Sunday, June 29, 2014

ඉහළ ගිය ඔන්චිල්ලාව පහළ ඒම අනිවාර්යයය !



ඉහළ ගිය ඔන්චිල්ලාව  පහළ එන බව අනිවාර්ය සත්‍යය කි !
අප කවුරුත් ඉතා හොදින් දන්නා ලෝක සත්‍යය එයයි . අවුරුදු 38 ක්ම රටේ අනාගතය යහපත කරා මෙහෙය විමට අවශ්‍ය දේශපාලන නායකත්වය වෙනුවෙන් පෙරුම් පිරූ ජේ .ආර් .ජයවර්ධන මැතිදුන් උක්ත ප්‍රකාශය කර ඇත .
1943 දී ජාතික ව්‍යවස්ථාදායක සභාවට තේරී පත් වූ එතුමා 1978 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති පදවියට පත් වන තුරු මුහුණ දී ඇති අභියෝග අතිශය තීරණාත්මක වී ඇත්තේ එතුමාට පමණක් නොව පොදුවේ රටෙත් ,එජාපයේත් පැවැත්මටයි .
1946 සැප්තැම්බර් මස 06 වන දින පිහිටුවා ගත් එක්සත් ජාතික පක්ෂයේ සමාජ ,ආර්ථික ,දේශපාලන ක්‍රියාකාරීත්වය එසේ නැතහොත් ආණ්ඩුකරණය  පොදුවේ මුළු ආසියාවටම ආදර්ශයක් වුයේ  අධ්‍යාපන ,ආර්ථික, සමාජ  සංවර්ධනයේදී ජපානය ඇතුළු ආසියානු රටවලට පොදු පුර්වාදර්ශයක් වෙමිනි .
(කියවන්න ;-  නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා ඩොනල්ඩ් ස්නොඩ්ග්‍රාස් ගේ  (D.R. SNODGRASS)  නිදහසින් පසු විසි පස් වසරක ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය , (SRI LANKA’S ECONOMIC DEVELOPMENT DURING TWENTY FIVE YEARS OF INDIPENDENCE )
ආසියාවටම ආදර්ශමත් ආණ්ඩුකරණය ක යෙදුන එජාප ආණ්ඩුකරණයයේ  යහපාලන පුර්වාදර්ශයනට කණ කොකා හැඩලුයේ 1951 ජුලි මාසයේදී කොළබ නගර සභා ශාලාවේදී පිහිටුවාගත්  ශ්‍රී ලංකා නිදහස් පකෂයේ බලලෝභී, ජාතිවාදී ,ආගම්වාදී ,භාෂාවාදී ,දේශපාලන ප්‍රතිපත්තින්ය . (බලන්න K..M..de Silva, ‘’BUDDHIST REVIVALISM,NATIONALISM AND POLITICS IN MODERN SRI LANKA’’.)
ඊට ඉතා සරල උදාහරණයක් දක්වතොත් , 1956 අප්‍රේල් මස 19 වන දින බණ්ඩාරනායක මැතිදුන් අගමැති වශයෙන්  සහභාගී වූ පළමු පාර්ලිමේන්තු ව රැස්වීමේදී පාර්ලිමේන්තුව වටා රැස්වූ එතුමාගේ ජාතිවාදී ,ආගම්වාදී, භාෂාවාදී , අධාර කරුවන් පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදීම වැළැක්වීමට පොලිසිය මහත් වෑයමක් දරත් දී එහි පැමිණි බණ්ඩාරනායක අගමැති තුමන් එම සියලු කලහකාරී ජාතිවාදී ,ආගම්වාදී ,භාෂාවාදී  පිරිසට පාර්ලිමේන්තු සංකීරණයට ඇතුළුවීමට අවසර දෙන ලෙස පොලිසියට නියෝග කර ඇත්තේ පොලිස් නිලධාරීන් විමතිය ට පත් කරවමිනි .
පාර්ලිමේන්තු සංකීරණයට ඇතුළු වූ අන්තවාදී පිරිස් කතානායක අසුනේ පවා අසුන්ගෙන පාර්ලිමේන්තුව තුල යකා නටා ඇත .
එතෙක් කලක් උත්කෘෂ්ට, අභිමානවත්, ගෞරවාන්විත , සම්ප්‍රධායික පුර්වාදර්ශ  සිරිත් විරිත් වලින් හෙබවූ පාර්ලිමේන්තු අභිමානයට එසේ නැතහොත් රටේ උත්තරීතර  ආයතනයයේ අභිමානවත් ගෞරවයට එදා සිදුවුයේ මහා විනාශයකි .
එදායින් ආරම්භ වූ පාර්ලිමේන්තු වේ වටිනාකම් දිය වීමට පටන් ගත්තේ  දිය වීමට පටන් ගත් විට හිම කදු ඉතා වේගයෙන් දිය වන්නා සේ ය .බණ්ඩාරනායක මැතිදුන්ගේ එම අදුරධර්ශි ජනප්‍රිය ආදර්ශය හේතුවෙන් අපේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය හා සම්ප්‍රදායික වටිනාකම් තව තවත් සුනු විසුනු වී ගියේ වරින් වර බලයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාග ආණ්ඩු මගිනි .
උක්ත තත්වයේ දිගුව වුයේ ,නිතිය හා මානව අයිතිවාසිකම් ඇතළු යහපාලනයේ මුලික සිද්ධාන්ත බොහොමයක් හා ඓතිහාසිකව ලංකික මහා ජන සමාජය ප්‍රගුණ කර අභ්‍යාස කරලු සමාජ ශික්ෂණය හා ජාතික ,ආගමික වටිනාකම් සියල්ල  සෑම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  ආණ්ඩුවක්  යටතේම තව තවත් අභියෝගයට ලක් වීමය .
අයතිවාසිකම් උදුරා ගැනීම පිළිබද ව දැක්විය හොදම උදාහරණයැ වනුයේ 1957 ඔක්තෝම්බර් මාසයේ 03 වනදා ආරම්භ වූ කොලබ සිට මහනුවර දක්වා වූ සාමකාමී පා ගමන මර්ධනය කළ ආකාරය ය.මෙහිදී පුදුමය වනුයේ මල්වතු හා අස්ගිරි  මහා නායක ස්වාමින් වහන්සේලා විසින් මේ පිලිබදව විශේෂ ප්‍රකාශයක් කර තිබියදීත් උක්ත මර්ධනය ක්‍රියාත්මක කිරීමය .

අද මෙන්ම එදාද පොලිසිය යොදවා තිබුනත් රාජකාරී ක්‍රියාවේ යෙදවීම එසේ නැතහොත් නිතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලිසිය අසමත් කරවා තිබුනේ ඉහළ දේශපාලන අවශ්‍ය තා අනුවය. (කියවන්න;- J.R’S MARCH TO KANDY . බලන්න ජනාධිපති ලේඛනාගාරයේ 1957 ඔක්තෝම්බර් 05 වන දින සහකාර පොලිස් අධිකාරී D.S. සෙබස්තියන්ගේ වාර්ථාව. J.R. Jayawrdene Mss File 301 පිටු අංක 66)-(අන්තර්ජාලයෙන් තොරතුරු දැනගැනීමට පිසෙන්න :- 1958 riots in Ceylon – en.Wikipedia.org/wiki/1958 riots_in_Ceylon)


අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය එදාට සාමානය.ඊට මෑත කාලින උදාහරණය වනුයේ එජාප පාර්ලමේන්තු මන්ත්‍රී වරුන්ට හම්බන්තොට දී එල්ල වූ මැර ප්‍රහාරයයි .උක්ත ප්‍රහාරයේදී ද නීතියේ හා සාමයේ දේව දුතයන් වශයෙන් මුළු ලෝකයම පිළිගන්නා පොලිසිය අසරණ කරවා තිබුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යේ ආණ්ඩුවයි .
 හම්බන්තොට දී පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මැරයන්  ගිනි ආයුධ පෙන්වා මරණිය තර්ජන කරමින් පහරදීමේ නිර්ලජ්ජිත  ක්‍රියාව සමස්ථ ලෝක පාර්ලිමේන්තු සම්ප්‍රධායට සිදුවූ  අති මහත් කැළලක් වී තබියදීත් උක්ත සිද්ධිය පිලිබදව පොලිස්පතිවරයා පවසනුයේ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි .
නමුත් හම්බන්තොට පොලිසිය පවසනුයේ උක්ත පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට මැරයන්  ගිනි ආයුධ පෙන්වා මරණිය තර්ජන කරමින් පහරදීමේ නිර්ලජ්ජිත  ක්‍රියාව හම්බන්තොට සමථ මණ්ඩලයට යොමු කර ඇති බවයි .
රටක පොලිසිය අකර්මන්‍ය කිරීමෙන් පොදු ජනයාගේ සියලු අයිතිවාසිකම් උදුරා පෙරළා දැමිය හැකිය .අද වන විට පොලිසිය පමණක් නොව ශ්‍රී ලංකාවේ වෘත්තීය නිතීඥයින් බිහිකරණ ආයතනය වන නිතී විද්‍යාලයද දේශපාලණිකරණය ට යටත් වී එහි ගෞරවය හා අභිමානය පමනක් නොව ඉගැන්වීම් වල වටිනාකම් ද සුනු විසුණු වෙමින් ඇත .
නිදහස් අධ්‍යාපනය යේ ගුණාත්මක වටිනාකම් ඉතා සැලසුම් සහගතව මරාදැමීම පැය 24 පුරාම ක්‍රියාත්මක කර ඇත .රටේ පරම සම්පත වන තරුණ පරපුර ද මෙහෙය වමින් තිබෙනුයේ අදුරෙන් අදුරටමය .
නිදහස් සෞඛ්‍ය සේවාව අකර්මන්‍ය කර පොදු ජනයා මරණය කරා මෙහෙයවමින් ඇත .සොබාදහමට එරහි දේශපාලන ප්‍රචන්ඩත්වය දිවා රාත්‍රී ක්‍රියාත්මකය .වත්මන් පරපුරේ අනාගතයත් අනාගත පරපුරේ වර්තමානයත් පුරෝකථනය කළ නොහැකි පිඩාවන්ට මෙන්ම   දේශපාලන හා ණය උගුල් වල පටලවා ඇත .
බණ්ඩාරනායක වරුන් ගේ අනුදැනුම මත සිදු කළ මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා එකල  හැදුන් වූයේ ‘’අත්තනගල්ල ධර්මය’’ යනුවෙනි . අත්නගල්ල ධර්මයේ හාස්කම් හා ජඩකම් පිළබදව දැනගැනීමට බලන්න :- 1973 දෙසැම්බර් 10 වන දින බණ්ඩාරනායක මැතිනියගේ පිළිතුරු කථාව ඇතුලත් හැන්සාර්ඩ් වාර්තාව .
රාජපක්ෂ රෙජීමයේ  අනුදැනුම මත අද සිදුවන උක්ත  බහු විධ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සහ සමාජ විරෝධී ක්‍රියා හදුනාගත යුත්තේ “”මැදමුලන ධර්මය’’ අනුවය . මැද මුලන ධර්මයේ හාස්කම් හා ජඩකම් පිළිබදව අවබෝධයට පංචායුද කුමාරයාගේ සහ හෙළ උරුමයේ කථා වලට ඇහුම්කන් දෙන්න . ඊට අමතරව කෝප් වාර්තා බලන්න .
1947 සිට 1956 දක්වා කාලයේ රට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුකරණයයේ යහපාලනය සමස්ථ ආසියාවටම ආදර්ශයක් වූ මුත් ඉහත හා පහත විස්තර කර ඇති උදාහරණ වලින් පැහැදිලි වනුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු එම කීර්තිමත් ආදර්ශයන් විනාශ කර ඇති ආකාරයයි .
එස්.ඩබ්ලිව්.ආර්.ඩ..බණ්ඩාරනායක මැතිදුන් තමන් විසින් ලෙහා දමන ලද අනතුරුදායක සමාජ බලවේග විසින් මරා දැමීමෙන් පසුව පිලික්ස් ඩයස් බණ්ඩාරනායක  ඇමතිවරයා විසින්  ලක් පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට අතීතයට බලපාන අයුරින් නිතී  සකස් කිරීමට පවා කටයුතු කර ඇත .(අංක SC8/MC Colombo 23838 /A දරණ නඩුව වෙනුවෙන් උක්ත ප්‍රයත්නය දරණ ලදී .)
1962 ජනවාරි 21 වන දින “’ටයිම්ස් ඔෆ් සිලෝන්”’පුවත් පතේ කතු වැකියෙන් පෙන්වා දුන්නේ අතීතයට බලපාන අයුරින් මරණිය දණ්ඩන (විශේෂ විධිවිධාන පනත ) සංශෝධනය කිරීම“’කෘරතර පළිගැනීමේ ක්‍රියාවක් නීතියේ සළු පිළිවලින් සැගවීමට ගත් උත්සාහයක් බවයි .( ඒ අනුව ඉතා පැහදිලි වනුයේ අතීතයට බලපාන අයුරින් නිතී සම්පාදනනයේ යෙදී ඇත්තෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු බවයි.)
 අද සිදු වනුයේද එවැනි ක්‍රියාවන්මය . බණ්ඩාරනායක මැතිදුන්ගේ මත් පැන් සම්පුරණයෙන් තහනම් කිරීම,සිංහල භාෂාව පෑ 24 න් රාජ්‍ය භාෂාව කිරීම වැනි ජනප්‍රිය දේශපාලන  පොරොන්දු ඔවුන් බලයට පැමිණි කිසි දිනක ඉටු නොකල අතර අද සිදුවනුයේ වඩා විනාශ කාරී නොයෙක් මත් කුඩු වර්ග කන්ටේනර් පිටින් රට තුලට ගෙන්වා බෙදාහැරීමය .
 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලන සමයේදී කසිප්පු නිෂ්පාදනය ගෘහ කර්මානත්යක් වශයෙන් ප්‍රචලිත විය .අද මත් කුඩු ජාවාරම නාගරික සමාජයේ ගෘහ කර්මාන්තයක් බවට පත් වී  ඇති අතර රට පුරා ඇති  ගම්මාන සියල්ලක් කරාම මත් කුඩු ජාවාරම පැතිරී ඇත .නමුත් රටට විදේශ විනිමය උපයා දෙන රටේ දේශීය කර්මාන්ත සියල්ල වැනසී ඇත .
රටේ ඉතුරුම් සහ විදේශ සම්පත් සියල්ල සුනු විසුනු වී ඇත .දේශීය නිෂ්පාදකයන් ඇතුළු බෞද්ධ සිල්ලර වෙළදාම ද සුනුවිසුනු වී ඇත .අදායම් බෙදී යාමේ විෂමතාවය 100 % ඉහළ ගොස් ඇත . රටේ ,ජාතියේ ආදායමෙන් 95 %  කට වැඩි කොටසක් මහින්ද චින්තන පංච මහා පවුල් බල කේන්ද්‍රය විසින් අත්පත් කරගන ඇත .
සබැවින්ම වසර 10 අඩු කාලයකදී පාලක රාජපක්ෂ රෙජීමයේ පංච මහා පවුල් බලකායේ  සියලු පවුල් අද වන විට ලංකාවෙත්, අසියාවෙත් කෝටිපති ලැයිස්තුවට ඇතුලත් වී ඇත .
තුන් වේල බත් කෑ පොදු ජනයා දෙවේල පිරිමහගන්න බැරිව අන්ත අසරණව ඇත. අනාගත පරපුර ගැන වෙරිවෙලා වගේ නිතරම දොඩවන රටේ නායකයා ළමයින් වඩා ගෙන උඩ දමා සිගිති ආතල් එකක් ගෙන ඊට පසු දින ළමා කිරි පැකට්ටුව රුපියල් 100 කින් පමණ ඉහළ දමන විහිළු කාරයෙක් වී ඇත .
(ඉතිහාසයෙන්  උපුටා දක්වා ඇත්තේ සිද්ධි හා කරුණු කිහිපයක් ම පමණි. ඊට හේතුව කියවන ඔබට ඇතිවන පිළිකුල හා ක්‍රෝධය අවම කරලීමය )
ජාතිවාදී ,ආගම්වාදී ,භාෂාවාදී ,දේශපාලනයෙන්  පමණක් නොව  ජාතියේ, ආගමේ, ඉතිහාසයේ, සංස්කෘතියේ හරයන් පිලිබදව පෙනී සිටි ශ්‍රී ලංකා නිදහස් පකෂයේ සත්‍ය තත්වය රටට ලෝකයට එළිදැක්වුනු තවත් ඓතිහාසික අවස්ථාවක් වුයේ බණ්ඩාරනායක මැතිදුන්ගේ අකල් මරණයෙන් පසු බලයට පත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය “”ජාතියේ බත් දුන් පියා”” යන විරදාවලිය ලත් 05  වරක් අපේ රටේ අගමැති වරයා වූ  ඩඩ්ලි සේනානායක මැතිදුන්ගේ මරණය වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමේ පාර්ලිමේන්තු විවාදයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව ක්‍රියා කළ ආකාරයයි.
රටේ ගෞරවය හා සිංහලයාගේ අතීත අභිමානය සහ ශිෂ්ඨත්වය සුනු විසුනු කරලමින්  එම විවාදයේදී ඔවුන්  හැසිරුණු ආකාරය එකල ජනයා අතිශයින් පිළිකුල්සහගත ක්‍රියාවක් වශයෙන් ගෙන මැතිනියගේ ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කර ඇත .උක්ත විවාදය ශෝක ප්‍රකාශ කරලීමේ යෝජනාවක් වුවත් සත්‍ය වශයෙන්ම සිදු වූ වූ යේ 05 වරක් අපේ රටේ අගමැති වූ කිර්තිමත්ම මිය ගිය රාජ්‍ය නායකයාට නින්දා සහගත ප්‍රහාරයන් එල්ල කිරීමය .
උක්ත විවාදයේ කරුණු හැන්සාර්ඩ් වාර්තාවෙන් ඉවත් කරණ ලෙස කතානායකවරයා නියෝග කර ඇත .(බලන්න :-1973 මැයි මස 03 වනදා හැන්සාර්ඩ් වාර්තාව සහ  1973 මැයි මස 04 වැනිදා සිලෝන් ඔබ්සර්වර් සහ සිලෝන් ඩේලිමිරර පුවත්පත්  සහ ඊට අමතරව අන්තර්ජාලයේ පාර්ලිමේන්තු කොමිටි පිළිබද www.parliament/committees/.../showcommittee?id=9 වෙබ් අඩ වියෙන්  වැඩි විස්තර දැනගැනීමට ඔබට හැකි වනු ඇත .
එම අශිෂ්ට විවාදය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද දක්වාම සිදු වූ  නිර්ලජ්ජිත ම විවාදය වන අතර ජාතියට ,රටට කිසිදා අමතක නොවන කැළලකී, ඒමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයටද රටේ කිර්තියටද සිදු කළ  මරු පහරකි .
ඉන් නොනැවතුන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු ව ථෙරවාදී  බුදුදහම වෙනුවෙන් මහත් වූ ධනස්කන්ධයක්  වෙන් කළ දේශීය ව්‍යාපාර සියල්ල ජනසතු කරණ ලදී . සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුර අපේක්ෂාවෙන් සිටි ග්‍රාමීය පුද්ගලයන්ගේ පමණක් නොව ඔවුන්ගේ ඥ්තින්ගේද දේපල, යාන වාහන ද රජයට පවරා ගන්නා ලදී .
එවකට ආසියානු මට්ටමේ අති සාර්ථක පුද්ගලික ව්‍යාපාර සියල්ල ජනසතු කිරීමේ ඇත්ත අවශ්‍ය  තාවය වුයේ එක්සත් ජාතික පක්ෂයේ ,නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තීන් හා නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තීන් ට හා කර්මාන්ත සංවර්ධන ප්‍රතිපත්තීන් පිළිගත් ආසියානු මට්ටමට සාර්ථක වෙමින් තිබු පුද්ගලික ව්‍යාපාර ජාලය විනාශ කරලීම බව පැහැදිලි වනුයේ අත්තනගල්ල ධර්මය අධ්‍යනය කිරීමේදීය . (බලන්න ;- කුමාරි ජයවර්ධන විසින් රචිත සොක්කන් ලොක්කන් වූ වගයි කෘතිය /Nobodies to Somebodies; The Rise of the Colonial Bourgeoisie in Sri Lanka)
ඒ අල්ල පනල්ලේම පුද්ගලික මාධ්‍ය  ආයතනද රජයට පවරා ගන්නා ලදී .
නිදහස් මාධ්‍ය රජයට පවරා ගැනීමේ අවශ්‍ය තාවය වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජ ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආර්ථිකය ට සිදුවන හානිය හා හදිසි නිතී රෙගුලාසි වලට මුවා වී විරුද්ධ මත ධාරීන් මර්ධනය කිරීම හා එජාපයේ මන්ත්‍රී වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂට බිලි බා ගැනීමට එරහිව ජනතාව දැනුවත් කිරීමය.  සැබවින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු කරණ ඉතිහාසය පුරාම රට ට ,ජාතියට සිදුවී ඇති අති මහත් විනාශය කෙතරම්ද යන්න සිතීම ඔබට භාර කරන්නෙමු .
නිදහසින් පසු ආණ්ඩුකරණයෙදී පළමු වතාවට හදිසි නිතිය යටතේ එජාප මන්ත්‍රී වරුන් හා පාක්ෂිකයන් අත්අඩංගුවට ගත්තේද මැතිනියගේ ආණ්ඩුව විසිනි .එපමනකින් නො නැවති  සිරිමා බණ්ඩාරනායක මැතිනිය ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදිසි නිති රෙගුලාසිවලට අනුව එජාපයේ මහජන රැස්වීම පවා තහනම් කරණ ලද්දේ ,තම පක්ෂයේ පාලන  බලයේ  පැවැත්ම වෙනුවෙන්ය.1971 පෙබරවාරියෙදී එතුමියගේ ආණ්ඩුව විසුරවා ලීමට පෙර රට තුල හදිසි නිතිය පනවා රට වෙනුවෙන් සත්‍ය තත්වය හෙළිදරව් කළ ‘’දවස”ප්‍රවෘත්ති පත්‍ර සමාගමට අයත් මුද්‍රණාලයට ද සීල් තබන ලදී .1974 වන විට තැනකින් තැනකට ගෙන යාමට අවසර දී තිබුනේ සහල් රාත්තල් 02 ක් පමණි .එජාපයේ නොයෙක් සත්‍යග්‍රහ හා දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘති හමුවේ 1974 අප්‍රේල් 24 වැනිදා  1974 අංක 1 දරණ හදිසි අවස්ථා (පෙලබවීම් වැළැක්වීමේ )රෙගුලාසි පනවා රට පුරා ඇදිරි නිතිය පනවන ලදී. එජාප පක්ෂ රැස්වීම් තහනම පනවන ලද්දේ ‘’1974 අංක 04 දරණ හදිසි අවස්ථා {විවිධ විධි විධාන සහ බලතල } රෙගුලාසි යටතේය .තෙවෙනි රෙගුලාසි මාලාවක්ද විය . ඒ ‘’හදිසි අවස්ථා {මහජන පෙරහැර සහ රැස්වීම්} රෙගුලාසි’’ යනුවෙනි .
  1974 අප්‍රේල් 24 වැනිදා ඩේලි නිවුස් පුවත් පතේ පහත චමත්කාර ජනක මරණ දැන්වීමක් පලවී තිබුනේ මේ අයුරිනි .
 ‘’O’Cracy-The death occurred under tragic circumstances of D.E.M.O’Cracy, beloved husband of  T-Ruth,Loving father of L.I.Berty, brother of faith, Hope and Justicia. Interred on Saturday 20 th – Araliya Medura .Panagiyawatte.Anduruwala.’’
මෙහි සිංහල අදහස මෙසේය :-
‘’සත්‍යයේ ‘’ සැමියා වූ ද, නිදහසේ පියා වූ ද ,විශ්වාසයේ,  අපේක්‍ෂාවේ හා යුක්ති ධර්මයේ සොහොයුරා වූ ද, ඩිමොක්‍රසී නොහොත් ප්‍රජාතන්ත්‍ර වාදය  හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය . අවමගුල 20 වන සෙනසුරාදා.අරලිය මැදුර . පනගියා වත්ත . අදුරුවල .
උක්ත මරණ දැන්වීම ,ඒකාධිපති රජයක  බොරු පුරාජේරුව සහ පවුල් පාලනය විනිවිද යෑමට ඇති හැකියාව පිළිබද නිදසුනක් වශයෙන් ලෝපතල ‘’රිඩර්ස් ඩයිජස්ට්’’ (Readers Digest) සගරාවේ ද පළ විය.
වසර ගනනාවකට පසු කුරුණෑගල විසු රයිලි ප්‍රනාන්දු නමැති බටහිර වෛද්‍යරයා උක්ත උපහාසාත්මක මරණ දැන්වීම පල කළ බව රටට හෙළිදරව් කලේය .
වත්මන් ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියාත්මක වනුයේද ඉහත විස්තර කර ඇති ආකාරයටමය .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩු රට ආණ්ඩු කළ වකවානු වලදී දකන්ට ලැබුණු පොදු සාධකය වී ඇත්තේ පවුල් පාලනයයි. අනෙක් සුවිශේෂීත්වය වී ඇත්තේ විදේශ වෙළදාම නොහොත් ආනයන අපනයන වෙළදාම කඩා වැටීමය. ඉන්දියාවේ කීර්තිමත් ම දේශපාලනඥයෙකු හා ප්‍රථම අග්‍රාමාත්‍ය  වූ ශ්‍රී ජවහල් නේරූ ප්‍රකාශ කර ඇත්තේ අපනයන වෙළදාම නොමැති නම් විනාශය අත ළග බවයි .(කියවන්න :-Jawaharlal Nehru: a  Biography by S. gopal . (03 Volumes, Jonathan Cape, 1975-84)
1977 වන තෙක්ම, ලංකාවේ  කර්මාන්තකරණය ක්‍රියාත්මක වුයේ දේශීය වෙළද පොළ කේන්ද්‍ර කොටගත් දෙශිය නිෂ්පාදනයන් සදහා ම පමණි . 1977 දී ශ්‍රී ලංකාවෙන් විදෙස් වෙළද පොලට එක් කළ කාර්මික භාණ්ඩ ප්‍රමානය වූ යේ වර්ග 25 කි .නමුත් එජාප ආණ්ඩුවේ කර්මානත සංවර්ධන ඇමතිවරයා - ( රනිල් වික්‍රමසිංහ මැතිතුමා ) - උක්ත කාර්මික භාණ්ඩ වර්ග 1200 ක් විදේශ වෙළද පොළ වෙත යොමු කලේ ඉතා කෙටි කලකිනි. අපනයන  වෙලදාම විවිධාoගීකරණයට ලාංකික පළමු පුර්වාදර්ශය වනුයේ එයයි ..(කියවන්න:- 1977 - 78 මහ බැංකු වාර්තාව )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම ආණ්ඩුකරණ ඉතිහාසය පුරාම මෙන්ම අදද රෝගී ආර්ථික ක්‍රම වලට උරුම කම් උපයාගන ඇති මුත් ආර්ථික සංවර්ධනයට හා යහපාලනයට මෙන්ම පවුල් පාලනයෙන් බැහැරව රට පාලනයට ඔවුන් දක්වන අපොහොසත් භාවය වෙනුවට සෑම පාලන වාරයකදීම ඝෝෂා කර ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ අඩු පාඩු කම් පිළිබදවය .
රටක් දිනාගෙන රටේම සම්පත් වලින් තම පංච මහා පවුල් බල කේන්ද්‍රය ආසියානු මට්ටමේ කෝටිපතියන් බවට පත් කරණ රාජපක්ෂ රෙජීමයේ පවුල් පාලනය පලවා හැරීම අද වන විට ජාතික අවශ්‍යතාවයක් බවට පත් වී ඇත .
සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ පවුල් පාලනයේ පීඩනය දරා ගැනීමට නොහැකි වූ රජයේ ඉහළ නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් රජයට විරුද්ධව කුමන්ත්‍රණයක් පවා දියත් කර ඇත .(බලන්න:-1962 ව්‍යර්ථ වූ සිරිමාවෝ මැතිනියගේ රජය පෙරලීමේ කුමන්ත්‍රනය පිළිබද ඇමරිකානු දේශපාලන විද්‍යාඥ ඩොනල්ඩ් ආර් .හොරෝවිට්ස් ගේ  (Donald R.Horowitz) සවිස්තර ලිපිය. (Donald R .Horotwitz: Coup Theories and officer Motives’’ Sri Lanka in Comparative Perspective (Princeton 1980)-(religiousfreedom.lib.virginia.edu/rihand/Sri_Lanka.html)
1977 දී උක්ත ජන පීඩාකාරී පවුල් පාලනය පොදු ජනයා පලවා හැරිය ආකාරය ඔබට අප නැවත සිහිපත් කරනුයේ ඉන්දියානු ජනතාවද නොයෙක් පණ්ඩිතයන්ගේ පුරෝකථන පුස්සක් බවට පත් කරමින් පවුල් පාලනය පරාජය කර ඇති ඓතිහාසික මොහොතකදීය .
 ඔබට මතක ඇතිනේ 1977 දී අපිත් පවුලක් පැන්නුවා ?
අත්තනගල්ල ධර්මය සහ මැදමුලන ධර්මය යනු එකම පවුලක් වටා රටේ සම්පත් ගොඩගැසෙන දේශපාලන මාර්ග සිතියමකී.
 රටට ,දැයට සුද්දන්ගෙන් නිදහස ලබා ගන්නා විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොතිබිණි. නමුත් රටට දැයට නිදහස ලබා දීමට තම   ඇස් ,ඉස්, මස්, ලේ,ඇට, නහර , පුජා කළ හා තම මිනිස් ආත්මයම කැප කළ ශේෂ්ඨ මිනිසුන්ගෙන් පැවත එන එක්සත් ජාතික පක්ෂයට දේශ ද්‍රෝහීන් යැයි කියන සිල්ලර දේශපාලුවන්ට ශ්‍රී විෂ්ණු දෙවියන් ප්‍රමුක  තිස් තුන් කෝටියක් දෙවිවරු ඉතා නුදුරේදීම දඩුවම් දෙනු ඇත්තේ තවමත් ජන්ද පොලට නොපැමිණි සැබවින්ම ශ්‍රී  ලංකාවට ආදරය කරණ සියලු ජාතින්ගෙන්ම සංවිධානය වූ දශ ලක්ෂ ගණනක්‌ වූ මහා ජන ගග  ඉදිරි මැතිවරණ වලදී  පාන්දරින්ම ජන්ද පොලට එවීමෙනි.
1977 මහ මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කළා සේම ඉදිරි මහ මැතිවරණ වලදී එජාපය ජය ගනු ඇත්තේ  අති විශිෂ්ට අයුරිනි . සැබවින්ම ඉහළ ගිය ඔන්චිල්ලාව පහලට ඒම ලෝක සත්‍යකි .

දේශප්‍රිය නානායක්කාර .

Thursday, June 19, 2014

දේශපාලන වාසි වෙනුවෙන් තම දෙමාපියන් උපතේදී දුන් නම වෙනස් නොකළ සැබෑ බෞද්ධ දේශපාලනඥ්යා රනිල් වික්‍රමසිංහ .

උපතෙදි තම දෙමාපියන් විසින් තබන ලද නම දේශපාලනයේදී වංචා කාරී ලෙස වෙනස් නොකර ගත් නායකයා රනිල් වික්‍රමසිංහ .

ආසියානු ,අප්‍රිකානු ,යුරෝපියානු ,ඇමරිකානු ඇතුළු සමස්ත ගෝලීය වෙළද පොළ වෙත දේශීය නව්‍ය කාර්මික නිෂ්පාදන ,කෘෂිකාර්මික නිෂ්පාදන ,හා දැණුමින් සවි බල ගැන්වූ තරුණ ප්‍රජාව යොමු කොට ශ්‍රී ලාංකිකයන්ගේ පොදු බහුතරයේ ජිවන තත්වය ගුණාත්මකව ඉහළ දැමිය හැකි නායකයා ද වන රනිල් වික්‍රමසිංහ මැතිතුමා සියලු ජාතීන්ගේ වටිනාකම් පිළිබදවද මනා අවබෝදයක් ඇති ජාතියේ දේපල හොරකම් නොකරණ වැදගත් දේශපාලනඥයෙකී .සිංහල බහුතරය අද ආර්ථිකව කඩා වැටී ඇත.සිංහල බෞද්ධ බහුතරය ඉදිරියට ගැනීමට නම් බහුතර බෞද්ධ ජනයා ගේ ආර්ථික හා ඉතිරිකිරීම් වර්ධනය වන ආර්ථික ක්‍රමයක් රට තුල තිබිය යුතුය . බහුතර බෞද්ධ ජනයා ආර්ථිකව දියුණු වන්නේ නම් සියලු ජාතික අවශතා සපිරෙනු ඇත . අවශ්‍ය වන්නේ පොදු ජනයාගේ ආර්ථික ශක්තිය දියුණු කිරීමය .එවිට වී වෙළදාම ,ලී වෙළදාම,ඇගලුම් වෙළදාම , වාහන වෙළදාම ,කුළුබඩු වෙළදාම ,අටපිරිකර වෙළදාම ,සම්ප්‍රදායික ගොවිතැන, බිජ වෙළදාම , මිනිසුන් පිටරට යැවීමේ වෙළදාම , විද්‍යුත් උපකරණ වෙළදාම , පිටකොටුවේ වෙළදාම , කාර්මික නිෂ්පාදනය , මැණික් වෙළදාම ,රත්තරන් වෙළදාම ,රට පුරා පැතිරී තිබුන බෞද්ධ සිල්ලර වෙළදාම , ඉඩම් විකිණීම ,මිලදී ගැනීම ආදී සියලු වෙලදාම් සදහා බහුතරයට ආයෝජනය කළ හැකි වනු ඇත .එවිට බහුතර ජනයාගේ ආර්ථික අයිතිවාසිකම් ,නීතිමය අයිතිවාසිකම්,අධ්‍යාපනික අයිතිවාසිකම් ,සිවිල් අයිතිවාසිකම් ,සෞඛ්‍යය අයිතිවාසිකම්, සංස්කෘතික අයිතිවාසිකම්,ආගමික අයතිවාසිකම් ඉතා හොදින් ආරක්ෂා වනු නියතය .රටේ බෞද්ධ බහුතරයේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ ආර්ථික බලය සුරක්ෂිත වීමෙන් පමණි .එය කළ හැක්කේ රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට පමණි මක් නිසාද යත් ඔහු සැබෑ ප්‍රයෝගික බෞද්ධයෙක් වීම නිසාම පමණක් නොවේ උපතෙදි තම දෙමාපියන් විසින් තබන ලද නම දේශපාලනයේදී වංචා කාරී ලෙස වෙනස් නොකර ගත් හෙයිනි .