හැරණු ඉංග්‍රීසි ජාතික පුජකවරයකු වූ තෝමස් රොබර්ට් මැල්තස් (Thomas Robert malthus  ) 1798, දී ඔහුගේ ජනගහන ප්‍රතිපත්ති පිළිබද කෘතියේ- (An Essay On The Principle Of Population )-ජනගහනය ඉහළ යනුයේ ගණිතමය (1,2,4,8,16 )ආදී ලෙස බවත්,එසේ වුවද ස්වභාවික සම්පත්වල හිග වීම නිසා ආහාර සම්පාදනය වැඩිවන්නේ අංක ගණිතමය (1,2,3,4,5,6,) ආදී ලෙස නියමිත ගණනිකින් බවත් ප්‍රකාශ කර ඇත .
 එම නිසා ගෝලීයව වැඩිවන ජනගහනය හේතුවෙන් අවශ්‍යයෙන්ම ස්වභාවික සම්පත් වල පිරිහීමක් ඇති වන බවත්,ඒ හේතුවෙන් දුප්පත් බව හා සමාජ වියවුල් ඇති වන බවත්, ඒවා වලක්වාලීමට තිවුර ජනගහන පාලන ක්‍රම ක්‍රියාත්මක කළ යුතු බවත් විස්තර කර ඇත .
මැල්තස් ,ඔහු ජීවත් වූ කාලයේදී එංගලන්තයේ පැවැතී සුබ සාධක ක්‍රමය වූ දුගී නීති වලට තදින් විරුද්ධ වී ඇත . (The Poor Relief Act 1601 “ Elizabethan poor law’’) දුප්පතුන්ට වැඩි කරුණාව දැක්වීම සියල්ල්න්ගේම පරිහානියට මගක්  යැයි වඩා පොහොසත් සමාජයට අනතුරු ඇගවූ මැල්තස් ස්වභාවධර්මයට නිදහසේ ක්‍රියාත්මක විමට , එනම් දුප්පතුන්ට ඔහේ මියයාමට ඉඩදිය යුතුයැයී යොජනා කර ඇත .
ඉපදෙන සැම මිනිසෙක්ම පරිසරයේ සැම  අංශයකටම පිඩනයක් බව සලකන මැල්තිසියානුවාදීන් , වනාන්තර විනාශය , භුමිය කාන්තාර  බවට පත් වීම , මතුපිට පස් සේදී යාම , ජල පෝෂක ප්‍රදේශ දුෂණය වීම , ඕසෝන් වියමන පලූදු වීම , හරිතාගාර වායු එක් රැස්  විම , ජීව-විවිදත්වය පිරිහීයාම ,අම්ල වැසි  ,උත්තර  ගෝලයේ  අයීස් දිය වීම ,පෘතුවීය උණුසූම්වීම,පෘතුවිය සිසිල් වීම,පෘතුවිය අදුරු විම ,ආදී සියල්ලටම වගකිවයුත්තේ  ජනගහන වර්ධනය බව සලකනු ලබයි .
පෝල් හා ඈන් අර්ලික් ,ඔවුන්ගේ - ( Population  Explosion  , Paul  R,Ehrlich ,Anne  H. Ehrlich ) –‘ජනගහන බෝම්බය’යන  අදහස දෙන කෘතියේද තර්ක කරණුයේ ගෝලය පුරා ජනගහන වර්ධනය පාලනය කළ යුතු  බවයි .ඔවුන්ගේම  තවත්  කෘතියක්  වූ  “කොකා සහ නගුල” යන අදහස  දෙන -(The Stork And The Plow) - කෘතියේ විස්තර කරණුයේද ජනගහන වර්ධනය  නිසා පොහොසත් පන්තියට එරෙහිව ඇති වී තිබෙන  ගෝලිය  අයුක්තිය පිලිබදවයි  .
1970 දශකයේදී ජන ලේඛන විශේෂඥයන් වන බර්නාඩ් බෙරෙල්සන් සහ ස්ටැන්ලි ලිබෙර්සන් (Bernard  Berellson   And Stanly  Lieberson ) යොජනා කරණුයේ දකුණු ගෝලිය ස්වදේශීය ජනතාවගේ පානිය ජලයට හෝ සැපයෙන ආහාර වලට තාවකාලිකව වන්ධ්‍යාකරණ බෙහෙත්  එක් කළ යුතු බවය..
ජීව විද්‍යාඥ ගැරැට් හාර්ඩින් - (Garret  Hardin )-1993 දී පලකළ සීමාවන් තුල ජිවත් වීම යන අදහස ගෙන දෙන- (LivingWithin Limits )-නැමැති ග්‍රන්ථයේ දුප්පත් රටවලට ආහාර හා සංවර්ධන අධාර අඩු කිරීම මෙන්ම දකුණු පෘතුවී ගෝලයේ උත්පත්ති පාලක වැඩසටහන්වල වේගය ද  වැඩි කළ යුතුයැයී යොජනා කරණු ලැබ ඇත..
ඇමරිකානු  උප  ජනාධිපති වරයෙකු  වූ  ඇල් ගෝර් (Al Gore) ඔහුගේ “අර්ත් ඉන් බැලන්ස්”(Earth In The balance) නැමැති ග්‍රන්ථයේද විස්තර කරණුයේ  පෘතුවි ගෝලිය පරිසරය ආරක්ෂා කිරිමට නම් පළමුවන උපාය මාර්ගික ඉලක්කය විය යුත්තේ ජනගහන ස්ථාවරත්වය ළගා කර ගතයුතු බවය..
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයයේ මහාචාර්ය ජොනතන් ස්ටෝන්- (Jonathan  Stone )-ප්‍රකාශ කරණුයේ මානව සංහතිය විසින් පරිසරය විනාශ කිරීමේ  “ජීව විද්‍යාත්මක යථාර්ත්‍යය” හේතුවෙන් මිනුසුන්,  මිහිපිට ඇති  වසංගතයක් බවට පත්  වී තිබෙන  බවයි . එංගලන්තයේ, ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ  ,මහාචාර්ය මොරිස් කිංග් උක්ත මතය  තවත් තිවුර කරලමින් ප්‍රකාශ  කර ඇත්තේ ජනගහන වර්ධනය පාලනය කිරිමට හා පාරිසරික පැවැත්ම සහතික කිරීම සදහා දකුණු ගෝලිය රටවල මහජන  සෞඛ්‍ය වැඩසටහන් වලින් මිනිස් ජිවිත  රැක දෙන ක්‍රම ඉවත්  කළ යුතු බවයි .
“නව පාරිසරික ව්‍යපාරය” යන අදහස දෙන The New Ecology Movement හී පරිසර විද්‍යාඥ ක්ර්ක් පැට්රීක් සේල්-(Kirk Patrick Sale)-විසින් රචිත “භූමියේ පදිංචී කරුවෝ” යන අදහස ගෙන දෙන (Dwellers In The Land)හා The Human Scale ,යන කෘතී වල අවධාරණය කිරිමට උත්සහා කර ඇත්තේ “ ළමයීන් බේරා ගැනිමට පෙර ගස් වැල් බේරාගැනීමට උත්සාහ නොකොළොත්  අපට දෙකින් එකක් වත් බේරා ගැනීමට නොහැකි වන බවයි” .
පරිසර  විද්‍යාඥ බිල් ඩේවාල්ද - ( Bill Deval )-තම deep Ecology: Living as if nature matters ,යන කෘතියේන් හුවා දක්වා ඇත්තේද
“මනුෂ්‍ය  හා මනුෂ්‍ය නොවන දෙකොටසටම  හොදින් පෘතුවීයේ ජිවත් වීමටනම් මනුෂ්‍ය ජනගහනයේ අඩු වීමක් සිදු වියයුතු බවයි.
ඉහතදී සදහන් කළ අර්ලික් යුවලගේ “ජනගහන බෝම්බය” ග්‍රන්ථයේ තව දුරටත් සදහන් වනුයේ ,දරු පළ ඇති කර ගැනීම පිළිබද  තීරණ ගැනීමේදී ඇති පුද්ගලික නිදහස ඔබේ දරු මුණුපුරන් ජිවත් වන පෘතුවී ගෝලයේ  විනාශයට හේතු විය හැකි බව සැම විටම මතක තබා ගත යුතු බවය.
Earth first නමින් සුප්‍රසිද්ධ රැඩිකල් පාරිසරික කණ්ඩායම අප්‍රිකාවේ දුර්භික්ෂ හා ඒඩ්ස් වසංගතය,ජනගහනය පාලනයට ස්වාභාවිකව පැමිණි ආශීර්වාදයක් සේ සලකනු  ලබන කණ්ඩායම් අතර ප්‍රසිධීයක් උපයාගන ඇත .ඉහත සදහන් කළ පරදී ,මැල්තිසියානුවාදීන්ගේ විශ්ලේෂණයේ ආරම්භය වන්නේ , ස්වභාවික සම්පත් වල හිග බව නිසා මිනිස් ක්‍රියාදාමය මත බලපාන ස්ථිර වූ ස්වභාවික සීමාව සහ ජනගහන වර්ධනයේ බල ගුණික (Exponential) ස්වාභාවයයි  .
 ඒ අනුව , ඉක්මනින් පාලනය නොකොලොහොත්,ගෝලිය ජනගහන පිපුරුම පෘතුවියේ, සොබාවික  සම්පත්  අවම වීමෙන් ,පෘතුවියට උසුලා සිටිය හැකි උපරිම ධාරිතාව  කරා ළගා වෙනූ ඇතයි මැල්තීසියාණුවාදීන්  බිය වෙති .ජීව විද්‍යාවේදී උක්ත උසුලා සිටීමේ ධාරිතාව යන්නෙන් අදහස් කරන්නේ , සීමිත වාසස්ථානයකට අනියත කාල සීමාවකදී පෝෂණය කළ හැකි ජීව වර්ගයක උපරිම ප්‍රමාණයයී.මැල්තස්වාදීන් උක්ත න්‍යාය මානව ජනගහනයටද ආදේශ කොට තර්ක කරණුයේ පවත්වාගෙන යා හැකි ජනගහන සීමාව පසු කළ විට ,ග්‍රහ ලෝකයේ මුලික පදනම පිරිහී අවසානයේ ජනගහන පිරිහිමද සිදුවන බවයි .
 “ ක්ලබ් ඔෆ් රොම් ”(The club of the Rome) සංගමයේ වාර්තාවේ සදහන් වනුයේ ,කඩිනම් ජනගහන වර්ධනය අලුත් කළ නොහැකි ස්වාභවික සම්පත් ක්ෂය කරමින් ,ඉසිලීම් ධාරිතාවය පසු කරණ බවය .තව දුරටත් එහි සදහන් වනුයේ ,තාක්ෂණික දියුණුවේ වේගයට කිසිසේත් අත්‍යවශ්‍ය සම්පත්වල සීමිත සැපයුමෙන් අවම වන ලාභ හා පහත වැටෙන ජීවන තත්ත්වයේද,වැඩිවෙන පරිසර දුෂණයයේද,අනිටු ප්‍රතිපල ජයගත නොහැකිබවයි .උක්ත හේතු නිසා ඉදිරි වර්ෂ 100 තුලදී ජනගහනයේ බිද වැටීමක් සිදුවන බවයි .
ජිව විද්‍යාඥ ගැරේට් හාර්ඩින් උග්‍ර මැල්තිසියානුවාදීයේකී,  ඔහුගේ අදහස වනුයේ, පෘතුවී මානවයා ජීවත්වන ග්‍රහලෝකයේ ජීවත්වන සියලු ජනයා බේරාගැනීමට බැරි බවය . ‘දියේ ගිලෙන්නට’ යන දුප්පතුන් හා දුර්වලයන්ට මියයාමට ඉඩදීම ,මිනිසා ජිවත් වන ග්‍රහලෝකයේ අනාගතය සූරක්ෂිත වීමට තීරණාත්මකව  බලපාන බවය  ..මෙහිදී ගැරේට් හාර්ඩින් සුදුස්සන් යනුවෙන් හදුන්වන්නේ සුදු හම ඇති ජාතීන්ය .
ප්‍රබල උතුරු ගෝලිය කෝණයෙන් බැලීමේදී දකුණු ගෝලයේ සියලු ගැටළු වලට ඇති පහසුම සහ ඉක්මන්  විසදුම වනුයේ උත්පත්ති පාලක බෙදා හැරීමයි .ජනගහන පාලනයේ උනන්දු වන්නන් අතර ප්‍රකට කියමනක් වනුයේ “උත්පත්ති පාලක ඇණවුම් කිරීම, යුද්ධයකට වෙඩි උණ්ඩ ඇණවුම් කිරීම වැනිය .ඒවා අවසන් කිරිමට ඉඩ නොදිය යුතුය ” යනුවෙනී  .ලෝක බැංකුව  ණය මුදල් ලබාදීමේදී තම බලය පාවිචිචි කර දැඩි ජනගහන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරීමට බලපෑම් කරනු ලබයි .දකුණේ ජාතික රාජ්‍යයන්ට ව්‍යූහගත සැකසුම් ණය දීමේදී උක්ත බලපෑම් කර ඇත . 1968 සිට1981 දක්වා ලෝක බැංකුවේ සභාපතී මෙන්ම ජනගහන පාලනය පිළිබද ඉතා උනන්දුවකීන් කටයුතු කළ රොබට් මැක්නමාරා(Robert Strange McNamara) තම ධුර කාලය තුලදී ලෝක බැංකුව හරහා  පෘතුවි ගෝලයේ ජනගහනපාලනයට විශාල බලපෑමක් කර ඇත .,
ඊට හොදම උදා හරණයක් වනුයේ 1977 දී ඔහු ඉන්දියවේ කළ සංචාරයැයී.ඉන්දිරා ගාන්ධී රජයේ උත්පත්ති පාලක වැඩසටහන් පිලිබදව ඔහු ඉතා සතුටට පත්විය .කෙසේ වෙතත් බලහත්කාරයෙන් වන්ධියකරණය කරවීම කෙරෙහි අප්‍රසාදය ඉතා බලවත් ලෙස ඉදිරියට පැමිණීම,  1977 දී පළමු ඉන්දිරා ගාන්ධී රජය කඩා වැටිමටත් හේතු විය .උත්පත්ති පාලක හුදෙක් ගර්භනී බව වලක්වාලන තාක්ෂණික උපකරණ නොවේ .ඒවා ප්‍රබල කණ්ඩායම් විසින් ඔවුනට දෙවෙනි වූ අය පාලනයට භාවිතා කරණ දේශපාලන ආයුධ ද වේ .සාපේක්ෂ අවදානයෙදී උක්ත උපකරණ වල නිරුප්‍රදිත බව ඇගයීමට වැය කරණ මුදල් ප්‍රමාණය ඉතාමත් සුළුය .
පුදුම විය යුතු නැත .උතුරු ගෝලිය සුදු හම ඇති ජාතීන්ට අවශ්‍ය වන්නේ දකුණු ගෝලිය වර්ණවත් හම ඇති ජාතින්ගේ දරු උපත් අවම කිරීමය .උත්පත්ති පාලක නිෂ්පාදනය, සමාගම් කහිපයක් විසින් ක්‍රියාත්මක කරණ ඇමරිකන් ඩොලර් ට්‍රිලියන ගණනක් වටිනා  ව්‍යපාරයකී .මහා පරිමාණයෙන් ප්‍රථමයේන්ම හාවිතා වූ උත්පත්ති පාලකය වනුයේ , පෙත්ත්යි .පිලිකා රෝගය පිළිබද හා අනෙකුත් සෞඛ්‍ය අවදානම් නිසා පෙත්ත්තට තිබු ඉල්ලුම පහල වැටිණි .පෙති නිෂ්පාදක සමාගම් කිහිපය එම නිසා දකුණු ගෝලය දෙසට යොමුවිය. ස්ත්‍රී සෞඛ්‍ය ක්‍රියාකාරීහු ,සොයා බැලීමෙන් තොරවම උක්ත පෙති ගිලීමට දිරි දුන් නිසා බොහෝ ස්ත්‍රිහු රුධිර සංසරණයේ ආබාධ, ශරීර පරිවෘත්තියේ වෙනස් කම් , අප ගර්භාෂිය ගැබ් ගැනීම , පිත්තාශය ආශ්‍රීත ආබාධ,රුධිර කැට ගැසීම,අසාමන්‍යාය සයිල, ගර්භාෂ, ගැප් ගෙල ,ඩිම්බ නාලය ,වකුගඩු ,පෙනහලු ආශ්‍රිත  පිලිකා තර්ජන ,උත්පත්තීය ආබාධ ,ආදී පෙර නොතිබුණු රෝග වලට මුහුණ දී ඇත.                                                                                                                                                                                                              ( Major Side-Effects                                                                                                                                                                                Disturbance to blood-sugar metabolism (possibly contributing to diabetes or hypo glycaemia), Greatly increased chance of suffering a stroke (increasing with age and duration of Pill usage), Increased chance of hardening of the arteries and high blood pressure, Increased risk of blood clots, Increased risk of gall bladder disease (gall stones), Liver tumors (increasing with duration of Pill usage), Possible link with cancer of the endometrium, cervix, ovaries, liver and lungs, Significantly increased risk of ectopic pregnancy, Strong probability of more rapid development of pre-existing cancers and progression to cancer of abnormal cells, Three-to-six fold increase in risk of heart attacks (according to age), Osteoporosis.)
සමාජ ක්‍රියාකාරීන්ට මේ  පිළිබද කරුණු පැහැදිලි කළ උත්පත්ති පාලක පෙත්තේ පර්යේෂකයේක් වන දොස්තර ෆ්‍රෙඩ්රීක් රොබින්ස් ප්‍රකාශ කර ඇත්තේ;අධික ජනගහනයේ භයානකත්වය අනුව පුද්ගලිකව ස්ත්‍රින්ට අනතුරු දායක වූවත් උත්ත්පත්ති පාලක තාක්ෂණ ක්‍රම භාවීතය අනාගත පෘතුවී සමබරතාවයට හේතූ වන බවය .ඉන් ගම්‍යමාන වනුයේද ජනගහන පාලකයන්ගේ යටි අරමුනයි .යටි අරමුණ වනුයේ පෘතුවි ගෝලයේ  සුවදේශික ජාතින්ගේ මරණයයි..20 වන සියවසේ ජර්මානුවන් ප්‍රථම ජන සංහාරය සිදුකරන ලද්දේ 1904 දී නිරිත දිග අප්‍රිකාවේ හේරේරෝ ස්වදේශික ජනතාවට එරෙහිවය .යටත් විජිත හරණයෙන් පසුව ස්වදේශීය ජනයාට මුහුණ දීමට තිබෙන සංහාරය උත්පති පාලක ක්‍රියාවලියයි.
----ගර්භාෂාන්තර උපකරණය:--(I ,U ,D  ) උක්ත උපකරණයේ  ප්‍රතිපල ද පෙත්තට සාමානය .ඉන්දයාව වැනි රටවලද දැඩි ලෙස IUD වියාප්ත කරණ ක්‍රියාවලියයේදී ප්‍රධාන ඉලක්කය වුයේ ජනගහන පාලන අරමුණු මිස,ස්ත්‍රීන්ගේ සෞඛ්‍ය හෝ ආරක්ෂාව නොවේ .
එන්නත් කළ හැකි උත්පත්ති පාලක :--පෙති මෙන් දිනපතා අවදානය යොමුකිරිම ,IUD මෙන් ඇතුල්කර - ඉවත් කිරීමේ හෝ අමතර  හිරිහැරයක් එන්නත්වලට බලනොපායී  .ඩේපෝ - ප්‍රෝවේරා ,-(depot provera, Depot progestogen )-  නෙට් - එන්  ( Net-en ) වැනි එන්නත් භාවිතය  පහසුය ..උක්ත දිගු කාලින හෝමෝන කාන්තා සිරුරට ඇතුල්කිරිමෙන් පසුව ඒවා  නැවත ආපසු ගත නොහැකිය .ඇමරිකන් මහාචාර්යැවරියක වන , Dr, Ellen Grant මේ පිලිබදව කර ඇති පර්යේෂණ වාර්තා රාශියකි .එමෙන්ම ඈ උක්ත ක්ෂේත්‍රය පිළිබද කෘතී ගණනක් ප්‍රකාශයට පත් කර ඇත . Dr ,Ellen Grant මහාචාර්යවරිය ප්‍රකාශ කරණුයේ උපත් පාලක උපකරණ හරහා කාන්තා ශරීරයයේ රසායනික විපර්යාස 150  ක් පමණ සිදුවන බවයි...
එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන මණ්‌ඩලය - ( U S F D A )-ඩෙපෝ ප්‍රෝවේරා භාවීතය  තහනම්  කරණ ලදී .තහනම් කීරීමට හේතු වූ යේ  , බිගල් බල්ලන් සම්බන්ධයෙන් කළ පර්යේෂණවලින් උක්ත ඖෂධය දෙනු ලැබූ බල්ලන් බොහොමයකට පිලිකා රෝග වැලදිමයි .
-----උපත් පාලක පෙත්ත සහ  IUD  මෙන්ම ,ඩේපෝ ප්‍රෝවෙරා භාවිතයේද අවදානම තිවුර වුයේ , උතරු  ගෝලයේ කාන්තාවන්ට නොව දකුණු ගෝලයේ කාන්තාවන්ටය . මක්නිසාද යත් ; ක්‍රමානුකුල   අධීක්ෂ්ණය හෝ බෙහෙත එන්නත් කිරිමෙන් පසු සිදුවියයුතු පසු විපරම සිදු නොවන හෙයින් සිදුවී ඇති දීර්ඝකාලීන අයහපත් ප්‍රතිපල බොහෝය .ගැබ් ගැනීමෙන් පසු එන්නත ලබා ගන තිබුනොත්,අබාධිත  උපත්  සිදුවියහැකිය ..එසේම මව් කිරි මගින් හෝමෝන ඇතුල් වීමෙන් ළදරු වර්ධනයට නොයෙක් ප්‍රශ්න ඇතිවේ . මෑණියන්ට පියයුරු පිලිකා හා  ගැබ්ගෙල  පිලිකාද ,අක්‍රමවත් ඔසප් විම , චර්ම  රෝග  , හිසරදය  ,අවපිඩනය , කෙස්වැටිම,සශ්‍රීක බව  නැවත ලැබීමට කල්යාම ,බර වෙනස් විම ,ලිංගික ආශාවන් නැති විම ආදී අතුරු ආබාධ  ඇතිවිම සුලභ වී ඇත.
-----නොර්ප්ලාන්ට් - Norplant :-නොර්ප්ලාන්ට් හොර්මොනිය  රෝපණයකී .උක්ත උපකරණය  සිලිකොන්  දඩු  6 කින් යුක්ත අතර  එම දඩු  ස්ත්‍රියගේ බාහුවේ ඉහළ කොටසේ සම යට රෝපණය  කරනු ලබයි .සැපයුම්කරුවා විසින් පාලනය වන නොර්ප්ලාන්ට් මගින් ,අවුරුදු 05ක් ගැබ් ගැනීම වලක්වනුලබයි .ලෝක සෞඛ්‍ය  සංවිධානය  , පවුල් සැලසුම් ජාතියන්ත්‍රය  සමග ඒකාබද්ධව පැවැත්වූ පශ්චාත්- අලෙවි සමීක්ෂණයෙන් හෙළිදරව් වී ඇත්තේ බංගලිදේශය ,ච්ලී රට  , චීනය ,ඊජිප්තුව ,ශ්‍රී ලංකාව යන රටවල නොර්ප්ලාන්ට් භාවිතා කළ  කාන්තාවන්ගෙන් 64 .7 % කට අතුරු ආබාධ ඇතිවී ඇති බවය ..
1991 දෙසැම්බරයෙදී ,එක් කැලිෆෝනියා විනිශ්චයකරුවෙක් ,තමාගේ  දරුවන් දෙදෙනාට පහර දීමේ වරද පිළිගත් කලු ජාතික කාන්තාවකට නොර්ප්ලාන්ට් රෝපණය කරණ ලෙස තීන්දුවක් දී ඇත .ඩාර්ලින් ජොන්ස්න් නැමැති උක්ත කාන්තාව ඒ වනවිටත් දිය වැඩියා රෝගියෙක් වූ අතර ගැබ් ගෙනද  සිට ඇත .ඇය නොර්ප්ලාන්ට් පිළිබද කිසිවක් දැන නොසිටිමුත්  අධිකරණ තීන්දුවට එකග වී ඇත්තේ දඩුවමට ඇති භය නිසාය .ජනගහන පාලකයන් වර්ණවත් හම ඇති ජාතින් අරභයා උත්පත්ති පාලක බලහත්කාරයෙන් යෙදවීම පිළිබද  එක් උදාහරනයකි ඒ..දකුණු ගෝලයේ බොහෝ ජාතික රාජ්‍යයන් වල ජිවත් වන අසරණ කාන්තාවන් මීට ගොදුරු වී ඇති අතර  තවදුරටත් ගොදුරු වෙමින් සිටී ..
------උත්පත්ති පාලක වැඩි දියුණු කිරීම හා බෙදාහැරීම ( IEC : Information ,Education ,Communnication ) ---                               පෘතුවී ගෝලය සිසාරා ක්‍රියාත්මක වන අද්‍යතන මැල්තිසියනුවාදීන් උත්පත්ති පාලක ගෝලිය ක්‍රියාකාරීත්වය පිළිබද තවදුරටත් සෑහීමට පත් වී නොමැති  බව ඒ පිළිබද ලිපි  ලේඛන විමසා බැලීමේදී හොදින්ම ප්‍රත්‍යක්ෂ වේ.ගෝලිය ජනගහනය තවදුරටත් හැකිපමනින් අවම කරලීම ඔවුන්ගේ ඒකායන අරමුනයි .දකුණු ගෝලයේ  සශ්‍රීකතත්වය හා සම්බන්ධ චර්යාවන් හා ආකල්ප වෙනස්  කිරීමේ ආයුධයක් ලෙස,ජනමාධ්‍ය හා අන්තර් පුද්ගල ආරංචි මාර්ගද යොදා ගනී .වඩා වැඩි ආර්ථික දිරි දීමනා හරහා දේශීය නායකයන් මෙන්ම සම තත්ත්වයේ පෙලභුම්කරුවන්ද  ගෝලිය  ජනගහන ජාලයේ සේවාවන්ට සම්බන්ද කරගෙන ඇත .          
දකුණු පෘථිවිගෝලයේ බොහෝ ප්‍රදේශවල ,USAID ,IPPF ,UNFPA , හා අනෙකුත් ප්‍රධාන අරමුදල් සපයන්නෝ ,ජනමාධ්‍ය ව්‍යාපාර වලට නොයෙක් ප්‍රතිලාබ ලබා දෙමින් මුද්‍රිත ප්‍රකාශන ,ගුවන්විදුලිය ,සිනමා හා රුපවාහිනීය මගින් දිළිදු ජනතාව කුඩා පවුල් ඇති කර ගැනීමට පොලබවනුලබයි .උක්ත පනිවිඩය තරමක් සංකීරණ අයුරින් දෙනුලබන පණිවිඩයයකි .ජොන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ජනගහන සේවා මධ්‍යස්ථානය විසින් දියත් කර ඇති ‘ඇතුල්වී ඉගෙන ගන්න’ ( Enter-Educate ) ව්‍යාපෘතියෙන් කරණුයේ දකුණු ගෝලයේ කලාකරුවන් මගින් ජනගහන පාලන පනිවිඩය සමාජ ගත කිරීමයි .වරක් උක්ත වැඩ සටහන නයිජීරියාවේ ප්‍රසිද්ධ ගායකයකු වූ කිංග් සනී අඩේ ගේ- (King Sunny Ade) -  ගී එකතුවක් නිර්මාණය කොට එළිදැක්වීමට ඇමරිකන් ඩොලර් 35000 ක් යොදවන ලදී .කිංග් සනී අඩේ ගේ උක්ත ගී එකතුවේ ගී දෙකක් ඇති අතර එම ගී දෙකෙන්ම අදහස් වන්නේ කුඩා පවුල්වල අගයයි .
උත්පත්ති පාලක උපකරණ සමාජීය ලෙසින්  අලවි කිරීම යන (csm) සංකල්පය ඉදිරියට පැමිණියේ ඒ පිළිබද ඇතිවූ ඉල්ලීම්වලට වලට අනුවයි .csm යනුවෙන් අදහස් කරණුයේ usaid,ippf ආදී නියෝජිත ආයතන මගින් පහසු මිලට ලබා දුන් අධ්‍යතන උත්පත්ති පාලක ,වෙළද පොළ හරහා එනම් ,කුඩා කඩ හා වෙළෙන්දන් මගින් දකුණු ගෝලයේ ජාතික රාජ්‍යයන්වල බෙදාහැරීමය .
දෙවන උත්පත්ති පාලක විප්ලවයද මේ වන විට ක්‍රියාත්මකය .1968 මිනිස් අයිතිවාසිකම් පිළිබද එක්සත්  ජාතීන්ගේ සම්මන්ත්‍රණය විසින් පිට කළ ටෙහෙරාන් ප්‍රකාශනයේ 16 වන වගන්තියේ සදහන් වනුයේ මෙසේය “දෙමාපියන්ට නිදහසේ හා වගකීම් සහිතව ඔවුන්ගේ දරුවන් සංඛ්‍යාව හා දරුවන් අතර පරතරය තීරණය කිරීමේ මුලික මිනිස් අයිතිවාසිකම තිබේ යනුවෙනි .(United Nations “Proclamation of Theran” in United Nations Action in the field of Human Rights, New York,1974,p.79)  නමුත් උක්ත ප්‍රකාශය ජනගහන පාලන ජාලයට ආශිර්වාදයක්ම වී ඇත .මක්නිසාද නිසාද යත් වගකීම් සහිතව (Responsibly) යන වචනයේ ඇති අර්ථය අඩු  වැඩි වශයෙන් බලය භාවිතා කළ හැකි වචනයක් වන බැවිනි ..
පවුල් සැලසුම තීවුර විම හේතුවෙන් බොහෝ දකුණු ගෝලිය රටවල  පොදු සෞඛ්‍ය ආරක්ෂාව හා මාතෘ හා දාරක සෞඛ්‍ය කටයුතු මුළුමුනින්ම අතපසුවි ඇත නව හොර්මොනිය ප්‍රතිශක්තිකාරක උත්පත් තී පාලක HIV/AIDS වලින් ආරක්ෂාවක් ලබා දෙන්නේද නැත ..ජනගහන පාලක උපකරණ නිසා කාන්තා ශරීරයට ඇතුළු වන සංඝටක වසර  විස්සක්  (20)පමණම තිබෙන බව මහාචාර්ය Dr, Ellen Grant ගේ ලේඛන වල සදහන්ය .ජාතියක කාන්තා පරපුරේ ශරීර වල  දශක ද්වයක් සොබාවික නොවන සංඝටක තිබීම කෙතරම් විනාසයක්ද ? බොහෝ  ලේඛන වල සදහන් වනුයේ මව් කිරි සමග උක්ත සංඝටක ළදරුවන් උරා බොන බවය .
-------සුජනක වාදය හා උසස් මිනුසුන් බෝකිරීම-------
 පෘතුවි ගෝලිය පාරිසරික ක්‍රියාකාරීත්වයන් හා උතුරු ගෝලිය ප්‍රතිපත්ති සාධක ව්‍යාපාර තීවුර ලෙස මැල්තිසියානු වාදීනූ මතයට එකග විම හේතුවෙන් ඉතා සියුම් ලෙස වඩාත් ජාතිවාදී හා “තෝරා බේරා ප්‍රතී කාර කිරීම ”  ( Triage ) යන ප්‍රතිපත්ති , දකුණු ගෝලයේ ක්‍රියාත්මක වනු දක්නට ඇත .උක්ත ප්‍රතිපත්ති නිසා ගෝලය සිසාරා ජිවත් වන ස්වදේශීය ජනයාගේ එසේ නැතහොත් සුදු හම නොවන ජාතීන්ගේ අයිතිවාසිකම් පවා දෙනු ලබයි . තත්ත්වය තව  දුරටත් තිවුර වී ඇත්තේ සුජනක වාදය කරලියට පැමිණීමත් සමගය.සුජනක වාදය යනු ,වඩා හොදින් තෝරා ගත් මානව ජාන වලින්  වඩා  උසස් මානවයන්  බෝකිරීමේ විද්‍යාවයී.
 උක්ත වාදයේන් ක්‍රියාත්මක වන්නේ ජානයමය අතින් වඩාත්ම “සුදුසු” අයට  දරුවන් ලැබීමට දිරි දීමත් , “නුසුදුසු අයගේ” ප්‍රජනනයට දිරි නොදිමත්ය .මිනිස් සිරුරේ ඇති 100,000 ට  වැඩි ජාන හදුනා ගැනීමට  ඩොලර්  බිලියන 03  කට වඩා ආයෝජනය  කර ,ඇමෙරිකාව දියත් කරැති  මිනිස් ජාන ව්‍යපෘතියේන් ,දොස්තරවරුන්ට  දරු ගැබ්හී විවිධාකාර ලක්ෂණ  -- ශාරීරික චර්යාමය ප්‍රවනතා ද දර්ශනය කර ගත හැකිය .අද්‍යතන පෘතුවී මානව සමාජයට වැඩදායී  නොවන දරු උපත් වැළැක්වීමට මේ මගින් සුජනක වාදීන්ට හැකි වනු ඇත .උක්ත විද්‍යාත්මක ප්‍රයත්නයද පෘතුවි ගෝලයේ  දුප්පත් --සුදු  නොවන  ස්වදේශීය ජනයා අඩු කිරිමට යොමු කරන්නක් විය හැකිය ,                                                                                                                                                                                            පෘතුවි ගොල්යයේ ප්‍රමාණික බොහෝ උගතුන් මැල්තීසියානු   දර්ශනයට අනුගතව ඇති බව දක්නට  ඇත. ඇත්තවශයේන්ම,  අද්‍යතන   මානව සංහතියයේ පැවත්ම  ක්‍රියාත්මක,  වනුයේ මැල්තීසියානු වාදයට අනුව යැයි සිතීමට ඇති කරුණු බොහෝය.අද්‍යතන සහස්‍රකයේ අධ්‍යාත්මික හරය තීරණය වනුයේද මැල්තිසියානු ක්‍රියාවලි ජාලයට අනුව බව ගෝලිය  සමාජ,ආර්ථික,සංස්කෘතික,දේශපාලනික ප්‍රතිපත්ති පිළිබද ගැබුරින් අධ්‍යනය කිරිමෙන් හොදින්ම පැහැදිලිවේ .                                                               
කෙසේ වෙතත් මුල් කාලින මැල්තිසියානුවාදීන් මෙන් ඍජූවමැ මරණ සංඛ්‍යාව ඉලක්ක නොකරණ අද්‍යතන     මැල්තිසියානුවාදීන්,ක්‍රියාත්මක වනුයේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයටය. උතුරුගෝලිය ධනවත් පවුල් කිහිපයක් විසින් පාලනය කරණ ජත්‍යන්තර සංස්ථායික  නිෂ්පාදන ජාලය විසින් ව්‍යාප්ත කරණ භාන්ඩ ,මිනිසා විසින් ඓතීහාසිකව පරිහරණය කරණ ලද භාන්ඩ පසෙක දමා ඇත .සැබවින්ම ජනගහන වර්ධනය අද්‍යතන ජත්‍යන්තර සංස්ථායි නිෂ්පාදන ජාලයට සැම අතින්ම ලාභදායී වී ඇත .
------හරිතවිප්ලවය හා මිනිසාට වැළදෙන නොයෙක් මාරාන්තික රෝග-------
පෘතුවි ජනයා බිලියන 4 ට ආසන්න වීමට  පෙර 1940 දී USAID හි අධ්‍යක්‌ෂක වරයකු  වූ විලියම් එස් ගෝර්ඩ් (willim s.Gaud) -විසින් පළමුවෙන්ම “හරිත විප්ලවය ”යන යෙදුම ලෝකයාට හදුන්වා දෙනුයේ මෙසේ ප්‍රකාශ කරමිනි .පෘතුවි ගෝලයේ නව්‍ය විප්ලවයක් සිදු වීමට යන අතර  එය රුසියාවේ මෙන් රතු විප්ලවයක් නොවන අතර ඉරානයේ මෙන් සුදු විප්ලවයක් ද නොවේ , මා ඔබට එය හදුන්වාදෙනුයේ “හරිත විප්ලවය ”වශයෙනි .විලියම් ගෝර්ඩ් 1977 මිය යන තුරු එක්සත් ජාතීන්ගේ ජනගහන අර්බුද කමිටුවේ ක්‍රියාකාරී බලවත් නිලධාරියෙකි .
නෝර්මන් එර්නස්ට් බොර්ලොග්,  ගේ  - (Norman ernest borlaug)  -හරිත විප්ලවය, 1970 දශකයේදී  ගෝලිය පොදු ජනයා දුටුවේ ආශිර්වාදයක් ලෙසනි. නමුත් හරිත විප්ලවය හරහා  මුලු පෘතුවියේම සාම්ප්‍රදායිකයික  ගොවිතැනත්  , පෘතුවිය , සොබාදහම,   
විශ්ව චක්‍රාවාට  අතර මිනිස් සංහතියට තිබු සබදතාත් විනාශ විය. සැබවින්ම ඉන් පසුව පෘතුවි වාසි මිනුසුන් පෘතුවියේ බෝඩින් කාරයෝ බවට‍ පත් වී ඇත . බෝඩින් කාරයෝ වූ  මිනිසුන්ට සිදුවූ බරපතලම අභියෝගය වනුයේ ආයුෂ අඩු වීමය .නමුත් ඒ පිළිබද අපේ අවධානය තාමත් යොමු නොවීම කනගාටුදායකය.
ආයුෂ කෙටි වූ ජනතාවගේ ඉඩම් ද අහිමි විය.අද වන විට ලෝක බැංකුවේ අධාර යටතේ ක්‍රියාත්මක වන “ බිම් සවිය”වැඩසටහනද මැල්තිසියානුවාදීන්ගේ අරමුණුවලට ඉනිමං තිබිමකි .මක්නිසාද යත් ගෝලයේ සාම්ප්‍රදායික දෙපළ හිමිකරුවන්ගේ   ඉඩම් වල අයිතීන් තාමත් නිරවුල් වී නැත .නමුත් උක්ත වැඩ සටහනින් අපේක්ෂා කරණුයේ ඔප්පුව ,පිභුර ආදී සියලු තොරතරු සටහන්වූ කාර්ඩ් පතක් ඉඩම් හිමිකරුවන්ට නිකුත් කිරීමය .බැලු බැල්මට උක්ත ක්‍රමය ඉතාමත් හොද බව පෙනේ . නමුත් ඉන්පසුව අවශ්‍ය කුමන දේපලක් වුවත් ගෝලිය ප්‍රාග් ධන ආයෝජකයන්ට මෙන්ම ආක්‍රමණික ආගමික ආයෝජකයන්ට මිලදී ගැනීමට පහසු වනු ඇත .  මේ  දෙවර්ගයම සුදු හම ඇති ජාතීන්ය.                                                                                                                                               ඊට අමතරව ඔවුන්ගේ සාම්ප්‍රදායික ගොවිතැනද.සාම්ප්‍රදායික වෙදකමද ,සාම්ප්‍රදායික යහපවත්ම්ද,සම්ප්‍රදායීක චින්තනයද ඔවුන්ට නැති විය.උතරු  ගෝලිය ආර්ථික අධිරාජ්‍යවාදය විසින් වෙළද පොළ සමාජයට හදුන්වා දුන් නොයෙක් පාරිභෝගික භාන්ඩ හේතුවෙන්ම නොයෙක් මාදිලියේ රෝගාබාධ පෘතුවි ජන සමාජයට වැළදුණි.එම  සියලු රෝග සදහා අවශ්‍ය බෙහෙත් වර්ග සියල්ල නිෂ්පාදනය කරණුයේ සුදු හම ඇති ජාතීන්ගේ සංස්ථායික  සමාගම් ජාලය විසිනි . එසේ නැතහොත් නැති වූ සියල්ලට ආදේශක වුයේ ජනගහන වර්ධන වේගය අවම කිරීමේ යටි අදහසින් සුදු හම ඇති ජාතින් විසින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරණ නොයෙක් මාදිලියේ නොයෙක් නිෂ්පාදනයන්ය   .                                                                                                                                   යටත් විජිතකරණයෙන් මේ සියලු දේ ආරම්භ වූවත්, ඉතිරි වී තිබු බොහෝ දේ විනාස වුයේ පාරිභෝගික සමාජය අපව මිරිකා හසු කරගත් පසුවය .. හරිත විප්ලවය හරහා ගෝලය සිසාරා ව්‍යප්ත වූ  වස විස අපමණය . විෂ අපද්‍රව්‍ය ඉවත් කිරීම පිළිබද  ඇතිවී තිබෙන අරගලය අද්‍යතනව ඉතා තදින් දකුණු ගෝලය දෙසට හමා එන කුණාටුවකි . බංගලාදේශය උක්ත කුණාටුවට දැනටමත් හසු වී ඇත .බංගල දේශයේ ෆෙර්හාර්ඩ් මාර්ස්   (ferhrd mars) පවසනුයේ එක්සත් ජන පදයේ  සමාගමක්  පොහොර ලෙස ව්‍යාජව සකස් කළ විෂ අප ද්‍රව්‍ය බංගලිදේශයට  පමණක් නොවැ  , ඔස්ට්‍රේලියාවටද යවා ඇති බවය .
 රසායනික ද්‍රව්‍ය භාවිතව නිසා දුකට පත් වනුයේ ගොවි ,කම්කරුවන් පමණක්ම නොවේ .අද්‍යතනව ගෝලය සිසාරා ජිවත් වන මිනිසුන් ආහාරයට ගන්නා බොහෝ ආහාර වල වැඩි කොටසක උක්ත අවදානම ඇත .අධි තාක්ෂණික කෘෂිකර්මය ආරම්භ කළ වස චක්‍රයේ ප්‍රතිපල අද්‍යතන ගෝලිය ජනයා මරණ මංචකයට කැදවා ඇත .(Mark hertsgaard, A  world Awash in Chemicals ) ඇන්ග්ලෝ ප්‍රංශ පරිසර විද්යාඥ එඩ්වර්ඩ් ගෝල්ඩ්ස්මිත් (Rene David Edward Goldsmith 1928-2009) ප්‍රකාශ කර ඇත්තේ “අද්‍යතන පොළොවේ ජිවත් වන සැම ප්‍රාණියෙකුගේම සිරුර තුල කෘෂිකාර්මික හා කාර්මික රසායන ද්‍රව්‍යය ස්වල්පයක් සැගවී ඇත ,.මේවා යින් බොහොමයක් පිලිකා ජනක හෝ විකුර්තිකාරක බවයි .උක්ත රසායනික ද්‍රව්‍ය  වැඩිපුර භාවිතා  කිරීම නිසා  ඇතිවිඇති පාරීසරික විෂමතා හේතුවෙන් ගෝලය සිසාරා ජිවත්වන පිරිමින්ගේ  ශුක්රාණු සංඛ්‍යාව අඩුවී ඇති බවද  විද්‍යාත්මකවම තහවුරු වී ඇත .
අද්‍යතනව පෘතුවි ගෝලය සිසාරා ක්‍රියාත්මක කරවන කෘෂිකර්මාන්තය ජිව තාක්ෂණය මගින් ප්‍රති  ව්‍යූහිකරණය කිරීම නිසා යාන්ත්‍රික ක්‍රියාවලින් හා කෘෂිකාර්මික රසායනික ද්‍රව්‍ය හා ජාන ඉංජිනේරුකරණය,සංස්ථායික කෘෂිකාර්මික ව්‍යාපාර ජාලයට අත්‍යවශ්‍යය.ඉංජිනේරුකරණය ශාක ,සත්ව ,හා මානව යන සියල්ලේම ජානමය පදනම වෙනස් කිරිමට උත්සාහය දරමින් සිටී.එම නිසා බොහෝ විට  නැවත පිළියම් කළ නොහැකි සේ පාරිසරික තුල්‍යතාවයට හානි  සිදු වෙනු ඇත.ජාන විද්‍යාවත් .දෙමුහුන් වර්ග වල ව්‍යාප්තීයත්. නිසා සාම්ප්‍රදායික බිජ වර්ග හා ජිව විවිධත්වයට තිවුර තර්ජන ඇතිවේ.
03 වන ලෝකයේ උතුරු ගෝලිය ආධාරවලින් පිහිටුවන නොයෙක් පර්යේෂණ මධයස්ථාන හා ජාන සම්පත් කේන්ද්‍ර  ,කරණුයේ ,උතරු ගෝලිය ජාන බැංකුවලට දකුණු ගෝලිය ජාන සම්පත් උකහාගෙන පිටත් කිරීමය. අවසාන වශයෙන්,අධී තාක්ෂණික කෘෂිකර්මාන්තයේ අරමුණ හුදෙක් ස්වභාවධර්මය සංස්ථායීක පාලනයට යටත් කර ගැනීම පමණක් නොව ස්වභාවධර්මය ප්‍රතික්ෂේප කිරීමද විය හැකිය .
ඊට උදාහරණයක් වශයෙන් 1987 ආර්ථික විද්‍යාව සදහා වූ නොබෙල් සම්මානයෙන්  ඇගයීමට ලක් වූ ආර්ථික විද්‍යාඥ රෝබර්ට්  සොලෝ(Robert Merton solow) ගේ ප්‍රකාශය වැදගත්ය  . “ ඇත්ත වශයෙන් ස්වාභාවික සම්පත් නැතිව  ලෝකයට පැවතිය හැකිය ; එනිසා සම්පත් ක්ෂයවීම එක් සිද්දියක් මිස,මහා ව්‍යසනයක් නොවේ ”  ඔහුව විවෙචනය කරන්නන් කියනුයේ ඔහුට නොබෙල් සම්මානය ලැබුනේ ස්වාභාව ධර්මයෙන් ඈත්වීම පාදක කරගත් වර්ධනයට යන  සංකල්පයට බවය .
-----මව් කිරි වෙනුවට පිටිකිරි ,ඒ වෙනුවට පිලිකා .....
මව් කිරි වෙනුවට ආදේශ වූ නොයෙක් කිරි වර්ග නිසාද ගෝලිය ළමා පරපුරට ඇතිවී තිබෙන මරණිය තර්ජන බොහෝය .මව් කිරි වල ගුණාත්මක භාවය පිළිබදව ගෝලිය ජනතාව අවධි කිරිමට නිරන්තර උත්සාහයක යෙදුණු ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචර්ය ,දොස්තර ෆ්ර්න්ක් ඒ.ඔස්කිගේ  (Dr Frank A.Oski)  “කිරි බොන්න එපා ”යන අදහස දෙන Don’t drink your milk යන කෘතිය කියවීම අද්‍යතන ශ්‍රී ලංකා වාසීන්ට අතිශය වැදගත් වනු ඇත. එහි පළමු පරිච්චේදයේ ම සදහන් වනුයේ ගෝලය සිසාරා වූ  ළදරූවන්ට කෘතීම කිරිපිටි ලබාදීමෙන් ඇතිවී තිබෙන අබාධ පිළිබදවය.
 Dr, Frank A.Oski , විසින් දීර්ඝකාලීනවැ කරණ ලද පර්යේෂණ වලින් හෙළිවී ඇත්තේ මව් කිරි වලින් යැපෙන ළදරුවන්  (1000) දහසකින් 1.5ක් පමණ පළමු මාස09 ය ඇතුළතදී මියගිය බවත්, පිටි කළ කිරි භාවිතා කළ ළදරුවන්( 1000 ) දහසකින් 84.07 මුල් මාස 09 නමය තුළදීම මියගිය බවය.ඊට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ යකඩ උණතාවය නිසා රතු රුධිරාණු ස්ය්ල අඩුවීම හා.(Iron-Deficiency). මස් පිඩු ආශ්‍රිත අප්‍රමිතිය හා පාචනයද (Cramps and Diarrhea)නොයෙක් මාදිලියේ අසාත්මිකතා ද(Multiple Allergy) හේතුවන බවය.   පිටිකිරි පානයෙන් ඇතරෝස්ක්‌ලරෝසියාව; මේද තැන්පත් වීමෙන් ධමනි ඇතුලත ඝනවිම(Atherosclerosis)  නිසා ඇතිවන පපුවේ අබාධ  මෙන්ම ආමාෂය ආශ්‍රිතව ඇතිවන අප්‍රමිතිතා (Gastrointestinal Tract Abnormality ) පිළිබදවද විස්තර කර ඇත.Dr,Frank A.Oski විසින් මව් කිරි හා කිරිපිටි පිලිබදව පෙළ පොත් 19 පලකර තිබෙන බවත් වයිද්‍ය ක්ෂෙත්‍රය සම්බන්ධයෙන් අත් පිටපත් 290 ලියා තිබෙන බව ඔහු පිළිබද වූ ලේඛන වල සදහන්ය..
 පියයුරු පිලිකා ,පුරස්ථි ග්‍රන්ථයේ පිලිකා,අන්ධාශයේ සිට අධෝ මාර්ගය දක්වා වන මහා අන්තරයේ ප්‍රධාන කොටසේ ඇතිවන පිලිකා වලට අමතරව ලියුකේමියා , හන්දි පත් රුදාව .ආදී  තවත් නොයෙක්  රෝග කිරිපිටි පරීභෝජනය හේතුවෙන් මානව ශරීරයට වැලදෙන බව ද සදහන්ය, කිරිපිටි නිෂ්පාදනයේදී මෙන්ම චීස් නිෂ්පාදනයේදීද .ග්ලු හා තීන්ත ,ප්ලාස්ටික් ,ෆයීබර් නිෂ්පාදනයෙදී භාවිතා කරණ , ශරිර ගත වූ විට අසාත්මිකතා ඇතිවන කේසින් ( Casein ,is powerful allergen ) ද  උකත රෝග ඇතිවීමට හේතු වන බව  නොයෙක් ලේඛන වල සදහන්ව ඇත.කිරි පිටි නිෂ්පාදනයේදී දියර කිරි රත් කිරීම ,ජිවානුහරණය ,(Sterilization or Mordification) හේතුවෙන් කිරිවල ස්වාභාවික ආරක්ෂණය ඉවත්වීමත් ප්‍රධානතම අප්‍රමිතීතාවක් බව තවදුරටත් සදහන්ව ඇත.මීට අමතර විස්තර කර ඇති කරුණු රාශියකි. 
 ------- සංස්ථායික ගෝලිය වෙළද ආර්ථික අධිරාජ්යවාදය  .----                                                                                                                         
උක්ත විස්තර කළ කරුණු වලට අමතරව සංස්ථායික ගෝලිය වෙළද ආර්ථික අධිරාජ්‍යයේ තවත් ඉලක්කයක් වී ඇත්තේ, “අතීරික්ත ශ්‍රමය ” පවත්වා නඩත්තු කිරීමය. ගෝලය සිසාරා අතිරික්ත ශ්‍රම බලකායක් තිබීමෙන් ශ්‍රම බලකාය එකිනෙක කොටස් හා තරග වැදීමෙන් ප්‍රාග්ධනයට එරෙහිව එක්සත් වනු වෙනුවට තම පංති තුලම ගැටුමක් ඇති කර ගැනීම සංස්ථායික ගෝලිය වෙළද ආර්ථික අධිරාජ්යවාදයේ පැවත්මට වඩා හිතකරය.                                                                                                                                       
සංස්ථායික ගෝලිය වෙළද ආර්ථික අධිරාජ්යවාදය  ගෝලිය රැකියා අතුගාදමන්නන් ලෙසද කටයුතූකරණු ලබයි .  ඩවුන් සයිසින් (Down  Sizing) යනුවෙන් හදුන්වන අර්ධ කාලින  ස්ථිර නොවන රැකියාවල නීතිමය  සුරක්ෂිත භාවය නැති නිසා ශ්‍රමිකයන්ට දේශපාලනිකව බලහත්කාරකම් කිරිමට ඇති හැකියාව ඉහලය .සංස්ථායික ප්‍රාග්ධන ආයෝජකයන් විසින්  විරැකියාව ඇති කරණ තවත් ක්‍රමයක් වනුයේ ශ්‍රමය වෙනුවට තාක්ෂණය යෙදීමයි.ප්‍රාග්ධනය  තව තවත් ශ්‍රමය අවලංගු අවශයතාවයක් බවට පත් කරලමින් තාක්ෂණයටම යොමු වීමේදී මිනිස්සු අනවශ්‍ය වනු ඇත .
---------විෂඅපද්‍රව්‍ය සහ අපනයන නිෂ්පාදන------------
මිනිස් සංහතියේත් ඔවුන් ජිවත් වන ග්‍රහ ලෝකයේත් සෞඛ්‍යට කෙතරම් තර්ජිත වූවත් සංස්ථායික ගෝලිය ආර්ථික අධිරාජ්‍යවාදීන් 20 සියවස ආරම්භ කලේ දකුණු ගෝලය සිසාරා අපනයන කලාප බිහිකිරිමට නොයෙක් උපක‍්‍රම අටවමිනි .එක්සත් ජනපදයේ 71 වන රාජ්‍ය ලේකම් වුද ලෝක බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී වූ ද ඇමරිකානු ආර්ථික විශේඥ , ලෝරන්ස් හෙන්රි සම්මර්ස් (Lawrence Henry Summers) 1991 /12 /12/දින රහස් ලේඛනයක් මගින් රජයට යොජනා කර ඇත්තේ පිරිවැය පලදායී නිසා පරිසර දුෂක කර්මාන්ත දකුණු ගෝලයේ පිහිටුවිය යුතු බවය ..අද්‍යතනය යෙදී දකුණු ගෝලය සීසාරා මෙවැනි කර්මාන්ත දහස් ගණනකී.ඊට ගොදුරු වන කහ ,දුබුරු ,කළු ,ජාතින් ලක්ෂ ගනනකි .ජල පෝෂක ප්‍රදේශ ,ගංගා , ඇල ,දොළ , පමනක නොව භූගත ජල මුලාශ්‍රද විෂ වී අසරණ ජනයා මරණය කරා පියමන් කරණුයේ තමන් විසින්ම බලයට පත් කර ගත් ආණ්ඩු බලයේ සිටිය දිය.
උක්ත සියලු කරුණු වලින් පැහැදිලිවනුයේ පෘතුවීයේ බෝඩින් කාරයන් වූ ජනතාවට සංස්ථායික උතරු ගෝලිය ප්‍රාග්ධන ආයෝජකයන් හා එක්වූ මැල්තීසියාණුවාදීන් අත් කර දී ඇති ඉරණමයි .
උක්ත සංස්ථායික ගෝලිය ආර්ථික අදිරාජ්‍යවාදයෙන් රටත් ,ජාතියත් .පරිසරයත් ,අනාගත පරපුරත් බේරාගැනීමට කළ හැකී නිවැරදිම වැඩ පිලිවල වනුයේ රටේ ආදායම් ඉහලට ගැනීමය .රටේ ආර්ථිකය දුර්වල වන සැම දිනක් පාසාම අප සියලු  දෙනාම උක්ත සංස්ථායික ගෝලිය ආර්ථික අදිරාජ්‍යවාදයේ ගොදුරු වනු නොඅනුමානය .වැලිවේරියේ රතු පස්වල ජනයා ඊට මෑත කාලින හොදම උදාහරනයකි.  ප්‍රාදේශීය ,පළාත් ,පාර්ලිමේන්තු ,ආදී සියලු ජන නායකයන්ට උක්ත සංස්ථායික ගෝලිය ආර්ථික අදිරාජ්‍යවාදයයේත්,මැල්තිසියානු වාදයේත්,සුජනක වාදයේත් අනතුරු පිළිබද දැනුමක් නොමැති නම් ඔබටත් කෙදිනක හෝ රතුපස්වල සහෝදර ජනතාවගේ   දුක  අත්විදීමට  සිදු වනු ඇත .එම නිසා රටේ අනාගතය රැදී ඇති ඔබේ ජන්දය උගත් ,බුද්ධීමතුන්ට දෙනු මිස මානසික අල්ලස් දෙන මෝඩයන්ට  නොදෙනු මැනවි .
දේශප්‍රිය නානායක්කාර .

No comments:

Post a Comment