December 26, 2013 at 9:13pm
බෙදුම් වාදී ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්තද රටේ සියලුම ජනයාට සහ සතා සීපාවන්ටද,ගහ. කොළ ඇළ,දොළ ,ගංගා, වැවු ,අමුණු වලට පමණක් නොව භූගත ජල මුලාශ්‍ර වලට හා රටේ වායුවේ ගුණාත්මක භාවයට මහත් පීඩා ගෙන දෙන සොබාදහමට එරෙහි දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් රටේ පාරිසරික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ අති දැවැන්ත යුද්ධයට අපි දැන් මුහුණ දී ඇත .
නමුත් උක්ත දැවැන්ත යුද්ධය පිළිබද නිවැරදි තිරසර දැක්මක් ආණ්ඩුවට නොමැති බව ප්‍රත්‍යක්ෂ වනුයේ මෙවර අයවැය කථාව විමසා බැලීමේදීය.පිළිකා රෝහල්,ළමා රෝහල්,වකුගඩු රෝගීන් සදහා රෝහල්, වකුගඩු රෝගය තිබෙන කලාප වලට ජල පහසුකම් ලබාදීම්,ආදී ඉදිකිරීම් සදහා කෝටිගණන් ගණන් මුදල් වෙන් කිරීමට යෝජනා කර ඇතත් රටේ පොදු ජනයාට රෝග ඇතිවන හේතු වළක්වාලීමට බලපාන කිසිම යෝජනාවක් අයවැය මගින් යෝජනා කර නැත .
ප්‍රතිකාර කිරීමට වඩා වැළැක්වීම දියුණු තිරසර විසදුමයි . (Prevention is better than cure)
‘වැඩිම’ සංඛ්‍යාවකට ‘දිගුම’කාලයක් තුල ‘ඉහලම’සුභ සිද්ධියක් සැලසෙන පරදී ස්වභාවික සම්පත් පරිහරණය කිරීම සොබා සම්පත් සංරක්‍ෂණයයි යන බෞද්ධ අදහස රට පුරා ක්‍රියාත්මක කිරීමෙන් උක්ත මාරාන්තික ලෙඩ රෝග විසින් රටේ පොදු ජනයාගේ ජිවිත බිලිගැනීමත්, විශේෂයෙන් රටේ ළමා පරපුරේ ජිවිතත් බේරාගැනීමට හැකි වනු ඇත.
උක්ත සියලු රෝග වලට ඍජු හේතු වනුයේ සොබාදහම මරාදැමීම හා තිරසර නොවන හා නියාමනය නොවන ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයයි .ඒ වගේම මා මේ අවස්ථාවේ තවත් වැදගත් කරුණක් පිලිබදව ඔබේ අවධානය යොමු කරවමි . ආණ්ඩුවේ ජාතිවාදය විසින් මා රටේ රෝහල් සංවර්ධනය කිරීමට විරුද්ධ ජාතිද්‍රෝහී,විදේශීය කුමන්ත්‍රන කරුවකු වශයෙන් ඉදිරියේදී හදුන්වනු ඇති බවයි .
නව රෝහල් ඉදිකිරිම හා සංවර්ධනය පිළිබද මට ඇත්තේ සතුටක් මෙන්ම මහත් කණගාටුවකි .සතුට වනුයේ දිනකට වකුගඩු රෝගීන් 13 දෙනකු මිය යන රටේ නොයෙක් මාරාන්තික රෝගාබාද වලින් පීඩා විදින රෝගී ජනයාට ඇතිවන පහසුකම් පිලිබදවයි. කණගාටුව වනුයේ මගේ කථාව පුරා මා විස්තර කරණ සෞඛ්‍ය තර්ජන තිරසරව කළමනාකරණය කර රටේ ජනතාව අතර බහුල වී ඇති නොයෙක් පිළිකා,වකුගඩු,ස්නායු,හෘද,අක්ෂි
ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්තද, රටේ පාරිසරික සෞඛ්‍ය බේරාගැනීමට නම් ආර්ථික, පාරිසරික හා ගෝලීයකරණයේ නොයෙකුත් වෙළද හා බහු විධ ගිවීසුම් මෙන්ම ප්‍රති ව්‍යූහිකරණය පිළිබද ගෝලීය දැනුමක් තිබිය යුතුය. දේශීයවැ පරිසරය දුෂණය වැලක්විමෙහිලා කාර්මික ක්‍ෂ්ත්‍රයඇසුරින් සිදුවන ක්‍රියාදාමය මුලික වශයෙන් අපද්‍රව්‍ය අවමකරණය, අප ද්‍රව්‍ය වැළැක්වීම හා අපද්‍රව්‍ය නිෂ්ක්‍රියකරණය,දුෂක,කර්මාන්තවල
ප්‍රතිචක්‍රීකරණය,පවිත්‍ර තාක්ෂනය,ප්‍රති නිෂ්පාදනය,හරිත නිෂ්පාදනය පිළිබද දැනුම එසේ නැතහොත් “කර්මාන්ත පරිසර විද්‍යාව’”(en.wikipedia.org/
බුද්ධි ගලනය, යාන්ත්‍රික-තාක්ෂණික සංස්කෘතිය,නව්‍ය දැනුම, විෂ ද්‍රව්‍ය නියාමනය, අපනයන නිෂ්පාදන හා විදෙස් වෙළද පොළ පිළිබද අත්දැකීම් සහිත දැනුමක් තිබිය යුතුය . වඩාත් වැදගත් වනුයේ ගෝලීය වෙළද පොලට ඇතුළු වී දේශීය නිෂ්පාදන සදහා තරගකාරි අවස්ථා ඇතිකරගෙන විදේශ විනිමය උපයාගැනීමට අවශ්‍ය විදේශ සබධතා ශක්‌තිමත් කරලීමය .විදේශ විනිමය ,රාජ්‍ය ඉතුරුම් නොමැති රටක අනාගතය පිළිබද තිබිය හැක්කේ සිහින පමණි
No comments:
Post a Comment