Thursday, December 26, 2013

රට වැසියාගේ ජිවන ගුණය එදා වේල සොයා ගැනීමටවත් නොහැකි වී තත්වයට පත්විඇත !

රට වැසියාගේ ජිවන ගුණය එදා වේල සොයා ගැනීමටවත් නොහැකි වී තත්වයට පත්විඇත !

December 26, 2013 at 9:41pm
රටක සංවර්ධනය රට වැසියන්ගේ ජිවන ගුණය තුලින් පිළිබිඹු විය යුතුය.ප්‍රජාවගේ ජිවන ගුණය ඉහළ නැංවීම සදහා ආර්ථික ,සාමාජික හා පාරිසරික ස්ථාවරයන් පමණක් නොව අධ්‍යාපන
හා-සෞඛ්‍ය,දේශපාලන-නිදහස,මානව-අයිතිවාසිකම්,නීතියේ ස්වාධිනත්වය ආදී වශයෙන් වූ යහපාලනයේ මුලධර්ම සමස්තයම වඩා හොදින් ධනාත්මකවැ ක්‍රියාතමක විය යුතුය.
එබැවින් සංවර්ධනයේ කැඩපත රට වැසියාගේ ජිවන ගුණයයි .රට වැසියාගේ ජිවන ගුණය එදා වේල සොයා ගැනීමටවත් නොහැකි වී තත්වයට පත්විඇත.

විදේශ විනිමය හා රාජ්‍ය ඉතුරුම් නොමැති රටක අනාගතය පිළිබද තිබිය හැක්කේ සිහින පමණි !

.විදේශ විනිමය ,රාජ්‍ය ඉතුරුම් නොමැති රටක අනාගතය පිළිබද තිබිය හැක්කේ සිහින පමණි !
December 26, 2013 at 9:13pm
බෙදුම් වාදී ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්තද රටේ සියලුම ජනයාට සහ සතා සීපාවන්ටද,ගහ. කොළ ඇළ,දොළ ,ගංගා, වැවු ,අමුණු වලට පමණක් නොව භූගත ජල මුලාශ්‍ර වලට හා රටේ වායුවේ ගුණාත්මක භාවයට මහත් පීඩා ගෙන දෙන සොබාදහමට එරෙහි දේශපාලන ප්‍රචණ්ඩත්වයෙන් රටේ පාරිසරික සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමේ අති දැවැන්ත යුද්ධයට අපි දැන් මුහුණ දී ඇත .
නමුත් උක්ත දැවැන්ත යුද්ධය පිළිබද නිවැරදි තිරසර දැක්මක් ආණ්ඩුවට නොමැති බව ප්‍රත්‍යක්ෂ වනුයේ මෙවර අයවැය කථාව විමසා බැලීමේදීය.පිළිකා රෝහල්,ළමා රෝහල්,වකුගඩු රෝගීන් සදහා රෝහල්, වකුගඩු රෝගය තිබෙන කලාප වලට ජල පහසුකම් ලබාදීම්,ආදී ඉදිකිරීම් සදහා කෝටිගණන් ගණන් මුදල් වෙන් කිරීමට යෝජනා කර ඇතත් රටේ පොදු ජනයාට රෝග ඇතිවන හේතු වළක්වාලීමට බලපාන කිසිම යෝජනාවක් අයවැය මගින් යෝජනා කර නැත .
ප්‍රතිකාර කිරීමට වඩා වැළැක්වීම දියුණු තිරසර විසදුමයි . (Prevention is better than cure)
‘වැඩිම’ සංඛ්‍යාවකට ‘දිගුම’කාලයක් තුල ‘ඉහලම’සුභ සිද්ධියක් සැලසෙන පරදී ස්වභාවික සම්පත් පරිහරණය කිරීම සොබා සම්පත් සංරක්‍ෂණයයි යන බෞද්ධ අදහස රට පුරා ක්‍රියාත්මක කිරීමෙන් උක්ත මාරාන්තික ලෙඩ රෝග විසින් රටේ පොදු ජනයාගේ ජිවිත බිලිගැනීමත්, විශේෂයෙන් රටේ ළමා පරපුරේ ජිවිතත් බේරාගැනීමට හැකි වනු ඇත.
උක්ත සියලු රෝග වලට ඍජු හේතු වනුයේ සොබාදහම මරාදැමීම හා තිරසර නොවන හා නියාමනය නොවන ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයයි .ඒ වගේම මා මේ අවස්ථාවේ තවත් වැදගත් කරුණක් පිලිබදව ඔබේ අවධානය යොමු කරවමි . ආණ්ඩුවේ ජාතිවාදය විසින් මා රටේ රෝහල් සංවර්ධනය කිරීමට විරුද්ධ ජාතිද්‍රෝහී,විදේශීය කුමන්ත්‍රන කරුවකු වශයෙන් ඉදිරියේදී හදුන්වනු ඇති බවයි .
නව රෝහල් ඉදිකිරිම හා සංවර්ධනය පිළිබද මට ඇත්තේ සතුටක් මෙන්ම මහත් කණගාටුවකි .සතුට වනුයේ දිනකට වකුගඩු රෝගීන් 13 දෙනකු මිය යන රටේ නොයෙක් මාරාන්තික රෝගාබාද වලින් පීඩා විදින රෝගී ජනයාට ඇතිවන පහසුකම් පිලිබදවයි. කණගාටුව වනුයේ මගේ කථාව පුරා මා විස්තර කරණ සෞඛ්‍ය තර්ජන තිරසරව කළමනාකරණය කර රටේ ජනතාව අතර බහුල වී ඇති නොයෙක් පිළිකා,වකුගඩු,ස්නායු,හෘද,අක්ෂි,ඩේන්ගී,ඇදුම ආදී මාරාන්තික රෝගාබාද වැළදීම වැළැක්වීමට ආණ්ඩුවට දැක්මක් උනන්දුවක් කැපවීමක් නොමැති වීම පිලිබදවයි.
ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්තද, රටේ පාරිසරික සෞඛ්‍ය බේරාගැනීමට නම් ආර්ථික, පාරිසරික හා ගෝලීයකරණයේ නොයෙකුත් වෙළද හා බහු විධ ගිවීසුම් මෙන්ම ප්‍රති ව්‍යූහිකරණය පිළිබද ගෝලීය දැනුමක් තිබිය යුතුය. දේශීයවැ පරිසරය දුෂණය වැලක්විමෙහිලා කාර්මික ක්‍ෂ්ත්‍රයඇසුරින් සිදුවන ක්‍රියාදාමය මුලික වශයෙන් අපද්‍රව්‍ය අවමකරණය, අප ද්‍රව්‍ය වැළැක්වීම හා අපද්‍රව්‍ය නිෂ්ක්‍රියකරණය,දුෂක,කර්මාන්තවල අවකාශීය වියාප්තිය හා කාර්මික ක්ෂත්‍රයේ පර්යේෂණ සංවර්ධනය හා අපද්‍රව්‍ය නිෂ්පාදනය දුරලීම ආදී කරුණු පිළිබද නව්‍ය දැනීම සහ රටේ අනාගතය පිළිබද සත්‍ය වාදී දැක්මක්, අවශ්‍ය තාවයක් තිබිය යුතුය.
ප්‍රතිචක්‍රීකරණය,පවිත්‍ර තාක්ෂනය,ප්‍රති නිෂ්පාදනය,හරිත නිෂ්පාදනය පිළිබද දැනුම එසේ නැතහොත් “කර්මාන්ත පරිසර විද්‍යාව’”(en.wikipedia.org/wiki/industrial ecology) ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට රට ජාතිය ගැන අවංක කැපවීමක් සහ නායකත්වයක් තිබිය යුතුය . රටේ සොබාදහමත්, ප්‍රජාවගේ සෞඛ්‍ය ජිවතත් පිළිබද අවංකව ක්‍රියාත්මක වීම කඩිනම් නොකළහොත් යුද්ධය දිනා, රට දිනා ගත් නිදහස රටේ සොබාදහම මරා දැමීම නිසා අපට අහිමිවනු ඇත්තේ ඉතා කෙටිකලකින් බව පවසනුයේ ඉතා කණගාටුවෙනි . ඊට අමතරව ගෝලීයකරණයේ වාසි අපේ රටේ ජනයාට ලබාදීමටනම් පහත කරුණු පිළිබද ප්‍රමාණාත්මක අවබෝදයක් සහ අවංක කැපවීමක් ද තිබියයුතුය .
බුද්ධි ගලනය, යාන්ත්‍රික-තාක්ෂණික සංස්කෘතිය,නව්‍ය දැනුම, විෂ ද්‍රව්‍ය නියාමනය, අපනයන නිෂ්පාදන හා විදෙස් වෙළද පොළ පිළිබද අත්දැකීම් සහිත දැනුමක් තිබිය යුතුය . වඩාත් වැදගත් වනුයේ ගෝලීය වෙළද පොලට ඇතුළු වී දේශීය නිෂ්පාදන සදහා තරගකාරි අවස්ථා ඇතිකරගෙන විදේශ විනිමය උපයාගැනීමට අවශ්‍ය විදේශ සබධතා ශක්‌තිමත් කරලීමය .විදේශ විනිමය ,රාජ්‍ය ඉතුරුම් නොමැති රටක අනාගතය පිළිබද තිබිය හැක්කේ සිහින පමණි

Wednesday, December 25, 2013

මාරාන්තික ඒඩ්ස් සහ හෙපටයිටීස් අනතුර !


December 25, 2013 at 11:22pm
ඩ්ස් සහ හෙපටයිටීස් අනතුර !ජෛව වෛධ්‍ය අපද්‍රව්‍ය ( Biomedical-waste) බැහැර කිරීම යටතේ කාර්මික අපද්‍රව්‍ය,රෝහල් අපද්‍රව්‍ය වලට අමතරව වෛධ්‍ය අංශයට අදාල සියලු ආයතනවල අපද්‍රව්‍ය මෙන්ම,පශු වෛධ්‍ය ස්ථාන හා අවමංගල සේවා ස්ථානවල ජෛව අපද්‍රව්‍ය බැහර කිරීම පිලිබදව රජයේ අවධානය ඉතා තීව්රමව යොමු විය යුතුය .මක් නිසාද යත් ! ජෛව අපද්‍රව්‍ය යම් හෙයකින් නිවැරදි අයුරින් බැහැර නොකලොත් පරිසරයට හා මිනිසාට ඉතා භයානක තත්වයන්ට මුහුණ දීමට සිදුවන හෙයිනි. වැඩි දුර අධ්‍යනයට පිවිසෙන්න Biomedical waste management: incineration vs. environmentalsafety.www.ncbi.nlm.nih.gov/pubmed/20644303)යම් හෙයකින් නිවැරදි උෂ්ණත්වය නොමැතිව උක්ත අපද්‍රව්‍ය/ පුළුස්සා දැමුවහොත් එම ප්‍රදේශයේ ජෛව විවිධත්වය විනාශ වන අතර කලාපයේ ප්‍රජාවටද මොලය,පෙනහළු,වකුගඩු හා මාධ්‍යම ස්නායු මණ්ඩලයට බරපතල හානි සිදුවන බව සියලු ඊට අදාල විද්‍යාත්මක පර්යේෂණ වාර්තා වල සදහන්ය. ජෛවඅපද්‍රව්‍ය බැහැර කිරීම ඉතා ක්‍රමාමානුකූලව සිදු නොකළහොත් බලවත් පාරිසරක හා මානව අර්බුද වලට මුහුණ දීමට සිදුවනු ඇති බව උක්ත විෂයට අදාල නොයෙක් වාර්තා වල සදහන්ය.එහි තව දුරටත් සදහන් වනුයේ නිවැරදි පුහුණුවෙන්,නිවැරදි නියාමනයෙන් බැහැරව උක්ත අපද්‍රව්‍ය පුළුස්සා දැමුවහොත් එම ස්ථානයේ සිට සැතපුම් 100 ක් දුර දක්වා වායුව දුෂණය වී එම ප්‍රදේශ වල ජනයා සහ සත්ව හා ශාඛ ප්‍රජාවද අනතුරට ලක්වන බවයි .ඊටත් වඩා බරපතල කාරණය වනුයේ ළමා පරපුරට මුහුණ දීමට සිදුවන කනගාටුදායක ඉරණම පිළිබදවය.වඩාත් අවධානය යොමු විය යුතු කාරණය වනුයේ රට පුරා රෝහල් වල මේ සදහා පුහුණු සේවකයන් හිගවිමය.( www.colombo-plan.org/.../training-course-on-bio-medical-waste-manag) 2012 දී උක්ත ආයතනයෙන් ඉන්දියාවේ පැවැත්වූ පුහුණුවකට සේවකයන් කැදවා තිබුණි.මේ පිළිබදව සියලු \රට වැසියන්ගේ අවධානය යොමු කරණ ලෙස අප ඉල්ලා සිටුමු.ට්‍රිලියන්, කොධ්‍රිලියන්(TRILLION. / QUADRILLION) ගනණින් චීනයට ණය වී කරන ඊනියා සංවර්ධන කටයුතු ළමා පරපුර එසේ නැතහොත්අනාගත පරපුර වෙනුවෙන් යැයි නිතරම ජනයාට කියනදේශප්‍රේමී,ජනතාවාදී යැයි කියා ගන්නා පාලකයන්ට අප සිහිපත් කරනුයේ ණය සංවර්ධනය අතර තුර ළමා පරපුරට මුහුණ දීමට සිදු වීඇති අතිමහත් මාරාන්තික මරණ තර්ජන පිළිබදවද සොයා බලන ලෙසය.ඒමෙන්ම අපි මේ අවස්ථාවේ ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබගේ මැතිවරණ කොට්ටාශයේ තිබෙන ඉහත සදහන් කළ ආයතනවල ජෛවඅපද්‍රව්‍ය බැහැර කිරීම පිබදව සොයා බලන ලෙසය .රටේ ජනතාවගෙන්ද මා ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින්නේ උක්ත භයානක සමාජ අර්බුදය පිළබදව ඔබේ අවධානය යොමුකරන ලෙසයි .මක් නිසාද යත් !උක්ත ජෛව අපද්‍රව්‍ය නාගරික හා ප්‍රදේශීය අපද්‍රව්‍ය සමගම බැහැර කරන්නේ නම් එම කසළ ආහාරයට ගන්නා නොයෙක් සිව්පාවන් හා කෘමින් මගින් බහුවිධ රෝගාබාද පොදු ජනයා වෙත පැතිරෙන හෙයිනි .වඩා බරපතල හා තීරණාත්මක තර්ජනය එසේ නැතහොත් සමාජ අර්බුදය වනුයේ ඒඩ්ස් රෝගීන් වැනි රෝගීන් සදහා භවිතා කරන ලද සිරින්ජර හා කටු,ලේ සහිත නොයෙක් ද්‍රව්‍ය, ඇතළු ජෛව අපද්‍රව්‍ය ,(Biomedical wastes include a wide variety of items that may carry disease-causing germs including those that cause hepatitis and the virus that causes AIDS. It also includes items such as: live vaccines; laboratory samples; cultures; sharp needles; lancets that have been used to puncture, cut, or scrape the body; and human or animal body fluids or waste.)බල්ලන්, බළලුන් සිවුපාවන් සහ කෘමි වර්ග ඇතුළු අනෙකුත් සත්ව විශේෂ මගින් ප්‍රජාවට ඒඩ්ස් රෝගය හා හෙපටයිටීස් රෝගය පැතිරීමේ තීව්ර අවදානම මේ වන විට හොදටම මෝරා අතිහෙයිනි . වැඩි දුර අධ්‍යනයට පිවිසෙන්න,www.toxicswatch.org/2008/07/environmental-consequences-of.html හා UN/GEF Global Healthcare Waste Project : Document Archiveswww.gefmedwaste.org/section.php?id=79

ඒමෙන්ම භූගත ජල මුලාශ්‍ර වලට ඇතිකරන තර්ජනයද රටේ අනාගත පරපුරට මහත් අර්බුදයක් වනු ඇත.අනෙක් අතට මිත්‍රවරුනි තත්වය තව‍ තවත් උග්‍ර වී ඇත්තේඅපේ රටේ අපද්‍රව්‍ය බැහැර කිරීමේ අප්‍රසන්නතාවය 58.93 %ක් වා ඉහළ ගොස් ඇති හෙයිනි.(Dissatiafation with garbage Disposal.www.numbeo.com>Numbeo>Pollution) රාජ්ය පාලනයේදී තිබිය යුත්තේ ජනයා අතර ජනප්‍රිය තාවය නොව රටෙත් ජනතාවගේත් මුලික අවශ්යයතා වෙනුවේන් නිවැරදිව කටයුතුකිරීමේ හැකියාවයි. අද වන විට රටේ සියලු අංශ කඩා වැටෙමින් නොව ගිලාබසිමින් ඇත.කඩා වැටෙන යමකට මුක්කු තබා කඩා වැටීම නවතා ගත හැකි වුවත් ගිලාබැසීමේදී එසේ කළ නොහැක.එම නිසා ජනප්‍රිය ජනවහරට වඩා රටේ අනාගතයට තීරණාත්මකව බලපාන ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් තිරසර සංවර්ධනය කරා රට කඩිනමින් ඇතුල් කළ යුතුය.තිරසර සංවර්ධන සංකල්පයේ මුලධර්ම 03 වනුයේ ,01,පරිසරය හා ආර්ථික ක්‍රියාවලිය අතර ඇති ඒකාග්‍රතාව . (Integrity,integrity is a concept of consistency of actions,values,methods,measures,principles,expectations and outcomes) 02,සමාජීය සමානාත්මතාවය(Social Equity)03,ආර්ථික ක්‍රියාන්විතය අනාගතයට විස්තීරණ කිරීම යන කරුණුය.(Futurity,The quality or condition of being in or of the Future)ඒ අනුව, පළමුව පරිසරය හා ආර්ථික කක්‍රිරිවයාවලිය අතර ඇති ඒකාග්‍රතාව අවබෝද කරගන සොබාදහම සුරක්ෂණය කිරීම මිනිස් සංහතියේ ප්‍රමුඛතම වගකීම වී ඇත.පරිසරය මිනිසා ලද නිදහස් භාන්ඩයක් ලෙස නොව මිනිසාගේ ආර්ථික ක්‍රියාවලියේම තිබෙන අනිවාර්යය සංචරකයක් ලෙස ආරක්ෂා කර ගත යුතුය . එසේ කිරීමට අපොහොසත් වීම රටේ අනාගතයට මරු පහරකි .

Tuesday, December 17, 2013

මහපොළොව : ශ්‍රී ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාර ඇති වීමට බලපෑ කරණු...

මහපොළොව : ශ්‍රී ලංකාවේ ගොවි ජනපද ව්‍යාපාර ඇති වීමට බලපෑ කරණු...:   ‍    මේ ලිපිය මා ඉදිරිපත් කරන්නේ ප්‍රශ්න වලට සපයන පිළිතුරු වශයෙන්. එසේ ඉදිරිපත් කිරීමට ප්‍රධානම හේතුව වන්නේ ගොවි ජනපද ව්‍යාපාරය පිළිබඳ සරළ...