Saturday, January 17, 2015

රටක දේශපාලන සුරක්ෂිත භාවය පිළබදව ඇති එකම සහතිකය අධ්‍යාපනයයි. ලොව ඇති ලොකුම ඉල්ලුම දැනුමය.

රටක දේශපාලන සුරක්ෂිත භාවය පිළබදව ඇති එකම සහතිකය අධ්‍යාපනයයි. ලොව ඇති ලොකුම ඉල්ලුම දැනුමය.එහෙත් සියල්ලන් අතර දැනුම බෙදී යාමට සැලැස්වීම බලවත් අභියෝගයක් වන අතරම ප්‍රජාතන්ත්‍රවාදය රදා පවත්නා ප්‍රධානතම බලකොටුව ද පාසලයි .
“ලංකාවේ පාසල යන සංකල්පය සකස් වී ඇත්තේ වාර අවසානයේ දී පවත්වනු ලබන විභාගයන් සදහා ශිෂ්‍ය මනස ඉලක්ක කරගත් ආයතන පද්ධතියක් ලෙසය. පාසලකින් සිදු විය යුත්තේ විභාග සමත් කිරීම පමණක් නොවේ .
ශිෂ්‍යයාට දැනුම හා පෝෂණය ලබා දෙන ,සෞඛ්‍යය සම්පන්න බව ආරක්ෂා කරන .ක්‍රිඩා කලා ඇතුලු තරුණ ක්‍රියාකාරකම් වර්ධනය කරන,විනය ගරුක බව ඇති කරන, රටේ තිරසර සංවර්ධනයට,ග්‍රාමීයම සංවර්ධනය දිරි ගන්වන බහු කාර්ය කේන්ද්‍රයක් බවට පාසැල පරිවර්තනය කරන අලුත් සංකල්පයක් තුල පාසැල් ආයතන පද්ධතිය ගොඩනැගිය යුතුය.
ජාතික ප්‍රතිපත්තියක් ලෙස පාසැල් ළමුන්ට පෝෂ්යිදායී සහ සෞඛ්‍යාරක්ෂිත දිවා ආහාර වේලක් ලබා දිය යුතුය .මුල් අදියරයේ දී එය අධික වියදම් සහගත කටයුත්තක් විය හැක. නමුත් අනාගතයේදී සෞඛ්‍ය සම්පන්න ජාතියක් ඒ හරහා බිහි වන බැවින් සෞඛ්‍යය සදහා වැය කළ යුතු මුදල අපට අඩු කර ගැනීමට හැකි වීමෙන් එහි වාසිය ලබා ගත හැක .
මෙම දිවා ආහාර වේල ලබාදීමට පාසල් තුළම පාසැල් මුළුතැන්ගෙයක් ආරම්භ කළ යුතුය .එමගින් අවුරුදු 05 දක්වා සිසු සිසුවියන්ට කිරි වීදුරුවක් ලබා දීමට කටයුතු කළ යුතුය .මෙම “”පාසැල් මුළුතැන්ගෙය”” සංකල්පය ක්‍රියාත්මක කිරීමට නම් පාසැල් සදහා විදුලි බලය ලබා දිය යුතුය .
පාසල් වලට තෙකලා විදුලි බලය ලබා දීම තුලින් පාසැල ගමේ ප්‍රධාන පරිඝනක මධ්‍යස්ථානය බවටද දියුණු කරනු ඇත .අද වන විටත් රටේ පරිඝනක සාක්ෂරතාවය පවතින්නේ ඉතාමත්ම අඩු මට්ටමකය .
පාසැල් හරහා ගමට පරිගණක තාක්ෂණය ලබා දීම තුලින් ශිෂ්‍යන්ට ද , ගුරුවරුන් ට ද, ආදී ශිෂ්‍යයන්ට ද පරිගණක දැනුම ලබා ගැනීමේ අවස්ථා උදා කළ හැකිය .
ඒ මගින් පරිගණක භාවිතාව ඉහළ යන අතර ගම අන්තර්ජාලය හරහා ලෝකයට සම්බන්ද වනු ඇත .මෙම වැඩ පිළිවෙළ අනුව ගම් වල දැනුම් මධයස්ථානය බවට පත්වන්නේ පාසලයි .

එ පමණක් නොව ගමේ ප්‍රජා සෞඛ්‍යය වැඩ සටහන්ද පාසල කේන්ද්‍ර කොට ගෙන ක්‍රි යාත්මක කළ හැකිය .ඒ හරහා පාසල් ශිෂ්‍යයන්ට මෙන්ම ග්‍රාමීය ප්‍රජාවටද සෞඛ්‍යය,පෝෂණය සහ උපදේශන සේවා ලබා දිය හැකිය .

ළමයාගේ පළමු වෛදය වාර්තා ව පාසල තුලින්ම ලබාදෙන ක්‍රමයක් සකසා එය ජීවිතය පුරාවට ම භාවිතාවට ගත හැකි ලෙස සකස් කිරීමටද මේ මගින් පුළුවන .

මිට අමතරව තරුණ සේවා සභාව පාසල සමග සම්බන්ධ කිරීමෙන් ක්‍රිඩා හා කලා ආදී අංශ වල සංවර්ධනය ද ලබාදීමෙන් සිසු ප්‍රජාව පිරිපුන් පුද්ගලයන් බවට පත් කිරීමේ හැකියාව ලැබේ . ප්‍රජා පොලිස් ක්‍රමයක් පාසලට එකතු කිරීමෙන් විනය ගරුක බව ඇති කිරීමටද පහසු වනු ඇත .

උක්ත වෙනස් කිරීම් නිසා අවසානයේදී විභාග සදහා පමණක් ශිෂ්‍යයන් පුහුණු කිරීමේ සංකල්පයෙන් බැහැරව අධ්‍යාපනය ආහාර ,සෞඛ්‍යය,ක්‍රිඩාව ,කලාව, ආදී සියලු දැනුමින් ශිෂ්‍යා සන්නද්ධ කරන කේන්ද්‍රස්ථානය බවට පාසල පත් කිරීමට අපට හැකි වනු ඇත .
මෙම ක්‍රමය යටතේ සෑම ශිෂ්‍යයෙකුට ම නිවාස ,පාසල, සමාජය සමග සමබන්ධ වාර්තාවක් සකස් කෙරේ .උදාහරණ ලෙස ශිෂ්‍යයා පාසල ට නොපැමිණියේ නම් ඒ පිළිබද සියලු කරුණු මේ වාර්තාවට ඇතුලත් වෙයි .ඒ ඔස්සේ ඊට හේතු හදුනාගෙන පිළියම් යෙදිය යුතුය .
එසේම පාසල් මුළුතැන්ගෙට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්පාදනයේදී හා මිලදී ගැනීමේ දී ප්‍රදේශයේ නිෂ්පාදිත ආහාර බෝගවලට ප්‍රමුඛත්වයක් ලැබෙනු ඇත. ඒ මගින් ප්‍රදේශීය කාබනික වෙළද පොළද ශක්තිමත් කළ හැකි වනු ඇත .ඒ අනුව ග්‍රාමීය ආර්ථිකයේ එක් පැතිකඩක් තිරසරව වර්ධනය වන අතර පාසල තුල ඇති වන තොරතුරු තාක්ෂණික හා විද්‍යාත්ත්මක දියුණුව හේතුවෙන් ග්‍රාමීය හා ප්‍රදේශීය මානව සම්පත ද දියුණු වනු ඇත” .
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
උපුටා ගැනීම - අනාගත අභියෝගය

Friday, January 16, 2015

රටක දේශපාලන සුරක්ෂිත භාවය පිළබදව ඇති එකම සහතිකය අධ්‍යාපනයයි.